Tuesday, November 18, 2014

විවාහ සහකරු ධනවත් වන යෝග ඔබටත් තියෙනවාද ?


සෑහෙන කාලෙකට පස්සෙ ගොඩක් අය කතා කරන මාතෘකාවක් ගැන විග්‍රහ කරන්න ලැබිල තියෙන්නෙ.

මේක ඇත්තටම ගෑණු ළමයි නම් ගොඩක් බලයි. පිරිමි ළමයිත් බලයි. නොබල ඉන්න එකක් නෑ.

අද කාලෙ හැම කෙල්ලම කල්පනා කරන්නෙ කොහොම හරි සල්ලිකාර කොල්ලෙක්ම අල්ල ගන්න. එහෙම කිව්වට කවුරුත් තරහ වෙන්න එපා. ඒවගේම තමයි මේ කියන ටික කතා කරන භාෂාවෙන්ම කියන්න හිතුන ඇත්තටම.
අද සමහර ගැහැණු ලමයි බොහොම දුකසේ තමයි ජීවත් වෙන්නෙ. සමහර අය එකම ඩෙනිම අදිනවා, හෝද හෝද. අම්මල තාත්තල දෙන සල්ලි වලින් එක වේලක් කාලා, එක වේලක් නොකා ඉන්නවා.
ඔය සරසවි වල ඉන්න ගැහැණු දරුවෝ ගොඩක්ම එහෙම තමයි. ඉතින් එහෙම බඩට හරියට නොකා, ඉණට වස්තරේ හරියට නැතුව ඉන්න ඒ ගැහැණු ළමයින්ම කවදහරි රජ සැප විඳිනව.

ඒ විඳින්න මේ වගේ ග්‍රහ බලයක් තියෙන්න ඕන...

මොනවද දන්නවද ?

යම්කිසි ගැහැණු ළමයෙකුගේ කේන්දරේ උප්පත්ති ග්‍රහචාරය ප්‍රබල වෙන්න ඕන.

* පුංචි කාලේ, ගුරු මහ දසාව ඉවර වෙලා, සෙනසුරු මහ දසාව ලබන්න පුලුවන්. ඒ සෙනසුරු මහ දසාවෙ දුක් වින්ඳත් ඊලගට බලවත් බුධ මහ දසාවෙදි සැප විඳින්න පුලුවන්.
ඒවිතරක් නෙමෙයි, රූප සම්පත්තියත් වැඩි වෙනව.
සමහර අය නිලියෝ වගේ වෙනව.
* ඒක හොඳටම පැහැදිලියි දමිල සිනමාවෙ අද ජනප්‍රිය වෙච්ච ත්‍රිෂා, ස්නේකා, අසින්, අනුෂ්කා යන මේ අය එදා ඉදල තියෙන්නෙ අන්තිම දුප්පත් විදියට, ඒවගේම සමහර ඒ තරමට රූපයකුත් තිබිල නෑ. දැන් එයාලගේ පිනත් එක්ක රූපෙත් ආවම. ඒවගේ..

එතකොට ඒ රූපයයි පිනයි ඔක්කොම එකතු වෙලා ස්වාමියාට සම්බන්ධ වෙනකොට, ස්වාමියා පොහොසත් වෙනව. ඒක තමයි කසාද බැඳල, ඉහල ආර්ථික තත්වයක් ගත කරනව.
මම එහෙම උදාහරණයක් පෙන්වන්නම්.

1987 ඉපදුන ගැහැණු ළමයෙක්ගෙ කේන්දරය

වෘශ්චික ලග්නය, 1 සෙනසුරු, 3 සිකුරු, රවි බුධ ගුරු රාහු 5, 6 කුජ 11 ඉන්නවා චන්ද්‍ර-කේතු)

●  මේ ළමයා පුංචි කාලයේ අනේකවිධ දුක් වින්ඳා. හැබැයි කුඩා කාලයෙ ඉදලම ඉගෙන ගන්න බොහෝම දක්ෂ පක්ෂ ළමයෙක්. ඒ දරුවගේ උන්නත්තිකාමිය උනේ ඒ දරුවගේ ඉගෙනීමම තමයි. සරසවි වරම් හිමි කරගත්ත.

●  මම ඒ ළමයගේ කේන්දරය බැලුවෙ ඉතාම කුඩා කාලයේ. මම කේන්දරය බලල කිව්වා, එයාලට කන්න බොන්න පවා අඩුපාඩු කාලෙදි, ඔයා කවදහරි කාරෙකක් තියෙන කෙනෙක් තමයි කසාද බදින්න කියල.

●  ඒ දරුව විවාහ උනේ අද මූල්‍ය ක්ෂෙත්‍රයේ ඉහලම ඉන්න කෙනෙක් එක්ක. ඒවගේම මම මේ ඇත්තමයි කියන්නෙ විවාහ උනු කෙනා නළුවෙක් වගේ රූපසම්පන්නයි. ඒවගේම කාරුණිකයි. අද මේ දරුවා රජ සැප විඳිනව.
ඒකට හේතුව මොකක්ද කියල දන්නවද ?

● 7 අධිපති සිකුරු ත්‍රිකෝණ ගතවිම, ලග්නාධිපති කුජ බලවත්විම, ඒවගේම ගුරු බලවත්විම මේ ආදි කාරණා.
ඒවගේම තමයි ඒ දරුවගෙ ග්‍රහචාරයත්, ගතවන මහ දසාවනුත් සුභයි. ඒවගේම ඒ දරුව ඉගෙනීමෙන් ඉහලටම ගියා වගේම මේ දරුව දේවල් හිතල බුද්ධිමත්ව තීරණ ගන්න කෙනෙක්.
අපල කාල වලදිත් බුද්ධියෙන් කටයුතු කලා. ඒවත් ජිවිතේ යහපත් වෙන්න බලපෑවා.

තවත් දවසක වාසනාවන්ත ගැහැණු ළමයෙක්ගෙ හඳහනක් දෙන්නම්. තවත් දවසක මේ වගේ ලිපියකින්
හමුවෙමු.



No comments:

Post a Comment