Wednesday, April 12, 2017

ග්‍රහයන්ගේ ගෝචර කාලයන් ඔබ දන්නවාද ?


-
වසර 2 කට පසුව සිදුවන සෙනසුරු මාරුව, වසරකට පසුව සිදුවන ගුරු මාරුව, වසර 20කට වරක් යෙදෙන විශේෂ ග්‍රහ මාරුවක් යනාදි ලෙස පලකිරිම් ඔබ දැක ඇති.

ඔබ දන්නවාද එක ග්‍රහයෙක් එක් රාශියක සිටින කාලය දළ වශයෙන් ?

● චන්ද්‍ර (සඳු) - දින 2.5
ග්‍රහ ලොව මව ලෙස හැඳින්වෙන සඳු එක් රාශියක සිටින්නෙ දවස් 2 හමාරකි.
ඒ අනුව අප සතියෙ ලග්න පලාපලය යොදන්නේද සදුගේ ගමන සලකාය.
නැකැත් යනාදියේදීද විශේෂයෙන් සදුගේ ගමන සලකා බලයි.

● රවි - මාස 01

● සිකුරු/ශුක්‍ර - මාස 01

● බුධ - මාස 01

ඔබ බලන්න රවි - සිකුරු - බුධ යන ග්‍රහයන් ඔබගේ කේන්දරයේද සිටින්නේ ඉතා ලග ලග කොටුවල නේද ? එනම් මේ ග්‍රහයන් ඉක්මණින් එනම් මාසයක් වැනි කාලයක් එක තැනක රැඳි සිටි.

● කුජ - මාස 1.5
කුජ/අගහරු දින 45ක් පොදුවේ එක් රාශියක සිටි.
ඔබ දන්නවාද ? අරගල, විප්ලව කිරීමේදි කුජ බලවත් කාලයක කරන්නේ නම් ඒවායින් වැඩි ප්‍රතිඵල ලැබෙන බව ?

● ගුරු - මාස 12 (වසර 01)
ගුරු හෙවත් බ්‍රහස්පතී එනම් ග්‍රහලොව සුරගුරු, ධනයට සෞභාග්‍යයට අධිපති ග්‍රහයා වසර 01ක් එක රාශියක සිටි.
ගුරුගේ ගමන අනුව විවාහය ගැන ඉඟි ලබාදිය හැක. මංගල යෝග යනාදිය ගැන කින්නට පුලුවන.

● රාහු - කේතු ( මාස 18/ වසර 01 මාස 06)
ඡායා ග්‍රහයන් වුවද ජ්‍යොතිෂ්‍යයට අනුව මේ දෙදෙනාගේ බලපෑම ඉතා වැඩිය.
ඔබ බලන්න, රාහු සිටින තැනින් 7 වෙනි කොටුවේ තමයි නිතරම කේතු සිටින්නෙ..

● ශනි/සෙනසුරු (වසර 2 හමාරයි) වසර 2.5
ග්‍රහයන් අතර වැඩිම කාලයක් එක රාශියක සිටින්නේ සෙනුසරුය. සෙනසුරු දුකට, පොදු ජනතාවට අධිපති වෙයි.
දන්නවද, සෙනසුරු මාරුවට දේශපාලකයෝ ගොඩක් බය බව ???
ඒ මොකද දන්නවද, එයාලට බලයට එන්න පොදු ජනතාව උදව් කරනවා. ඒකියන්නේ සෙනසුරුගේ යම් බලපෑමක් තියෙන්න පුලුවනි.
හැබැයි එයාල බලයට ඇවිල්ලා කරන්නෙ මහජනතාවට නොවුනාම... ඒ අය හරි බයයි.
ලොකු ලොක්කො රට යනවා සෙනසුරු මාරු වෙද්දි..
සමහර රාජ්‍ය නායකයෝ පවා බයට සති 1-2 විදේශ ගතව සිටිනවා සෙනසුරු මාරු වලදි..

- විශේෂයෙන් තාඩන - පීඩන ලබාදෙන සෙනසුරු ග්‍රහයා ගැන බය වෙන්න දෙයක් නෑ හරියට ඉන්නව නම්..

--

ඒ අනුව මේ කෙටි ලිපිය අවසන් _

Iru Sewaya

irusewaya@gmail.com.
077 22 38041

No comments:

Post a Comment