Sunday, April 30, 2017

සතියේ ලග්න පලාපලය - මැයි 01-06


-

පොදු කරුණු පමණි. කේන්දරය අනුව වෙනස් විය හැක.
-
● මේෂ ලග්නය

තම ආදායම් මාර්ග වල අවහිරතා පෙන්නුම් කිරිමට ඉඩ ඇති සතියකි. ආදායමට වඩා වියදම වැඩි වන කාලයක් වේ. විදෙස් ගතවිමට උත්සාහ දරන අයට එවායින් සුබ පල ගෙන දෙන කාලයක් විමට ඉඩ ඇත.
රැකියාවේ තරමක් බාධා මතුවේ. ආයතන ප්‍රධානින්ගෙන් දෝෂාරෝපණ එල්ල විය හැක.
 ගේ දොර සමගියට බාධාද මතුවිමට හැකි කාලයකි. සහෝදර සහෝදරියන් වෙනුවෙන් කැපවිමට සිදුවේ.

-
● වෘෂභ ලග්නය

මුදල් ඉපැයීමේදී තමන් ගන්නා තීරණ වලින් එතරම් ශුභ ප්‍රතිඵල නොලැබී යාමට ඉඩ ඇත. ආදායම් මට්ටම පහල බැසීමට කරුණු යෙදේ.
 යහපත් රැකියා වලට අවස්ථා උදාවේ. රැකියාවේ බාධාවන් අඩු වී යාමෙන් සිතට සහනදායි බවක් ගෙන දෙනු ලැබිය හැකි කාලයක් විමට හැක.‍
ගෘහ ජීවිතය යහපත් සතියකි .මංගල යෝග උදාවේ.
 -


● මිථුන ලග්නය

ආදායම් මර්ගවලට යොමුවීමට උත්සහ දරන අයට ඒ සදහා තිබු බාධාවන් අඩු වී යා  හැකි සතියකි.
නිදහස අඩුවී යන තත්ත්ව රැකියාවේදී මතු වේ. එහෙත්  රැකියා දියුණුව ලැබීමට දරන උත්සාහයන්ගෙන් යම් ප්‍රතිඵලයක් ලැබීමට ඉඩ සලසා ගැනිමට වැඩි ඉඩක් පවති.
 මිතුරු සබදතා වර්ධනය කර ගැනීමට අවස්ථා යෙදෙනු ඇත. ගෘහ ජිවිතය තුල සමගියට තරමක් බාධා මතුවන සතියක් වනු ඇත.

-

● කටක ලග්නය

අාදායම් මාර්ග වලදී තමන් තුල ඇතිවන දුර්වලතා තුලින් මුදල් නාස්ති වීම් මතු විය හැකි  වේ. එසේම ගනුදෙනු වල දී ප්‍වේසමෙන් කටයුතු කල යුතුය.
රැකියාවෙන් තමනට යහපත් ප්‍රතිඵල ලැබීම අඩු කාලයක් විය හැක. එසේම තමන් කැප වී සේවය කිරීමට දරන උත්සහයන්ටද බාහිර ගැටළු ඇති විමට ඉඩ ඇතත
 පවුල වෙනුවෙන් කැපවිමට සිදුවේ.

-

● සිංහ ලග්නය

කල්පනාකාරි විය යුතුය.  මුල්‍ය කලමනාකරණයේ පාඩු පෙන්වයි. ආදායම් මාර්ග වලට යොමු වීමට අවශ්‍ය සහයෝගය ලැබිය යුතු අයගෙන් ලබා ගැනීම් ආදියට හැකියාව ගෙන දේ.
 රැකියා සොයන අයට යහපත් රැකියා අවස්ථා උදාවේ. රැකියාවල නියුතු අයට තමන්ට යෙදුන ගැටළු විසදා ගැනීම් ආදියට ඉඩකඩ යෙදිමට ඉඩ ඇත.
  ගෙදර පරිසරය අලංකාර ලෙස මෙන්ම ක්‍රමවත්ව තබා ගැනීමට උන්නදු වේ.

-
● කන්‍යා ලග්නය

අාදායම් මට්ටම පහල බැසීමට කරුණු යෙදේ. තම එදිනෙදා කටයුතු වල යෙදීමේදී බලාපොරොත්තු වන ප්‍රමාණයට වඩා මුදල් වැය විය හැක.
රැකියා කටයුතු සම්බන්ධව වෙනදාට වඩා උනන්දුවක් ඇති වේ. දුර පළාත් වල රැකියා අවස්ථාවන් යෙදීමට ඉඩකඩ සැලසේ.
විදෙස් ගත විම්වලදට යහපත් සතියකි.
පවුලේ සමගිය වර්ධනය වේ.  දරුවන් වෙනුවෙන් වෙහෙසිමට සිදුවිය හැකි කාලයකි. .


-
● තුලා ලග්නය.

නව ආදායම් මාර්ග උදාවෙයි. ණය ලැබෙයි. ව්‍යාපාර ක්ෂෙත්‍රයේ නව  පියවරක් ගැනිමට හැකිවේ. අනෙක් අය වෙනුවෙන් මුදල් වැය කිරීමට අවස්ථා ගෙන දේ.
නිෂ්ඵල ගමන් බිමන් වල යෙදීමෙන් රැකියා කටයුතු අඩාල විය හැකි බැවින් ඒ පිළිබද සැලකිලිමත් වන්න. ඉක්මන් තීරණ වලට යොමු වීමෙන් ගැටළු මතු වේ.
පවුලේ අනෙක් අය වෙනුවෙන් වෙහෙසිමට සිදුවේ.

 -

● වෘශ්චික ලග්නය

 ආර්ථික ගැටලු විසදා ගැනිමට හැකිවේ. තමන් තුල තිබු ගැටළු - ප්‍රශ්න විසදා ගැනිමට ඉඩ කඩ ලැබෙන සතියක් වේ. නව උත්පාදන ආදායම් මාර්ග වලින් වෙනදාට වඩා පල ලබාගත හැකි සතියත් වේ.
රැකියා බාධාවන් අඩු වී යාමෙන් සිතට සහනදායි බවක් ගෙන දෙනු ඇත.
ගෘහ ජීවිතය යහපත් සතියකි. මංගල යෝග උදාවේ.

-

● ධනු ලග්නය

ආර්ථික මට්ටම පවත්වාගෙන යාමට හැකි විමේ වැඩි ඉඩක් පවති. උත්සාහයෙන් ආර්ථික වශයෙන් ගොඩ නගා ගැනීමට සිදුවේ.
රැකියා අවස්ථා උදාකර ගැනීමට හැකිවේ. රැකියාවේ යම් කිසි දියුණුවක් ඇති කර ගැනීමට ගන්නා උත්සාහයන් සාර්ථක වේ.
වැඩිහිටි අයගේ දෝෂාරෝපණයට ලක් වේ. විවාහය පිළිබද තීරණ ගැනීම් වලටද අවස්ථා උදාවේ .

-

● මකර ලග්නය.

තරමක් බාධා මතු වීම් ගෙන දේ. අාදායම් මට්ටම එතරම් යහපත්ව පවත්වා ගෙන යාමට අපහසු තත්ව නිර්මාණය වේ. නිෂ්ඵල දේට තම කාලය හා මුදල් යෙදවීමට සිදුවේ.
රැකි රක්ෂා පිළිබද උනන්දුව අඩු වීම, රාජකාරි අතපසු වීම් වැනි තත්ව උදාවිමට ඉඩ ඇත.
 ඉගෙනීම් කටයුතු වල දී දරුවන් වෙනදාට වඩා පොත්පත් කෙරෙහි යොමු වීම අඩු වේ.
උත්සව අවස්ථාවලට සම්බන්ධ වීමට අවස්ථා උදා විය හැකි සතියකි.

-

● කුම්භ ලග්නය

ආදායම් මාර්ග වලින් සුබ ඵල ගෙනදෙන කාලයක් විය හැක. නව ආදායම් මාර්ග උදාවෙයි. ණය ලැබෙයි. ව්‍යාපාර ක්ෂෙත්‍රරයේ නව  පියවරක් ගැනිමට සුබ කාලයකි. මෙතෙක් තිබු ගැටලු මග ඇරි යයි.
 රැකියා දියුණුව ලැබීමට දරන උත්සාහයන් සාර්ථක වියහැකි කාලයකි.
පවුල් ජීවිතයේ සමගිය ඇතිවේ. මිතුරු ඇසුර වර්ධනය වේ. පැවති ගැටළු විසදා ගැනීමට හැකියා ලැබිමට ඉඩ ඇති සතියකි.

-

●මීන ලග්නය
.
ආර්ථික ගැටළු බොහොමයකට විසදුම් සොයා ගැනීමට ඉඩ සැලසෙන සතියකි. අාදායම් තත්ව යහපත් වේ, රාජකාරි වල නියුතු අයට යෙදෙන ගැටළු හේතුවෙන් අනුන්ගේ රාජකාරීන් තමන්ට ඉටු කිරීමට සිදුවන අවස්ථා උදවිය හැකිය.
ගෘහ ජීවිතය යහපත් වේ. තමන්ට ගැටළු මතු වීම අඩුය. පවුලේ සමගිය වර්ධනය විමට ඉඩ ඇති කාලයකි.        

-


No comments:

Post a Comment