Tuesday, April 28, 2015

සිකුරු මහ දසාව සහ පලාපල - 2



ග්‍රහලොව මනාලිය යනුවෙන් හඳුන්වන සිකුරු හෙවත් ශුක්‍ර ග්‍රහ තාරකාව ජ්‍යොතිෂ්‍යයට අනුව පුද්ගලයෙකු බලපෑම් ඇති කරන්නේ කෙසේද ?

සිකුරු ග්‍රහයා මනුෂ්‍යයාගේ ලෞකික ජිවිතයේ සුඛ විහරණය සහ කාම සම්භෝගය ප්‍රධාන වශයෙන්ම නිවේදනය කරයි. එසේම සත්‍යවාදි බව, අලංකාර බව, පිරිසිදුවට සිටීමට කැමති බව ශෘංගාරාත්මක බව ඇති කරන්නෙ සිකුරු ග්‍රහයාය.

1 ලිපිය -
https://www.facebook.com/photo.php?fbid=369657676562576&set=

සිකුරු මහ දසාව ගත වන්නේ කෙසේද ?

සිකුරු මහ දසාව වසර 20ක් පවති. මෙම සිකුරු මහ දසාවේ එක් එක් කාල වල පුද්ගලයෙකුට ඇති කරන්නාවු තත්වය කෙසේද කියා අප බලමු.

ලෞකික ජිවිතයේ සියලුම අංශ විනෝදාස්වාද නියෝජනය කරන්නේ සිකුරුය. සිකුරු මහ දසාවෙදි කෙනෙකුට යාන වාහන, ඉඩකඩම් මෙන්ම විවාහයට සුදුසු වයසේ සිටින්නේ නම් එම කටයුතුද සාර්ථක වෙයි.
එසේම යහපත් විවාහයක් සිදු කිරීම කෙරෙහි සිකුරු ඉතාම යහපත් බලපෑමක් සිදුකරයි. ඔබ මගතොටේදි දැකල ඇති හිටි හැටියෙ පෙනුම ඇවිත් ලස්සන වෙන සමහර උදවිය....
කීමටත් කියනවානේ සිකුරු ලබල කියල...

●   සිකුරු මහ දසාවේ සිකුරු අතුරු දසාව - වසර 3 මාස 04

මෙම කාලයෙදි ඉඩකඩම් යාන වාහන ලැබෙන අතර, තත්වය උසස් වේ. විශේෂයෙන්ම රැකියා කටයුතු දියුණු වෙයි. විවාහ වීමට සිටින අයෙකුට නම් විවාහය සිදුවේ. විවාහ වී සිටින අයගේ අඹුසැමි ප්‍රේමය වර්ධනය වේ. වාසනාවන්ත දරු උපත් සිදුවන්නේද මෙම කාලයේදීය.

●   සිකුරු මහ දසාවේ රවි අතුරු දසාව - වසර 01

උරුමහරුමකම් ලැබෙන අතර කාමාශාව ප්‍රබල වෙන කාලයකි. ලොකු වරදක් නැත, රවිට කේන්දරයේ නරකට සිටියොත් අක්ෂි රෝග සාදයි.

●   සිකුරු මහ දසාවේ සඳු අතුරු දසාව - වසර 01 මාස 08

සැපයෙන් සැහැල්ලුවෙන් සිටින කාලයකි. මෙම කාලයේදීද මංගල යෝග ප්‍රබල වෙයි. විදේශ චාරිකා ආදිය, විනෝද ගමන් බහුල වෙන කාලයකි. එසේම ආර්ථික වශයෙන් දියුණුව ඇතිවේ.

●   සිකුරු මහ දසාවේ කුජ අතුරු දසාව - වසර 01 මාස 02

කාය ශක්තිය වැඩිවෙන කාලයකි. කම්සැප ඇතිවෙන කාලයකි. අනියම් කම්සැප පවා ලැබේ. එසේම ඒ අංශයේ සියලු කාරණා සාර්ථක වෙයි. නරකට පිහිටා තිබ්බොත් විශේෂයෙන්ම කාන්තා පාර්ශවයට හැඟීම් වලට වහල් වී ජිවිතය අඳුරු කරගැනීමට පවා ඉඩ තිබේ.

●   සිකුරු මහ දසාවේ රාහු අතුරු දසාව - වසර 03

මෙම කාලය නම් එතරම් යහපත් කාලයක් යැයි සඳහන් කිරිමට නොහැක. මන්ද මෙම ග්‍රහයන් 2නාගේ ස්වභාවයන් ගැන සැලකීමේදී දෙදෙනාම දෙවිදියකට කටයුතු කරන නිසාය. වැඩිහිටි ඥාතියෙකුට කරදර වේ. මෙම කාලයෙදි විදේශ ගතවිම යහපත් වන අතර, අමුතු අමුතු දේවල් සිත් සතන් වලට එයි. ඒ ගැන කල්පනාකරගත යුතුය.
තවද විශේෂ වශයෙන්ම ගත්කල ඥාතින් සමග උරණ වීමට හේතුවිය හැක. ලෙඩ රෝග ගැන සැලකිලිමත්කමෙන් සිටිය යුතුය.

●   සිකුරු මහ දසාවේ ගුරු අතුරු දසාව - වසර 02 මාස 08

මෙම කාලයෙදි පුද්ගලයාගේ දියුණුව ඇතිවෙයි. එනම් භෞතික දියුණුව යාන වාහන, ඉඩකඩම්, ගෙවල් දොරවල් ආදි දියුණුව ඇතිවේ. රැකියා නිලතල වලින් උසස් වෙයි. යහපත් පුද්ගලයන් ආශ්‍රයට ලැබෙයි. හොද දුවාදරුවන් ලැබෙයි. සත්පුරුෂයන්ගේ ආශ්‍රය ලැබෙන වාසනාවන්තම කාලයකි.

●   සිකුරු මහ දසාවේ සෙනසුරු අතුරු දසාව - වසර 3 මාස 02

මෙම කාලයෙදි තරමක පිරිහීමක් පෙන්වන අතර, කලකිරීම් ඇතිවිය හැක. රැකගත් ධනය නිකරුනේ වැයවීමට ඉඩ තිබේ. ශරීර සෞඛ්‍ය හීන වීමට පුලුවන. විශේෂයෙන්ම මානසික ආතතිය, කලකිරිම ආදිය ඇතිවිය හැක. එතරම් යහපත් කාලයක් ලෙස සදහන් කල නොහැක.

●   සිකුරු මහ දසාවේ බුධ අතුරු දසාව - වසර 2 මාස 10

ඉතාම හොද කාලයකි. ලෙහෙසියෙන් පහසුවෙන් තමාගේ කටයුතු කරගැනීමට පුලුවන් වේ. ඉගෙනීමේ කටයුතු දියුණු වෙයි. විශේෂයෙන්ම හොද කාලයකි. සෙනසුරු අතුරු දසාවේ සිදුවු අයහපත් තත්වය මගහැරෙයි.

●   සිකුරු මහ දසාවේ කේතු අතුරු දසාව - වසර 01 මාස 02

මේ කාලය එතරම් යහපත් නොවන අතර තමාගේ කටයුතු වලට බාධක ඇතිවෙන කාලයකි. යක්ෂ ප්‍රේත භය ඇතිවිමට පුලුවන. කරන කියන කටයුතු වල දුර්වලකම් ඇතිවෙන කාලයකි. හොදක් වෙන්නේ කලාතුරකිනි. ජන්ම කේන්දරයේ බලවත් නම් සහ නිසි ශාන්ති කර්ම අනුව සිටිමෙන් යහපතින් සිටිය හැක.

Thursday, April 23, 2015

කුජ - බුධ යුද්ධයෙන් “බුධ“ ජය ගැනීම



තම ස්වක්ෂෙත්‍ර රාශියක් වන ‘මේෂ‘ රාශියේ බලවත්ව සිටි කුජ හෙවත් අඟහරු නම් ග්‍රහ ලොව සෙන්පතියා, ග්‍රහ ලොව සිටින කුඩා දරුවා සහ සුරතලා වන “බුධ“ට අද පරාජය විය.

තමන්ගේ වාසභවනයේදීම මෙවන් පරාජයක් කුඩා කෙනෙකුගෙන් ලැබීම රටට ලෝකයට යම් ආකාරයකට වෙනස් වූද යහපත් වූද පණිවිඩයක් දෙනු ලැබේ.
බුධ සහ කුජ සතුරු ග්‍රහයන් වෙති.
ලංකා කේන්දර සටහනට අනුව බැලුවද බුධ රටට හිතවත් ග්‍රහයෙකි.
ඒ අනුව සිතා බලන කල, රටට පොදුවේ යහපත් කාලයක් බව කිව යුතුය.

මෙතෙක් කල් බුද්ධියට, ඥානයට තිබුනු අඩු තැන නැතිව නිසි තැන ලැබෙයි. බුද්ධිමතුන්ට තලා පෙලා කරදර කල මෝඩ චණ්ඩින්ට වැඩ වරදින කාලයකි.
බුද්ධියෙන් කටයුතු කරන අයට ජය, සතුට හිමිවන සුභ කාලයකි. ඔවුන්ගේ හොඳ නම දසත පැතිරෙන කාලයකි.
රටට සුභයි. විදෙස් රටවල් වලින් සහය ලැබේ.
රටට බාධාව පැවති ජාති භේද, කුල භේද යනාදි භේද තත්වයන් දුරුව රටට යහපත සිදුවන කාලයකි.
රටට වින කල අයට දඬුවම් ලැබේ, ජාවාරම්කරුවන්ට නීතියෙන් දඬුවම් ලැබිය හැක.


ලග්න වලට බලපාන ආකාරය

● මේෂ
මේෂයේ ලග්නාධිපති සහ 8 වැන්න අධිපති වන්නේ කුජය.
ඒනිසා සිතුවිලි වල යම් ආකාරයක නොසන්සුන් භාවයක් ඇතිවන කාලයකි. ඒනිසා කරන කටයුතු වලදී බුද්ධිමත්ව කටයුතු කිරීම මැනවි.

●  වෘෂභ
12 වැන්නාධිපති සහ 7 වැන්නාධිපති වන්නේ කුජය.
මෙනිසා වෙනත් අය සමග කරන කටයුතු වලදි බුද්ධිමත්ව සහ ඉවසීමෙන් කටයුතු කල යුතුය. බුද්ධිමත් නොවුනොත් පාඩු සිදුවීම සිදුවිය හැක.
කෙසේ වුවද නිසි බුද්ධියෙන් සහ සැලසුම් සහිතව කරන කටයුතු වලින් අනිවාර්ය ජය ලැබෙන කාලයකි.

●  මිථුන
11 වැන්නාධිපති සහ 6 වැන්නාධිපති වන්නේ කුජය.
ජය සතුට ලැබෙන කාලයකි. තනතුරු ලාභ ලැබේ, උසස් වීම් හිමිවේ. නොසිතු පරිදි ජය ලැබෙන්නට ඉඩ ඇත. බොහෝදෙනාගෙන් තමන්ගේ ගුණ කියවෙන කාලයකි.

●  කටක
10 වැන්නාධිපති සහ 5 වැන්නාධිපති වන්නේ කුජය.
ඉතා සුභයි. නොසිතු විරු දියුණුවක් අපේක්ෂිතය. වාසනාව ඇතිවෙයි. තමන්ගේ සතුරන් පරාජය වෙයි. තමන්ට අවැඩ කල අයට වරදින කාලයකි. ඔවුන්ට තමන්ගේ කර්මය පල දෙයි.
තනතුරු ලාභ, භූමි ලාභ පවා හිමිවිය හැක.

●  සිංහ
9 වැන්නාධිපති සහ 4 වැන්නාධිපති වන්නේ කුජය.
ඔබ කෘෂිකාර්මික කටයුතු වල නියුතු අයෙක් නම් ඒවායෙන් ලැබෙන ආදායම් යම් තරමක් හෝ අඩුවිය හැක. කුජගේ බලය අඩුවීම තුල එය සිදුවිය හැක. එසේ වුවද හදිසි ධනලාභ වාසනාව පවති. විශේෂයෙන් ලොතරැයි වාසනාව ඇතිවිය හැක.
පවුලේ සමගිය, සාමදානය ඇතිවෙන කාලයකි.

●  කන්‍යා
8 වැන්නාධිපති සහ 3 වැන්නාධිපති වන්නේ කුජය.
බුධ කන්‍යාවේ ලග්නාධිපති සහ කර්මස්ථානාධිපති වේ. සුබ තත්වයකි. එසේ වුවද 3 වැන්නාධිපතියා පරාජය වීම තරමක් අසුබය.
තමාගේ දක්ෂතාවයට විටෙක ලැබෙන්නට තිබෙන නියම සුභ පල නොලැබෙන්නට ඉඩ ඇත. ශරීර ශක්තියේ අඩුවීමක්ද සිරුරේ යම් දුර්වල වීමක්ද අපේක්ෂිත බැවින් නිදන්ගත රෝග ඇති අය ප්‍රතිකාර වලට යොමුවීම හොදයි.


● තුලා
7 වැන්නාධිපති සහ 2වැන්නාධිපති වන්නේ කුජය.
ලැබීම් වල යම් ප්‍රමාද තත්වයන් ඇතිවන කාලයක් විය හැක.
බුධ වැයස්ථානාධිපති(12) වන නිසාද 9/පුණ්‍යස්ථානාධිපති නිසාද  යහපත් තත්වයක් අපේක්ෂිතය. තමන්ගේ කීර්තිය පැතිරෙන කාලයකි. උසස් නිලතල අපේක්ෂිතය.

● වෘශ්චික
6 වැන්නාධිපති සහ ලග්නාධිපති වන්නේ කුජය.
ලග්නාධිපති සහ රෝගස්ථානාධිපති අනපේක්ෂිත ලෙස පරාජය වීම තුල තමන්ගේ සිතට යම් නොසන්සුන්කමක් ඇතිවිය හැක. සිතේ අසහනය නිසා කටයුතු පාඩු විය හැකි බැවින් ඒ ගැන බුද්ධියෙන් කටයුතු කරන්න. සතුරන්ගෙන් පාඩු සිදුවිය හැක.
විශේෂයෙන් හදිසි අනතුරු ආදියෙන් පරිස්සම් වන්න.
බෝධි පූජා පැවැත්වීම ප්‍රශස්තය.

● ධනු
5 වැන්නාධිපති සහ 12 වැන්නාධිපති වන්නේ කුජය.
රැකියාවේ දියුණුව අපේක්ෂිත කාලයකි. උසස් තනතුරු හා තනතුරු උසස්වීම අපේක්ෂිතයි. තමාගේ වචනයට අනිත් අය නතුවෙන කාලයකි. බලය පැතිරේ.
කෙසේ වුවද මේ සුභ තත්වයන් සමග ඔබට නොදැනීම සතුරන් ඔබට ලංවීමට ඉඩ ඇත. මිතුරු වෙසින් සිටින සතුරන්ගෙන් ප්‍රවේශම් වෙන්න.

● මකර
4 වැන්නාධිපති සහ 11 වැන්නාධිපති වන්නේ කුජය.
කුජගේ බලය අඩුවිම තුල සතුරන්ගේ බලය වැඩිවන කාලයකි. කෘෂිකාර්මික කටයුතු වල යෙදෙන්නේ නම් ඒ සම්බන්ධව ආදායම් අඩුවිමට ඉඩ ඇත. කැපවීමෙන් ලබාගත් සමහර දේ නැතිවිමට ඉඩ ඇත. මිතුරන්ගෙන් දුරස් වීමක් විය හැක.
ආදායම දුර්වල වුවද යහපත් තත්වයක පවත්වා ගැනීමට හැකියාව ලැබෙනු ඇත.
අභියෝග පැමිණෙන අතර ඒවාට ඔබ මුහුණ දෙන සහ ගන්නා තීරණ අනුව කටයුතු තීරණය වේ.

● කුම්භ
3 වැන්නාධිපති සහ 10 වැන්නාධිපති වන්නේ කුජය.
කැපවීමෙන් කල කටයුතු වල ජය ලැබෙන කාලයකි. තම දක්ෂතාවය ගැන අන් අයගේ ප්‍රශංසා ලැබේ. කෙසේ වුවද ඉතාම කැපවීමෙන් කල යම් කටයුතු වල බලාපොරොත්තු නොවු ප්‍රතිඵල ලැබිය හැක. අන් අයගේ ගරුත්වයට ලක්වෙන කාලයකි.

● මීන
2 වැන්නාධිපති සහ 9 වැන්නාධිපති වන්නේ කුජය.
ග්‍රහ යුද්ධය සහ බුධගේ ජයග්‍රහණය යහපත් වීම තුලද බුද්ධියෙන් තීරණ ගත යුතු කාලයකි. තම පවුලේ සමගිය සමාදානය සහ දියුණුව වෙනුවෙන් වෙනදාට වඩා කැපවීමෙන් කටයුතු කල යුතු කාලයකි.  තනි මතයට කටයුතු නොකරන්න. වෙනත් අය සමග කරන කටයුතු වලින් ලාභ ඉපයිය හැක. නිදන්ගත රෝග ඇත්නම් ඒවා වල ප්‍රතිකාර ගන්න. නිවරදිව බුද්ධියෙන් කටයුතු කලොත් අන් අයගේ ගෞරවයට ලක්වෙනු ඇත.

Iru Astrology​


* භාව කේන්දරයේ සම්පූර්ණ පලාපල විස්තරය ලබාදෙන, Word Doc. සේවාව හෝ Skype/දුරකථන මාර්ග සේවාව 
* නාමකරණය  (පුද්ගල, ව්‍යාපාර) (නම් තැබීම).
* නිවසට පැමිණ වාස්තු විද්‍යා උපදේශනය,
* කාර්යාලයට පැමිණ සේවා ලබාගැනීම ඇතුළු
 සියලූම ජෞතිෂ්‍ය කටයුතු සඳහා inbox කරන්න. 
irusewaya@gmail.com.
0711 345 364

Monday, April 20, 2015

ඔබගේ 7 වැන්නාධිපතියා අනුව ලැබෙන සහකරු සහකාරිය කෙබදු විය හැකිද ?



٠ මේෂ

මේෂ ලග්නයේ 7 වැන්න හෙවත් විවාහ ස්ථානය අයත් වන්නේ සිකුරු ග්‍රහයාටය. සිකුරු ග්‍රහයාට හිමි 7 වැන්න වන්නේ  තුලා රාශියයි.
ඒ ආකාරයට බැලුවිට මේෂ ලග්න හිමියෙකුට ඉතාම සමතුලිත මානසිකත්වයක් ඇති යුක්ති සහගත, ප්‍රියමනාප බිරිදක් ස්වාමියෙක් ලැබිමේ භාග්‍යය වැඩිය.
එසේ වීමට 7 වැන්නාධිපතියා ශුභ තැනක සිටිම අත්‍යාවශ්‍යය වේ.
විශේෂයෙන්ම මේෂ ලග්න හිමියන්ගේ විවාහය බොහෝවිට සාමකාමිව ගතවනු දක්නට ලැබී ඇත.

٠ වෘෂභ

වෘෂභයේ 7  වැන්න අයත් වන්නේ කුජ/අගහරුටය.
මෙනිසා වෘෂභ අයට තරමක් හැඩිදැඩි, ශරීර ස්වාභාවය තරමක් රළු ඉක්මනට කේන්ති යන බිරිදක්/ස්වාමියෙක් ලැබීමේ ප්‍රවණතාවක් පවති.
එසේ වුවත් බොහෝවිට විවාහයෙන් පසු දියුණු වන අයට කුජ බලවත් වීම අත්‍යාවශ්‍ය සාධකයකි.

٠ මිථුන

මිථුනයේ 7 වැන්න අයත් වන්නේ ගුරු/බ්‍රහස්පතීටය.
බොහෝ ප්‍රියමනාප, ගුණයහපත් එසේම ධන ධාන්‍යයෙන් තරමක් හෝ යහපත් තත්වයක් ඇති ස්වාමියෙක් බිරිදක් ලැබීමේ භාග්‍යය වැඩිය.
එසේම ශරීර ස්වභාවයෙන් තරමක් පිරිපුන් කෙනෙක් ලැබේ.

٠ කටක

කටකයේ 7 වැන්න අයත් වන්නේ සෙනසුරුටය.
කටක ලග්න බොහෝ අයගේ විවාහය තීරණය කිරිමට පෙර 2වරක් සිතිම යහපත්ය.
මන්ද විවාහයට අධිපති සෙනසුරු පාප දෘස්ඨි සහිතව පාප තැනක සිටි නම් විවාහයෙන් පසු ආරවුල් ආදිය ඇතිවි ඔබ දුකට පත්විමට ඉඩ බොහෝ සෙයින්ම වැඩි නිසාය.
එසේම ශනි බලවත් නම්, 9 වැන්නාධිපති 1 බලවත් නම් යහපත් විවාහයට ඉඩකඩ වැඩිය. බොහෝ සමාජය ගැන අත්දැකිම් ඇති පරිණත කෙනෙක් විවාහයට ලැබිය හැක.

٠ සිංහ

සිංහයේ 7 වැන්න අයත් වන්නේ සෙනසුරුටය.
කටක ලග්න හිමියන් මෙන්ම සිංහ අයද විවාහයෙදි පරිස්සම් වීම මැනවි.
එසේම 7 වැන්නාධිපති ශනිගේ තත්වය පමණක් නොව 7 වැන්නේ සිටින ග්‍රහයා අනුවද විවාහය තීරණය වෙයි.
කෙසේ වෙතත් සිංහ ලග්නයට ඇති අති මහත් පෞරුෂයත්, ප්‍රේමය යනාදියේදි ඇති ස්ථිරසාර භාවයත්, කැපවීමත් නිසා  සිංහ ලග්න හිමියන්ගේ විවාහ අසාර්ථක වන්නේ බොහෝ කලාතුරකිනි. එය ඉතාම දුර්වල ග්‍රහ බලයක් යටතේ පැවතුනොත් පමණි.

٠ කන්‍යා

කන්‍යාවේ 7 වැන්න අධිපති වන්නේ ගුරු/බ්‍රහස්පතීය.
ලග්නාධිපති බුධගේ බුද්ධිමත් දෘෂ්ටිය සමග 7 වැන්නාධිපති ගුරුගේ දෘෂ්ටිය මනාව ලැබුනොත්  කන්‍යා ලග්න අය විවාහයෙන් පසු  බොහෝ දියුණු වේ.
ගුරු උච්ච නම් විවාහයෙන් පසු යාන වාහන ඉඩකඩම් ගුණ යහපත් දරුවන්ද ලැබේ.
කන්‍යා ලග්න අයගේද විවාහය සාර්ථක විමේ වැඩි ඉඩකඩක් පවති.

٠ තුලා

තුලාවේ 7 වැන්නාධිපති වන්නේ කුජ/අගහරුය.
විශේෂයෙන්ම පිරිමි කෙනෙකුට නම් බලවත්ව කුජ පිහිටියොත් මනා පියයුරු ඇති මනා නිතඹක් ඇති රූප ස්වභාවයෙන් අනූන යුවතියක් බිරිදක් ලැබීමේ වැඩි ඉඩකඩක් පවතී.
කාම සම්භෝගයද ඉතාම ප්‍රබලව පවතින අතර දෙදෙනාගේ බැදීමද ඉතාම ප්‍රබලව පවති.
එසේම තුලා ලග්න අයගේ 7 වැන්නාධිපති කුජ දුර්වල නම් විවාහය නීරස විමට හා විවාහයෙන් පසු අඩදබර ඇතිවිමටද දෙදෙනා වෙන් විමටද කරුණු යෙදෙනු ඇත.

٠ වෘශ්චික

7 වැන්නාධිපති වන්නේ සිකුරුය.
එම නිසා විවාහය ඉතාම ප්‍රීතිමත්ව ගත කිරිමේ වැඩි ඉඩකඩක් පවති. එසේම දෙදෙනා අතර අඹුසැමි ප්‍රේමය වඩවයි. එසේම නිතර නිතර කායික සුවයද අපේක්ෂා කරයි.
එසේම පුරුෂයෙකුට නම් තම බිරිදගේ ලිංගික තෘප්තිය ඉතාම හොදින් කරයි. උපරිම සතුටක් දෙයි.
එසේම ස්ත්‍රියක් නම් තමාගේ ස්වාමි පුරුෂයාව ඉතාම වශි වන ආකාරයට තමා කෙරෙහි ඇද බැද තබාගන්නීය.
කෙසේ වෙතත් වෘශ්චික ලග්න හිමියන්ගේ විවාහ සහකරුවා සහකාරිය ඉතාම යහපත් විමේ වැඩි ඉඩ ප්‍රස්තාවක් පවති.

٠ ධනු

ධනු ලග්න හිමියන්ගේ 7 වැන්නාධිපති වන්නේ බුධ ග්‍රහයාය.
බුධ ග්‍රහයා නිසා මනා උගත්කමක් ඇති හික්මීමක් ඇති බොහෝ සුරතල් තෙපුල් ඇති බොහෝ කතා කියන බිරිදක් ස්වාමියෙක් ලැබිමේ ඉඩ ප්‍රස්තාව පවති.
බොහෝවිට මෙවන් අයගේ සහකරුවා/සහකාරිය බුද්ධිමත් අය වෙති. රජයේ රක්ෂාව කරන්නෝ වෙති.
මොවුන්ගේ විවාහ ජිවිතය ප්‍රිතිමත්ව ගත කරන්නට වැඩි ඉඩක් පවති.

٠ මකර

මකරයේ 7වැන්නාධිපති වන්නේ  සදු/චන්ද්‍රයාය.
සදු ග්‍රහයාගේ බල දුබල බව ඉතාම තීව්රව දැනෙන්නේ මකර ලග්න හිමියන්ගේ විවාහ ජිවිත ගැන පරික්ෂා කරන විටය. සහකරුවා/සහකාරිය යහපත් වීමට නම් මකර අයගේ සදු බලවත්ව සිටිය යුතුය. බලවත් නම් විවාහයෙන් පසු අරක මේක සමග දියුණු වන්නට ඉඩ ලැබේ .
එසේ නොමැති වුවොත් විවාහයෙන් පසු ජිවිත අසාර්ථක වන්නට ඉඩ  ඇත. බිරිද ස්වාමියා ලෙඩට දුකට වැටිය යුතුය. සැලකිල්ලෙන් කටයුතු කරන්න, සදුගේ තත්වය බලන්න.

٠ කුම්භ

7 වැන්නාධිපති වන්නේ රවිය.
රවිගේ බලය යහපත් ආකාරයට තිබේ නම් මෙවන් අයගේ සහකරුවාට සහකාරියට රජයේ ඉහල වරප්‍රසාද තනතුරු ලැබේ. අප පරික්සා කල කුම්භ ලග්න හිමි දේශපාලකයන්ගේ කේන්දර වල ඔවුන්ගේ බිරිදගේ ග්‍රහ බලය තම දේශපාලන ගමනට උදව්වි ඇති බව පෙනේ.
කෙසේ වෙතත් කුම්භ ලග්න හිමියන්ගේ කේන්දරයට රවිගේ බලය අනුව තරමක් සැර පරුෂ තමාව පාලනය කරන්නාවු බිරිදක් ස්වාමියෙක් ලැබිමේ ඉඩ ප්‍රස්ථාව වැඩිය.


٠ මීන

7 වැන්නාධිපති වන්නේ  බුධය.
ලග්නයට හිමි අනුකම්පා සහගත බව සංවේදි බව නිසාත්, මෙවැනි අය ප්‍රේම සබදතා නිසා බොහෝ දුකට පත්වන්නෝ වෙති. කෙසේ වෙතත් බුධ ග්‍රහයා බලවත් වීම නිසා කාරුණික යුවතියක තමාගේ බිරිද වශයෙන් ලැබිමට ඉඩ ඇත. විවාහයෙන් පසු දියුණු විමටද භාග්‍යය ඇත. දරු සම්පත්
දුර්වල නම් තමාව පාලනය කරන නපුරුකම් කරන බිරිදක් ලැබිමේ වැඩි ඉඩකඩක් පවති.

අප දයාබර මුහුණු පොතේ සුවහසක් දයාබර පාඨකයිනි. මේ අප ඉහතින් සදහන් කර ඇත්තේ ඉතාම සංවේදි මාතෘකාවක් වන විවාහයේ එක්තරා පැති කඩකි. මේ ලග්න 12 ඉදිරිපත් කර ඇති කරුණු කාරණා තවදුරටත් ඔබගේ කේන්දරය පරික්ෂා කල නිගමනය කල හැක.
අප කිව්වා වාගේම, මේෂ, කටක, සිංහ, මකර කුම්භ ලග්න වල අය විවාහයෙදි විශේෂයෙන්ම විවාහයේ සූක්ෂම පලාපලයක් අති සූක්ෂම පරික්ෂා කරවා ගැනිම අනාගතයේ දෙදෙනාටම ප්‍රතිඵලදායක කරුණක් වනු ඇත.
සියලුම තත්වයන් දළ විස්තරයක් ලෙස සදහන් කර ඇති බව සලකන්න.

තෙරුවන් සරණයි !

Monday, April 13, 2015

අවුරුදු නැකත හැමදේටම හොදද ?

ජ්‍යොතිෂ්‍යය කටයුතු වල පැය 24ම නියැලෙන අප හට එහි හොද සේම යම් අඩුපාඩුද පෙනෙනවා. මා මේ ඔබට සදහන් කරන්නට යන්නේ, අද සමාජයේ සමහර අය අවුරුදු නැකතටම තවත් නැකැත් වර්ග පටලවා ගනිති. 
උදාහරණයක් විදියට කුඩා දරුවෙකුට ඉදුල් කටගෑමට, එසේම නව නිවසේ පදිංචි විමට එසේ නැත්නම් අලුත් රැකියාවක් භාර ගැනීමට අවුරුදු නැකත යොදාගන්නට කටයුතු කරති.

එහි බරපතල වැරැද්දක් ඇත. අලුත් අවුරුද්දකට කිරි ඉතිරිවීම හැරුණු විට වෙනත් නැකත් වලට එනම් ගනුදෙනු කිරිමේ ආදි නැකැත් වලට පොදුවේ නැකැත් වේලාවල් දුන්නද ඒවා අනුවම කටයුතු කිරිමට පෞද්ගලිකව අපගේ නම් එතරම් කැමැත්තක් නැත.
● ඊට හේතුව -  අපි හිතමු අවුරුදු ගනුදෙනු නැකැත් වෙලාව(පොදුවේ)ට මම ගනුදෙනු කෙරුවාය කියල. 
ඒ තත්කාල ග්‍රහචාරයේ මගේ ලග්නයට ලග්නාධිපතියා දුර්වල වෙලා හෝ එසේත් නොමැති නම් ධනය ගැන කියන ධනස්ථානාධිපති, එසේම ලැබීම ගැන පෙන්වන 11ස්ථානාධිපතියා දුර්වල වෙලා 6, 8 , 12 භාවයන් වල නරක නැකැත් වල ගමන් කරයි නම් තත්කාල ග්‍රහචාරයේ මගේ ලග්නයට සදු දුර්වල නම් මට එම ගනුදෙනු කිරිමෙන් නව වසර තුල දියුණුවක් ජයග්‍රහණයක් ලබාගත හැකිද ?

* සමහරවිට සමහර වසර වලදී ආර්ථික පැත්තෙන් බිංදුවට වැටි සමහරුන්ට හතේ හත වදින්නෙ ඔන්න එවැනි ප්‍රශ්න නිසාය. එමනිසා අප කල්පනා කල යුතු වන්නේ නැකැත් වර්ග කෙසේ දුන්නත් අපිට හරියට නැකත අපිම හදාගත යුතු බව අපගේ ප්‍රබල නිගමනයයි.

මහරවිට මෙම ලිපිය බලා සමහර ජ්‍යොතිෂ්‍ය බක පණ්ඩිතයන් වෙනත් මත ඉදිරිපත් කල හැකිය. නමුත් ඒවා සත්‍යය නොව‍ෙ. මෙය සත්‍යය වන බව අපට විශ්වාසයි.
එම නැකැත් හොද උනාට අපට ගැලපෙන්නේ නැත.

* උදාහරණයකට සිතමු, රෙදි සාප්පුවක නානාවිධ අලංකාර ඇගලුම් ආයිත්තම් තිබෙනවා. ඒවා කෙතරම් මිලාධික වුවත් අලංකාර වුවත් අපේ ඇගේ මිම්මට ගැලපෙන්නේ නැත්නම් ඒවායින් අපට ප්‍රයෝජනයක් නෑ නේද ?
නැකැත් කාණ්ඩත් අන්න ඒ ආකාරයෙන්ම සැලකිය යුතු වේ. අපට නොගැලපේ නම් ඒවායින් අපට ප්‍රයෝජනයක් නැත.

* මේ ගැන බුද්ධිමත්ව ඔබ කල්පනා කර බලන්න. සූර්යයා මීන රාශියෙන් මේෂයට සංක්‍රමණය විමෙන් අලුත් අවුරුද්ද උදාවන අතර මෙහිදි ප්‍රබල ග්‍රහමය සංසරණයක් සිදුවේ. ආදරණීය ඔබටත් මෙම අලුත් අවුරුද්ද වාසනාවන්ත වීමට ඔබට පුලුවන්කම තිබෙනවා නම් ඔබගේ කේන්දරයට ගැලපෙන විදියට නැකැත් සාදවා ගන්නට එය ඉතාම වාසනාවන්ත තත්වයක් වේවි.

තෙරුවන් සරණයි !

Wednesday, April 8, 2015

සතියේ ලග්න පලාපලය (අප්‍රේල් 7 සිට)

●   මේෂ
සමඵල සතියකි.
සතිය ආරම්භ වන්නේ අෂ්ටම ඒරාෂ්ඨක අපලයක් සමගය. කරන කියන කටයුතු වලට දැවැන්ත වූ බාධක ප්‍රතිරෝධක එල්ල වෙනවා. සතුරු කරදර බාධක එල්ල විය හැකියි. දියුණුව අඩාල විය හැකියි. 

මේ තත්වය මග හැරෙන්නේ සතිය අගදීය. සතිය මුලදි නැතිව ගිය වාසි සහගත තත්ව නැවත යථා තත්වයට පත් වෙනවා.
ගෘහ ජිවිතය සාමාන්‍ය පරිදි ගත වෙනවා. සතිය මුලදි විශේෂ දියුණුවක් නැහැ. නමුත් සතිය අගදි මේ තත්වය මග හැරෙනවා. හොදයි.
සෞඛ්‍ය තත්වය යහපත් නැහැ. ලෙඩ රෝග, එසේම අස්ථි බිදීම්, කකුල අතපය තුවාල වීම් ආදියෙන් පරිස්සම් වීම ඉතා වැදගත්.

●  වෘෂභ
එතරම් හොද සතියක් නොවෙයි.
හවුල් ව්‍යාපාර බිද වැටෙන්න පුලුවන්. එසේම ණයතුරුස් වී විශාල පාඩු සිද්ධ වෙන්න පුලුවන්. තමාගේ උදව් කල මිතුරන් තමන් සමග භේද වීමට පුලුවන්. ණය ගැනිමේදි හා දීමෙදි පරිස්සම් විම යහපත්. බුද්ධිමත්ව කටයුතු කරන්න. ඉදිරිය බලා කටයුතු කරන්න.
ගෘහ ජිවිතයෙදි ඉවසීම බොහෝසෙයින්ම අවශ්‍ය වෙනවා. අඹුසැමියන් අතර රණ්ඩු සරුවල් මෙන්ම ඒවා මහා පරිමාණ ප්‍රශ්න දක්වා දික් ගැහෙන්න පුලුවනි. ඔබ ඉවසීමෙන් කටයුතු කල යුතුයි. සතිය ගෙවෙත්ම මේ තත්වය මගහැරෙනවා.
සෞඛ්‍ය තත්වය ලෙඩ රෝග වලින් ආරක්ෂා විම සහ අනතුරු වලින් ආරක්ෂා විමට ක්‍රියාමාර්ග ගැනිම යහපත්.

●  මිථුන
මේ සතිය හොද සතියක්.
කරන කියන කටයුතු දියුණු වෙනවා මෙන්ම සතුරු කරදර දුරු වෙන සතියකි. සතිය මුලදි යම් යම් ගැටළු තිබුනද සතිය අගදී ඒවා විසදෙනවා. ආර්ථිකය හොද වෙනවා, හවුල් ව්‍යාපාර දියුනු වෙනවා. විදෙස් රැකියාවල නියුතු අයට ප්‍රතිලාභ හිමි වෙනවා.
ගෘහ ජිවිතය ප්‍රිතියෙන් ගත වෙනවා. එසේම සතිය මැදදී මංගල යෝග උදා වෙනවා. නව ප්‍රේම සබදතා උදා වෙනවා. ප්‍රීතියෙන් සිටිමට පුලුවන් කාලයක් උදා වෙනවා.
උදරාබාධ සහ ජලයාශ්‍රිත බෝවන රෝග වලින් පරිස්සම් වන්න.

●   කටක
බාධක පිරුණු සතියකි.
ලැබීමට තිබු ණය මුදල් නොලැබී යාමට පුලුවන්. ගෙදර ආර්ථික තත්වය අයහපත් වීම නිසා සිතට කණගාටුව ඇතිවෙනවා. ලැබීමට නම් එතරම් හොද කාලයක් නොවයෙි. ගැටළු ඇතිවෙනවා.
ගෘහ ජිවිතය තුල දරුවන් සම්බන්ධ කරදර වලට මැදිහත් විමට සිදුවෙනවා. ඔවුන්ට මහා පරිමාණෙන් විය පැහැදැම් කිරිමට සිදුවේවි. කටක ලග්නයේ ගර්භණී මාතාවන් ඉතාම ප්‍රවේසම් විම ඉතාම හොදයි. 

සෞඛ්‍ය තත්වය උදරාබාධ, කොන්දේ අමාරු, දණිස් කැක්කුම් සුලබයි.

●   සිංහ
මේ සතියේදි යම් බාධක ඇතිවිමට ඉඩකඩ වැඩියි.
එනිසා ප්‍රවේසම් සහගතව කටයුතු කරන්න. විශේෂයෙන්ම ඉවසීම අවශ්‍යයයි. පාඩු වීමට තිබෙන ඉඩකඩ වැඩි නිසා බුද්ධියෙන් කටයුතු කරන්න, ණය දීමට ණය ගැනීමද හොද නැත.
ගෘහ ජිවිතය සාමාන්‍ය පරිදි ගත උනත් සිතේ කණගාටුව නිසා යම් යම් බාධක ඇතිවිමට ඉඩ තිබෙනවා. බුද්ධියෙන් කටයුතු කරන්න. වෙන ගැටළු නැහැ. ඉවසීමෙන් කටයුතු කල යුතුයි.
පපුවේ දැවිල්ල, ගැස්ට්‍රයිටීස් රෝග, සෙම් අමාරු වැඩිවිය හැකියි බුද්ධිමත් වන්න.

●   කන්‍යා
බාධක බිද හෙලන සතියකි.
සතුරු කරදර අඩු වෙන සතියකි. ආර්ථික වාසි ඇතිවන්නේ තමාගේ උත්සහයෙන් කටයුතු කිරිම නිසායි. ඇවිදිලි අධික වෙයි. පිටපලාත් වල සංචාරයට හේතු වෙන නිසා ඒවායින් මුදල් හදල් ලැබීමට හේතුයි.

ගෘහ ජිවිතය තුල තරමක් කලබල සහ ඉක්මන් බවක් පෙන්වයි. නිවසේ රැදෙන ගතිය අඩුයි. නමුත් එය මහා පරිමාණ ගැටළුවක් නොවෙයි. සෞඛ්‍ය තත්වයේ ගැටළු නම් පපුවේ දැවිල්ල මහන්සිය සහ උරිස් බෙල්ල ආශ්‍රිත රෝගාදිය ඇතිවිය හැක පරිස්සම් වන්න.

●   තුලා
සාමාන්‍ය යහපත් සතියකි.
සතිය මුලදී ධන ධාන්‍ය ලැබීමට තිබුනු අවස්ථාවන් මග හැරෙනවා. කොටින්ම කියනවා නම් අතට ගත්ත දේ කටට දාගන්න බැරි වෙනවා. අයවිය යුතු මුදල් වලට ප්‍රබල බාධක යෙදෙනවා. එසේම ගැටළු සහගත තත්ව ආර්ථිකමය වශයෙන් එනවා. ඒ ගැන සැලකිලිමත් වීම යහපති.
ගෘහ ජිවිතය වරදක් නැහැ. සතිය අගදි දුරබැහැර ගමන් සහ ප්‍රීති උත්සව නියමිතයි. ඥාතියෙකුගේ පැමිණිම අපේක්ෂා කල හැකියි.
සෞඛ්‍ය තත්වයේ, නිදන් ගත රෝග ඇති අය පරිස්සම් විම යහපත් සේම සෙම් ආශ්‍රිත රෝග සහ සෙම් රෝග වලින් පරිස්සම් වන්න.

●  වෘශ්චික
බාධක පිරුණු සතියක්.
කරන කියන කටයුතු අඩාල වීම මේ සතියෙදි තිබෙනවා. ලග්නයේ ඒරාෂ්ටක අපලයක් යන නිසා ඔබගේ චින්තනය නිවරදි වන්නේ නැහැ. හදිසි තීරණ වලින් ආර්ථික පාඩු ඇතිවිය හැකියි. විමසා කටයුතු කරන්න. හවුල් ව්‍යාපාර කරෛහි උපේක්ෂාවෙන් බැලිම යහපති.
ගෘහ ජිවිතය තුල ඉක්මන්කාරි බව නිසා ගැටළු ඇතිවිය හැක. අඹු සැමියන් අතර ප්‍රශ්න ඇතිවිය හැකියි. හදිසි වෙන්න එපා. සතියේ ඉදිරියට යන්න යන්න, ඔබගේ පිඩනය ඉවත් වෙනවා.
සෞඛ්‍ය ගැටළු ලෙස හිසරදය, හිසේ බර ගතිය, මානසික ආතතිය, කල්පනා කිරිම ආදි දේවල්ය.

●   ධනු
එතරම් යහපත් නැති සතියකි.
ඔබ වෙලදාමක නියුතු අයෙක් නම් පාඩු පිට පාඩු පැමිණිය හැකියි. චෙක් රිටන් වීම නිසා පොලිසි වලට පවා යෑමට කටයුතු සිදුවිය හැකියි. 

ගනුදෙනු කරුවන් අතර ඔබ මේ සතියෙදි කළු චරිතයක් වීමට ඉඩ ඇත. එසේම විවිධ අවලාද බැණීම් ආදිය ඇසිමට සිදුවිය හැක. වගකීම් සහිත අය වගකීම් පැහැර හරින්න එපා, නීතිමය ගැටළු ඇතිවිය හැකියි.
ගෘහ ජිවිතය තුල තරමක පීඩාකාරි බවක් අතැිවේ. අඹුසැමි සබදතා වල ලොකු ගැටළුවක් තිබෙනවා. ඒතරම් යහපත් නැහැ.
සෞඛ්‍ය තත්වයේ දණිස් අමාරු, කකුල් අමාරු, විවිධ සර්වාංග රෝග ඇතිවි හැකියි. වෛද්‍ය උපදෙස් ලබාගන්න.

●   මකර
සාමාන්‍යයි.
ධනු ලග්නයට කියපුවාම පොදුයි සතිය අග වන විටදි. විමසීමෙන් කටයුතු කරන්න. ආර්ථික අවාසි ඇතිවෙන සාගත සතියක් වීමට ඉඩ ඇත.
ගෘහ ජිවිතය එතරම් යහපත් නැහැ. ධනු ලග්නයට මෙන්ම අඹුසැමි ප්‍රශ්න ඇතිවිමට හේතුයි. විමසීමෙන් කටයුතු කරන්න. මහ දසා හොද නම් මේ තත්වය මග හැරේ.
නිදන්ගත රෝග ඇති අය පරිස්සම් වන්න.

●  කුම්භ
හොද සතියකි.
තමන්ගේ කටයුතු බාධක මැද කරගැනිමට පුලුවන්. නමුත් රැකියාවෙදි ව්‍යාපාරයෙදි විමසිලිමත් වීම බුද්ධිමත් වීම යහපත්. සතිය අගදී ධනෝපායන මාර්ග දියුණු වෙනවා. රැකියා බලාපොරොත්තුවෙන් සිටින අයට ඒවා ලැබෙනවා. විදෙස්ගත වන්නට ඒ රැකියා බලාපොරොත්තු වන අයට ඒවා සඵල වෙනවා.
ගෘහ ජිවිතය අයහපත් නැහැ. නිවාස ඉඩකඩම් භූමි ලාභ ලැබෙනවා. ප්‍රිය සම්භාෂණ වලට සහභාගි වීමට නියමිතයි.
සෞඛ්‍ය තත්වයේ ප්‍රබල ගැටළු නැහැ, උෂ්ණාධීක රෝග වලින් පරිසස්ම් වීම යහපත්ය.

●   මීන
යහපත් සතියකි.
සතිය මුලදි යම් යම් ගැටළුකාරි තත්ව පැවතුනද සතිය අගට වන්නට, වන්නට ඒ තත්ව මග හැරෙනවා. දියුණුව ලැබෙනවා. එසේම හොද සතියක් මෙම කාලය. අලුත් කටයුතු ආරම්භ කරන්න, කරන කටයුතු දියුණු කරගන්නට ඔබ හොද කාලයක්. ඔබ ගෙවීමට ඇති මුදල්ද ගෙවන්නට පුලුවන් සතියක් මේ සතිය. 

ගෘහ ජිවිතය යහපත්ව ගත වෙනවා. ප්‍රබල ගැටළුවක් නැහැ. හොදයි.
සෞඛ්‍ය තත්වය නිදන්ගත රෝග ඇති අය පරිස්සම් වන්න. සෙම් අමාරු ගැන සැලකිලිමත් වන්න. 


පොදු පලාපලයක් පමණක් බව සලකන්න. 

Monday, April 6, 2015

සිකුරු මාරුව - 2015 අප්‍රේල්

ලෞකික සැප සම්පත් වලට අධිපතිකම් කරන්නාවූ එසේම මනුෂ්‍යාගේ  විනෝදාස්වාදය, ආදරය, ප්‍රේමය නිවේදනය කරන්නාවූද සිකුරු ග්‍රහ තාරකාව මේෂ රාශියේ සිට වෘෂභ රාශියට සංක්‍රමණය වීම අද රාත්‍රි
සිදුවේ.
මෙය ලග්න 12ට කෙසේ බලපාවිද ? එසේම අප දයාබර පාඨකයින් වන ඔබගේ ලග්නයට මේ ග්‍රහමාරුව කෙසේ බලපැම් ඇති කරයිද. එසේ නම් විවාහය ප්‍රේම සබදතා, ධනය සහ නිවාස ආදි කරුනු කාරණා නිවේදනය කරන ප්‍රබලම ග්‍රහයා බැවින් ඔබගේ ලග්නයට ඇති කරන්නාවු මේ තත්වය ගැන දැන් විග්‍රහ කරන්නෙමු.

●  මේෂ
2 වැන්නට සිකුරු ස්වක්ෂෙත්‍ර වේ. ඉතාම හොදයි.
ප්‍රිය වචනය සමග සමාජයේ බොහෝ අය ආශ්‍රයට ඉඩ ලැබෙනවා. එසේම ධන ධාන්‍ය තත්වය බලාගෙන ඉන්දෙද්දි දියුණු වෙනව. අඹුසැමියන් අතර ප්‍රේමය වැඩි වෙනව. මංගල යෝග උදා වෙනව. ගායික ගායිකාවන්ට කලාකරුවන්ට විශේෂයෙන්ම හොදයි.
ධනයට තිබුණු බාධක මග ඇරෙනවා. සිකුරු මහ දසා ගත කරන අයට ඉතාම හොදයි. රසවත් ආහාර පානද විශේෂයෙන්ම ලැබෙනවා.

●   වෘෂභ
1/ලග්නයට සිකුරු පැමිණ ස්වක්සෙත්‍ර වීම ඔබට ඉතාම හොදයි.
මේ තත්වය නිසා සමාජයේ ගෞරව බහුමානයට පත් වෙනවා සේම, ඔබගේ පෙනුමද අලංකාර වෙනවා. එසේම ඔබට ප්‍රේම සබදතා මෙන්ම සමාජය සමග විශේෂිත සම්බන්ධකම් ඇති වෙනව.
බොහෝසෙයින්ම හොදයි. අනියම් කම්සැප විදිමේ අවස්ථාද ඇතිවේ. බුද්ධිමත් වන්න.

●   මිථුන
සිකුරු 12 වැන්නට පැමිණීම එතරම් යහපත් නැහැ.
කාන්තාවන්ට නම් පුරුෂයන් නිසාද පුරුෂයන්ට නම් කාන්තාවන් නිසාද ගැටළුකාරි තත්ව, අනියම් ආශ්‍රයන් එසේම යම් යම් එවැනි ප්‍රශ්න නිසා ගැටළු සහගත තත්ව මතුවේවි.
නිස්කාරණයේ ලොකු වියදම් සිදුවිය හැකියි. බුද්ධිමත් වන්න. ඒ ගැන සැලකිලිමත් වන්න.
නමුත් හොද මහ දසා ගත කරන අඹුසැමියන් අතර ප්‍රේමය වර්ධනය වෙනව. එසේම වරදක් නැහැ.

●   කටක
11 වැන්නට සිකුරු පැමිණීම ඉතාම හොදයි.
අලුත් මිතුරන්, යාළුවන් ආශ්‍රයට ලැබෙනවා. සමාජයේ නම ප්‍රසිද්ධ වෙනවා. ඉබේම වාගේ ආදායම් ලැබෙනවා. සමහර විට උරුමහරුමකම් ලැබෙනවා. ප්‍රේම සබදතාවක් බලාපොරොත්තු වෙන අයටත්, විවාහයක් බලාපොරොත්තු වන අයටත් මේ කාලයේ අැසුරු කරන අය මාර්ගයෙන්ම විවාහයට ලැබීමේ ඉඩ ප්‍රස්තාව වැඩියි. බොහෝ හොදයි.

●   සිංහ
10 වැන්නට සිකුරු පැමිණිම ඉතාම හොදයි.
මෙනිසා ආර්ථික තත්වය දියුණු වෙනවා. විශේෂයෙන්ම ආහාර පාන ද්‍රව්‍ය වෙලදාම් කරන අයට ඉතාම හොදයි. හෝටල් ක්සෙත්‍රෙය් රැකියා කරන අයට, විදෙස් රැකියා සංචාරක ක්සෙත්‍ර රැකියා කරන අයට ඉතාම හොදයි. කරන කියන රැකියාව ඉතාම සතුටින් තෘප්තියෙන් කිරිමට වාසනාව ලැබෙනවා.

●   කන්‍යා
9 වැන්නට සිකුරු පැමිණිම ඉතාම හොදයි.
පෙර පින පෑදෙන කාලයකි. ඥාතින්ගෙන් දෙමාපියන්ගෙන් වැඩිහිටියන්ගෙන් දියුණුවට උපකාර ලැබෙනවා. විශේෂයෙන්ම මුදල් අතමිට යහමින් ගැවසීමට ඉඩකඩ වැඩියි. 

මේ තත්වය නිසාම පිනට දහමට හිත යොමු වෙනවා. එයත් විශේෂයි. ගැටළුවක් නැහැ.

●  තුලා
8 වැන්නට සිකුරු පැමිණිම වරදක් නැහැ.
නමුත් රෝග පීඩා ඇති අය සැලකිලිමත් වන්න. විශේෂයෙන්ම දියවැඩියා වැනි නිදන්ගත රෝග ඇති අය පාලනයට යොමුවිය යුතුයි. වැඩිහිටියන් විශේෂයි. තුලා ලග්න තරුණ දුවාදරුවන් හැගිම් වලට වහල් නොවි සිටිය යුතුයි. තදබල ලිංගික ආශාවන් හිත යට ගොඩනැගෙනවා. ඒවා පාලනයට උනන්දු වන්න.

●   වෘශ්චික
7 වැන්නට සිකුරු පැමිණිම හොදයි.
හවුල් ව්‍යාපාර කටයුතු සාර්ථක වෙනවා. දියුණුව ඇතිවෙනවා. මංගල යෝග ඇතිනෙවා. ප්‍රේම සබදතා ඇතිවේ. නව මිතුරන් අතැිවේ. අලුත් ඥාතින් ඇතිවේ. තමාද ප්‍රියමනාපව සිටින අතර කාමාශාව ඉතාම ප්‍රබල වෙනවා. විවාහක අඹුසැමියන් අතර අඹුසැමි සබදතා දැඩිව දැනෙන කාලයක්ය.
වාසනාවන්ත දරු සම්පත්ද මේ කාලයේ ලැබෙනවා.

●   ධනු
6 වැන්නට සිකුරු පැමිණිම එතරම් යහපත් නැහැ.
නමුත් මේ කාලයෙදි උරුමහරුමකම් ලැබිමට නියමිතයි. ආමාශගත රෝග ඇති අය පරිස්සම් විය යුතුයි. ධනු ලග්නයේ දුර්වල ග්‍රහ බල ඇති අයට ගුප්ත උපද්‍රව පැමිණීමට පුලුවන් - ඒ ගැන සැලකිලිමත් වන්න.

●   මකර
5 වැන්නට සිකුරු පැමිණිම ඉතාම හොදයි.
විශේෂයෙන්ම ගර්භණී මව්වරුන්ට හොදයි. වාසනාවන්ත දරු උපත් සිද්ධ වෙනවා. ව්‍යාපාරික කටයුතු කරන මකර ලග්න අයටද මේ කාලය හොදයි. හදිසි ධනලාභ හිමිවිය හැකියි. උරුමහරුමකම් හිමි වෙනවා. දරුවන්ටද හොද වාසනාවන්ත කාලයක්. නපුරු දුෂ්ට ගති තිබුනා නම් එවා අඩු වෙන කාලයක්.

●  කුම්භ
4 වැන්නට සිකුරු බලවත් වීම ඉතා හොදයි.
තමාගේ කාලාන්තරයක් තිබුනු භූමියේ දේපල වල ප්‍රශ්න විසදෙනවා. එසේම නව නිවාස, නව ඉඩකඩම් මිලදී ගැනීමට හැකියාව ලැබෙන අතර නිවසේ ප්‍රිය සම්භාෂණ පැවැත්වීමට කුමක් හෝ කරුණක් යෙදෙනවා. මංගල යෝග ක්‍රියාත්මක වන කාලයකි. තමාගේ හොද නම පැතිරේ. එසේම යාන වාහන මිලදී ගැනීමට හොද කාලයක් ලෙසද සදහන් කල හැකියි. 

සිකුරු 4 වැන්නට යොදා බලවත් නැකැත් සාදා ගැනීම කුම්භ ලග්න කරුවන්ගේමෛ් කාලයේ සියලු කටයුතු දියුණු වීමට හේතුවක්ය.

●  මීන
3 වැන්නට සිකුරු පැමිණිම ඉතාම හොදයි.
මේ තත්වය නිසා සහෝදර සහෝදරියන් අතර සුහදතාවය වර්ධනය වෙනවා. තමන්ගේ හැකියාවට හොදයි. කලා ක්ෂෙත්‍ර වල සිටින අයට ඉතාම හොදයි. දුර ගමන් කෙටි ගමන් ආදියෙන් මුදල් හදල් ලැබෙනවා. 

විදේශ රැකියා බලාපොරොත්තු වන අයට ඉතාම වාසිසහගත කාලයක්. එසේම ඥාති හිතවත්කම් අලුතින් ඇතිවිමට පුුලුවන්. 

සැ.යු. - අප දයාබර ඔබට විශේෂයෙන්ම මතක් කරන්නේ මේ තත්ව ක්‍රියාත්මක වීමට උප්පත්ති ග්‍රහ බලයේද යම්කිසි වාසනාවක් තිබිය යුතුයි මේ කාලයේ.
උදාහරණයක් විදියට සෙනසුරු 4 වැන්නේ සිටින කුම්භ ලග්න කෙනෙකුගේ ඒරාෂ්ඨකයක් සමග හෝ 4 වැන්නේ සිටින සෙනසුරුගේ මහ දසාව ගත වේයැයි සිතමු. එවන් අයෙකුට නිවාස භූමිලාභ ලැබිමේ ඉඩකඩ මේ ගෝචරයෙන් ඇති නොවේ. එයට ප්‍රබල බාධකයක්ව මහ දසාව ඒරාෂ්ඨකය
මේ ගෝචරය සමග තමාගේ ග්‍රහචාරයද පිරික්සීම නුවණට හුරුය.

Saturday, April 4, 2015

ජය ශ්‍රී මහ බෝ සමිඳුන් රකින “කළු දේවතා බණ්ඩාර දෙවියන් “

උතුම් වූ ජයසිරි මහ බෝධිරාජයාණන්වහන්සේ රකින කළු දේවතා බණ්ඩාර දෙවියන් ගැන අදහස් බොහෝය.
ඒ අදහස් බොහෝ වුවද ලංකාව පුරාම සිටින දැහැමි සිල්වත් ගුණවත් රට වැසියන් රකින, පිහිට වන දෙවියෙකු ලෙස ප්‍රසිද්ධය.

* එක් තැනෙක සංඝමිත්තා මෙහෙණින් වහන්සේ ජයශ්‍රී මහ බෝසමිදු රැගෙන වඩින විට පැමිණි කෙනෙකු ලෙසද, තව තැනෙක පුරාණ යක්ෂ ගෝත්‍රික සම්භවයක් ඇති කෙනෙකු ලෙසද මෙම දෙවියන් හැඳින්වේ.
තවත් තැනෙක දස මාර සේනාවට පවා නොබියව ආයුධ දරමින් බුදු රජුන් අසල සිටි උපුල්වන් දෙවියන් ලෙසද හැඳින්වේ.

තවත් තැනෙක උපුල්වන් දෙවියන් හෙවත් වරුණ දෙවියන් විෂ්ණු දෙවියන් බැවින් කළු දේවතා බණ්ඩාර දෙවියන්ද එසේ හැඳින්වෙනවා.

කෙසේ වුවද ලංකාවෙ කුමන බෝධින්වහන්සේ කෙනෙකු ඉදිරිපිට වුවද පිහිටාරක්ෂාව පැතීමෙන් පරිපූර්ණ ආරක්ෂාවක් මෙන්ම ධන ධාන්‍ය වැඩි දියුණු කරදීම ආදි යහපත කර දෙන දෙවි කෙනෙකු බව අප අත්දැකීමෙන් දනිමු.

Thursday, April 2, 2015

සෙනසුරු 7 වැන්නේද... ?



බොහෝවිට සමාජයේ ඇති පොදු මතයක් වන්නේ සෙනසුරු/ශනි ග්‍රහයා 7 වැන්නේ සිටිම විවාහයට බාධාවක් බවය.
එය ජ්‍යොතිෂ්‍යය පොත් කීපයක් කියවා ජ්‍යොතිර්වේදින් යයි කියාගන්නා අයගේ නොදන්නාකම සහ එවන් අය ඉතා විශාල වශයෙන් සිටිමත්, සමාජයේ අතිබහුතරය කේන්දර පරික්ෂා කරගන්නට යන්නේ එවන් අයගෙන් නිසා බවත් අපගේ විශ්වාසයයි.

ශනි/සෙනසුරු ග්‍රහයා පාප ග්‍රහයෙක් බව සැබෑය. නමුත් සැබෑවටම ශනිගේ බලපෑම මත, පුද්ගලයාට අවබෝධය ලැබෙන්නට ඉඩ වැඩිය.
 * සෙනසුරු බලවත් වන රාශි ලෙස, සෙනසුරු ස්වක්ෂෙත්‍ර වන මකර සහ කුම්භ රාශිද, උච්ච වන තුලාවද දැක්විය හැක.
* වෘෂභ, මිථුන, කන්‍යා රාශි වලට සෙනසුරු මිත්‍රය.
* මේෂ රාශියට සෙනසුරු නීච වේ.
* කටක, සිංහ, වෘශ්චික රාශි වලට සතුරුය.
* ධනු, මීන රාශි වලට සෙනසුරු සම ය.

පොදුවේ ඇතිකර ඇති මතය නම්, ශනි 7 සිටිමෙන් විවාහය ප්‍රමාද කෙරෙන බව සහ තමාට වඩා ශක්තිය ආදියෙන් අඩුපාඩුකම් ඇති, හෝ රෝගි තත්වයන් ඇති කෙනෙකු විවාහයට ලැබෙන බවයි.
කේන්දරයේ ග්‍රහයන් සිටින තැන් වලින් පමණක් විග්‍රහ ඉදිරිපත් කරන අය නිසා මෙවන් මත සමාජයට පැමිණ ඇත.

●කෙසේ වුවද එවන් තත්වයක් ඇතිවන්නේ 7 වැන්න සහ 7 වැන්නට බලපාන දෘෂ්ඨි අනුවය. ඊට අමතරව ග්‍රහයන් සිටින අංශක වලින් සූක්ෂම ආකාරයෙන් පරික්ෂා කල යුතු තත්වයක් ලෙස මෙය පැවසිය හැක.

● සෙනසුරු 7 වැන්නට දිග්බල වන අතර, බලවත්ව සෙනසුරු 7 වැන්නේ සිටිමෙන් විවාහය සාර්ථක සහ වාසනාවන්ත එකක් වේ.

* විශේෂයෙන් සිංහ ලග්න හිමියන්ගේ 7 වැන්නේ සෙනසුරු සිටින්නේ නම් එය වාසනාවන්ත පිහිටිමකි.
7 වැන්නේ සෙනසුරු සිටිමෙන් සිංහ ලග්න හිමියන්ට එය “සස යෝගය“ නම් පංච මහා පුරුෂ යෝගය වන අතර, ශාරුක් ඛාන්ගේ කේන්දර සටහනේ මෙම යෝගය දැකිය හැක.

කෙසේ වුවද ශනිගේ බලය දුබල කරවමින් කුජ වැනි පාපි ග්‍රහයෙකුගේ දෘෂ්ඨි ලැබේ නම්, ආදිය වේ නම් අසුභ පල ඇතිවිය හැකිය.

යකා කියන තරම් කළු නැති බවද, ඒ ගැන සිතා බලා නිසි ලෙස කේන්දර පරික්ෂා කරවාගෙන, බුද්ධියෙන් කටයුතු කර මේවා ගැන තීරණය කරනු විනා ග්‍රහයන් සිටින්නෙ මෙතැන වූවා කියා දුක්වීම හෝ කණගාටුවිම නොකල යුතු බව අවධාරණය කරමු.

කේන්දර ශාස්ත්‍රය ගැන උනන්දුවක් නැත්නම් එය අතැර දැම්මාට කමක් නැත.
එසේ නොකර ග්‍රහයන් සිටින තැන් අනුව තමන් දුක්වීම සහ ජ්‍යොතිෂ්‍යය සමග අමනාපයෙන් කටයුතු කිරීමෙන් කිසිවෙකුට වෙන යහපතක් නැති.

බුදු සරණයි !

Wednesday, April 1, 2015

‎ධනසාධනීය‬ සර්වජන වශී කාර්ය සිද්ධි යන්තරය

අපගේ ‪#‎ධනසාධනීය‬ සර්වජන වශී කාර්ය සිද්ධි යන්තරයට ඇති ඉල්ලුම් බොහෝය.
https://www.facebook.com/photo.php?fbid=221683094693369&set=

කතා කරන සමහර අය එකවරම මුදල ගෙවා ගැනීමට කැමැත්ත පලකරමින් කතා කරති.

කෙසේ වුවද මෙතෙක් අප විසින් ලබාදෙන ලද්දෙ එක්තරා ක්‍රමවේදයකට වන අතර එයින් බාහිරව කිසිසේත්ම එම යන්ත්‍රය කිසිවෙකුට අප විසින් ලබාදෙන්නෙ නැත.
ඒ ගැන දුරකථනයෙන් කතා කර වාද කලාට, වැඩියෙන් දෙන්නම් කිව්වාට අප දෙන්නේ නැත.

එම යන්ත්‍රය ශ්‍රී රාවණ මූඛ පරම්පරාවේ අතිසුවිශේෂි යන්ත්‍රයකි.
එයට අදාල ක්‍රමවේදයෙන් මිස වෙන ක්‍රමයකට ලබාදීම අපගේ ප්‍රතිපත්ති වලට පටහැනිය.
ඒනිසා එසේ වන්නේ නැත.
කේන්දර සටහන බලා, තොරතුරුද දැනගෙන සුදුසු බව ස්ථිර කරගත් පසු පමණක් ලබාදෙනු ලැබේ.

‪#‎ඉරුසේවය‬

ධනසාධණීය සර්වජන වශී කාර්ය සිද්ධි යන්ත්‍රය