Monday, November 24, 2014

රවි මහ දසාව - ග්‍රහයන්ගේ මහ දශා ඵල

ඉරු සේවය සමග ලබැඳි ඔබගේ දැනගැනීම සහ අවබෝධය පිණිස නවග්‍රහයින්ගේ මහ දශා ඵල සහ අන්තර් දශා ඵල ඉදිරිපත් කිරීමට අප තීරණය කලා.
ඒ අනුව හැකියාව ඇති අයුරින් නවග්‍රහයින් සම්බන්ධ මහ දසා ඵලාපල ඉදිරියේදි පල කරමු  !

මුලින්ම අපි විමසා බලමු රවි ග්‍රහයාගේ පලාපල

* ග්‍රහලොව රජු වන රවි හෙවත් සූර්යයාට මහ දශාවක් වශයෙන් වසර 6ක් හිමිවේ. යම්කිසි කෙනෙක්ගෙ කේන්දරයේ පියා සම්බන්ධව නිවේදනය කරන ප්‍රබලම ග්‍රහයා රවිය.
රවි ග්‍රහයා, පුද්ගලයෙකුගෙ ආත්ම ශක්තිය නිවේදනය කරයි.

●  රවි මහ දසාව ලැබූවිට පුද්ගලයාගේ සමාජ තත්වය ඉදිරියට යයි. පුද්ගලයා තේජමාන පුද්ගලයෙක් වේ. රජයේ සමාජයේ හොඳ ස්ථාන ලැබේ. ඇත්ත වශයෙන්ම කිවහොත් ග්‍රහ බලය අනුව පුද්ගලයා රජෙක් සමානව ජිවත්විමට වරම් ලැබෙන්නේද මේ කාලයේදිය.
මෙය ධනු ලග්නයේ ධර්මකර්මාධිපති රාජයෝගය යෙදි තිබ්බ නම් එසේම වේ.

●  රවිගේ සඳු අන්තර් දශාවේදී පිටපලාත් වල වාසය, අලංකාර නිවාස ලැබීම, යාන වාහන ලැබීම, එසේම විදේශ රටවල් වල සංචාරය සිදුවේ.

●  රවිගේ කුජ අන්තර් දශාවෙදි බලවත්ව පිහිටියොත් විවිධ කර්මාන්ත ශාලා අරඹන්නට ලැබිම, භූමි ලාභ, වාසනා ලාභ ලැබීම සහ බලවත් සහෝදරයන්ගේ උදව් උපකාර ලැබේ.
දුර්වලව සිටියොත් සතුරු කරදර, ආයුධ වලින් විපත් සහ මුත්‍රාගල්, මුත්‍රා අමාරු ඇතිවිය හැක.

●  රවිගේ රාහු අන්තර් දශාවෙදි, විදෙස් ගමන් තීව්ර වීම හදිසි ධන වාසනාව, ලොතරැයි ලැබීම ආදිය සිදුවේ.
අයහපත්ව නම් පියා සමග දබර, නීතියෙන් දඩුවම්, ලේ විෂවීම් ආදිය ඇතිවේ.

●  රවිගේ ගුරු අතුරු දසාව ඉතාම ශුභ කාලයකි. පදවි නිලතල ලැබේ. දේශපාලන ක්ෂෙත්‍ර වල සිටින අයට මැති ඇමතිධුර ලැබේ.
අයහපත්ව පිහිටා සිටියොත් යම් වෙලාවක උදරාබාධ හෝ ගෙඩි හටගැනිමට පුලුවන.

●  රවිගේ ශනි අන්තර් දශාව ඇත්ත වශයෙන්ම අශුභ කාලයකි. අයහපත්ව පිහිටා සිටියොත් ගින්නෙන්, විදුලියෙන් අනතුරු විය හැක. රවි - ශනි යෝගය එතරම් හොද නැත. මුදල් වැයවීම අයහපත, කනස්සල්ල, පවුල් සංස්ථාවේ විවිධ ප්‍රශ්න මේ ආදිය සිදුවේ.
පූර්වාචාරින් සදහන් කරන ආකාරයට මෙය ඉතාම නරක කාලයක් බව සදහන්ය.

●  රවිගේ බුද අන්තරය ඉතාම ශුභයි. ඉගෙන ගන්නා වයසේ අයට ඥානය දියුණු කරගැනීමට අවස්ථාව ලැබෙනවා සේම, බුද්ධිමත්ව කටයුතු කරන ප්‍රඥාව ලැබෙන කාලයයි. වැරදුනු ජිවිතය හරි මගට එන කාලයයි.
විසේසයෙන්ම සෙනසුරු අතුරු දසාවෙන් පසු ලබන බුද අතුරු දසාව ඒ තරමටම සුබයි.

●  රවිගේ කේතු අන්තරය, සැබැවින්ම සුභදායක නොවනු ඇත. මෙම තත්වය නිසා මුත්‍රා අමාරු, එසේම ලේ කෝපවීමේ දෝෂ හට ගැනිමට පුලුවන්. එමෙන්ම යම් යම් සිත තුල මානසික ව්‍යාකූලතාවය ඇතිවෙන්න පුලුවන්.

●  රවිගේ සිකුරු අන්තරය ඉතාම ශුභයි. මංගල්‍යය සහිත කාලයක්, සියලුම සුභ කටයුතු මෙන්ම ප්‍රේම සබදතා ඉෂ්ඨ සිද්ධ වීම, අධි සුඛෝපභෝගි ජිවිතයක් ලැබිම මේ කාලයෙදි සිදුවේ.

* අප මේ ඉදිරිපත් කල සියලුම කාරණා ඒ ඒ පුද්ගලයාගේ කේන්දරය අනුව සිදුවිය හැක.
බොහෝවිට රවි බලවත් නැති අයගේ රවි මහ දසාව ඔහේ යන්නන් වාලේ ගොස් කිසිම යහපතක් නොවි ඇත. අප පරික්ෂා කල කේන්දරවල බොහෝ ඒවායේ තමන් කරන්නේ කුමක්ද යන්නවත් නොදන අතරමංව සිටින අයුරු අපි අනේකවාරයක් දැක ඇත.

No comments:

Post a Comment