Monday, April 6, 2015

සිකුරු මාරුව - 2015 අප්‍රේල්

ලෞකික සැප සම්පත් වලට අධිපතිකම් කරන්නාවූ එසේම මනුෂ්‍යාගේ  විනෝදාස්වාදය, ආදරය, ප්‍රේමය නිවේදනය කරන්නාවූද සිකුරු ග්‍රහ තාරකාව මේෂ රාශියේ සිට වෘෂභ රාශියට සංක්‍රමණය වීම අද රාත්‍රි
සිදුවේ.
මෙය ලග්න 12ට කෙසේ බලපාවිද ? එසේම අප දයාබර පාඨකයින් වන ඔබගේ ලග්නයට මේ ග්‍රහමාරුව කෙසේ බලපැම් ඇති කරයිද. එසේ නම් විවාහය ප්‍රේම සබදතා, ධනය සහ නිවාස ආදි කරුනු කාරණා නිවේදනය කරන ප්‍රබලම ග්‍රහයා බැවින් ඔබගේ ලග්නයට ඇති කරන්නාවු මේ තත්වය ගැන දැන් විග්‍රහ කරන්නෙමු.

●  මේෂ
2 වැන්නට සිකුරු ස්වක්ෂෙත්‍ර වේ. ඉතාම හොදයි.
ප්‍රිය වචනය සමග සමාජයේ බොහෝ අය ආශ්‍රයට ඉඩ ලැබෙනවා. එසේම ධන ධාන්‍ය තත්වය බලාගෙන ඉන්දෙද්දි දියුණු වෙනව. අඹුසැමියන් අතර ප්‍රේමය වැඩි වෙනව. මංගල යෝග උදා වෙනව. ගායික ගායිකාවන්ට කලාකරුවන්ට විශේෂයෙන්ම හොදයි.
ධනයට තිබුණු බාධක මග ඇරෙනවා. සිකුරු මහ දසා ගත කරන අයට ඉතාම හොදයි. රසවත් ආහාර පානද විශේෂයෙන්ම ලැබෙනවා.

●   වෘෂභ
1/ලග්නයට සිකුරු පැමිණ ස්වක්සෙත්‍ර වීම ඔබට ඉතාම හොදයි.
මේ තත්වය නිසා සමාජයේ ගෞරව බහුමානයට පත් වෙනවා සේම, ඔබගේ පෙනුමද අලංකාර වෙනවා. එසේම ඔබට ප්‍රේම සබදතා මෙන්ම සමාජය සමග විශේෂිත සම්බන්ධකම් ඇති වෙනව.
බොහෝසෙයින්ම හොදයි. අනියම් කම්සැප විදිමේ අවස්ථාද ඇතිවේ. බුද්ධිමත් වන්න.

●   මිථුන
සිකුරු 12 වැන්නට පැමිණීම එතරම් යහපත් නැහැ.
කාන්තාවන්ට නම් පුරුෂයන් නිසාද පුරුෂයන්ට නම් කාන්තාවන් නිසාද ගැටළුකාරි තත්ව, අනියම් ආශ්‍රයන් එසේම යම් යම් එවැනි ප්‍රශ්න නිසා ගැටළු සහගත තත්ව මතුවේවි.
නිස්කාරණයේ ලොකු වියදම් සිදුවිය හැකියි. බුද්ධිමත් වන්න. ඒ ගැන සැලකිලිමත් වන්න.
නමුත් හොද මහ දසා ගත කරන අඹුසැමියන් අතර ප්‍රේමය වර්ධනය වෙනව. එසේම වරදක් නැහැ.

●   කටක
11 වැන්නට සිකුරු පැමිණීම ඉතාම හොදයි.
අලුත් මිතුරන්, යාළුවන් ආශ්‍රයට ලැබෙනවා. සමාජයේ නම ප්‍රසිද්ධ වෙනවා. ඉබේම වාගේ ආදායම් ලැබෙනවා. සමහර විට උරුමහරුමකම් ලැබෙනවා. ප්‍රේම සබදතාවක් බලාපොරොත්තු වෙන අයටත්, විවාහයක් බලාපොරොත්තු වන අයටත් මේ කාලයේ අැසුරු කරන අය මාර්ගයෙන්ම විවාහයට ලැබීමේ ඉඩ ප්‍රස්තාව වැඩියි. බොහෝ හොදයි.

●   සිංහ
10 වැන්නට සිකුරු පැමිණිම ඉතාම හොදයි.
මෙනිසා ආර්ථික තත්වය දියුණු වෙනවා. විශේෂයෙන්ම ආහාර පාන ද්‍රව්‍ය වෙලදාම් කරන අයට ඉතාම හොදයි. හෝටල් ක්සෙත්‍රෙය් රැකියා කරන අයට, විදෙස් රැකියා සංචාරක ක්සෙත්‍ර රැකියා කරන අයට ඉතාම හොදයි. කරන කියන රැකියාව ඉතාම සතුටින් තෘප්තියෙන් කිරිමට වාසනාව ලැබෙනවා.

●   කන්‍යා
9 වැන්නට සිකුරු පැමිණිම ඉතාම හොදයි.
පෙර පින පෑදෙන කාලයකි. ඥාතින්ගෙන් දෙමාපියන්ගෙන් වැඩිහිටියන්ගෙන් දියුණුවට උපකාර ලැබෙනවා. විශේෂයෙන්ම මුදල් අතමිට යහමින් ගැවසීමට ඉඩකඩ වැඩියි. 

මේ තත්වය නිසාම පිනට දහමට හිත යොමු වෙනවා. එයත් විශේෂයි. ගැටළුවක් නැහැ.

●  තුලා
8 වැන්නට සිකුරු පැමිණිම වරදක් නැහැ.
නමුත් රෝග පීඩා ඇති අය සැලකිලිමත් වන්න. විශේෂයෙන්ම දියවැඩියා වැනි නිදන්ගත රෝග ඇති අය පාලනයට යොමුවිය යුතුයි. වැඩිහිටියන් විශේෂයි. තුලා ලග්න තරුණ දුවාදරුවන් හැගිම් වලට වහල් නොවි සිටිය යුතුයි. තදබල ලිංගික ආශාවන් හිත යට ගොඩනැගෙනවා. ඒවා පාලනයට උනන්දු වන්න.

●   වෘශ්චික
7 වැන්නට සිකුරු පැමිණිම හොදයි.
හවුල් ව්‍යාපාර කටයුතු සාර්ථක වෙනවා. දියුණුව ඇතිවෙනවා. මංගල යෝග ඇතිනෙවා. ප්‍රේම සබදතා ඇතිවේ. නව මිතුරන් අතැිවේ. අලුත් ඥාතින් ඇතිවේ. තමාද ප්‍රියමනාපව සිටින අතර කාමාශාව ඉතාම ප්‍රබල වෙනවා. විවාහක අඹුසැමියන් අතර අඹුසැමි සබදතා දැඩිව දැනෙන කාලයක්ය.
වාසනාවන්ත දරු සම්පත්ද මේ කාලයේ ලැබෙනවා.

●   ධනු
6 වැන්නට සිකුරු පැමිණිම එතරම් යහපත් නැහැ.
නමුත් මේ කාලයෙදි උරුමහරුමකම් ලැබිමට නියමිතයි. ආමාශගත රෝග ඇති අය පරිස්සම් විය යුතුයි. ධනු ලග්නයේ දුර්වල ග්‍රහ බල ඇති අයට ගුප්ත උපද්‍රව පැමිණීමට පුලුවන් - ඒ ගැන සැලකිලිමත් වන්න.

●   මකර
5 වැන්නට සිකුරු පැමිණිම ඉතාම හොදයි.
විශේෂයෙන්ම ගර්භණී මව්වරුන්ට හොදයි. වාසනාවන්ත දරු උපත් සිද්ධ වෙනවා. ව්‍යාපාරික කටයුතු කරන මකර ලග්න අයටද මේ කාලය හොදයි. හදිසි ධනලාභ හිමිවිය හැකියි. උරුමහරුමකම් හිමි වෙනවා. දරුවන්ටද හොද වාසනාවන්ත කාලයක්. නපුරු දුෂ්ට ගති තිබුනා නම් එවා අඩු වෙන කාලයක්.

●  කුම්භ
4 වැන්නට සිකුරු බලවත් වීම ඉතා හොදයි.
තමාගේ කාලාන්තරයක් තිබුනු භූමියේ දේපල වල ප්‍රශ්න විසදෙනවා. එසේම නව නිවාස, නව ඉඩකඩම් මිලදී ගැනීමට හැකියාව ලැබෙන අතර නිවසේ ප්‍රිය සම්භාෂණ පැවැත්වීමට කුමක් හෝ කරුණක් යෙදෙනවා. මංගල යෝග ක්‍රියාත්මක වන කාලයකි. තමාගේ හොද නම පැතිරේ. එසේම යාන වාහන මිලදී ගැනීමට හොද කාලයක් ලෙසද සදහන් කල හැකියි. 

සිකුරු 4 වැන්නට යොදා බලවත් නැකැත් සාදා ගැනීම කුම්භ ලග්න කරුවන්ගේමෛ් කාලයේ සියලු කටයුතු දියුණු වීමට හේතුවක්ය.

●  මීන
3 වැන්නට සිකුරු පැමිණිම ඉතාම හොදයි.
මේ තත්වය නිසා සහෝදර සහෝදරියන් අතර සුහදතාවය වර්ධනය වෙනවා. තමන්ගේ හැකියාවට හොදයි. කලා ක්ෂෙත්‍ර වල සිටින අයට ඉතාම හොදයි. දුර ගමන් කෙටි ගමන් ආදියෙන් මුදල් හදල් ලැබෙනවා. 

විදේශ රැකියා බලාපොරොත්තු වන අයට ඉතාම වාසිසහගත කාලයක්. එසේම ඥාති හිතවත්කම් අලුතින් ඇතිවිමට පුුලුවන්. 

සැ.යු. - අප දයාබර ඔබට විශේෂයෙන්ම මතක් කරන්නේ මේ තත්ව ක්‍රියාත්මක වීමට උප්පත්ති ග්‍රහ බලයේද යම්කිසි වාසනාවක් තිබිය යුතුයි මේ කාලයේ.
උදාහරණයක් විදියට සෙනසුරු 4 වැන්නේ සිටින කුම්භ ලග්න කෙනෙකුගේ ඒරාෂ්ඨකයක් සමග හෝ 4 වැන්නේ සිටින සෙනසුරුගේ මහ දසාව ගත වේයැයි සිතමු. එවන් අයෙකුට නිවාස භූමිලාභ ලැබිමේ ඉඩකඩ මේ ගෝචරයෙන් ඇති නොවේ. එයට ප්‍රබල බාධකයක්ව මහ දසාව ඒරාෂ්ඨකය
මේ ගෝචරය සමග තමාගේ ග්‍රහචාරයද පිරික්සීම නුවණට හුරුය.

No comments:

Post a Comment