Sunday, November 30, 2014

සතියේ ලග්න පලාපලය (දෙසැ.1 සිට)

● මේෂ
මෙම සතිය ඔබට මධ්‍යස්ථයි.
වියදම් අධික සතියකි. ලැබෙන මුදල් ඉතාම සීග්‍රගාමිව වැයවේ. ලැබීමේ බාධාවක් නොමැති වුවත්, කළමනාකරණයේ දෝෂ මගහරවා ගැනීමට කල්පනාකාරි වන්න.
ගෘහ ජිවිතයේ ගැටළුවක් නැති වුවත් ආදායමේ ප්‍රශ්න ඇති නිසා, ඒ ගැන මීට වැඩිය කල්පනා කල යුතුයි. එසේම අඹුසැමියන් අතර යම් යම් මතවාද නිසා මත ගැටුම් ඇතිවිමට හේතුයි.
තරමක කාර්යබහුල වන සතියකි.
සෞඛ්‍ය තත්වය ලෙස, පාද වල, අත්පා වල වේදනාව, හන්දිපත් රුදාව, එසේම සෙම් අසනීප බලපායි.

● වෘෂභ
ඉතාම ශුභ සතියකි.
ලැබීමේ භාග්‍යය ඇතිවේ. සහෝදර සහෝදරියන්ගෙන් උදව් උපකාර ලැබේ. ඒ අයගෙන් ආරක්ෂණය ලැබේ. ගනුදෙනු වලට යෝග්‍ය සතියක් වන අතර, ව්‍යාපාරික ක්සෙත්‍රයේ නියුතු අයට දියුණුව ලැබේ.
ගෘහ ජිවිතය ප්‍රීතිමත්ව ගතවේ. අවිවාහක අයට මංගල යෝග උදා වෙනවා සේම, ප්‍රේම සබදතාද සඵල වනු ඇත. අඹුසැමි ප්‍රීතිය වර්ධනය වේ. කම්සැප ඕනෑ කරන සතියකි.
රෝගාබාධ නොමැති වුවත්, අජීර්ණ සම්බන්ධව පරිස්සම් වන්න.

● මිථුන
ශුභ සතියකි.
ආදායම් තත්ව ඉහල යයි. ව්‍යාපාරිකයන්ගේ ආදායම් තත්ව ඉහල යනවා සේම, පිට පලාත් වල රැකියා කරන අයටත්, විදෙස් රැකියා වල නියුතු අයටත් ආර්ථික වාසි සැලසේ. ජලාශ්‍රිත කර්මාන්ත කරන අයට සුභම සතියකි.
ගෘහ ජිවිතය ප්‍රීතිමත් වන අතර, තමාගේ සතුරන් වී සිටි අය මිතුරන් බවට පත්වේ. එයින් සිතට ප්‍රීතිය ගෙනදේ.
උදරාබාධ සහ නිදන්ගත රෝග ඇති අය පාලනය කලොත් හොදයි.

● කටක
මේ සතිය ඉතාම ශුභයි.
කටක ලග්නයේ ඔබ මේ සතියෙදි හුඟක් ආර්ථික අංශයෙන් වාසි අත් කරගනී. පෙර පිනට මෙන් යම් යම් දේ ලැබේ. එසේම වැඩිහිටියන්ගෙන් උරුහරුමකම් ලැබේ. සතිය පුරාවටම අඩුවක් පාඩුවක් නැති ගත කරන අතර, ව්‍යාපාරික අයට විවිධ මාර්ග වලින් ආදායම් ලැබේ.
ගෘහ ජිවිතය ප්‍රීතිමත්ව ගතවන අතර, අඹුසැමියන් අතර කායික ඇසුරට උනන්දුව වැඩිය. දරුවන්ගේ තරග විභාග වලින් ජය ගැනීම නිසා සිතට ප්‍රීතිය ගෙනදෙයි.  ඔබට සුභ සති අන්තයක් මෙම ග්‍රහ බලයත් සමග ලැබේ.
මුත්‍රා අමාරු සහ උෂ්ණාධික රෝග වැලදීමට ඉඩ ඇත.

● සිංහ
සමඵලයි.
සතිය මුලදී යම් යම් බාධක තිබුනද, සතිය අගදී එම තත්වය මගහැරෙනු ඇත. ඔබට විවිධ මාර්ග වලින් ආදායම ලැබේ. ඒ අනුවද හොදයි. වැඩිහිටියන්ගෙන් ආදායම් මාර්ග වලට උදව් උපකාර ලැබෙනු ඇත. සතිය මැදදි පැරණි මිතුරෙකුගේ හමුවීම නිසා ආර්ථික වාසි සැලසේ.
ගෘහ ජිවිතය තුල, තමන් නොමසුරුව වියදම් කරයි. ඒ අතර,  ඔබට යම් යම් ප්‍රීති උත්සව වලට සහභාගි විමට පුලුවන්. එයින් ප්‍රීතිය ගෙනදෙයි.  කෙසේ වෙතත් දුරබැහැර සංචාරයේ යන ඔබ, ජලාශ වල නොවිමසා නෑමෙන් වලකින්න. - සෞඛ්‍ය අංශයේ සෙම් අසනීප වැඩිවීමද ජලය නිසා බෝවන රෝගද, අමියා අජීරණද ඇතිවිමටද ඉඩ ඇත.

● කන්‍යා
ඔබට මේ සතිය නම් බලවත් අයහපතක් ඇත.
ලග්නයේ ග්‍රහයන් හැසිරෙන හැටියෙන් ඒ බව පෙන‍ේ. ආර්ථික තත්වයට බාධක එල්ල වන අතර, සතුරු කරදර නිසා ආදායම බිංදුවට බසී. එසේම සතුරන්ගේ කූඨ උපක්‍රම නිසා ආර්ථිකයේ ප්‍රබල කඩා වැටීමක් සිදුවිය හැක. ණය තුරුස් වීමද, ගත් ණය ගෙවා ගැනීමට බැරිවිමද සිදුවිය හැක.
ගෘහ ජිවිතය තුල තද අසහනකාරි භාවයක් පෙන්වයි. ලග්නයේ රාහු සිත කලබල කරන නිසාද 7 වැන්නේ සදු කේතු සමග සිටින නිසාත් සියලුම දෙනා දෙස සැකයෙන් බැලීමට සිදුවේ. තමාගේ භාර්යාව තමාට විරුද්ධව නැගිසිටිමට ඉඩ තිබේ.  මිතුරන් නිසා, මිතුරන්ගෙන් දුක් සහිත ආරංචි ලැබේ.
සෞඛ්‍ය තත්වය ගැන පරිස්සම් වන්න. අධික රුධිර පීඩනය සහ මානසික ආතතියෙන් පරිස්සම් වන්න.

● තුලා
ඔබට මෙම සතිය ඉතාම වාසනාවන්තයි.
චන්ද්‍ර චාරය අනුව යම් යම්, සතිය මැදදී ආර්ථික වාසි සිදුවේ. තුලා ලග්නයේ ඔබ කල රැකියාව වෙනුවට ඊට වඩා උසස් රැකියාවක් ලබාගැනීමට ඔබට කල පැමිණෙනවා ඇත. ඔබ තරග විභාග වලින් ජය ගැනීම නිසා උසස් පදවි වලට පත්වේ. එසේම ඔබගේ ග්‍රහචාරය දෙස බලන කල ඔබගේ බුද්ධියත් නුවණත් නිසා ආර්ථික වාසි එමට හිමිවේ. මනා සංවිධාන ශක්තිය නිසා ඔබගේ ව්‍යාපාර කටයුතු දියුණු වේ.
ගෘහ ජිවිතය ප්‍රීතිමත්ව ගතවන අතර අන්නෝන්‍ය විස්වාසය තහවුරු වේ. එසේම කාම ශක්තිය දියුණු වන නිසා සහකරු/සහකාරියගේ බැදීම ඉතාම ඕනෑකමක් පෙන්වයි. දුවාදරුවන්ට රසවත් ආහාර පාන අරන් දී ඔවුන්ව සතුටු කරයි.
සෞඛ්‍ය අංශයේ සෙම් රෝග ඇතිවිමට ඉඩ ඇත. එසේම තත්කාල ග්‍රහචාරයේ කේතු 6 නිසා හදි හූනියම්, කොඩිවින ආදියට ලක්වීමට පුලුවන්. නොදන්නා ස්ථාන වලින් ආහාර ගැනීමෙන් වලකින්න(මෙය සෞඛ්‍ය දෝෂයක් නොවේ)

● වෘශ්චික
මේ සතිය බලවත්ම සතියකි.
චතුර්ග්‍රහ යෝගයක් ලග්නයේ සිටියදී සදුද බලවත් බැවින් ආර්ථික අංශයේ දැවැන්ත වාසි අත්වේ. එසේම කරන කියන සියලුම කටයුතු ජයග්‍රහණය කරා යයි. එසේම භූමිය ඉඩම්, යානවාහන කටයුතු වල සහ සුළු හා මධ්‍ය පරිමාණ ස්වයං රැකියා කරන ඔබට යහපත ඉටුවේ. වැඩිපුර දෙවියන් නැමද ඉෂ්ඨ දේවතා වන්දනයේ යෙදිම ඔබගේ දියුණුවට හේතුවනවා ඇත.
ගෘහ ජිවිතය ඉතාම ප්‍රීතියෙන් ගතවන අතර, භාර්යාවට දුවාදරුවන්ට, ප්‍රේමය ඇල්ම බැල්ම වැඩිවේ. අවිවාහක අයට මංගල යෝග උදාවන අතර පෙම් සබදතා තහවුරු වී වැඩිහිටියන්ගේ කැමැත්ත ලැබේ. අධ්‍යාපනය ලබන දරුවන්ටද ඉතාම හොදයි.
විශේෂයෙන්ම ප්‍රබල සෞඛ්‍ය අසනීපයක් නැති වුවත්, හිසේ අමාරු ගැන සැලකිලිමත් වන්න. සෙම් අමාරු සහ සතිය අගදී ජලයෙන් බෝවෙන ලෙඩ ගැන පරිස්සම් වන්න.

● ධනු
මධ්‍යස්ථඵලයි.
ආදායම ලැබෙනමුත් වියදමට වැඩි කොටසක් යයි. සමහරවිට අනවශ්‍ය වියදම්ද, ඔබගේ පරණ ණයවාරික ඇරියස්වීම නිසා ඇතිවන ආර්ථික අවහිරතාද හදිසියේම මතුවේ. විශේෂයෙන්ම ඔබ ලග ඇති ෆිනෑන්ස් කල වාහන නිසා සිතට කරදර ඇතිවෙයි. වැටුප් ප්‍රමාද වීම සිතට කරදර ඇතිකරයි.
ගෘහ ජිවිතය තුල ප්‍රීතිය ඇතිවේ. නමුත් ඉදහිට අඹුසැමියන් අතර රණ්ඩු සරුවල් ඇතිවේ. කායික සබදතා වලින් තරමක් ඈත්විමට සිත් පහල වේ.  සතිය අගදී දරුවෙකුගේ කටයුත්තකින් සිතට සතුට ඇතිවේ.
රෝගාබාධ ලෙස පාද වල වේදනා, පපුවේ සෙම් අමාරු ඇතිවිය හැක.

● මකර
ජයෙන් ජය ලැබෙන සතියකි.
අති විශිෂ්ඨ ග්‍රහ බලයක් ඇති මේ කාලයේ හදිසි ධනලාභ වලින්, මිතුරන්ගෙන් ධනය ලැබේ. ලොතරැයි දිනුම් ලැබීමට උරුමහරුමකම් ලැබීමට පවා වාසනාවන්තයි. එසේම සියලුම ව්‍යාපාරික අංශයේ භවතුන්ට සුභ සතියකි. ඔබ විදෙස් රටක සේවය කරන්නේ නම් වැටුප් වර්ධක සහ බෝනස් ලැබීමට පුලුවන.
ගෘහ ජිවිතය ප්‍රීතිමත්ව ගතවේ. සහෝදර සහෝදරියන්ගේ ආශ්‍රය සිතට සතුට ගෙනදෙයි. උසස් අය, ඉහල පෙලේ වීඅයිපී මිතුරන් සමග ආශ්‍රය ඇතිවේ. එසේම කම්සැප වුවමනා වේ. එම අවස්ථා ලැබේ. දරුවන් සමග මුළු පවුලත් සමග සංචාරය ඇතිවේ. එයද ශුභයි.
සෞඛ්‍ය අතින් ගත්කල, ප්‍රබල ගැටළු නැත. පපුවේ සෙම ගැන සැලකිලිමත් වන්න. එයද කුඩා දරුවන්ට පමණකි.

● කුම්භ
ශුභදායක සතියකි.
මේ සතිය තුල ඇති කරන වාසනාව, ආර්ථික දියුණුව අතිවිශිෂ්ඨය. එසේම ඔබට නව රැකියා අවස්ථා, අලුත් ආදායම් මාර්ග දියුණු වේ. විදේශ රැකියා වල නියුතු ඔබටත් සුභයි. එසේම අලුත් පදවි තානාන්තර ලැබේ. වෙන අපලයක් නැත.
ගෘහ ජිවිතය ප්‍රීතිමත්ව ගතවේ. ආර්ථික වාසි සහිත නිවසට අලුත් බඩුමුට්ටු ලැබේ. එසේම යම්කිසි හේතු නිසා, සිත ප්‍රීතියෙන් යුක්තව දරුවන් බිරිඳ ස්වාමියා සමග කාලය ගතකිරීමට පුලුවන්. සමහරවිට කුම්භ ලග්නයේ ආයතන ප්‍රධානින් අනියම් කම්සැපට නැඹුරුවීමේ ඉඩකඩක් පවති. පරිස්සම් වීම මැනවි.
සෞඛ්‍ය තත්වයේ ප්‍රබල ගැටළු නැත. සෙම් අමාරු සහ සෙම් ගෙඩි ඇතිවිය හැක.

● මීන
ඉතාම ශුභ සතියකි.
පෙර පිනට මෙන් යම් යම් ආර්ථික වාසි ඇතිවේ. එසේම මිතුරන් නිසා ආර්ථික වාසි සැලසේ. ව්‍යාපාරික ක්සෙත්‍රෙය් නියුතු ඔබ කාර්යබහුලයි. එයින්ද ආර්ථික වාසි ඇතිවේ. ණයතුරුස් නිමාවන කාලයකි. ආදායම ලැබේ. පිටපලාත් වල වෙලදාමේ නියුතු අයට සහ විදෙස් රැකියා වල නියුතු අයටද යහපත්ය.
ගෘහ ජිවිතය ප්‍රීතියෙන් ගතවේ. දරුවන්ගේ දියුණුව ඇතිවේ. අඹුසැමි ප්‍රේමය ඇතිවේ. වන්දනා ගමන් ඇතිවිමට ඉඩ ඇත. ඔබගේ කාලයෙන් වැඩි කොටසක් පවුලේ අය සමග ගතකිරිමට පුලුවන් නම් ඔවුන් ඉතාම සතුටු වනු ඇත. වැඩිහිටි ඥාතින්ගේ පැමිණීම අපේක්ෂා කල හැක.
විශේෂ සෞඛ්‍ය ගැටළු නොමැති අතර, සෙම් රෝග පමණක් ඇත. සමහරවිට සෙම කරවීම නිසා හිසේ කැක්කුම් හටගනී. එයත් සතිය පුරාම පැවැත්වීමට ඉඩ ඇත. ප්‍රබල උපද්‍රව නොමැති බව කියමි.

No comments:

Post a Comment