Saturday, April 15, 2017

රවි මාරුව (මැයි 14 දක්වා) 2017


ගොඩක් අය දන්නව ඊයෙ අලුත් අවුරුද්ද උදා වුනු බව. ඒක වෙන්න හේතු වෙන්නේ සූර්යයා එහෙම නැත්නම් #ඉරු හෙවත් හිරු, ග්‍රහලෝකයේ රජතුමා මීන රාශියෙන් ඉවත් වෙලා තමන්ගේ උච්ච රාශිය වෙච්ච මේෂයට පැමිණීම එක්කයි..
හරියටම මාසයක් ඒකියන්නේ 2017 මැයි 14 දක්වා ග්‍රහ ලොව රජතුමා මේෂ රාශියේ ඉන්නවා.. ඒ අනුව ලග්න 12ට පොදුවේ මෙහෙමයි..
රටටම තරමක් සුභ කාලයක් ඇති වෙයි.

ලග්න 12ට අනුව මෙසේය.
(පොදු පලාපලයක් පමණි. කේන්දරය අනුව වෙනස් විය හැක)

-
● මේෂ ලග්නය
මේෂ ලග්නයේ  ලග්න ස්ථානයට රවි පැමිණෙයි.
තිබුනු කරදර බාධක ඉවත් වේ.
රැකියාවේ තිබු තත්වය ස්ථාවර විමට හැකියාව ලැබිමට ඉඩ ඇත
. දුර බැහැර විනෝද ගමන් බිමන් යෙදිමට ඉඩ  ඇත. පවුලේ සමගිය වර්ධනය වේ.

-
● වෘෂභ ලග්නය

වෘෂභ ලග්නයේ  12 වැන්නට හිරු නොහොත් රවි සැපත් වෙයි.
 තරමක කරදරකාරි කාලයක් විමට ඉඩ ඇත.
රැකියාවේ සතුරු කරදර ඇති විමට ඉඩ ඇත. විදෙස් රැකියා වලටද සුබ කාලයක් විය හැකිය. පවුල් ජිවිතයේදී සිතට  කරදර ඇතිවිය හැකි කාලයක් වේ.

-
● මිථුන ලත්නය
මිථුන ලග්නයේ  11 වැන්නට රවි පැමිනේ.
 නිබු කරදර බාධක ඉවත්විය හැක.
රැකියා ස්ථානයේ තනතුරු උසස් වීම් වලට යාමට හැකියාව ලැබිය හැකි කාලයක් වේ. නව රැකියා උදාවේ.
 
උසස් අධ්‍යාපන වරම් ලැබිමට ඉඩ ඇත. දරුවන්ගෙ අධ්‍යපන කටයුතු සාර්ථක විය හැකි කාලයකි.
-

● කටක ලග්නය
කටක ලග්නයේ රවි 10 වැන්න වන කර්මස්ථානයට පැමිනේ.
 
ආර්ථික ප්‍රතිලාභ ලැබීමටත්, ව්‍යාපාර වල දියුණුව උදාකර ගැනීමටත් අවස්ථාවන් උදා විමට ඉඩ ඇත. නව රැකියා අවස්ථා උදාකර ගැනීමට හැකිවේ. රැකියාව කාර්යබහුල වේ.
 පවුල් ජීවිතයේ සමගිය ඇති විමට ඉඩ ඇත.

-
● සිංහ ලග්නය
සිංහ ලග්නයේ ලග්නාධිපති රවි 9 වැන්න වන පුණ්‍යස්ථාන ගත වේ.
 පෙර තිබු කරදරකාරි කාලය නිමාවීමට ඉඩ ඇත.
නව රැකියා උදාවේ. රැකියා ස්ථානයේ ආයතන ප්‍රධානින්ගේ පැසසුම් ලැබිමට වැඩි ඉඩක් ඇත දරුවන්ගේ ඉගෙනීම් කටයුතු වල වර්ධනයක් පෙන්නුම් කරන කාලයක් වේ.

-

● කන්‍යා ලග්නය
කන්‍යා ලග්නයේ රවි 8 වැන්නේ ගෝචර වේ.
 
ආර්ථික තත්වය තරමක් පහල බැසිමට ඉඩ ඇත.
කරන රැකියාවේ බාධා ඇතිවිමට ඉඩ ඇත. ප්‍රවෙශම් විය යුතුය. නව රැකියා ප්‍රමාද වේ. අධ්‍යපනය ලබන දරුවන්ගේ දියුණුවට වෙනදාට වඩා වෙහෙසිමට සිදුවිමට ඉඩ ඇත.

● තුලා ලග්නය
තුලා ලග්නයේ රවි 7 වැන්නට පැමිනේ.
 හවුල් ව්‍යාපාර වල තරමක කරදර බාධා ඇතිවිමට ඉඩ ඇත.
රැකියාවේ කරදර බාධා ඇතිවිය හැක. නව රැකියා ප්‍රමාද වේ. 
පවුල් ජිවිතය තුල තරමක් බාධා මතුවේ.
-

● වෘශ්චික ලග්නය
වෘශ්චික ලග්නයේ  රවි 6 වැන්නට පැමිණෙයි.
 
වෙනදාට වඩා බාධා ගැටලු මතු වේ. මට්ටම තරමක් පහල යා හැකිය.
 රැකියා ලැබිම් ප්‍රමාද විය හැක. රැකියාවේ බාධාකාරි කාලයක් වනු ඇත.
පවුල් ජිවිතය තුල තරමක් බාධා මතුවේ.

-
● ධනු ලග්නය
 ධනු ලග්නයේ  රවි 5 වැන්නේ ගෝචර වේ. ආදායම් මාර්ග දියුණු කර ගැනිමට  යම්  පියවරක්  ගැනිමට හැකියාව ලැබිමට ඉඩ ඇත. රැකියාවෙ මතුව තිබු බාධාකාරි තත්වයන් වලට විසදුම් සොයා ගැනිමට ඉඩ ලැබෙනු ඇත.
 මව්පියන්ගෙන් පැසසුම් ලැබේ.

-
● මකර ලග්නය
මකර ලග්නයේ රවි 4 වැන්නට පැමිණේ.
තම ආදායම් මාර්ග වෙනුවෙන් වැදගත් තීරණ වලට යොමු විමට අවස්ථාව උදාවිමට ඉඩ ඇත.
 රැකියාවේ බාධා ඉවත් වේ. නව රැකියා උදාවේ.
  පවුල් ජිවිතයේ සමගියට තරමක් බාධා පැමිණිය හැක.

-
● කුම්භ ලග්නය
කුම්භ ලග්නයේ රවි 3 වැන්නට පැමිණේ.
පෙර පැවති බාධාකාරි තත්වයන් තරමක් යටපත්වි ඉතා සහනදායි කාලයක් උදාවිය හැක.

රැකියාව වෙනදාට වඩා තරමක් වෙහෙසකාරි බැවින් වැඩිවිය හැක. ආවේගශිලී ගති වැඩි විය හැකි බැවින් තරමක් කල්පනාකාරිව කටයුතු කලයුතු වේ.

-
● මීන ලග්නය.
මීන ලග්නයේ රවි 2 වැන්නේ ගෝචර වේ.
 
ආර්ථික තත්වය  වර්ධනය විය හැක.  මෙතෙක් පැවති ගැටලුකාරි තත්වයන් නිරාකරණය කර ගැනීමට වැඩි ඉඩක් ලැබිය හැකි වනු ඇත.
 සුදුසුකම් වලට සරිලන රැකියා අවස්ථා උදාකර ගැනීමට මෙතෙක් පැවති බාධාවන් ඉවත් වි යා හැක. මිතුරු ඇසුර වර්ධනය කරගත හැක.

-

#Iru

irusewaya@gmail.com
077 2238041

No comments:

Post a Comment