Wednesday, April 8, 2015

සතියේ ලග්න පලාපලය (අප්‍රේල් 7 සිට)

●   මේෂ
සමඵල සතියකි.
සතිය ආරම්භ වන්නේ අෂ්ටම ඒරාෂ්ඨක අපලයක් සමගය. කරන කියන කටයුතු වලට දැවැන්ත වූ බාධක ප්‍රතිරෝධක එල්ල වෙනවා. සතුරු කරදර බාධක එල්ල විය හැකියි. දියුණුව අඩාල විය හැකියි. 

මේ තත්වය මග හැරෙන්නේ සතිය අගදීය. සතිය මුලදි නැතිව ගිය වාසි සහගත තත්ව නැවත යථා තත්වයට පත් වෙනවා.
ගෘහ ජිවිතය සාමාන්‍ය පරිදි ගත වෙනවා. සතිය මුලදි විශේෂ දියුණුවක් නැහැ. නමුත් සතිය අගදි මේ තත්වය මග හැරෙනවා. හොදයි.
සෞඛ්‍ය තත්වය යහපත් නැහැ. ලෙඩ රෝග, එසේම අස්ථි බිදීම්, කකුල අතපය තුවාල වීම් ආදියෙන් පරිස්සම් වීම ඉතා වැදගත්.

●  වෘෂභ
එතරම් හොද සතියක් නොවෙයි.
හවුල් ව්‍යාපාර බිද වැටෙන්න පුලුවන්. එසේම ණයතුරුස් වී විශාල පාඩු සිද්ධ වෙන්න පුලුවන්. තමාගේ උදව් කල මිතුරන් තමන් සමග භේද වීමට පුලුවන්. ණය ගැනිමේදි හා දීමෙදි පරිස්සම් විම යහපත්. බුද්ධිමත්ව කටයුතු කරන්න. ඉදිරිය බලා කටයුතු කරන්න.
ගෘහ ජිවිතයෙදි ඉවසීම බොහෝසෙයින්ම අවශ්‍ය වෙනවා. අඹුසැමියන් අතර රණ්ඩු සරුවල් මෙන්ම ඒවා මහා පරිමාණ ප්‍රශ්න දක්වා දික් ගැහෙන්න පුලුවනි. ඔබ ඉවසීමෙන් කටයුතු කල යුතුයි. සතිය ගෙවෙත්ම මේ තත්වය මගහැරෙනවා.
සෞඛ්‍ය තත්වය ලෙඩ රෝග වලින් ආරක්ෂා විම සහ අනතුරු වලින් ආරක්ෂා විමට ක්‍රියාමාර්ග ගැනිම යහපත්.

●  මිථුන
මේ සතිය හොද සතියක්.
කරන කියන කටයුතු දියුණු වෙනවා මෙන්ම සතුරු කරදර දුරු වෙන සතියකි. සතිය මුලදි යම් යම් ගැටළු තිබුනද සතිය අගදී ඒවා විසදෙනවා. ආර්ථිකය හොද වෙනවා, හවුල් ව්‍යාපාර දියුනු වෙනවා. විදෙස් රැකියාවල නියුතු අයට ප්‍රතිලාභ හිමි වෙනවා.
ගෘහ ජිවිතය ප්‍රිතියෙන් ගත වෙනවා. එසේම සතිය මැදදී මංගල යෝග උදා වෙනවා. නව ප්‍රේම සබදතා උදා වෙනවා. ප්‍රීතියෙන් සිටිමට පුලුවන් කාලයක් උදා වෙනවා.
උදරාබාධ සහ ජලයාශ්‍රිත බෝවන රෝග වලින් පරිස්සම් වන්න.

●   කටක
බාධක පිරුණු සතියකි.
ලැබීමට තිබු ණය මුදල් නොලැබී යාමට පුලුවන්. ගෙදර ආර්ථික තත්වය අයහපත් වීම නිසා සිතට කණගාටුව ඇතිවෙනවා. ලැබීමට නම් එතරම් හොද කාලයක් නොවයෙි. ගැටළු ඇතිවෙනවා.
ගෘහ ජිවිතය තුල දරුවන් සම්බන්ධ කරදර වලට මැදිහත් විමට සිදුවෙනවා. ඔවුන්ට මහා පරිමාණෙන් විය පැහැදැම් කිරිමට සිදුවේවි. කටක ලග්නයේ ගර්භණී මාතාවන් ඉතාම ප්‍රවේසම් විම ඉතාම හොදයි. 

සෞඛ්‍ය තත්වය උදරාබාධ, කොන්දේ අමාරු, දණිස් කැක්කුම් සුලබයි.

●   සිංහ
මේ සතියේදි යම් බාධක ඇතිවිමට ඉඩකඩ වැඩියි.
එනිසා ප්‍රවේසම් සහගතව කටයුතු කරන්න. විශේෂයෙන්ම ඉවසීම අවශ්‍යයයි. පාඩු වීමට තිබෙන ඉඩකඩ වැඩි නිසා බුද්ධියෙන් කටයුතු කරන්න, ණය දීමට ණය ගැනීමද හොද නැත.
ගෘහ ජිවිතය සාමාන්‍ය පරිදි ගත උනත් සිතේ කණගාටුව නිසා යම් යම් බාධක ඇතිවිමට ඉඩ තිබෙනවා. බුද්ධියෙන් කටයුතු කරන්න. වෙන ගැටළු නැහැ. ඉවසීමෙන් කටයුතු කල යුතුයි.
පපුවේ දැවිල්ල, ගැස්ට්‍රයිටීස් රෝග, සෙම් අමාරු වැඩිවිය හැකියි බුද්ධිමත් වන්න.

●   කන්‍යා
බාධක බිද හෙලන සතියකි.
සතුරු කරදර අඩු වෙන සතියකි. ආර්ථික වාසි ඇතිවන්නේ තමාගේ උත්සහයෙන් කටයුතු කිරිම නිසායි. ඇවිදිලි අධික වෙයි. පිටපලාත් වල සංචාරයට හේතු වෙන නිසා ඒවායින් මුදල් හදල් ලැබීමට හේතුයි.

ගෘහ ජිවිතය තුල තරමක් කලබල සහ ඉක්මන් බවක් පෙන්වයි. නිවසේ රැදෙන ගතිය අඩුයි. නමුත් එය මහා පරිමාණ ගැටළුවක් නොවෙයි. සෞඛ්‍ය තත්වයේ ගැටළු නම් පපුවේ දැවිල්ල මහන්සිය සහ උරිස් බෙල්ල ආශ්‍රිත රෝගාදිය ඇතිවිය හැක පරිස්සම් වන්න.

●   තුලා
සාමාන්‍ය යහපත් සතියකි.
සතිය මුලදී ධන ධාන්‍ය ලැබීමට තිබුනු අවස්ථාවන් මග හැරෙනවා. කොටින්ම කියනවා නම් අතට ගත්ත දේ කටට දාගන්න බැරි වෙනවා. අයවිය යුතු මුදල් වලට ප්‍රබල බාධක යෙදෙනවා. එසේම ගැටළු සහගත තත්ව ආර්ථිකමය වශයෙන් එනවා. ඒ ගැන සැලකිලිමත් වීම යහපති.
ගෘහ ජිවිතය වරදක් නැහැ. සතිය අගදි දුරබැහැර ගමන් සහ ප්‍රීති උත්සව නියමිතයි. ඥාතියෙකුගේ පැමිණිම අපේක්ෂා කල හැකියි.
සෞඛ්‍ය තත්වයේ, නිදන් ගත රෝග ඇති අය පරිස්සම් විම යහපත් සේම සෙම් ආශ්‍රිත රෝග සහ සෙම් රෝග වලින් පරිස්සම් වන්න.

●  වෘශ්චික
බාධක පිරුණු සතියක්.
කරන කියන කටයුතු අඩාල වීම මේ සතියෙදි තිබෙනවා. ලග්නයේ ඒරාෂ්ටක අපලයක් යන නිසා ඔබගේ චින්තනය නිවරදි වන්නේ නැහැ. හදිසි තීරණ වලින් ආර්ථික පාඩු ඇතිවිය හැකියි. විමසා කටයුතු කරන්න. හවුල් ව්‍යාපාර කරෛහි උපේක්ෂාවෙන් බැලිම යහපති.
ගෘහ ජිවිතය තුල ඉක්මන්කාරි බව නිසා ගැටළු ඇතිවිය හැක. අඹු සැමියන් අතර ප්‍රශ්න ඇතිවිය හැකියි. හදිසි වෙන්න එපා. සතියේ ඉදිරියට යන්න යන්න, ඔබගේ පිඩනය ඉවත් වෙනවා.
සෞඛ්‍ය ගැටළු ලෙස හිසරදය, හිසේ බර ගතිය, මානසික ආතතිය, කල්පනා කිරිම ආදි දේවල්ය.

●   ධනු
එතරම් යහපත් නැති සතියකි.
ඔබ වෙලදාමක නියුතු අයෙක් නම් පාඩු පිට පාඩු පැමිණිය හැකියි. චෙක් රිටන් වීම නිසා පොලිසි වලට පවා යෑමට කටයුතු සිදුවිය හැකියි. 

ගනුදෙනු කරුවන් අතර ඔබ මේ සතියෙදි කළු චරිතයක් වීමට ඉඩ ඇත. එසේම විවිධ අවලාද බැණීම් ආදිය ඇසිමට සිදුවිය හැක. වගකීම් සහිත අය වගකීම් පැහැර හරින්න එපා, නීතිමය ගැටළු ඇතිවිය හැකියි.
ගෘහ ජිවිතය තුල තරමක පීඩාකාරි බවක් අතැිවේ. අඹුසැමි සබදතා වල ලොකු ගැටළුවක් තිබෙනවා. ඒතරම් යහපත් නැහැ.
සෞඛ්‍ය තත්වයේ දණිස් අමාරු, කකුල් අමාරු, විවිධ සර්වාංග රෝග ඇතිවි හැකියි. වෛද්‍ය උපදෙස් ලබාගන්න.

●   මකර
සාමාන්‍යයි.
ධනු ලග්නයට කියපුවාම පොදුයි සතිය අග වන විටදි. විමසීමෙන් කටයුතු කරන්න. ආර්ථික අවාසි ඇතිවෙන සාගත සතියක් වීමට ඉඩ ඇත.
ගෘහ ජිවිතය එතරම් යහපත් නැහැ. ධනු ලග්නයට මෙන්ම අඹුසැමි ප්‍රශ්න ඇතිවිමට හේතුයි. විමසීමෙන් කටයුතු කරන්න. මහ දසා හොද නම් මේ තත්වය මග හැරේ.
නිදන්ගත රෝග ඇති අය පරිස්සම් වන්න.

●  කුම්භ
හොද සතියකි.
තමන්ගේ කටයුතු බාධක මැද කරගැනිමට පුලුවන්. නමුත් රැකියාවෙදි ව්‍යාපාරයෙදි විමසිලිමත් වීම බුද්ධිමත් වීම යහපත්. සතිය අගදී ධනෝපායන මාර්ග දියුණු වෙනවා. රැකියා බලාපොරොත්තුවෙන් සිටින අයට ඒවා ලැබෙනවා. විදෙස්ගත වන්නට ඒ රැකියා බලාපොරොත්තු වන අයට ඒවා සඵල වෙනවා.
ගෘහ ජිවිතය අයහපත් නැහැ. නිවාස ඉඩකඩම් භූමි ලාභ ලැබෙනවා. ප්‍රිය සම්භාෂණ වලට සහභාගි වීමට නියමිතයි.
සෞඛ්‍ය තත්වයේ ප්‍රබල ගැටළු නැහැ, උෂ්ණාධීක රෝග වලින් පරිසස්ම් වීම යහපත්ය.

●   මීන
යහපත් සතියකි.
සතිය මුලදි යම් යම් ගැටළුකාරි තත්ව පැවතුනද සතිය අගට වන්නට, වන්නට ඒ තත්ව මග හැරෙනවා. දියුණුව ලැබෙනවා. එසේම හොද සතියක් මෙම කාලය. අලුත් කටයුතු ආරම්භ කරන්න, කරන කටයුතු දියුණු කරගන්නට ඔබ හොද කාලයක්. ඔබ ගෙවීමට ඇති මුදල්ද ගෙවන්නට පුලුවන් සතියක් මේ සතිය. 

ගෘහ ජිවිතය යහපත්ව ගත වෙනවා. ප්‍රබල ගැටළුවක් නැහැ. හොදයි.
සෞඛ්‍ය තත්වය නිදන්ගත රෝග ඇති අය පරිස්සම් වන්න. සෙම් අමාරු ගැන සැලකිලිමත් වන්න. 


පොදු පලාපලයක් පමණක් බව සලකන්න. 

No comments:

Post a Comment