Sunday, January 29, 2017

සිකුරු මාරුව ( 2017 ජන)

ඔන්න ග්‍රහ ලෝකයේ ඉන්න හැඩකාර - සුකුමාල - මනමාල තරුණිය වෙන සිකුරු/ ශුක්‍ර ග්‍රහයා  උච්ච වෙනව අද....
ඒකියන්නෙ 2017 ජන.27 ඉදල මැයි 31 වෙනකම්ම සිකුරු උච්ච වෙලා ඉන්නවා.. මාස 4ක්ම..

සෙනසුරු මාරුව සමග රටටම දැනෙන සහනයට සාපේක්ෂව වෙනදාට වඩා ලස්සනට/ අලංකාරයට ඉන්නට රටේම ජනතාව සිතන්නට කටයුතු කරන කාලයකි. මේ නිසා වියදම වැඩිවීමට ඉඩ ඇති නිසා ඒ ගැන සැලකිලිමත් වන්න.
රටේම ආදායම වෙනදාට වඩා ස්ථාවර වන්නට, ප්‍රගතියක් ලබන්නට හේතු වන්නේ ලංකා කේන්දරයේ 2 වැන්න වන මීන රාශියට සිකුරුගේ පැමිණීම තුලයි.

-

* ලග්න 12ට පොදුවේ මෙහෙමයි. කේන්දරය අනුව වෙනස් වෙන්න පුලුවන්.

-
.
● මේෂ
සිකුරු 12 වැන්නට පැමිණේ.
මේ නිසා ආදායමට වඩා වියදම වැඩි වෙන්න පුලුවනි, බාහිර දේවල් වලට, ගොඩක් වෙලාවට අනවශ්‍ය හෝ නිෂ්ඵල දේ වලට වැඩියෙන් වැය කිරිමට සිදුවිය හැක. අරපරිස්සම් වන්න.
රැකියා - ව්‍යාපාර කටයුතු වලට ඥාතින්ගෙන් විශේෂයෙන් බාප්පලා - මාමලාගෙන් උපකාර හිමි වෙන්නට වාසනාව පවති. ඒ උදව් හරියට ගන්න. කටයුතු සාර්ථක වේවි.

-

● වෘෂභ
සිකුරු උච්ච වන්නේ 11 වැන්නේය.
වෘෂභ ලග්න අයට ආර්ථිකය ස්ථාවර කරගන්න පුලුවන්. ලැබෙන මුදල් වැඩිවනවා සේම වගේම නිසි කළමනාකරණයක්ද කර ගැනීමට හැකියාව ඇත.
ස්ත්‍රි පාර්ශවයෙන් වැඩිපුර ආධාර - උපකාර හිමි වනු ඇත. මිතුරු අැසුර වර්ධනය වන අතර විනෝදාත්මක අවස්ථාද වර්ධනය වනු ඇත.


-

● මිථුන
සිකුරු 10 වැන්නේ උච්ච වෙයි. ඒ අනුව මාලවී යෝගයද යෙදෙයි.
ගේ - දොර ඉඩකඩම් හදාගන්නට මහන්සි වෙන අයට හොදයි. භූමි ලාභ - වාහන ලාභ පවති.
රැකියා කටයුතු වල උසස් වීම් පවා ලැබෙන්නට වාසනාව පවති. සේවකයන් සිටි නම් ඒ අයගෙන් හොද සේවයක් ලැබෙනු ඇත.

-

● කටක
සිකුරු උච්ච වන්නේ 9 වැන්නේය.
වෙනදාට වඩා ආගම දහමට යොමුවන අතර, ඒ කටයුතු වලට වියහියදම් වැඩියෙන් කරන කාලයකි. සිතට සැනසීමක් ඇති වෙයි. වැඩිහිටියන්ට සලකන, උදව් කරන කාලයකි.
ආර්ථික තත්වය සිටින තත්වයට වඩා වර්ධනය කර ගැනීමට හැකියාව ඇත. නව ආදායම් මාර්ග වලද වාසනාව පවති.

-


● සිංහ
සිකුරු 8ට පැමිණෙයි.
වෙනදාට වඩා තමන්ගේ රූපසම්පන්න භාවය, පෞරුෂය ගැනද, අලංකාරවත් වන්නට කටයුතු කරන කාලයක් වන අතර, ඒ වෙනුවෙන් බොහෝ මුදල් වැය කරන්නට කටයුතු කරයි.
වෙනදාට වඩා සහනශීලි ලෙස, නම්‍යශීලි අයුරින් කාලය ගත කරනු ඇත, ආවේගශීලි ගති අඩු වී යයි. ප්‍රීතිමත්ව සිටිනු ඇත.

-

● කන්‍යා
සිකුරු 7 වැන්නේ උච්ච වෙයි.. ඔන්න සිකුරු 7ට ඇවිල්ලා කන්‍යා අයට....
මාලවි යෝගයද යෙදෙයි.
විවාහය - ආදර - ප්‍රේමය ගැන වෙනදාට වඩා උනන්දු වන ඒ වෙනුවෙන් වාසනාව ඇති වන කාලයකි. ‍ප්‍රේම සබදතා වලට යහපත්ය. වෙනදාට වඩා ලස්සන වෙන්නට උත්සහ දරන කාලයක්, ඒවගේම ලස්සන අය එක්ක වැඩියෙන් ඉන්න බලාවි.
හවුල් ව්‍යාපාර වලින් වාසි වැඩි වෙනවා...
අඩපණ වී, නතර වී තිබුනු ගෙවල් සෑදීම් යනාදි කටයුතු නැවත කරගෙන යා හැක.

-

● තුලා
සිකුරු 6 වැන්නට පැමිණේ.
මංගල යෝග තරමක් කල් යන්නට හේතු පවතිනවා.
බාප්පල - මාමලාගෙන් උදව් ලැබෙනවා ඒනිසා සතුටුදායකයි..
බඩේ අමාරු වලින් පරිස්සම් වෙන්න ඕන ඉදගෙන.
තමන්ට වඩා අත්දැකීම් බහුල අයව ආස්සරේ කරන්නත් ඉඩ තිබෙනවා, ඒත් ඒක බුද්ධිමත්ව කරන්න ඕන. මොකද අත්දැකීම් වැඩියි කියල මත් වතුර බොන අය එක්ක සෙට් උනොත් බොන පැත්තට යන්න පුලුවන් නිසා..

-

● වෘශ්චික
සිකුරු 5 උච්ච වෙනවා... ඔන්න හරි වැඩේ..
ආර්ථික තත්වය දියුණු වෙනවා, ඒත් ඒකට හරියන්න වියදමත් වැඩි වෙන්න පුලුවනි.
සිකුරු ත්‍රිකෝණගත වෙන නිසා දරු ඵල ප්‍රමාද වෙච්ච අයට එ් ගැන සතුටුදායක ප්‍රතිඵල ලැබෙන්න පුලුවන්. ස්ත්‍රි පාර්ශවයෙන් උපකාරත් ලැබෙන්න පුලුවන් මේ කාලේ..
ගොඩක් විනෝදයෙන් ඉන්න නිසා, අධ්‍යාපන කටයුතු වලට බාධා වෙන්නත් පුලුවන්.

-

● ධනු
සිකුරු උච්ච වෙන්නේ 4 වැන්නෙ... ඒවගේම මාලවි යෝගයත් යෙදෙනවා...
ගේ දොර ලස්සන කරන්නට වාසනාව පවතිනවා. ලස්සන ගෙයක් හදාගන්න මූලික කටයුතු කරන්න වගේම, තියෙන් ගෙදර තව ලස්සන කරගන්නත් පුලුවන් මේ කාලයේ.
වාහනයක් ගන්න හිතාගෙන හිටිය නම් ඒවත් කරගන්න පුලුවන් වෙනවා..
මිතුරන්ගෙන් ලාභ - වාසි ලැබෙනවා.

-

● මකර
සිකුරු උච්ච වෙන්නෙ 3 වැන්නෙ..
මකර ලග්නයේ අයට ආදායම ස්ථාවර කර ගන්න පුලුවනි. සහෝදර - සහෝදරයින්ගෙන් වෙනදාට වැඩිය ලාභ - ප්‍රයෝජන ගන්න, උදව් ලැබෙන්න පුලුවනි.
ප්‍රමාද වෙලා තිබුනු විවාහ කටයුතු වලට යහපත් කාලයක් මේ කාලය.
හවුල් ව්‍යාපාර වලින් වාසි වැඩි කරගන්නත් පුලුවනි.


● කුම්භ
සිකුරු උච්ච වෙන්නෙ 2 වැන්නෙ..
ඔන්න කුම්භ ලග්න අය වෙනදට වඩා ලස්සන වෙන කාලයක්. ඒවගේම ලස්සනට - පිලිවෙලට ඉන්න බලනවා.
ධන තත්වය ස්ථාවර කරගන්න පුලුවනි. වෙනද තිබුනු උද්වේගකර ගති අඩු වෙලා තරමක් මනමාල ආකාරයකින් ඉන්න බලනවා..
මේ සියලු හොද එක්ක යටි බඩ ආශ්‍රිත රෝග ඇතිවෙන්නත් තිබෙනව. සැලකිලිමත් වෙන්න.


-


● මීන
සිකුරු උච්ච වෙන්නෙ 1 වැන්නෙ... මාලවි යෝගයත් යෙදෙනවා..
මීන ලග්නෙ අය ස්වභාවයෙන්ම ලස්සනට ඉන්න බලන අය, ඒවගේම හොඳ ගතිත් තියෙනවා. ඉතින් මේ ලස්සන අය තව ලස්සන වෙන්න මේ මාරුව එක්ක ඉඩ තියෙනවා. ඒවගේම හැඩට - පිලිවෙලට ඉන්නත් බලනවා. ඒකියන්නෙ ඇඳුම් වලට, වගේ අලංකාර කටයුතු වලට වැඩියෙන් වියදමුත් කරාවි..
ආර්ථික තත්වයත් වියදම් තිබුනත් යහපත්. ඒනිසා හරියට කළමනාකරණය කරගත්තොත් හොදයි.
මේ කාලයේ ඔයාලා වෙනදටත් වඩා ජනප්‍රිය වෙනවා.
වාහන ලාභ - ඉඩකඩම් ලාභත් තියෙනවා. හොද කාලයක් ඒවටත්.

-

සිකුරු මාරුව ඔන්න ඔහොමයි..

No comments:

Post a Comment