Tuesday, January 24, 2017

සතියේ ලග්න පලාපලය - ජන.24-30


මෙය පොදු පලාපලයක් පමණි. කේන්දරය අනුව වෙනස් විය හැක.
සෙනසුරු මාරුව 26 සිදුවන නිසා මේ ගත වන කාලයන් වලදී කරන කටයුතු වෙනදාට වඩා පරිස්සමට, අවධානයෙන් කිරීම වටී.


-
● මේෂ
ආදායම් මාර්ග වලට අවහිරතා ඇති විය හැක. ආදායම සාමාන්‍ය පරිදි තිබුනද වියදම් වැඩි වීමේ අවදානමක්ද සහිතය. කෙසේ වුවද විදේශ ගත වීම් වලට සුබයි, ඒ කටයුතු සාර්ථක කරගත හැක.
රැකියාවේ කටයුතු වලටද තරමක බාධා ඇත. ප්‍රධානින්ගේ දෝෂාරෝපණ එල්ල විය හැකි බැවින් බුද්ධිමත්ව කටයුතු කරන්න.
ගෘහ ජිවිතය සාමාන්‍ය පරිදි ගත වෙයි. පවුලේ අය සහ සහෝදර - සහෝදරියන් වෙනුවෙන් බොහෝ කැපවීමට සිදුවිය හැක.

-

● වෘෂභ
ආදායම් මාර්ග වලින් සුබ ඵල ගෙන දෙන කාලයකි. නව ආදායම් මාර්ග උදා වෙයි. ණය ලැබෙයි. ව්‍යාපාර කටයුතු වල නව  පියවරක් ගැනිමට සුබ කාලයකි. මෙතෙක් තිබු ගැටලු මග ඇරි යයි.
 රැකියා දියුණුව ලැබීමට දරන උත්සාහයන් සාර්ථක වේ. රැකියාවේ කටයුතු යහපත් අයුරින් කිරීමට හැකියාව ලැබෙනු ඇත.
ගෘහ ජිවිතය තුල පවුල් ජීවිතයේ සමගිය ඇතිවේ. මිතුරු ඇසුර වර්ධනය වේ. ගෘහ ජිවිතය තුල පැවති ගැටළු විසඳා ගැනීමට හැකිවේ.

-

● මිථුන
ආදායම් මර්ග වලට යොමුවීමට උත්සහ දරන අයට ඒ සදහා තිබු බාධාවන් අඩු වී යනු ඇත.
රැකියාවේ කටයුතු වලදී තමාගේ නිදහස අඩුවී යන තත්ත්ව රැකියාවේදී මතු වේ. එහෙත්  රැකියා දියුණුව ලැබීමට දරන උත්සාහයන්ගෙන් යම් ප්‍රතිඵලයක් ලැබීමට ඉඩ සැලසෙනු ඇත.
ගෘහ ජිවිතය තුල මිතුරු සබදතා වර්ධනය කර ගැනීමට අවස්ථා යෙදෙනු ඇත. පපවුලේ සමගියට තරමක් බාධා මතුවේ .

-

● කටක
අාදායම් මාර්ග වලදී තමන් තුල ඇති වන දුර්වලතා තුලින් මුදල් නාස්ති වීම් මතු වේ. එසේම ගනුදෙනු වලදී ප්‍රවේසමෙන් කටයුතු කල යුතුය.
 රැකියාවෙන් තමනට යහපත් ප්‍රතිඵල ලැබීම අඩු විය හැක. එසේම තමන් කැප වී සේවය කිරීමට දරන උත්සහයන්ටද බාහිර ගැටළු ඇති විය හැකි බැවින් ඉතා බුද්ධිමත් විය යුතුය.
ගෘහ ජිවිතය තුල පවුලේ අය  වෙනුවෙන් කැපවිමට සිදුවේ. සාමාණ්‍ය පරිදි ගත වනු ඇත.

-

● සිංහ
කල්පනාකාරි විය යුතුය. මුල්‍ය කලමනාකරනයේ පාඩු මේ සතියේදී  පෙන්වයි.ආදායම් මාර්ග වලට යොමු වීමට අවශ්‍ය සහයෝගය ලැබිය යුතු අයගෙන් ලබා ගැනීමට අවස්ථා උදා වේ. කටයුුතු සාර්ථක කරගැනිමට නිසි කැපවීම අනිවාර්ය වෙයි.
 රැකියා සොයන අයට යහපත් රැකියා අවස්ථා උදාවේ. රැකියාවල නියුතු අයට තමන්ට යෙදුන ගැටළු විසදා ගැනීම් ආදියට ඉඩකඩ යෙදේ.
ගෘහ ජිවිතය තුල ගෙදර පරිසරය අලංකාර ලෙස මෙන්ම ක්‍රමවත්ව තබා ගැනීමට උන්නදු වේ. ඒ කටයුතු වෙනුවෙන් වෙහෙසිය යුතුය.

-


● කන්‍යා
නව ආදායම් මාර්ග උදා වෙයි. ණය ලැබෙයි. ව්‍යාපාර ක්ෂෙත්‍රෙයේ නව  පියවරක් ගැනිමට හැකිවේ. අනෙක් අය වෙනුවෙන් මුදල් වැය කිරීමට අවස්ථා ගෙන දේ.
නිෂ්ඵල ගමන් බිමන් වල යෙදීමෙන් රැකියා කටයුතු අඩාල විය හැකි බැවින් ඒ පිළිබද සැලකිලිමත් වන්න.  රැකියාවේ කටයුතු ඇතුළු සියලු කටයුතු වලදී ඉක්මන් තීරණ වලට යොමු වීමෙන් ගැටළු මතු වන්නට ඉඩඅ ඇත.
ගෘහ ජිවිතය තුල පවුලේ අනෙක් අය වෙනුවෙන් වෙහෙසීමට සිදුවේ.

-

● තුලා
අාදායම් මට්ටම පහල බැසීමට කරුණු යෙදෙන්නට ඉඩ වැඩිය. තම එදිනෙදා කටයුතු වල යෙදීමේදී බලාපොරොත්තු වන ප්‍රමාණයට වඩා මුදල් වැය විය හැක.
රැකියා කටයුතු සම්බන්ධව වෙනදාට වඩා උනන්දුවක් ඇති වේ. දුර පළාත් වල රැකියා අවස්ථාවන් යෙදීමට ඉඩකඩ සැලසේ. විදෙස් ගත විම්වලදට යහපත් සතියකි.
ගෘහ ජිවිතය තුල පවුලේ සමගිය වර්ධනය වේ. දරුවන් වෙනුවෙන් වෙහෙසිමට සිදුවේ.

-


● වෘශ්චික
මුදල් ඉපැයීමේදී තමන් ගන්නා තීරණ වලින් එතරම් ශුභ ප්‍රතිඵල නොලැබීම විය හැකිය. අාදායම් මට්ටම පහල බැසීමට කරුණු යෙදීමට ඉඩ ඇත, එහෙත් කල්පනාකාරිව බුද්ධිමත්ව කටයුතු කිරිම තුල මෙම තත්වය වෙනස් කරගත හැකිවනු ඇත.
රැකියාව කිරීමේදී තමන්ට පෙරදී යෙදුන බාධක තත්ව වලට විසදුම් ලැබිය  හැක.
ගෘහ ජිවිතය තුල අවිවාහක අයට මංගල යෝග උදාවේ.  ප්‍රේම සබදතා වලට ඉඩ සැලසේ.

-


● ධනු
ආර්ථික මට්ටම හොද තත්වයක පවත්වාගෙන  යාමට හැකිවේ. උත්සාහය තුලින්ම ආර්ථික තත්වය ගොඩ නගා ගැනීමට සිදුවේ. කෙසේ වුවද මහන්සියට නිසි ඵල ලැබෙනු ඇත.
නව රැකියා අවස්ථා උදාකර ගැනීමට හැකිවේ. රවි හෝ ගුරු මහ දසා, අතුරු දශාවන් ගත කරන අයට රැකියාවේ යම් කිසි දියුණුවක් ඇති කර ගැනීමට ගන්නා උත්සාහයන් සාර්ථක වේ.
ගෘහ ජිවිතය තුල වැඩිහිටි අයගේ දෝෂාරෝපණයට ලක් වීමට ඉඩ ඇත. විවාහය පිළිබද තීරණ ගැනීම් වලටද අවස්ථා උදාවේ .

-

● මකර
ආර්ථික ගැටළු බොහොමයකට විසදුම් සොයා ගැනීමට ඉඩ සැලසෙන සතියකි. ආදායම් තත්වයන් යහපත් වනු ඇත. ඒ සම්බන්ධ කටයුතු වලට යහපත්ය.
රැකියාවේදී රාජකාරි වල නියුතු අයට යෙදෙන ගැටළු හේතුවෙන් අනුන්ගේ රාජකාරීන් තමන්ට ඉටු කිරීමට සිදුවන අවස්ථා උදවිය හැකිය.
ගෘහ ජීවිතය යහපත් වේ. තමන්ට ගැටළු මතු වීම අඩුය. පවුලේ සමගිය වර්ධනය වේ

-

● කුම්භ
මුදල් ඉපැයීමේදී තමන් ගන්නා තීරණ වලින් එතරම් ශුභ ප්‍රතිඵල නොලැබීම විය හැකිය. අාදායම් මට්ටම පහල බැසීමට කරුණු යෙදේ. එනිසා බුද්ධිමත්ව කටයුතු කරන්න.
 යහපත් රැකියා වලට අවස්ථා යෙදේ. රැකියා බාධාවන් අඩු වී යාමෙන් සිතට සහනදායි බවක් ගෙන දෙනු ඇත.
ගෘහ ජීවිතය යහපත් සතියකි. අවිවාහක අයට මංගල යොග උදාවේ. විනෝදමත්ව සිටිය හැක.

-

● මීන
කරන කටයුතු වලට තරමක් බාධා මතු වීම් ගෙන දේ. අාදායම් මට්ටම එතරම් යහපත්ව පවත්වා ගෙන යාමට අපහසු තත්ව නිර්මාණය වේ. නිෂ්ඵල දේට තම කාලය හා මුදල් යෙදවීමට සිදුවිය හැක.
 රැකි රක්ෂා පිළිබද උනන්දුව අඩු වීමෙන් රාජකාරි අතපසු වීම් වැනි තත්ව උදාවේ. එනිසා අවදානමත්ව කටයුතු කරන්න.
ඉගෙනීම් කටයුතු වලදී දරුවන් වෙනදාට වඩා පොත්පත් කෙරෙහි යොමු වීම අඩු විය හැක.
 උත්සව අවස්ථාවලට සම්බන්ද වීමට අවස්ථා උදාවේ.


-

#ඉරු

irusewaya@gmail.com
077 2238041

No comments:

Post a Comment