Tuesday, January 3, 2017

2017 වසර ලග්නෙට අනුව ඔබට කොහොමද ??


-
ග්‍රහ මාරු බොහෝමයක් වන 2017 වසර, පොදුවේ 2016 වසරට වඩා බොහෝ සුභදායක වන බව අපගේ විශ්වාසයයි. ජනවාරි අග සිදුවන සෙනසුරු මාරුවෙන් පසුව වඩ වඩාත් දියුණු තත්වයක්, සහනදායි, සුභදායක තත්වයක් රටටම ඇතිවනු ඇත.

-
* පොදු පලාපලයක් පමණි.
-

● මේෂ
වසර 2කට අධික කාලයක් තිබුුනු අෂ්ඨම ඒරාෂ්ඨක අපල තත්වය 2017 ජනවාරි 26 දිනෙන් නිමාවේ. ස්ථීර අධිෂ්ඨානායෙන් යුතුව කරන කටයුතු වලින් ප්‍රයොජන  අත්වේවෙනදාට වඩා වෙහෙස වීමට කැපවීමට සිදුවන කාලයකි.
කලක් තිස්සේ පැවති ආදායම් මාර්ග වල දුරුවලතා සියලු කරදර බාධක මග ඇරී යයි.
 ආර්ථික ගැටළු වලට විසදුම් සොයා ගැනීමට හැකි වන අතර, රැකියාවෙ උසස්විමක් හෝ වෙනස් විමක් සිදුවන කාලයකි. ප්‍රධානින්ගේ පැසසුම් ලැබෙයි. පවුලේ සමගිය වර්ධනය වෙයි. මිතුරන් - ඤතින් අතර හොද හිත වර්ධනය වෙයි. මංගල යෝග උදා වේ.

-

● වෘෂභ
ඔබට උදාවූ නව වසර  තරමක් පිඩාකාරි වේ. අෂ්ඨම ඒරාෂ්ඨක අපල තත්වය 2017 ජනවාරි 26 දින සිට ආරම්භ වෙයි. තරමක් වියදම වැඩිවන කාලයකි. මුල්‍ය කලමනාකරණයේ පාඩු පෙන්වයි. වියදම් පාලනය කරගත යුතු වෙයි, නැතහොත්  ප්‍රශ්න වලට මුහුණ දීමට සිදුවේ.
 රැකියා අවස්ථා උදාවේ.  නමුත් රැකියාවෙන් තමන්ට යහපත් ප්‍රතිඵල ලැබීමට බාධා මතුවෙයි.
 අවිවාහක අයගේ විවාහ මංගල කටයුතු ප‍්‍රමාද කරයි. පවුල් ජීවිතයේ සමගිය හා තෘප්තිය තරමක් අඩු කාලයකි.
නමුත් සෙනසුරු වෘෂභ ලග්නයට යහපත් නිසා සෙනසුරුගේ බලපෑම තරමක අවම වනු ඇත.

-


● මිථුන
මිථුන ලග්න හිමි ඔබට උදාවන නව වසර යහපත් ප‍්‍රතිඵල ගෙන දෙයි. වාහන - නිවාස මිලදී ගැනීමට යොමුවන කාලයකි. නව ආදායම් මර්ගවලට යොමුවීමට උත්සහ දරන අයට ඒ සදහා අවස්ථාවන් උදාවේ. දියුණුව පිණිස නව  පියවරක් ගැනිමට සුබ කාලයකි.
රැකියාව කැපවිමෙන් වැඩ කලහැකි කාලයක් වේ. කරදර බාධක මග හැරී යයි.
 ප්‍රධානීන්ගේ පැසසුම් ලැබෙයි. රැකියාවෙ උසස්විම්  පෙන්නුම් කරන කාලයකි.
 2017 ජනවාරි 26 වන දිනෙන් පසුව මංගල යොජනා කල් යෑමට හෝ තරමක් බාධා ඇති වීමට පුලුවන. සුළු සුළු පවුල් ආරවුල් ඇතිවෙයි. ඉවසිමෙන් කටයුතු කලයුතු වේ.


-

● කටක
 ඔබට මෙම නව වසර යහපත්ය.
2017  ජනවාරි 26න් පසු
 අදායම් මාර්ග වලින් යහපත් ප්‍රතිඵල ලැබීමට අවස්ථා උදාවේ. මුල්‍ය ආයතන වලින් ණය ලැබෙයි. පැවති බාධා ඉවත්වේ. නමුත් වැයවීම් තරමක් ඉහල යයි. රැකියාවෙ උසස්විමක් හෝ වෙනස් විමක් සිදුවන කාලයකි.
පවුලේ 
සමගිය වර්ධනය වෙයි. මිතුරන් - ඤතින් අතර හොද හිත වර්දනය වෙයි. අධ්‍යාපන කටයුතු වෙනුවෙන් පැවති බධාවන් සම්පූර්ණයෙන්ම පාහේ  ඉවත්වෙයි.  තම දරුවන්ගේ කටයුතු වෙනුවෙන් වෙහෙසීමට සිදුවෙයි.

-

● සිංහ
 ඔබට මෙම නව වසරේ, තනි තීරණ මත කටයුතු කිරීම් වලට යොමු වෙයි. පැවතී ගැටළුදායක තත්ව විසදා ගැනීමට හැකි වෙයි. ආදායම් මර්ගවලට යොමුවීමට උත්සහ දරන අයට ඒ සදහා අවස්ථාවන් උදාවේ. නිවාස - වාහන නඩත්තු කිරීම සඳහා තරමක් ධනය වැය වන කාලයකි. හවුල් ව්‍යපාර ආදියේදි තරමක් ගැටළු නිර්මාණය විය හැක.
සුදුසුකම් වලට සරිලන රැකියා අවස්ථා උදාකර ගැනීමට හැකි වෙයි. රැකියාව බාධා මැද වුවද කරගෙන යාමට සිදුවෙයි.
අධ්‍යාපන කටයුතු වල නියුතු අයට දුෂ්කරතා ඇතිවිය හැක.
 උත්සව සහ ප‍්‍රිය සම්භාෂන අවස්ථා වලට සහභාගී වීමට ලැබෙන කාලයකි.

-

● කන්‍යා
ඔබට මෙම නව වසරේ වියදම් පාලනය කරගත යුතු වෙයි. මුල්‍ය කලමණාකරණයේ අඩුපාඩු පෙන්වයි. රහස් සතුරන් ඉස්මතු වීමට ඉඩ ඇත. ඔබගේ දියුණුව අඩාල කිරීමට සතුරන් උත්සාහ කරනු ඇත.  බලාපොරොත්තු නොවන අවස්ථා වලදී මුදල් වැයවීමට සිදුවිය හැක.2016 අගෝස්තු මාසයෙන් පසු ඔබ වැදගත් තීරණ වලට එළඹෙනු ඇත. නිවාස, වාහන, දේපල සම්බන්ධ කටයුතු වෙනුවෙන් වෙහෙස වීමට සිදුවෙයි.
 රැකියා කටයුතු වල තරමක් බාධා මතුවෙයි.
මෙම කාලය තුළදී සෙම් සහිත අසනීප, සන්ධි ආශ‍්‍රිත අසනීප ඉස්මතුවීමේ අවදානමක් ඇත.
ගෘහ ජිවිතයේ සමගියට බාධා  මතු වීමට ඉඩ ඇත. ඒ ගැන සැලකිිලිමත් වන්න.

-



● තුලා
ඔබට මෙම නව වසරේ පැවති බාධා ඉවත් වේ.
ආදායම් මාර්ග යහපත් කර ගැනිමටත් වැඩි
 දියුණු කර ගැනිමටත් හැකි වෙයි. පැරණි ගේ දොර අලුත්වැඩියා කිරීමට සහ පසුගිය කාලය තුළ සිදුවූ අඩුපාඩු නිවැරදි කර ගැනීමට මුදල් සහ කාලය වැය කිරීමට සිදුවෙයි. ණය ලැබේ.
 රැකියා ස්ථානයේ ගැටළු නිරාකරණය වේ. නව රැකියා අවස්ථා උදාකර ගැනීමට හැකිවේ. රැකියාව කාර්යබහුල වේ.
අනාගතය පිළිබද වැදගත් තීරණ ගැනිමට සිදුවේ. පවුල් ජීවිතයේ සමගිය ඇතිවේ. මංගල යෝග උදාවේ. මංගල.යෝජනා ස්ථිර වේ .


-

● වෘශ්චික
වෘශ්චික ලග්න හිමි ඔබට නව වසර සමග පසු පැවති පීඩාකාරි බව ඉවත් වී යයි. අභියෝග ජයගැනීමට හැකි වෙයි. ණය ලැබේ.
රැකියා ස්ථානයේ ගැටළු නිරාකරණය වේ. නව රැකියා අවස්ථා උදාකර ගැනීමට හැකි වේ.
 2017 අගොස්තු වලට ප්‍රථම වැඩි වශයෙන්   මංගල යෝග උදාවේ.
 පවුලේ සමගියට තරමක බාධා පැමිණිය හැකි බැවින් කල්පනාකාරි විය යුතුය. බලාපොරොත්තු නොවූ ගැටළුවලට සහ අනතුරුවලට මුහුණ දීමට සිදුවන කාලයකි.
මානසික නිදහස අඩු කරවන අතර සිත් පීඩාවන් සහ මානසික ආතතිය ඇති කරවයි. ඒනිසා මනා බුද්ධියකින් සහ ඉවසීමකින් කටයුතු කරන්න.

-



● ධනු
ඔබට නව වසර උදාවෙන් පසු 2017 ජනවාරි 27 දිනෙන් ශනිගේ ලග්න ඒරාෂ්ඨක අපල තත්ත්වය වර්ධනය වෙයි.
මෙතෙක් 
 පැවති පීඩාකාරි බව වැඩි වන්නට හේතු යෙදේ.  වියදම වැඩි වන කාලයකි. මුල්‍ය කලමනාකරණයේ පාඩු පෙන්වන නිසා වියදම් පාලනය කරගත යුතු වෙයි. බලාපොරොත්තු නොවුණ ගැටළු නිසා සිත් වේදනා ඇති වන්නටද ඉඩ ඇත. රැකියා ස්ථානයේ ගැටළු නිර්මාණය වෙයි. තම කීර්තිනාමය  රැක ගැනිමට අපහසු වෙයි.
 තම සහෝදර සහෝදරියන්ට තරමක
 කරදර කාලයක් උදාවේ. නොකළ වරදකට චෝදනා එල්ලවන දඬුවම් විඳීමට සිදුවන කාලයකි.
ඉවසීමෙන් බුද්ධියෙන් කටයුතු කරන්න.

-

● මකර
ඔබට නව වසර උදාවෙන් පසු ආදායමට වඩා වියදම වැඩි වන්නට ඉඩ ඇති  කාලයකි.
 ඉතිරි කිරීම අඩුවන කාලයකි. මෙම කාලය තුළ ඉතා ප‍්‍රවේශමෙන් කටයුතු කල යුතුය.
 මුදල් ලැබීම තරමක් අඩුවෙයි.
රැකියා කටයුතු වෙනුවෙන් වැඩියෙන් වෙහෙසීමට සිදුවෙයි.
 පවුලේ සමගියට තරමක බාධා පැමිණේ. කල්පනාකාරි විය යුතුය.
බලාපොරොත්තු නොවූ ලෙඩ රෝග  සහ අනතුරු වලට මුහුණ දීමට සිදුවන්නට ඉඩ ඇත.
2017 ජනවාරි 27 දිනෙන් ශනිගේ ලග්න ඒරාෂ්ඨක අපල තත්ත්වය ආරම්භ  වන නිසා පොදුවේ දැඩි අයහපත් නොවූවද කල්පනාකාරිව කටයුතු කලයුතුය .


-

● කුම්භ
කුම්භ ලග්න හිමි ඔබට මෙම නව අවුරු උදාවෙන් පසු ආර්ථික ගැටළු විසදා ගනිමට හැකි වෙයි.
 නව ආදායම් මාර්ග උදා වෙයි. ණය ලැබෙයි.
ව්‍යාපාර ක්ෂෙත්‍රයේ නව  පියවරක් ගැනිමට සුබ කාලයකි. අභියෝග වලට මුහුණදි ඒවා ජය ගැනීමට හැකි වෙයි.
නව රැකියා අවස්ථා උදාකර ගැනීමට හැකි වේ. රැකියාව කාර්යබහුල වේ. ඔබගේ හැසිරීම කෙරෙහි අන් අය තුළ සැක උපදවන කාලයකි.
විවාහ ජීවිතය තුල යම් යම්  ගැටළු මතු වීමට ඉඩ තිබේ. පේ‍්‍රම සම්බන්ධතා බිදවැටිම් සිදුවිය  හැක.
සමේ අසනීප තත්වයන්, රුධිරයේ ඇතිවන අසනීප තත්ත්වයන් මතුවීමට ඉඩ තිබෙන කාලයකි.

-


● මීන
ඔබට නව අවුරුදු උදාවෙන් පසුව තිබූ බාධා ඉවත් වේ.
 ආදායම් මාර්ග යහපත් කර ගැනිමටත් වැඩි
 දියුණු කර ගැනිමටත් හැකි වෙයි. අරපරෙස්සමෙන් මුදල් වියදම් කළද අනපේක්ෂිත වියදම් නිසා ඉතිරි කිරීම් අඩුවන කාලයකි. ධනය ලැබීම කෙරෙහි යහපත් වෙයි.
 රැකියාව බාධා මැද කරගෙන යාමට සිදුවෙයි. රැකියාවේ කටයුතු නිසා කාර්ය බහුල බව වැඩි වේ.
 වැඩිහිටියන්ගේ අවවාද අනුසාශනා ලැබේ. පවුල් ජීවිතයේ සමගිය ඇතිවේ. මංගල යෝග උදාවේ.

-

ජනවාරි 26 ිසිදුවන සෙනසුරු මාරුවට පෙර දැන් ගත වන කාලයේ සියලුදෙනාම විශේෂයෙන් පරිස්සම් විය යුතුය. ඉන්පසුව ඒරාෂ්ටක අපල ආදි තත්වයන් පවතින අය විශේෂයෙන් පරිස්සම් විය යුත්තේ තරමක හෝ බාධා - කරදර පැමිණිය හැකි බැවිනි.


එම සියලු අපල වලට හැකි තරම බෝධි පූජා කරන්න. අසරණ අයට උදව් කරන්න.

විශේෂ වශයෙන් බුදු, පසේ බුදු, මහරහතුන් වහන්සේලා උදෙසා පහනක් සෑම දිනම රාත්‍රි 8-9 අතර දල්වන්න.
පහන් 01, සුදු මල් වට්ටි 01, පැන් වීදුරු 01, හඳුන්කූරු 03
මෙතෙක් කල සියලු අකුසල කර්ම, පාප කර්ම, ග්‍රහ දෝෂ, ග්‍රහ බලවේග දුරු වී යහපත උදා වන්නට මේ කරන පින් බලෙන් අවස්ථා උදා වේවායි අධිෂ්ඨාන කරන්න.
ඉන්පසුව මේ පින් ශක්‍ර දේවෙන්ද්‍රයා, මහා බ්‍රහ්ම රාජයාණන්වහන්සේ ඇතුළු සියලු බ්‍රහ්මයන්ට, සම්බුද්ධ ශාසනය රකින විෂ්ණු දෙවියන්, ඊශ්වර දෙවියන් යනාදි කොට ඇති සියලු දෙවියන්ට ලැබේවායි ප්‍රාර්ථනා කරන්න. සියලු සත්වයන්ට, සියලු ඥාතින්ට ලැබේවායි ප්‍රාර්ථනා කරන්න !

ඔබ සැමට බුදු සරණයි !


#ඉරු

077 2238041
irusewaya@gmail.com

No comments:

Post a Comment