Thursday, April 2, 2015

සෙනසුරු 7 වැන්නේද... ?



බොහෝවිට සමාජයේ ඇති පොදු මතයක් වන්නේ සෙනසුරු/ශනි ග්‍රහයා 7 වැන්නේ සිටිම විවාහයට බාධාවක් බවය.
එය ජ්‍යොතිෂ්‍යය පොත් කීපයක් කියවා ජ්‍යොතිර්වේදින් යයි කියාගන්නා අයගේ නොදන්නාකම සහ එවන් අය ඉතා විශාල වශයෙන් සිටිමත්, සමාජයේ අතිබහුතරය කේන්දර පරික්ෂා කරගන්නට යන්නේ එවන් අයගෙන් නිසා බවත් අපගේ විශ්වාසයයි.

ශනි/සෙනසුරු ග්‍රහයා පාප ග්‍රහයෙක් බව සැබෑය. නමුත් සැබෑවටම ශනිගේ බලපෑම මත, පුද්ගලයාට අවබෝධය ලැබෙන්නට ඉඩ වැඩිය.
 * සෙනසුරු බලවත් වන රාශි ලෙස, සෙනසුරු ස්වක්ෂෙත්‍ර වන මකර සහ කුම්භ රාශිද, උච්ච වන තුලාවද දැක්විය හැක.
* වෘෂභ, මිථුන, කන්‍යා රාශි වලට සෙනසුරු මිත්‍රය.
* මේෂ රාශියට සෙනසුරු නීච වේ.
* කටක, සිංහ, වෘශ්චික රාශි වලට සතුරුය.
* ධනු, මීන රාශි වලට සෙනසුරු සම ය.

පොදුවේ ඇතිකර ඇති මතය නම්, ශනි 7 සිටිමෙන් විවාහය ප්‍රමාද කෙරෙන බව සහ තමාට වඩා ශක්තිය ආදියෙන් අඩුපාඩුකම් ඇති, හෝ රෝගි තත්වයන් ඇති කෙනෙකු විවාහයට ලැබෙන බවයි.
කේන්දරයේ ග්‍රහයන් සිටින තැන් වලින් පමණක් විග්‍රහ ඉදිරිපත් කරන අය නිසා මෙවන් මත සමාජයට පැමිණ ඇත.

●කෙසේ වුවද එවන් තත්වයක් ඇතිවන්නේ 7 වැන්න සහ 7 වැන්නට බලපාන දෘෂ්ඨි අනුවය. ඊට අමතරව ග්‍රහයන් සිටින අංශක වලින් සූක්ෂම ආකාරයෙන් පරික්ෂා කල යුතු තත්වයක් ලෙස මෙය පැවසිය හැක.

● සෙනසුරු 7 වැන්නට දිග්බල වන අතර, බලවත්ව සෙනසුරු 7 වැන්නේ සිටිමෙන් විවාහය සාර්ථක සහ වාසනාවන්ත එකක් වේ.

* විශේෂයෙන් සිංහ ලග්න හිමියන්ගේ 7 වැන්නේ සෙනසුරු සිටින්නේ නම් එය වාසනාවන්ත පිහිටිමකි.
7 වැන්නේ සෙනසුරු සිටිමෙන් සිංහ ලග්න හිමියන්ට එය “සස යෝගය“ නම් පංච මහා පුරුෂ යෝගය වන අතර, ශාරුක් ඛාන්ගේ කේන්දර සටහනේ මෙම යෝගය දැකිය හැක.

කෙසේ වුවද ශනිගේ බලය දුබල කරවමින් කුජ වැනි පාපි ග්‍රහයෙකුගේ දෘෂ්ඨි ලැබේ නම්, ආදිය වේ නම් අසුභ පල ඇතිවිය හැකිය.

යකා කියන තරම් කළු නැති බවද, ඒ ගැන සිතා බලා නිසි ලෙස කේන්දර පරික්ෂා කරවාගෙන, බුද්ධියෙන් කටයුතු කර මේවා ගැන තීරණය කරනු විනා ග්‍රහයන් සිටින්නෙ මෙතැන වූවා කියා දුක්වීම හෝ කණගාටුවිම නොකල යුතු බව අවධාරණය කරමු.

කේන්දර ශාස්ත්‍රය ගැන උනන්දුවක් නැත්නම් එය අතැර දැම්මාට කමක් නැත.
එසේ නොකර ග්‍රහයන් සිටින තැන් අනුව තමන් දුක්වීම සහ ජ්‍යොතිෂ්‍යය සමග අමනාපයෙන් කටයුතු කිරීමෙන් කිසිවෙකුට වෙන යහපතක් නැති.

බුදු සරණයි !

No comments:

Post a Comment