Sunday, April 9, 2017

සතියේ ලග්න පලාපලය (අප්‍රේල් 10-16) 2017



පොදු පලාපලයක් පමණි. කේන්දරය අනුව වෙනස් විය හැක.

-
● මේෂ ලග්නය.
නව ආදායම් මාර්ග ආරම්භ කිරීමට යම් පියවරක් ගැනිමට  හැකිවනු ඇත. ආර්ථික මට්ටම යහපත්ව  පවත්වාගෙන යාමට හැකිවිය හැක .
නව රැකියා අවස්ථා උදාකර ගැනීමට හැකිවිමටද ඉඩ ඇති අතර උසස්වීම්  ප්‍රමාද  වේ. රැකියාව නිසා කාර්යබහුල වේ.
 ආදර සබදතා වර්ධනය වේ. නිදහසට බාධා ගෙනදෙන සිදුවිම් නිර්මාණය විය හැක.
අධ්‍යපන තත්වය වර්ධනය කර ගැනිමට ඉඩ ප්‍රස්ථාවන් උදාවිමටද ඉඩ ඇත.
-

● වෘෂභ ලග්නය
තරමක් බාධා මතු වීම් ගෙන දේ. ආර්ථික ගැටලු විසදා ගැනිමට හැකිවේ. තමන් තුල තිබු ගැටලු ප්‍රශ්න විසඳා ගැනිමට ඉඩ කඩ ලැබෙන සතියක් වේ.
 රැකියාවෙ මෙතෙක් තිබු කරදර බාධා ඉවත් වේ. නව රැකියා ලැබෙයි.
වැඩිහිටි අයගේ අවවාද ලැබේ. පවුලේ සමගිය වර්ධනය වේ.  දරුවන් වෙනුවෙන් වෙහෙසිමට සිදුවේ.

-
● මිථුන ලග්නය
ආදායමට වඩා වියදම වැඩි වන සතියක් විය හැක. තමන්ට මෙතෙක් ලැබුනු ආදායම් මාර්ග  තරමක් වෙනස් වීමට ඉඩ ඇත.  රැකියා වෙනස් විමක් පෙන්නුම් කරන කාලයක් වේ. රැකියා දියුණුව ලැබීමට දරන උත්සාහයන් සාර්ථක වේ.
පවුල් ජීවිතයේ සමගිය ඇතිවේ. වැදගත් තීරණ ගැනීම් වලටද අවස්ථා උදාවේ.
-

● කටක ලග්නය
මෙතෙක් තිබු ආර්ථික තත්වය තරමක් දුරට පසුබෑමකට ලක්වේ. මුදල් නාස්ති වීම් මතු වේ. එසේම ගනුදෙනු වල දී ප්‍රවේසමෙන් කටයුතු කල යුතුය. ණය ආධාර ලබා ගැනිමට හැකි වේ.
රැකියා දියුණුව ලැබීමට දරන උත්සාහයන් සාර්ථක වේ.
පවුල් ජීවිතයේ සමගිය ඇති වේ. පවුල වෙනුවෙන් ඉතා  කැපවීමට සිදුවේ. මෙතෙක් තිබු  සමගියට තරමක් බාධා මතු විය හැක.
-

● සිංහ ලග්නය
තම ආදායම් මාර්ග වලින් ලැබෙන ලාභය වැඩිකර ගැනිමට පියවරක් ගැනිමට හැකිවේ.
 රැකියාවෙ වෙනසක් හෝ උසස් වීමක් ලබා ගැනීමට හැකිවේ.  නිවස තුල ප්‍රධානත්වය ගෙන වැඩ කටයුතු කිරිමට හැකිවනු ඇත. උත්සව අවස්ථා සදහා සහභාගි විමට හැකිවනු ඇත. පවුල් ජීවිතයේ සමගිය ඇතිවේ. පවුල වෙනුවෙන් කැපවිමට සිදුවේ.
-

● කන්‍යා ලග්නය
ව්‍යාපාර පසුබෑමකට ලක්වන සතියක් විය හැකි බැවින් කල්පනාකාරිව කටයුතු කල යුතුය. කරන කටයුතු වෙනස් කිරීමෙන් සුබ ඵල ලබාගත හැක. මෙතෙක් තිබු ගැටලු නිරාකරණය වේ.
 රැකියා වෙනස් විමක් පෙන්නුම් කරන කාලයක් වේ. රැකියා දියුණුව ලැබීමට දරන උත්සාහයන් සාර්ථක විය හැක.
පවුල් ජීවිතයේ සමගිය ඇති වේ. පවුල වෙනුවෙන් කැපවිමට සිදුවේ.
-

● තුලා ලග්නය
ආදායම් තත්වය තරමක් හෝ පහල බැසීමට කරුණු යෙදිය හැක. තමන් ගනු ලබන පියවර වලින් තමන්ගේ ව්‍යාපාර වල ආදායම් තත්වය අඩු වීමට හේතු යෙදිය හැක.
නව රැකියා අවස්ථා උදා විය හැක. රැකියාවේ කටයුතු වෙනුවෙන් වෙනදාට වඩා වෙහෙසීමටත්, කැපවීමටත් සිදුවනු ඇත.
තම ගෘහ ජිවිතය තරමක් ගැටලු ප්‍රශ්න ඇතිවිය හැක. කල්පනාකාරි විය යුතුය. ගෙදර දොර පරිසරය අලංකාරව තබා ගැනීමට උත්සහ දරන සතියකි.

-

● වෘශ්චික ලග්නය
නව ආදායම් මාර්ග උදා වෙයි. ණය ලැබෙයි. ව්‍යාපාර ක්ෂෙත්‍රයේ නව  පියවරක් ගැනිමට සුබ කාලයකි. මෙතෙක් තිබු ගැටලු මග ඇරි යයි.
රැකියා දියුණුව ලැබීමට දරන උත්සාහයන් සාර්ථක වේ. නව රැකියා උදාවේ.  නිදහස අඩුවී යන තත්වයන්  රැකියාවේ මතු විය හැක.
හිතමිත්‍රාදීන් නිසා  තරමක කරදර කාලයක් උදා විය හැක. ඉගෙනීම ලබන දරුවන්ගේ ඉගෙනීමට තිබු බාධා ඉවත් වේ.
-

● ධනු ලග්නය
ආර්ථික අපහසුතාවයන් මග හැර ගැනිමට දරන උත්සාහයන් සාර්ථක වේ. තම ව්‍යාපාර තත්වයන් වෙනුවෙන් ගනු ලබන  තීරණ වලට සතුරු කරදර උදා විය හැක. කල්පනාකාරිව කටයුතු කල යුතුය.
රැකියාවේ මෙතෙක් තිබු නිදහස අඩු වන  තත්වයන් උදා වේ. ගෙදර පරිසරය අලංකාර ලෙස පවත්වාගෙන යාමට හැකිවේ. උත්සව අවස්ථා වලට සහභාගි විමට අවස්ථාවන් උදාවිය හැක.

-

● මකර ලග්නය
මුල්‍යය ප්‍රශ්න විසදා ගැනීමට හැකියාව ලැබීමට ඉඩ ඇත. ආදායම් මාර්ග වල අවහිරතා මග හැරිය හැක.
රැකියාවේ දියුණුව පෙන්නුම් කිරීමට ඉඩ ඇත.  තම රැකියා ස්ථානයේ කරදර බාධා ඉවත් විමට කටයුතු යෙදෙනු ඇත.
තරග  විභාග ආදියෙන් ජය ලැබෙයි.
පවුලේ සමගිය වර්ධනය වේ. ඉගෙනීම් කටයුතු වලදී දරුවන් වෙනදාට වඩා උනන්දු විය යුතු වේ.
-

● කුම්භ ලග්නය
ණය ලබාගැනිමට යාමේදි වෙනත් පාර්ශවයන්ගෙන් උදවු ලැබිමට ඉඩ ඇත. ආදායම් මාර්ග වල අවහිරතා පෙන්නුම් කිරීමට ඉඩ ඇත. ආදායමට වඩා වියදම වැඩි වන කාලයක් වේ.
සුදුසුකම් වලට සරිලන රැකියා අවස්ථා උදාකර ගැනීමට වැඩි ඉඩක් ලැබෙනු ඇත.
ප්‍රේම  සබදතා පවත්වාගෙන යාමෙදි එවායේ ගැටලු මතුවිමට වැඩි ඉඩක් ඇත.
-

● මීන ලග්නය
ආදායමට වඩා වියදම වැඩිවන කාලයක් විමට ඉඩ ඇත. කල්පනාකාරි විය යුතුය. මුල්‍ය ආයතන වලින් ණය ලැබිමට ඉඩ ඇත.  එහෙත් මුල්‍ය කලමණාකරනයේ පාඩු පෙන්වයි. සුදුසුකම් වලට සරිලන රැකියා අවස්ථා උදාකර ගැනීමට හැකිවේ. රැකියාවෙහි උසස්විමක් හෝ වෙනස් විමක් සිදුවන කාලයක් විය හැක.
මිතුරන් ඤාතින් අතර හොද හිත වර්ධනය වෙයි. උත්සව සහ ප්‍රිය සම්භාෂණ අවස්ථා වලට සහභාගී වීමට ලැබෙන කාලයකි.

-

irusewaya@gmail.com
077 2238041

No comments:

Post a Comment