Sunday, April 23, 2017

සතියේ ලග්න පලාපලය - අප්‍රේ.24-30


පොදු පලාපලයකි. කේන්දරය අනුව වෙනස් විය හැක.

-
● මේෂ ලග්නය
 ව්‍යාපාර පසුබෑමකට ලක්වන සතියක් විය හැකි වේ. කල්පනාකාරිව කටයුතු කල යුතුය. කරන කටයුතු වෙනස් කිරිමෙන් සුබ එල ලබාගත හැකි විමට  ඉඩ ඇත. මෙතෙක් තිබු ගැටළු නිරාකරණය විමට ඉඩ ඇත.
රැකියා වෙනස් වීමක් පෙන්නුම් කරන කාලයක් විය හැකිය. රැකියා දියුණුව ලැබීමට දරන උත්සාහයන් සාර්ථක විමට හැකියාව ඇත.
පවුල් ජීවිතයේ සමගිය ඇතිවේ. පවුල වෙනුවෙන් කැපවීමට සිදුවේ.

-

● වෘෂභ ලග්නය
ආර්ථික ගැටළු බොහොමයකට විසදුම් සොයා ගැනීමට ඉඩ සැලසෙන සතියකි. ආර්ථික මට්ටම යහපත්ව  පවත්වාගෙන යාමට හැකිවිමට ඉඩ ඇත.
රැකියා අවස්ථා උදාකර ගැනීමට අවස්ථාවන් උදාවිය හැක. රැකියාවේ යම් කිසි දියුණුවක් ඇති කර ගැනීමට ගන්නා උත්සාහයන් සාර්ථක විමට ඉඩ ඇත. විදෙස් ගත විම් වලටද යහපත් සතියකි.
පවුලේ සමගිය වර්ධනය වේ.  දරුවන් වෙනුවෙන් වෙහෙසිමට සිදුවන කාලයක් විය හැකිය .

-

● මිථුන ලග්නය.
ණය ලැබෙයි. නව ආදායම් මාර්ග උදා වෙයි. ව්‍යාපාර ක්ෂෙත්‍රයේ නව  පියවරක් ගැනිමට හැකිවිමට ඉඩ ඇත. බලාපොරොත්තු වන ප්‍රමාණයට වඩාමුදල් වැයවීමට කරුනු යෙදිමේ වැඩි ප්‍රවණතාවයක් ඇත.
රැකියා කටයුතු සම්බන්ධව වෙනදාට වඩා කරදර බාධක පැමිණිය හැකි බැවින් කල්පතාකාරි විය යුතුය.
මංගල යෝග උදාවේ.  ප්‍රේම සබදතා වලට ඉඩ සැලසේ. එහෙත් පවුලේ සමගියට බාධා පැමිණේ. මිතුරු ඇසුර නිසා ප්‍රශ්න ඇතිවිය හැක.

-

● කටක ලග්නය
ආර්ථික මට්ටම යහපත්ව පවත්වාගෙන යාමට හැකිවිමට ඉඩ ඇත. උත්සාහයෙන් යුතුව වැඩ කටයුතු කල යුතුවේ. තමන් ගන්නා තීරණ වලින් එතරම් ශුභ ප්‍රතිඵල නොලැබීම විය හැකිය. කල්පනාකාරි විය යුතුය. ආදායම් මට්ටම පහල බැසීමට කරුණු යෙදේ.
රැකියාවේ උසස් වීම්  ලැබිමට වැඩි ඉඩක් ඇත.  නව රැකියා ලැබේ.
දෙමාපියන්ගෙ අවවාද ලැබේ. සමගිය වර්ධනය විය හැක.  මංගල යෝග උදාවේ.

-
● සිංහ ලග්නය
ආර්ථික ප්‍රතිලාභ ලැබීමටත් ව්‍යාපාර වල දියුණුවටත් කරුණු යෙදෙනු ඇති වුවද  හවුල් ව්‍යාපාර වලදී තරමක කරදර ගෙන දීමට ඉඩ ඇති සතියකි.
රැකියාවෙන් යහපත් ප්‍රතිඵල ලැබීම තරමක් අඩුවිය හැක.
 ගේ දොර සමගියට බාධා මතුවේ. කල්පනාකාරි විය යුතුය. සහෝදර සහෝදරියන් වෙනුවෙන් කැපවිමට සිදුවේ. පවුලේ සමගිය වර්ධනය විමට ඉඩ ඇත.

-

● කන්‍යා ලග්නය
නව ආදායම් මාර්ග උදාවෙයි. ණය ලැබෙයි. ව්‍යාපාර ක්ෂෙත්‍රයේ නව  පියවරක් ගැනිමට සුබ කාලයකි. මෙතෙක් තිබු ගැටලු මග ඇරි යා හැකිය.
  රැකියා දියුණුව ලැබීමට දරන උත්සාහයන් සාර්ථක විමට හැක.  නව රැකියා උදාවේ.  නිදහස අඩුවී යන තත්ත්වයන්  උදාවිමට ඉඩ ඇත.
 හිතමිත්‍රාදීන් නිසා තරමක කරදර කාලයක් උදාවිය හැකි කාලයකි.

-

● තුලා ලග්නය
ආදායම් තත්වය පහල බැසිමට කරුනු යෙදිමට ඉඩ ඇත. කල්පනා කාරි විය යුතුය. තිබෙන ප්‍රශ්න වලට බුද්ධිමත්ව විසදුම් සොයා ගතයුතු වේ.
 යහපත් රැකියා වලට අවස්ථා යෙදේ. රැකියා බාධාවන් අඩු වී යාමෙන් සිතට සහනදායි බවක් ගෙන දෙනු ඇත. ගෘහ ජීවිතය යහපත් සතියකි. මංගල යෝග උදාවේ.
දරුවන්ගෙ අධ්‍යාපනය සම්බන්ධ ගැටලු මතුවේ.

-

● වෘශ්චික ලග්නය
ඉඩම් - ගෙවල් දොරවල් මිලදි ගැනිමට හැකියාව ලැබෙන ඒ ආශ්‍රිත කටයුතු කිරිමට ඉඩ කඩ ලැබෙන  සුබ සතියත් වුවද,   මෙතෙක් පැවති ආදායම් තත්වය තරමක් පහල යයි.
දුර පළාත් වල රැකියා අවස්ථාවන් යෙදීමට ඉඩකඩ සැලසේ. මංගල යෝග උදා විය හැක. ප්‍රේම සබදතා වලට ඉඩ සැලසේ. පවුල් ජිවිතයේ බුද්ධියෙන් කටයුතු කල යුතුය, නැතහොත් ගැටලු ඇතිවිය හැකිය.

-

● ධනු ලග්නය
ආදායම් මාර්ග වල අවහිරතා පෙන්නුම් කරයි. ආදායමට වඩා වියදම වැඩිවන කාලයක් විමට ඉඩ ඇත.  සුදුසුකම් වලට සරිලන රැකියා අවස්ථා උදාකර ගැනීමට හැකිවිමේ වැඩි ඉඩක් ඇත. රැකියාවෙන්  යහපත් ප්‍රතිඵල ලැබීම තරමක් අඩුවි යා හැක.
ගේ දොර සමගියට බාධා මතුවේ. සහෝදර සහෝදරියන් වෙනුවෙන් කැපවිමට සිදුවේ.

-

● මකර ලග්නය
ඉදිරි සතිය තුල තම ආදායම් තත්වය යහපත්ව පවත්වාගෙන යා හැකිවනු ඇත. එහෙත් වියදම තරමක් වැඩිවිමට කරුනු යෙදෙන සතියක් වේ.
‍රැකියා කර්මාන්ත වල තරමක දියුනුවක් බලාසොරොත්තු විය හැකි සතියක් වෙයි. නව රැකියා ලැබේ.
 දෙමාපියන්ගෙන් ආධාර උපකාර ලැබිය හැකි සතියක් වේ.
මංගල යෝග උදාවේ.

-
● කුම්භ ලග්නය
මුල්‍ය කලමනාකරණයේ පාඩු පෙන්වයි.  නව ව්‍යාපාර ආරම්භ කිරිම නොකල යුතුය. මුදල් වැය වීමට කරුණු යෙදෙනු ඇත. ව්‍යාපාර සැලසුම් කිරිමට සුබ කාලයකි. ණය ලැබේ.
 නව රැකියා ප්‍රමාද කරයි. කරන රැකියාව බාධා මැද කරගෙන යාමට ඉඩ ලැබීමේ වැඩි ඉඩක් ඇත.
මංගල යෝග උදාවේ. උත්සව අවස්ථාවලට සම්බන්ධ වීමට හැකිවේ.

-
● මින ලග්නය
ව්‍යාපාර වලට තරමක කරදර ගෙන දෙන කාලයක් විය හැකිය . ආදායම් මට්ටම එතරම් යහපත්ව පවත්වා ගෙන යාමට අපහසු තත්ව නිර්මාණය විය හැකිය. නිෂ්ඵල දේට තම කාලය හා මුදල් යෙදවීමට සිදුවන තත්වයක් නිර්මාණය විමට ඉඩ ඇත.
යහපත් රැකියා වලට අවස්ථා යෙදේ. රැකියා බාධාවන් අඩු වී යාමෙන් සිතට සහනදායි බවක් ගෙන දිමේ අවස්ථාන් නිර්මානය විය හැක.
ගෘහ ජීවිතය යහපත් සතියකි. මංගල යෝග උදාවේ.

-

#ඉරු

077 2238041
irusewaya@gmail.com

No comments:

Post a Comment