Wednesday, January 4, 2017

මහා භද්‍රකාලි දේව මෑණියන්

- මහා භද්‍රකාලි මෑණියන් ඇතුළු කාලි මණ්ඩලයම සිටිති. නාග කාලි, වදුරු කාලි, සොහොන් කාලි, රීරි යනාදි වශයෙනි.
( භද්‍ර කාලි දේව මෑණියන් හඳුනා ගැනීමේදී මූලිකව එතුමියගේ වාහනය දිවියා/කොටියා/ව්‍යාඝ්‍රයා බව දත යුතුය. සිංහයෙක් වාහනය කරගෙන ඇත්තේ දුර්ගා/පාර්වතී දේව මෑණියන්ය)

- බෝසතාණන්වහන්සේ ඉපදිමට පෙර දඹදිව අධර්මය රජ කරවු පාපතරයින් මරා දමා ශුද්ධ කලේ මහා භද්‍ර කාලි දේව මෑණියන් විසින් බවට මතයක් පවති.

බොහෝ අය සිතා සිටින්නේ මහා භද්‍රකාලි මෑණියන් ප්‍රමුඛ දේව මණ්ඩලය භයානක දඬුවම් දෙන ලෙස උවද දෙවිවරු එසේ කරන අය නොවෙති. ඒ සදහා අදාල පරිවාර සේනා වල යක්ෂ - භූත - ප්‍රේත - පිසාච යනාදි අමනුෂ්‍යයන් සිටිති. සෑමතැනකම පාහේ කාලි මෑණියන්ගෙන් කරනවා, කියා කියන්නේද එවන් අය ගැනය. එනම් දේව මෑණියන් යටතේ සිටින අයයි.
කෙතරම් යහපත් වුවද ගුණවත් වුවද, පෙර අකුසල් ඇත්නම් මේ කාලයේ වැරදි කාලයක් ගත කරන්නේ නම් කරන හදි හූනියම් විපාක දීමට, අකුසල් අපල සමගම සිදුවීමට ඉඩ ඇත. එවන් අවස්ථා වල දෙවිවරුන්ට පවා අපව පෙනෙන්නේ නැත.
නමුත් අකුසල් නැති නිසි ලෙස සීලය - ප්‍රතිපත්තිය රැකගෙන සිටින අයට නම් කවර කාලයක වුවද කුමන ආකාරයට හදි හූනියම් කලද ඒවා වදින්නේ නැත. එය දත යුතුය.

භද්‍ර කාලි මෑණියන් ඇතුළු සියලු කාලි මණ්ඩලයම අධර්මය නැසීමට ශක්තිය ලබා ගන්නේ මහ දෙවියන් වන ශිව/ඊශ්වර දෙවියන්ගෙනි.
ශිව දෙවියන්ගේ ලේකම්වරු ලෙස සියලු කාලි දේව මණ්ඩලය සැලකිය හැක.
( තැනක ශිව දෙවියන්ගේ දේවියක ලෙස සදහන් කලද එය වැරදිය)

ඔබද භද්‍රකාලි දේව මෑණියන් ඇතුළු කාලි දේව මණ්ඩලයේ ආශිර්වාද ගැනීමට මූලිකව කල යුත්තේ සිල්වත්ව සිටිමත්, ප්‍රතිපත්තියට ජීවත් වීමත්ය. දහමට අනුව හිදිමින් නිසි ලෙස පින්කම් කරමින් ඒ පින් භද්‍ර කාලි මෑණියන් ඇතුළු, දේව මණ්ඩලයට සියලු දෙවියන්ට, සියලු සත්වයන්ට, සියලු ඥාතින්ට ලැබේවායි ! ප්‍රාර්ථනා කරන්න.
ආශිර්වාද ලැබෙනවා නිසැකය..


#ඉරු

බුදු සරණයි !

irusewaya@gmail.com
077 2238041

No comments:

Post a Comment