Sunday, November 30, 2014

සතියේ ලග්න පලාපලය (දෙසැ.1 සිට)

● මේෂ
මෙම සතිය ඔබට මධ්‍යස්ථයි.
වියදම් අධික සතියකි. ලැබෙන මුදල් ඉතාම සීග්‍රගාමිව වැයවේ. ලැබීමේ බාධාවක් නොමැති වුවත්, කළමනාකරණයේ දෝෂ මගහරවා ගැනීමට කල්පනාකාරි වන්න.
ගෘහ ජිවිතයේ ගැටළුවක් නැති වුවත් ආදායමේ ප්‍රශ්න ඇති නිසා, ඒ ගැන මීට වැඩිය කල්පනා කල යුතුයි. එසේම අඹුසැමියන් අතර යම් යම් මතවාද නිසා මත ගැටුම් ඇතිවිමට හේතුයි.
තරමක කාර්යබහුල වන සතියකි.
සෞඛ්‍ය තත්වය ලෙස, පාද වල, අත්පා වල වේදනාව, හන්දිපත් රුදාව, එසේම සෙම් අසනීප බලපායි.

● වෘෂභ
ඉතාම ශුභ සතියකි.
ලැබීමේ භාග්‍යය ඇතිවේ. සහෝදර සහෝදරියන්ගෙන් උදව් උපකාර ලැබේ. ඒ අයගෙන් ආරක්ෂණය ලැබේ. ගනුදෙනු වලට යෝග්‍ය සතියක් වන අතර, ව්‍යාපාරික ක්සෙත්‍රයේ නියුතු අයට දියුණුව ලැබේ.
ගෘහ ජිවිතය ප්‍රීතිමත්ව ගතවේ. අවිවාහක අයට මංගල යෝග උදා වෙනවා සේම, ප්‍රේම සබදතාද සඵල වනු ඇත. අඹුසැමි ප්‍රීතිය වර්ධනය වේ. කම්සැප ඕනෑ කරන සතියකි.
රෝගාබාධ නොමැති වුවත්, අජීර්ණ සම්බන්ධව පරිස්සම් වන්න.

● මිථුන
ශුභ සතියකි.
ආදායම් තත්ව ඉහල යයි. ව්‍යාපාරිකයන්ගේ ආදායම් තත්ව ඉහල යනවා සේම, පිට පලාත් වල රැකියා කරන අයටත්, විදෙස් රැකියා වල නියුතු අයටත් ආර්ථික වාසි සැලසේ. ජලාශ්‍රිත කර්මාන්ත කරන අයට සුභම සතියකි.
ගෘහ ජිවිතය ප්‍රීතිමත් වන අතර, තමාගේ සතුරන් වී සිටි අය මිතුරන් බවට පත්වේ. එයින් සිතට ප්‍රීතිය ගෙනදේ.
උදරාබාධ සහ නිදන්ගත රෝග ඇති අය පාලනය කලොත් හොදයි.

● කටක
මේ සතිය ඉතාම ශුභයි.
කටක ලග්නයේ ඔබ මේ සතියෙදි හුඟක් ආර්ථික අංශයෙන් වාසි අත් කරගනී. පෙර පිනට මෙන් යම් යම් දේ ලැබේ. එසේම වැඩිහිටියන්ගෙන් උරුහරුමකම් ලැබේ. සතිය පුරාවටම අඩුවක් පාඩුවක් නැති ගත කරන අතර, ව්‍යාපාරික අයට විවිධ මාර්ග වලින් ආදායම් ලැබේ.
ගෘහ ජිවිතය ප්‍රීතිමත්ව ගතවන අතර, අඹුසැමියන් අතර කායික ඇසුරට උනන්දුව වැඩිය. දරුවන්ගේ තරග විභාග වලින් ජය ගැනීම නිසා සිතට ප්‍රීතිය ගෙනදෙයි.  ඔබට සුභ සති අන්තයක් මෙම ග්‍රහ බලයත් සමග ලැබේ.
මුත්‍රා අමාරු සහ උෂ්ණාධික රෝග වැලදීමට ඉඩ ඇත.

● සිංහ
සමඵලයි.
සතිය මුලදී යම් යම් බාධක තිබුනද, සතිය අගදී එම තත්වය මගහැරෙනු ඇත. ඔබට විවිධ මාර්ග වලින් ආදායම ලැබේ. ඒ අනුවද හොදයි. වැඩිහිටියන්ගෙන් ආදායම් මාර්ග වලට උදව් උපකාර ලැබෙනු ඇත. සතිය මැදදි පැරණි මිතුරෙකුගේ හමුවීම නිසා ආර්ථික වාසි සැලසේ.
ගෘහ ජිවිතය තුල, තමන් නොමසුරුව වියදම් කරයි. ඒ අතර,  ඔබට යම් යම් ප්‍රීති උත්සව වලට සහභාගි විමට පුලුවන්. එයින් ප්‍රීතිය ගෙනදෙයි.  කෙසේ වෙතත් දුරබැහැර සංචාරයේ යන ඔබ, ජලාශ වල නොවිමසා නෑමෙන් වලකින්න. - සෞඛ්‍ය අංශයේ සෙම් අසනීප වැඩිවීමද ජලය නිසා බෝවන රෝගද, අමියා අජීරණද ඇතිවිමටද ඉඩ ඇත.

● කන්‍යා
ඔබට මේ සතිය නම් බලවත් අයහපතක් ඇත.
ලග්නයේ ග්‍රහයන් හැසිරෙන හැටියෙන් ඒ බව පෙන‍ේ. ආර්ථික තත්වයට බාධක එල්ල වන අතර, සතුරු කරදර නිසා ආදායම බිංදුවට බසී. එසේම සතුරන්ගේ කූඨ උපක්‍රම නිසා ආර්ථිකයේ ප්‍රබල කඩා වැටීමක් සිදුවිය හැක. ණය තුරුස් වීමද, ගත් ණය ගෙවා ගැනීමට බැරිවිමද සිදුවිය හැක.
ගෘහ ජිවිතය තුල තද අසහනකාරි භාවයක් පෙන්වයි. ලග්නයේ රාහු සිත කලබල කරන නිසාද 7 වැන්නේ සදු කේතු සමග සිටින නිසාත් සියලුම දෙනා දෙස සැකයෙන් බැලීමට සිදුවේ. තමාගේ භාර්යාව තමාට විරුද්ධව නැගිසිටිමට ඉඩ තිබේ.  මිතුරන් නිසා, මිතුරන්ගෙන් දුක් සහිත ආරංචි ලැබේ.
සෞඛ්‍ය තත්වය ගැන පරිස්සම් වන්න. අධික රුධිර පීඩනය සහ මානසික ආතතියෙන් පරිස්සම් වන්න.

● තුලා
ඔබට මෙම සතිය ඉතාම වාසනාවන්තයි.
චන්ද්‍ර චාරය අනුව යම් යම්, සතිය මැදදී ආර්ථික වාසි සිදුවේ. තුලා ලග්නයේ ඔබ කල රැකියාව වෙනුවට ඊට වඩා උසස් රැකියාවක් ලබාගැනීමට ඔබට කල පැමිණෙනවා ඇත. ඔබ තරග විභාග වලින් ජය ගැනීම නිසා උසස් පදවි වලට පත්වේ. එසේම ඔබගේ ග්‍රහචාරය දෙස බලන කල ඔබගේ බුද්ධියත් නුවණත් නිසා ආර්ථික වාසි එමට හිමිවේ. මනා සංවිධාන ශක්තිය නිසා ඔබගේ ව්‍යාපාර කටයුතු දියුණු වේ.
ගෘහ ජිවිතය ප්‍රීතිමත්ව ගතවන අතර අන්නෝන්‍ය විස්වාසය තහවුරු වේ. එසේම කාම ශක්තිය දියුණු වන නිසා සහකරු/සහකාරියගේ බැදීම ඉතාම ඕනෑකමක් පෙන්වයි. දුවාදරුවන්ට රසවත් ආහාර පාන අරන් දී ඔවුන්ව සතුටු කරයි.
සෞඛ්‍ය අංශයේ සෙම් රෝග ඇතිවිමට ඉඩ ඇත. එසේම තත්කාල ග්‍රහචාරයේ කේතු 6 නිසා හදි හූනියම්, කොඩිවින ආදියට ලක්වීමට පුලුවන්. නොදන්නා ස්ථාන වලින් ආහාර ගැනීමෙන් වලකින්න(මෙය සෞඛ්‍ය දෝෂයක් නොවේ)

● වෘශ්චික
මේ සතිය බලවත්ම සතියකි.
චතුර්ග්‍රහ යෝගයක් ලග්නයේ සිටියදී සදුද බලවත් බැවින් ආර්ථික අංශයේ දැවැන්ත වාසි අත්වේ. එසේම කරන කියන සියලුම කටයුතු ජයග්‍රහණය කරා යයි. එසේම භූමිය ඉඩම්, යානවාහන කටයුතු වල සහ සුළු හා මධ්‍ය පරිමාණ ස්වයං රැකියා කරන ඔබට යහපත ඉටුවේ. වැඩිපුර දෙවියන් නැමද ඉෂ්ඨ දේවතා වන්දනයේ යෙදිම ඔබගේ දියුණුවට හේතුවනවා ඇත.
ගෘහ ජිවිතය ඉතාම ප්‍රීතියෙන් ගතවන අතර, භාර්යාවට දුවාදරුවන්ට, ප්‍රේමය ඇල්ම බැල්ම වැඩිවේ. අවිවාහක අයට මංගල යෝග උදාවන අතර පෙම් සබදතා තහවුරු වී වැඩිහිටියන්ගේ කැමැත්ත ලැබේ. අධ්‍යාපනය ලබන දරුවන්ටද ඉතාම හොදයි.
විශේෂයෙන්ම ප්‍රබල සෞඛ්‍ය අසනීපයක් නැති වුවත්, හිසේ අමාරු ගැන සැලකිලිමත් වන්න. සෙම් අමාරු සහ සතිය අගදී ජලයෙන් බෝවෙන ලෙඩ ගැන පරිස්සම් වන්න.

● ධනු
මධ්‍යස්ථඵලයි.
ආදායම ලැබෙනමුත් වියදමට වැඩි කොටසක් යයි. සමහරවිට අනවශ්‍ය වියදම්ද, ඔබගේ පරණ ණයවාරික ඇරියස්වීම නිසා ඇතිවන ආර්ථික අවහිරතාද හදිසියේම මතුවේ. විශේෂයෙන්ම ඔබ ලග ඇති ෆිනෑන්ස් කල වාහන නිසා සිතට කරදර ඇතිවෙයි. වැටුප් ප්‍රමාද වීම සිතට කරදර ඇතිකරයි.
ගෘහ ජිවිතය තුල ප්‍රීතිය ඇතිවේ. නමුත් ඉදහිට අඹුසැමියන් අතර රණ්ඩු සරුවල් ඇතිවේ. කායික සබදතා වලින් තරමක් ඈත්විමට සිත් පහල වේ.  සතිය අගදී දරුවෙකුගේ කටයුත්තකින් සිතට සතුට ඇතිවේ.
රෝගාබාධ ලෙස පාද වල වේදනා, පපුවේ සෙම් අමාරු ඇතිවිය හැක.

● මකර
ජයෙන් ජය ලැබෙන සතියකි.
අති විශිෂ්ඨ ග්‍රහ බලයක් ඇති මේ කාලයේ හදිසි ධනලාභ වලින්, මිතුරන්ගෙන් ධනය ලැබේ. ලොතරැයි දිනුම් ලැබීමට උරුමහරුමකම් ලැබීමට පවා වාසනාවන්තයි. එසේම සියලුම ව්‍යාපාරික අංශයේ භවතුන්ට සුභ සතියකි. ඔබ විදෙස් රටක සේවය කරන්නේ නම් වැටුප් වර්ධක සහ බෝනස් ලැබීමට පුලුවන.
ගෘහ ජිවිතය ප්‍රීතිමත්ව ගතවේ. සහෝදර සහෝදරියන්ගේ ආශ්‍රය සිතට සතුට ගෙනදෙයි. උසස් අය, ඉහල පෙලේ වීඅයිපී මිතුරන් සමග ආශ්‍රය ඇතිවේ. එසේම කම්සැප වුවමනා වේ. එම අවස්ථා ලැබේ. දරුවන් සමග මුළු පවුලත් සමග සංචාරය ඇතිවේ. එයද ශුභයි.
සෞඛ්‍ය අතින් ගත්කල, ප්‍රබල ගැටළු නැත. පපුවේ සෙම ගැන සැලකිලිමත් වන්න. එයද කුඩා දරුවන්ට පමණකි.

● කුම්භ
ශුභදායක සතියකි.
මේ සතිය තුල ඇති කරන වාසනාව, ආර්ථික දියුණුව අතිවිශිෂ්ඨය. එසේම ඔබට නව රැකියා අවස්ථා, අලුත් ආදායම් මාර්ග දියුණු වේ. විදේශ රැකියා වල නියුතු ඔබටත් සුභයි. එසේම අලුත් පදවි තානාන්තර ලැබේ. වෙන අපලයක් නැත.
ගෘහ ජිවිතය ප්‍රීතිමත්ව ගතවේ. ආර්ථික වාසි සහිත නිවසට අලුත් බඩුමුට්ටු ලැබේ. එසේම යම්කිසි හේතු නිසා, සිත ප්‍රීතියෙන් යුක්තව දරුවන් බිරිඳ ස්වාමියා සමග කාලය ගතකිරීමට පුලුවන්. සමහරවිට කුම්භ ලග්නයේ ආයතන ප්‍රධානින් අනියම් කම්සැපට නැඹුරුවීමේ ඉඩකඩක් පවති. පරිස්සම් වීම මැනවි.
සෞඛ්‍ය තත්වයේ ප්‍රබල ගැටළු නැත. සෙම් අමාරු සහ සෙම් ගෙඩි ඇතිවිය හැක.

● මීන
ඉතාම ශුභ සතියකි.
පෙර පිනට මෙන් යම් යම් ආර්ථික වාසි ඇතිවේ. එසේම මිතුරන් නිසා ආර්ථික වාසි සැලසේ. ව්‍යාපාරික ක්සෙත්‍රෙය් නියුතු ඔබ කාර්යබහුලයි. එයින්ද ආර්ථික වාසි ඇතිවේ. ණයතුරුස් නිමාවන කාලයකි. ආදායම ලැබේ. පිටපලාත් වල වෙලදාමේ නියුතු අයට සහ විදෙස් රැකියා වල නියුතු අයටද යහපත්ය.
ගෘහ ජිවිතය ප්‍රීතියෙන් ගතවේ. දරුවන්ගේ දියුණුව ඇතිවේ. අඹුසැමි ප්‍රේමය ඇතිවේ. වන්දනා ගමන් ඇතිවිමට ඉඩ ඇත. ඔබගේ කාලයෙන් වැඩි කොටසක් පවුලේ අය සමග ගතකිරිමට පුලුවන් නම් ඔවුන් ඉතාම සතුටු වනු ඇත. වැඩිහිටි ඥාතින්ගේ පැමිණීම අපේක්ෂා කල හැක.
විශේෂ සෞඛ්‍ය ගැටළු නොමැති අතර, සෙම් රෝග පමණක් ඇත. සමහරවිට සෙම කරවීම නිසා හිසේ කැක්කුම් හටගනී. එයත් සතිය පුරාම පැවැත්වීමට ඉඩ ඇත. ප්‍රබල උපද්‍රව නොමැති බව කියමි.

Friday, November 28, 2014

අපගේ යන්ත්‍ර කටයුතු වල මූලිකත්වය දරන උක්කුං බණ්ඩා ගුරුන්නාන්සේ සමඟ කරන කතාව

Q 01
 ජෞතිර්වේදි මහතෙකු විසින් නියම කල පසු එම අදාල යන්ත්‍රය ජප කරන එම තැනැත්තාට තිබිය යුතු ගුණාංග මොනවාද ? ඒ ගැන ඔබතුමාගෙ අදහස කුමක්ද ?

Q 02.
අපි දන්නවා නාගර්ජුන යන්ත්‍රය රාහු අපලයට, සෙනසුරු/ශනි අපලයට ශනි මාතුංජය, සෙනසුරුගේ මහ දසාවේ අපල වලට නීල මණ්ඩල යන්ත්‍රය, බුදගේ ග්‍රහ අපල වලට විෂ්ණු මණ්ඩල යන්ත්‍රයන් තිබෙනවා. ඒවගේම බුදුගුණ යන්ත්‍ර තිබෙනව, මහා අභිසම්පිධාන යන්ත්‍රය, රතන යන්ත්‍රය ආදි ලෙස මේ යන්ත්‍ර වලිනුත් සෙතක් ශාන්තියක් ඇතිවෙනව නේද...

* Q 03:-
තියෙන මතයක් තමයි ජල නන්දන පිරිත ගෙදරක කියන එක සුදුසු නෑ කියල, ජල නන්දන යන්ත්‍රය පැලදීම සුදුසුද කියන එක ?
ඔබතුමා පැහැදිලි කරල දෙන්න මේ ගැන... ?

ඉරු ජෝතිෂ්‍යය සේවයේ යන්ත්‍ර කටයුතු වල මූලිකත්වය දරන උක්කුං බණ්ඩා වෙද ගුරුන්නාන්සේ..

Thursday, November 27, 2014

ඔබ නොදන්න දේශපාලන යෝග

දේශපාලනය, දේශපාලකයින්ගේ විවිධාකාර ක්‍රියාකාරකම් ගැන කියවෙන, කතා කරන මෙවැනි කාලයක් නැති තරම්ය.
සෑම මනුෂ්‍යයෙක්ම දේශපාලන සත්වයෙක් බව ග්‍රීක දාර්ශනික ඇරිස්ටෝටල් පවසා ඇත.
එසේ නම්, දේශපාලනයේ හිණි පෙත්තට යෑමට හෝ දේශපාලනයේ යම් ස්ථාවරත්වයක් ගොඩ නගා ගැනීමට නම් පුද්ගලයෙක්ට එම යෝග බලයන් අත්‍යාවශ්‍යය වේ.

●  දේශපාලන බලය දෙන ප්‍රබලම ග්‍රහ තාරකාව ශනි හෙවත් සෙනසුරුය.
* ශනි යනු මහජනතාව නියෝජනය කරන්නාය.
* එසේම පංච පුරුෂ යෝග වලින් 1ක් වන කුජ හෙවත් අඟහරු නිසා ඇතිවන  “රුචක යෝගයද“(හිටපු ජනාධිපතිනිය චන්ද්‍රිකා මැතිණියටද හිටපු හමුදාපති සරත් ෆොන්සේකාටද තිබේ),
ශනිට අදාල “සස යෝගයද“(හිටපු ජනාධිපති ප්‍රේමදාසයන්ට තිබුනි) බලවත්ම රාජ යෝග වේ.
එසේම මීට අමතරව, ප්‍රසිද්ධිය අවශ්‍ය වේ.

● ප්‍රසිද්ධිය නැත්නම්, දේශපාලනයේ යම් යම් කඩඉම් පසුකිරීමට නොහැකිය. එම දේශපාලන කටයුතු වලට අවශ්‍ය ජන ප්‍රසාදය, ප්‍රසිද්ධිය ලබාදෙන්නේ “රාහු“ ග්‍රහයාය.
මෙම රාහු ග්‍රහයා ප්‍රසිද්ධිය ලබාදෙන සුවිශේෂි ග්‍රහයෙකි.
● එසේම සිකුරු බලවත් වීමෙන් සියලුම ජනී ජනයා අතර පුද්ගලයා ජනප්‍රිය වේ. එයද අවශ්‍යම කාරණාවකි.

● දේශපාලකයෙකුට අවශ්‍යම වන තවත් කාරණයක් නම් ‘මුඛරි භාවය“යි. මේ මුඛරි භාවය දෙන්නේ බුධ ග්‍රහයාය. බුධ ග්‍රහයා බලවත්ව පිහිටිමෙන් ජනතාව අතරත්, මනාව ජනතාවට කතා කිරීමට එසේම පාර්ලිමේන්තුව තුල, ජන සභා තුල මාධ්‍ය ආයතන වල පවතින විවාද උදාහරණයක් වශයෙන් “රතු ඉර, වාද පිටිය, ජනහඬ, සටන “ වැනි වැඩසටහන් වලදී තමන්ගේ මතය තර්කානුකූලව ඉදිරිපත් කිරීමට මෙය සුවිශේෂි පිහිටිමකි.

●  රවි - බුධ යන ග්‍රහයන් 2ම එකතුම 11 වැන්නේ හෝ 2 වැන්නේ හෝ 1 වැන්නේ පිහිටිම වැනි දෑ දේශපාලකයින්ට ඉතාම යෝග්‍යම යෝග වේ. (රවි - බුධ යෝගයක් 3 වැන්නෙ තිබේ)
මෙවැනි අයත් සමග කතා කරලම දිනන්නට බැරිය.

● එසේම ගුරු/බ්‍රහස්පතී ග්‍රහයාගෙන් පුද්ගලයාගේ පෞරුෂය වර්ධනය වේ. (ගුරු ග්‍රහයා බලවත්වීමෙන් උදාවූ ‘ගුරු හංස ‘ නම් රාජ යෝගය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියට තිබුනි)
පෞරුෂයට ආභරණයක් ගුරුගෙන් ලැබේ. සියලුම ජනතාව අසවලා හොදයි යනුවෙන් පවසයි.
මේ ආකාරයෙන් බැලු කල විවිධ මෙවන් තවත් ග්‍රහයෝග ඇත.

ඒවාද ඉඩ ලැබෙන ලැබෙන විට ඉදිරිපත් කරමු !

ඔබද ඔබගේ සහෝදර සහෝදරියන්ද ඔබගේ දරුවන්ටද මෙම යෝග ඇත්නම් කවදා හෝ දිනක මේ ශ්‍රී ලංකාවේ මෙම පදවි වලට එනම් ජනාධිපති, අගමැති, මැති ඇමති, මන්ත්‍රී ධූර වලට පත්වෙනු ඇත.
සොයා බලන්න.
Next President කොහෙන්ද කියල...

තෙරුවන් සරණයි !

Wednesday, November 26, 2014

බහිරව පූජාව සම්බන්ධව සිතීමට දෙයක් !

බහිරව යන වචනය අපට සිහියට නැගෙන්නේ, අප නිවසක් ඉදි කිරීමට යන අවස්ථාවක හෝ එසේ ‍නොමැති නම්, අප භූමිය සම්බන්ධ යම් කටයුත්තක් කිරීමට යන අවස්ථාවේදීය.

මේ බහිරවයන් වහන්සේලා, මේ භූමිය අරක්ගත් එක්තරා ප්‍රාණ ජීවි කොට්ඨාශයකි. ඔවුන් භූමිය දරාගෙන ඉන්නා බව අනාදිමත් කාලයක සිට පැවත එන විශ්වාසයකි.

අප යම්කිසි කටයුත්තක් කරන අවස්ථාවක, භූමිය සම්බන්ධව, එසේත් නොමැති නම් නිවසක් ඉදිකිරීමේදී එම අවස්ථාවකදි අනිවාර්යෙන්ම අප බහිරව පූජාවන් හා ඊට අදාල වත්පිලිවෙත් සිදුකල යුතුය.

එසේ නොමැති නම්, ඉදිකිරීමේදී හෝ ඉදිකිරීමෙන් අනතුරුව අනේක විධ වූ දුෂ්කරතාවයන් වලට පත්වීමට අපට සිදුවේ. එය අනිවාර්යයි.
අප අත්දැක ඇති විදියට, කිසි වතාවක් නොකර ඉදි කරන ගොඩනැගිලි වල අතරමගදී සේවකයන්ට අනතුරු, කොටස් කඩා වැටීම ආදිය සිදුවන්නේද මෙම දෝෂ තත්වයන් නිසාය.

එසේම එම නිවස්නෙහි පදිංචි වූවාට පසු ආර්ථික, සමාජිය සියලු අංශ වල කඩාවැටිම හා කැපී පෙනෙන පිරිහීම වන්නේද මෙම හේතු නිසාය. එය බහිරව දෝෂ යනුවෙන් හඳුන්වයි.

ගමේ ගොඩ් භාෂාවෙන් හොඳට මිල මුදල් හම්බ කරන ගෙවල් වල අය කියන්නේ, මොනව වෙනවද දන්නෙ නෑ, බහිරවය ගිල්ල වගේ නැති වෙනව කියන්නේ මෙවැනි තත්ව වලටය.

එසේ නම් බහිරව පිලිවෙලත් කල යුතු ආකාරයක් ඇත. එය අප සේවය මගින් ඉෂ්ඨ කරදෙනු ලබයි.

4 කොණ, 8 කොණ ආදිය ආරක්ෂා කිරීමට කුඩා මුට්ටි වලට බහිරව ආරක්ෂණ යන්ත්‍රත්, තව නිදන් වස්තුත් ඊට අදාල නිදන් වස්තුත් එක්කොට එම මුට්ටි 4 කොණ, 8 කොණ වැළලීම සිදු කරනු ලැබේ.

එසේම ප්‍රධාන දොරටුව, ආරක්ෂා කිරීමට මුට්ටි වළලනු ලැබේ.

බහිරව ආරක්ෂණ මංජුසාවල තැන්පත් නිදන් වස්තු හේතුවෙන්, බහිරවයන් වහන්සේලාගේ ඇල්ම බැල්ම දෘෂ්ඨිය එම මංජුසාවලට යොමුවීම නිසා ඔවුන්ගේ පාපී බැල්ම නිවසේ ධන - ධාන්‍ය තත්වයන් වලට යොමු නොවේ. මෙය තමා විශේෂම සාධකය.

එයින් නිවසේ ධන-ධාන්‍ය තත්වය ආරක්ෂා වේ. එසේම මේ තැන්පත් කිරීමෙන් පසු ආරක්ෂාව ලැබෙනවා සේම, උදේ හවස නිවැසියන් තමාගේ ඉඩම පිහිටි නිවස හෝ භූමියට වැඳීමෙන් භූමි ස්පර්ශ මුද්‍රාෙවන් වන්දනා මාන කිරීමෙන් ඔවුන් සතුටු වේ. ආරක්ෂාව නිති සැලසේ.
මෙය අත්දැකීම් ඇති පරම පවිත සත්‍යයකි !

ඔබත් මෙය කියවා තේරුම් අරගෙන, ගැටළුවක් ඇතහොත් අපෙන් විමසන්න.

තෙරුවන් සරණයි !

කේන්දරය අනුව ධනයෝග


ඉරු සේවයේ ජාත්‍යන්තර ජෝතිෂ්‍ය කටයුතු පිළිබද උපදේශක වසන්ත රාජකරුණා මහතා විස්තර කරයි !


කේන්දර සටහනක් ඇසුරින් ධන යෝග ගැන කෙරෙන විග්‍රහයක් !

ධනය සම්බන්ධව ජෝතිෂ්‍යයට අනුව මූළික වෙන ස්ථාන නම් 1, 2, 5, 9, 10 වැන්න සහ 11 වැන්නය.

1 ලග්නාධිපතියා ශුභ ස්ථානයක බලවත් වීම.

9 වැන්නේ ලග්නාධිපතියා බලවත් වීම.

ලග්නාධිපතියා 10 වැන්නේ හෝ 2 වැන්නේ බලවත් වීම.

අභිනවයෙන් විවෘත කරන ලද, ඉරු ජෝතිෂ්‍යය සේවයේ කාර්යාලය සම්බන්ධවයි !


සයිබර් අවකාශයේ ජෝතිෂ්‍යය අංශයෙන් අපටම ආවේණික නවතම මධ්‍යස්ථ මතවාදයකින් ජෝතිෂ්‍යය නැමති මහා සාගරය තුල සාමාන්‍ය ජන විඥානයේ තිබූ මිථ්‍යාවන් එසේම එම ජනී ජනයා තුල තිබූ විවිධ අයහපත් චින්තන බැහැර කොට සාරගර්භවූත් වටිනාවූත් යම්කිසි අමිල වූ ජෝතිෂ්‍යය මතවාද විශේෂයෙන්ම පරාශර, වරහමීර සහ ක්‍රිෂ්ණ මූර්ති යන විශිෂ්ට වූ ඉන්දියානු ජෝතිෂ්‍යය සංකල්පයන් සහ මතවාද ඔස්සේ ජෝතිෂ්‍යෙය් නව නිම් වළලු සයිබර් අවකාශය තුල පුළුල් කිරීමට අප දරන වෙහෙස අතිමහත්ය.

මෙහිදී අප සේවයෙන්, ප්‍රයෝජන ලබා ගන්නා සියලුම සහෘදයන්ට සිතට සැනසිල්ලක් එසේම මනසට සුවයක් ලබාදීමට දරන වෙහෙසත් අතිමහත්ය.

එසේම ඔබතමුන්නාන්සේලාට පැවසිය යුතු තවත් සංවේදීම කාරණාවක් වන්නේ, මෙම ස්ථානය අප ආරම්භ කලේ ඔක්තෝබර් මස 31වන දිනය. අප අපගේ මේ ආයතනයට දිනෙන් දිනම ජෝතිෂ්‍යය සේවය ලබාගැනීම පිණිස යම් ජනතාවක් පැමිණෙමින් සිටී.
ඔවුන්ගේ ඔවුන්ගේ වචන වලින්ම කියනවා නම්, “පිං සිද්ධ වෙනව මහත්තයෝ “ අපට මේ කරපු උදව්වට යනුවෙන් කඳුළු පිරි දෑසින් කියන ලදි.

ඔවුන් අපගේ සේවය ලබාගෙන, ඔවුන්ගේ ශුද්ධ සිතින් අපට ස්තූතිය පිරිනමා යයි.
අපගේත් පූර්ණ අභිලාෂය අන්තර්ජාලයෙන් වේවා, මුද්‍රිත මාධ්‍යයෙන් වේවා, එසේ නැතිනම් කාර්යාලීය මගින් හෝ සියලුම ජනතාවට ජෝතිෂ්‍යයේ සැබෑ තත්වය පැහැදිලි කරදීමටය.

අප මෙම ආයතනය විවෘත කර තබන්නේ, ඉරිදා, සදුදා, අගහරුවාදා යන දින වල පමණි.

එසේම විශේෂ ඉල්ලීම් අප වෙත ලැබුනොත් පෝය දිනයේදී සහ සෙනසුරාදා දිනයන්හීද, රජයේ විශේෂිත නිවාඩු දින වලද මෙම ආයතනය විවෘත කර තැබීම සම්බන්ධව ඉදිරියෙදි සලකා බැලීමට නියමිතයි.
අපගේ ඇති අති කාර්යබහුලතාවය නිසා සමහර වෙලාවල් වලට ආයතනය වසා දැමීමට සිදුවේ. එවැනි අවස්ථා වල අපට සමාවෙන මෙන් සියලුම ජෝතිෂ්‍ය අභිවෘද්ධිකාමි ජනතාවගෙන් ඉල්ලා සිටීමි.

ඔබ සැමට තෙරුවන් සරණයි !

Tuesday, November 25, 2014

ග්‍රහයන් අනුව පුද්ගයෙකුට ලැබෙන රූප ස්වභාවය

අපි හැමදෙනාම සමාජයේ බලන කල විවිධාකාර රූප සොබා වල අය අපිට දක්නට ලැබෙනව.
මේ අතර කෙනෙක් ලස්සනයි, කෙනෙක් අවලස්සනයි, කෙනෙක් විරූපී. තව කෙනෙක් රූපශ්‍රිෙයන් ඉහලයි. උසයි, කොටයි, මහතයි කෙට්ටුයි ආදි විවිධත්ව තියෙනව.

එතකොට කේන්දරයට අනුව තමන්ගේ රූපය පිහිටන්නේ කොහොමද ?

රූපයේ දැක්වෙන්නේ අතිශයින්ම රූමත් යුවතියකගේ හඳහන‍කි.

✿ කෙනෙකුගෙ කේන්දරයේ ලග්නයේ සිකුරු/ශුක්‍ර සිටිම ප්‍රියමනාප සහ රූමත් පෙනුමක් ඇති කරයි.

✿ ගුරු ලග්නයේ සිටියොත් උසට මහතට, ශාන්ත වූ පෙනුමක් සහිතව රූපයක් ඇති කරයි.

✿ බුධ ලග්නයේ හිටියොත් වයස ගියත් වයස නොපෙනෙන ක්‍රීඩාශිලි පුද්ගලයෙක් බිහි කරයි.

✿ කේතු ලග්නයේ සිටිම මුහුණේ කැළැල් ඇති, යම්කිසි ආකාරයකට කෙට්ටු හෝ බඩ තියෙන මහත පුද්ගලයෙක් බිහි කරයි.

✿ සෙනසුරු ලග්නයේ සිටියොත් දත් ලොකු, කොණ්ඩය බොහෝ ඝණකම, ටිකක් මෝරපු පෙනුමක් ඇති පුද්ගලයෙක් බිහි කරයි.

✿ රාහු ලග්නයේ සිටියොත් උසට, කලබලකාරි ස්වරූපයකින් හෙබි, නහර පෙනෙන සමහරවිට දත්වල යම්කිසි වෙනසක් ඇති පුද්ගලයෙකු බිහි කරයි.

✿ රවි ලග්නයේ සිටියොත්, ටිකක් මධ්‍යම ප්‍රමාණයේ දේහයක් ඇති ටිකක් දිලිසෙන ඇස් ඇති, තරමක ආඩම්බරකාර පෙනුමක් ඇති කෙනෙක් බිහි කරයි.

✿ සඳු/චන්ද්‍රයා ලග්නයේ සිටියොත් ඉතාම ශෝභමාන, මුහුණ සහ පපුව පෙදෙස මහත සෙම් අධික කාරුණික පුද්ගලයෙක් බිහි කරයි.

✿ කුජ/අඟහරු ලග්නයේ සිටින කල, මස්පිඩු ඉලිප්පී ඇති, කායවර්ධන ක්‍රීඩාවේ නියුතු වන පුද්ගලයෙකු සමාන දේහයක් සහිත කෙනෙක් උප්පත්තිය ලබයි. හැබැයි කේන්ති කාරයෙක්.
මේ විදියට කුජ ලග්නයේ සිට කාන්තාවක් ඉපදුනොත් ඇයගේ මුදු සුමුදු ගතිය බොහෝ සෙයින්ම අඩුය.

ඔබගේ හඳහනත් සමග බලන්න මෙවැනි තත්ව ඔබටද තියෙනවාද කියා ?

මේවා පොදු කරුණු බවද සිතේ තබාගන්න.

#ඉරුසේවය






Monday, November 24, 2014

රවි මහ දසාව - ග්‍රහයන්ගේ මහ දශා ඵල

ඉරු සේවය සමග ලබැඳි ඔබගේ දැනගැනීම සහ අවබෝධය පිණිස නවග්‍රහයින්ගේ මහ දශා ඵල සහ අන්තර් දශා ඵල ඉදිරිපත් කිරීමට අප තීරණය කලා.
ඒ අනුව හැකියාව ඇති අයුරින් නවග්‍රහයින් සම්බන්ධ මහ දසා ඵලාපල ඉදිරියේදි පල කරමු  !

මුලින්ම අපි විමසා බලමු රවි ග්‍රහයාගේ පලාපල

* ග්‍රහලොව රජු වන රවි හෙවත් සූර්යයාට මහ දශාවක් වශයෙන් වසර 6ක් හිමිවේ. යම්කිසි කෙනෙක්ගෙ කේන්දරයේ පියා සම්බන්ධව නිවේදනය කරන ප්‍රබලම ග්‍රහයා රවිය.
රවි ග්‍රහයා, පුද්ගලයෙකුගෙ ආත්ම ශක්තිය නිවේදනය කරයි.

●  රවි මහ දසාව ලැබූවිට පුද්ගලයාගේ සමාජ තත්වය ඉදිරියට යයි. පුද්ගලයා තේජමාන පුද්ගලයෙක් වේ. රජයේ සමාජයේ හොඳ ස්ථාන ලැබේ. ඇත්ත වශයෙන්ම කිවහොත් ග්‍රහ බලය අනුව පුද්ගලයා රජෙක් සමානව ජිවත්විමට වරම් ලැබෙන්නේද මේ කාලයේදිය.
මෙය ධනු ලග්නයේ ධර්මකර්මාධිපති රාජයෝගය යෙදි තිබ්බ නම් එසේම වේ.

●  රවිගේ සඳු අන්තර් දශාවේදී පිටපලාත් වල වාසය, අලංකාර නිවාස ලැබීම, යාන වාහන ලැබීම, එසේම විදේශ රටවල් වල සංචාරය සිදුවේ.

●  රවිගේ කුජ අන්තර් දශාවෙදි බලවත්ව පිහිටියොත් විවිධ කර්මාන්ත ශාලා අරඹන්නට ලැබිම, භූමි ලාභ, වාසනා ලාභ ලැබීම සහ බලවත් සහෝදරයන්ගේ උදව් උපකාර ලැබේ.
දුර්වලව සිටියොත් සතුරු කරදර, ආයුධ වලින් විපත් සහ මුත්‍රාගල්, මුත්‍රා අමාරු ඇතිවිය හැක.

●  රවිගේ රාහු අන්තර් දශාවෙදි, විදෙස් ගමන් තීව්ර වීම හදිසි ධන වාසනාව, ලොතරැයි ලැබීම ආදිය සිදුවේ.
අයහපත්ව නම් පියා සමග දබර, නීතියෙන් දඩුවම්, ලේ විෂවීම් ආදිය ඇතිවේ.

●  රවිගේ ගුරු අතුරු දසාව ඉතාම ශුභ කාලයකි. පදවි නිලතල ලැබේ. දේශපාලන ක්ෂෙත්‍ර වල සිටින අයට මැති ඇමතිධුර ලැබේ.
අයහපත්ව පිහිටා සිටියොත් යම් වෙලාවක උදරාබාධ හෝ ගෙඩි හටගැනිමට පුලුවන.

●  රවිගේ ශනි අන්තර් දශාව ඇත්ත වශයෙන්ම අශුභ කාලයකි. අයහපත්ව පිහිටා සිටියොත් ගින්නෙන්, විදුලියෙන් අනතුරු විය හැක. රවි - ශනි යෝගය එතරම් හොද නැත. මුදල් වැයවීම අයහපත, කනස්සල්ල, පවුල් සංස්ථාවේ විවිධ ප්‍රශ්න මේ ආදිය සිදුවේ.
පූර්වාචාරින් සදහන් කරන ආකාරයට මෙය ඉතාම නරක කාලයක් බව සදහන්ය.

●  රවිගේ බුද අන්තරය ඉතාම ශුභයි. ඉගෙන ගන්නා වයසේ අයට ඥානය දියුණු කරගැනීමට අවස්ථාව ලැබෙනවා සේම, බුද්ධිමත්ව කටයුතු කරන ප්‍රඥාව ලැබෙන කාලයයි. වැරදුනු ජිවිතය හරි මගට එන කාලයයි.
විසේසයෙන්ම සෙනසුරු අතුරු දසාවෙන් පසු ලබන බුද අතුරු දසාව ඒ තරමටම සුබයි.

●  රවිගේ කේතු අන්තරය, සැබැවින්ම සුභදායක නොවනු ඇත. මෙම තත්වය නිසා මුත්‍රා අමාරු, එසේම ලේ කෝපවීමේ දෝෂ හට ගැනිමට පුලුවන්. එමෙන්ම යම් යම් සිත තුල මානසික ව්‍යාකූලතාවය ඇතිවෙන්න පුලුවන්.

●  රවිගේ සිකුරු අන්තරය ඉතාම ශුභයි. මංගල්‍යය සහිත කාලයක්, සියලුම සුභ කටයුතු මෙන්ම ප්‍රේම සබදතා ඉෂ්ඨ සිද්ධ වීම, අධි සුඛෝපභෝගි ජිවිතයක් ලැබිම මේ කාලයෙදි සිදුවේ.

* අප මේ ඉදිරිපත් කල සියලුම කාරණා ඒ ඒ පුද්ගලයාගේ කේන්දරය අනුව සිදුවිය හැක.
බොහෝවිට රවි බලවත් නැති අයගේ රවි මහ දසාව ඔහේ යන්නන් වාලේ ගොස් කිසිම යහපතක් නොවි ඇත. අප පරික්ෂා කල කේන්දරවල බොහෝ ඒවායේ තමන් කරන්නේ කුමක්ද යන්නවත් නොදන අතරමංව සිටින අයුරු අපි අනේකවාරයක් දැක ඇත.

උක්කුං බණ්ඩා වෙද ගුරුන්නාන්සේ

අපගේ සියලුම යන්ත්‍ර වල මූලිකත්වය සහ උපදේශනය, සැකසීම කරනු ලබන්නේ, උතුම් වූ ගෞරවනීය උක්කුං බණ්ඩා ගුරුන්නාන්සේ ගෙනි.

එතුමාණන්ට මෙම සේවය චිරාත්කාලයක් කිරීමට එතුමාගේ පූර්ව පුණ්‍ය මහිමය මතුවී එතුමාව ආරක්ෂා කරත්වා යනුවෙන් ඉරු සේවයේ අපි ප්‍රාර්ථනා කරන්නෙමු !

‪#‎ඉරුසේවය‬ - Iru Astrology

http://rivisanda.blogspot.com/

සතියේ ලග්න පලාපලය - (නොවැ.24සිට)

●  මේෂ
මේ සතිය ශුභදායකයි.
බලවත්වූ ග්‍රහ ප්‍රතිරෝධයන් මධ්‍යයේ ආර්ථික තත්වයේ සුභදායි වෙනසක් ඇති කරගැනීමට පුලුවන්.
එමෙන්ම ඔබට යම් විදියක නොසිතූ ධනලාභද ලැබීමේ වාසනාව ඇත.
ගෘහ ජිවිතය ප්‍රීතිමත්ව ගත වන අතර දීර්ඝ ගමන් බිමන් යෙදේ. සමහරවිට පවුලේ සාමාජිකයන් සමග පිටපලාත් වල යෑමට සිදුවනු ඇත.
සෞඛ්‍ය ආබාධ ගැන වැඩිපුර නොසිතන්න. අසාත්මිකතා ගැන පරික්ෂා කරගන්න.

● වෘෂභ
ඔබට සතිය සමඵලයි.
ආදායම් මාර්ග වලට යම් යම් අවහිරතා මතුවේ. එසේම කොටස්කරුවන් සමග විරුද්ධවාදිකම් ඇතිවේ. එසේම ලැබීමට නියමිත මුදල් නොලැබී යාමට පුලුවන.
ගෘහ ජිවිතයේ යම් යම් වෙනස්කම් ඇතිවේ. එම වෙනස්කම යම් යම් ආවේග, තීන්දු තීරණ නිසා වෙයි.
ආවේග පාලනය කරන්න. රණ්ඩු සරුවල් වලට පැටලීමට ඉඩ ඇත. එසේම වෘෂභ ලග්නයේ තරුණ දුවා පුතුන් ප්‍රවේසම් වන්න, බයිසිකල් පදින අය ප්‍රවේසම් වන්න.

●  මිථුන
ශුභ සතියකි.
සතිය ආරම්භයේ යම් යම් ගැටළු පැවතියද සතිය මැදදී ආර්ථික වාසි මෙන්ම ධනෝපායන මාර්ග ඇතිවේ. එසේම නව සංකල්ප ක්‍රියාත්මක කිරීම නිසා ආර්ථික වාසි ඇතිවිමට පුලුවන්.
ගෘහ ජිවිතය ප්‍රීතිමත්ව ගතවන අතර, අඹුසැමියන් අතරේ යහපත් සම්බන්ධකම් ඇතිවේ. මෙම කාලය මිථුන ලග්නයේ ඔබට කාමාශාව බලවත් වන බැවින් නිතර නිතර අඹුසැමි ආශ්‍රය උවමනා වේ. ඔවුන් අතර ප්‍රීතිය සමාදානය වර්ධනය වේ.
විශේෂ සෞඛ්‍ය ගැටළු නැත, උදරාබාධ ගැන පරිස්සම් වන්න.

●  කටක
මේ සතියේදි යම් යම් ගැටළුකාරි තත්ව වලට මුහුණ පෑමට සිදුවේ.
ආර්ථික අවහිරතා මෙන්ම, ණය තුරුස් වලින් පීඩා විඳිම හෝ දුන් ණය මුදල් නොලැබීමට ඉඩ තිබේ. එසේම විරුද්ධවාදින් සමග ගැටළු ඇතිවිමට පුලුවන. එයිනුදු ආර්ථික අවාසි සිදුවිමට යම් හැකියාවක් ඇත.
ගෘහ ජිවිතය තුල යම්කිසි වෙනස්කම් නැතත් ආර්ථික අවාසි සහ පාඩු නිසා ඔබට කිසියම් ආකාරයක මනස්තාපයක්, පසුතැවිමක් ඇතිවිමට ඉඩ තිබේ. කණගාටු නොවි සිටින්න. මෙම පාඩු ඊලග සතියෙදි ඔබගෙන් මගහැරී යයි.
සෞඛ්‍ය තත්වයේ ගැටළු නම්, සෙම් අමාරු එසේම යම් යම් උදරාබාධ, අජීර්ණ රෝග ඇතිවිමට හැකියාව පවති.

●  සිංහ
ඉතාම ශුභදායක වේ.
තමන්ගේ උත්සහය හා කැපවීම මූලික වීමෙන් ආර්ථික තත්වය යහපත් කරගැනිමට මේ සතිය ඉවහල් වේ. තවද ආර්ථික තත්වය සහ මුදල් සම්බන්ධ ව්‍යාපාරික කටයුතු වලදී ඉතා තද තීරණ ගැනීමට මේ සතියේදි බොහෝදුරට හැකියාව ඇත.
ගෘහ ජිවිතය තුල විශේෂ වෙනස්කම්, සිද්ධින් නොමැති වුවත් නිවස තුල රැඳී සිටීම අඩුවිමට පුලුවන. කාර්යබහුල වේ. තමාගේ දරුවන් ජයග්‍රහණ ලබාගනී. එසේම ඔබට දුරබැහැර ප්‍රදේශ වලට යාමට සිදුවේ.
සෞඛ්‍ය තත්වයේ ගැටළුවක් නොමැති වුවත් මානසික විඩාව සහ ආතතිය ඇතිවිමට පුලුවන.

●  කන්‍යා
ඔබට මේ සතිය ඉතාම අශුභදායකයි.
විශේෂයෙන්ම ආර්ථික අවාසි සහගත තත්ව ඇතිවේ. තමා වැඩ කරන ආයතනයේ හෝ ව්‍යාපාරයේ කොටස්කරුවන් සේවකයන් තමා සමග උරණ වීමට ඉඩ ඇත. එයින් ආර්ථික ආවාසි සිදුවනවා සේම, තමාගේ සුවච කීකරු ගෝලබාලයන් තමා හැරදා යයි. ඔබ රැකියාවක් කරන්නෙක් නම්, රැකියාව ආරක්ෂා කරගැනිම වටිනවා. ඔබගේ රැකියාව අහිමිවී යාමේ ලකුණු පෙන්වනවා.
ගෘහ ජිවිතය තුල දැඩි මානසික ආතතියක් ඇතිවිමේ අවදානමක් පවතිනවා. ගෙදර දොරේ සාමාජිකයන් සමග කලහකිරිමට පෙළඹෙනවා. සිත අසතුටින් පිරෙන නිසා මෛත්‍රි භාවනාව සුදුසුයි. ලබන සතිය වනවිට මෙ අපල මගහැරි යනු ඇත.
සෞඛ්‍ය තත්වයේ සෙම අමාරු, රෝග පීඩා මෙන්ම රාහු ලග්නගතව සිටින නිසා කලබල විම සහ මානසික ආතතිය ඇතිවිය හැක, ආරක්ෂා වන්න.

●  තුලා
මේ සතිය හොඳයි.
තිබූ ආර්ථික අවහිරතා අවම වේ. එසේම ගැටළු සහගත තත්වයන් නැතිවේ. ආර්ථික දියුණුව ඇතිවෙනවා සේම උත්සහයෙන් උනන්දුවෙන් ඔබගේ ආදායම වැඩි දියුණු කරගැනීමට පුලුවන.
ගෘහ ජිවිතය ප්‍රීතියෙන් ගතවන අතර, සහෝදර සහෝදරියන්ගේ පැමිණීම සහ ඔවුන්ගේ උදව් උපකාර ලැබීම නියමයි.
පාදවල අමාරු සහ උගුරේ සෙම් ආසාදන සෞඛ්‍ය ගැටළු වශයෙන් දැක්විය හැක. පරිස්සම් වන්න.

●  වෘශ්චික
මේ සතිය ශුභයි.
තමාගේ දැඩි කැපවීම දියුණුවට හේතු වෙනව. ආර්ථික වාසි හිමිවෙනව. වෙළදාම් කරන අයට හොදයි. විදේශ රැකියාවල නියුතු අයට ඉතාම ශුභයි.
ගෘහ ජිවිතය ප්‍රීතියෙන් ගතවන අතර, වන්දනාමාන කටයුතු වලට හොදයි. ගැටළුවක් නෑ.
සෙම් අමාරු ගැන පරිස්සම් වන්න.

●  ධනු
මේ සතිය ශුභයි.
කර්මාන්ත කරන අයට සහ ව්‍යාපාරිකයන්ට හොද කාලයක්. තමාගේ දියුණුවට ආධාර උපකාර ලැබෙනවා, ආර්ථික වාසි හිමිවෙනව. එමෙන්ම වියදම ගැන යම්කිසි ප්‍රවේසමක් ඇතිකරගන්න. එයින් ඔබ ආරක්ෂා වෙනව.
ගෘහ ජිවිතය තුල ඔබ සාර්ථකයි. ඔබටද අඹුසැමි ආශ්‍රය වැඩියෙන් උවමනා කරන සතියක්. ඔබගේ සහකරුවා සහකාරිය සමග විනෝදවීම ලැබෙනව.
සෞඛ්‍ය තත්වයේ ප්‍රබල ගැටළු නෑ. නමුත් අසාත්මිකතා සහ ලේකෝපවීමේ රෝග ඇත්නම් පරිස්සම් වන්න.

●  මකර
මිශ්‍රඵලයි.
සතියේ මුල් කොටසෙදි වියදම් පැත්ත අධික වේ. එසේම ඔබට එමගින් ආර්ථික ස්ථාවරත්වය නැතිවේ. ඒ ගැන පරිස්සම් විය යුතුයි. ආදායම් තත්ව වැඩි දියුණු කරගැනිමට උනන්දු වන්න.
ගෘහ ජිවිතය තුල ඔබ තරමක් කලහකාරි ආකාරයට හැසිරිමට පුලුවන්. පවුලේ සමගිය ආරක්සා කරගන්න.
ඔබ ඉවසිලිවන්තව කටයුතු කරන්න. රථවාහන ගමනාගමනේ යෙදෙන ඔබ පරිස්සම් වන්න. මකර ලග්නයේ අපේ තරුණ කොල්ලො කෙල්ලෝ මෝටර් සයිකල් පදිනව නම් සැලකිල්ලෙන් පදින්න.

●  කුම්භ
ඉතාම ශුභයි.
ඔබට දියුණුව ලැබෙනවා. දියුණුව ලගා වෙනව. පටන්ගත් යම් යම් වැඩ කටයුතු නිසා ඔබගේ ආර්ථික වාසි ඇතිවෙනව. එසේම ඔබට බොහෝසෙයින්ම වාසනාවන්ත කාලයක්.
ගෘහ ජිවිතය ප්‍රීතිමත්ව ගත වෙනව. පවුලේ දියුණුවට යම් යම් කටයුතු ඉටු කරනවා. ඔබටද ඔබගේ සහකරුගේ සහකාරියගේ ආදරය තදින් අවශ්‍ය වන සතියක්.
සෞඛ්‍ය තත්වයේ ප්‍රබල ගැටළු නැත.

●  මීන
ඔබට මේ සතිය ඉතාම ශුභයි.
ආර්ථික වාසි හිමි වෙනවා සේම, නව රැකියා අවස්ථා නිසා ආදායම ලැබෙනව. එසේම තමාගේ කටයුතු සාර්ථක වෙනව. ශුභදායක සතියක් ආර්ථික වශයෙන්.
ගෘහ ජිවිතය ප්‍රීතිමත්ව ගත වනව. දරුවන්ගේ ජයග්‍රහණ ගැන සතුටු වන්න පුලුවන්. එසේම පිටපලාත්වල සංචාරය කල හැක.
සෞඛ්‍ය තත්වයේ ප්‍රබල ගැටළු නැති වුවත් ඔබගේ නිදන්ගත රෝග ඇත්නම් ඒවා පාලනයට යොමුවන්න.












Saturday, November 22, 2014

_ දෙහි කැපීමෙන්, ඇස්වහ පිච්චීමෙන් ඇතිවන යහපත _

එදිනෙදා අපගේ ජිවිතයේදී අපගේ ජීවන වෘත්තින් සහ කටයුතු කරගෙන යනවිට, අපට විවිධ වූ දුෂ්කරතා එමෙන්ම බාධක මතුවෙයි.
මේ අතර සමහර අය අප සමග රණ්ඩුවට එයි. ඒවගේම අපට පහරදීමට සමහර අය පුලුවන්.
ඒවගේම බණින්න පුලුවන්.
හැබැයි අපිට කවුරුහරි බැන්නොත් අපිට ඉවසගන්න පුලුවන්. ගහන්න ආවොත් අපේ ශක්ති ප්‍රමාණයෙන් ඒක මර්දනය කරගන්න පුලුවන්.

නමුත්  ඇස්වහ, කටවහ, හෝ වහ, අ‍ඬෝ වැඬියා දෝෂ මර්දනය කරගන්නෙ කොහොමද ?

ඔන්න ඕක තමයි ප්‍රශ්නේ ?

දමිල භාෂාවේ කියමනක් තියෙනවා,

“ගලෙන් ගැහුවොත් බේරෙන්න පුලුවන්, ඇස් වලින් ගැහුවොත් බේරෙන්න බැහැ කියල“.

ඒනිසා ඇස්වහ කටවහ කියන එක අපගේ ජිවිත වලට, දරුවන්ට, ව්‍යාපාර වලට යහපත් ජිවිතයට විවිධාකාර පුද්ගලයන්ගෙන් එනව. සමහර දේට අපේම ඇස්වහ එනව.
සමහරු වෙන අයගේ දියුණුව දැකල හූල්ලනවා. අයියෝ මට නැහැනෙ කියල.

“ අපි අමාරුවෙන් හරි අනුන්ගෙ දියුණුව දැකල සතුටු වෙනව නම් ඒක අපිටත් හොදයි, ඒක අපගේ මනුස්සකම සම්බන්ධවත් වටින දෙයක්“.

බොහෝ අය කරන්නෙ අනුන්ගෙ දියුනුවට ඉරිසියා කරනවා, හූල්ලනවා, ඇස් වලින් බලල යම්කිසි චිත්ත වේග හිතට ගන්නව.
ඒවෙලාවෙදි ඒ පුද්ගලයගේ කිරණ ඒ තැන් වලට ගමන් කරනව කියල විද්‍යාත්මකවත් ඔප්පු වෙලා තියෙනව.

ගමේ කතාවක් තියෙනවා, කොස් ගහක් දිහා බලල ඒක දිහා ඉරිසියාවෙන් බැලු මොහොතක ඒ අතු කොස් එක්කම කඩා වැටුනු පුවතක්.

●  ඉතින් දෙහි කැපීමෙන්, ඇස්වහ පිච්චීමෙන් එම දේවල් නැති වෙනව.
දෙහි කැපීමෙන් පුද්ගලයගේ අහිතකර කිරණ මර්දනය වෙලා, හිතකර කිරණ වර්ධනය වෙනව.
ඒ කියන්නෙ සියලු යහපත සිදු වෙනව.

●  දෙහි කැපීමෙන්, පුද්ගලයගේ රෝගාබාධ ඒවගේම වින බන්ධන, හිර බන්ධන පවා නැතිවෙනව.
ඇස්වහ පුච්චන්න අවශ්‍ය වෙන ද්‍රව්‍ය තියෙනවා,

●  ඇස් පොල්කටු, අබ, ගම්මිරිස්, ලුණු, තුංමං හන්දියෙ පස්, මිදුලේ පස්. දෙහි කොළ, ගේ අතුගාපු කුණු, තමන්ගෙ ඇඳුම් වල නූල් දාලා තමයි ඇස්වහ කටවහ දෝෂ නාශනය කරන්නෙ.

දෙහි කපන අවස්ථාවෙදිත්, ඒකට අදාල ස්ත්‍රෝත්‍රයක් කියල දෙහි කැපීමෙන් ශාන්තිය උදා වෙනව. !

“ ලක්ෂ්මී දේවතාවිය “


Friday, November 21, 2014

ලිංගික දුර්වලතා ඇතිවන්නේ ඇයි ?

ලිංගික දුර්වලතාවය යනු අප පෙර සදහන් කල ලිපියේ ඡේදයක් සදහන් කරමින් උපුටා ගනිමි. මෙය බොහෝවිටම මානසික තත්වයේ ව්‍යාකූලත්වය නිසා ඇතිවන්නකි.

● පුද්ගලයෙකුගේ සිතිවිල නියෝජනය කරන්නේ “ සඳු/චන්ද්‍ර ග්‍රහයාය“.
එම චන්ද්‍රයා බලවත්වීම බලවත් ලිංගික ශක්තියකට හේතු වෙනවා සේම, චන්ද්‍රයා දුර්වල රාශිගතව පිහිටිම ලිංගික ශක්තිය දුර්වල විමට හේතුවේ.
* අපගේ අත්දැකිමේ හැටියට එවන් අය තම බිරිද සමග පවා ලිංගික ඇසුරෙන් බැහැරව සිටි. ඒ සම්බන්ධව උනන්දුව බොහෝ අඩුය.

●  අනික් ලිංගික දුර්වලතාවයට බලපාන තවත් ප්‍රධානම ග්‍රහයෙකි කේතු. යම්කිසි කෙනෙකුගේ කේන්දරයේ කේතු 7 පිිහිටා සෙනසුරුගේ බැල්ම ලැබූ කල ලිංගික තෘප්තිය නැතිව යයි.
එය බොහෝවිට කාන්තාවන්ට බලපාන තත්වයක් වන අතර පුරුෂයන්ටද බලපායි.

●  එසේම සිකුරු ග්‍රහයා නීච රාශිගතව කේතුව පෙනේ නම් එයත් බලවත් ලිංගික දුර්වලතා ඇති කරන පිහිටිමකි.

●  කේතු කුජ ග්‍රහයා සමග විවාහයට බලපාන 7, 8 වැනි රාශිවල පාප පීඩිත නම්, එවැනි අයට ගණිකාවන්ගෙන් රෝග බෝවිමට පවා ඉඩ ඇත.

●  තවද බ්‍රහස්පති/ගුරු ග්‍රහයාගේ බලවත්විම ලිංගික ආශාවන් අඩුවන පිහිටිමක් වන අතර එවන් අය ලෝකෝත්තර අධ්‍යාත්මික සුවය ගැන සිතිම නිසා ලිංගික ආශාවන් 100%ක්ම නැතිව යාමට හැක.

* * ලිංගික ශක්තියේ ප්‍රබලත්වයට හේතු වනම් බුදු දහමේ හැටියට, පූර්ව ආත්ම වලදි වැරදි කාම සේවයෙන් ඇත්විම. කාම අපරාධ නොකිරිම සහ රෝගින්ට ඇප උපස්ථාන කිරිම වැනි දෑය.

●  සඳු ග්‍රහයා කේතු සමග යෝග වී 7 වැන්නේ හෝ 8 වැන්නේ තැන්පත්වීම නිසා පුරුෂයින්ට ලිංගික ප්‍රාණවත්කම අවම වේ.

●  කාන්තාවන්ට කේතු-ශනි සමග යෝගවී 1, 6, 7, 8 ස්ථාන වල පිහිටියොත් විවිධ සුදයෑම වැනි රෝග ඇතිවේ. එයින් ලිංගික ආශාව අඩු කරයි.

තවත් කරුණු කාරණා බොහෝ ඇතිමුත් පල කිරිමේ දුෂ්කරතාවයක් ඇත. පසුවට බලාපොරොත්තු වන්න.

#ඉරුසේවය

Wednesday, November 19, 2014

සමහර ළමුන් අකීකරු වන්නේ ඇයි ?

ජෝතිර්වේදියෙක් හැටියට, මා හට ඇති අත්දැකීම් නම් ඒ සම්බන්ධව අතිමහත්ය.
සමහර වෙලාවල් වලට දෙමාපියන්ගෙන්, වැඩිහිටියන්ගෙන් ලැබෙන මැසිවිලි ඒ තරමටම වැඩිය.

ඒ අය කුමක් කියනවාදැයි ඔබ දන්නවාද

“ මහත්තයෝ අපේ පුතා හරි හිතුවක්කාරයි. කියන දෙයක් අහන්නේ නෑ. ඒවගේම තමයි හැමවෙලාවෙම රස්තියාදුව. පාඩම් කරන්නෙ නෑ. රණ්ඩුවට එනව. එකට එක කියනව. මේ ආදි මැසිවිලිය. එවිට මා පවසන්නේ කුමක්ද එය දැන් ඔබට කියන්නම්.

හිතුවක්කාර වයස අප දකින්නෙ 14 සිට 18 දක්වාය.

* මෙම වයසේ ළමයින්ට අයහපත් ආකාරයට බලපාන්නේ එම දරුවන් ඒ අවස්ථාවෙදි ගත කරන මහ දසා අනුදශා පිලිවෙලටය.

* එවැනි ළමුන්ගේ කේන්දර සටහන් වල ඇති, අයහපත් ග්‍රහ දෘෂ්ඨි සමග අයහපත් ග්‍රහ බලපෑම් මේවා වලට ඉවහල් වේ.
නමුත් මූලික වශයෙන් ඒ අවස්ථාවෙදි ගත කරන ග්‍රහ මහ දසාද හේතු වේ.

පින්තූරයේ දැක්වෙන කේන්දර සටහන අයිති දරුවා මකර ලග්නය ජන්ම ලග්නය වී ඉපිද ඇත.

●  අවුරුදු 14, 15 වනවිට නරක තැනක සිටින කුජගේ මහ දසාව ලබනවා නම්,
* එසේම රාහුගේ මහ දසාව ලබනවා නම්,
* පාපපීඩිත සිකුරුගේ මහ දසාව ලබනවා නම් ඒ දරුවා හිතුවක්කාර වේ.
* ඒ ළමයින්ට ඉගෙනීම වහ වගේය. කියන දේ අහන්නේ නැත. කෙතරම් දක්ෂයෙක් වුවත් ඉගෙනීම ගැන උවමනාවක්, අවශ්‍යතාවක් නැත.
ඒ තරම ප්‍රබල අපලකාරි බලපෑම් ඇත.

* මෙවන් අවස්ථා වලදී දෙමාපියන් ඉවසීමෙන් කටයුතු කල යුතුය. කලබල වී දරුවන්ට දඬුවම් නොකර, මෛත්‍රිෙයන් යුතුව සාමකාමිව දරුවන් සමග සුහදශීලිව කටයුතු කල යුතුය.

*දරුවන්ට තමන්ගේ ඇති ආදරය දැනෙන්ට කටයුතු කල යුතුය.

* එසේම අදාල අපල වලට නියම කරන ලද ශාන්ති කර්ම සේම, බෝධි පූජා තැබීම, අසරණ අයට, අසරණ සතුන්ට ආහාර වේල් දීම, රාහුගේ අපල නම් විශේෂයෙන් මානසික අක්‍රමිකතා ඇති අයට ආහාර වේල් දීම ආදිය කල යුතුය.

ඔබගේ දරුවන්ගෙත් මෙවන් තත්ව ඇත්දැයි බලන්න.

#ඉරු පර්යේෂණාත්මක ලිපියකි.

කුමාර් සංගක්කාරගේ කේ්න්දරය

“ ක්‍රිකට් ලොවට ලක්මවගෙන් දායාද වූ අමිල සම්පත කුමාර් සංගක්කාරගේ හඳහන “

1977 වසරේ ඔක්තෝබර් මස 27 වන දින, මාතලේ ප්‍රදේශයේදී මෙලොව ආලෝක දර්ශනය කල මෙම අපේ කාලයේ ක්‍රිකට් විරුවා වෙන කවුරුත් නොව, කුමාර් චොක්ෂනද සංගක්කාර හෙවත් සියලුම දෙනා ආදරයෙන් කතා කරන “සංගා“ය.

එදා මෙදා තුර ක්‍රිකට් වංශ කතාවේ, කතා බහට ලක්වන සර් ඩොනල්ඩ් බ්‍රැඩ්මන්, මාර්ටින් ක්‍රෝ, ඉම්රාන් ඛාන්, සචින් තෙන්ඩුල්කාර්, එසේම විවියන් රිචඩ්ස්, ක්ලයිව් ලොයිඩ් යන නම් පෙලේ ශ්‍රී ලාංකීය අභිමානය පෙන්වූ මෙම වීර පුතු අද ලංකාවෙ අනන්‍යතාවයකි.
එසේ නම් ජාතියක් වශයෙන් මොහුගේ දක්ෂකම් වලට අමතරව විනයගරුක බව, එසේම මහත්මා ගුණය එසේම ජය - පැරදුම එකසේ දරාගෙන(පරාජයෙදි පරාජය පිලිගෙන ඉවසනවා සේම, ජයග්‍රහණයෙදි අති උද්දාමයට පත්වී අධි මානයෙන් නොසිතන උපෙක්ෂා සහගත) සිටින ක්‍රීඩකයෙකු වශයෙන් ලොවට දී ඇති ආදර්ශය නිසා සියලුම ක්‍රිකට් ක්‍රීඩාවට ලැදි ප්‍රජාව මෙම අතිවිශිෂ්ඨ ක්‍රීඩකයාට හිස නමනවා.
එය ලාංකිකයන් වශයෙන්, ජාතියක් වශයෙන් අප ලබන ආඩම්බරයක් නේද ?

එමනිසා ඔහුගේ හඳහන ගැන විස්තරයක් කිරීමට ප්‍රථම මෙවැනි ක්‍රීඩකයෙක් ලක්මවට දායාද වශයෙන් දුන් එම දෙමව්පියන්ට ඉරු සේවය වන අපගේ භක්ති ආදරය පිරිනමනවා...

* ●  කේන්ද්‍රය දෙස බැලීමේදි බ්‍රහස්පතින්දා දිනක සෙනසුරුට අයත් මකර ලග්නයෙන් උප්පත්තිය ලබා, කිවිට හිමිවූ බෙරණ නැකතේ 1 වෙනි පාදය හිමි විය. තිථිය අවපෑල විය තිථියයි. සිද්ධි නම් යෝගයයි. එසේම බාලව නම් කරණයයි.

●  මකර ලග්න කරුවන්ගේ විශේෂත්වය නම් පඨවි රාශියක් බැවින් ඕනෑම දෙයක් දරාගෙන සිටිමේ හැකියාව තියෙනව. ඒකියන්නෙ දුක සැප ජය පරාජය දරාගත හැකියි.
දහමේ හැටියට අෂ්ඨ ලෝක ධර්මය දරාගැනිමේ සුවිශේෂි හැකියාවක් තියෙනව.

●  කේන්දරයේ කේතු 3 වැන්නේ බලවත්ව සිටි.
කේතු බලවත්ව සිටිම නිසා සහෝදරියන්ගේ ලාභය සංගාට හිමියි. කේතු 3 අයගේ 9 වැන්නේ රාහු සිටිනවා. තමන්ගේ වික්‍රමය ඒ අයට ලැබෙනවා, ඒක විශේෂිතම දෙයක්.

● උප්පත්ති කේන්දරයේ චන්ද්‍රයා/සඳු 4 වැන්නේ බලවත්ව සිටිනවා.
චන්ද්‍රයා 4 වැන්නේ බලවත්ව සිටිනවා කියල කියන්නේ, ඒ අයට ආගිය තැන ගරු සැලකිලි ලැබෙනව. ඒවගේම තමයි සුඛෝපභෝගී ජිවිත තත්ව උරුම වෙනව. යහමින් ධන ධාන්‍ය තත්ව ලැබෙනව. සමාජයේ හොදයි කියල පිලිගැනිම ලැබෙනව.

ඉතින් සංගාගෙ ජිවිතය ගත්තම ඒක අපිට පේනවා නේද.

*●* ඒවගේම තමයි ඔය මකර ලග්න කේන්දර හිමි අයට සදු කියන්නෙ විශේෂිතම ග්‍රහයෙක්. සදුගේ බලතල අනුව තමයි කෙනෙක්ගෙ විවාහය සිද්ධ වෙන්නෙ.
සංගාට හොද බිරිදක් ලැබෙන්න උප්පත්ති කේන්දරයේ තියෙනවා. එය ශක්තිමත් වෙන්න තවත් කාරණාවක් යෙදෙනවා. සමාජ ආර්ථික තත්වයන් විවාහයෙන් පස්සේ දියුණු වෙනව වගේම, පෙර නොවිරූ වාසනාවක්ද ලැබෙනවා..
හරියට රජෙකුට හරියන්න බිසවුන්වහන්සේ කෙනෙක් ලැබෙනවා වගේ තමයි, ඒක මම කිව්වෙ ඇයි දන්නවද ?

●  සංගගේ කේන්දරය දිහා හොදට බැලුවම බලන්න, 7 වැන්නාධිපති විවාහ ස්ථානාධිපති සඳු 4 සිටිනවා, 4 වැන්න අධිපති කුජ 7.. එතකොට 7 වැන්නත් 4 වැන්නත් පරිවර්ථනය වෙලා. මෙවැනි සම්පත්තියක් තියෙන අයට ශක්තිමත් විවාහයක් තිබෙනවා.
සංගත් එක්ක උරෙනුර ගැටිලා ජිවිතයේ ශක්තිමත් කරගන්න ඊටම ගැලපෙන ශක්තිමත් කාන්තා රත්නයක් ලැබෙනව කියල කේන්දරයේ තියෙනව.

●  බ්‍රහස්පති හෙවත් ගුරු ග්‍රහයා 6 වැන්නේ,
බ්‍රහස්පති 6 සිටින නිසා උප්පත්ති කේන්දරයේ හැටියට සංග ඉපදුනාට පසුව ගෙදර සියලුම දෙනාට මේ දරුවගෙන් හොදක් ඇතිවෙලා තියෙනව
ඒ කියන්නෙ අම්මගෙ තාත්තගේ ආදයම් තත්ව, වෘත්තිමය ජිවිතයට යහපත යනාදි යම් හොදක් වෙලා තියෙනව.

සංගගේ කේන්දරයේ හැටියට ඉදිරි අනාගතයෙදි පොඩි සෞඛ්‍යමය ගැටළු තිබෙනවා. නමුත් ක්‍රීඩකයෙක් නිසා එයා ඒව දැනගෙන නිසි ලෙස කටයුතු කරාවි කියල හිතනව.

●  7 අගහරුවා දෝෂයක් නෙමෙයි, ශක්තිමත් විවාහයකට පදනමත් ඒ නිසා හේතු වෙලා නිසා මම ඒ ගැන විග්‍රහ කලා. ස්ථිරසාර ගුණය සංගාට ඇතිවෙලා තියෙන්නේ ඒ නිසයි.

●  ලග්නාධිපති 8 වැන්නේ ඉන්නෙ, - ශනි. ලග්නාධිපතියා 8 වැන්නේ ඉන්න එක දීර්ඝායුෂ අත්වෙන පිහිටිමක්.
වයසට ගියාම සංගා ලංකාවෙ ඉදිද කියල කියන්න බෑ මේ තත්වය එක්ක. විදෙස් රටකට යෑමේ බලගතු යෝගයක් තිබෙනවා යුරෝපා රටකට වගේ. සමහරවිට ඒක එසේම වේවි, මගේ අනාවැකියක් ඒක.

●  සංගගේ කේන්දරයේ භාග්‍යස්ථානයේ 9 වැන්නේ සිකුරු-රාහුයි ඉන්නවා. සිකුරු එතනදි නීච වෙලා හිටියත් රාහුගේ බලයත් එක්ක තමයි ඉන්නෙ. සිකුරුයි රාහුයි කියන්නෙ අධිමිත්‍ර ග්‍රහයෝ..

* කුමාර සංගක්කාර කියල කියන්නෙ මෙරට පිටරට සියලුම අයගේ ලෝකයේම ජනප්‍රියම ක්‍රීඩකයෙක්. සාමාන්‍යයෙන් තරුවක් උන පුද්ගලයෙකුට කාන්තා ආකර්ෂණය බොහෝම වැඩියිනේ. මම දන්න හැටියට කුමාර සංගක්කාරටත් ගොඩාක් යුවතියෝ, ගැහැණු ළමයි හරිම කැමතියි.

* සමහරවිට එයාලගේ හිතේ ඇති සංගක්කාර වගේ කෙනෙක් කසාද බඳින්න. නැත්නම් සංග වගේ රූපය ලස්සන පෞරුෂය තියෙන කෙනෙක් බඳින්න.
නැත්නම් සංග වගේ වාග් චාතුර්යය තියෙන කෙනෙක් කසාද බඳින්න. සුද්දන්ටත් වඩා ලස්සනටනේ ඉංග්‍රිසි කතා කරන්නේ.
සිකුරු භාග්‍යස්ථානයේ සිටිම යනාදි කරුණු අනුව ඒක පැහැදිලියි.

* ඒකනේ 2011 MCC Spirit of Cricket Cowdrey Lecture දේශනයෙන් හෙල්ලිලා ගියේ ක්‍රිකට් ලෝකයම.

* ඉතින් මෙච්චර කාන්තාවන් අතර ජනප්‍රිය කෙනෙක් උනාට චරිතයේ කිසිම කැළලක් නොකරගෙන, වෙන අයට වැටෙන ලෙඩ අපේ සංගාට වැටුනෙ නෑ. ඇත්තටම කියනව නම් ඒ කේන්දරය බලවත් නිසා.

●  උප්පත්ති කේන්දරයේ 10 වැන්නේ රවි-බුධ යෝගයක් තියනෙව. රවි, බුධ කියල කියන්නෙ මකර ලග්න කෙනෙකුට සුපිරිම ඥාන යෝගයක්.
ඒ ඥාන යෝගයේ බලයෙන් ඉගෙනීම වැඩි දියුණු වෙනව. ඒවගේම ක්‍රීඩාශීලිත්වය දෙන්නෙත් බුධගෙන්. ඔය නීතියට සම්බන්ධ ග්‍රහයන්නේ රවි-බුධ කියන්නෙ.
ඉතින් සංගා කියන්නෙ නීතිය ඉගෙන ගත්ත කෙනෙක්.
වරක් එක්තරා විස්තර විචාරකයෙක් කිව්වා 'batting lawyer' කියල.

* සංගාට සිකුරුගේ මහ දසාව උපන් දින සිට වසර 19ක් සහ මාස 9ක ශේෂයක් පැවතුනි.

●  1997 වසර 19ක සිකුරු මහ දසාව අවසන් වී 2003 රවි මහ දසාව ලැබුවා. 2003 සදු මහ දසාව ලැබුව. ඒක 2013දි ඉවරයි.
●  මේ සදු මහ දසා කාලය 2003-2013 කාලය ඉතාම වාසනාවන්ත කාලයක්. නම රැව් පිලිරැව් දුන්න කාලයක්.

● එතකොට දැන් යන්නේ, කුජගෙ මහ දසාවෙ රාහු අතුරු දසාව. ඒක 2015 පෙබරවාරි ඉවර වෙනව.

●  ඉතින් සංගාගේ කේන්දරයේ හැටියට අනාගතය ක්‍රිකට් වලින් කෙසේ වෙතත් පෞද්ගලික ජිවිතයෙදි ගොඩක් වාසනාවන්ත දේවල් කිට්ටු කරගන්න තියෙනව.

● * සමහරවිට අවුරුදු 42දි සංගාට ලබනවා රාහුගේ මහ දසාව. සංගගේ කේන්දරයේ බලවත්ම ග්‍රහය වෙන්නෙත් රාහු. එයා සිකුරු එක්ක එකතු වෙලා ඉන්නෙ. රාහු කියල කියන්නේ යම්කිසි විප්ලවයක් ඇති කරන ග්‍රහයෙක්නෙ.

●  අවුරුදු 42දි නම් සංග ක්‍රිකට් ගහන්නෙ නැති වෙයි. ක්‍රිකට් ලෝකයේ යෝකර් වලට ලස්සනට ඩ්‍රයිව් කරපු සංගා දේශපාලන ක්‍රීඩා පිටියට ඇවිල්ලා, එතනදිත් ඩබල් සෙන්චරි දායිද කියන්න බැහැ.

●  සංගාට පොදුවේ ගත්තම මිනිස්සු හරි ආදරෙයිනේ. සිකුරුත් බලවත් නිසා රාහුත් ප්‍රසිද්ධිය දෙන ග්‍රහයෙක් විදියට එයත් ඒ යුතුකම කරාවි.

කවදහරි දළදා හාමුදුරුවන්ගෙ සෙවණේ හිටිය සංගා කන්ද උඩරටින් කොහොමද දේශපාලනයට ආවොත් ?

●  ඇත්තටම මහජනතාවට, ලංකාවට යම්කිසි සේවයක් මෙයාගෙන් ගන්න පුලුවන්.
ඒවගේම කවදාහරි ජනී ජනයා අතර සදාකාලිකව වැජඹෙන චරිතයක් විදියට කුමාර් සංගක්කාරව හඳුන්වන්න පුලුවනි. ඉතින් මේ කේන්දරය බලවත් කේන්දරයක් වගේම, අපි හැමෝටම අපේ කියල ආදරයෙන් වැළද ගන්න පුලුවන් චරිතයක් තමයි.

අපි ඉරු සේවයේ සහ සහෝදර පේජයන්, වෙබ් අඩවි සියල්ලගේම සුභ ප්‍රාර්ථනා සහ තුනුරුවන්ගේ ආශිර්වාදය අපේ සංගාට එකතු කරන ගමන් මේ ලිපිය අවසන් කරනවා....

Tuesday, November 18, 2014

විවාහ සහකරු ධනවත් වන යෝග ඔබටත් තියෙනවාද ?


සෑහෙන කාලෙකට පස්සෙ ගොඩක් අය කතා කරන මාතෘකාවක් ගැන විග්‍රහ කරන්න ලැබිල තියෙන්නෙ.

මේක ඇත්තටම ගෑණු ළමයි නම් ගොඩක් බලයි. පිරිමි ළමයිත් බලයි. නොබල ඉන්න එකක් නෑ.

අද කාලෙ හැම කෙල්ලම කල්පනා කරන්නෙ කොහොම හරි සල්ලිකාර කොල්ලෙක්ම අල්ල ගන්න. එහෙම කිව්වට කවුරුත් තරහ වෙන්න එපා. ඒවගේම තමයි මේ කියන ටික කතා කරන භාෂාවෙන්ම කියන්න හිතුන ඇත්තටම.
අද සමහර ගැහැණු ලමයි බොහොම දුකසේ තමයි ජීවත් වෙන්නෙ. සමහර අය එකම ඩෙනිම අදිනවා, හෝද හෝද. අම්මල තාත්තල දෙන සල්ලි වලින් එක වේලක් කාලා, එක වේලක් නොකා ඉන්නවා.
ඔය සරසවි වල ඉන්න ගැහැණු දරුවෝ ගොඩක්ම එහෙම තමයි. ඉතින් එහෙම බඩට හරියට නොකා, ඉණට වස්තරේ හරියට නැතුව ඉන්න ඒ ගැහැණු ළමයින්ම කවදහරි රජ සැප විඳිනව.

ඒ විඳින්න මේ වගේ ග්‍රහ බලයක් තියෙන්න ඕන...

මොනවද දන්නවද ?

යම්කිසි ගැහැණු ළමයෙකුගේ කේන්දරේ උප්පත්ති ග්‍රහචාරය ප්‍රබල වෙන්න ඕන.

* පුංචි කාලේ, ගුරු මහ දසාව ඉවර වෙලා, සෙනසුරු මහ දසාව ලබන්න පුලුවන්. ඒ සෙනසුරු මහ දසාවෙ දුක් වින්ඳත් ඊලගට බලවත් බුධ මහ දසාවෙදි සැප විඳින්න පුලුවන්.
ඒවිතරක් නෙමෙයි, රූප සම්පත්තියත් වැඩි වෙනව.
සමහර අය නිලියෝ වගේ වෙනව.
* ඒක හොඳටම පැහැදිලියි දමිල සිනමාවෙ අද ජනප්‍රිය වෙච්ච ත්‍රිෂා, ස්නේකා, අසින්, අනුෂ්කා යන මේ අය එදා ඉදල තියෙන්නෙ අන්තිම දුප්පත් විදියට, ඒවගේම සමහර ඒ තරමට රූපයකුත් තිබිල නෑ. දැන් එයාලගේ පිනත් එක්ක රූපෙත් ආවම. ඒවගේ..

එතකොට ඒ රූපයයි පිනයි ඔක්කොම එකතු වෙලා ස්වාමියාට සම්බන්ධ වෙනකොට, ස්වාමියා පොහොසත් වෙනව. ඒක තමයි කසාද බැඳල, ඉහල ආර්ථික තත්වයක් ගත කරනව.
මම එහෙම උදාහරණයක් පෙන්වන්නම්.

1987 ඉපදුන ගැහැණු ළමයෙක්ගෙ කේන්දරය

වෘශ්චික ලග්නය, 1 සෙනසුරු, 3 සිකුරු, රවි බුධ ගුරු රාහු 5, 6 කුජ 11 ඉන්නවා චන්ද්‍ර-කේතු)

●  මේ ළමයා පුංචි කාලයේ අනේකවිධ දුක් වින්ඳා. හැබැයි කුඩා කාලයෙ ඉදලම ඉගෙන ගන්න බොහෝම දක්ෂ පක්ෂ ළමයෙක්. ඒ දරුවගේ උන්නත්තිකාමිය උනේ ඒ දරුවගේ ඉගෙනීමම තමයි. සරසවි වරම් හිමි කරගත්ත.

●  මම ඒ ළමයගේ කේන්දරය බැලුවෙ ඉතාම කුඩා කාලයේ. මම කේන්දරය බලල කිව්වා, එයාලට කන්න බොන්න පවා අඩුපාඩු කාලෙදි, ඔයා කවදහරි කාරෙකක් තියෙන කෙනෙක් තමයි කසාද බදින්න කියල.

●  ඒ දරුව විවාහ උනේ අද මූල්‍ය ක්ෂෙත්‍රයේ ඉහලම ඉන්න කෙනෙක් එක්ක. ඒවගේම මම මේ ඇත්තමයි කියන්නෙ විවාහ උනු කෙනා නළුවෙක් වගේ රූපසම්පන්නයි. ඒවගේම කාරුණිකයි. අද මේ දරුවා රජ සැප විඳිනව.
ඒකට හේතුව මොකක්ද කියල දන්නවද ?

● 7 අධිපති සිකුරු ත්‍රිකෝණ ගතවිම, ලග්නාධිපති කුජ බලවත්විම, ඒවගේම ගුරු බලවත්විම මේ ආදි කාරණා.
ඒවගේම තමයි ඒ දරුවගෙ ග්‍රහචාරයත්, ගතවන මහ දසාවනුත් සුභයි. ඒවගේම ඒ දරුව ඉගෙනීමෙන් ඉහලටම ගියා වගේම මේ දරුව දේවල් හිතල බුද්ධිමත්ව තීරණ ගන්න කෙනෙක්.
අපල කාල වලදිත් බුද්ධියෙන් කටයුතු කලා. ඒවත් ජිවිතේ යහපත් වෙන්න බලපෑවා.

තවත් දවසක වාසනාවන්ත ගැහැණු ළමයෙක්ගෙ හඳහනක් දෙන්නම්. තවත් දවසක මේ වගේ ලිපියකින්
හමුවෙමු.



Sunday, November 16, 2014

සතියේ ලග්න පලාපලය (නොවැ 17 සිට)

● මේෂ
සතිය ශුභාශුභ මිශ්‍ර සතියකි.
බොහෝසෙයින්ම කාර්යබහුල වන ඔයා මේ සතියෙදි ආදායම ගැන මනා සුපරික්ෂාවෙන් ඉන්න ඕන. මොකද ආදායම් තත්වය ලැබෙනවා වෙනුවට දුන්න මුදල් ආපසු අයකරගැනිමේ ප්‍රශ්න තියෙනව. ඒවගේම එක එක්කෙනා වෙනුවෙන් ඉදිරිපත් වෙන්න ගිහිල්ලා තමන්ගේ සිතට කරදර ඇතිවෙන දේවල් වෙන්න පුලුවන්. ඒවා ඔක්කොම ආර්ථික තත්වයත්, මුදල් සම්බන්ධ කටයුතුත් නිසා. මනා අවබෝධයෙන් ඉන්න.
ගෙදර දොරේ ජිවිතය හොදින් ගත වෙනව නමුත් දුරබැහැර ගමන් යෙදෙන්න පුලුවන්. ඒවගේම ගෙදර සාමාජිකයෙක්ගෙ අනවශ්‍ය මුදල් නාස්තියක් හින්දා සිතට කරදර ඇතිවෙන්න පුලුවන්. ඒ ගැන සැලකිලිමත් වන්න.
සෞඛ්‍ය තත්වය සෙම් අමාරු, ඒවගේම රෝග පීඩා මේ ආදි ගැටළු එන්න පුලුවන්.

●  වෘෂභ
මේ සතිය ශුභයි. කරදරයක් නෑ.
ආර්ථික තත්වය හොදයි. කරන කියන කටයුතු වල දියුණුවක් පේන්න තියෙනව. ඒවගේම මුදල් ලැබීමේ භාග්‍යය මේ සිතයෙ තියෙනව. හදිසි ධනලාභ, ලොතරැයි දිනුම් පෙන්නුම් කරනව. ඒනිසා ඔයාගෙ අතේ තමයි තියෙන්නෙ ඉතුරු වැඩ ටික. උත්සහයෙන් උනන්දුවෙන් කටයුතු කරලා දියුණු වෙන්න බලන්න ඕන.
ගෘහ ජිවිතයත් ප්‍රීතිමත්ව ගත වෙනව. ඒවගේම ඔය සෙනසුරු 7 ඉන්න නිසා, අඹුසැමියන් අතර යම්කිසි ගැටළුකාරි තත්ව ඇතිවෙන්න පුලුවන්. ඒව ඉතින් ඉවසීමෙන් බුද්ධියෙන් විමසලා විසදගන්න වාසනාව තියෙනවනේ.
විශේෂ සෞඛ්‍ය ගැටළු නෑ, ඒත් රත්පිත් සහ ලේකෝප වීමේ රෝග, දරුවන් පාර තොටේදිත්, පාසලේදිත් ආරක්ෂා කරගන්න ඕන.

●  මිථුන
මේ සතිය හොදයි.
ටිකක් කාර්යබහුල උනත්, ඒනිසා මුදල් ඉපයීමේ බලගතු වාසනාව තියෙනව. ඒනිසා ප්‍රශ්නයක් නැහැ. ගොඩක් හොදයි කියල තමයි කියන්න පුලුවන්. සතිය අගදි හදිසි ධනලාභ එහෙමත් ලැබෙන්න පුලුවන්. ඒවෙගේම ආර්ථික පැත්තෙන් කරදරයක් නෑ. කරන කියන කටයුතු සාර්ථක වේවි.
ගෘහ ජිවිතය ප්‍රීතිමත්ව ගත වෙනව. කටයුතු සාර්ථක වෙනව. නිවසේ අය සමග ප්‍රීතියෙන් ඉන්න පුලුවන්. සතිය අගදි ප්‍රීති උත්සව වලට සහභාගි වෙන්න වාසනාව තියෙනව.
සෞඛ්‍ය තත්වයේ ප්‍රබල ගැටළු නැති ඔයාට, නිදන්ගත රෝග තියෙනව නම් ඒවායෙන් ආරක්ෂා වීම යහපත්ම වෙනව.

●  කටක
වාසනාවන්ත සතියක්.
ලග්නයේ ගුරු ඉන්න මේ වෙලාවේ, චන්ද්‍රයත් බලවත්ව වික්‍රමස්ථානයේ ඉන්නවා. තමන්ගේ හොද නමට වගේම උත්සහයට වාසනාවට වගේ දේවල් හරියනව. ආර්ථික තත්වය යහපත් වෙනව. කටක ලග්නයේ සියලුම අයට මේ සතිය ශුභයි කියන්න පුලුවන්. ගැටළුවක් නැහැ.
ගෘහ ජිවිතය හරියනව. ගෙදර දොරේ වෙනදට වැඩිය පවුල සාමාජිකයන් එක්ක වෙනදට වැඩිය කාලය ගතකරන්න ලැබෙනව. ඒනිසා හිතට සතුට ඇතිවෙනව. කිසිම අවුලක් නෑ.
සෞඛ්‍ය ගැටළු නැහැ. පපුවේ සෙම රෝග සහ සෙම සම්බන්ධ අසනීප ගැන පරිස්සම් වෙන්න. ඒක තමයි විශේෂිතම කාරණාව.

●  සිංහ
මේ සතිය ශුභයි.
ආදායම් තත්වය දියුණු කරගන්න වාසනාව ලැබෙනව. සතිය අගදි දුරබැහැර ගමන් යෙදනෙව. නමුත් ආදායමේ ස්ථාවරත්වය තියෙනව. වියදම ගැන පරිස්සම් වෙන්න ඕන.
ගෘහ ජිවිතය ප්‍රීතියෙන් ගත කරන්න වාසනාව තියෙනව. ඒවගේම ගෙදරට නෑදෑයො එන්න පුලුවන් විශේෂයෙන්ම සහෝදර පාර්ශව වලින්, ඒ අය සමග ප්‍රීතිවෙන්න පුලුවන්.
සිංහ ලග්නෙටත් සෙම් සහ සෙම් ආශ්‍රිත රෝග වලින් ආරක්ෂා විම හොදයි කියල තමයි කියන්න තියෙන්නෙ.

●  කන්‍යා
සමඵලයි.
කාර්යබහුල සතියක්. ඔබගේ කාර්යබහුලත්වය ඔයාට මුදල් ගෙනදෙන්න පුලුවන්. ධනෝපායන මාර්ග වලට ප්‍රවේශ වීම තියෙනව. සතිය අගදී ගමන් බිමන් යෙදෙන්න තියෙනව. ඒවා තමන්ට වාසිදායක විදියට පිහිටල තියෙන්නෙ. ඉතින් ඒනිසා දියුණු වෙන්න පුලුවන්.
ගෘහ ජිවිතේටත් අර මම කිව්ව කාරණය පොදුයි. ගෘහ ජිවිතය තුල ඔයාගෙ තියෙන කාර්යබහුලත්වය එක්ක යම් යම් ගැටළු මතුවෙන්න පුලුවන්. නමුත් ඒව ඔයාගෙ දියුණුවට යොදාගත්තොත් ගෙදර අයගේ ප්‍රසාදය ඔයාට ලැබේවි.
සෞඛ්‍ය තත්වයේ ප්‍රබල ගැටළු නැති උවත්, මානසික ආතතිය, සෙම් රෝග ඒවගේම හිසේ රදය මේ ආදි තත්වයන් ඇතිවෙන්න පුලුවන්.

●  තුලා
මධ්‍යඵලයි.
සතිය මුලදි  ඔයාට ආර්ථික වාසි ඇතිනොවි ඒ වෙනුවට කීය හරි වියදම් වීමේ තත්වය තියෙනව. මුදල් පරිස්සම් කරගන්න. ඇපයට අත්සන් කරන්න එහෙම හොද නෑ. කෙනෙක් වෙනුවෙන් ගිහිල්ලා ඇප වෙන එක එහෙම හොද නෑ. ඔය තත්වය මග ඇරෙන්නෙ සතිය අගදි.
ගෘහ ජිවිතය වරදක් නැහැ. ඒ උනාට පොඩි පොඩි අඩුපාඩුකම් ඇතිවෙන්න පුලුවන්. ඒ ගැන පොඩ්ඩක් කල්පනා කරගන්න ඕන. පස්සෙ ඒවා හරියාවි. ඒ දේවල් හරියන දේ තියෙනව. ළමයින් එක්ක ගෙදර දොරේ අය එක්ක සමගියෙන් සතුටින් ඉන්න පුලුවන්. ඒනිසා ප්‍රශ්නයක් නැහැ.
සෞඛ්‍ය තත්වයෙ නම් පොඩි ගැටළුවක් තියෙනව. පාද වල අසනීපකම්, ඒවගේම සෞඛ්‍ය තත්වයේ බඩේ අමාරු, උදරාබාධ ඒව ගැන කල්පනා කරන්න ඕන. එතකොට අජිර්ණ රෝග ගැනත් සැලකිලිමත් වන්න.

●  වෘශ්චික
මේ සතිය හොදයි.
බලවත් ග්‍රහ යෝග යෙදිල තියෙන, මේ කාලයෙදි ආර්ථික තත්වය දියුණු වෙනව. ලැබීම් භාග්‍යයට හොදයි කියල තමයි කියන්න තියෙන්නෙ. සහෝදරයන්ගෙන්, ඥාති මිත්‍රාදීන්ගෙන් උදව් උපකාර ලැබෙනව. ඒනිසා කිසිම ගැටළුවක් නැතිව ජිවත් වීමේ වාසනාව තියෙනව.
ගෘහ ජිවිතය ඉතාම ප්‍රීතිමත්ව ගත වෙනව. ගොඩක් හොදයි. වැඩිහිටියන්ට සැලකීමට හිතෙනව. ඒවගේම වැඩිහිටියන්ගෙන් ආශිර්වාද ලැබිලා කටයුතු දියුණු වෙනව. පින්දහම් කටයුතු වලට සිත යොමු වෙනව.
සෞඛ්‍ය තත්වයේ ප්‍රබල ගැටළු නැ. නිදන්ගත රෝග ඇති අය ඒව පාලනයට යොමු උනොත් හොදයි කියල තමයි කියන්න තියෙන්නෙ.

●  ධනු
හොද සතියක්.
විශේෂයෙන්ම වෙලද ව්‍යාපාර කටයුතු වල නිරත අයට තමන්ගෙ ව්‍යාපාර දියුණු කරගන්න වාසනාව ලැබෙනව. ඒනිසා ඒ ගැන කිසිම ගැටළුවක් නැහැ. හොදටම හොදයි. අලුත් ආදායම් මාර්ග ලැබෙනව. ජලයාශ්‍රිත කර්මාන්ත කරන අයටත් හොදයි. ආර්ථිකයේ ගැටළු නැහැ.
ගෘහ ජිවිතය ප්‍රීතියෙන් ගත වෙනව. උරුමහරුමකම් ලැබෙනව. ඒවගේම තමයි ගෙදරදොරේ කටයුතු වලට අවශ්‍ය මුදල් ලැබෙනව.
සෞඛ්‍ය තත්වයේ ප්‍රබල ගැටළු නෑ. ලේ කෝපවන රෝග, උදරාබාධ, ගෑස්ටික් අමාරු ගැන බලාගන්න. වෙන ප්‍රශ්නයක් නැහැ.

● මකර
ශුභයි.
උත්සහය උනන්දුව අනුව ආර්ථික තත්වය දියුණු වෙනව. ලැබෙන්නට තිබු ණය මුදල් එහෙම ලැබෙන්නට පුලුවන්. ඒවගෙම තමයි කටයුතු සාර්ථක වෙන්නෙ පෙර පිනට වගේ. ගොඩක් හොදයි. සතිය මැදදී ආර්ථික තත්වය දියුණු වෙනව, විශේෂයෙන් වෙලදාම් කටයුතු කරන අයට හොදයි.
ගෘහ ජිවිතය ප්‍රීතියෙන් ගත වෙනව. බිරිදට, ස්වාමියාට අන්නෝන්‍ය සමගියත් තෑගි බෝග හුවමාරු කරගන්න තත්වයට පවා පත්වෙනව. ගොඩක් හොදයි.
සෞඛ්‍ය තත්වයේ ප්‍රබල ගැටළු නැහැ. පාද වල අසනීප තියෙන අය පරිස්සම් වෙන්න ඕන. ලේ කෝපවීම් නිසා ඇතිවෙන රක්තදෝෂ ව්‍යාධි ඇතිවෙන්න පුලුවන්. උදරාබාධ ගැන පරිස්සම් වන්න.
මකර ලග්නයේ කුඩා දරුවන් වැඩිපුර වතුර බොන්න යොමු කරවන්න ඕන.

● කුම්භ
හොදක් කියන්න බෑ මේ සතිය.
සතිය මුලදි ආර්ථික තත්වය බිංදුවටම වැටෙන්න පුලුවන්. කරන කියන කටයුතු වලින් පාඩු සිද්ධ වෙන්න පුලුවන්. ඒවගේම තමයි තමන්ගෙ දියුණුවට යම් යම් හතුරු කරදර ඇතිවෙන්න පුලුවන්, ඇස්වහ කටවහ දෝෂ. ඒවගේම ගුප්ත පැත්තෙන් එන කටයුතු නිසා ආර්ථික දෝෂ ඇතිවෙන්න පුලුවන්. තමන්ගෙ හිතත් හරි නෑ. මේ තත්වය හරියන්නේ සතිය අගදි. ඒනිසා ඒ ගැන කල්පනා කරගන්න ඕන.
ගෘහ ජිවිතයේ ප්‍රීතිමත් භාවය තියෙනව. නමුත් කේන්දරේට යම් ගැටළුවක් තියෙන නිසා ඔය කියන පොඩි පොඩි අඩුපාඩුකම් ඇතිවෙන්න පුලුවන්. ඒක තමයි ලොකුම ප්‍රශ්නෙ. වෙන නම් ගැටළුවක් නැහැ.
සෞඛ්‍ය සෙම් රෝග සහ නිදන්ගත රෝග ඇති අය ආරක්ෂා වන්න.

●  මීන
මේ සතිය ප්‍රශ්නයක් නැහැ.
කටයුතු සාර්ථක වෙනව. දියුණු වෙනව. ඒවගේම තමයි වෙලදාම් කරන අයට ශුභයි. වෙලද ව්‍යාපාරික කටයුතු වලට ණය තුරුස් ලැබෙනව. මුදල් හදල් යහමින් ලැබෙන්න වාසනාව තියෙනව. උත්සහයෙන් වැඩ කරල දියුනු වෙන්න පුලුවන්.
ගෘහ ජිවිතය ප්‍රීතිමත්ව ගත වෙනව වගේම, ස්වාමි - භාර්යාව සමග එම අන්නෝන්‍ය සමගිය ඇතිවෙනව. සතිය අගදි අසනීප තත්ව ඇතිවෙන්න පුලුවන්. ඒ ගැන පොඩ්ඩක් බලන්න.
සෞඛ්‍ය තත්වයේ ප්‍රබල ගැටළු නැහැ. කොහොම උනත් ඉවසිමෙන් බුද්ධියෙන් කටයුතු කරන්න. නිදන්ගත රෝග තිබේ නම් ඒවා ගැන අවබෝධයෙන් ඉන්න.

________  __________ __________ _____________

භාව කේන්දරයේ සම්පූර්ණ පලාපල විස්තරය ලබාදෙන, Word Document සේවාව හෝ Skype/දුරකථන මාර්ග සේවාව, අපල ආදියට කල යුතු ශාන්ති කර්ම, යහපත් පැවැත්ම, අපල සමනයටත්, අදාල ග්‍රහයාගේ සුභ පල ලබාදීමටත් ලබාදෙන යන්ත්‍ර, ආරක්ෂණ යන්ත්‍ර, ජීවිතයේ ජයග්‍රහණ යහපත උදාකරණ සර්වජන වශී ධන සාධන ආකර්ෂණ යන්ත්‍ර, නාමකරණය (පුද්ගල, ව්‍යාපාර) තැබීම(නම් තැබීම).
නිවසට පැමිණ වාස්තු විද්‍යා උපදේශනය ඇතුළු සියලූම ජෞතිෂ්‍ය කටයුතු සඳහා inbox කරන්න. 
0711 345 364













“ හනුමාන් හෙවත් වායු දෙවියන් “


Friday, November 14, 2014

“ රතන යන්ත්‍රය “

රතන යන්ත්‍රය, එසේම මෙම ඡායාරූපයේ දැක්වෙන රතන යන්ත්‍රය බුදු ගුණ යන්ත්‍ර අතරින් ඉතාම ප්‍රතිඵලදායක යන්ත්‍ර රත්නයන් වේ.

* මෙම යන්ත්‍ර මනාකොට ජීවම් කටයුතුව පැළදීමෙන් සියලුම උපද්‍රව නැතිවේ.
එසේම මෙම යන්ත්‍ර භාවිතය නිසා තමාගේ වැඩ කටයුතු කාර්ය සාධනය ඇතිවේ.

* එමෙන්ම සමහර අයවළුන්ට බලපාන යක්ෂ, ප්‍රේත උපද්‍රව එසේම ඇස්වහ කටවහ දෝෂ කුඩා දරුවන්ට බලපාන්නාවූ ප්‍රේත අමනුෂ්‍ය දෝෂ මේ ආදි සියලුම උපද්‍රව මෙයින් වැළකේ.

* සතුරන් දමනය වීමටත්, එසේම තමාගේ වචනය අන් අය පිලිගැනීමටත් බලගතු වන අගනා යන්ත්‍රයකි, රතන යන්ත්‍රය.

* යන්ත්‍ර කෙතරම් තිබුනද, සියලුම යන්ත්‍රයන් තමාගේ කේන්දර සටහන අනුව නැකැත් වලට ගැලපෙන ආකාරයට තමාගේ ග්‍රහ තත්ව හැසිරෙන ආකාරයට විමසා බලා, ඒ අනුව පැළදිය යුතුය.

* එසේම ජපකාරක ඇදුරු තෙම, සැබැවින්ම සිල්වත්ම පුද්ගලයෙක් විය යුතුය.
* එනම් පංච ශීලයෙන් යුතු මෙන්ම, මස් මාංශ අනුභවයෙන් තොරවූ පුද්ගලයෙක් වීම යන්තරයේ බලය වැඩි දියුණු වීමට ප්‍රබලම සාධකයකි.

‪#‎ඉරුසේවය‬

Iru Astrology

භාව කේන්දරයේ සම්පූර්ණ පලාපල විස්තරය ලබාදෙන, Word Doc. සේවාව හෝ Skype/දුරකථන මාර්ග සේවාව, අපල ආදියට කල යුතු ශාන්ති කර්ම, යහපත් පැවැත්ම, අපල සමනයටත්, අදාල ග්‍රහයාගේ සුභ පල ලබාදීමටත් ලබාදෙන යන්ත්‍ර, ආරක්ෂණ යන්ත්‍ර, ජීවිතයේ ජයග්‍රහණ යහපත උදාකරණ සර්වජන වශී ධන සාධන ආකර්ෂණ යන්ත්‍ර, නාමකරණය (පුද්ගල, ව්‍යාපාර) (නම් තැබීම).
නිවසට පැමිණ වාස්තු විද්‍යා උපදේශනය ඇතුළු සියලූම ජෞතිෂ්‍ය කටයුතු සඳහා inbox කරන්න.
0711 345 364

22වන දෙර්කාණාධිපතියා.

22 වන දෙර්කාණධිපතියා යනු,

තමන් උපන් ලග්නයට නවාංශකය අනුව පිහිටන අශුභම ග්‍රහයාය.

උදාහරණයක් වශයෙන් මීන ලග්නය, ධනු නවාංශකය වූ විට සිකුරු ග්‍රහයා 22 වන දෙර්කාණාධිපතියාය.
22 වන දෙර්කාණාධිපතියාගේ මහ දසාවෙදි කෙනෙකුට අපල කිරිමේ හැකියාව පවතී.

මේ සම්බන්ධව අපගේ පාඨකයන් විශාල වශයෙන්ම පැහැදිලි කිරීමක් කරන්නැයි අපගෙන් ඉල්ලීම් කර ඇත.
එම ඉල්ලීම්ද සැලකිල්ලට ගත්කල, අප ඒ සම්බන්ධව කරුණු දැක්වීමට මෙය අවස්ථාවක් කරගත්තෙමු.

කෙසේ වෙතත්, ලග්න 22 වන දෙර්කාණාධිපතියන් වෙන් වෙන්ව ඇත.

එක ලග්නයකට දෙර්කාණාධිපතින් නවාංශකය අනුව 3ක් ඇත.

* නමුත් මෙයිනුත් අප පර්යේෂණාත්මකව බැලූ කල 22 දෙර්කාණාධිපතියාගේ මහ දසා වලත් පුද්ගලයන් රජවී ඇත.
මෙයද ආවට ගියාට තීරණය කරන්න බැරි කාරණාවකි. ඒනිසා ඒ සම්බන්ධව පූර්ණ විස්තරයක් ඉදිරියෙදි ලබාදිමට කටයුතු කරමු.

මෙම අවධියෙදි නව කාර්යාලය ස්ථාපනය කල නිසා අධිකව කාර්යබහුලවී සිටින බැවින් පර්යේෂණාත්මක ජෝතිෂ්‍යය කටයුතු ගැන කිසියම් ආකාරයක අඩුවිමක් ඇත.
නමුත් ඉදිරියෙදි යථා තත්වයට එම කටයුතු නැවත කරගෙන යාමට බලාපොරොත්තු වෙමු.

තෙරුවන් සරණයි !

Wednesday, November 12, 2014

“ සිකුරු මාරුව “


සිකුරු මාරුව සම්බන්ධව දීර්ඝ නොව කෙටි පලාපලයක් පල කිරිමට අප ඉරු සේවය තීරණය කලා.
සිකුරු මාරුව මාසයකට ආසන්න කාලයක් බලපවත්වයි.
ප්‍රවීණ ජෝතිර්වේදි රාජකරුණා මහත්මා අධික කාර්යබහුලත්වය මධ්‍යයේ තීරණයක් ගනු ලැබීය.

● මේෂ
සිකුරු 8ට පැමිණීම සුභ නැත.
විවාහ ජිවිතයේ යම් යම් මත ගැටළු ඇතිවිමට පුලුවන. මන්ද 8 වැන්නෙ ඉන්නෙත් සෙනසුරු සමග යෝග වි නිසාය.
මේෂ ලග්න අයගේ විවාහ මංගල යෝග අඩාල වීමටත්, තින්දු වී තිබු මංගල යෝජනා කිසියම් ආකාරයකට කඩා කප්පල් විමටත් පුලුවන.
උප්පත්ති කේන්දර වල දුර්වල සිකුරුගේ මහ දසාව ගත වන්නේ තමාගේ ස්වාමියා, බිරිද පවා ආරක්ෂා කරගත යුතුය.
මේ වගේ අයට තමයි හෙට මගුල් නම් අද කෙල්ල වෙන එකෙක් එක්ක පැනල යන්නෙ.

● වෘෂභ
7 වැන්නට පැමිණිමෙන් ලොකු කරදරයක් නෑ. විශාල පාඩුවක් අලාභයක් නැහැ.
මංගල යෝග කරදර මධ්‍යේය ස්ථාවර වෙනව. ඒවගේම කරන කියන කටයුතු වල සාර්ථකත්වයක් දුෂ්කරතා මධ්‍යයේ එනවා ලොකු ප්‍රශ්නයක් නෑ.

● මිථුන
සිකුරු 6 වැන්නට පැමිණිම රෝගාබාධ පැමිණිය හැක.
විරුද්ධවාදින්ගේ කුමන්ත්‍රණ නිසා ඒවගේම ඇස්වහ කටවහ දෝෂ ඇතිවෙන්න පුලුවන්. ආයෝජනයක පොඩි පාඩුවක් වේවි ඒ ගැන බලාගන්න. ඒවගේම ප්‍රේම සබදතා වලට හතුරු කරදර වින කටින අයගෙන් කරදරත් එන්න පුලුවන්.

● කටක
සිකුරු මාරුව 5 වැන්නට ප්‍රශ්නයක් නෙමෙයි.
කරදර මධ්‍යයේ දරුවන්ට හොදයි. අධ්‍යාපන ලබන අය ප්‍රේම සබදතා ඕනවට වඩා ඉහට ගන්න එපා. ඒක අධ්‍යාපනයට බාධාවක් වෙන්න පුලුවන්. ව්‍යාපාරික කටයුතු කරන අයට හොදයි.

● සිංහ
4 වැන්නට පැමිණිම හොදයි.
ආදායම් තත්ව වලට හොදයි. නව ආයෝජන අවස්ථා එනව. නිවසට අලුත් බඩුමුට්ටු ගැනිමට වාසනාව ලැබෙනව. ප්‍රේම සබදතා වලදි මත ගැටුම් ඇතිවන්නට පුලුවන්. ඒ ගැන පරිස්සම් වන්න.
සම්බන්ධකම් ආරක්ෂා කරගන්න.

● කන්‍යා
3 වැන්නට සිකුරු පැමිනිම නරක නැහැ.
ඒත් සෙම් අමාරු පැමිණෙන්නට පුලුවන්. සමහරවිට තමන් ගැන නරක කට කතාවක් පැතිරෙන්න පුලුවන්. ලග්නයෙත් රාහු ඉන්න නිසා මේව ඉක්මනට පැතිරෙන්න පුලුවන්.
ඒවගේම දුර බැහැර ගමන් බිමන් යෙදිලා ඒවයෙදි ප්‍රීතියෙන් ඉන්න පුලුවන්. ගමනෙදි බිමනෙදි අසනීප වෙන්න පුලුවන් නිසා ඒවයෙදි පරිස්සම් වන්න.

● තුලා
2 වැන්නට සිකුරු මාරුව හොදයි.
ආදායම් තත්ව දියුණු වෙනව. උත්සහයෙන් වැඩ කරන්න හිතෙනව. ඊලගට යන්නෙ 3ට නිසා අයහපත් ප්‍රතිඵල නෑ. තමාගෙ වචනය අන් අයට ප්‍රීතියක් ගෙන දෙනව. කරදරයක් නෑ.

● වෘශ්චික
1 වැන්නට සිකුරු පැමිණිම කාමාශාව වැඩි දියුණු වේවි.
පොඩි දෙයක් තියෙනව කියන්න, ලැජ්ජයි කියන්න. ඔය තරුණ වයසෙ කොල්ලො ඇන්ටිලත් එක්ක යාළු වෙන්න ඉඩ තියෙනව. ඕකට සමහරු කියනවා ඇන්ටි බැක්ටිරියාව කියල. ඉතින් අපි කියන්නෙ වැඩිහිටි කාන්තාවන් දිහා තමන්ගෙ අම්මල වගේ බලන්න. අම්මලට වගේ සලකන්න, ගරු කරන්න. කාමුකව බලන්න එපා. ඉතින් වෘශ්චික ලග්නයේ වැඩිහිටි පාර්ශව වලට කාමුක අවශ්‍යතා ඇතිවෙන්න පුලුවන්.
සෙම් අමාරු, හිසේ අමාරු ඇතිවෙන්න පුලුවන් පරිස්සම් වන්න.

● ධනු
12 වැන්නට සිකුරු පැමිණිම හොද නෑ.
ආදායම අඩු වෙනව. වියදම වැඩි වෙනව. ගැහැණු අය තමන්ගෙ දත් ගලවනව වගේ ඉල්ල ගන්න පුලුවන්. තමන්ව මහමග මංකොල්ල කනව වගේ වෙන්න පුලුවන්. පරිස්සම් වන්න. ආර්ථිකය හසුරුවා ගන්න.

● මකර
11 වැන්නට සිකුරු පැමිනිම හොදයි.
හිතවත් ඥාතින්ගෙන් මිත්‍රයන්ගෙන් උදව් උපකාර ලැබේ. වැඩිහිටි ගැහැණු අයගෙනුත් උපකාර ලැබෙයි. පිටරට සිටින අයට හොදයි. ආදායම් දියුනු වෙනව.

● කුම්භ
10 වැන්නට පැමිණිම හොදයි.
රැකියාවේ තිබුනු ගැටළු නැති වෙනව. දියුණු වෙනව. සමහරවිට පඩි වැඩිවෙන්න පුලුවන්. ආයතනයේ බොස්ලගෙන් තමන්ට කරුණාව ලැබෙන්න පුලුවන්. කුම්භ ලග්නයේ ප්‍රයිවට් සෙකට්‍රිලට නම් හොද කාලයක්. බොස්ලගෙන් ඩබල් බෝනස් ලැබෙන්න පුලුවන්. ඒ ගැනත් පරිස්සම් වන්න.

● මීන
9 වැන්නට සිකුරු පැමිනිම හොදයි.
පෙර පින ලැබෙනව. ආදායම් තත්ව දියුණු වෙනව. අලුත් පෙම් සබදතා එන්න පුලුවන්. විවාහ ජිවිතේ විවාහ වෙලා ඉන්න අයට අනියම් සබදතා ඇතිවෙන්න පුුලුවන්. ඒවගේම ගැනු අයගෙ ඇල්ම බැල්ම ලැබෙනව. ටිකක් කාමුක වෙනව. ලිංගික ශක්තිය වැඩි වෙනව. දරු සම්පත් ලැබෙයි. කරදරයක් නැතිව ඉන්න පුලුවන්. මම කියන්නෙ ඔය සිකුරු ආපු එකෙන් හොද ග්‍රහයෙක්නෙ කොච්චර උනත් 9ට, පිනට දහමටත් යොමු වෙන්න ස්වාමින් වහන්සේලාට දානය දෙන්න හොදයි.

#Iඉරුසේවය

භාව කේන්දරයේ සම්පූර්ණ පලාපල විස්තරය ලබාදෙන, Word Document සේවාව හෝ Skype/දුරකථන මාර්ග සේවාව, අපල ආදියට කල යුතු ශාන්ති කර්ම, යහපත් පැවැත්ම, අපල සමනයටත්, අදාල ග්‍රහයාගේ සුභ පල ලබාදීමටත් ලබාදෙන යන්ත්‍ර, ආරක්ෂණ යන්ත්‍ර, ජීවිතයේ ජයග්‍රහණ යහපත උදාකරණ සර්වජන වශී ධන සාධන ආකර්ෂණ යන්ත්‍ර, නාමකරණය (පුද්ගල, ව්‍යාපාර) තැබීම(නම් තැබීම).
නිවසට පැමිණ වාස්තු විද්‍යා උපදේශනය ඇතුළු සියලූම ජෞතිෂ්‍ය කටයුතු සඳහා inbox කරන්න.
0711 345 364

පිරිපුන් ලිංගික ශක්තියක් ඇතිවන ග්‍රහමය පදනම

උපදින ජන්මියෙකුට කාම සම්භෝගය අවශ්‍යම සාධකයකි. මෙය ස්ත්‍රී-පුරුෂ දෙපක්ෂයටම පොදුවේ බලපාන දෙයකි.
යම් විදියකින් කාම ශක්තිය හීන වූ කල, පුද්ගලයාට එයින් ශාරිරික මානසික ව්‍යසනයකට හෙවත් කඩා වැටීමකට හේතුවනවා ඇත.
කෙසේ වෙතත් මෙම තත්වය දඩමීමා කරගෙන එනම්, විශේෂයෙන්ම පුරුෂයන්ගේ ලිංගික ශක්තිය දුර්වල වීම නිසා එයින් ජිවත් වන එක්තරා හොර වෙද්දු රට පුරාම සිටී. එය ඉරිදා පුවත්පත් වල ඇතුලත පිටු සහ තරුණයන්ට තරුණියන්ට වෙන්වූ පුවත්පත් වල වෙළද දැන්වීම් තීරය බලන කල අපට වැටහී යයි.

මෙවැනි ප්‍රශ්න ගසා කෑමකින් තොරව යම්කිසි කෙනෙකුට සහනයක් ලබාදිමට හැකි නම් කෙතරම් පිනක්ද
විශේෂයෙන්ම සිංහල ජාතියේ අද දවස ඒ අංශයෙන් බැලූකල දුර්වල වී ඇති බව ජනගහණ දත්ත සමීක්ෂණ වලින් බැලූ කල පෙනීයයි.

ලිංගික ශක්තිය හෙවත් මනා ලිංගික ක්‍රියාකාරිත්වයට ඉවහල්වන ග්‍රහමය සාධක කවරේද ?

● යම්කිසි කෙනෙකුගේ කේන්දරයේ, කුජ ග්‍රහයා බලවත්ව 7, 11 වැන්න හෝ 3 වැන්න පිහිටා සිටීම බලවත් ලිංගික ශක්තියක් ඇතිවිමට හේතුය.

● එසේම සිකුරු ග්‍රහයා දුර්වල වන්නේ නැතිව කේන්දරයක 3, 7, 11 හෝ 5 යන භාවයන් වල තැන්පත් වීමද හොඳ ලිංගික ශක්තියක් ඇතිවිමට හේතුවේ.

● එසේම කුජ-සිකුරු යන ග්‍රහයන් එක්වූ කල, අධිකාම යෝගයක් පැවතියද එම ජන්මියාගේම සඳු, සිකුරු, ගුරු යන ග්‍රහයන් බලවත් නම් හෙතෙම චරිතය ආරක්ෂා කරගත් ලිංගික ශක්තියෙන් අනූන වීර පුරුෂයෙක් වේ.

● ලිංගික ශක්තිය බොහෝවිට මානසික විද්‍යාඥයන් පවසන ආකාරයට මානසික තත්වයේද නිරෝගිතාවයක් බොහෝවිට තිබිය යුතුය. එනම්, පුද්ගලයාගේ සඳු ග්‍රහයා බලවත්වීම නිවැරදි, එසේම ශක්තිමත් ලිංගික ජිවිතයකට පදනමයි.
* මා එසේ පවසන්නේ, සඳු දුර්වල වූවන්ගේ ලිංගික ශක්තියට අයහපත් බලපෑම් ඇති කරන බැවිනි.
එවැනි අයට ක්ෂණික මෝචනය, කාමාශා රහිත බව එසේම ලිංගික කටයුුතු වලදි අනියත ව්‍යාකූලත්වය ඇතිවිමට ඉඩ ඇත.

මේවා මනසින් පාලනය කරන සාධකය.

කෙසේ වෙතත් ඔබගේ කේන්දරයෙ මෙවන් තත්ව ඇත්දැයි බලන්න.
එසේ නම් ඇත්නම් ඒවාට පිලියම් තිබේ.
මේ ගැන සැකසුනු තවත් පර්යේෂණාත්මක ලිපි බලාපොරොත්තු වන්න.
* ලිංගික ශක්තිය දුර්වල වන ග්‍රහ පිහිටිම් ගැන විස්තරයක් ලගදීම !

‪#‎ඉරුසේවය‬

* භාව කේන්දරයේ සම්පූර්ණ පලාපල විස්තරය ලබාදෙන, Word Doc. සේවාව හෝ Skype/දුරකථන මාර්ග සේවාව.
අපල ආදියට කල යුතු ශාන්ති කර්ම, යහපත් පැවැත්ම, අපල සමනයටත්, අදාල ග්‍රහයාගේ සුභ පල ලබාදීමටත් ලබාදෙන යන්ත්‍ර, ආරක්ෂණ යන්ත්‍ර, ජීවිතයේ ජයග්‍රහණ යහපත උදාකරණ සර්වජන වශී ධන සාධන ආකර්ෂණ යන්ත්‍ර,
* නාමකරණය (පුද්ගල, ව්‍යාපාර) (නම් තැබීම).
* නිවසට, තම ව්‍යාපාරික ස්ථානයට පැමිණ වාස්තු විද්‍යා උපදේශනය ඇතුළු සියලූම ජෞතිෂ්‍ය කටයුතු සඳහා inbox කරන්න.
* තලවතුගොඩ අපගේ කාර්යාලයටම පැමිණ සේවා ලබාගැනීමට අමතන්න.
+94 711 345 364,

Monday, November 10, 2014

විරාත් කෝලිගේ ජන්ම පත්‍රය

1988 නොවැ. මස 5වන දින, ඉන්දියාවේ දිල්ලි අගනුවරදි උපත ලද විරාට් කෝලි ලෙස හඳුන්වන මේ ක්‍රීඩකයා අද ලංකාවෙ ඉන්දියාවෙ පමණක් නොව ලෝකයේම නොදන්නා කෙනෙක් නැත.

එදා මෙදා තුර ඉන්දීය ක්‍රිකට් වංශ කතාවේ, බිහි වූ මොහොමඩ් අසාරුඩීන්, කපිල් දේව්, රවි ශාස්ත්‍රි, සුනිල් ගවස්කාර්, සචින් තෙන්ඩුල්කාර්, විරෙන්ද්‍ර ෂෙවාග් ආදි ක්‍රීඩකයන් අතර, කෝලිද එක්තරා චරිතයකි.

අපේ අසල්වාසි රටවූ ඉන්දියාවේ ඉපිද අල්ලපු ගෙදර වූ අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩාවට වචනයෙන් පවා අපහාස කල කපිල් දේව්ට වඩා මොහු එක්තරා ජාතියක අමුතුම චරිතයකි.
සචින් තෙන්ඩුල්කාර්, සුනිල් ගවස්කාර් යනු ක්‍රිකට් ක්‍රීඩාවේ නියම මහත්වරුන්ය.

කෙසේ වෙතත්, විරාට් කෝලි තරමට ලංකාවේ අපට වහකඳුරු වූ වෙනත් චරිතයක් මෑත ක්‍රිකට් ඉතිහාසයේ නැත.
පුද්ගලයෙක් කුමක් කලත්, කුමන දේ කලත් පුද්ගලයාගේ චරිතය නිරූපනය වන්නේ කේන්ද්‍රය මුල් වූ ග්‍රහ බලයෙනි.
අපි එසේ නම් කෝලිගේ හඳහන දෙස යොමුවෙමු.

* 1988 වසරේ නොවැ. 5 වන දින දිල්ලියෙදි උපත ලද මේ ක්‍රීඩකයාට ධනු ලග්නය හිමි වී ඇත. එසේම රවි හිමි උත්‍රපල් නැකතේ 2වන පාදය හිමිවිය.

● මේ කේන්දරය බැලූ බැල්මටම 1 වැන්න වන ලග්නයේ සෙනසුරු/ශනි ග්‍රහයා තැන්පත්ව සිටී.
එසේම රාහු ග්‍රහයා 3 වැන්න වන වික්‍රමස්ථානයේද, කුජ/අගහරු 4 වැන්නේද, ගුරු/බ්‍රහස්පති ග්‍රහයා 6 වැන්නේද, 7 වැන්න සහ 8 වැන්නේ ග්‍රහයන් නොමැති අතර. කේතු 9 වැන්නේද චන්ද්‍ර- සිකුරු 10 වැන්නේද රවි-බුධ 11 වැන්නේද පිහිටා ඇත.

මා මුලින්ම දෙයක් සඳහන් කරන්නම්. මෙම ක්‍රීඩකයා ඉතිහාසයේ හොඳ නම පවතින ක්‍රීඩකයෙක් නොවේ.

මහේන්ද්‍ර සිං දෝනි, තෙන්ඩුල්කාර් වැනි ක්‍රීඩකයන් දේවත්වයෙන් පුදන එම රටේදි මොහුට එම තත්වය අහිමි වෙයි.

● මෙම කේන්දරයේ හැටියට සෙනසුරු/ශනි ලග්න භාවයේ සිටිම නිසා මොහු ඉතාම රළු-පරළු, සැර පරුෂ පුද්ගලයෙක් බව කේන්දරයෙන් පෙන්වයි.
ශනි ග්‍රහයා ධනු රාශි ගත වීම නිසා හිත තද වෙනවා සේම, අන් අයගේ දුකේදී හිත උණු වන්නේ නැත.

● එසේම ලග්නයෙන් 3 වැන්නේ රාහු සිටින නිසා කෙසේ හෝ ප්‍රසිද්ධ වීමේ වාසනාව ඇත.

● අඟහරු/කුජ 4 වැන්නේ සිටිම නිසා තමාගේ වටපිටාවේ අයගේද දෝෂ දර්ශනයට ලක්විමට ඉඩ ඇත.

● ගුරු ග්‍රහයා 6 වැන්නේ සිටිනවා කියන්නේ, ලග්නාධිපති ගුරු සතුරු රාශිගතව දුර්වල වීම නිසා මෙම පුද්ලයාගේ ගුණයහපත්කමක් කියා දෙයක් බිංදුවක්වත් නැත.

● සිකුරු/ශුක්‍ර ග්‍රහයා බලවත්වීමෙන් පුද්ගලයා සෞම්‍ය, මෘදු කෙනෙක් බවට පත්වේ.
නමුත් කෝලිගේ හඳහනේ සිකුරු නීච වී 10 වැන්නේ පිහිටා සිටී.  මොහුට ඉදිරියේදි තවත් ගැහැණු ආශ්‍රයන් සම්බන්ධව නොයෙකුත් අපවාද වලට ලක්විමට ඇති ප්‍රවණතාවය වැඩිය.

● රවි - බුධ යෝගය 11 පිහිටිම නිසා කෝලි ක්‍රීඩාවට සහ අධ්‍යාපනයට සහජ දක්ෂතාවය දක්වන කෙනෙකි.
* රවි 11 සිටිම නිසා කෝටියක් දෝෂ භංග වන තත්වයක්ද උදාවී ඇත.
මොහු එක්තරා පිරිසක් පමණක් ආශ්‍රය කරන පුද්ගලයෙකි. සියලුම දෙනා සමග සමගියෙන් සිටීමට මොහු එතරම් ප්‍රියතාවයක් නොදක්වයි. එයට හේතුව මොහුගේ ඇති රවි-බුධ යෝගයේ තරමයි.

* කෝලිගේ  කේන්දරයේ හැටියට එක්තරා ආකාරයකට අනාගතයෙදි මහත් ආන්දෝලනාත්මක දේ පවා සිදුවිමට ඉඩ තිබේ.
● එයට හේතුව, කේන්දරයේ ඇති කුජ-ශනි යෝගයේ තත්වයත්, එතනින් අමතරව සිකුරු නීච වීමත් විශේෂයෙන්ම රාහු මහ දසාව ඉදිරියට යාම නිසාය.

● එසේම 2015 සිට 2018 කාලය දක්වා මොහුට සුබ නැති අතර, සමහරවිට ක්‍රීඩා ජිවිතය අවසන් වීමට සමහරවිට ඉඩ ඇත.
මන්ද ප්‍රබල පාපී ග්‍රහයෙකුගේ මහ දසාව සහ අතුරු දසාව ගතවීම නිසා පුද්ගලයෙකුගේ දක්ෂතාවය එනම්  performance අඩුවිමට ඉඩ ඇති නිසාය.

මොහු සාමාන්‍ය මනුෂ්‍යයෙක් විදියට, මනුෂ්‍ය හඳහනක් ලෙස බැලූ කල මොහු ඉතාම නරක සහ කුහක පුද්ගලයෙක් බව කේන්දරයෙන් පෙනී යයි.

** හොඳින් බලන්න කෝලිගේ 4 කේන්දරය (1, 4, 7, 10 ) පාපීන්ට හසුවී ඇති ආකාරය.
මොහු විවාහ කරගන්නා බිරිඳ පවා මොහුගේ අඩන්තේට්ටම් වලට ගොදුරු වේ.

එසේ නම් ලාංකික අපිට ලක්මවට, අමිල දායාදයක් වුන කුමාර සංගක්කාර වැනි ක්‍රීඩකයෙක් අපට කොයිතරම් සම්පතක්ද....

ක්‍රීඩා විචාරකයන් පවා සඳහන් කරන්නේ, සංගක්කාර යනු ක්‍රිකට් ලෝකයේම ඉහලම ගෞරවයට පාත්‍ර වුනු මහත්මයෙක් බවයි. ඒ ගැන අපිට හරිම සතුටුයි.
මේ වගේ කේන්දරයක් හිමිව ඉපදුනොත් ඒ පුද්ගලයා අනුකම්පා සහගත පුද්ගලයෙක් නම් නොවෙයි.

මේ ගැන ඔබලා පරික්ෂා කර බලන්න.

තෙරුවන් සරණයි !

Sunday, November 9, 2014

සතියේ ලග්න පලාපලය (නොවැ 10 සිට)

●  මේෂ
ඔබට සුභ සතියකි.
පසුගිය 2වෙනිදා සිදුවුනු දැවැන්ත සෙනසුරු ග්‍රහ මාරුවත් සමග අඩපණ වූ ආර්ථික තත්වය මේ සතියෙදි යථා තත්වයට පත්වේ. පිට පලාත් වල යෑමට සිදුවේ. උත්සහය උනන්දුව හා සහෝදර සහෝදරියන්ගේ උදව් නිසා ආර්ථික වාසි අත්වේ.
ගෘහ ජිවිතයේ ප්‍රීතිමත් අවස්ථා මුණ ගැසේ. නිවසට අලුත් බඩු මුට්ටු ලැබෙනවා සේම, අවිවාහක අයට මංගල යෝජනා ලැබේ. එමෙන්ම ඔබගේ වාසනාවට ආගිය තැන ගරු නම්බු ලැබේ.
පපුවේ සෙම ගතිය සහ සෙම් අමාරු ගැන සැලකිලිමත් වන්න.

●  වෘෂභ
හොඳ සතියකි.
ආර්ථික තත්වය දියුණු වේ. ඔබ පුද්ගලයන් සමග හොදින් කතා කරනවා නම් ඔබට තව මේ තත්වය වැඩි දියුණු කරගැනිමට පුලුවන. සතිය මැදදී හෝ අගදී ඔබට දුරබැහැර යාමට සිදුවේ. එයින්ද ආදායම ලැබේ.
ගෘහ ජිවිතය ප්‍රීතිමත්ව ගත වන අතර පවුලේ දියුණුව උදෙසා යම් යම් දේ කිරීමට සිත්වේ. සතිය අගදී ඥාතියෙක්ගේ හිතවතෙක්ගේ පැමිණීම අපේක්ෂා කල හැක.
ඔබටත් උදරාබාධ සහ මුත්‍රා රෝග සහ සෙම් අමාරු බලපෑ හැක. පරිස්සම් වන්න.

●  මිථුන
ඉතාමත්ව වාසනාවන්ත සතියයි.
ඔබගේ ශෝභමාන වාසනාවන්ත විලාශයට සියලුම දෙනා ඔබට පක්ෂපාති වේ. වශී වේ. නළු නිලියන්ට, කලා කරුවන්ට තමන්ගේ ජනප්‍රියත්වය වැඩිවන කාලයයි. එමෙන්ම යම් යම් ආර්ථික වාසි ලැබෙන කාලයයි. ව්‍යාපාරිකයන්ට තම ව්‍යාපාරික කටයුතු ඉතාම සාර්ථකව ඉදිරියට ගෙනයාමට හැක.
ගෘහ ජිවිතයෙදි ප්‍රීති උත්සව, ප්‍රිය සම්භාෂණ මෙන්ම විනෝද චාරිකාද යෙදෙන කාලයයි. අඹුසැමියන් අතර ඔවුනොවුන්ගේ ප්‍රේමය වර්ධනය වේ. අවිවාහක අයට මංගල යෝග උදාවේ.
සෞඛ්‍ය ගැටළු ප්‍රබලවම නැති වුවත් උදරාබාධ සහ නිදන්ගත රෝග ඇති අය සැප වැඩිවිම නිසා ඒ ගැන සැලකිලිමත් වන්න.

●  කටක
මධ්‍යමඵලයි.
ආර්ථික පැත්ත ගැන විමසූ කල, ඔබට සතිය මුලදී එතරම් ලාභයක් ප්‍රයෝජනයක් ලැබෙන්නේ නැත. එසේ නම් අලුත් වැඩ කටයුතු කිරීම, ඇප ගනුදෙනු වලට කටයුතු කිරිම නොකල යුතුයි. මුල් දවස් 2-3දි මුදල් පාඩුවක් පෙන්වයි එයින් ආරක්ෂා වන්න.
ගෘහ ජිවිතයේ ප්‍රබල වෙනස්කම් නොමැත. සමහරවිට බිරිඳට හා දරුවන්ට මුදල් වැයවීමට ඉඩ තිබේ. පිංකම් වලට පවුල් පිටින් යාමට සිදුවන කාලයකි.
සෞඛ්‍ය ගැටළු ප්‍රබලව නැති වුවත් පාදවල වේදනාව සහ කැක්කුම ගැන විමසිල්ලෙන් සිටින්න.

●  සිංහ
සුභදායකයි.
ආර්ථික වාසි ඇතිවේ. මිතුරු මිතුරියන්ගෙන් උදව් උපකාර ලැබෙනවා සේම, තමන්ගේ කීර්ති නාමය තරමකට පැතිරේ. සතිය අගදී පින් දහම් කටයුතු කිරීමට සිත්වේ.
ගෘහ ජිවිතය තුල ඉවසීමෙන් කටයුතු කල යුතුයි. මන්ද ශනි 4 වැන්නට පැමිණි බැවිනි. දේපල ඉඩම් ආරවුල් ඇති අය ඒවා හීන් නූලෙන් විසඳාගත යුතුය. කලබල වීම හොද නැත.
සෞඛ්‍ය තත්වයේ, නිදන්ගත රෝග ඇති අය ප්‍රවේසම් වන්න.

●  කන්‍යා
ඔබට මේ සතිය ශුභපල ඇති කරයි.
ඔබගේ ආදයම් තත්ව දියුණු වේ. විදේශ රැකියා කරන අයට ඉතාම ශුභයි. එසේම ඔබට සතිය අගදීද ඉතාම විශාල වශයෙන් ආර්ථික වාසි ඇතිවේ.
ගෘහ ජිවිතය ප්‍රීතියෙන් ගතවන අතර, දරුවන් සමග විවිධ ප්‍රදේශ වලට යෑමටද වාසනාව හිමියි. එසේ්ම සිත ප්‍රීතියෙන් තිබෙන කාලයක් නිසා වෙන ගැටළු නොපවතී.
සෞඛ්‍ය තත්වයේ ප්‍රබල වෙනසක් නොමැත. නමුත් මහන්සි වීම, වෙහෙස මහන්සිය ඇත.

●  තුලා
ඔබට මේ සතිය සුභයි.
දියුණුවට වැඩිහිටියන්ගෙන්, ඥාතින්ගෙන් උදව් උපකාර ලැබේ. තමා බලාපොරොත්තු වන ආකාරයට තමාගේ ව්‍යාපාරික කටයුතු සාර්ථක වේ. එමෙන්ම කරන කියන කටයුතු වල වාසනාව උදාවේ.
ගෘහ ජිවිතය ප්‍රීතියෙන් ගතවන අතර, සුළු සුළු අගහිඟකම් මධ්‍යයේ වුවද සිත ප්‍රීතියෙන් ගතවේ.
සෙම් අමාරු සහ සෙම් ගෙඩි, සෙම සම්බන්ධ රෝග ගැන සැලකිලිමත් වන්න.

●  වෘශ්චික
සමඵලයි.
සතියේ මුල් දවස් 2-3දි ආර්ථික අවාසි සිද්ධ වේ. එසේ නම් මා පවසන්නේ සතියේ මුල් දවස් 2 තුල ආදායම් මාර්ග සම්බන්ධ වැඩ කටයුතු වලට අත නොගසන ලෙසයි. සතිය අගදී ආදායම දියුණුව වී සෙතක් ශාන්තියක් සැලසේ.
ගෘහ ජිවිතය වෙනදා මෙන් ගැටළුවක් නොමැතිව ප්‍රීතියෙන් ගතවන අතර, වැඩිහිටියන්ට සලකමින් ඔවුන් සමග සුහදව සිටිමට වාසනාව ඇතිවේ. දරුවන්ගේ කටයුතු නිසා සිතට ප්‍රීතිය ගෙනදේ.
සෞඛ්‍ය ගැටළු නැති වුවත් කුඩා දරුවන් ජලයෙන් ප්‍රවේසම් කරගන්න.

●  ධනු
සමඵලයි.
සතිය මුලදී ප්‍රබෝධයෙන් පටන්ගත් යම් යම් කටයුතු සතිය අගදී අඩාල වෙයි. සෙනසුරු ග්‍රහයාද 12 වැන්නේ සිටින බැවින්, ඔබගේ විමසිලිමත්භාවය බොහෝමත්ව වටී. ආර්ථික පාඩු වලින් බේරෙන්න, ඔබ වග බලා ගන්න. එසේම ඇපයට අත්සන් කිරීම ආදි කටයුතු ඔබට මෙ කාලයේ අකැපයි.
ගෘහ ජිවිතය තරමක දුෂ්කරතා මධ්‍යයේ ගතවේ. ගෙදර දොරේ ආර්ථිකයේ අඩුපාඩු ඇති කිරීම නිසා කනස්සලු ස්වභාවයක් ඇතිවීමට පුලුවන.
සෞඛ්‍ය තත්වයේ නිදන්ගත රෝග ඇති අය ඒවා වැඩි නොවිමට බලාගන්න. පාද වල වේදනා ගැන සැලකිලිමත් වන්න.

●  මකර
සමඵලයි.
සතුරු කරදර හෝ තමාට විරුද්ධ අයෙකුගේ වැඩ පිලිවෙලක් නිසා අතට ලැබීමට ගිය මුදලක් අහිමි වීමට පුලුවන. එමනිසා ඒ ගැන ප්‍රවේසම් වන්න. ආයෝජන කිරිමේදි ප්‍රවේසම් වන්න. තිබෙන මුදල් නිසියාකාරව රැකගන්න.
ගෘහ ජිවිතය තුල, අඟහිඟකම් මතුවේ. නමුත් සතිය මැදදි මෙම තත්වය පහව යයි. දරුවන්ව ලෙඩ රෝග වලින් ආරක්ෂා කරගන්න. ඔබද ජලයෙන් බෝවෙන ලෙඩ රෝග වලින් ආරක්ෂා වන්න.
උදරාබාධ සහ සෙම් අමාරු ගැන සැලකිලිමත් වන්න.

●  කුම්භ
සමඵලයි.
සතියේ මුල් දවස් 2 ඉතාම ශුභයි. වාසනාවන්ත කාලයකි. කටයුතු සඵල වේ. නමුත් සතිය අගදි ආර්ථික අවාසි සිදුවිමට ඉඩ තිබේ. කරන කියන කටයුතු ගැන යම්කිසි සැලකිල්ලකින් සිටින්න.
ගෘහ ජිවිතයෙදි දරුවන් ගැන වැඩිසැලකිල්ලක් යොමුවේ. ඔවුන්ගේ ජයග්‍රහණ අත්විඳීමට පුලුවන්.
එසේම නැන්දලා මාමලාගෙන් උදව් උපකාරද ලැබේ.
ප්‍රබල සෞඛ්‍ය ගැටළු නැති වුවත් උෂ්ණාධික රෝගාබාධ වලින් පරිස්සම් වන්න.

●  මීන
ශුභයි.
ජලය ආශ්‍රිත රැකියා, ව්‍යාපාර කරන අය ඉතාම දියුණු වේ. තමාගේ සහෝදර සහෝදරියන්ගෙන් මෙන්ම සමාජයෙන් දියුණුවට උදව් උපකාර ලැබේ. අලුත් අවස්ථාවන් ලැබේ.
ගෘහ ජිවිතය ඉතාම ප්‍රීතිමත්ව ගතවේ. නිවසට අලුත් බඩුබාහිරාදියද මිලදී ගැනීමට සිත්වේ.
සෞඛ්‍ය තත්වයේ ප්‍රබල ගැටළු නැත. සෙම් අමාරු ගැන සැලකිලිමත් වන්න.

#ඉරුසේවය

භාව කේන්දරයේ සම්පූර්ණ පලාපල විස්තරය ලබාදෙන, Word Doc. සේවාව හෝ Skype/දුරකථන මාර්ග සේවාව, අපල ආදියට කල යුතු ශාන්ති කර්ම, යහපත් පැවැත්ම, අපල සමනයටත්, අදාල ග්‍රහයාගේ සුභ පල ලබාදීමටත් ලබාදෙන යන්ත්‍ර, ආරක්ෂණ යන්ත්‍ර, ජීවිතයේ ජයග්‍රහණ යහපත උදාකරණ සර්වජන වශී ධන සාධන ආකර්ෂණ යන්ත්‍ර, නාමකරණය (පුද්ගල, ව්‍යාපාර) (නම් තැබීම).
නිවසට පැමිණ වාස්තු විද්‍යා උපදේශනය ඇතුළු සියලූම ජෞතිෂ්‍ය කටයුතු සඳහා inbox කරන්න. 
0711 345 364

























Thursday, November 6, 2014

ජීවිතය විඳිය යුතුය. 
එම විඳීම යහපත්වද අයහපත්වද යන්න ඔබගේ තීරණයකි.

සතුටින් සිටින අය ජිවිතය යහපත්ව විඳිති. කෙතරම් සල්ලි, බලය තිබුනත් වැරදි විදියට ජීවිතය විඳින අය සතුටින් සිටින්නේ නැත. එය ලොව සැමදාම පවතින, පැවතුනු ධර්මතාවයකි.
ඒනිසා යහපත්ව විඳිමින් සතුටින් සැනසීමෙන් සිටිනවාද නැද්ද යන්න ඔබගේ තීරණයකි !
මක්නිසාද යත් වැරදි දෙය කරමින් තාවකාලික සතුට ගැනීම කෙතරම් පහසු වුවද, ඒවායේ විපාක ලැබෙන විට එය විඳීම, දරා ගැනීම පහසු නැති බැවිනි.

බුදු සරණයි !

#‎ඉරුසේවය‬

+ බොහෝ දෙනෙක් නොදන්නා “පර්වත යෝගය" +

මෙම යෝගය බොහෝ දෙනා නොදන්නා බලගතු යෝගයකි. මෙම යෝගය කුමක්දැයි හඳුනා ගනිමු.
මෙම යෝගය පිහිටන අයුරද හඳුනා ගනිමු.

* යම්කිසි කේන්දරයක ලග්නය 1, 4 සහ 7 වැන්න සහ 10 වැන්න තුල පිහිටන ප්‍රබල ග්‍රහයන්ගේ පිහිටීමෙන් ඇතිවේ.

මෙම හතර කේන්දරස්ථාන වල එනම් 1,4,7, 10 යන විෂ්ණු දෙවියන්ට අයිති ස්ථාන වල සිටින ග්‍රහයන් බලවත්ව සිටීමද මම යෝගයේ බලයට හේතු වේ.

- යම්කිසි කෙනෙකුගේ කේන්දරයේ ලග්නයේ ගුරුද 4 වැන්නේ ශනිද, 7 වැන්නේ කුජද, 10 වැන්නේ රවි-බුධ ද පිහිටා කටක ලග්නයෙන් උපත ලැබුවොත් සක්විති රජ කෙනෙකු හා සමානය.
මෙම තත්වය අප තථාගතයන් වහන්සේගෙ ගිහි කාලය වූ සිදුහත් කුමරාගේ ජන්ම පත්‍රයේ පිහිටා තිබුනි.
“මෙම ග්‍රහ යෝග වලින් උපත ලැබූ අයට පෙරට යන ගතිය, සියලුම සතුරන් මර්ධනය කරන ගතිය ඇත. ආත්ම විශ්වාසයෙන් ඉතා ඉහලව ඇත. එසේම ජය ගන්නා ගුණයෙන් අනූනය. කරදර බාධක විඳිමින් ඒවා මැඩ පවත්වමින් ජය ගනී “.

* එය එසේ වුවත් නිසි කටයුතු නොකිරීමෙන්, වැරදි තීරණ ගැනීමෙන් පර්වත යෝගය තිබියදී පවා අවුල් කරගත් ජීවිතද ඇත.
(https://www.facebook.com/photo.php?fbid=294287390766272&set=)

* හතර කේන්දරය පාළු වූ විට පවතින්නේ කුමන වූ දුර්වල ග්‍රහචාරයක්ද, එසේම 4 කේන්දරය බලවත් වූ විට පවතින්නේ ඒ හා සමාන ප්‍රබල තත්වයකි.
* තුලා ලග්නයෙන් උපන් මහත්මා ගාන්ධිතුමන්ගේ කේන්දර සටහනේ කුජ - සිකුරු ලග්නයේද, කේතු 4 වැන්නේද 7 වැන්නේ ගුරුද චන්ද්‍ර-රාහු 10 වැන්නේද පිහිටා තිබින.

Monday, November 3, 2014

බුධ ගැන ඔබ දන්නේ මොනවාද ?



බුධ ග්‍රහයා නවග්‍රහයන් අතර කුඩාම ග්‍රහ තාරකාවයි. මෙම ග්‍රහයා සූර්යාගේ ලගම ඉන්න ග්‍රහයෙක්. නිතරම සූර්යා සමග යෝග වෙන නිසා රවි-බුධ කියන ඒ යෝගය යෙදෙනව.
බුධ ග්‍රහයගෙන් මනුෂ්‍යයාට ලැබෙන්නේ මොනවාද ?
මේක පලාපල කථනයෙදි ගොඩාක් වැදගත් සාධකයක්.

අපි මුලින්ම කිව්ව වගේ, බුධ ග්‍රහයා තමයි සුරතලා. කුඩා ළමයි නියෝජනය කරනව. ඒවගේම දැන් අපිට ඉගෙනීම සම්බන්ධව බැලීමේදී ඒ කියන්නෙ අපේ දුවා දරුවන්ගේ සහෝදර සහෝදරියන්ගේ ඒවගේම අපේ, ඉගෙනීම ඒවගේම බුද්ධිය, මතක තබා ගැනීමේ ශක්තිය මේ ආදි සියලුම කාරණා වලට ප්‍රමුඛත්වයේ ලා සලකන කාරණය තමයි බුධ කියන්නෙ.

●  යම්කිසි කෙනෙකුගේ බුධ බලවත් වීම, ඉගෙන ගැනීමට අධ්‍යාපන කටයුතු සාර්ථක කරගැනීමට ප්‍රධානම හේතුවක්.
* කන්‍යා සහ මිථුන රාශි 2 තමයි මෙයාගේ වාසස්ථාන. නමුත් කන්‍යාෙවදිම එයා උච්ච බලයෙන් වැජඹෙනව. එතකොට කේන්දරේක කන්‍යා රාශිය හෝ මිථුන රාශිය වෙලා ඒ රාශි 2, ලග්නය 3 වැන්න 4 වැන්න 7 වැන්න 9 වැන්න 10 වැන්න 11 වැන්න නම්, ඒ කෙනා බොහෝ දැන උගත් පුද්ගලයෙක් වෙන්න තියෙන ඉඩකඩ වැඩි. ඔය ඔයාල දන්න කියන දේශපාලකයෝ ඉන්නව නේද ?
* සමහරුන්ට මේ ලෝකෙ වැඩක් බෑ. කරපු මගුලකුත් නෑ. ඒකියන්නෙ රටේ ජනතාවට කරපු දෙයක් නෑ. හැබැයි ඉතින් කතා කරනකොට නම්, තව්තිසාව අල්ලේ මවල මිනිස්සුන්ට පෙන්වන්නේ

දේශපාලඥයන්ගේ කතා අහනකොට ඒක හොදට දැනෙනවා. නිකමටවත් හිතුනෙ නෑ නේද මේ ගැන ?

●  ඒ සියලුම දෙනාට බුධ ග්‍රහයා බලවත්. බුධ බලවත් කෙනා අනිත් කෙනාගේ සිත ඇදෙන විදියට කතා කරනව. ඒවගේම තමයි ඕනම බුද්ධිමතෙක්ව ගොනාට ඇන්දවීමේ බලය කතාවෙන් ඒකියන්නෙ, මේ පුද්ගලයන්ට තියෙනව.
ඒකනේ ඔය නීතිඥයන්ගෙ රවි-බුධ එහෙම 2වෙනි කොටුවෙ ඉන්නෙ - ගොරක දඩමස් කරන්නත්, දඩමස් - ගොරක කරන්නත් මේ අයට පුලුවන්.

* ඒවගේම තමයි ඔය නිවේදක ශිල්පියන්ට, ඔය ප්‍රවෘත්ති කියන අය, එක එක ප්‍රසන්ටර්ස්ලා, මාධ්‍යවේදීයෝ මේ අයටත් මේ යෝගෙ තියෙනව. ඒනිසා ඒ අය ප්‍රසිද්ධ වෙලා තියෙනව.

●  බුධ ග්‍රහයා යම්කිසි කෙනෙකුගේ නරක විදියට පිහිටියොත් ඒ කියන්නෙ කුජ-බුධ වගේ යෝගයක් තිබුනොත්, එහෙම නැත්නම් කුජගෙන් 4වැන්නේ බුධ සිටියොත් ඒ අය හරිම කට්ටයි. මේ වගේ කෙනෙක් නම් දේශපාලනේට ගියොත් ආයේ ස්විස් බැංකුවේ සල්ලි පුරවාවි කොහොම හරි මාටියා ගහල.

●  මේ ආකාරයෙන් කල්පනා කරනකොට බුධගේ තව ගොඩාක් දේවල් තියෙනව. ඔය ගණිකා වෘත්තියත් බුධට අයිතිනේ. මේ අයට සිකුරුගේ බලපෑම එල්ල උනාම ඒ අයට ගණිකාවන් සම්බන්ධ කරගැනීමේ සුවිශේෂි හැකියාවක් තියෙනව. කෝඩිනේට් කරන එක ඒකියන්නෙ.

●  බුධ - ශනි යෝගය එකට හිටියොත් ඒ අය නපුංසක අය වෙන්න ඉඩත් තියෙනව. ඒ අයට ලිංගික ශක්තිය හීනයි. ඒ අය හුඟක් වෙලාවට ගෑණු ළමයි විදියට තමයි හැසිරෙන්නෙ. මේක නම් මහා පව්කාරකමක්.
මතකද ඒ කේන්දරය ?
http://rivisanda.blogspot.com/2014/10/blog-post_23.html

* බුධ ග්‍රහයා හොද ග්‍රහයොත් එක්ක හිටියොත් හොද පල දෙනව වගේම, නරක ග්‍රහයන් එක්ක හිටියොත් නරක ඵල තමයි දෙන්නෙ. ඒක හරියට පොඩි ළමයෙක් හොද අය එක්ක හිටියොත් හොදට හැසිරෙනවා, නරක අය එක්ක හිටියොත් නරක විදියට ඉන්නවා. අන්න ඒවගේ. මේක ගැන පොඩ්ඩක් කල්පනා කරල බලන්නකෝ

තෙරුවන් සරණයි !

____________


Sunday, November 2, 2014

සතියේ ලග්න පලාපලය ! (නොවැ 3 සිට)

අති සුවිශේෂී ග්‍රහ සංක්‍රාන්තියක් වන ශනීශ්වරයාණන්ගේ තුලා රාශියේ සිට වෘශ්චික රාශියට සංක්‍රාන්තිය සිද්ධ වන මෙම සතියේ පලාපලය සඳුගේ ගමනට අමතරව, ශනිගේ ගමනත් මුල් කරගෙන පලාපල සැකසීමට අප ප්‍රමුඛත්වය දුන්නෙමු.
එසේ නම් පහත සදහන් පලාපලය ඔබගේ ලග්නය හා කෙතරම් දුරට සමාන වන්නේද විමසිලිමත් වන්න.

●  මේෂ
ඔබට මේ සතිය තුල යම් පසුබැසීමේ තත්වයක් පෙන්වයි.
ආර්ථික තත්වය එහෙම් පිටින්ම කඩා වැටෙන්නට ඉඩ ඇත. එසේ වන්නේ ඔබට නියමානුකූල කළමනාකාරිත්වයක් නැති බැවිනි. එසේම සතියේ පලමු දින කිහිපය තුල සෞඛ්‍ය තත්වයේ වෙනස්කම් නිසා ආදායම් තත්ව වලට තරමක මරු පහරක් එල්ල වේ.
එයත් සමග සටන් කර ඔබ දිනනවාද යන්න කල්පනා කර බලන්න.
ගෘහ ජිවිතය තුල කිසියම් ආකාරයක ගැටුම් ඇතිවිමට ඉඩ තිබේ. එසේම අඹුසැමියන් අතර සමගියේ කඩා වැටීම්ද එසේම ස්ථිර වී තිබු විවාහ මංගල යෝග අහිමි වීම්ද වෙයි. ඒ උනත් තමන්ට කරදර වන අනියම් සම්බන්ධකම් මතුවිමට ඉඩ තිබේ. ඒවායෙන් තමන්ට පීඩා වෙයි.
සෞඛ්‍ය තත්වය දුර්වලයි. නිදන්ගත රෝග යළි මතු වෙනවා සේම, හදිසි අනතුරු පීඩාද ඇතිවිමට ඉඩ ඇති විය හැක. පරිස්සම් වන්න. කුඩා දරුවන් ජලයෙන් සහ ගින්දරෙන් පරිස්සම් කරගන්න.

●  වෘෂභ
ඔබට නරක නැහැ.
ආදායම් තත්වය දියුණු වෙනව. කරන කියන කටයුතු සාර්ථක වෙනව. එසේම ස්ථිරසාර තීරණ නිසා තමන්ගේ ආදායම් තත්ව වැඩි දියුණු කරගැනිමේ වාසනාව සහ බලය ඔබට හිමිවෙනව. ඒවගේම තමයි, තමන්ගේ සහෝදර සහෝදරියන්ගෙන් උදව් උපකාර ලැබෙනව. මොළය පාවිච්චි කරල කරන ව්‍යාපාරික කටයුතු වලින් ජය ලැබෙනව. හදිසි ධනලාභ පහත් වෙනව.
සෙනසුරු 7 වැන්නට ආපු මේ සතියෙදි ගෘහ ජිවිතයේ වෙනස්කම් ඇතිවෙන්න පුලුවන්. ඒවගේම තමයි, විවාහ මංගල යෝග වල යම්කිසි හොද නරක දෙපැත්තම තියෙනව. සෙනසුරු මහ දසා ගත කරන අය ගෙදර දොරේ කටයුතු වලදි පරිස්සම් වෙන්න.
සෞඛ්‍ය තත්වයේ ලේ කෝපවීම් සහ ආසාත්මිකතා ඇතිවෙයි. පරිස්සම් වෙන්න.

●  මිථුන
මේ ග්‍රහ මාරුව සිද්ධ වෙච්ච කාලයෙත් ඔබ ගොඩම තමයි.
ඇයි දන්නවද ? සෙනසුරු ආයෙත් සැරයක් ගියේ ලග්නයේ 6 වැන්නට. ආදායමට හිටපු සතුරෝ මර්දනය වෙනව. ඒ අය තමාගේ හතුරුකම නැති කරගන්නව. බ්‍රහස්පති/ගුරු චන්ද්‍රයට පේන නිසා ව්‍යාපාර කටයුතු කරන අයට හොදයි. අලුත් ආදායම් මාර්ග ලැබෙනව. බ්‍රෝකර් වැඩ කරන අයටත් හොදයි. හදිසි ධනලාභ පාත් වෙනව. ලොකු අවුලක් නෑ.
ගෙදර දොරේ කටයුතු සාර්ථක වෙනව. ඒවගේම උරුමහරුමකම් ලැබෙනව. තමන්ට ගෙදර දොරට අලුත් බඩුභාණ්ඩාදිය මිලදි ගන්න වාසනාව ලැබෙනව.
සෞඛ්‍ය තත්වයේ ඔය තුවාල ඒවගේම ඔපරේෂන් කරල ඉන්න අය පරිස්සම් වෙන්න. බඩේ අමාරු ගැන පරිස්සම් වෙන්න. මුත්‍රා ආසාදන වෙන්න පුලුවන්. පුංචි බබාලගේ මුත්‍රා වලින් ආසාදන ඇතිවෙන්න පුුලුවන්. විශේෂයෙන්ම ගෑණු දරුවන්ට. ඒවගේම සෙල්ලම් කරන වයසේ ඉන්න දරුවන්ට නොතේරී එක එක දේවල් කැවෙන්න පුලුවන් ඒවයින් පරිස්සම් වෙන්න.

●  කටක
ඉතාම හොදයි කියන්න පුලුවන්.
සෙනසුරු මාරුවත් එක්ක, සහ ලග්නාධිපතිගේ ගමනත් අනුව මේ සතිය හොදයි. පදිංචි ස්ථානවල තිබ්බ ප්‍රශ්න නිසා, ඒව ආදායම් මාර්ග වලටත් බලපෑවා පහුගිය කාලයේ. ඒත් දැන් ඒ තත්ව වෙනස් වෙලා හොද කාලයක් තමයි එන්නේ.
ගොඩක්ම උරුමහරුමකම් වලින් ආදායම් ලැබෙනව. දෙමාපියන්ගෙන් වැඩිහිටියන්ගෙන් උදව් උපකාර ලැබෙනව. ලොතරැයි දිනුම් ඇදෙන්න පුලුවන්. කොන්ත්‍රාත් කරන අයට වාසනාවන්ත කාලයක්.
ගෘහ ජිවිතය ප්‍රීතිමත් වේවි. වැඩිමල් දරුවන්ට අපල තියෙනව නම් මේ ග්‍රහ මාරුව එක්ක කේන්දරයන් ඒ දරුවන්ගෙ පරික්ෂාව හොදයි. ප්‍රබල ගැටළු නැති මේ සතිය ජය වෙන්න පතනවා !
සෞඛ්‍ය තත්වයේ මහා ලොකු නරක නැති උනාට. පපුවේ දැවිල්ල හා සෙම් අමාරු ඇතිවෙන්න පුලුවන්. කෑම විෂ වෙන එක ගැනත් බලාගන්න.

●  සිංහ
සතියේ මුල් දවස් 2-3 ඒතරම් හොද නෑ.
සෙනසුරු 4 වැන්නට ආපු නිසා පදිංචි ස්ථානයේ ගැටළු ඇතිවෙනව. ගෙදරින් යන්න තරම් දේවල් සිද්ධ වෙනව. සිංහ ලග්නයේ බොහෝ අය මේ සෙනසුරු මාරුව කිට්ටු වෙන නිසා තමාගේ ගෙදර දොරේ සාමාජිකයන් සමග කොක්ක ඇදගන්නව. විශේෂයෙන්ම සිංහ ලග්න හිමියන් පහුගිය කාල වලදී ගෙදර දොරේ අය සමග කොකු ඇද ගත්තත් මේ කාලයේ මේ ග්‍රහ මාරුව නිසා තමාගේ මව සමග ලොකුවටම කොක්ක ඇදගන්නව. රැකියා කරන අය තමාගේ රැකියා ගැන සැලකිල්ලෙන් ඉන්න. රැකියා අහිමි වෙන්න පුලුවන්. ඒ රැකියා ස්ථානයේ බාල්දි පෙරලගත්තොත්. ඉවසීමෙන් කටයුතු කරන්න ඕන - ආදායමට ප්‍රධාන බාධා මේවා. ගෘහ ජිවිතයටත් මම මේ කියපු කාරණා පොදුයි.
සෞඛ්‍ය තත්වයට දැඩි බලපෑමක් නැති උනාට ග්‍රැස්ට්‍රයිටිස් රෝගය සහ සෙම් අමාරු ගැන බලාගත යුතුය.

●  කන්‍යා
ඉතාම ශුභ සතියක් වෙන මේ සතියෙදි ලග්න ඒරාෂ්ටකය ඉවර වෙනව.
ඒනිසා කන්‍යා ලග්න අයගේ හොද කාලය පටන්ගත්තා කියන්න පුලුවන්. රජ කරන කාලයක් මේක. ඒනිසා විශේෂයෙන්ම විදේශ රැකියා වල නියුතු අයට තමන්ගේ ආදායම් මාර්ග ස්ථිර වෙලා මුදල් ලැබෙනව. ඒවගේම පිට පලාත් වල සංචාරය කරලා මුදල් ලබාගන්න පුලුවන්. උත්සහයෙන් හා උනන්දුවෙන් කරන සියලුම කටයුතු සාර්ථක වෙනව. ගැටළුවක් නැහැ.
ගෘහ ජිවිතය ප්‍රීතිමත්ව ගත වෙනව. නමුත් අධික කාර්යබහුලකම නිසා පොඩි පොඩි අඩුපාඩුකම් සිද්ධ වේවි. ඒවගේම තමයි අවිවාහක අයට මංගල යෝගද මේ කාලයේ කලබල අස්සේ වෙන්න පුලුවන්.
සෞඛ්‍ය තත්වය විදියට මුත්‍රා අමාරු, උෂ්ණාධික රෝග සහ අවිවේකි ගතිය නිසා ඇතිවන මානසික රෝග දක්වන්න පුලුවන්.

●  තුලා
ඔබට මේ සතිය ඒ තරම් හොද නෑ.
ධන හානි වෙනව වගේම තැන්පත් ධනය නිකරුනේ වියදම් වෙනව. ඒවගේම තමන් බලපාන ප්‍රබල අපල උදෙසා යම් යම් දේවල් කරගන්න ඕන. හතුරු කරදර එන්න පුලුවන්. තමන්ට ලැබෙන්න තියෙන මුදල් තව කෙනෙක්ගේ වැඩපිලිවෙලක් නිසා අහිමි වෙන්න පුලුවන්. ආදායමට හොද මදි.
ගෘහ ජිවිතය ලොකු වරදක් නැහැ. සතිය මුල් කාලයේ ළමයින්ට අසනීප සහ අනවශ්‍ය වියදම් ඇතිවෙන්න පුලුවන්. ඒ මගින් දෙදෙනා අතර යම් සිත් බිදවීමක් ඇතිවෙන්න පුලුවන්. මේ කාලයේ ඉවසීමෙන් කටයුතු කරනව වගේම කට පරිස්සම් කරගන්නත් දැනගන්න.
සෞඛ්‍ය තත්වයට ප්‍රබල බලපෑම් නැහැ. නමුත් උෂ්ණාධික රෝග, දන්තාබාධ, හිසේ කැක්කුම්, ඉරුවාරදය වගේම කායික රෝග ගැන සැලකිලිමත් වන්න.

●  වෘශ්චික
මේ සතිය මධ්‍යස්ථ සතියක්.
සෙනසුරු ලග්නයට පැමිණීම නිසා ලැබෙන්න තිබු ආදායම් මාර්ග අවහිර වෙන්නට ඉඩ තිබේ. එමෙන්ම තමන්ගේ කටයුතු වලදි කම්මැලිකම සහ කුසීතකම තමන්ට අවාසි වෙයි. නමුත් ඒ දුෂ්කරතා මධ්‍යයේ තම උත්සහයෙන් යම් දෙයක් කරගන්නට පුලුවන.
ගෘහ ජිවිතය තරමක් ව්‍යාකූල වන්නේ අනවශ්‍ය වගකීම් කරදර නිසාය. එම ගැටළු ඉවත් කරගැනිම ඔබ අතේය. සෞඛ්‍ය තත්වය හිසේ කැක්කුම් සහ හන්දිපත් වේදනාව බෝවෙන ලෙඩ රෝග ඒ අතර වෙයි. පරිස්සම් වන්න.

●  ධනු
මේ සතිය එතරම් සුබයැයි කිව නොහැක.
එනම් ඒවා නීතිමය ප්‍රශ්න සහ මැදිහත් කරුවන්ගේ ප්‍රශ්ණ වෙලද ව්‍යාපාර වල ප්‍රශ්න ඒ අතර වෙයි. ධනු ලග්නයේ ඔබට ආයෝජන වලින් පාඩුවිය හැක. නැණවත්ව ආයෝජන කරන්න. මුදල් අතමාරු, ණයදීමෙන් වලකින්න.
ගෘහ ජිවිතය තරමක් ගැටළු සහගතයි. අඹුසැමියන් අතර සමගිය පවත්වාගෙන යන්න.
සෞඛය තත්වය අයහපත් වීමට පුලුවන්. ලෙඩ රෝග වලට නිසි ප්‍රතිකාර කරගන්න. කායික ලෙඩ රෝග ඇතිවෙන්න පුලුවන්. එසේම දුවන පනින දරුවන්ට අනතුරු සිද්ධ වෙන්න පුලුවන්.

●  මකර
මේ කාලය හොදයි.
පිටපලාත් වල කරන සංචාර වලින් මුදල් ලැබෙනවා සේම, විදේස රැකියා කරන අයටද හොදයි. ආදායම් මාර්ග ආරම්භ කරන අයට, ව්‍යාපාර ආරම්භ කරන් අයට මේ කාලය යහපත්ය. සියලුම ව්‍යාපාර වලින් සාර්ථකත්වය සේම භූමි ලාභද හිමියි.
ගෘහ ජිවිතයද ප්‍රීතිමත්ව ගතවෙන අතර අවිවාහක අයගේ මංගල යෝජනා ස්ථිර වන අතර ප්‍රේම සබදතා වලට නිවසින් ආශිර්වාදය හිමිවනු ඇත. දරු සම්පත් ඇතිවෙයි.
සෞඛය තත්වයේ ප්‍රබල ගැටළු නැති අතර නිදන් ගත රෝග ඇති අය පරිස්සම් වෙන්න.

●  කුම්භ
මේ සතිය ඉතාම සුබයි.
සදුගේ ගමන අනුව, කරන කියන කටයුතු සාර්ථක වෙයි. එසේම අලුත් ආදායම් මාර්ග ඇතිවෙයි. විදේශ රැකියා කරන අයට වාසි සහගතයි. අලුත් ව්‍යාපාර ආරම්භ කිරීමටත් සුභයි. දියුණුවට හිතමිත්‍රාදින්ගෙන් සහ වැඩිහිටියන්ගෙන් උදව් ලැබේ. හොදයි.
ගෘහ ජිවිතය ප්‍රීතිමත්ව ගත වේ. අඹුසැමි ප්‍රීතිය ඇතිවේ. රැකියා කරන අය, රැකියා ස්ථානයෙදි කට පරිස්සම් කරගැනිම යහපත්ය. වෙන ගැටළු නැත.
සෞඛ්‍ය තත්වයේ උෂ්ණාධික රෝග, සෙම් අමාරු, සෙම් ගෙඩි වලින් පරිස්සම් වන්න.

●  මීන
ඉතාම හොදයි.
ආදායම් මාර්ග ඇතිවෙයි. පිට පලාත් වල වැඩ කටයුතු වලින් මුදල් ලැබෙනවා සේම, රැකියා කරන අයට උසස්වීම් ලැබේ. ව්‍යාපාරික ක්ෂෙත්‍රයේ අයට අලුත් ආදායම් මාර්ග වලට අවතීර්ණ විය හැක. විදෙස් රැකියා කරන අයටද හොදයි. උරුමහරුමකම් ලැබේ. හොද කාලයක් උදාවේ.
ගෘහ ජිවිතය ප්‍රීතිමත්ව ගත වෙන අතර, ස්වාමියාගෙන් බිරිදගෙන් ටිකක් ඈත්වි සිටිමට සිදුවන අතර එය ලොකුවට ගණන් ගත යුතු නැත. ආදායම් මාර්ගද හිමිවේ.
සෞඛ්‍ය තත්වය යහපත් වන අතර, අසනීප තිබුනු අයට එයින් සහනයක් ලැබේ. අසනීප අවම වේ. එමෙන්ම පසුගිය කාල වලදි මහා පරිමාණයෙන් බෙහෙත් වෙදකම් කල අයට ඉබේම වගේ ලෙඩ හොද වෙයි.