Thursday, January 26, 2017

වසර 2 හමාරකට වරක් සිදුවන සෙනසුරු මාරුව

ග්‍රහ ලොව අකීකරු පුත්‍රයා/ දුගියා වන සෙනසුරු හෙවත් ශනි ග්‍රහයා  2017/01/26 දින රාත්‍රි සතුරු රාශියක් වූ වෘශ්චිකයෙන් මිදී ධනු රාශි ගතවේ.
සෙනසුරු වෘශ්චිකයට පැමිණියේ 2014 නොවැ 02 වැනිදාය.

එදා මෙදාතුර සිදුවුනු සිද්ධීන් අතර, ලංකාවේ පැවති ආණ්ඩුව වෙනස් වීමද, ඇමරිකාවේද ජනාධිපති බලය තිබුනු පක්ෂයට එය ගිලිහී යෑමද විශේෂය. මෙහිදි අදාල රට වල ග්‍රහචාරය මෙන්ම ඒ ඒ පුද්ගලයන්ගේ ග්‍රහචාරයද මූලික වූ බව සලකන්න.

මෙම පැමිණීම, එනම් සෙනසුරු ධනු රාශි ගත වන්නේ වසර 30කට පසුවය.
සෙනසුරු පැමිණෙන්නේ ලංකා කේන්ද්‍රයේ අයස්ථානය වන 11 වැන්නටය. එයින් ලංකාවේ මෙතෙක් තිබුනු සතුරු කරදර නැතිවී යයි. මහා පරිමාණ ආයෝජන කර්මාන්ත ශාලා, මුල්‍ය ආධාර රටට ලැබෙන  කාලයක් වෙයි. පොදුවේ රටට - ජනතාවට සහනය, යහපත සැලසෙන කාලයකි. මෙතෙක් පැවති කරදර බාධක දුරු වෙන කාලයකි.


* මුල සිට කරන ජ්‍යොතිෂ්‍යමය විග්‍රහය
https://www.youtube.com/watch?v=UkEuCeM6d8Y

-

ලග්න 12ට පොදුවේ බලපෑම මෙසේය.
(පොදු පලාපලයක් පමණි)
* සෙනසුරු අපල තත්වයන්, දෝෂ තත්වයන්ට පොදුවේ කල යුතු දේ ලග්න 12 පොදු විස්තරය අවසානයේ බලන්න.

-

● මේෂ
සෙනසුරු 9 වැන්නට.
පෙර වසර 2 හමාරක් තිස්සේ පැවති අෂ්ටම එරාෂ්ටක තත්වයෙන් මිදි සෙනසුරු 9 වැන්නට පැමිණීම ඉතාමත් සුබ පල ගෙනදෙන කාලයකි. පීඩාකාරි තත්වයන් මගහැරි, කරගෙන ආ වැඩ කටයුතු බාධාවකින් තොරව කරගෙන යාමට හැකි වේ.
  නව ආදායම් මාර්ග උදා වෙයි. ණය ලැබෙයි. ව්‍යාපාර ක්ෂෙත්‍රයේ නව  පියවරක් ගැනිමට සුබ කාලයකි.
රැකියා කටයුතු වලටමෙතෙක් තිබු ගැටලු මග හැරී යයි. රැකියා දියුණුව ලැබීමට දරන උත්සාහයන් සාර්ථක වනු ඇත. රැකියාවේ උසස් වීම්, තරඟ විභාග ආදියට පෙර තිබු ගැටලු - බාධක තත්ව නිරාකරණය වේ.
ගෘහ ජිවිතය තුල පවුල් ජිවිතයේ පීඩාකාරි තත්වයන් මග හැරි යයි. තම පවුල වෙනුවෙන් වැදගත් තීරණ වලට යොමු වීමට ඉඩ ලැබේ.

-

● වෘෂභ
සෙනසුරු 8 වැන්නට.
පැවති සහනදායි කාලය තරමක් නිමා කරමින් ලග්නයට යෝගකාරකයා වු  සෙනසුරු ලග්නයෙන් 8 වැන්න වන ධනු රාශි ගතවීමත් සමග වෘෂභ ලග්න හිමියන්ට අශ්ටම එරාෂ්ටක තත්වය උදා වෙයි.
 ආදායම් මාර්ග වල අවහිරතා පෙන්නුම් කරයි. ආදායමට වඩා වියදම වැඩිවන කාලයක් වේ.
කරන රැකියාව රැකියාව බාධා මැද කරගෙන යාමට සිදු වෙන කාලයකි.
ගෘහ ජිවිතය තුල ප්‍රේම සබදතා පවත්වාගෙන යාමෙදි එවායේ ගැටලු මතුවීමට ඉඩ ඇත. පවුල් ජිවිතයේ ගැටළු ප්‍රශ්න ඇතිවිය හැකි බැවින් කල්පනාකාරි විය යුතුය.
සෙනසුරුගේ බලපෑම අනුව මහා අසුභ තත්වයක් අපේක්ෂා කල නොහැක. නමුත් ඒරාෂ්ටක වලදි සිත් පීඩා, කරදර ඇති වන නිසා ඉවසිලිවන්ත විය යුතුය. බුද්ධිමත් විය යුතුය.

-

● මිථුන
සෙනසුරු 7 වැන්නට.
මිථුන ලග්න‍ හිමියන්ට ශනි 7 වැන්නට පැමිණීම තුල සෙනසුරු සුබ පල වර්ධනය කරමින් ආර්ථික ප්‍රතිලාභ ලැබීමටත්, ව්‍යාපාර වල දියුණුවටත් කරුණු යෙදෙනු ඇත. එහෙත් හවුල් ව්‍යාපාර වලට තරමක කරදර ගෙන දෙන කාලයකි, බුද්ධිමත් වන්න.
 රැකියාවෙන්  යහපත් ප්‍රතිඵල ලැබීම තරමක් අඩුවිය හැක. මනා කැපවීමකින් කටයුතු කිරීම වැදගත්ය.
ගෘහ ජිවිතය තුල ගේ දොර සමගියට බාධා මතු විහ හැක. සහෝදර - සහෝදරියන් වෙනුවෙන් කැපවිමට සිදුවේ. ආදර - ප්‍රේමය යනාදි කටයුතු වලටත් තරමක බාධා, ගැටළු මතු වීමට ඉඩ ඇත. පවුලේ සමගිය රැක ගැනීමට මනා සංයමයක් තිබිය යුතුමය.

-


● කටක
සෙනසුරු 6 වැන්නට.
කටක ලග්නයේ සෙනසුරු 6 වැන්නේ එනම් රෝග ස්ථානයේ ගෝචර වේ.
ආදායම් මාර්ග වල පෙර පැවති දුර්වලතා මග හරවා ගත හැක. ආර්ථික ගැටලු විසදා ගනිමට හැකි වේ. නව ආදායම් මාර්ග උදා වෙයි. ණය ලැබෙයි. වියදම් පාලනය කර ගැනීම අනිවාර්ය වෙයි, නැතහොත් ප්‍රශ්න ඇතිවිය හැක. සතුරන් මර්දනය වන කාලයකි.
හොඳ රැකියා අවස්ථා උදාවේ. රැකියාවල නියුතු අයට තමන්ට ඇතිවන ගැටළු විසදා ගැනීමට හැකිවේ. රැකියාවේ දියුණුව අපේක්ෂිතය.
ගෘහ ජිවිතය සාමාන්‍ය පරිදි ගත වේ. මිතුරන්ගේ උදව් උපකාර ලැබේ.
සෞඛ්‍ය තත්වයෙ  යටි බඩ ආශ්‍රිත රොගාබාධ ඇතිවිය හැකි නිසා අවදානමත් වන්න.

-

● සිංහ
සෙනසුරු 5 වැන්නට.
4 වැන්නේ සෙනසුරු සිටියදී තිබුනු පීඩාකාරි බව මග හරිමින් ශනි 5 වැන්නට පැමිනේ.
 ආර්ථික තත්වය වෙනදාට වඩා සාර්ථක ලෙස ඉහල නංවා ගැනීමට හැකිවේ. තම ව්‍යාපාර වෙනුවෙන් වෙහෙසීමට සිදුවේ. ඉඩකඩම් සම්බන්ධ ගැටළු නිරාකරණය කර ගැනීමට හැකියාව ලැබෙනු ඇත. දේපල ලාභ පවති.
 රැකියාවේ ප්‍රමාද වි තිබුනු උසස්වීම්  ලැබෙනු ඇත. ඒ වාසනාව පවති. නව රැකියා අවස්ථා උදා වේ. ගෘහ ජිවිතය තුල දෙමාපියන්ගේ අවවාද ලැබේ.  නෑදෑ හිතමිත්‍රාදින්ගේ පෙර පැවති  හිත් අමනාපකම් මග හැරි යනු ඇත. ඒ අයගේ උදව් උපකාර ලැබෙයි. යහපත් තත්වයන් තිබුනද දරු ඵල ප්‍රමාද වීමටද ඉඩ ඇත.

-

● කන්‍යා
සෙනසුරු 4 වැන්නට.
පෙර තිබුනු සුබ පල තරමක් අඩාල කරමින් කන්‍යාවේ 4 වැන්නට ශනි පැමිණේ.
සිත් කලකිරීම් ඇති විය හැක. ආදායම් මට්ටම පහල බැසීමට කරුණු යෙදෙනු ඇත. තමන්ගේ එදිනෙදා කටයුතු වල යෙදීමේදී බලාපොරොත්තු වන ප්‍රමාණයට වඩා මුදල් වැය වීමට ඉඩ ඇති නිසා අරපරිස්සමින් කටයුතු කරන්න.
රැකියා කටයුතු සම්බන්ධව වෙනදාට වඩා කරදර බාධක පැමිණෙනු ඇත. රාජකාරි වල නියුතු අයට යෙදෙන ගැටළු හේතුවෙන් සිත් අමනාප කම් ඇති වීමට ඉඩ ඇත, එනිසා බුද්ධිමත් වන්න.
 ගෘහ ජීවිතයේ කටයුතු යහපත් වේ. ගෙදර සිටීමේදි තරමක ගැටළු  ගැටළු මතු විය හැක.
සෞඛ්‍ය තත්වයේ පපුවේ අසනීප, හිසේ අසනීප ඇතිවීමට ඉඩ ඇත.

-

● තුලා
සෙනසුරු 3 වැන්නට.
වසර 7 හමාරක ලග්න  ඒරාෂ්ටක අපලය නිමාකරමින් තුලා ලග්න අයට ශනි 3 වැන්නට පැමිණෙයි.
පෙර තිබුනු සිත් පීඩා කරවන තත්වයන් මග හැරි සුබදායක කාලයක් උදා වෙයි. නැවතී හෝ අඩපණ වී  තිබුනු ආදායම් මාර්ග වලින් සුබ ඵල ගෙන දෙන කාලයකි. නව ආදායම් මාර්ග උදා වෙයි. ඒවා මනාව භාවිත කරන්නට බුද්ධිමත් වන්න. ණය ලැබේ. ව්‍යාපාර ක්ෂෙත්‍රයේ ඉදිරියට යාමටද ගත් ණය වලින් නිදස් විමටද හැකිවන කාලයකි.
 රැකියාවෙ උසස් නිල තල වලට යාමට අවස්ථාව ලැබෙන කාලයකි. නව රැකියා අවස්ථා ලැබේ. තමන්ට යෙදුන ගැටළු විසදා ගැනීම් ආදියට ඉඩකඩ ලැබේ.
ගෘහ ජිවිතය තුල පවුලේ සමගිය වර්ධනය වේ. සතුටුදායක අයුරින් පවුලේ අය සමග ජිවිතය ගත කිරිමට හැකියාව ඇත.
ධෛර්යයෙන් කැපවීමෙන් කටයුතු කර ජය උදා කර ගැනීමේ වාසනාව පවති.

-

● වෘශ්චික
සෙනසුරු 2 වැන්නට.
ලග්න ඒරාෂ්ටක අපල තත්වයෙන් වසර 5ක් නිමාකරමින් 2 වැන්නේ ශනි ගෝචරය වේ. තවත් වසර 2 හමාරක කාලයක් සෙනසුරු එරාෂ්ටක තත්වය සුළු වශයෙන් හෝ බල පවත්වයි.
මුදල් ඉපැයීමේදී තමන් ගන්නා තීරණ වලින් එතරම් ශුභ ප්‍රතිඵල නොලැබීම විය හැකිය. නමුත් වෙනදාට වඩා දියුණුවක් - සාර්ථකත්වයක් අපේක්ෂිතය. ආදායම් මට්ටම පහල බැසීමට හෝ මහා දියුණුවක් නොවීමට කරුණු යෙදේ. එයට කල යුත්තේ දැඩි කැපවීමෙන් කටයුතු කිරීමය. පෙර වසර වලට සාපේක්ෂව වර්ධනය විම් බොහෝය.
 රැකියාවේ මෙතෙක් පැවති බාධාවන් අඩු වී යාමෙන් සිතට සහනදායි බවක් ගෙන දෙනු ඇත. රැකියාව උනන්දුවෙන් කල හැක.
ගෘහ ජීවිතය තුල යහපත්  කාලයකි. පවුලේ සමගිය වර්ධනය වේ. ඒ සම්බන්ධව සතුටු විය හැක.

-

● ධනු
සෙනසුරු 1 වැන්නට හෙවත් ලග්නයට.
ධනු ලග්න අයට එරාෂ්ටකයේ මුල් වසර 2 හමාර නිමාකරමින් ලග්නයේ ලග්න ස්ථානයට/ 1 වැන්නට සෙනසුරු ගේ පැමිණීමෙන් තරමක් අසුබදායක වසර 2 හමාරක ආරම්භය වේ.
වෙනදාට වඩා කලබලකාරි ගති වැඩිවිම් වලට අවස්ථා යෙදීම නිසා  වෙනදාට වඩා  ගැටලු ඇති වීමට ඉඩ ඇත. ඒ තත්වයන් මනා අවබෝධයෙන් කළමනාකරණය කරගත යුතුය. ආදායම් මාර්ග වලට අවහිරතා පෙන්නුම් කරයි. මුදල් වැයවීමට කරුණු යෙදෙන කාලයකි.
 රැකියාවේ බාධා පැමිණීමට ඉඩ ඇත. දුර දිග නොසිතා ගනු ලබන තීරණ වලින් අසුබ පල ගෙන දෙන කාලයකි. නව රැකියා ප්‍රමාද විය හැක. තරමක බාධා ඇත. කාර්යබහුලතාවය වැඩි විය හැක.
පවුල් ජීවිතයේ සමගියට තරමක බාධා  ඇතිවේ. මිතුරන් අතර හොද හිත පලුදු විය හැක.
* කෙසේ වුවද ධනුවට සෙනසුරුගේ පැමිණීම බාධා තිබුනද දැඩි අපල නොදෙනු ඇත.

-

● මකර
සෙනසුරු 12 වැන්නට.
මකර ලග්නයේ ලග්නාධිපතියා 12 වැන්න වන වැයස්ථානයේ  ගොචරය විමෙන් තරමක අසුබදායක කාලයක් වේ. කෙසේ වුවද 11 වැන්න අයස්ථානය වුවද සතුරුව සිටි කාලයට වඩා යහපත් කාලයක් මේ කාලයේ ඇති වනු ඇති බව අපගේ පර්යේෂණාත්මක ජ්‍යොතිෂ්‍යය කටයුතු වලින් තහවුරු වී ඇත. ලග්නාධිපතියා වුවද, කේන්දරයේ ඉතා ශුභ අයුරින් පිහිටා තිබුනද සෙනසුරුගේ ක්‍රමය දුක අවබෝධ කිරීම නිසා තරමක් හෝ කරදර - පීඩා ඇති විය හැක.
 නිෂ්ඵල දේට තම කාලය හා මුදල් යෙදවීමට සිදුවිය හැකි නිසා බුද්ධිමත් වන්න. අාදායම් මට්ටම එතරම් යහපත්ව පවත්වා ගෙන යාමට අපහසු තත්ව නිර්මාණය වේ. වෙනදාට වඩා මුදල් වැය වීමට කරුණු යෙදෙනු ඇත.
රැකියාවේ බාධා මතුවේ. ප්‍රධානීන්ගේ දොෂාරෝපණ එල්ල වේ. මේ නිසා මනා ඉවසීමකින් සහ බුද්ධියකින් යුතව කැපවීමෙන් කටයුතු කරන්න.  
ගෘහ ජිවිතය තුල පවුල් ජීවිතයේ සමගියට තරමක බාධා පැමිනේ. වැඩිහිටි අයගේ දෝෂාරෝපණයට ලක් වීමටද හේතු ඇත. එනිසා මනා ඉවසීමෙන් බුද්ධියෙන් කටයුතු කරන්න.
සෞඛ්‍ය තත්වයේ ඇස් රෝග, හන්දිපත් රෝග ඇති වන්නට ඉඩ ඇත.
හදිසි අනතුරු වලට මුහුන පෑමේ අනතුරුද ඇති බව සිහියේ තබාගන්න.

-

● කුම්භ
සෙනසුරු 11 වැන්නට.
මෙම වසර 2 හමාරක කාලය තුල කුම්භ ලග්න හිමියන්ගේ ලග්නාධිපතියා 11 වැන්නේ එනම් අයස්ථානයේ ගොචරය වීමෙන් සුබ පල ගෙනදෙන කාලයකි.
මුල්‍ය ආයතන වලින් ණය ලැබෙයි. නව ව්‍යාපාර ආරම්භ කිරිමට සුබ කාලයකි.  ආදායම් මාර්ග වල දියුණුව පෙන්නුම් කරන කාලයක් වේ. ආර්ථික ගැටලු විසදා ගැනීමට හැකිවේ. නව ආදායම් මාර්ග උදා වෙයි.
විශේෂයෙන් කිව යුත්තේ මනා කැපවීමෙන් කටයුතු කර මේ තත්වයන් වැඩි දියුණු කර ගත යුතුය.
රැකියාවේ පෙර තිබුනු ගැටළු නිරාකරණය වේ. උත්සාහය - මහන්සියේ තරමට රැකියාවේ දියුණුව ඇති විය හැක.
ගෘහ ජිවිතය තුලදී පවුල් ජිවිතය තුල මෙතෙක් පැවති පීඩාකාරි තත්වයන් මග හැරි යයි. වෙනදාට වඩා සැපවත්ව සුවපහසුවෙන් සිටීමට හැකි කාලයක් වේ.

-


● මීන
සෙනසුරු 10 වැන්නට.
මීන ලග්නයේ සෙනසුරු  10 වැන්නට පැමිණීමෙන් පෙර තිබුනු දියුණුව තරමක පසුබෑමකට ලක්වීමට ඉඩ ඇත. ව්‍යාපාර වලද තරමක පාඩු පෙන්වයි. ආදායම් මාර්ග වල අවහිරතා පෙන්නුම් කරයි. මුදල් වැය ්‍වීමට කරුණු යෙදෙන කාලයකි. කෙසේ වුවද මනා ඉවසීමකින් සහ බුද්ධිමය කළමනාකරණය තුලින් මේ තත්වයන් වෙනස් කර ගැනීමට අනිවාර්යෙන්ම හැකිවනු ඇත.
රැකියාවේ බාධා පැමිණෙයි. රැකියාව වෙනදාට වඩා කාර්යබහුල වන කාලයකි. සිතට තරමක පීඩා ඇති විය හැක.  
ගෘහ ජිවිතය තුල දෙමාපියන්ගේ දෝෂ දර්ශනයට ලක්විය හැක. පවුල් ජීවිතයේ සමගියට බාධා ඇතිවිය හැකි නිසා ඉවසීමෙන් කටයුතු කරන්න.
සෞඛ්‍ය තත්වයේ ඇස් රෝග ඇති වීමට ඉඩ ඇති කාලයකි.

-

** සෙනසුරුගේ බලපෑම තරමක් හෝ අප සියලු දෙනාට පවති.
- සෙනසුරුගේ බලපෑම ගැන  අපගේ විග්‍රහය
https://www.facebook.com/irusewaya/photos/a.1177395292277548.1073741849.833656709984743/1353999854617090/?type=3&theater

* ●
සෙනසුරු අපල - දෝෂ තත්වයන් සමනය වීමට,

හැකි තරම බෝධි පූජා කරන්න. එම කටයුතු වලින් පසු එම පින් සෙනසුරු ග්‍රහ මණ්ඩලය ඇතුළු සියලු ග්‍රහ මණ්ඩල වලට, සක් දෙව් රජ, විෂ්ණු දෙවියන් ඇතුළු සියලු දෙවියන්ට, සියලු සත්වයන්ට, සියලු ඥාතින්ට ලැබේවායි ප්‍රාර්ථනා කරන්න. අපල දෝෂ තත්වයන් දුරු වන්නට - යහපත උදා වන්නට අධිෂ්ඨාන කරන්න.

- එම බෝධි පූජා පින්කම් කටයුතු වලට බදාදා සහ සෙනසුරාදා දින විශේෂයි.
- පහන් 04 ( සතර දිශාවට - උතුර - දකුණ - නැගෙනහිර - බටහිර)
- නිල් මල් වට්ටි 04යි ( මල් වට්ටියකට මල් 3ක් සෑහේ)
- පැන් වීදුරු 04
- හඳුන්කූරු 04


#සත්හටසෙත්පතන ඉරු

irusewaya@gmail.com
+94 77 2238041

No comments:

Post a Comment