Friday, January 20, 2017

කුජ මාරුව ( ජන20 සිට මාර්තු 02 දක්වා)

ග්‍රහ ලොව සෙන්පතියා වන කුජ හෙවත් අඟහරු අද කුම්භ රාශියෙන් මිදී, මීන රාශියට පැමිණියේය.

පොදුවේ ලග්න 12ට බලපෑම මෙසේය.
කේන්දරය අනුව වෙනස් විය හැක.

-

● මේෂ
මෙෂ ලග්නයේ අයට කුජ 12 වැන්නට පැමිණියේය.
 තරමක් අසුබ පල ගෙන දෙන කාලයකි. වැය පස ඉහල යයි. සතුරු කරදර ඇති වීමේ අවදානමක් ඇත.
  රැකියාවේ කලබල ගති වැඩිවේ. රැකියාවේ දියුණුව සහ උසස්විම් ප්‍රමාද විය හැක. නීති ප්‍රශ්න ඇති වීමට ඉඩක් ඇත.
ගෘහ ජිවිතය තුල පවුලේ සමගියට බාධා පැමිනේ. මිතුරු ඇසුර නිසාද ප්‍රශ්න - ගැටළු ඇති වීමට ඉඩ ඇත.

-

● වෘෂභ
වෘෂභ ලග්න අයට 11 වැන්නට කුජ පැමිණියේය.
ගේ දොර ඉඩකඩම් මිලදී ගැනීමට සුභ කාලයකි. මූල්‍ය ආයතන වලින් ණය ලැබෙයි. ආදායම් මාර්ග වල දියුණුව පෙන්වයි.
රැකියාවේ කටයුතු වලට මෙතක් තිබුනු ගැටළු - ප්‍රශ්න යනාදිය විසදෙනු ඇත.
ගෘහ ජිවිතය යහපත් වේ, පවුලේ ජිවිතය තුල තිබුනු බාධාකාරි තත්වයන් දුරුවේ. පීඩාවන් මගහැරී සුවපහසු ජිවිතයක් ගත කිරිමට හැකියාව ලැබෙනු ඇත.

-

● මිථුන
කුජ 10 වැන්නට පැමිණියේය.
ඍජු තීරණ ගැනීමෙන් තරමක් අවාසි සහගත තත්වයන් ඇති වන කාලයකි. කාර්යබහුල වේ. වෙනදාට වඩා වැඩියෙන් මුදල් වැයවීමට කරුණු යෙදෙයි.
රැකියාවේ කලබල ගති වැඩි වෙයි. ඉක්මණ් තීරණ ගැනීමේදී මනා බුද්ධියකින් එම කටයුත්ත කල යුතුම බව සිහියේ තබාගන්න.
ගෘහ ජිවිතය තුල, ගෙදර දොර සමගියට තරමක බාධා මතු විය හැක. සහෝදර - සහෝදරයින් වෙනුවෙන් කැප වීමට සිදු වෙයි.

-

● කටක
කුජ 9 වැන්නට පැමිණියේය.
වෙනදාට වඩා මුදල් වැය වීමට කරුණු යෙදෙනු ඇත. ව්‍යාපාර සැලසුම් කිරිමට සුබ කාලයකි. ණය ලැබේ. වෙනදාට වඩා මහන්සියෙන් කැපවීමෙන් තම ව්‍යාපාර වෙනුවෙන් වෙහෙසිමට සිදුවේ.
රැකියා සොයන අයට නව රැකියා උදාවේ. සාමාන්‍ය ලෙස රැකියාව කරගෙන යා හැක.
ගෘහ ජිවිතය තුල තම පවුල වෙනුවෙන් වැදගත් තීරණ වලට යොමු වීමට ඉඩ ලැබේ.

-


● සිංහ
කුජ 8 වැන්නට පැමිනේ.
 ආදායම් මාර්ග වලට අවහිරතා පෙන්නුම් කරයි. මුදල් බොහෝ වැයවීමට කරුණු යෙදෙන කාලයකි.
 රැකියාවේ කටයුතු වලට බාධා පැමිනේ. එනිසා බුද්ධිමත් වන්න.
ගෘහ ජිවිතය තුල දෙමාපියන්ගේ දෝෂ දර්ශනයට ලක්වීමට ඉඩ ඇත. පවුල් ජීවිතයේ සමගියට බාධා ඇති විය හැක.
හදිසි අනතුරු වලට මුහුන පැමට සිදුවන කාලයක් නිසා අවදානමත් වන්න.

-


● කන්‍යා
කන්‍ය ලග්නයේ අයට කුජ 7  වැන්නට පැමිණියේය.
නව ව්‍යාපාර වලට බාධා ඇතිවේ.  හවුල් ව්‍යාපාර වලටද තරමක පාඩු පෙන්වයි.
සියලු කටයුතු වලදී නොසිතා ගනු ලබන තීරණ වලින් පාඩු ගෙනදෙන කාලයකි.
ප්‍රේම සබදතා පවත්වාගෙන යාමේදි මනා අවබෝධයකින් මේ කාලයේ ඒවා කල යුතුය. ගැටළු ඇති වීමේදී ඒවා සම්බන්ධව අවදානමත් වන්න.

-

● තුලා
කුජ 6 වැන්නට පැමිණියේය.
ආදායම අයහපත් නොවුනද මුදල් බොහෝ වැය වීමට කරුණු යෙදෙන කාලයකි.
කලක් පැවති ගැටළු තරමක් හෝ නිරාකරනය කර ගැනිමට හැකි වනු ඇත.
ගෘහ ජිවිතය තුල පවුල් ජීවිතයේ සමගියට බාධා ඇත, බුද්ධිමත් වන්න.
සෞඛ්‍ය තත්වයේ  උදරය - යටි බඩ ආශ්‍රිත රෝගාබාධ ඇතිවිමට ඉඩ ඇත.

-

● වෘශ්චික
5 වැන්නට කුජ පැමිණියේය.
ආර්ථික තත්වය  වර්ධනය වෙයි. මෙතෙක් පැවති ගැටලුකාරි තත්වයන් නිරාකරණය කර ගැනිමට හැකිවීම සිතට සහනයක් වනු ඇත.
සුදුසුකම් වලට සරිලන රැකියා අවස්ථා උදාකර ගැනීමට හැකි වෙයි.
ගෘහ ජිවිතය තුල උත්සව සහ ප්‍රිය සම්භාෂණ අවස්ථා වලට සහභාගී වීමට ලැබෙන කාලයකි.
විනෝදමත් කාලයක් නිසා ඉගෙනීමේ කටයුතු අතපසු වීමට ඉඩ ඇත.

-


● ධනු
4 වැන්නට කුජ පැමිණියේය.
ගේ දොර ඉඩකඩම් මිලදී ගැනිමට සුභ කාලයකි.  කාර්ය බහුල විය හැක.
රැකියාවේදී තනි තීරණ ගැනිම නිසා ගැටලු මතු වීමට ඉඩ ඇත. රැකියාවේ කටයුතු නිසා මානසික නිදහස තරමක් අඩු වෙයි.
ගෘහ ජිවිතය තුල ගේ-දොර සමගියට බාධා මතු වීමට ඉඩ ඇති බැවින් මනා සංයමයකින් ඉවසීමකින් කටයුතු කරන්න.
සෞඛ්‍ය තත්වයේ පපුව සම්බන්ධ රෝගාබාධ ඇති විය හැකි බැවින්  කල්පනාකාරි විය යුතුය.

-

● මකර
කුජ 3 වැන්නට පැමිණියේය.
මේ කාලයේ තරමක් කලබලකාරි ගති වැඩිවිමට ඉඩ ඇත. එනිසා වෙනදාට වඩා  ගැටලු ඇතිවීමටද ඉඩක් ඇත. වෙනදාට වඩා තම ව්‍යාපාර වෙනුවෙන් වෙහෙසීමට සිදුවේ.
 නව රැකියා අවස්ථා උදාකර ගැනීමට හැකිවේ. කරන රැකියාවන් කාර්යබහුල වේ.
ගෘහ ජිවිතය තුල පවුල් ජීවිතයේ සමගියට තරමක බාධා  ඇතිවේ.

-


● කුම්භ
කුජ 2 වැන්නට පැමිණියේය.
වෙනදාට වඩා මුදල් වැයවීමට කරුණු යෙදෙනු ඇත. වියදම් පාලනය කරගත යුතු වෙයි, නැතහොත් ප්‍රශ්න ඇති වීමට ඉඩ ඇත.
රැකියාවල නියුතු අයට තමන්ට ඇතිවන ගැටළු විසදා ගැනීම්ට අපහසු වීම් ඇතිවිය හැක. එනිසා ඒ ගැන බුද්ධිමත්ව කටයුතු කල යුතුය.
ගෘහ ජිවිතය සතුටින් ගත වේ. පවුලේ සාමාජිකයන් අතර සමගිය වර්ධනය වේ.

-

● මීන
කුජ 1 වැන්නට/ ලග්නයට පැමිණියේය.
ප්‍රශ්න වලට බුද්ධිමත්ව විසදුම් සොයා ගැනිමට හැකිවේ. ආර්ථික තත්වය වෙනදාට වඩා සාර්ථක ලෙස ඉහල නංවා ගැනීමට හැකියාව සහ අවස්ථාවන් ඇති වනු ඇත. ඉ කඩම් සම්බන්ධ ගැටළු නිරාකරනය කර ගැනීමට හැකිවේ.
රැකියාවේ කටයුතු වලට බාධා මතුවේ.
ගෘහ ජිවිතය තුල පවුලේ සමගිය වර්ධනය වේ.

-

#ඉරු

irusewaya@gmail.com
+94 772238041

No comments:

Post a Comment