Monday, April 20, 2015

ඔබගේ 7 වැන්නාධිපතියා අනුව ලැබෙන සහකරු සහකාරිය කෙබදු විය හැකිද ?



٠ මේෂ

මේෂ ලග්නයේ 7 වැන්න හෙවත් විවාහ ස්ථානය අයත් වන්නේ සිකුරු ග්‍රහයාටය. සිකුරු ග්‍රහයාට හිමි 7 වැන්න වන්නේ  තුලා රාශියයි.
ඒ ආකාරයට බැලුවිට මේෂ ලග්න හිමියෙකුට ඉතාම සමතුලිත මානසිකත්වයක් ඇති යුක්ති සහගත, ප්‍රියමනාප බිරිදක් ස්වාමියෙක් ලැබිමේ භාග්‍යය වැඩිය.
එසේ වීමට 7 වැන්නාධිපතියා ශුභ තැනක සිටිම අත්‍යාවශ්‍යය වේ.
විශේෂයෙන්ම මේෂ ලග්න හිමියන්ගේ විවාහය බොහෝවිට සාමකාමිව ගතවනු දක්නට ලැබී ඇත.

٠ වෘෂභ

වෘෂභයේ 7  වැන්න අයත් වන්නේ කුජ/අගහරුටය.
මෙනිසා වෘෂභ අයට තරමක් හැඩිදැඩි, ශරීර ස්වාභාවය තරමක් රළු ඉක්මනට කේන්ති යන බිරිදක්/ස්වාමියෙක් ලැබීමේ ප්‍රවණතාවක් පවති.
එසේ වුවත් බොහෝවිට විවාහයෙන් පසු දියුණු වන අයට කුජ බලවත් වීම අත්‍යාවශ්‍ය සාධකයකි.

٠ මිථුන

මිථුනයේ 7 වැන්න අයත් වන්නේ ගුරු/බ්‍රහස්පතීටය.
බොහෝ ප්‍රියමනාප, ගුණයහපත් එසේම ධන ධාන්‍යයෙන් තරමක් හෝ යහපත් තත්වයක් ඇති ස්වාමියෙක් බිරිදක් ලැබීමේ භාග්‍යය වැඩිය.
එසේම ශරීර ස්වභාවයෙන් තරමක් පිරිපුන් කෙනෙක් ලැබේ.

٠ කටක

කටකයේ 7 වැන්න අයත් වන්නේ සෙනසුරුටය.
කටක ලග්න බොහෝ අයගේ විවාහය තීරණය කිරිමට පෙර 2වරක් සිතිම යහපත්ය.
මන්ද විවාහයට අධිපති සෙනසුරු පාප දෘස්ඨි සහිතව පාප තැනක සිටි නම් විවාහයෙන් පසු ආරවුල් ආදිය ඇතිවි ඔබ දුකට පත්විමට ඉඩ බොහෝ සෙයින්ම වැඩි නිසාය.
එසේම ශනි බලවත් නම්, 9 වැන්නාධිපති 1 බලවත් නම් යහපත් විවාහයට ඉඩකඩ වැඩිය. බොහෝ සමාජය ගැන අත්දැකිම් ඇති පරිණත කෙනෙක් විවාහයට ලැබිය හැක.

٠ සිංහ

සිංහයේ 7 වැන්න අයත් වන්නේ සෙනසුරුටය.
කටක ලග්න හිමියන් මෙන්ම සිංහ අයද විවාහයෙදි පරිස්සම් වීම මැනවි.
එසේම 7 වැන්නාධිපති ශනිගේ තත්වය පමණක් නොව 7 වැන්නේ සිටින ග්‍රහයා අනුවද විවාහය තීරණය වෙයි.
කෙසේ වෙතත් සිංහ ලග්නයට ඇති අති මහත් පෞරුෂයත්, ප්‍රේමය යනාදියේදි ඇති ස්ථිරසාර භාවයත්, කැපවීමත් නිසා  සිංහ ලග්න හිමියන්ගේ විවාහ අසාර්ථක වන්නේ බොහෝ කලාතුරකිනි. එය ඉතාම දුර්වල ග්‍රහ බලයක් යටතේ පැවතුනොත් පමණි.

٠ කන්‍යා

කන්‍යාවේ 7 වැන්න අධිපති වන්නේ ගුරු/බ්‍රහස්පතීය.
ලග්නාධිපති බුධගේ බුද්ධිමත් දෘෂ්ටිය සමග 7 වැන්නාධිපති ගුරුගේ දෘෂ්ටිය මනාව ලැබුනොත්  කන්‍යා ලග්න අය විවාහයෙන් පසු  බොහෝ දියුණු වේ.
ගුරු උච්ච නම් විවාහයෙන් පසු යාන වාහන ඉඩකඩම් ගුණ යහපත් දරුවන්ද ලැබේ.
කන්‍යා ලග්න අයගේද විවාහය සාර්ථක විමේ වැඩි ඉඩකඩක් පවති.

٠ තුලා

තුලාවේ 7 වැන්නාධිපති වන්නේ කුජ/අගහරුය.
විශේෂයෙන්ම පිරිමි කෙනෙකුට නම් බලවත්ව කුජ පිහිටියොත් මනා පියයුරු ඇති මනා නිතඹක් ඇති රූප ස්වභාවයෙන් අනූන යුවතියක් බිරිදක් ලැබීමේ වැඩි ඉඩකඩක් පවතී.
කාම සම්භෝගයද ඉතාම ප්‍රබලව පවතින අතර දෙදෙනාගේ බැදීමද ඉතාම ප්‍රබලව පවති.
එසේම තුලා ලග්න අයගේ 7 වැන්නාධිපති කුජ දුර්වල නම් විවාහය නීරස විමට හා විවාහයෙන් පසු අඩදබර ඇතිවිමටද දෙදෙනා වෙන් විමටද කරුණු යෙදෙනු ඇත.

٠ වෘශ්චික

7 වැන්නාධිපති වන්නේ සිකුරුය.
එම නිසා විවාහය ඉතාම ප්‍රීතිමත්ව ගත කිරිමේ වැඩි ඉඩකඩක් පවති. එසේම දෙදෙනා අතර අඹුසැමි ප්‍රේමය වඩවයි. එසේම නිතර නිතර කායික සුවයද අපේක්ෂා කරයි.
එසේම පුරුෂයෙකුට නම් තම බිරිදගේ ලිංගික තෘප්තිය ඉතාම හොදින් කරයි. උපරිම සතුටක් දෙයි.
එසේම ස්ත්‍රියක් නම් තමාගේ ස්වාමි පුරුෂයාව ඉතාම වශි වන ආකාරයට තමා කෙරෙහි ඇද බැද තබාගන්නීය.
කෙසේ වෙතත් වෘශ්චික ලග්න හිමියන්ගේ විවාහ සහකරුවා සහකාරිය ඉතාම යහපත් විමේ වැඩි ඉඩ ප්‍රස්තාවක් පවති.

٠ ධනු

ධනු ලග්න හිමියන්ගේ 7 වැන්නාධිපති වන්නේ බුධ ග්‍රහයාය.
බුධ ග්‍රහයා නිසා මනා උගත්කමක් ඇති හික්මීමක් ඇති බොහෝ සුරතල් තෙපුල් ඇති බොහෝ කතා කියන බිරිදක් ස්වාමියෙක් ලැබිමේ ඉඩ ප්‍රස්තාව පවති.
බොහෝවිට මෙවන් අයගේ සහකරුවා/සහකාරිය බුද්ධිමත් අය වෙති. රජයේ රක්ෂාව කරන්නෝ වෙති.
මොවුන්ගේ විවාහ ජිවිතය ප්‍රිතිමත්ව ගත කරන්නට වැඩි ඉඩක් පවති.

٠ මකර

මකරයේ 7වැන්නාධිපති වන්නේ  සදු/චන්ද්‍රයාය.
සදු ග්‍රහයාගේ බල දුබල බව ඉතාම තීව්රව දැනෙන්නේ මකර ලග්න හිමියන්ගේ විවාහ ජිවිත ගැන පරික්ෂා කරන විටය. සහකරුවා/සහකාරිය යහපත් වීමට නම් මකර අයගේ සදු බලවත්ව සිටිය යුතුය. බලවත් නම් විවාහයෙන් පසු අරක මේක සමග දියුණු වන්නට ඉඩ ලැබේ .
එසේ නොමැති වුවොත් විවාහයෙන් පසු ජිවිත අසාර්ථක වන්නට ඉඩ  ඇත. බිරිද ස්වාමියා ලෙඩට දුකට වැටිය යුතුය. සැලකිල්ලෙන් කටයුතු කරන්න, සදුගේ තත්වය බලන්න.

٠ කුම්භ

7 වැන්නාධිපති වන්නේ රවිය.
රවිගේ බලය යහපත් ආකාරයට තිබේ නම් මෙවන් අයගේ සහකරුවාට සහකාරියට රජයේ ඉහල වරප්‍රසාද තනතුරු ලැබේ. අප පරික්සා කල කුම්භ ලග්න හිමි දේශපාලකයන්ගේ කේන්දර වල ඔවුන්ගේ බිරිදගේ ග්‍රහ බලය තම දේශපාලන ගමනට උදව්වි ඇති බව පෙනේ.
කෙසේ වෙතත් කුම්භ ලග්න හිමියන්ගේ කේන්දරයට රවිගේ බලය අනුව තරමක් සැර පරුෂ තමාව පාලනය කරන්නාවු බිරිදක් ස්වාමියෙක් ලැබිමේ ඉඩ ප්‍රස්ථාව වැඩිය.


٠ මීන

7 වැන්නාධිපති වන්නේ  බුධය.
ලග්නයට හිමි අනුකම්පා සහගත බව සංවේදි බව නිසාත්, මෙවැනි අය ප්‍රේම සබදතා නිසා බොහෝ දුකට පත්වන්නෝ වෙති. කෙසේ වෙතත් බුධ ග්‍රහයා බලවත් වීම නිසා කාරුණික යුවතියක තමාගේ බිරිද වශයෙන් ලැබිමට ඉඩ ඇත. විවාහයෙන් පසු දියුණු විමටද භාග්‍යය ඇත. දරු සම්පත්
දුර්වල නම් තමාව පාලනය කරන නපුරුකම් කරන බිරිදක් ලැබිමේ වැඩි ඉඩකඩක් පවති.

අප දයාබර මුහුණු පොතේ සුවහසක් දයාබර පාඨකයිනි. මේ අප ඉහතින් සදහන් කර ඇත්තේ ඉතාම සංවේදි මාතෘකාවක් වන විවාහයේ එක්තරා පැති කඩකි. මේ ලග්න 12 ඉදිරිපත් කර ඇති කරුණු කාරණා තවදුරටත් ඔබගේ කේන්දරය පරික්ෂා කල නිගමනය කල හැක.
අප කිව්වා වාගේම, මේෂ, කටක, සිංහ, මකර කුම්භ ලග්න වල අය විවාහයෙදි විශේෂයෙන්ම විවාහයේ සූක්ෂම පලාපලයක් අති සූක්ෂම පරික්ෂා කරවා ගැනිම අනාගතයේ දෙදෙනාටම ප්‍රතිඵලදායක කරුණක් වනු ඇත.
සියලුම තත්වයන් දළ විස්තරයක් ලෙස සදහන් කර ඇති බව සලකන්න.

තෙරුවන් සරණයි !

No comments:

Post a Comment