Monday, April 17, 2017

- සතියේ ලග්න පලාපලය - අප්‍රේල් 18-24 (2017)


-
- පොදු පලාපලයක් පමණි.  කේන්දරය අනුව වෙනස් විය හැක.

-
● මේෂ ලග්නය
ආදායම් මාර්ග වල ආදායම වැඩිවි ආර්ථික වාසි උදාවිය හැකි කාලයක් විය හැකිය.
 රැකියාවේ බාධාකාරි තත්වයන් මග හැරි යා හැක. නව රැකියා උදාවේ. තරඟ විභාග ආදියට සහභාගි විමට  ඉඩ කඩ ලැබිය හැකි වනු ඇත.
දරුවන්ගේ අධ්‍යාපන කටයුතු  වෙනදාට වඩා වර්ධනයක් පෙන්නුම් කරයි.
පවුලේ සමගිය වර්ධනය වේ.

-

● වෘෂභ ලග්නය
ආර්ථික තත්වය ඉහල නැංවිමට අවස්ථානුකුලව පියවර ගැනිමට හැකියාව ලැබිමට ඉඩ ඇත, නැතහොත් මුල්‍ය ගැටළු ඇතිවිය හැකිය.
 නිෂ්ඵල ගමන් බිමන් වල යෙදීමෙන් රැකියා කටයුතු අඩාල විය  හැකි බැවින් ඒ පිළිබද සැලකිලිමත් විය යුතුව ඇත. ඉක්මන් තීරණ වලට යොමු වීමෙන් ගැටළු මතුවිය හැක.
  පවුලේ සමගිය වර්ධනය වනු ඇත.

-

● මිථුන ලග්නය
තම ආර්ථික තත්වය  වර්ධනය වෙයි. ව්‍යාපාර ක්ෂෙත්‍රයේ කැපී පෙනෙන වර්ධනයක්  පෙන්නුම් කරයි. යාන වාහන සම්බන්ධ  ගැටළු නිරාකරණය කරගත හැක.
විශේෂයෙන් රැකියාවේදී  ප්‍රධානීන්ගේ පැසසුම් ලැබෙනු ඇත. නව රැකියා උදාවේ. රැකියාවේ නව ක්‍රියාමාර්ග ගැනිමට හැකියාව ලැබිමට ඉඩ ඇත.
ඉගෙනීම් කටයුතු වලදී දරුවන් වෙනදාට වඩා උනන්දුව වැඩිවිමට කරුණු යෙදිමට ඉඩ ඇත.

-

● කටක ලග්නය
මෙතෙක් පැවති ආදායම් මට්ටම තරමක් පහල යාමේ හැකියාවක් පවති. එහෙත් ආර්ථික ප්‍රතිලාභ ලැබීමටත්, ව්‍යාපාර වල දියුණුවටත් කරුණු යෙදෙනු ඇත.
රැකියාවට තරමක් බාධා මතුවේ, කල්පනාකාරි විය යුතුය.
ඉගෙනීම් කටයුතු වලදී දරුවන් වෙනදාට වඩා උනන්දු විය යුතුය.
ආදර සබදතා වලටද බාධා මතු විය හැක.

-

● සිංහ ලග්නය
ආර්ථික තත්වය  වර්ධනය කිරීමට හැකියාව ලැබෙන කාලයක් වනු ඇත.  මෙතෙක් පැවති ගැටලුකාරි තත්වයන් නිරාකරණය කර ගැනිමට හැකි කාලයක් වනු ඇත.
රැකියාවේ බාධා ඉවත් විමට කරුණු යෙදෙන කාලයකි.  සුදුසුකම් වලට සරිලන රැකියා අවස්ථා උදාකර ගැනීමට හැකිවෙයි.
මිතුරු ඇසුර වර්ධනය කරගත හැක.

-

● කන්‍යා ලග්නය
තමන්ගේ ඉඩම් ගෙවල් දොරවල් මිලදි ගැනිමට හැකියාව ලැබෙන ඒ ආශ්‍රිත කටයුතු කිරිමට ඉඩ කඩ ලැබෙන  සුබ සතියක් වේ.  එහෙත් මෙතෙක් පැවති ආදායම් තත්වය තරමක් පහල යයි.
දුර පළාත් වල රැකියා අවස්ථාවන් යෙදීමට ඉඩකඩ සැලසෙනු  ඇත.
මංගල යෝග උදාවේ. ප්‍රේම සබදතා වලට ඉඩ සැලසේ. පවුල් ජිවිතය බුද්ධියෙන් කටයුතු කල යුතුය, නැතහොත් ගැටලු ඇති විය හැක.

 -

● තුලා ලග්නය
ආර්ථිකයේ වර්ධනයක් පෙන්නුම් කරයි. මෙතෙක් තිබු  ගැටළු බොහොමයකට විසදුම් සොයා ගැනීමට ඉඩ සැලසෙන සතියකි. ආදායම් තත්ව යහපත් වේ.
 රාජකාරි වල නියුතු අයට යෙදෙන ගැටළු හේතුවෙන් ඔවුන්ගේ රාජකාරීන් තමන්ට ඉටු කිරීමට සිදුවන අවස්ථා උදවිය හැකිය.
 ගෘහ ජිවිතය තුල ප්‍රීති උත්සව අවස්ථාවලට සම්බන්ධ වීමට අවස්ථා උදාවේ. සමගිය වර්ධනය වේ.

-


● වෘශ්චික ලග්නය
 මෙතෙක් කල් පැවති ආදායම් තත්වය පහල බැසීමට කරුනු යෙදීමට ඉඩ ඇති බැවින් කල්පනාකාරි විය යුතුය. තිබෙන ප්‍රශ්න වලට බුද්ධිමත්ව විසදුම් සොයා ගත යුතු වේ.
 යහපත් රැකියා වලට අවස්ථා යෙදේ. රැකියා බාධාවන් අඩු වී යාමෙන් සිතට සහනදායි බවක් ගෙන දෙනු ඇත.
ගෘහ ජීවිතය යහපත් සතියකි. මංගල යෝග උදාවේ. දරුවන්ගෙ අධ්‍යාපනය සම්බන්ධ ගැටලු මතු විමට ඉඩ ඇති සතියක් වනු ඇත.

-

● ධනු ලග්නය
වෙනදාට වඩා තම ව්‍යපාර ආදායම් මාරගවල ප්‍රගතියක් පෙන්නුම්
කරන සතියකි. ව්‍යාපාර ක්ෂෙත්‍රෙය් නව පියවරක් ගැනිමට හැකියාව  ලැබෙන කාලයකි.
නිෂ්ඵල ගමන් බිමන් වල යෙදීමෙන් රැකියා කටයුතු අඩාල විය හැකි බැවින් ඒ පිළිබද සැලකිලිමත් වන්න. ඉක්මන් තීරණ වලට යොමු වීමෙන් ගැටළු මතු විය හැක.
පවුලේ සමගිය වර්ධනය විමට ඉඩ ඇති සතියක් වේ.

-

● මකර ලග්නය
මෙතෙක් පැවති ආදායම් මාර්ග වල, ආදායම් තත්වය ඉහල යා හැකිය. නව ව්‍යපාර ආරම්භ කිරිමට හැකියාව ලැබිමට ඉඩ ඇති සතියක් වේ. තිබු බාධාවන් ඉවත් වේ.
 රැකියාවේ කරදර අඩුවෙයි. නව රැකියා උදා විය හැකි සතියක් වේ.  තම රැකියාවේ ප්‍රවණතාවයක්  පෙන්නුම් කල හැකි වේ.
ගෘහ ජිවිතයේ තරමක ගැටලු තත්වයන් උදාවිය හැකි සතියක් විය හැකි බැවින්  කල්පනාකාරිව කටයුතු කල යුතුය.

-

● කුම්භ ලග්නය
ව්‍යාපාර පසුබෑමකට ලක්වන සතියක් විය හැකිය.  කල්පනාකාරිව කටයුතු කල යුතුය. කරන කටයුතු වෙනස්
කිරිමෙන් සුබ එල ලබා ගත හැකිවනු ඇත. මෙතෙක් තිබු ගැටලු නිරාකරණය වේ.
 රැකියාව වෙනස් විමක් පෙන්නුම් කරන කාලයක් වෙයි. රැකියාවේ දියුණුව ලැබීමට දරන උත්සාහයන් සාර්ථක වේ.
 පවුල් ජීවිතයේ සමගිය ඇති වේ. පවුල වෙනුවෙන් කැපවිමට සිදුවේ.

-

● මීන ලග්නය
ආදායම් තත්වය තරමක් පහල බැසිය හැකි වුවද උපායශිලි ක්‍රම මගින් එය මග හරවා ගත හැකිවනු ඇත.  තමන් ගනු ලබන තීරණ තමාගේ වාසිය උදෙසා ගත හැකිවේ. නව ආදායම් මාර්ග උදාවිය හැක.
 රැකියාවේ සිදුවන සුළු සුළු වෙනස්වීම් හේතුවෙන් පෙර තිබු කරදරකාරි තත්වයන් පහව යයි. නව රැකියා උදාවේ.
 ගෘහ ජිවිතයේ පෙර තිබු නිදහසට බාධා ගෙනදෙන සිදුවීම් නිර්මාණය විය හැක. මංගල යෝග උදාවේ.

-


#Iru

077 2238041
irusewaya@gmail.com

No comments:

Post a Comment