Thursday, April 23, 2015

කුජ - බුධ යුද්ධයෙන් “බුධ“ ජය ගැනීම



තම ස්වක්ෂෙත්‍ර රාශියක් වන ‘මේෂ‘ රාශියේ බලවත්ව සිටි කුජ හෙවත් අඟහරු නම් ග්‍රහ ලොව සෙන්පතියා, ග්‍රහ ලොව සිටින කුඩා දරුවා සහ සුරතලා වන “බුධ“ට අද පරාජය විය.

තමන්ගේ වාසභවනයේදීම මෙවන් පරාජයක් කුඩා කෙනෙකුගෙන් ලැබීම රටට ලෝකයට යම් ආකාරයකට වෙනස් වූද යහපත් වූද පණිවිඩයක් දෙනු ලැබේ.
බුධ සහ කුජ සතුරු ග්‍රහයන් වෙති.
ලංකා කේන්දර සටහනට අනුව බැලුවද බුධ රටට හිතවත් ග්‍රහයෙකි.
ඒ අනුව සිතා බලන කල, රටට පොදුවේ යහපත් කාලයක් බව කිව යුතුය.

මෙතෙක් කල් බුද්ධියට, ඥානයට තිබුනු අඩු තැන නැතිව නිසි තැන ලැබෙයි. බුද්ධිමතුන්ට තලා පෙලා කරදර කල මෝඩ චණ්ඩින්ට වැඩ වරදින කාලයකි.
බුද්ධියෙන් කටයුතු කරන අයට ජය, සතුට හිමිවන සුභ කාලයකි. ඔවුන්ගේ හොඳ නම දසත පැතිරෙන කාලයකි.
රටට සුභයි. විදෙස් රටවල් වලින් සහය ලැබේ.
රටට බාධාව පැවති ජාති භේද, කුල භේද යනාදි භේද තත්වයන් දුරුව රටට යහපත සිදුවන කාලයකි.
රටට වින කල අයට දඬුවම් ලැබේ, ජාවාරම්කරුවන්ට නීතියෙන් දඬුවම් ලැබිය හැක.


ලග්න වලට බලපාන ආකාරය

● මේෂ
මේෂයේ ලග්නාධිපති සහ 8 වැන්න අධිපති වන්නේ කුජය.
ඒනිසා සිතුවිලි වල යම් ආකාරයක නොසන්සුන් භාවයක් ඇතිවන කාලයකි. ඒනිසා කරන කටයුතු වලදී බුද්ධිමත්ව කටයුතු කිරීම මැනවි.

●  වෘෂභ
12 වැන්නාධිපති සහ 7 වැන්නාධිපති වන්නේ කුජය.
මෙනිසා වෙනත් අය සමග කරන කටයුතු වලදි බුද්ධිමත්ව සහ ඉවසීමෙන් කටයුතු කල යුතුය. බුද්ධිමත් නොවුනොත් පාඩු සිදුවීම සිදුවිය හැක.
කෙසේ වුවද නිසි බුද්ධියෙන් සහ සැලසුම් සහිතව කරන කටයුතු වලින් අනිවාර්ය ජය ලැබෙන කාලයකි.

●  මිථුන
11 වැන්නාධිපති සහ 6 වැන්නාධිපති වන්නේ කුජය.
ජය සතුට ලැබෙන කාලයකි. තනතුරු ලාභ ලැබේ, උසස් වීම් හිමිවේ. නොසිතු පරිදි ජය ලැබෙන්නට ඉඩ ඇත. බොහෝදෙනාගෙන් තමන්ගේ ගුණ කියවෙන කාලයකි.

●  කටක
10 වැන්නාධිපති සහ 5 වැන්නාධිපති වන්නේ කුජය.
ඉතා සුභයි. නොසිතු විරු දියුණුවක් අපේක්ෂිතය. වාසනාව ඇතිවෙයි. තමන්ගේ සතුරන් පරාජය වෙයි. තමන්ට අවැඩ කල අයට වරදින කාලයකි. ඔවුන්ට තමන්ගේ කර්මය පල දෙයි.
තනතුරු ලාභ, භූමි ලාභ පවා හිමිවිය හැක.

●  සිංහ
9 වැන්නාධිපති සහ 4 වැන්නාධිපති වන්නේ කුජය.
ඔබ කෘෂිකාර්මික කටයුතු වල නියුතු අයෙක් නම් ඒවායෙන් ලැබෙන ආදායම් යම් තරමක් හෝ අඩුවිය හැක. කුජගේ බලය අඩුවීම තුල එය සිදුවිය හැක. එසේ වුවද හදිසි ධනලාභ වාසනාව පවති. විශේෂයෙන් ලොතරැයි වාසනාව ඇතිවිය හැක.
පවුලේ සමගිය, සාමදානය ඇතිවෙන කාලයකි.

●  කන්‍යා
8 වැන්නාධිපති සහ 3 වැන්නාධිපති වන්නේ කුජය.
බුධ කන්‍යාවේ ලග්නාධිපති සහ කර්මස්ථානාධිපති වේ. සුබ තත්වයකි. එසේ වුවද 3 වැන්නාධිපතියා පරාජය වීම තරමක් අසුබය.
තමාගේ දක්ෂතාවයට විටෙක ලැබෙන්නට තිබෙන නියම සුභ පල නොලැබෙන්නට ඉඩ ඇත. ශරීර ශක්තියේ අඩුවීමක්ද සිරුරේ යම් දුර්වල වීමක්ද අපේක්ෂිත බැවින් නිදන්ගත රෝග ඇති අය ප්‍රතිකාර වලට යොමුවීම හොදයි.


● තුලා
7 වැන්නාධිපති සහ 2වැන්නාධිපති වන්නේ කුජය.
ලැබීම් වල යම් ප්‍රමාද තත්වයන් ඇතිවන කාලයක් විය හැක.
බුධ වැයස්ථානාධිපති(12) වන නිසාද 9/පුණ්‍යස්ථානාධිපති නිසාද  යහපත් තත්වයක් අපේක්ෂිතය. තමන්ගේ කීර්තිය පැතිරෙන කාලයකි. උසස් නිලතල අපේක්ෂිතය.

● වෘශ්චික
6 වැන්නාධිපති සහ ලග්නාධිපති වන්නේ කුජය.
ලග්නාධිපති සහ රෝගස්ථානාධිපති අනපේක්ෂිත ලෙස පරාජය වීම තුල තමන්ගේ සිතට යම් නොසන්සුන්කමක් ඇතිවිය හැක. සිතේ අසහනය නිසා කටයුතු පාඩු විය හැකි බැවින් ඒ ගැන බුද්ධියෙන් කටයුතු කරන්න. සතුරන්ගෙන් පාඩු සිදුවිය හැක.
විශේෂයෙන් හදිසි අනතුරු ආදියෙන් පරිස්සම් වන්න.
බෝධි පූජා පැවැත්වීම ප්‍රශස්තය.

● ධනු
5 වැන්නාධිපති සහ 12 වැන්නාධිපති වන්නේ කුජය.
රැකියාවේ දියුණුව අපේක්ෂිත කාලයකි. උසස් තනතුරු හා තනතුරු උසස්වීම අපේක්ෂිතයි. තමාගේ වචනයට අනිත් අය නතුවෙන කාලයකි. බලය පැතිරේ.
කෙසේ වුවද මේ සුභ තත්වයන් සමග ඔබට නොදැනීම සතුරන් ඔබට ලංවීමට ඉඩ ඇත. මිතුරු වෙසින් සිටින සතුරන්ගෙන් ප්‍රවේශම් වෙන්න.

● මකර
4 වැන්නාධිපති සහ 11 වැන්නාධිපති වන්නේ කුජය.
කුජගේ බලය අඩුවිම තුල සතුරන්ගේ බලය වැඩිවන කාලයකි. කෘෂිකාර්මික කටයුතු වල යෙදෙන්නේ නම් ඒ සම්බන්ධව ආදායම් අඩුවිමට ඉඩ ඇත. කැපවීමෙන් ලබාගත් සමහර දේ නැතිවිමට ඉඩ ඇත. මිතුරන්ගෙන් දුරස් වීමක් විය හැක.
ආදායම දුර්වල වුවද යහපත් තත්වයක පවත්වා ගැනීමට හැකියාව ලැබෙනු ඇත.
අභියෝග පැමිණෙන අතර ඒවාට ඔබ මුහුණ දෙන සහ ගන්නා තීරණ අනුව කටයුතු තීරණය වේ.

● කුම්භ
3 වැන්නාධිපති සහ 10 වැන්නාධිපති වන්නේ කුජය.
කැපවීමෙන් කල කටයුතු වල ජය ලැබෙන කාලයකි. තම දක්ෂතාවය ගැන අන් අයගේ ප්‍රශංසා ලැබේ. කෙසේ වුවද ඉතාම කැපවීමෙන් කල යම් කටයුතු වල බලාපොරොත්තු නොවු ප්‍රතිඵල ලැබිය හැක. අන් අයගේ ගරුත්වයට ලක්වෙන කාලයකි.

● මීන
2 වැන්නාධිපති සහ 9 වැන්නාධිපති වන්නේ කුජය.
ග්‍රහ යුද්ධය සහ බුධගේ ජයග්‍රහණය යහපත් වීම තුලද බුද්ධියෙන් තීරණ ගත යුතු කාලයකි. තම පවුලේ සමගිය සමාදානය සහ දියුණුව වෙනුවෙන් වෙනදාට වඩා කැපවීමෙන් කටයුතු කල යුතු කාලයකි.  තනි මතයට කටයුතු නොකරන්න. වෙනත් අය සමග කරන කටයුතු වලින් ලාභ ඉපයිය හැක. නිදන්ගත රෝග ඇත්නම් ඒවා වල ප්‍රතිකාර ගන්න. නිවරදිව බුද්ධියෙන් කටයුතු කලොත් අන් අයගේ ගෞරවයට ලක්වෙනු ඇත.

Iru Astrology​


* භාව කේන්දරයේ සම්පූර්ණ පලාපල විස්තරය ලබාදෙන, Word Doc. සේවාව හෝ Skype/දුරකථන මාර්ග සේවාව 
* නාමකරණය  (පුද්ගල, ව්‍යාපාර) (නම් තැබීම).
* නිවසට පැමිණ වාස්තු විද්‍යා උපදේශනය,
* කාර්යාලයට පැමිණ සේවා ලබාගැනීම ඇතුළු
 සියලූම ජෞතිෂ්‍ය කටයුතු සඳහා inbox කරන්න. 
irusewaya@gmail.com.
0711 345 364

No comments:

Post a Comment