Sunday, April 30, 2017

සතියේ ලග්න පලාපලය - මැයි 01-06


-

පොදු කරුණු පමණි. කේන්දරය අනුව වෙනස් විය හැක.
-
● මේෂ ලග්නය

තම ආදායම් මාර්ග වල අවහිරතා පෙන්නුම් කිරිමට ඉඩ ඇති සතියකි. ආදායමට වඩා වියදම වැඩි වන කාලයක් වේ. විදෙස් ගතවිමට උත්සාහ දරන අයට එවායින් සුබ පල ගෙන දෙන කාලයක් විමට ඉඩ ඇත.
රැකියාවේ තරමක් බාධා මතුවේ. ආයතන ප්‍රධානින්ගෙන් දෝෂාරෝපණ එල්ල විය හැක.
 ගේ දොර සමගියට බාධාද මතුවිමට හැකි කාලයකි. සහෝදර සහෝදරියන් වෙනුවෙන් කැපවිමට සිදුවේ.

-
● වෘෂභ ලග්නය

මුදල් ඉපැයීමේදී තමන් ගන්නා තීරණ වලින් එතරම් ශුභ ප්‍රතිඵල නොලැබී යාමට ඉඩ ඇත. ආදායම් මට්ටම පහල බැසීමට කරුණු යෙදේ.
 යහපත් රැකියා වලට අවස්ථා උදාවේ. රැකියාවේ බාධාවන් අඩු වී යාමෙන් සිතට සහනදායි බවක් ගෙන දෙනු ලැබිය හැකි කාලයක් විමට හැක.‍
ගෘහ ජීවිතය යහපත් සතියකි .මංගල යෝග උදාවේ.
 -


● මිථුන ලග්නය

ආදායම් මර්ගවලට යොමුවීමට උත්සහ දරන අයට ඒ සදහා තිබු බාධාවන් අඩු වී යා  හැකි සතියකි.
නිදහස අඩුවී යන තත්ත්ව රැකියාවේදී මතු වේ. එහෙත්  රැකියා දියුණුව ලැබීමට දරන උත්සාහයන්ගෙන් යම් ප්‍රතිඵලයක් ලැබීමට ඉඩ සලසා ගැනිමට වැඩි ඉඩක් පවති.
 මිතුරු සබදතා වර්ධනය කර ගැනීමට අවස්ථා යෙදෙනු ඇත. ගෘහ ජිවිතය තුල සමගියට තරමක් බාධා මතුවන සතියක් වනු ඇත.

-

● කටක ලග්නය

අාදායම් මාර්ග වලදී තමන් තුල ඇතිවන දුර්වලතා තුලින් මුදල් නාස්ති වීම් මතු විය හැකි  වේ. එසේම ගනුදෙනු වල දී ප්‍වේසමෙන් කටයුතු කල යුතුය.
රැකියාවෙන් තමනට යහපත් ප්‍රතිඵල ලැබීම අඩු කාලයක් විය හැක. එසේම තමන් කැප වී සේවය කිරීමට දරන උත්සහයන්ටද බාහිර ගැටළු ඇති විමට ඉඩ ඇතත
 පවුල වෙනුවෙන් කැපවිමට සිදුවේ.

-

● සිංහ ලග්නය

කල්පනාකාරි විය යුතුය.  මුල්‍ය කලමනාකරණයේ පාඩු පෙන්වයි. ආදායම් මාර්ග වලට යොමු වීමට අවශ්‍ය සහයෝගය ලැබිය යුතු අයගෙන් ලබා ගැනීම් ආදියට හැකියාව ගෙන දේ.
 රැකියා සොයන අයට යහපත් රැකියා අවස්ථා උදාවේ. රැකියාවල නියුතු අයට තමන්ට යෙදුන ගැටළු විසදා ගැනීම් ආදියට ඉඩකඩ යෙදිමට ඉඩ ඇත.
  ගෙදර පරිසරය අලංකාර ලෙස මෙන්ම ක්‍රමවත්ව තබා ගැනීමට උන්නදු වේ.

-
● කන්‍යා ලග්නය

අාදායම් මට්ටම පහල බැසීමට කරුණු යෙදේ. තම එදිනෙදා කටයුතු වල යෙදීමේදී බලාපොරොත්තු වන ප්‍රමාණයට වඩා මුදල් වැය විය හැක.
රැකියා කටයුතු සම්බන්ධව වෙනදාට වඩා උනන්දුවක් ඇති වේ. දුර පළාත් වල රැකියා අවස්ථාවන් යෙදීමට ඉඩකඩ සැලසේ.
විදෙස් ගත විම්වලදට යහපත් සතියකි.
පවුලේ සමගිය වර්ධනය වේ.  දරුවන් වෙනුවෙන් වෙහෙසිමට සිදුවිය හැකි කාලයකි. .


-
● තුලා ලග්නය.

නව ආදායම් මාර්ග උදාවෙයි. ණය ලැබෙයි. ව්‍යාපාර ක්ෂෙත්‍රයේ නව  පියවරක් ගැනිමට හැකිවේ. අනෙක් අය වෙනුවෙන් මුදල් වැය කිරීමට අවස්ථා ගෙන දේ.
නිෂ්ඵල ගමන් බිමන් වල යෙදීමෙන් රැකියා කටයුතු අඩාල විය හැකි බැවින් ඒ පිළිබද සැලකිලිමත් වන්න. ඉක්මන් තීරණ වලට යොමු වීමෙන් ගැටළු මතු වේ.
පවුලේ අනෙක් අය වෙනුවෙන් වෙහෙසිමට සිදුවේ.

 -

● වෘශ්චික ලග්නය

 ආර්ථික ගැටලු විසදා ගැනිමට හැකිවේ. තමන් තුල තිබු ගැටළු - ප්‍රශ්න විසදා ගැනිමට ඉඩ කඩ ලැබෙන සතියක් වේ. නව උත්පාදන ආදායම් මාර්ග වලින් වෙනදාට වඩා පල ලබාගත හැකි සතියත් වේ.
රැකියා බාධාවන් අඩු වී යාමෙන් සිතට සහනදායි බවක් ගෙන දෙනු ඇත.
ගෘහ ජීවිතය යහපත් සතියකි. මංගල යෝග උදාවේ.

-

● ධනු ලග්නය

ආර්ථික මට්ටම පවත්වාගෙන යාමට හැකි විමේ වැඩි ඉඩක් පවති. උත්සාහයෙන් ආර්ථික වශයෙන් ගොඩ නගා ගැනීමට සිදුවේ.
රැකියා අවස්ථා උදාකර ගැනීමට හැකිවේ. රැකියාවේ යම් කිසි දියුණුවක් ඇති කර ගැනීමට ගන්නා උත්සාහයන් සාර්ථක වේ.
වැඩිහිටි අයගේ දෝෂාරෝපණයට ලක් වේ. විවාහය පිළිබද තීරණ ගැනීම් වලටද අවස්ථා උදාවේ .

-

● මකර ලග්නය.

තරමක් බාධා මතු වීම් ගෙන දේ. අාදායම් මට්ටම එතරම් යහපත්ව පවත්වා ගෙන යාමට අපහසු තත්ව නිර්මාණය වේ. නිෂ්ඵල දේට තම කාලය හා මුදල් යෙදවීමට සිදුවේ.
රැකි රක්ෂා පිළිබද උනන්දුව අඩු වීම, රාජකාරි අතපසු වීම් වැනි තත්ව උදාවිමට ඉඩ ඇත.
 ඉගෙනීම් කටයුතු වල දී දරුවන් වෙනදාට වඩා පොත්පත් කෙරෙහි යොමු වීම අඩු වේ.
උත්සව අවස්ථාවලට සම්බන්ධ වීමට අවස්ථා උදා විය හැකි සතියකි.

-

● කුම්භ ලග්නය

ආදායම් මාර්ග වලින් සුබ ඵල ගෙනදෙන කාලයක් විය හැක. නව ආදායම් මාර්ග උදාවෙයි. ණය ලැබෙයි. ව්‍යාපාර ක්ෂෙත්‍රරයේ නව  පියවරක් ගැනිමට සුබ කාලයකි. මෙතෙක් තිබු ගැටලු මග ඇරි යයි.
 රැකියා දියුණුව ලැබීමට දරන උත්සාහයන් සාර්ථක වියහැකි කාලයකි.
පවුල් ජීවිතයේ සමගිය ඇතිවේ. මිතුරු ඇසුර වර්ධනය වේ. පැවති ගැටළු විසදා ගැනීමට හැකියා ලැබිමට ඉඩ ඇති සතියකි.

-

●මීන ලග්නය
.
ආර්ථික ගැටළු බොහොමයකට විසදුම් සොයා ගැනීමට ඉඩ සැලසෙන සතියකි. අාදායම් තත්ව යහපත් වේ, රාජකාරි වල නියුතු අයට යෙදෙන ගැටළු හේතුවෙන් අනුන්ගේ රාජකාරීන් තමන්ට ඉටු කිරීමට සිදුවන අවස්ථා උදවිය හැකිය.
ගෘහ ජීවිතය යහපත් වේ. තමන්ට ගැටළු මතු වීම අඩුය. පවුලේ සමගිය වර්ධනය විමට ඉඩ ඇති කාලයකි.        

-


Friday, April 28, 2017

දුකට සැපට දෙකටම ග්‍රහයෝ


පෙර ආත්ම භව වල කරන ලද කුසල් කර්මද මෙම ජිවිතයේ කරන කුසල කර්මද, තමන්ගේ ධෛර්යය යනාදිය  මතද ජවිතය හැඩ ගැසේ.  කෙනෙකු ජිවිතයේ ඉහලම තත්වයට ජිවත් වන අතර, තවත් කෙනෙක් ජිවිතයේ කරදර දුක් ගැහැට මැද ජිවත් වේ. මිනිසෙකුගේ විවාහ ජිවිතයටද පෙර කි පරිදිම කුසල - අකුසල කර්ම සෑහෙන්නට බලපායි.

( මේ සියලු කරුණු පාඨකයාගේ වටහා ගැනීමේ පහසුව පිණිස දළ වශයෙන් යොදා ඇත. මේ කරුණු නිශ්චිතව කීමට සූක්ෂමව පරික්ෂා කිරීම අනිවාර්ය වෙයි)

 උපත ලබන කාලයෙදී විවාහ වන කාලය නිශ්චිතවම මෙය යැයි තීරණය කල නොහැක.
● යම් අවස්ථා වල දශාව සහ ග්‍රහ ගෝචරය අනුව එය වෙනස් වීමට ඉඩ ඇත.
● දැරියකගේ මල්වර පල අනුවත් එය වෙනස් විමට ඉඩ ඇත.
 
● පොදුවේ කෙනෙක් උපත ලබන අවස්ථාවෙදි කුජ/අඟහරු ග්‍රහයා 1, 2, 7, 8 යන ස්ථාන වල සිටියෙ නම් ඔහු හෝ  ඇයට ආදරය - ප්‍රේමය සම්බන්ධ හැඟීම් දැනීම් තරුණ  වයසට පෙර සිට ඇති වන්නට ඉඩ වැඩිය.

● කුජ ග්‍රහයා  කේන්ද්‍රයේ 4, 10, 12 යන ස්ථාන වල  සිටින්නේ නම් තරුණ වයස ආරම්භයෙදි  විවාහය ගැන උනන්දු උවත් සමහරවිට විවාහය පේනතෙක් මානයේවත් නැත. කුජ ග්‍රහයා මංගල කටයුතු වලට මූලික ග්‍රහයෙකි. නමුත් කුජ ග්‍රහයා විවාහයට තදබල ලෙස බාධා ඇති කරන දශාවන්නේ වන රාහු- කේතු- රවි-ශනිය. මේ ග්‍රහයන්ගේ මහ දසා මෙන්ම අතුරු දසාද බලපායි.

● කුජ ග්‍රහයා 1, 2, 7, 8 යන ස්ථාන වල සිටිමෙන් බොහෝ දෙනෙක්ගේ විවාහය සිදුවන්නේ අවු. 30 පසුව වීමට ඉඩ ඇත. තවත් සමහරෙක් විවාහ නොවි සිටිමටද ඉඩ ඇත.

●● මෙවැනි දෝෂ තිබියදීද ඉක්මන් විවාහ සිදුවන අවස්ථාද ඇත. බොහෝවිට පෙර කී දශාවන් සහ ගෝචර ග්‍රහ ගමනේදි වෙනස්වීම මත සිදුවේ. එවන් අවස්ථා වල පෙර පින් - පව් මත විවාහය සිදු වේ.

* දෙමාපියන්ගේ ග්‍රහචාරයද සුබ විම මෙයට බෙහෙවින් බලපායි.

● යම් අයෙකුගේ කේන්ද්‍ර සටහනට අනුව කුජ ග්‍රහයා 2 වැන්නේ සිට 8 වැන්නේ සිටින සඳු දකියිද ශනි මහ දසාව පවතින කාලයේ එම කේන්ද්‍ර හිමියාගේ සහකරුට/සහකාරිය දරුණු විපත් සිදු විමට ඉඩ ඇත.
- එවැනි අය මනා කේන්ද්‍ර පරික්ෂාවකින් පසුව විවාහය කරගත යුතුමය.
- එවැන් අය කේන්ද්‍ර 2 කේ ග්‍රහ ගැලපීම් වලට අමතරව දශා ගලපා ගැනිම අනිවාර්යෙන් කල යුතුය.
එවන් අයට පොදුවේ සදු, රාහු යන දශා ගත කරන අවස්ථා වල දෙදෙනාම වරදට පෙලඹීමටද ඉඩ ඇති  නිසා තමන්ටද කැලලක්ද ඇතිවීමට සිදුවිය හැක.
*  කේන්ද්‍ර පරික්ෂා වලදි ග්‍රහ දෘෂ්ටි ගැනද තවදුරටත් සැලකිලිමත් විය යුතුය.

● කුජ, සිකුරු ග්‍රහයින් 2,8 යන ස්ථාන වල සිටියදි විවාහය ටික කලකින් එපාවිමේ අවදානමක් අැත. සමහර අවස්ථා වල නොගැලපෙන විවාහද කර ගනි. එනිසාම ටික කලකින් විවාහය එපා විමට පුලුවන ශනි මහ දසාවන් ගත කරන අයට නීතිමය ප්‍රශ්න වලට මුහුණ දිමටද සිදුවනු ඇත.

● එමනිසා විවාහ වන තරුණ තරුණියන්ගේ කේන්ද්‍ර වල කුජ, රවි, සිකුරු සමග සංයෝගව ලග්න ගතව සිටිදැයි පරික්ෂා කර බැලිය යුතුය. එවැනි අය අතර නිතර අඩ දබර ඇති වීමට සිදුවිය හැක. නිතර තමන්ට විරුද්ධ පාර්ශවය යටත් කරගැනිමට යාමේදි නිතර ගැටළු ප්‍රශ්න ඇති වේ. එවන් අයට ඉවසීමෙන් සහ බුද්ධියෙන් කටයුතු කල යුතුමය.

-


 #ඉරු

077 2238041
irusewaya@gmail.com

Thursday, April 27, 2017

පසුගිය දිනක අප විසින් දුටු දසුනක්...


රෙදි උවමනා කෙනෙක්ට ලබාදුන්නේ නම් හෝ ආගමික ස්ථානයකට පූජා කලේ නම් මීට වඩා වටිනවා මෙන්ම අපලය - අකුසලය ගෙවෙන්නට පිනක්ද ලැබෙන්නේමය...
සිතා බලන්න....


#ඉරැ
077 2238041

Sunday, April 23, 2017

සතියේ ලග්න පලාපලය - අප්‍රේ.24-30


පොදු පලාපලයකි. කේන්දරය අනුව වෙනස් විය හැක.

-
● මේෂ ලග්නය
 ව්‍යාපාර පසුබෑමකට ලක්වන සතියක් විය හැකි වේ. කල්පනාකාරිව කටයුතු කල යුතුය. කරන කටයුතු වෙනස් කිරිමෙන් සුබ එල ලබාගත හැකි විමට  ඉඩ ඇත. මෙතෙක් තිබු ගැටළු නිරාකරණය විමට ඉඩ ඇත.
රැකියා වෙනස් වීමක් පෙන්නුම් කරන කාලයක් විය හැකිය. රැකියා දියුණුව ලැබීමට දරන උත්සාහයන් සාර්ථක විමට හැකියාව ඇත.
පවුල් ජීවිතයේ සමගිය ඇතිවේ. පවුල වෙනුවෙන් කැපවීමට සිදුවේ.

-

● වෘෂභ ලග්නය
ආර්ථික ගැටළු බොහොමයකට විසදුම් සොයා ගැනීමට ඉඩ සැලසෙන සතියකි. ආර්ථික මට්ටම යහපත්ව  පවත්වාගෙන යාමට හැකිවිමට ඉඩ ඇත.
රැකියා අවස්ථා උදාකර ගැනීමට අවස්ථාවන් උදාවිය හැක. රැකියාවේ යම් කිසි දියුණුවක් ඇති කර ගැනීමට ගන්නා උත්සාහයන් සාර්ථක විමට ඉඩ ඇත. විදෙස් ගත විම් වලටද යහපත් සතියකි.
පවුලේ සමගිය වර්ධනය වේ.  දරුවන් වෙනුවෙන් වෙහෙසිමට සිදුවන කාලයක් විය හැකිය .

-

● මිථුන ලග්නය.
ණය ලැබෙයි. නව ආදායම් මාර්ග උදා වෙයි. ව්‍යාපාර ක්ෂෙත්‍රයේ නව  පියවරක් ගැනිමට හැකිවිමට ඉඩ ඇත. බලාපොරොත්තු වන ප්‍රමාණයට වඩාමුදල් වැයවීමට කරුනු යෙදිමේ වැඩි ප්‍රවණතාවයක් ඇත.
රැකියා කටයුතු සම්බන්ධව වෙනදාට වඩා කරදර බාධක පැමිණිය හැකි බැවින් කල්පතාකාරි විය යුතුය.
මංගල යෝග උදාවේ.  ප්‍රේම සබදතා වලට ඉඩ සැලසේ. එහෙත් පවුලේ සමගියට බාධා පැමිණේ. මිතුරු ඇසුර නිසා ප්‍රශ්න ඇතිවිය හැක.

-

● කටක ලග්නය
ආර්ථික මට්ටම යහපත්ව පවත්වාගෙන යාමට හැකිවිමට ඉඩ ඇත. උත්සාහයෙන් යුතුව වැඩ කටයුතු කල යුතුවේ. තමන් ගන්නා තීරණ වලින් එතරම් ශුභ ප්‍රතිඵල නොලැබීම විය හැකිය. කල්පනාකාරි විය යුතුය. ආදායම් මට්ටම පහල බැසීමට කරුණු යෙදේ.
රැකියාවේ උසස් වීම්  ලැබිමට වැඩි ඉඩක් ඇත.  නව රැකියා ලැබේ.
දෙමාපියන්ගෙ අවවාද ලැබේ. සමගිය වර්ධනය විය හැක.  මංගල යෝග උදාවේ.

-
● සිංහ ලග්නය
ආර්ථික ප්‍රතිලාභ ලැබීමටත් ව්‍යාපාර වල දියුණුවටත් කරුණු යෙදෙනු ඇති වුවද  හවුල් ව්‍යාපාර වලදී තරමක කරදර ගෙන දීමට ඉඩ ඇති සතියකි.
රැකියාවෙන් යහපත් ප්‍රතිඵල ලැබීම තරමක් අඩුවිය හැක.
 ගේ දොර සමගියට බාධා මතුවේ. කල්පනාකාරි විය යුතුය. සහෝදර සහෝදරියන් වෙනුවෙන් කැපවිමට සිදුවේ. පවුලේ සමගිය වර්ධනය විමට ඉඩ ඇත.

-

● කන්‍යා ලග්නය
නව ආදායම් මාර්ග උදාවෙයි. ණය ලැබෙයි. ව්‍යාපාර ක්ෂෙත්‍රයේ නව  පියවරක් ගැනිමට සුබ කාලයකි. මෙතෙක් තිබු ගැටලු මග ඇරි යා හැකිය.
  රැකියා දියුණුව ලැබීමට දරන උත්සාහයන් සාර්ථක විමට හැක.  නව රැකියා උදාවේ.  නිදහස අඩුවී යන තත්ත්වයන්  උදාවිමට ඉඩ ඇත.
 හිතමිත්‍රාදීන් නිසා තරමක කරදර කාලයක් උදාවිය හැකි කාලයකි.

-

● තුලා ලග්නය
ආදායම් තත්වය පහල බැසිමට කරුනු යෙදිමට ඉඩ ඇත. කල්පනා කාරි විය යුතුය. තිබෙන ප්‍රශ්න වලට බුද්ධිමත්ව විසදුම් සොයා ගතයුතු වේ.
 යහපත් රැකියා වලට අවස්ථා යෙදේ. රැකියා බාධාවන් අඩු වී යාමෙන් සිතට සහනදායි බවක් ගෙන දෙනු ඇත. ගෘහ ජීවිතය යහපත් සතියකි. මංගල යෝග උදාවේ.
දරුවන්ගෙ අධ්‍යාපනය සම්බන්ධ ගැටලු මතුවේ.

-

● වෘශ්චික ලග්නය
ඉඩම් - ගෙවල් දොරවල් මිලදි ගැනිමට හැකියාව ලැබෙන ඒ ආශ්‍රිත කටයුතු කිරිමට ඉඩ කඩ ලැබෙන  සුබ සතියත් වුවද,   මෙතෙක් පැවති ආදායම් තත්වය තරමක් පහල යයි.
දුර පළාත් වල රැකියා අවස්ථාවන් යෙදීමට ඉඩකඩ සැලසේ. මංගල යෝග උදා විය හැක. ප්‍රේම සබදතා වලට ඉඩ සැලසේ. පවුල් ජිවිතයේ බුද්ධියෙන් කටයුතු කල යුතුය, නැතහොත් ගැටලු ඇතිවිය හැකිය.

-

● ධනු ලග්නය
ආදායම් මාර්ග වල අවහිරතා පෙන්නුම් කරයි. ආදායමට වඩා වියදම වැඩිවන කාලයක් විමට ඉඩ ඇත.  සුදුසුකම් වලට සරිලන රැකියා අවස්ථා උදාකර ගැනීමට හැකිවිමේ වැඩි ඉඩක් ඇත. රැකියාවෙන්  යහපත් ප්‍රතිඵල ලැබීම තරමක් අඩුවි යා හැක.
ගේ දොර සමගියට බාධා මතුවේ. සහෝදර සහෝදරියන් වෙනුවෙන් කැපවිමට සිදුවේ.

-

● මකර ලග්නය
ඉදිරි සතිය තුල තම ආදායම් තත්වය යහපත්ව පවත්වාගෙන යා හැකිවනු ඇත. එහෙත් වියදම තරමක් වැඩිවිමට කරුනු යෙදෙන සතියක් වේ.
‍රැකියා කර්මාන්ත වල තරමක දියුනුවක් බලාසොරොත්තු විය හැකි සතියක් වෙයි. නව රැකියා ලැබේ.
 දෙමාපියන්ගෙන් ආධාර උපකාර ලැබිය හැකි සතියක් වේ.
මංගල යෝග උදාවේ.

-
● කුම්භ ලග්නය
මුල්‍ය කලමනාකරණයේ පාඩු පෙන්වයි.  නව ව්‍යාපාර ආරම්භ කිරිම නොකල යුතුය. මුදල් වැය වීමට කරුණු යෙදෙනු ඇත. ව්‍යාපාර සැලසුම් කිරිමට සුබ කාලයකි. ණය ලැබේ.
 නව රැකියා ප්‍රමාද කරයි. කරන රැකියාව බාධා මැද කරගෙන යාමට ඉඩ ලැබීමේ වැඩි ඉඩක් ඇත.
මංගල යෝග උදාවේ. උත්සව අවස්ථාවලට සම්බන්ධ වීමට හැකිවේ.

-
● මින ලග්නය
ව්‍යාපාර වලට තරමක කරදර ගෙන දෙන කාලයක් විය හැකිය . ආදායම් මට්ටම එතරම් යහපත්ව පවත්වා ගෙන යාමට අපහසු තත්ව නිර්මාණය විය හැකිය. නිෂ්ඵල දේට තම කාලය හා මුදල් යෙදවීමට සිදුවන තත්වයක් නිර්මාණය විමට ඉඩ ඇත.
යහපත් රැකියා වලට අවස්ථා යෙදේ. රැකියා බාධාවන් අඩු වී යාමෙන් සිතට සහනදායි බවක් ගෙන දිමේ අවස්ථාන් නිර්මානය විය හැක.
ගෘහ ජීවිතය යහපත් සතියකි. මංගල යෝග උදාවේ.

-

#ඉරු

077 2238041
irusewaya@gmail.com

“ කතරගම දෙවියන් “

ලෝක පාලක ශිව දෙවියන්ගේ පුත්‍රයෙකු වන මෙම දෙවියන් ගැන ලංකාවෙ ජනතාව අතර දැඩි විශ්වාසයක් පවති.
විශේෂයෙන් ලංකාවට ගොඩබට අවස්ථාවේ උදව් ඉල්ලූ විට දෙමළ මිනිසුන් උදව් නොකල අතර, සිංහල මිනිසුන් උදව් කල නිසා සැමදා කතරගම දේවාලයේ කපු මහතා ධූරය සිංහල අයෙකුට පමණක් ලබාදෙන බව කියවේ.

කෙසේ වුවද කතරගම දේවාලයේ නඩත්තුව පිණිස මුදල් ලබාදීමත්, පුද පූජා වට්ටි යනාදිය ගෙන යෑමත් වරදක් නැත. ඒ ස්ථාන සහ ඒ ස්ථාන බලා කියාගන්නා අය යැපිය යුතු බැවිනි. නමුත් ඒවා කලා කියා දෙවියන්ගේ ආශිර්වාද අනිවාර්ය ලැබෙන බවට වැරදි මත වල නොසිටින්න.

දෙවිවරු ආශිර්වාද කරන්නේද, ප්‍රසන්න වන්නේද, සීලය - ප්‍රතිපත්තිය සහ කුසලය ඇති අයට මිස මිල මුදලින් බලවත් අයට නොවෙයි.

ඔබට නිසි ලෙස පින්කම් කර මෙම දෙවියන් ඇතුළු සියලු දේව මණ්ඩලයට අනුමෝදන් කරන්න !

බුදු සරණයි !

#ඉරු
Iru Astrology

irusewaya@gmail.com.
077 22 38041

Wednesday, April 19, 2017

ස්ත්‍රී දේහ ලක්ෂණ විද්‍යාවේ සැඟවුනු රහස් _ 2


1 කොටස
(https://www.facebook.com/photo.php?fbid=240855049442840&set)

කාන්තා හා පුරුෂ දෙපාර්ශවය ගත්කල මෙලොව උපදින සියලුම කාන්තාවන් හෝ උත්තම කාන්ත දේහ ලක්ෂණ හෝ උත්තම පුරුෂ දේහ ලක්ෂණ නොපිහිටයි. ‍මෙයින් පිරිමි පක්ෂයේ සියලුම දෙනා උනන්දු වන්නේ රුව නැණ ගුණ පිරි යුවතියක් විවාහ කරගැනිමය. මේ අතරින් උතුම් දේහ ලක්ෂණ පිරි ස්ත්‍රියක් විවාහ කරගන්නා පුරුෂයා සැබවින්ම වාසනාවන්තය. මා මෙහිදි සදහන් කරන්නේ රූපශ්‍රීය තිබුනාට පමනක් නොව දේහ ලක්ෂණ වලින්ද යුවතිය පරිපූර්ණ විය යුතු බව සදහන් කිරීමටය.

මෙම ශුභාශුභ පිහිටන්නේ කර්මානුරූපව බව අප දනිමු. පුරාණයේ දෙවිවරුන් හා සමාන ඍෂිවරුන්ගේ මතය අනුව මෙවන් උතුම් කාන්තා රත්න රජවරුන් විවාහ කරගෙන ඇත. අප බලමු ඒ කාන්තා ලක්ෂණ කවරේද කියා.

_ උතුම් වූ ස්ත්‍රී ශුභ ලකුණු _

● ස්ත්‍රියකගේ නාභිය ගැඹුරට පිහිටා දකුණට කැරකීම සැප සම්පත් ලබන ලක්ෂණයකි. මහත් උදරය පුතුන් වදන්නියකි. උදරය මත සිනිදු රේඛා පිහිටා තිබිම සහ රැළි 3ක් තිබිම ඉතාම ශුභය- මෙවන් ස්ත්‍රිය කල්‍යාණියකි.

● සිරස උස්වීම කේශ පන්තිය පංච කල්‍යාණයේ සදහන් ලෙස කිතුල් මල් රෑනක් මෙන් පිහිටිම ශුභයි.

● යෝනියේ නළල උසින් පිහිටා තිබීම ශුභ ලකුණකි. මාංශ සහිතව සිනිදු රෝම බොහෝ වේද එම රෝම දකුණු පසට කැරකී සිටීම ඉතාම ශුභයි.

● ස්ත්‍රියකගේ පපුව රෝම වලින් තොරවීම ඇතුලට නෙරා නොගොස් තිබීම ස්වකීය ස්වාමියාට සැප සම්පත් ලබාදෙන්නියකි. පපුව සමමිතිකව පිහිටා තිබිම මහත් සුභය.

● පියයුරු ඝනවී වටවී පෘෂ්ඨිමත්ව 2 එක සමානව පිහිටා තිබිම උතුම්ය. දකුණු පියවුර උස් නම් පුත්‍ර ලාභි වෙයි.

● තනපුඩු යුවල දැකුම්කළු වේද කාලවර්ණව වටවී තිබේද උතුම්ය. තවද කිහිලි 2 සියුම් රෝම වලින් පිහිටා සිටීමද උස් වී සිනිදු මාංශ සහිත නම් උතුම්ය.

● ස්ත්‍රියකගේ අල්ල මැදින් උස්වී රතු තලය නම් සිදුරු නැත්නම් උතුම්ය.
පිට අල්ලේ රෝම නැතිව නහර නොපෙනේ නම් ඉතා උතුම්ය.

● ස්ත්‍රියකගේ යටි තොල රතුවට සමමිතික රේඛාවෙන් පිහිටා සිටිම රාජ බිසවක් සමානය. උඩු තොලේ නහර රහිතව පිහිටා සිටිම ඇය භව බෝග ලබන ඇත්තියක් වේ.

● ස්ත්‍රියකගේ දත් එළකිරි සමානව හැඩව දත් 32 පිහිටා තිබිම ඉතාම ශුභ වේ.
ස්ත්‍රියකගේ දිව රතු පැහැ වී මෘදුවිම ඇයට ඉතා මිහිරි ආහාර පාන ලැබෙන පිහිටීමකි.

● එළකිරි සමාන සුදු ඇස්ද විශාල සිනිදු කළු ඇසි පිහාටුද ශුභ වේ.
එල්ලෙන කන් 2 වටවී නම් යුග දිවි සැපත සුභයි.

● ස්ත්‍රියකගේ බෙල්ල මාංශ වලින් වටවී සිනිදුව පිහිටා තිබීම උතුම් දේහ ලක්ෂයකි.

) අතීත රජවරුන් විවාහ කරගෙන ඇත්තේ මෙසේ දේහ ලක්ෂණ බලා උතුම් කාන්තාවන්ය. එම රජවරු විඳි සැප සම්පත් ගැන සිතා බැලූවිට අපිට ඒ තරම සිතාගත හැක. ඔබගේ පෙම්වතියට හෝ බිරිඳට මෙවන් දේහ ලක්ෂණ ඇත්දැයි බලන්න.
Iru සේවයේ පර්යේෂණ අංශයේ වැඩක්...

Iru sewaya


077 2238041
irusewaya@gmail.com

Tuesday, April 18, 2017

උතුම් වූ ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලංකාවටම ලැබේවා  !ර්‍

සියලුම බුදුවරයන්වහන්සේලාගේ පාද ස්පර්ශයෙන් පවිත්‍ර වූ, වන උතුම් වූ අපේ රටට තුනුරුවන්ගේ අනන්ත ගුණ බෙලෙන් දේවාශිර්වාදයෙන් සියලු යහපත ඉටු වේවා !

ඔබද පන්සිල් පිළිපැද මනාව ජිවිතය ගත කරන්න..

තෙරුවන් සරණයි !

#ඉරු

Monday, April 17, 2017

- සතියේ ලග්න පලාපලය - අප්‍රේල් 18-24 (2017)


-
- පොදු පලාපලයක් පමණි.  කේන්දරය අනුව වෙනස් විය හැක.

-
● මේෂ ලග්නය
ආදායම් මාර්ග වල ආදායම වැඩිවි ආර්ථික වාසි උදාවිය හැකි කාලයක් විය හැකිය.
 රැකියාවේ බාධාකාරි තත්වයන් මග හැරි යා හැක. නව රැකියා උදාවේ. තරඟ විභාග ආදියට සහභාගි විමට  ඉඩ කඩ ලැබිය හැකි වනු ඇත.
දරුවන්ගේ අධ්‍යාපන කටයුතු  වෙනදාට වඩා වර්ධනයක් පෙන්නුම් කරයි.
පවුලේ සමගිය වර්ධනය වේ.

-

● වෘෂභ ලග්නය
ආර්ථික තත්වය ඉහල නැංවිමට අවස්ථානුකුලව පියවර ගැනිමට හැකියාව ලැබිමට ඉඩ ඇත, නැතහොත් මුල්‍ය ගැටළු ඇතිවිය හැකිය.
 නිෂ්ඵල ගමන් බිමන් වල යෙදීමෙන් රැකියා කටයුතු අඩාල විය  හැකි බැවින් ඒ පිළිබද සැලකිලිමත් විය යුතුව ඇත. ඉක්මන් තීරණ වලට යොමු වීමෙන් ගැටළු මතුවිය හැක.
  පවුලේ සමගිය වර්ධනය වනු ඇත.

-

● මිථුන ලග්නය
තම ආර්ථික තත්වය  වර්ධනය වෙයි. ව්‍යාපාර ක්ෂෙත්‍රයේ කැපී පෙනෙන වර්ධනයක්  පෙන්නුම් කරයි. යාන වාහන සම්බන්ධ  ගැටළු නිරාකරණය කරගත හැක.
විශේෂයෙන් රැකියාවේදී  ප්‍රධානීන්ගේ පැසසුම් ලැබෙනු ඇත. නව රැකියා උදාවේ. රැකියාවේ නව ක්‍රියාමාර්ග ගැනිමට හැකියාව ලැබිමට ඉඩ ඇත.
ඉගෙනීම් කටයුතු වලදී දරුවන් වෙනදාට වඩා උනන්දුව වැඩිවිමට කරුණු යෙදිමට ඉඩ ඇත.

-

● කටක ලග්නය
මෙතෙක් පැවති ආදායම් මට්ටම තරමක් පහල යාමේ හැකියාවක් පවති. එහෙත් ආර්ථික ප්‍රතිලාභ ලැබීමටත්, ව්‍යාපාර වල දියුණුවටත් කරුණු යෙදෙනු ඇත.
රැකියාවට තරමක් බාධා මතුවේ, කල්පනාකාරි විය යුතුය.
ඉගෙනීම් කටයුතු වලදී දරුවන් වෙනදාට වඩා උනන්දු විය යුතුය.
ආදර සබදතා වලටද බාධා මතු විය හැක.

-

● සිංහ ලග්නය
ආර්ථික තත්වය  වර්ධනය කිරීමට හැකියාව ලැබෙන කාලයක් වනු ඇත.  මෙතෙක් පැවති ගැටලුකාරි තත්වයන් නිරාකරණය කර ගැනිමට හැකි කාලයක් වනු ඇත.
රැකියාවේ බාධා ඉවත් විමට කරුණු යෙදෙන කාලයකි.  සුදුසුකම් වලට සරිලන රැකියා අවස්ථා උදාකර ගැනීමට හැකිවෙයි.
මිතුරු ඇසුර වර්ධනය කරගත හැක.

-

● කන්‍යා ලග්නය
තමන්ගේ ඉඩම් ගෙවල් දොරවල් මිලදි ගැනිමට හැකියාව ලැබෙන ඒ ආශ්‍රිත කටයුතු කිරිමට ඉඩ කඩ ලැබෙන  සුබ සතියක් වේ.  එහෙත් මෙතෙක් පැවති ආදායම් තත්වය තරමක් පහල යයි.
දුර පළාත් වල රැකියා අවස්ථාවන් යෙදීමට ඉඩකඩ සැලසෙනු  ඇත.
මංගල යෝග උදාවේ. ප්‍රේම සබදතා වලට ඉඩ සැලසේ. පවුල් ජිවිතය බුද්ධියෙන් කටයුතු කල යුතුය, නැතහොත් ගැටලු ඇති විය හැක.

 -

● තුලා ලග්නය
ආර්ථිකයේ වර්ධනයක් පෙන්නුම් කරයි. මෙතෙක් තිබු  ගැටළු බොහොමයකට විසදුම් සොයා ගැනීමට ඉඩ සැලසෙන සතියකි. ආදායම් තත්ව යහපත් වේ.
 රාජකාරි වල නියුතු අයට යෙදෙන ගැටළු හේතුවෙන් ඔවුන්ගේ රාජකාරීන් තමන්ට ඉටු කිරීමට සිදුවන අවස්ථා උදවිය හැකිය.
 ගෘහ ජිවිතය තුල ප්‍රීති උත්සව අවස්ථාවලට සම්බන්ධ වීමට අවස්ථා උදාවේ. සමගිය වර්ධනය වේ.

-


● වෘශ්චික ලග්නය
 මෙතෙක් කල් පැවති ආදායම් තත්වය පහල බැසීමට කරුනු යෙදීමට ඉඩ ඇති බැවින් කල්පනාකාරි විය යුතුය. තිබෙන ප්‍රශ්න වලට බුද්ධිමත්ව විසදුම් සොයා ගත යුතු වේ.
 යහපත් රැකියා වලට අවස්ථා යෙදේ. රැකියා බාධාවන් අඩු වී යාමෙන් සිතට සහනදායි බවක් ගෙන දෙනු ඇත.
ගෘහ ජීවිතය යහපත් සතියකි. මංගල යෝග උදාවේ. දරුවන්ගෙ අධ්‍යාපනය සම්බන්ධ ගැටලු මතු විමට ඉඩ ඇති සතියක් වනු ඇත.

-

● ධනු ලග්නය
වෙනදාට වඩා තම ව්‍යපාර ආදායම් මාරගවල ප්‍රගතියක් පෙන්නුම්
කරන සතියකි. ව්‍යාපාර ක්ෂෙත්‍රෙය් නව පියවරක් ගැනිමට හැකියාව  ලැබෙන කාලයකි.
නිෂ්ඵල ගමන් බිමන් වල යෙදීමෙන් රැකියා කටයුතු අඩාල විය හැකි බැවින් ඒ පිළිබද සැලකිලිමත් වන්න. ඉක්මන් තීරණ වලට යොමු වීමෙන් ගැටළු මතු විය හැක.
පවුලේ සමගිය වර්ධනය විමට ඉඩ ඇති සතියක් වේ.

-

● මකර ලග්නය
මෙතෙක් පැවති ආදායම් මාර්ග වල, ආදායම් තත්වය ඉහල යා හැකිය. නව ව්‍යපාර ආරම්භ කිරිමට හැකියාව ලැබිමට ඉඩ ඇති සතියක් වේ. තිබු බාධාවන් ඉවත් වේ.
 රැකියාවේ කරදර අඩුවෙයි. නව රැකියා උදා විය හැකි සතියක් වේ.  තම රැකියාවේ ප්‍රවණතාවයක්  පෙන්නුම් කල හැකි වේ.
ගෘහ ජිවිතයේ තරමක ගැටලු තත්වයන් උදාවිය හැකි සතියක් විය හැකි බැවින්  කල්පනාකාරිව කටයුතු කල යුතුය.

-

● කුම්භ ලග්නය
ව්‍යාපාර පසුබෑමකට ලක්වන සතියක් විය හැකිය.  කල්පනාකාරිව කටයුතු කල යුතුය. කරන කටයුතු වෙනස්
කිරිමෙන් සුබ එල ලබා ගත හැකිවනු ඇත. මෙතෙක් තිබු ගැටලු නිරාකරණය වේ.
 රැකියාව වෙනස් විමක් පෙන්නුම් කරන කාලයක් වෙයි. රැකියාවේ දියුණුව ලැබීමට දරන උත්සාහයන් සාර්ථක වේ.
 පවුල් ජීවිතයේ සමගිය ඇති වේ. පවුල වෙනුවෙන් කැපවිමට සිදුවේ.

-

● මීන ලග්නය
ආදායම් තත්වය තරමක් පහල බැසිය හැකි වුවද උපායශිලි ක්‍රම මගින් එය මග හරවා ගත හැකිවනු ඇත.  තමන් ගනු ලබන තීරණ තමාගේ වාසිය උදෙසා ගත හැකිවේ. නව ආදායම් මාර්ග උදාවිය හැක.
 රැකියාවේ සිදුවන සුළු සුළු වෙනස්වීම් හේතුවෙන් පෙර තිබු කරදරකාරි තත්වයන් පහව යයි. නව රැකියා උදාවේ.
 ගෘහ ජිවිතයේ පෙර තිබු නිදහසට බාධා ගෙනදෙන සිදුවීම් නිර්මාණය විය හැක. මංගල යෝග උදාවේ.

-


#Iru

077 2238041
irusewaya@gmail.com

Saturday, April 15, 2017

රවි මාරුව (මැයි 14 දක්වා) 2017


ගොඩක් අය දන්නව ඊයෙ අලුත් අවුරුද්ද උදා වුනු බව. ඒක වෙන්න හේතු වෙන්නේ සූර්යයා එහෙම නැත්නම් #ඉරු හෙවත් හිරු, ග්‍රහලෝකයේ රජතුමා මීන රාශියෙන් ඉවත් වෙලා තමන්ගේ උච්ච රාශිය වෙච්ච මේෂයට පැමිණීම එක්කයි..
හරියටම මාසයක් ඒකියන්නේ 2017 මැයි 14 දක්වා ග්‍රහ ලොව රජතුමා මේෂ රාශියේ ඉන්නවා.. ඒ අනුව ලග්න 12ට පොදුවේ මෙහෙමයි..
රටටම තරමක් සුභ කාලයක් ඇති වෙයි.

ලග්න 12ට අනුව මෙසේය.
(පොදු පලාපලයක් පමණි. කේන්දරය අනුව වෙනස් විය හැක)

-
● මේෂ ලග්නය
මේෂ ලග්නයේ  ලග්න ස්ථානයට රවි පැමිණෙයි.
තිබුනු කරදර බාධක ඉවත් වේ.
රැකියාවේ තිබු තත්වය ස්ථාවර විමට හැකියාව ලැබිමට ඉඩ ඇත
. දුර බැහැර විනෝද ගමන් බිමන් යෙදිමට ඉඩ  ඇත. පවුලේ සමගිය වර්ධනය වේ.

-
● වෘෂභ ලග්නය

වෘෂභ ලග්නයේ  12 වැන්නට හිරු නොහොත් රවි සැපත් වෙයි.
 තරමක කරදරකාරි කාලයක් විමට ඉඩ ඇත.
රැකියාවේ සතුරු කරදර ඇති විමට ඉඩ ඇත. විදෙස් රැකියා වලටද සුබ කාලයක් විය හැකිය. පවුල් ජිවිතයේදී සිතට  කරදර ඇතිවිය හැකි කාලයක් වේ.

-
● මිථුන ලත්නය
මිථුන ලග්නයේ  11 වැන්නට රවි පැමිනේ.
 නිබු කරදර බාධක ඉවත්විය හැක.
රැකියා ස්ථානයේ තනතුරු උසස් වීම් වලට යාමට හැකියාව ලැබිය හැකි කාලයක් වේ. නව රැකියා උදාවේ.
 
උසස් අධ්‍යාපන වරම් ලැබිමට ඉඩ ඇත. දරුවන්ගෙ අධ්‍යපන කටයුතු සාර්ථක විය හැකි කාලයකි.
-

● කටක ලග්නය
කටක ලග්නයේ රවි 10 වැන්න වන කර්මස්ථානයට පැමිනේ.
 
ආර්ථික ප්‍රතිලාභ ලැබීමටත්, ව්‍යාපාර වල දියුණුව උදාකර ගැනීමටත් අවස්ථාවන් උදා විමට ඉඩ ඇත. නව රැකියා අවස්ථා උදාකර ගැනීමට හැකිවේ. රැකියාව කාර්යබහුල වේ.
 පවුල් ජීවිතයේ සමගිය ඇති විමට ඉඩ ඇත.

-
● සිංහ ලග්නය
සිංහ ලග්නයේ ලග්නාධිපති රවි 9 වැන්න වන පුණ්‍යස්ථාන ගත වේ.
 පෙර තිබු කරදරකාරි කාලය නිමාවීමට ඉඩ ඇත.
නව රැකියා උදාවේ. රැකියා ස්ථානයේ ආයතන ප්‍රධානින්ගේ පැසසුම් ලැබිමට වැඩි ඉඩක් ඇත දරුවන්ගේ ඉගෙනීම් කටයුතු වල වර්ධනයක් පෙන්නුම් කරන කාලයක් වේ.

-

● කන්‍යා ලග්නය
කන්‍යා ලග්නයේ රවි 8 වැන්නේ ගෝචර වේ.
 
ආර්ථික තත්වය තරමක් පහල බැසිමට ඉඩ ඇත.
කරන රැකියාවේ බාධා ඇතිවිමට ඉඩ ඇත. ප්‍රවෙශම් විය යුතුය. නව රැකියා ප්‍රමාද වේ. අධ්‍යපනය ලබන දරුවන්ගේ දියුණුවට වෙනදාට වඩා වෙහෙසිමට සිදුවිමට ඉඩ ඇත.

● තුලා ලග්නය
තුලා ලග්නයේ රවි 7 වැන්නට පැමිනේ.
 හවුල් ව්‍යාපාර වල තරමක කරදර බාධා ඇතිවිමට ඉඩ ඇත.
රැකියාවේ කරදර බාධා ඇතිවිය හැක. නව රැකියා ප්‍රමාද වේ. 
පවුල් ජිවිතය තුල තරමක් බාධා මතුවේ.
-

● වෘශ්චික ලග්නය
වෘශ්චික ලග්නයේ  රවි 6 වැන්නට පැමිණෙයි.
 
වෙනදාට වඩා බාධා ගැටලු මතු වේ. මට්ටම තරමක් පහල යා හැකිය.
 රැකියා ලැබිම් ප්‍රමාද විය හැක. රැකියාවේ බාධාකාරි කාලයක් වනු ඇත.
පවුල් ජිවිතය තුල තරමක් බාධා මතුවේ.

-
● ධනු ලග්නය
 ධනු ලග්නයේ  රවි 5 වැන්නේ ගෝචර වේ. ආදායම් මාර්ග දියුණු කර ගැනිමට  යම්  පියවරක්  ගැනිමට හැකියාව ලැබිමට ඉඩ ඇත. රැකියාවෙ මතුව තිබු බාධාකාරි තත්වයන් වලට විසදුම් සොයා ගැනිමට ඉඩ ලැබෙනු ඇත.
 මව්පියන්ගෙන් පැසසුම් ලැබේ.

-
● මකර ලග්නය
මකර ලග්නයේ රවි 4 වැන්නට පැමිණේ.
තම ආදායම් මාර්ග වෙනුවෙන් වැදගත් තීරණ වලට යොමු විමට අවස්ථාව උදාවිමට ඉඩ ඇත.
 රැකියාවේ බාධා ඉවත් වේ. නව රැකියා උදාවේ.
  පවුල් ජිවිතයේ සමගියට තරමක් බාධා පැමිණිය හැක.

-
● කුම්භ ලග්නය
කුම්භ ලග්නයේ රවි 3 වැන්නට පැමිණේ.
පෙර පැවති බාධාකාරි තත්වයන් තරමක් යටපත්වි ඉතා සහනදායි කාලයක් උදාවිය හැක.

රැකියාව වෙනදාට වඩා තරමක් වෙහෙසකාරි බැවින් වැඩිවිය හැක. ආවේගශිලී ගති වැඩි විය හැකි බැවින් තරමක් කල්පනාකාරිව කටයුතු කලයුතු වේ.

-
● මීන ලග්නය.
මීන ලග්නයේ රවි 2 වැන්නේ ගෝචර වේ.
 
ආර්ථික තත්වය  වර්ධනය විය හැක.  මෙතෙක් පැවති ගැටලුකාරි තත්වයන් නිරාකරණය කර ගැනීමට වැඩි ඉඩක් ලැබිය හැකි වනු ඇත.
 සුදුසුකම් වලට සරිලන රැකියා අවස්ථා උදාකර ගැනීමට මෙතෙක් පැවති බාධාවන් ඉවත් වි යා හැක. මිතුරු ඇසුර වර්ධනය කරගත හැක.

-

#Iru

irusewaya@gmail.com
077 2238041

ශුභ අලුත් අවුරුද්දක් වේවා !


Wednesday, April 12, 2017

ග්‍රහයන්ගේ ගෝචර කාලයන් ඔබ දන්නවාද ?


-
වසර 2 කට පසුව සිදුවන සෙනසුරු මාරුව, වසරකට පසුව සිදුවන ගුරු මාරුව, වසර 20කට වරක් යෙදෙන විශේෂ ග්‍රහ මාරුවක් යනාදි ලෙස පලකිරිම් ඔබ දැක ඇති.

ඔබ දන්නවාද එක ග්‍රහයෙක් එක් රාශියක සිටින කාලය දළ වශයෙන් ?

● චන්ද්‍ර (සඳු) - දින 2.5
ග්‍රහ ලොව මව ලෙස හැඳින්වෙන සඳු එක් රාශියක සිටින්නෙ දවස් 2 හමාරකි.
ඒ අනුව අප සතියෙ ලග්න පලාපලය යොදන්නේද සදුගේ ගමන සලකාය.
නැකැත් යනාදියේදීද විශේෂයෙන් සදුගේ ගමන සලකා බලයි.

● රවි - මාස 01

● සිකුරු/ශුක්‍ර - මාස 01

● බුධ - මාස 01

ඔබ බලන්න රවි - සිකුරු - බුධ යන ග්‍රහයන් ඔබගේ කේන්දරයේද සිටින්නේ ඉතා ලග ලග කොටුවල නේද ? එනම් මේ ග්‍රහයන් ඉක්මණින් එනම් මාසයක් වැනි කාලයක් එක තැනක රැඳි සිටි.

● කුජ - මාස 1.5
කුජ/අගහරු දින 45ක් පොදුවේ එක් රාශියක සිටි.
ඔබ දන්නවාද ? අරගල, විප්ලව කිරීමේදි කුජ බලවත් කාලයක කරන්නේ නම් ඒවායින් වැඩි ප්‍රතිඵල ලැබෙන බව ?

● ගුරු - මාස 12 (වසර 01)
ගුරු හෙවත් බ්‍රහස්පතී එනම් ග්‍රහලොව සුරගුරු, ධනයට සෞභාග්‍යයට අධිපති ග්‍රහයා වසර 01ක් එක රාශියක සිටි.
ගුරුගේ ගමන අනුව විවාහය ගැන ඉඟි ලබාදිය හැක. මංගල යෝග යනාදිය ගැන කින්නට පුලුවන.

● රාහු - කේතු ( මාස 18/ වසර 01 මාස 06)
ඡායා ග්‍රහයන් වුවද ජ්‍යොතිෂ්‍යයට අනුව මේ දෙදෙනාගේ බලපෑම ඉතා වැඩිය.
ඔබ බලන්න, රාහු සිටින තැනින් 7 වෙනි කොටුවේ තමයි නිතරම කේතු සිටින්නෙ..

● ශනි/සෙනසුරු (වසර 2 හමාරයි) වසර 2.5
ග්‍රහයන් අතර වැඩිම කාලයක් එක රාශියක සිටින්නේ සෙනුසරුය. සෙනසුරු දුකට, පොදු ජනතාවට අධිපති වෙයි.
දන්නවද, සෙනසුරු මාරුවට දේශපාලකයෝ ගොඩක් බය බව ???
ඒ මොකද දන්නවද, එයාලට බලයට එන්න පොදු ජනතාව උදව් කරනවා. ඒකියන්නේ සෙනසුරුගේ යම් බලපෑමක් තියෙන්න පුලුවනි.
හැබැයි එයාල බලයට ඇවිල්ලා කරන්නෙ මහජනතාවට නොවුනාම... ඒ අය හරි බයයි.
ලොකු ලොක්කො රට යනවා සෙනසුරු මාරු වෙද්දි..
සමහර රාජ්‍ය නායකයෝ පවා බයට සති 1-2 විදේශ ගතව සිටිනවා සෙනසුරු මාරු වලදි..

- විශේෂයෙන් තාඩන - පීඩන ලබාදෙන සෙනසුරු ග්‍රහයා ගැන බය වෙන්න දෙයක් නෑ හරියට ඉන්නව නම්..

--

ඒ අනුව මේ කෙටි ලිපිය අවසන් _

Iru Sewaya

irusewaya@gmail.com.
077 22 38041

ජීවිතයේ හැටි, සැප - දුක 2ම තිබීමය...

ජීවිතයේ හැටි, සැප - දුක 2ම තිබීමය...
එය කාලෙන් කාලෙට, වෙලාවෙන් වෙලාවට වෙනස් වෙයි.
සතුට සහ දුක එක කාසියක දෙපැත්ත වගේය..
කල යුතු දේ වන්නේ සතුටේදි අසීමාන්තිකව සතුටු නොවිමත්, දුකේදී අසීමාන්තිකව දුක් නොවීමත්ය.
විශේෂ වශයෙන් දුකකදී, කරදරයකදි ඉවසිමෙන් කටයුතු කිරීම වටී. අපල කාල හෝ කරදර කාල වලදී බුද්ධිමත්ව කටයුතු කල යුතුමය.
එසේ නොවි දුකෙන් හිටියා කියා අපට ඇතිවන ප්‍රයෝජනයක් හෝ වාසියක් නැත.
සමහරු දරාගන්නට බැරිව සියදිවි හානිකර ගනිති. එය මහා පාපයකි. එවිට සිදුවන්නේ අද ගෙවන්නට තිබෙන අකුසල තවත් වැඩි වී ඊලග භවයකදීද ගෙවන්නට සිදුවීමයි.
එනිසා කුමන කරදර ආවද, ඉවසීමෙන් බුද්ධියෙන් තමන්ගේ කටයුතු සාර්ථක කරගන්නට කටයුතු කරන්න..
බුදු සරණයි !

Sunday, April 9, 2017

සතියේ ලග්න පලාපලය (අප්‍රේල් 10-16) 2017



පොදු පලාපලයක් පමණි. කේන්දරය අනුව වෙනස් විය හැක.

-
● මේෂ ලග්නය.
නව ආදායම් මාර්ග ආරම්භ කිරීමට යම් පියවරක් ගැනිමට  හැකිවනු ඇත. ආර්ථික මට්ටම යහපත්ව  පවත්වාගෙන යාමට හැකිවිය හැක .
නව රැකියා අවස්ථා උදාකර ගැනීමට හැකිවිමටද ඉඩ ඇති අතර උසස්වීම්  ප්‍රමාද  වේ. රැකියාව නිසා කාර්යබහුල වේ.
 ආදර සබදතා වර්ධනය වේ. නිදහසට බාධා ගෙනදෙන සිදුවිම් නිර්මාණය විය හැක.
අධ්‍යපන තත්වය වර්ධනය කර ගැනිමට ඉඩ ප්‍රස්ථාවන් උදාවිමටද ඉඩ ඇත.
-

● වෘෂභ ලග්නය
තරමක් බාධා මතු වීම් ගෙන දේ. ආර්ථික ගැටලු විසදා ගැනිමට හැකිවේ. තමන් තුල තිබු ගැටලු ප්‍රශ්න විසඳා ගැනිමට ඉඩ කඩ ලැබෙන සතියක් වේ.
 රැකියාවෙ මෙතෙක් තිබු කරදර බාධා ඉවත් වේ. නව රැකියා ලැබෙයි.
වැඩිහිටි අයගේ අවවාද ලැබේ. පවුලේ සමගිය වර්ධනය වේ.  දරුවන් වෙනුවෙන් වෙහෙසිමට සිදුවේ.

-
● මිථුන ලග්නය
ආදායමට වඩා වියදම වැඩි වන සතියක් විය හැක. තමන්ට මෙතෙක් ලැබුනු ආදායම් මාර්ග  තරමක් වෙනස් වීමට ඉඩ ඇත.  රැකියා වෙනස් විමක් පෙන්නුම් කරන කාලයක් වේ. රැකියා දියුණුව ලැබීමට දරන උත්සාහයන් සාර්ථක වේ.
පවුල් ජීවිතයේ සමගිය ඇතිවේ. වැදගත් තීරණ ගැනීම් වලටද අවස්ථා උදාවේ.
-

● කටක ලග්නය
මෙතෙක් තිබු ආර්ථික තත්වය තරමක් දුරට පසුබෑමකට ලක්වේ. මුදල් නාස්ති වීම් මතු වේ. එසේම ගනුදෙනු වල දී ප්‍රවේසමෙන් කටයුතු කල යුතුය. ණය ආධාර ලබා ගැනිමට හැකි වේ.
රැකියා දියුණුව ලැබීමට දරන උත්සාහයන් සාර්ථක වේ.
පවුල් ජීවිතයේ සමගිය ඇති වේ. පවුල වෙනුවෙන් ඉතා  කැපවීමට සිදුවේ. මෙතෙක් තිබු  සමගියට තරමක් බාධා මතු විය හැක.
-

● සිංහ ලග්නය
තම ආදායම් මාර්ග වලින් ලැබෙන ලාභය වැඩිකර ගැනිමට පියවරක් ගැනිමට හැකිවේ.
 රැකියාවෙ වෙනසක් හෝ උසස් වීමක් ලබා ගැනීමට හැකිවේ.  නිවස තුල ප්‍රධානත්වය ගෙන වැඩ කටයුතු කිරිමට හැකිවනු ඇත. උත්සව අවස්ථා සදහා සහභාගි විමට හැකිවනු ඇත. පවුල් ජීවිතයේ සමගිය ඇතිවේ. පවුල වෙනුවෙන් කැපවිමට සිදුවේ.
-

● කන්‍යා ලග්නය
ව්‍යාපාර පසුබෑමකට ලක්වන සතියක් විය හැකි බැවින් කල්පනාකාරිව කටයුතු කල යුතුය. කරන කටයුතු වෙනස් කිරීමෙන් සුබ ඵල ලබාගත හැක. මෙතෙක් තිබු ගැටලු නිරාකරණය වේ.
 රැකියා වෙනස් විමක් පෙන්නුම් කරන කාලයක් වේ. රැකියා දියුණුව ලැබීමට දරන උත්සාහයන් සාර්ථක විය හැක.
පවුල් ජීවිතයේ සමගිය ඇති වේ. පවුල වෙනුවෙන් කැපවිමට සිදුවේ.
-

● තුලා ලග්නය
ආදායම් තත්වය තරමක් හෝ පහල බැසීමට කරුණු යෙදිය හැක. තමන් ගනු ලබන පියවර වලින් තමන්ගේ ව්‍යාපාර වල ආදායම් තත්වය අඩු වීමට හේතු යෙදිය හැක.
නව රැකියා අවස්ථා උදා විය හැක. රැකියාවේ කටයුතු වෙනුවෙන් වෙනදාට වඩා වෙහෙසීමටත්, කැපවීමටත් සිදුවනු ඇත.
තම ගෘහ ජිවිතය තරමක් ගැටලු ප්‍රශ්න ඇතිවිය හැක. කල්පනාකාරි විය යුතුය. ගෙදර දොර පරිසරය අලංකාරව තබා ගැනීමට උත්සහ දරන සතියකි.

-

● වෘශ්චික ලග්නය
නව ආදායම් මාර්ග උදා වෙයි. ණය ලැබෙයි. ව්‍යාපාර ක්ෂෙත්‍රයේ නව  පියවරක් ගැනිමට සුබ කාලයකි. මෙතෙක් තිබු ගැටලු මග ඇරි යයි.
රැකියා දියුණුව ලැබීමට දරන උත්සාහයන් සාර්ථක වේ. නව රැකියා උදාවේ.  නිදහස අඩුවී යන තත්වයන්  රැකියාවේ මතු විය හැක.
හිතමිත්‍රාදීන් නිසා  තරමක කරදර කාලයක් උදා විය හැක. ඉගෙනීම ලබන දරුවන්ගේ ඉගෙනීමට තිබු බාධා ඉවත් වේ.
-

● ධනු ලග්නය
ආර්ථික අපහසුතාවයන් මග හැර ගැනිමට දරන උත්සාහයන් සාර්ථක වේ. තම ව්‍යාපාර තත්වයන් වෙනුවෙන් ගනු ලබන  තීරණ වලට සතුරු කරදර උදා විය හැක. කල්පනාකාරිව කටයුතු කල යුතුය.
රැකියාවේ මෙතෙක් තිබු නිදහස අඩු වන  තත්වයන් උදා වේ. ගෙදර පරිසරය අලංකාර ලෙස පවත්වාගෙන යාමට හැකිවේ. උත්සව අවස්ථා වලට සහභාගි විමට අවස්ථාවන් උදාවිය හැක.

-

● මකර ලග්නය
මුල්‍යය ප්‍රශ්න විසදා ගැනීමට හැකියාව ලැබීමට ඉඩ ඇත. ආදායම් මාර්ග වල අවහිරතා මග හැරිය හැක.
රැකියාවේ දියුණුව පෙන්නුම් කිරීමට ඉඩ ඇත.  තම රැකියා ස්ථානයේ කරදර බාධා ඉවත් විමට කටයුතු යෙදෙනු ඇත.
තරග  විභාග ආදියෙන් ජය ලැබෙයි.
පවුලේ සමගිය වර්ධනය වේ. ඉගෙනීම් කටයුතු වලදී දරුවන් වෙනදාට වඩා උනන්දු විය යුතු වේ.
-

● කුම්භ ලග්නය
ණය ලබාගැනිමට යාමේදි වෙනත් පාර්ශවයන්ගෙන් උදවු ලැබිමට ඉඩ ඇත. ආදායම් මාර්ග වල අවහිරතා පෙන්නුම් කිරීමට ඉඩ ඇත. ආදායමට වඩා වියදම වැඩි වන කාලයක් වේ.
සුදුසුකම් වලට සරිලන රැකියා අවස්ථා උදාකර ගැනීමට වැඩි ඉඩක් ලැබෙනු ඇත.
ප්‍රේම  සබදතා පවත්වාගෙන යාමෙදි එවායේ ගැටලු මතුවිමට වැඩි ඉඩක් ඇත.
-

● මීන ලග්නය
ආදායමට වඩා වියදම වැඩිවන කාලයක් විමට ඉඩ ඇත. කල්පනාකාරි විය යුතුය. මුල්‍ය ආයතන වලින් ණය ලැබිමට ඉඩ ඇත.  එහෙත් මුල්‍ය කලමණාකරනයේ පාඩු පෙන්වයි. සුදුසුකම් වලට සරිලන රැකියා අවස්ථා උදාකර ගැනීමට හැකිවේ. රැකියාවෙහි උසස්විමක් හෝ වෙනස් විමක් සිදුවන කාලයක් විය හැක.
මිතුරන් ඤාතින් අතර හොද හිත වර්ධනය වෙයි. උත්සව සහ ප්‍රිය සම්භාෂණ අවස්ථා වලට සහභාගී වීමට ලැබෙන කාලයකි.

-

irusewaya@gmail.com
077 2238041

නවග්‍රහ මණ්ඩලයටම අධිපති ශ්‍රී විෂ්ණු දිව්‍ය රාජයා

විශේෂයෙන්ම සෙනසුරුගේ අපල පීඩා ආදියට මෙන්ම පොදුවේ සියලුම නවග්‍රහයන්ගේ දෝෂ වලටද ශ්‍රී විෂ්ණු දෙවියන්ට පින් අනුමෝදන් කිරීම ආදියෙන් ආශිර්වාද ලබාගත හැක.

Monday, April 3, 2017

සතියේ ලග්න පලාපලය - අප්‍රේල් 4 සිට

මෙය පොදු පලාපලයක් පමණි. කේන්දර සටහන අනුව වෙනස් විය හැක.


● මේෂ ලග්නය

ලග්නාධිපති කුජ  සහ බුධ1 වැන්නේත්,  සිකුරු - රවි 12 වැන්නේත්, කේතු 11 වැන්නේත්, රාහු 5 වැන්නේත්, ගුරු 6 වැන්නේත්, ශනි 9 වැන්නේත්, සදු 2-3-4-5 වැන්නේද මෙම සතිය තුල ගෝචර වේ.
  ආදායමට වඩා වැය පස ඉහල යාහැකි තත්වයන් නිර්මාණය වියහැක. කල්පනාකාරි විය යුතුය, නැතහොත් ගැටලු ඇති විය හැක.
රැකියාව වෙනුවෙන් වැදගත් තීරණ ගැනිමට සිදුවිය හැකිය . නව රැකියා උදාවේ.
පවුල තුල තරමක් ගැටුම්කාරි  සිදුවිම් හට ගැනිමේ අවදානමක් ඇති විය හැකි සතියක් වේ. කල්පනාකාරිව වැඩ කටයුතු කලයුතුය.

-
● වෘෂභ ලග්නය

ලග්නාදිධිති සිකුරු, රවි සමග 11 වැන්නේත්, බුධ කුජ 12 වැන්නේත්, ගුරු 5 වැන්නේත්, ශනි 8 වැන්නේත්, රාහු 4 වැන්නේත්, කේතු 10 වැන්නේත්, සදු1.2.3.4 තුලද ගෝචර වේ.
  මෙම සතිය තුල ආර්ථික ගැටළු බොහොමයකට විසදුම් සොයා ගැනීමට ඉඩ සැලසෙන සතියකි. ආර්ථික මට්ටම යහපත්ව පවත්වාගෙන යාමට හැකි විය හැක.
රැකියා අවස්ථා උදාකර ගැනීමට හැකිවේ.
ප්‍රේම සබදතා වලදි ප්‍රශ්න ගැටලු මතුවේ.  ගේදොර සමගියට බාධා පැමිණිය හැක.

-


● මිථුන ලග්නය

ලග්නාධිපති බුධ, කුජ සමග11 වැන්නේත්, රවි, සිකුරු සමග 10 වැන්නේත් ගුරු  4වැන්නේත්, ශනි 7 වැන්නේත්, රාහු 3 වැන්නේත් කේතු 9වැන්නේත්, සදු12.1.2.3වැන්නේත් මෙම සතිය තුල ගෝචර වේ.
 දියුණුව උදාකර ගැනීමට අවස්ථාවන් යෙදෙනු ඇත. එහෙත් ආදායමට වඩා වියදම වැඩිවිය හැක.  කල්පනාකාරි විය යුතුය.  නව රැකියා අවස්ථා උදාකර ගැනීමට හැකිවේ. රැකියාව කාර්යබහුල වේ.
 ආදර සබදතා වර්ධනය වේ.  නිදහසට බාධා ගෙනදෙන සිදුවීම් නිර්මාණය විය හැක.

-

● කටක ලග්නය

ලග්නාධිපති සදු  11,12,1,2, වැන්නේද,  සිකුරු- රවි 9 වැන්නේද,  කුජ -බුද 10 වැන්නේද, ශනි 6 වැන්නෙද,  රාහු 2 වැන්නේද, කේතු 8 වැන්නේද ගෝචර වේ.
 ආර්ථික තත්වය වෙනදාට වඩා සාර්ථක ලෙස ඉහල නංවා ගැනීමට හැකිවේ. ඉඩකඩම් සම්බන්ධ ගැටළු නිරාකරණය කර ගැනීමට හැකි වනු ඇත.
රැකියාවේ උසස්විම්  ප්‍රමාද විය හැක නව රැකියා ලැබේ. පිට පලාත් වල ගමන් යෙදිය හැක. තරමක් අවිවේකි වේ.
අවිවාහක අයට විවාහය පිළිබද තීරණ ගැනීම් වලටද යහපත් අවස්ථා උදාවිය හැක. දෙමාපියන්ගෙන් අවවාද ලැබේ.

-

● සිංහ ලග්නය

ලග්නාධිපති රවි, සිකුරු සමග 8 වැන්නේද, ගුරු 2වැන්නේද, කුජ -බුද 9 වැන්නේද, රාහු ලග්නයෙද, කේතු 7 වැන්නේද, සදු 10.11.12.1 වැන්නේද, ශනි  5 වැන්නේද  මෙම සතිය තුල ගෝචර වේ.
ආදායම් මට්ටම පහල බැසීමට කරුණු යෙදේ . තම එදිනෙදා කටයුතු වල යෙදීමේදී බලාපොරොත්තු වන ප්‍රමාණයට වඩා මුදල් වැයවිය හැක.
 රැකියාව කිරීමේදී තරමක බාධා පැමිණිය හැක. කල්පනාකාරි විය යුතුය. නව රැකියා උදාවේ.
 දරුවන්ගේ අධ්‍යපන කටයුතු  වෙනදාට වඩා වර්ධනයක් පෙන්නුම් කරයි.

-

●කන්‍යා ලග්නය

ලග්නාධිපති බුධ, කුජ සමග  8වැන්නේද,  සිකුරු - රවි 7 වැන්නේද, ගුරු ලග්නයේද,  ශනි 4 වැන්නේද, රාහු 12 වැන්නේද කේතු 6 වැන්නේද, සදු  9.10.11.12 වැන්නේනේද ගෝචර වෙනවා මේ සතියෙදි.
 මුල්‍ය ප්‍රශ්න විසදා ගත හැක. ආදායම් මාර්ග වල අවහිරතා මග ඇරියයි.
 රැකියාවේ දියුණුව පෙන්නුම් කරයි. රැකියා ස්ථානයේ කරදර බාධා ඉවත්වේ.  තරග  විභාග ආදියෙන් ජය ලැබේ.
‍ප්‍රෙම  සබදතා පවත්වාගෙන යාමෙදි එවායේ ගැටලු මතු විය හැක. පවුල වෙනුවෙන් වැදගත් තීර්ණ වලට යොමු වීමට ඉඩ ලැබෙයි.

-

● තුලා ලග්නය
ලග්නාධිපති සිකුරු,  රවි සමග 6 වැන්නේද, ගුරු 12 වැන්නේද,  කුජ- බුද 7 වැන්නේද,  ශනි 3 වැන්නේද, රාහු 11 වැන්නේද කේතු 5 වැන්නේද, සදු  8.9.10.11 වැන්නේද ගෝචර වේ.
 නව ආදායම් මාර්ග උදා වෙයි. ණය ලැබෙයි. ව්‍යාපාර ක්ෂෙත්‍රෙය් නව  පියවරක් ගැනිමට සුබ කාලයකි. මෙතෙක් තිබුනු ගැටලු මග ඇරි යයි.
රැකියා දියුණුව ලැබීමට දරන උත්සාහයන් සාර්ථක වේ. නව රැකියා උදාවේ.
පවුලේ සමගිය වර්ධනය වේ. මංගල යෝග උදාවේ. දුර ගමන් යෙදෙනු ඇත.

-
● වෘශ්චික ලග්නය
ලග්නාධිපති කුජ සමග බුධ 6වැන්නේද, රවි- සිකුරු 5 වැන්නේද, ගුරු 11 වැන්නේද, ශනි 2 වැන්නේද, රාහු 10 වැන්නේද, කේතු 4 වැන්නේද, සදු  7.8.9.10 වැන්නේද  ගෝචර වේ.
ආදායම් මාර්ග වල අවහිරතාද පෙන්නුම් කල හැක.
 රැකියාවේ ගැටලු නිර්මාණය වි රැකියාවෙ පෙර තිබු නිදහස නැතිවි යා හැක.
 තම විවාහය පිලිබද තින්දු තීරණ ගැනිමට හැකියාව ලැබිය හැක. පවුලේ සමගිය වර්ධනය වේ. දරුවන්ගේ අධ්‍යපන කටයුතු  වෙනදාට වඩා වර්ධනයක් පෙන්නුම් කල හැකි කාලයකි.

-
● ධනු ලග්නය
ලග්නාධිපති ගුරු 10 වැන්නේද, ශනි ලග්නයෙද, රවි- සිකුරු 4 වැන්නේද,  බුධ -කුජ 5 වැන්නේද, රාහු 9 වැන්නේද, කේතු 3 වැන්නේද, සදු 6.7.8.9 ද ගෝචර වේ.
 ආර්ථික මට්ටම හොඳින් පවත්වාගෙන යාමට හැකිව වනු ඇත. උත්සාහයෙන් යුතුව වැඩ කටයුතු කල යුතුය. තමන් ගන්නා තීරණ වලින් එතරම් ශුභ ප්‍රතිඵල නොලැබී යාහැක.
පවුලේ  සමගිය ඇතිවේ. මිතුරු ඇසුර වර්ධනය වේ. පැවති ගැටළු විසදා ගැනීමට හැකිවේ.

-

● මකර ලග්නය.
 ලග්නාධිපති ශනි 12 වැන්නේද, ගුරු 9 වැන්නේද, සිකුරු- රවි 3 වැන්නේද, බුද- කුජ 4 වැන්නේද,  2වැන්නේ කේතුද, 8 වැන්නේ රාහුද, සදු 5.6.7.8 වැන්නේද ගෝචර වේ. මුල්‍ය කලමනාකරණයේ පාඩු පෙන්වයි. නව ආදායම් මාර්ග වල අවහිරතා පෙන්නුම් කරයි. හවුල් ව්‍යපාර වලටද තරමක පාඩු පෙන්වන සතියක් වේ. 
නව රැකියාවන් සොයන අයට යහපත් රැකියා ලැබේ. කරදර බාධක මග ඇරී යයි. ප්‍රධානීන්ගේ පැසසුම් ලැබෙනු ඇත.

-
● කුම්භ ලග්නය
ලග්නාධිපති  ශනි  11 වැන්නේද,  ලග්නයේ කේතුද, රාහු  7වැන්නේද, ගුරු 8 වැන්නේද, කුජ- බුද 3 වැන්නේද, සිකුරු- රවි 2 වැන්නේද, සදු 4.5.6.7 වැන්නේද ගෝචර වේ.
ආර්ථික මට්ටම හොදින් පවත්වාගෙන යාමට හැකිවේ. ණය ලැබෙනු ඇත. ව්‍යාපාර ක්ෂෙත්‍රරයේ නව  පියවරක් ගැනිමට හැකියාව ලැබිය හැකිවනු ඇත.
 රැකියාවල නියුතු අයට තමන්ට ඇතිවන ගැටළු විසදා ගැනීමට හැකි වනු ඇත. මිතුරන් අතර හොද හිත පලුදු විය හැක.
ඉගෙනීමට තිබු බාධා මග හැරි යයි.


● මින ලග්නය
ලග්නාධිපති ගුරු 7වැන්නේද, ශනි 10 වැන්නේද, කුජ-බුධ 2වැන්නේද,  රාහු 6වැන්නේද,  කේතු 12 වැන්නේද, සිකුරු- රවි ලග්නයේද,  සදු 3.4.5.6 වැන්නේද ගෝචර වේ.
 තමාගේ වාසිය උදෙසා තීරණ ගත හැකි වනු ඇත. නව ආදායම් මාර්ග උදාවිය හැක. 
රැකියාවේ සිදුවන සුලු සුලු වෙනස්වීම් හේතුවෙන්  තරමක කරදර ඇති විය හැක.
 ගේ දොර පරිසරය අලංකාර ලෙස තබා ගැනිමට වෙනදාට  වඩා උනන්දුව වැඩිවනු ඇත.

-


රජ්ජු බණ්ඩාර දෙවියන්

රජ්ජු බණ්ඩාර දෙවියන්, පෙර රජ පරම්පරාවකට අයත් බව සැලකේ.

දකුණේ සුප්‍රසිද්ධ ගැටබරු දේවාලය රජ්ජු බණ්ඩාර දෙවියන් පිණිස සැදුනකි. මේ සම්බන්ධ කතා පුවත් බොහෝය.

ඕනෑම අයෙකුට ආශිර්වාද කරන මෙම සුපින්වත් දෙවියන් ලගට, අයුක්තියට - අකටයුතුකම් වලට ලක් වූවෝද යති. එසේ ගිය අයගේ දුක් ගැනවිලි වලට වැරදි කල අයට බොහෝ දරුණු දඬුවම් ලැබුනු අවස්ථාද අපි අත්දැකීමෙන් දනිමු( විශේෂයෙන් කිව යුත්තේ, කුමන තැනැත්තාට වුවද කුසල ශක්තිය හොදට තියෙන විට කරදර නොවෙයි. එය දුර්වල වූ විට සිදුවෙයි).

ඔබද යහපත්ව හිඳ, මැනවින් පින්කම් කර මෙම දෙවියන්ටද අනුමෝදන් කරන්න.

ආශිර්වාද ලැබෙනවා නොඅනුමානය.


#ඉරුසේවය

Saturday, April 1, 2017

කේන්දර සටහන් ගැන තවදුරටත්..

කේන්දර සටහනක ඇති යෝග සහ පලාපලයන් සැලකීමෙදි එක්කෙනෙක්ගේ කේන්දරයක් තව කෙනෙකුගේ කේන්දරයට වඩා සුභද යන්න කීම එතරම් සාර්ථක නැත. එක් එක් අයගේ කර්ම ඵලයන් වෙනස් බැවිනි.

කේන්දර සටහනක් ගත්විට මූලික ලෙස ග්‍රහයන්ගේ බලවත් භාවයන්, අවස්ථාවන්, අදාල වන නැකත, පිහිටා ඇති ආකාරය සහ හතර කේන්දරයේ ග්‍රහයන් සිටීම ගැන සලකා බලනු ලැබේ.

" ගුරු, සිකුරු, බුධ, චන්ද්‍ර " යන ග්‍රහයන් 4 දෙනා සුභ ග්‍රහයන් වන අතර මේ අය බලවත් වීම යහපත් පිහිටීම්ය.
එසේ වුවද අනිකුත් ග්‍රහයන් බලවත් වීමද යහපත පිණිස හේතු වෙයි.

● ඕනෑම කේන්දර සටහනක, ලග්නාධිපති බලවත් වන්නේ නම් එය එම කේන්දර සටහන හිමියාට බලවත් පිහිටීමකි.
ඒ අනුව එක් එක් ලග්නයට අනුව ලග්නාධිපති මෙසේය.

* මේෂ - කුජ, * වෘෂභ - සිකුරු, මිථුන - බුධ,
* කටක - සඳු, * සිංහ - රවි, * කන්‍යා - බුධ,
* තුලා - සිකුරු, * වෘශ්චික - කුජ, * ධනු - ගුරු,
* මකර - ශනි, * කුම්භ - ශනි, * මීන - ගුරු

● වැදගත් වන කරුණක් නම් 1, 4, 7, 10 යන ස්ථාන 4න් බලවත්ම ස්ථානය වන්නේ 10 වැන්න හෙවත් කර්මස්ථානයයි.
● 5, 9 ස්ථාන වලින් බලවත් වන්නේ 9 වැන්න හෙවත් පුණ්‍යස්ථානයයි.

● 10 වැන්නේ අධිපති ග්‍රහයා 9 වැන්නේද, 9 වැන්න අධිපති ග්‍රහයා 10 වැන්නේද සිටිමින් “ධර්මකර්මාධිපති රාජ යෝගය“ සෑදේ.

● 1, 4, 7, 10 යන කේන්දර ස්ථාන වල කුජ, සිකුරු, ගුරු, බුධ, ශනි යන ග්‍රහයන් බලවත්(උච්ච, ස්වක්ෂෙත්‍ර) වීමෙන් “පංච මහා පුරුෂ යෝග“ නම් රාජ යෝග ඇතිවේ.

Iru Sewaya

කේන්දරයේ සම්පූර්ණ පලාපල විස්තරය ලබාදෙන, Word Document සේවාව හෝ Skype/දුරකථන මාර්ග සේවාව ඇතුළු සියලූම ජෞතිෂ්‍ය කටයුතු සඳහා inbox කරන්න.

077 2238041
irusewaya@gmail.com