Saturday, January 31, 2015

පෙබරවාරි මාසය ලග්නෙට කොහොමද


●  මේෂ
සිතේ සැනසීම ඇතිවන කාලයකි. ආර්ථිකය දියුණු වේ. රැකියාවට සුබයි. හදිසි ධනලාභ ලැබීමට හැකියි.
මිතුරන්ගෙන් උදව් ලැබේ.
ගෘහ ජිවිතය පොදුවේ ප්‍රීතිමත්ව ගතවේ. පොඩි කණගාටුදායක සිදුවීම්ද සිදුවිය හැක. කෙසේ වුවද පවුලේ සමගිය සාමය රැක ගැනීමට කටයුතු කරන්න. අධ්‍යාපන කටයුතු වලට යම් බාධා පෙන්වන බැවින් උනන්දුවෙන් කටයුතු කරන්න.
සෞඛ්‍ය තත්වය යහපත්ව පවති. ඌෂ්ණාධික රෝගාබාධ සහ උදරාබාධ වලින් ප්‍රවේසම් වන්න.

●  වෘෂභ
පොදුවේ සුබ සතියක් වන අතර, කලබකාරිත්වයෙන් මිදෙන්නට කටයුතු කිරීමෙන් කටයුතු අවුල් නෙවානු ඇත.
රැකියාවේ දියුණුව අපේක්ෂිතය. තමාට වඩා ඉහල අයගේ පැසසුමට ලක්වීමට හැක. ආර්ථිකය යහපත් වේ.
ගෘහ ජිවිතය සාමාන්‍ය පරිදි ගතවේ. හිත මිතුරන්ගෙන් උදව් ලැබේ. අධ්‍යාපනයට සුබයි. කැපවිමෙන් කටයුතු කරන්න.
සෞඛ්‍ය තත්වයේ, සෙම් අමාරු, උදරාබාධ සහ ලේ කෝපවීම් ආදි තත්වයන් ගැන අවදානමත් වන්න.

● මිථුන
සෑම කටයුත්තකදීම කලබලයෙන් තොරව කටයුතු කරන්නට සිතට ගන්න. රැකියාවට යම් බාධක පෙනුනත් ඒවා බුද්ධියෙන් මගහරවා ගත හැක. රැකියාවේද දියුණුව, වැටුප් වැඩිවිම් පවා අපේක්ෂිතය. අන් අයගේ උදව් ලැබේ. හදිසි ධනලාභද ලැබීමට හැකියාව ඇත.
ගෘහ ජිවිතය ඉතා ප්‍රීතියෙන් ගතවේ. අඹු සැමියන් අතර සතුට සමාදානය රජයයි. සුබයි.
අධ්‍යාපන කටයුතු වලට බාධා වන්නේ ඔබ නොසැලකිලිමත් වුවහොත් පමණි. වැඩිහිටියන්ගේ උදව් ලැබේ.
සෞඛ්‍ය තත්වයේ, සෙම් රෝග, උදරාබාධ ඇති අය පරිස්සම් වන්න.
විශේෂයෙන් කරන කටයුතු වලදි ඉවසීමෙන් කටයුතු කරන්න.

●  කටක
තම කටයුතු කරගෙන යාමේදි සැමවිටම කල්පනා කර බලා කරන්න.
රැකියාවේ දියුණුව ඇතිවිය හැක. ආදායම් තත්වය දියුණු වුවද වියදම්ද ඒ හා සමානව යෙදෙන බවක් පෙන්වන නිසා අරපිරිමැස්මෙන් වැඩ කරන්න.
ගෘහ ජිවිතයේදි ඉවසිමෙන් කටයුතු කරන්න. අධ්‍යාපන කටයුතු වලට සුබයි. මිතුරන්ගේ ප්‍රිය සම්භාෂණ ආදියට යෑමට හැක.
සෞඛ්‍ය තත්වය ගැටළුවක් නැත. සෙම සහ හිස ආශ්‍රිත ඇතිවිය හැකි රෝග තත්වයන් ගැන සැලකිලිමත් වන්න.

●  සිංහ
කම්මැලි ගති ආදියෙන් මිදී තම අරමුණු වෙනුවෙන් කැපවී වැඩ කරන්න, ඒ තුලින්ම සාර්ථක ප්‍රතිඵල ලැබීමට හැකියාව ඇත.
රැකියාවේ කටයුතු වල දියුණුව සහ යහපත් තත්වයන් ඇතිවේ. තමාගේ ප්‍රධානින්ගෙන් පැසසුම් ලැබිය හැක. ආර්ථිකය යහපත් වන අතර වියදම් අධික වීමේ අවදානමක්ද පවති.
අධ්‍යාපනයට සුබයි. එසේ වුවද මතක ශක්තිය අඩුවිමට ඉඩ ඇත.
ගෘහ ජිවිතයේදි බුද්ධියට මුල් තැනදී කටයුතු කරන්න.
සෞඛ්‍ය තත්වයේ, සෙම සහ රුධිරය ආශ්‍රිත රෝග ගැන අවදානමත් වන්න.

●  කන්‍යා
කරන කටයුතු වල යම් අවුල් කරගැනීමේ ස්වභාවයක් තවමත් තිබේ. ඒ සදහා බුද්ධියෙන් කටයුතු කිරීම වටී.
රැකියාවේද යම් බාධා පෙන්වන නිසා ඉවසීමෙන් හා බුද්ධියෙන් කටයුතු කරන්න. විශේෂයෙන් රැකියා ස්ථානයේ ප්‍රධානීන් සමග ඉවසීමෙන් කටයුතු කරන්න. ආර්ථිකය යහපත් වුවද වියදමද ඉහල අගයක් වීමට ඉඩ ඇත.
ගෘහ ජිවිතය සාමාන්‍ය පරිදි ගත කිරිමට ඔබගේ දායකත්වය මූලිකව අවශ්‍ය වේ. අධ්‍යාපනයටද යම් බාධා ඇත.
සෞඛ්‍ය තත්වය උදරාබාධ සහ රුධිරගත රෝග ගැන අවදානමත් වන්න. මානසික බිඳ වැටීම් ආදියෙන් පරිස්සම් වන්න.

●  තුලා
කටයුතු සාර්ථක කරගැනිමට හැකි වුවද අනවශ්‍ය කලබලයෙන් මිදෙන්න.
රැකියාව සාර්ථක වන්නේ ඔබ නිසිලෙස කටයුතු කරන බැවිනි. ඒනිසාම අන් අයගේ ප්‍රශංසාවට ලක්වේ. උදව් ලැබේ. නව ආදායම් මාර්ග ඇතිවන අතර, ආර්ථිකය දියුණු වේ.
ගෘහ ජිවිතය සාමකාමි සහ ප්‍රීතිමත් බවකින් පිරේ. සිතට සතුට ලැබේ.
අධ්‍යාපනයට සුළු බාධා පෙන්වයි.
සෞඛ්‍ය තත්වය පොදුවේ යහපත් වන අතර, නිදන්ගත රෝග ඇති අය පාලනයට යොමු වන්න.

●  වෘශ්චික
විවිධ බාධා පැමිණියද ඔබ දිගටම ජිවිතය යහපත් කරගැනීමේ කටයුතු වල නිතර වන නිසා සාර්ථකත්වයත් අත්කරගත හැක.
රැකියාවේ දියුණුව ඇතිවේ. අන් අයගේ උදව් උපකාර ලැබේ. ආදායම් මාර්ග සරුවේ. නව ආදායම් මාර්ග ලැබීමේ වාසනාවද පවතී.
ගෘහ ජිවිතය ප්‍රීතියෙන් ගතවේ. අඹුසැමි ප්‍රේමය වර්දනය වේ. දෙදෙනා අතර මනා සංයමයක් ගොඩ නැගේ.
අධ්‍යාපන කටයුතු වෙනදාට වඩා උනන්දුවෙන් කැපවීමෙන් කරන අතර ඒනිසාම ජයග්‍රහණ අත්කරගත හැක.
සෞඛ්‍ය අංශයේ සෙම් ආශ්‍රිත රෝග සහ උදරාබාධ ගැන සැලකිලිමත් වන්න.

● ධනු
යම් කලබලකාරිත්වයක් සිතේ තිබුනද කටයුතු සාර්ථකව කරගන්නට වාසනාව ලැබේ. මිතුරන්ගේ උදව් ලැබේ.
ආර්ථිකය සාමාන්‍ය පරිදි තිබුනද වියදම ඉහල යා හැකි නිසා අරපරිස්සමින් කටයුතු කරන්න. රැකියාවේද බාධක මැද කරන කටයුතු නිසා දියුණුව අපේක්ෂිතය. රැකියාවේ උසස්වීම පවා කරගැනිමට වාසනාව ඇත.
ගෘහ ජිවිතය සාර්ථකව ගත කිරිමට හැකියාව ලැබේ. ආගම දහමට නැඹුරු වන කාලයකි.
වෙනදාට වඩා කම්මැලි ගති නිසා අධ්‍යාපනයට බාධා ඇතිවිය හැක. ඒ ගැන අවබෝධයෙන් කටයුතු කරන්න.
සෞඛ්‍ය තත්වයේ ප්‍රබල ගැටළු නැතිමුත් සෙම් ආශ්‍රිත රෝග සහ රුධිරය ආශ්‍රිත රෝග ගැන සැලකිලිමත් වන්න.

●  මකර
බාධා පැවතියද ඒවා මැඩගෙන ඉදිරියට යාමට හැකිවනු ඇත.
රැකියාවේ දියුණුව ඇතිවේ. අන් අයගේ උදව් ලැබේ. ආර්ථිකය දියුණු වේ. නව ආදායම් මාර්ග මෙන්ම හදිසි ධනලාභ වාසනාවද පවති.
ගෘහ ජිවිතය සාර්ථකව ගත කල හැක. පවුලේ අයගේ සහයද ලැබෙනු ඇත. දහමට අදාල කටයුතු වලට නැඹුරුවීමද යහපත්ය. කරන කටයුතු මනාව සිතා බලා කරන්න.
අධ්‍යාපනයට යම් බාධා ආවද ඒ ගැන අවබෝධයෙන් කටයුතු කිරීම තුලින් ගැටළු අවම වනු ඇත.
සෞඛ්‍ය තත්වයේ සෙම් සහ ඒ ආශ්‍රිත රෝග ගැන අවදානමත් වන්න.

●  කුම්භ
මෙතෙක් පැවති කාලයට වඩා යහපත් තත්වයක් අපේක්ෂිතය. සමාජයේ කැපී පෙනෙන චරිතයක් විය හැක. කැපවීමෙන් කරන කටයුතු වලින් ජය ලැබේ.
රැකියාවේ දියුණුව ඇතිවේ. ආර්ථිකයද දියුණු වේ. අන් අයගේ ප්‍රශංසාවට පාත්‍ර වේ. එසේම උදව් උපකාරද ලැබේ. නව ආදායම් මාර්ග වලට යහපත් කාලයක්. පොදුවේ හොදයි.
ගෘහ ජිවිතය යහපත්ව ගතවිමට ඔබගේ ඉවසීම වැදගත් වේ. බුද්ධියෙන් කටයුතු කරන්න. නැත්නම් ගැටළු ඇතිවිය හැක.
අධ්‍යාපන කටයුතු වලදීද කැපවීමෙන් කරන්නට සිතට ගන්න, එවිට ඒවාද සාර්ථක වනු ඇත.
සෞඛ්‍ය තත්වයේ සෙම් රෝග ගැන අවදානමත් වන්න.

●  මීන
සිතට යම් කලකිරිම් ආදිය ඇතිවිමට ඉඩ ඇත. කෙසේ වුවද නිසි ලෙස සිතා බලා ගන්නා තීරණ නිසා සිතට සතුට ඇතිවනු ඇත.
රැකියාව සාර්ථක වේ. ආදායම වර්ධනය වුවද වියදමද ඒ හා සමානව වැඩිවිමට ඉඩ ඇත. බුද්ධියෙන් කටයුතු කරන්න. එසේ කලොත් අන් අයගේ උදව් ලැබෙනු ඇත.
ගෘහ ජිවිතය සාර්ථකව ගත කල හැක. කෙසේ වුවද වචන භාවිතයෙදි සැලකිලිමත් වන්න.
අධ්‍යාපන කටයුතු වලට සුබයි. අන් අයගේ උදව් ලැබේ.
සෞඛ්‍ය තත්වයේ, උෂ්ණාධික රෝග වලින් පරිස්සම් වන්න.

Friday, January 30, 2015

මැණික් ගැන විස්තරය 1 - වෛරෝඩි මැණික


මෙම මැණික මාණික්‍ය විද්‍යාවේද, නවරත්න මැණික් අතර බලන කලද, ප්‍රබලම වර්ගයේ මැණිකකි !
මෙම ගලට ඉංග්‍රිසියේ, " Cat Eyes “ යනුවෙන්ද භාවිතා කෙරේ.

* මෙම මැණිකේ ඇති විශේෂත්වය නම් ඉතා දීප්තිමත් ඉරක් වැනි ආකාරයට පැහැයක් දිස්වීමයි.
වෛරෝඩිය හඳුනා ගැනීමේ ප්‍රධානම ලක්ෂණයද එය වේ.

* මෙම ගල පැළදීම නිසා රෝගාබාධ සමනය වීමක් පෙන්නුම් කරයි.

* වෛරෝඩිය අයත් වන්නේ කේතු ග්‍රහයාටය. අතිවිශේෂ ක්‍රමයට නවරත්න මුදුව සෑදිමේදි වෛරෝඩියටද වැදගත් තැනක් හිමිවෙයි.

* තවද කේතු ග්‍රහයාගෙන් පැමිණෙන අපල උපද්‍රව දුරුවීමට ඉතාම යහපත්ය.

* යක්ෂ ප්‍රේත බය මෙන්ම, ආර්ථික අපහසුකම් වලින් සියලුම දෙනාට මෙම මැණික් ගල පැලදීම නිසා ශුභ ඵල හිමි වේ.

* ශ්‍රී ලංකාව, ඉන්දියාව, පාකිස්තානය, මැඩගස්කර්, ටැන්සානියාව ආදී රටවල හමුවන මැණිකකි වෛරෝඩිය.
* විෂකුරු කෘමීන්, විෂකුරු සර්පයන් සපා කෑමෙන් ආරක්ෂා වීමටද වෛරෝඩිය පැලදීම හේතු වෙතැයි කියවේ.
ඒ වාගේම වෛරෝඩි පැලැඳීම සමේ රෝග ඇති අයට, බඩේ අමාරු මෙන්ම පිළිකා ඇති රෝගීන්ටද සුදුසුය.
වෛරෝඩි පැලඳීම සිය වත්කම තර කර ගැනීමට මෙන්ම තම සතුරන්ට වඩා බලවත් බව තර කර ගැනීමටත්, ව්‍යාපාරයක් තුළදී තමුන්ට තරගකාරී අනෙකුත් ව්‍යාපාරිකයන් අභිභවා නැඟී සිටීමටත් අවශ්‍ය ශක්තිය ලැබෙන බවද විශ්වාස කෙරේ. 

Tuesday, January 27, 2015

ලිංගික දුර්වලතාවයට බලපාන හේතු !

අද කාලයේ බොහෝ දෙනා, ලිංගික ශක්තිය අතින් ඉතාම පහත් අඩියකට වැටී ඇත. විශේෂයෙන්ම පුරුෂ පක්ෂයේ අය මේ තත්වයට ගොදුරු වෙන බව අපගේ මතයයි.

එයට හේතුව, අයථා ලිංගික සංතෘප්තිය හෙවත් වැරදි කාම සේවනය වුවත් මෙහි ජෝතිර් විද්‍යාත්මක පදනම ගැන බලන විට බොහෝදේ අපිට කියයි.

රූපයේ දැක්වෙන කේන්දර සටහන බලන්න.

මෙම කේන්ද්‍රය අනුව, බරපතල ලිංගික දෝෂ ඇතිවේ.
* යම්කිසි කෙනෙකුගේ පුරුෂයෙකුගේ නම්, ලිංගය මනාව පිහිටිමට එනම් ප්‍රාණවත් වූ විට අඩුම ගණනේ අඟල් 5.5 - 6ක් අතර තිබීමට නම්, එසේම පුරුෂ ලිංගයේ හැඩය නියමාකාරයට විශාලත් නොවි ඉතාම කුඩාත් නොවී ඉතා ශක්තිමත්ව පිහිටිමට ජන්මියාගේ කුජ ග්‍රහයා බලවත් විය යුතුය.
* වෙසෙසින්ම කුජ ග්‍රහයා සිකුරුගේ රාශියක වේ නම් හෝ පඨවී රාශියක වී නම් ඔහුගේ පුරුෂ ලිංගය ඉතාම ශක්තිමත් එසේම ස්ත්‍රින් වසඟයට පත්වන ආකාරයට පිහිටා තිබේ.

●  මේ ආකාරයට බලනකොට සමහර ජන්ම පත්‍ර වල කුජ ග්‍රහයා නීච වී, සිකුරු පාප දෘෂ්ඨි වලට ලක්වී සිටියොත් ඔහුගේ පුරුෂ ලිංගය එතරම් ශක්තිමත් එකක් නොවේ.
* එසේම ප්‍රාණවත් වීම සිදු නොවන අතර සිකුරු ග්‍රහයාද පාප පීඩිත නිසා ධාතු ශක්තියට ප්‍රබල දුර්වලතා ඇති කරයි. මෙවන් අයට ස්ත්‍රියක් සතුටු කිරීම බරපතල ගැටළුවකි.

* එක් පඬි වදනක ඇත්තේ, ලිංගික දුබලතාවයෙන් පෙලෙන පුද්ගලයාට රූමත් ස්ත්‍රිය වස වැනිය. එසේම විවාහ වී සිටියද වෙනත් පුරුෂයන් කරා යන්නේ මෙවැනි යෝග ඇති පුරුෂයන්ගේ කාන්තාවන්ය.

●  ධාතු ශක්තිය බැලූ කල, සිකුරුගෙන් ප්‍රජනන ශක්තියද, සඳුගෙන් එහි උකු බව සහ ජවයද පෙන්වයි.

●  ගුරු ග්‍රහයාගෙන් එම ධාතු වලට පිළිසිද ගැනීමේ බලය එක් කරයි. ඒ පුත්‍රකාරක නිසාය. තවත් ග්‍රහයෝග ඇතිමුත් මෙම පිටුවට මෙපමණක් පමණක් සීමා කර ඉදිරියෙදි තවත් විග්‍රහ කර දක්වන්නම්...

Monday, January 26, 2015

සතියේ ලග්න පලාපලය - ජන.27 සිට

●  මේෂ
ඉතාම ශුභ සතියකි.
ඔබගේ වැඩ කටයුතු සාර්ථක වේ. එසේම ඔබ ආර්ථික වශයෙන් දියුණු වෙන්නේ ඉතාම සීග්‍රගාමීවය. හදිසි ධනලාභ මෙන්ම, ඥාතින්ගෙන් උදව් උපකාරද හිමිවේ. සතිය මැදදී විදේශ ගමන් බලාපොරොත්තු වන අයට එම කටයුතු ඉෂ්ට වේ. ආර්ථික වාසි එම ගමන් වලින්ද හිමිවේ.
ගෘහ ජිවිතය ඉතාම ප්‍රිතීමත්ව ගත කිරීමට පුලුවන්. අඹුසැමියන් අතර ප්‍රේමය වර්ධනය වේ. එසේම ඥාතින් සහෝදර සහෝදරියන් සමග සතුටින් සිටිමට පුලුවන්.
සෙම් අමාරු, සෙම් ගෙඩි, හිසරදය වැනි රෝග වැලදීමට පුුලුවන් ඒවායින් ආරක්ෂා වන්න.

● වෘෂභ
චන්ද්‍ර චාරය අනුව ශුභ සතියකි.
සතියේ මුල් දවස් 2 තුල කිසියම් ගැටළු තත්වයක් තිබුනද ආර්ථික වශයෙන්, ඒවා කල්යත්ම හොඳ තත්වයකට හැරේ. තමාගේ ප්‍රියමනාප කතා විලාශයෙනුත් සමාජය සමග පවත්වන්නාවූ යහපත් සම්බන්ධතා හේතුවෙනුත් ඔවුන් සමාජයෙන් උදව් උපකාර ලබා, හිතවතුන්ගෙන් උදව් ලබා ආර්ථික තත්වය ඉහලට ගන්නට පුලුවන්. ව්‍යාපාරිකයන්ටද මෙය එසේම වෙනවා.
ගෘහ ජිවිතය ඉතාම ප්‍රීතියෙන් ගත වන අතර, මේ සතියේ විනෝද උත්සව කීපයකට සහභාගි වීමට ඉඩ ලැබෙයි. අතමිට මුදල් ගැවසීම නිසා, ඔබට හිතේ සතුටක් තියෙනවා.
 ඔබටත් සදුගේ චාරය අනුව සෙම් රෝග සහ ජලයෙන් ඇතිවන රෝග ගැන ගැටළුවක් ඇත. පරිස්සම් වන්න.

● මිථුන
මේ සතිය මධ්‍යස්ථපලයි.
සතිය ආරම්භ වී දවස් 2කින් පසු, ආර්ථික පාඩුවක් සිදුවිමට පුලුවන්. ණය ගනුදෙනු වලට අසු නොවිය යුතු බවට අවධාරණය කරනවා. එසේම ණය ගැනීමත් හොද නෑ කියා කියන්නේ වගකීමෙන්.
ගෘහ ජිවිතය සාමාන්‍යයෙන් හොදයි. සතිය අගදී ඉතාම ප්‍රීති උත්සව පැවැත්විමට සහ ඒවාට සහභාගී වීමට අවස්ථාව ලැබේවි. මංගල යෝජනාද සතිය අගදී සඵල වේවි.
සදුගේ ගමන අනුව යටි පතුල් වල දැවිල්ල සහ ලිස්සා වැටීම්, අතපය උලුක්කු වීම් ආදිය බලාපොරොත්තු විය හැකි නිසා ප්‍රවේසම් වන්න.

● කටක
ශුභයි.
ව්‍යාපාරික කටයුතු කරන කටක ලග්න අයට හොද වන අතර, නව වෙළද ගිවිසුම් සහ හවුලේ කරන වැඩ කටයුතු නිසා ආර්ථික වාසි හිමි වෙන්නට පුලුවන්. ඒ ගිවිසුම් වලට ප්‍රවේශ වීමේදී තමන්ට ඉදිරිය සංවිධානය කරගන්නත්, දියුණුව සංවිධානය කරගන්නත් පුලුවන්.
ගෘහ ජිවිතය ප්‍රීතිමත්ව ගත වනවා. රැකියාවේ කාර්යබහුලකම තිබුනත්, සතිය මැදදී දුවාදරුවන් සහ පවුලේ අය සමග විනෝද වීමට ඉඩ ලැබෙනවා.
සෞඛ්‍ය තත්වයේ ප්‍රබල ගැටළු නැති අතර, නිදන්ගත රෝග ඇති අය ඒවා පාලනයට උනන්දු වීම හොදයි.

● සිංහ
ඉතාම ශුභ සතියකි.
9 වැන්නේ සදු සිට ආරම්භ වන මෙම සතිය ඔබගේ පෙර පිනට මෙන් මුදල් ලැබෙයි. එසේම විශේෂ අයගෙන් උදව් උපකාර ලැබීමට පුලුවන්. ආර්ථිකයද හොද තත්වයක පවතිනවා.
ගෘහ ජිවිතය ප්‍රීතිවත්ව ගත  වෙනවා. එසේම තමාගේ ගෙදර දොරට අවශ්‍ය කරන සියලුම දේ ලබාගැනීමට අවස්ථාව ලැබෙනවා. එසේම ගෙදර සිටින සියලුම අය සමග ඉතාම සතුටින් සිටීමට පුලුවන්.
සෞඛ්‍ය තත්වය, ඒ තරම් අයහපතක් නැහැ.

● කන්‍යා
මෙම සතිය ශුභයි.
එතරම් අයහපතක් නැත. මෙම සතිය තුල ආර්ථික වාසි, අනිවාර්යෙන්ම සැලසේ. එසේම කරන කියන කටයුතු වලට අනිවාර්යෙන්ම සියලුම දෙනාගෙන් උදව් උපකාර ලැබේ. පිටපලාත් වල සංචාරයෙන් මුදල් හදල් ලැබේ.
ගෘහ ජිවිතය ප්‍රීතිමත්ව ගත වේ. එසේම ඔබගේ සැප පහසුවට අවශ්‍ය වන සියලුම දේ ඔබට හිමිවෙයි. විනෝද ගමන් බිමන් යෙදේ. ඒ අංශයෙන් කිසිම ගැටළුවක් නොමැත.
සෞඛ්‍ය තත්වයේ ප්‍රබල ගැටළු උපද්‍රව නැත. සතිය මුලදි යම් ගැටළු තත්ව ආවත්, ඒවා ඒ තරම්ම ප්‍රබල නොවේ.

● තුලා
ශුභයි.
හවුල් ව්‍යාපාර සහ වෙලදාම් නිසා ආර්ථික වාසි, දියුණුව ඇතිවේ. එසේම තමන්ගේ තත්ව දියුණු වේ. ආර්ථිකය දියුණු වේ. උදව් උපකාර ලැබේ.
ගෘහ ජිවිතයද ඉතාම ප්‍රීතිමත්ව ගත වේ. අවිවාහක අයට මංගල යෝග උදාවේ. එසේම පෙම් සබදතා ස්ථිර වෙයි.
සෞඛ්‍ය තත්වයේ කිසිදු ගැටළුවක් නොමැත. සතිය මුලදී සෙම් අමාරු සහ නිදන්ගත රෝග ඇති අයට ගැටළු ඇතිවිය හැක. ඒ හැර ගැටළුවක් නැත.

● වෘශ්චික
ඔබට ඉතාම හොදයි.
එසේම මෙම සතියේ ඔබගේ සියලු බලාපරෛාත්තු ඉෂ්ට සිද්ධ වෙයි. සතිය අගදී වැඩිහිටියෙක්ගෙන් උදව් උපකාරද හිමිවෙයි. උරුම හරුමකම් ලැබේ.
ගෘහ ජිවිතයේ මුල් දවස් 2-3 දී ආර්ථික අපහසුතා නිසා ගැටළු ආවත් ඒවා සමනය වෙයි. තමාගේ සහකරුවා-සහකාරිය සමග සමීපව කටයුතු කිරීමට අවස්ථාව ලැබේ.
සෞඛ්‍ය තත්වයේ ගැටළු නැති වුවත්, උදරාබාධ සහ බෝවන රෝග ගැන සැලකිලිමත් වන්න.

● ධනු
ඉතාම හොදයි.
සතියේ මුල් දින කීපය තුල, හදිසි ධනලාභ සහ අයවිය යුතු ණය මුදල් හිමිවේ, මෙය ව්‍යාපාරිකයන්ට හොදයි. එසේම ගෘහ ජිවිතය තුලදී අඹුසැමියන් අතර, තරමක් විරසක වීමක් වීමට ඉඩ තිබේ. එසේම ඔබ සිහිබුද්ධියෙන් කටයුතු කල යුතුයි. එය වැදගත් වනු ඇත. එසේම ඔබට දෙදෙනා අතර සමගිය පවත්වා ගැනීම අත්‍යාවශ්‍ය වනු ඇත.
සෞඛ්‍ය තත්වයේ කිසි ගැටළුවක් නැත. නිදන්ගත රෝග ඇති අය ඒවා පාලනයට උනන්දු වන්න.

● මකර
මෙම සතිය හොදයි.
තමා ඉන්න තැනම තමාට දියුණු විමේ අවස්ථාව ලැබෙයි. එසේම ඔබට ආර්ථික වාසි ගොඩාක් හිමිවනු ඇත. ඒ අතර දේපලද හිමිවීමේ භාග්‍යය පවති.
ගෘහ ජිවිතය ඉතාම හොදයි. තමාගේ කටයුතු කරගැනීමට ගෙදර අයගෙන් උදව් උපකාර ලැබෙයි. එසේම තමාට උපකාරයක් හිමිවෙයි.
සෞඛ්‍ය තත්වය යහපත් අතර, පපුවේ සෙම් රෝග ඇතිවිමට ඉඩ තිබේ.

● කුම්භ
ඉතාම හොදයි.
ඔබගේ හැකියාවේ, උත්සහයේ හැටියට ඔබට ආදායම ලබාගත හැක. එසේම පිටපලාත් වල කරන වෙළහෙලදාම් නිසා ඔබගේ ජිවිතය දියුණු වීමට අවස්තාව ලැබෙනවා.
ගෘහ ජිවිතය ප්‍රීතිමත්ව ගත වෙන අතර, තමාට අවශ්‍ය කරන දියුණුවට වාසනාව ලැබෙනවා.
ගැටළු නැති වුවත් සතිය අගදී උදරාබාධ වැනි රෝග වලින් ඔබ ආරක්ෂා විය යුතුමයි.

● මීන
මේ සතිය හොදයි.
උත්සහයේ තරමට දියුණුවක් ලැබෙනවා. තමාගේ කටයුතු වලට ඥාතින්ගෙන් හිතවතුන්ගෙන් උදව් උපකාර හිමි වෙනවා.
ඉතාම ප්‍රීතියෙන් ගෘහ ජිවිතය ගත වෙනවා. කාර්ය බහුල තත්වයන් තිබුනද, ඔබට ගෙදර දොරේ සාමාජිකයන් සමග සතුටින් සිටිමට අවස්ථාව හිමි වෙනවා. මේ සතිය ඔබගේ ශුභ සතියකි.
සතිය මැදදී සෙම් රෝග වැනි කරදර ඇති වුවොත් පරිස්සම් වන්න.












Sunday, January 25, 2015

ඔබ මල්වර වූ දිනය මතකද ?

මල්වර වීම යනු, සියලුම ගැහැණු දරුවන් වශයෙන් උපදින අයට ජිවිතයේ ඉතාම වැදගත් සිද්ධියකි. මන්ද වයස අවුරුදු සාමාන්‍යයෙන් 12,13,14 වයස් වලදී වන මේ ශාරීරික ක්‍රියාවලිය ජිවිතයේ ප්‍රබලම අවස්ථාවකි. එසේම මෙම මල්වර වන දිනය ඉතාම තීරණාත්මක වන බව ඔබ දන්නවාද ?

එසේ නම් අප කල්පනා කර බලමු, දින 7ට අනුව මල්වර වූ විට ලැබෙන පලාපල කවරේද කියල.....

රිවි දින - ඉරිදා

මෙදින මල්වර වූ යුවතිය තරමක අහංකාර සහ ආඩම්බරකාර යුවතියක් වීමට ඉඩ තිබෙනවා. නමුත් ඇය අන් අය පාලනය කිරීමට දක්ෂ පක්ෂකම් දක්වන අතර, පියාට බොහෝම ලැදියාවක් දක්වනවා.
ඕනෑම තැනකදී නායකත්වය හිමිවන මෙවැනි යුවතියන්ට සමාජය ගරු කරනවා. ශාරීරිකව යම් උෂ්ණාධික ගතියක් දරුවාගේ ශරීරයෙන් දකින්නට පුලුවන්.

සඳුදා දින

ඉතාම අහිංසකයි මෙදින මල්වර වූ යුවතිය. එසේම වාසනාවක් හිමියි. මව්ට ඉතාම ලැදි වන අතර, මව්ටද ශුභයි. ශරීරයේ සෙම ගතිය වැඩි වීමට පුලුවන්. අලංකාර වාසස්ථාන මෙන්ම, රසවත් ආහාර පාන ලැබෙනවා. විවාහ ජිවිතය ඉතාම ප්‍රීතිමත්ව ගත වන අතර, කාරුණික ස්වාමියෙක් ලැබෙනවා.

අඟහරුවාදා දින

තරමක දැඩි මතධාරි අයෙක් වෙනවා මේ අගහරුවාදා මල්වර වූ යුවතිය. අන්‍යන් හා දබර කිරීමට පෙළඹෙනවා. එසෙම ශරීරය උෂ්ණාධිකයි. ඉක්මණ් කෝපය මෑ තුලින් දක්නට පුලුවන්. ප්‍රජනන පද්ධතියෙන් අධිකව රුධිරය පිටවන්නට පුලුවන්.

බදාදා දින

මෙදින මල්වර වූ යුවතිය වාසනාවන්තයි. කෙලි කවට සිනාවෙන් සහ උපායශීලි ශූර බුද්ධියක් හිමියි. නෑදැයන්ට සුභයි. ශරීරය ශෝභමාන වෙනවා. ඉතාම ශුභ දවසක්.

බ්‍රහස්පතින්දා දින

මෙදින මල්වර වන යුවතියද බොහෝසෙයින්ම වාසනාවන්තයි. ගරු ගාම්භීරව ජිවත් වන අතර අන් අයගේ ගෞරවයට පාත්‍ර වන්නේ නිතැතිනි. යාන වාහන, ගෙවල් දොරවල් සමග අන් අයගේ ගෞරවයටද නිතැතින්ම පාත්‍ර වේ.

සිකුරාදා දින

මෙදින මල්වර වූ යුවතිය ඉතාම ප්‍රීතිමත්ව කාලය ගත කරනවා. නැටුම්. ගැයුම්, වැයුම් වලින් ඇය දක්ෂතාවය දක්වන්නට පුලුවන්. එසේම ඇයට ඉක්මන් විවාහයක් හිමි වන අතර, කාමාශාවද බලවත් වේ.

සෙනසුරාදා දින

මෙදින මල්වර වන යුවතිය තරමක කුඩුකේඩු ඇති තැනැත්තියක වීමට ඉඩකඩ වැඩියි. එසේම තවද ආර්ථික වශයෙන් දියුණු විමට ප්‍රබල බාධා පවති.
දියුණු වීමට ඉතාම අමාරුයි. සෙනසුරාදා දින නරක වෙලාවක මල්වර වුවහොත් ඇයට යක්ෂ ප්‍රේත බිය, අමනුෂ්‍ය දෝෂ ඇතිවිමට පුලුවන.

මේ අප සදහන් කලේ “පොදුවේ“ ඉතාම ප්‍රයෝජනවත් වන වටිනා ලිපියකි. මේ අනුව ඔබ මල්වර වූ දිනයත් සමග මෙය සැසදීමේදී ඔබගේ ජිවිතය සමග යම්කිසි සංසන්දනාත්මක කිරීමක් බලාගත හැකිවනු ඇත.

_ ව්‍යාජ ජ්‍යොතිර්වේදින් සහ ජන මතය _



වරප්‍රසාද වලට මොවුන් සහ මංජුල පීරිස් වැනි ප්‍රේත ආත්ම ගෙන්වාගෙන පේන කියන්නන් ජ්‍යොතිර්වේදින් ලෙස පෙනී සිටිමින් ජ්‍යොතිෂ්‍යයට කල හානිය සුළුපටු නොවේ.

එයට හේතුවී ඇත්තේ සමාජයට ගියේ මොවුන් වැනි මාධ්‍ය මගින් පුම්බන සැබෑවට පුම්බන පුස් චරිත වල කතා වීමය.
ඊට අමතරව ජ්‍යොතිෂ්‍යය ගැන දැනුමක්, අවබෝධයක් ජනතාවට නැතිවීමය... බොහෝවිට ව්‍යාජ ජ්‍යොතිර්වේදින්ගේ පොරොන්දම් ගලපවාගෙන විවාහ නොවෙන, සහ අවුල් කරගත් අය අපට දිනපතා මුණ ගැසීමෙන් තේරුම් යයි.

කෙසේ වුවද දැන් මෙම වංචාකරුවන් සහ අනිකුත් ප්‍රසිද්ධ නොවි ජ්‍යොතිෂ්‍යයට හානි කල වංචාකාරි පිරිස් වලට ලැබිය යුතු විපාක ලැබී, ජ්‍යොතිෂ්‍යයට ලැබිය යුතු තැන ලැබෙනු ඇත.
අප සැමදා කියන්නෙ ජ්‍යොතිෂ්‍යය වැස්සට ඉහලන කුඩය මෙන් භාවිත කරන ලෙසය.

තම බුද්ධියෙන් කටයුතු කරමින් ජ්‍යොතිෂ්‍යයේ සැබෑ සහය ලබාගෙන කටයුතු කරන්නේ නම් මැනවි.

ස්තූතියි !

#‎ඉරුසේවය‬

Thursday, January 22, 2015

සිකුරු මාරුව - ජන. 23 සිට

සිකුරු ග්‍රහ සංක්‍රාන්තිය පිලිබදවයි.

ග්‍රහලොව මනමාලිය ලෙසින් හඳුන්වන සිකුරු ග්‍රහ තාරකාව මකර රාශියේ සිට කුම්භ රාශියට මෙම මස 23 වන දින අළුයම 2.19ට සැපත් වෙයි.
සිකුරු ග්‍රහයා මනුෂ්‍යාෙග් ලෞකික සැප සම්පත් නියෝජනය කරයි. එසේම ආලයට, ප්‍රේමයට, සුඛ ජීවිතයට බලපාන ග්‍රහයාද සිකුරුම වේ. මෙම ග්‍රහයාගේ මාරුව ලග්න 12ට බලපාන අයුර අපි දැන් බලමු.

● මේෂ
ඔබට සිකුරු පැමිණෙන්නේ 11 වැන්නටයි.
තමාගේ ජීවන තත්වය ආදායම් මාර්ග උසස් වනවා සේම, සමාජය තුල තමාට නැතිවූ ජනප්‍රියත්වය ලැබේ. මිතුරු මිතුරියන්ගේ ආශ්‍රෙයන් උදව් උපකාරද හිමිවේ. මේ අතර ඔබට විවාහ සහකාරියක්ද, මංගල යෝගද උදාවන කාලයකි මේ කාලය.

● වෘෂභ
සිකුරු 10 වැන්නට පැමිණේ.
ඔබට රැකියා ලාභ හිමිවේ. එසේම ව්‍යාපාරික කටයුතු කරන අයට හොදයි. වෙලදාම දියුණු වේ. සංචාරක ක්ෂෙත්‍රයේ ඇඟලුම් ක්ෂෙත්‍රෙය් නියුතු සහ සියලුම වෘෂභ ලග්න අයට මේ කාලය සුභයි.

● මිථුන
සිකුරු 9ට වැන්නට පැමිණේ.
ශුභ කාලයකි. වැඩිහිටියන්ට සැලකීමට සිත්වන කාලයකි. පිනට දහමට සිත යොමුවේ. සිතට තිබූ කරදරකාරි අසහනකාරි සිතුවිලි පහව යයි. වැඩිහිටියෙකුගේ මාර්ගයෙන් මංගල යෝජනාවක් සඵල වීමට ඉඩ තිබේ.

● කටක
8 වැන්නට සිකුරු පැමිණේ.
එතරම්ම ශුභ නැත. කරන කියන කටයුතු වලට කිසියම් ආකාරයකට මන්දගාමි ස්වරූපයක් ඇතිවිය හැක. යක්ෂ ප්‍රෙත පිසාච බය ඇතිවිය හැක. එසේම තමාටද අසනීප ඇතිවිමට ඉඩ ඇත.

● සිංහ
7 වැන්නට සිකුරු පැමිණේ.
ඉතාම හොද කාලයකි. හවුලේ කරන වැඩ කටයුතු සාර්ථක වේ. මංගල යෝග උදාවෙයි. එසේම අස්ථාවර භාවයෙන් තිබු ප්‍රේම සබදතා ස්ථිර වේ. ඉතාම හොදයි. ආදායම් තත්වයේද ගැටළුවක් නොමැත.

● කන්‍යා
6ට සිකුරු පැමිණේ.
එතරම් හොද නැත. සතුරු කරදර වලට ලක්වීමට ඉඩ ඇත. විවිධාකාරවූ ප්‍රශ්න උපද්‍රව ඇතිවේ. තනතුරු වලින් පහත වැටිම නියමයි. බුද්ධිමත් වන්න. ගහෙන් වැටුන මිනිහට ගොනා ඇන්නා වගේ, තනතුරු වලින් පහවූ අයට තව තව කරදර පැමිණීමට ඉඩ ඇත.

● තුලා
5 වැන්නට සිකුරු පැමිණේ.
ඉතාම හොදයි. හදිසි ධනලාභ ආදිය හිමි වේ. දුවාදරුවන්ගේ ඉගෙනීම සම්බන්ධව හොද බලාපොරොත්තු තබාගත හැක. ගැහැණු දරුවන් බලාපොරොත්තු වන අයට එම බලාපොරොත්තු ඉෂ්ට වීමේ ප්‍රවණාතවයක් පවතී.
අලංකාරයෙන් විනෝදයෙන් සිටිමට වාසනාව ලැබේ.

● වෘශ්චික
4 වැන්නට සිකුරු පැමිණේ.
ඉතාම හොදයි. නිවාස ලාභ, ගෙවල් දොරවල් සම්බන්ධව හොද තත්වයක් පවතී. ඒවා ලැබේ. තමාගේ ඥාතින් සමග නිතර සතුටින් සිටිමට පුලුවන්. මංගල යෝග උදාවන අතර, වාහන ගැනීමට බලාපොරොත්තුව සිටින අයට එම බලාපොරොත්තු ඉෂ්ට වේ.

● ධනු
3වැන්නට සිකුරු පැමිණේ.
අලුත් ඥාති මිත්‍රකම්, සබදතා ගොඩ නැගේ. සහෝදර සහෝදරියන්ගෙන් උදව් ලැබෙනවා සේම සමාජයේ ජනප්‍රියත්වයට පත්වේ. කාමුක ගතිය වැඩිවෙන අතර, ඒවාට අවශ්‍ය කරන වටපිටාවද සැලසේ. විදෙස් රැකියා වල නියුතු අයට ඉතාම හොද කාලයකි.

● මකර
2 වැන්නට සිකුරු පැමිණේ.
ඉතාම හොදයි. ආදායම් මාර්ග හිමිවේ. වෙලදාමේ නියුතු අයට, රසකැවිලි නිෂ්පාදන කටයුතු, අලංකරණ කටයුතු එනම් රූපලාවන්‍ය කටයුතු වල නියුතු අයට ඉතාම හොදයි. තමාගේ වචනය අන් අය පිලිගනි. දේශපාලන ක්ෂෙත්‍රයේ අයට හොදයි. බෙහෙවින්ම වාසනාවන්තය.

● කුම්භ
1 වැන්නට සිකුරු පැමිණේ.
බොහෝසෙයින් හොදයි. ලග්නයට යෝගකාරක නිසා විවාහ කටයුතු, නිවාස - වාහන සම්බන්ධ කටයුතු පහසු කරයි. ජනප්‍රිය වේ. එසේම මංගල යෝග ස්ථිර වේ. කලා ක්සෙත්‍රයේ නියුතු කුම්භ ලග්න අයටද හොද කාලයකි.

● මීන
12 වැන්නට සිකුරු පැමිණේ.
මෙය එතරම් හොද මාරුවක් ලෙස හැදින්විය නොහැක. දුෂ්ට මිනිසුන්ගේ රැවටීම් වලට භාජනය වීමට පුලුවන්. එනම් ණය තුරුස් ගෙන නොදී පැහැර හැරීමට පුලුවන්. ලැබෙන මුදල් රඳවා ගැනීමට අවස්ථාව නොලැබේ. ඒවා කළමනාකරණය කරන්න. සිකුරු 12 නිසා අඹුසැමි ප්‍රේමය වර්ධනය වේ, කාමාශාව බලවත් වේ.

Wednesday, January 21, 2015

මහේල ජයවර්ධනගේ මාධ්‍යයට නිකුත් කර ඇති හඳහන

ප්‍රසිද්ධ ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩක මහේල ජයවර්ධනගේ හඳහන සම්බන්ධව පලකිරීමට අපට සිදුවූයේ, මෑත කාලයේ ඔහු ලාංකික ක්‍රිකට් ක්‍රීඩාවට ඉටු කල අමිල සේවය සිහියට නැගීමෙනි. කුමාර සංගක්කාර මෙන්ම, ශ්‍රී ලංකාව ලෝකය තුල ප්‍රචලිත කිරීමට ක්‍රීඩාව තුල තමාගේ පිත්ත හැසිරවූ මෙම විශිෂ්ටයා සැබවින්ම ජාතියකට සම්පතකි.
ක්‍රිකට් ක්‍රීඩාවේ රන් අකුරින් නම ලියවෙන රටටම අභිමානයක් වන මහේල ජයවර්ධනයන් ලෝකයේ හොදම ක්‍රිකට් නායකයා ලෙසද පිලිගැනේ. එසේම අතිදක්ෂ පන්දු රකින්නෙක්ද වන අතර, ලංකාවේ පැවති අවසාන එක්දින තරඟයේදී, එංගලන්ත කණ්ඩායමේ අවසාන කඩුල්ල මහේලගේ පන්දුවකට සංගාගේ ස්ටම්ප් කිරීමකට ලක් වූයේද මෙම විශිෂ්ටයන් දෙදෙනාගේ වාසනාව සහ ඔවුන්ට ලැබිය යුතු ගෞරවය ලැබීමට බව අප සිතමු.

මහේල ගැන අපගේ ගෞරවරයක් සහ අභිමානයක් නිරන්තරයෙන්ම එයි. එසේ නම් මෙවැනි දක්ෂතා ඇතිවිමට ඔහුට බලපෑ ග්‍රහචාරය කුමක්ද.... ? ඒ ගැන අප දැන් විමසා බලමු.

* 1977 වසරේ මැයි මස 27 වන දින සිකුරාදා දිනක, සිංහ ලග්නයෙන් උපන් මහේලට ජන්ම නැකත වූයේ සිකුරුට හිමි වූ පුවපල් නැකතයි.
සිකුරු මහ දශා ශේෂය ඔහු උපත ලබන විට, මාස 6ක් පමණ වේ.

රවිට හිමි වූ සිංහ ලග්නයේ ලග්න භාවයේ එනම් 1 වැන්නේ චන්ද්‍රයා/සඳුද, 2 වැන්නේ රාහුද, 8 වැන්නේ කුජ-සිකුරු-කේතුද, 9 වැන්නේ බුධ ග්‍රහයාද, 10 වැන්නේ රවි - ගුරුද, 12 වැන්නේ සෙනසුරුද පිහිටා ඇත.

  මෙම කේන්දරය තුල මුලින්ම පරික්ෂා කල යුතු කාරණාව නම් උපන් දිනයයි. දිනය වන්නේ සිකුරාදා දිනයයි. ●  සිකුරාදා දිනයේ දින අධිපති වන සිකුරු හෙවත් ශුක්‍ර කේන්දරයේ 8 වැන්නේ විපරීතව උච්ච බලයෙන් සිටී. එය විපරීත රාජ යෝගයකි.

●  එසේම ලග්නාධිපති රවි ග්‍රහයා 10 වැන්නේ සිිටින්නේ 5 වැන්නාධිපති ගුරු සමග යෝගවය. රවි-ගුරු යෝගයද ඉතාම වටිනා යෝගයකි. මෙම යෝගයෙන් උපන් තැනැත්තා රාජ මහාමාත්‍යාදීන්ගෙන් පවා ගෞරවයට පාත්‍ර වන අතර සම්මාන ලබයි.

●  චන්ද්‍රයාගෙන් 10 වැන්නේ ගුරුගේ පිහිටිම නිසා, ඔහුට “ගජකේශරී යෝග“ බලයද උදාවී ඇත.

●  සඳු සිංහයේ සිටින අය ඉතාම ස්ථිරසාර සිත් ඇති, ප්‍රතිපත්තිගරුක, සටන්කාමි අදහස් ඇති යටත් නොවන චරිතය.

●  උප්පත්තියෙන්ම වාසනාවන්තව උපන් මහේල ක්‍රිකට් ක්‍රීඩකයෙක් වශයෙන් සාර්ථක වීමට හා ලෝක පූජිත වී ඒ තුලින් ඉතාම ඉහල ධන - ධාන්‍ය තත්වයකට උසස් වීමට බලපා ඇති කාරණාව ජ්‍යෝතිෂ්‍යය තුලින් මා දකින්නේ 9 වැන්න තුල බුධගෙ පිහිටිමයි.
* මෙහිදී බුධ ග්‍රහයා පූර්ණ වශයෙන් ලග්නය දකී. යම්කිසි කෙනෙකුගේ කේන්දරයක බුධ ග්‍රහයා සහ සිකුරු ග්‍රහයා බලවත්ව පිහිටා සිටීම ක්‍රීඩා ක්ෂෙත්‍රයේ ඉහලට යෑමට ඉතාම වටිනා තත්වයකි.

ක්‍රීඩාකාරක ග්‍රහයා බුධ වන අතර, ඔහුගේ බලවත්වීම මහේලට උපරිමයෙන්ම ඇත.

කෙසේ වෙතත් මෙම ක්‍රීඩකයාට පැවති මහ දසා ගැන සැලකිලිමත් වීමේදී මුලික කුඩා කල එතරම්  ප්‍රීතිමත් ළමා අවධියක් නොතිබුනු බව ජෝතිෂ්‍යය අනුව සැලකිලිමත් වීමේදි පෙනියන කාරණාවකි.
* මන්ද මාස 6ක් වන විට ඔහුට ලබන්නේ රවි මහ දසාවයි. රවි මහ දසාව කුඩා දරුවෙකුට ගතවීම එතරම් හොද නැත.
අධ්‍යාපන කටයුතු මෙන්ම සියලුම කටයුතු වලට යම්කිසි බාධාකාරි තත්වයන් මතුවේ.

●  ඉන්පසු වසර 6ක කාලයේ සිට අවුරුදු 16 දක්වා කාලයද මධ්‍යස්ථ ඵල අතර, ඒ කාලයේ ගතවූයේ සඳු මහ දසාවයි. එම කාලයද ඒතරම්ම යහපත් බවක් කිව නොහැක.

● නමුත් වසර 16න් පසු උදාවන කුජගේ මහ දසාව මහේලට කිසියම් ගමනක ආරම්භයක් සනිටුහන් කරන කාලයක් වන්නට ඇත. මන්ද සිංහ ලග්නයේ අයට යෝගකාරක ග්‍රහයා වන්නේ, කුජ ය.

●  කෙසේ වෙතත් 1999 සිට 2004 වනතුරු රාහු ග්‍රහයාගේ ප්‍රබල අපල වලට හසුවී තිබීම ඔහුට බලපා තිබු ප්‍රධානම ග්‍රහ දෝෂයකි.
●  කෙසේ වෙතත් 2003 වසර විශේෂයෙන්ම සුභයි. එසේම දැනට පවතින කාලයද එනම් රාහුගේ සිකුරු අතුරු දසාවද ඉතාම හොද තත්වයකි.
●  නොබෝ කාලයකින් මහේලට ලබන ගුරුගේ මහ දසාව මීටත් වඩා ශුභ තත්වයකට ඔහුව ගෙන යන බවට විශ්වාසයක් ඇත.

එසේ නම්, මෙම කාලය හොදයි.

අපේ රට ඉහලටම ඔසවා තබන්නට දායක වූ මහේල ජයවර්ධන නොහොත් බොහෝ දෙනා ආදරෙයෙන් කතා කරන #මයියාට ජයෙන් ජය ප්‍රාර්ථනා කරමු.


*** මෙම කේන්දර සටහන, මාධ්‍යයට නිකුත් කර ඇති කේන්දර සටහනයි. අප සදහන් කරන කරුණු දළ කේන්දර ආකාරයකට විග්‍රහ කර ඇත්තේ ඔබගේ තේරුම් ගැනීමේ පහසුව පිණිසය.
එම කරුණු සූක්ෂම කේන්දර සටහනෙන්ද තහවුරු විය.
එසේම සූක්ෂම කේන්දර සටහනකින් පමණක් නිශ්චය කරගත හැකි වන පරිදි අයහපත් යෝගි තත්වයන් දුරුව ඇති බව මෙම කේන්දර සටහනින් අපට පැහැදිලි විය.











Tuesday, January 20, 2015

කාන්තාවන්ගේ ආකර්ෂණය ඔබට තිබේද ?

කාන්තාවන් ආකර්ෂණය වීමට නම්, විශේෂයෙන්ම යම් යම් ග්‍රහ බලපෑම් අවශ්‍ය බව අපට මේ ජෝතිෂ්‍යය ශාස්ත්‍රය පරික්ෂා කිරීමේදි මනාව හැඟීයන කාරණාවකි.

විශේෂම දේ නම්, ඔබ සමහර කඩවසම් තරුණයන්ට කාන්තාවන් ආකර්ෂණය නොවී එතරම් රූපයෙන් අඩු අය කාන්තාවන් සමග මිත්‍ර ලීලාවෙන් හෝ වෙනයම් ආකාරයක සම්බන්ධයකින් සිටී. අප ඒවා දැක ඇත.

එසේ නම් එයට හේතු සාධක වන කාරණා කවරේද ???

එයට හේතු සාධක වන කාරණාව නම්, මෙවැනි ග්‍රහ පිහිටීම්ය.

මේෂ ලග්නය (සිකුරු = ගුරු 1, රවි බුද - 3, කුජ 5, චන්ද්‍ර 7, රාහු 9, කේතු 3, ශනි 10)

මෙවැනි කේන්දරයක් ඇති අයට ඉතාම රූමත් කාන්තා පක්ෂයගේ ඇල්ම බැල්ම ඇතිවේ. එසේ නම් අපි විමසා බලමු එම ග්‍රහ බලය.

යම්කිසි කෙනෙකුගේ කේන්දරයේ සඳු - සිකුරු ග්‍රහයන් බලවත්ව සිටින කල, එම ග්‍රහයන් සමග 11 වැන්නාධිපතියා බලවත්ව සිටී නම් ඒ අයට විශාල වශයෙන් කාන්තාවන්ගේ ඇසුර ඇතිවේ.

යම්කිසි කෙනෙකුගේ කේන්දරයේ 11 වැන්නාධිපතියා 11 වැන්නේම බලවත් වන කල්හි, සිකුරු ග්‍රහයා හෝ ගුරු ග්‍රහයා 2 වැන්නේ බලවත් නම් ඒ අයගේ කතාවට කාන්තා පක්ෂය වශීකෘත වේ. - එයද පුදුමාකාර තත්වයකි.

තවද යම්කිසි කෙනෙකුගේ කේන්දරයේ 7 වැන්නාධිපතියා සඳු වී සිකුරු සමග යෝග වීමද, විවාහ වී සිටියත් කාන්තා ඇසුර දැඩි විදියට ලැබෙන කෙනෙකි.

යම්කිසි කෙනෙකුගේ කේන්දරයේ රාහු ග්‍රහයා - සිකුරු සමග යෝග වීමත් කාන්තා පාර්ශවයේ ආකර්ෂණය ඇල්ම බැල්ම වැඩිවීමට ප්‍රබලම හේතුවකි.

මේවා සියල්ලම සංසන්දනාත්මකව බැලූ කල තවත් ග්‍රහ යෝග ඇත. ඒවාද පසුවට ලබාදෙන්නම්. මේ අනුව බැලූ කල ඔබගේ හදහනේද මෙවන් යෝග ඇත්දැයි බලන්න.

_ කාන්තාවන් සමග ඇසුර හොද දෙයක් තමයි. ඒ සහෝදරියන් මිතුරියන් විදියට ආශ්‍රය කිරීම. වෙනත් අයුරින් ආශ්‍රය දැඩිව කිරීම තමන් පිරිහීමට හේතු වෙන්න පුලුවන් බවත් මතක තියාගන්න __

Monday, January 19, 2015

ලිංගික නීරසතාවයට හේතු - ජ්‍යෝතිෂ්‍යය ඇසින්

පෙරකී ලිපියට අදාලව (https://www.facebook.com/photo.php?fbid=335313026663708&set=),
බැලූ කල කාන්තාවන්ගේ ලිංගික ඇසුරට බාධාවන ප්‍රබලම තත්වය කාන්තාවන්ගේ යෝනි මාර්ගය තෙත් නොවීමයි.

තෙත් නොවූ විට ලිංගික එක්වීම ඉතාම වේදනාකාරි අත්දැකීමක් වනවා ඇත. කාන්තා පාර්ශවය මේ සදහා වෛද්‍යවරුන් හමුවන්නේ එම නිසාය.
මා  මේ ලිපිය පල කරන්නටත් හේතුව, පුවත්පතක අසා තිබු ගැටළුවක් නිසාය. පුවත්පතක පාඨක තරුණියක් අසා තිබුනේ, ඇය විවාහ වී මාස 3ක් ගත වුවත් ඇය තම ස්වාමි පුරුෂයා සමග කායික ඇසුරක් පැවැත්වුවේ නැතැයි කියාය.
එයට හේතුව නම්, තමාගේ ස්වාමියා සමග එම ලිංගික සංසර්ගයට ඉතාම කැමැත්තෙන් දෙදෙනාම සිටියත් පෙර කී කාන්තාවට එය ඉතාම වේදනාකාරි අත්දැකීමක් නිසා  වූ බවය.
එම නිසා ලිංගික ඇසුර සම්බන්ධව විශාල බියක් එම තැනැත්තියට ඇතිවි ඇත.

* මෙවැනි තත්වයන් ඔබද අසා දැක ඇතැයි සිතමු. සමහර අයට  මෙවැනි තත්වයන් ඇතිවන්නේ ඇයි... ?
මෙයට හේතු කවරේද ? සහ පිලියම් කවරේද ... ?
සමහර අයට ලිංගික තෘප්තිය අවශ්‍ය පරිදි ලැබේ. තව සමහර අයට ඕනෑවටත් වඩා ලැබේ. එසේ වන්නේ ඇයි. එයට හේතුවන ග්‍රහමය පදනම කුමක්ද...

● යම්කිසි ස්ත්‍රි කේන්දරයක 7 වැන්න පඨවි රාශියක් වී, ශනි ග්‍රහයා හෝ රවි ග්‍රහයා එහි තැන්පත්වීම ලිංගික තෘප්තියට බරපතල බාධාවකි.
එවැනි කාන්තාවන්ට ලිංගික ඇසුර දැඩි වේදනාකාරිය. මන්ද අග්නිකාරක සහ රෝග කාරක සෙනසුරු පඨවි රාශියක් වූ 7 වැන්නේ තැන්පත් වීමෙන් තමාගේ ප්‍රජනන පද්ධතියට නිකුත් වන හෝමෝන කෙරෙහි අයහපත් බලපෑමක් ඇති කරයි.
එසේම එවන් කාන්තාවන්ගේ යෝනි මාර්ගයද ඉතාම අප්‍රසන්න දුඟදකින් යුත් ශ්‍රාවයන් නිකුත් වේ.

● එසේම 7 වැන්න පඨවි රාශියක්වී, අඟහරු/කුජ ග්‍රහයා එහි තැන්පත් වීමෙන් කාන්තා යෝනි මාර්ගය ඉතාම දැඩි තද ගතියකින් යුක්ත වේ. එසේම ලිහිසි නොවේ. මෙයද බාධාවකි.

● එසේම උෂ්ණාධික ග්‍රහයෙක් වන බුධ ග්‍රහයා 7 වැන්නේ තැන්පත් වීමද සාර්ථක ලිංගික ඇසුරකට බාධාවකි.

● යම්කිසි කාන්තාවකගේ 7 වැන්න වායු රාශියක් වී එහි සෙනසුරු සිටීම, ප්‍රජනන පද්ධතිය එල්ලා වැටෙන සුළු තත්වයකට පත් කරයි.
එසේම යෝනි මාර්ගයේ බිත්ති, සහ බාහිර ප්‍රදේශය ශක්තිමත් නොවේ.
එම හේතුව නිසාද පුරුෂයා සතුටට පත් නොවේ.  - මේ සම්බන්ධව ඉදිරියේදි තවත් දෑ පල කරමු.

මෙවන් තත්වයන් තිබේ නම් අදාල වෛද්‍ය ප්‍රතිකාර සහ උපදේශනයද ඉතා වැදගත් වෙයි. ඒවාට යොමුවීමෙන්, අපල තත්වයන් දුරු කරගැනීමෙන් යහපත උදාකරගත හැකිවනු ඇත.

බුදු සරණයි !


සිතන්න...



ජ්‍යොතිෂ්‍යය ඇත්තේ මිනිසාගේ ලෞකික ජිවිතය සැපවත් කිරීමට පමණය.
ලෞකික ජිවිතය යහපත් වූ විට ලෝකෝත්තර ජිවිතයට නැඹුරුවීම පහසු විය හැක.
අද බොහෝ දෙනෙක් පිටපොට පටලාගෙන ජ්‍යොතිෂ්‍යයත් අනිකුත් කටයුතුත් ගැන සිතනු පෙනේ.

සමහරක් අය ජ්‍යොතිෂ්‍යයට ගරමින් විශ්වාස නොකර සිටිති, තව අය අනවශ්‍ය ලෙස විශ්වාස කරමින් තම කටයුතු වල පසුබෑම් ඇති කරගනිති - ජිවිතයේ අතිශයින් වැදගත් විවාහය සහ ඒ හා සමාන වටිනා කටයුතු වල වෙනස්කම් කරගනිති.
සමහර අය කසාද බඳින්නේ නැතිව සිටිති, කේන්දර නොගැලපුනද, දෙදෙනා දෙදනාට කැමති සහ එම සිතිවිල්ලෙන් සහ එකම අදහසකින් සිටින්නේ නම්, යම් කල යුතු ශාන්ති කර්ම තිබේ නම් ඒවාද කරමින් විවාහ වීම නොවි සිටිමට වඩා වටිනා බව අපගේ අදහසයි.

සමහර ව්‍යාජ ජ්‍යොතිර්වේදින්ගේ තමාව පුම්බ ගැනීමට කරන ප්‍රකාශ නිසා, විවාහ නොවි සිටින අය, අධ්‍යාපන කටයුතුවල පසුබෑම් ඇති කරගත් අය, ව්‍යාපාර ආදියන්ගේ පසුබෑම් ඇති කරගත් අය අපිට දිනපතා මුණ ගැසේ.
ජ්‍යොතිෂ්‍යය සත්‍යය බව අපි අත්දැකිමෙන් දනිමු. එසේ වුවද අපවත් එයට 100%ක් දෙන්න කියා කියන්නේ නැත. වඩාම හොද ක්‍රමය නම් 50%ක් ජ්‍යොතිෂ්‍යයට දීමයි. ඉතිරි 50% ඔබගේ කටයුතු පරිදිය...
සිතන්න.. කටයුතු කරන්න... ජිවිතය ජය ගන්න !

බුදු සරණයි !

‪#‎ඉරුසේවය‬

Sunday, January 18, 2015

සතියේ ලග්න පලාපලය - ජන. 19 සිට

● මේෂ
ශුභ සතියකි.
ආර්ථික වාසි සහ නව ආදායම් මාර්ග හිමිවේ. විදෙස් රැකියා වල නියුතු අයට සහ වෙලදාම් කරන අයට වාසි වන අතර, නව ආදායම් මාර්ග වලට තිබු බාධකද ඉවත් වේ. සතිය අගදී කිසියම් ආකාරයකට අනවශ්‍ය වියදමක් පෙන්නුම් කරයි.
ගෘහ ජිවිතය ප්‍රීතියෙන් ගතවන අතර, ආදායම් තත්ව හොද වීම නිසා සිත ප්‍රීතියෙන් පිරේ. රැකියාව සමග පිට පලාත් වල ඇවිදිමට ඉඩ ලැබේ. දුර බැහැර සිට ඥාතියෙකුගේ පැමිණිම අපේක්ෂා කල හැක.
සෞඛ්‍ය තත්වයේ ගැටළුවක් නැති වුවත්, සතිය අගදි සෙම් අමාරු සහ ලිස්සා වැටිම් වලින් පරිස්සම් වන්න.

● වෘෂභ
ඉතාම ශුභ සතියකි.
සතිය ආරම්භයෙදි කිසියම් ආකාරයකට ආර්ථික තත්වයේ මන්දගාමි තත්වයක් පැවතුනද සතියේ මධ්‍ය කොටසෙදි එය පහව යයි. ඔබගේ පෙර පිනට මෙන් යම් යම් ආර්ථික වාසි තත්වයන් හිමි වේ.
ගෘහ ජිවිතයද ප්‍රීතිමත්ව ගත වන අතර, සතිය මැදදී විනෝද ගමන් වන්දනා ගමන් ලැබේ. සතිය අගදී වැඩිමහල් සහෝදරයෙක් නිසා සිතට ප්‍රීතිය ගෙනදේ. ඔවුන්ගේ උදව් උපකාරද ඔබට හිමිවේ.
සෞඛ්‍ය තත්වය ලෙස සෙම් අමාරු සහ උදරාබාධ ක්‍රමානුකූලව නැතිවේ.

● මිථුන
මෙම සතිය මධ්‍යස්ථ සතියකි.
සතියේ මුල් කොටසේදි යම් යම්, ගැටළුකාරි තත්වයන් මතුවේ. නමුත් ඒවා ක්‍රමානුකූලව විසදා ගැනීමට ඔබට හැකියාව ලැබෙනු ඇත. ණය තුරුස් වලින් ප්‍රවේසම් විම මේ සතියේ ඔබ සතු වගකීමකි.
ගෘහ ජිවිතය සතිය ආරම්භයෙදි යම්කිසි සිත් තැවුලක් ඇතිවන්නට පුලුවන. සතිය මැද භාගය ඉක්මවා යත්ම, සිතට ප්‍රීතිය ගෙනදෙන කාරණා යෙදේ. අඹුසැමි ප්‍රේමය වර්ධනය වන අතර, අවිවාහක අයගේ මංගල යෝග සඵල වීමද මේ අතර වේ.
සතිය මැදදි සෙම් රෝග සහ විවිධ අසනීප වල වැඩිවීමක් දක්නට ලැබේ. සතිය අගදී ඒවා මගහැරි යයි.

● කටක
ශුභාශුභ මිශ්‍ර සතියකි.
සතිය ආරම්භයෙදි දින 2කට පමණ යම් යම් ගැටළුකාරි තත්ව පැවතුනද, ඒවා ක්‍රමානුකූලව විසදේ. හවුල් ව්‍යාපාර කරන අයට යම්කිසි පාඩුවක් දින 2ක් ඇතුලත පැවතියද පසුව ඒවා හරියයි.
ගෘහ ජිවිතය ප්‍රීතිමත්ව ගතවන අතර, සතිය මධ්‍යය කොටසෙදි මංගල යෝග ක්‍රියාත්මක වන බැවින් ඒ සම්බන්ධව බලාපොරොත්තු තබා ගත හැක.
සෞඛ්‍ය තත්වයේ ප්‍රබල ගැටළු නැත. සතිය මැදදී සෙම් රෝග සහ උදරාබාධ ඇති කරන්ට පුලුවනි.

● සිංහ
ඔබටද ශුභාශුභ මිශ්‍ර සතියකි.
විශේෂයෙන්ම සතිය මුල් කොටසෙදි කිසියම් ආකාරයකට පසුබෑමක් ඇති උවත් සතිය මධ්‍ය කොටසෙදි මෙම තත්වය මගහැරි යයි. නව රැකියා අවස්ථා මෙන්ම, ආදායම් මාර්ගද එලි පෙහෙලි වනු ඇත.
ගෘහ ජිවිතයේ යම් හොද දේ සතිය මැදදී බලාපොරොත්තු වන්න. නිවසට ඥාතින් පැමිණෙන කාලයකි.
සෞඛ්‍ය තත්වයේ ගැටළු නැති වුවත් මුල් කොටසෙදි උදරාබාධ සහ ජලයෙන් බෝවන ලෙඩ රෝග සම්බන්ධව පරිස්සම් වන්න.

● කන්‍යා
හොද සතියකි.
සතියේ මුල් කොටසෙදි අග වෙනතුරු, දියුණුව එක හා පවතී. හවුල් කටයුතු මෙන්ම වෙළදාම් කටයුතු කරන අයටත් මෙම තත්වය වලංගුය. ආර්ථික තත්වයේ, ප්‍රබල ගැටළු නොමැත.
ගෘහ ජිවිතය ප්‍රීතියෙන් ගත වේ. ඔබට පසුගිය සතිය 2දී, මුහුණ දුන් කටුක අත්දැකීම් සහ පරාජයන් ක්‍රමානුකූලව සිතෙන් ඈත්වී යයි.
සෞඛ්‍ය තත්වෙයේ ප්‍රබල ගැටළු නම් මානසික ආතතිය සහ සිහි කල්පනාව අඩුකමයි. ඒ ගැන පරිස්සම් වන්න.

● තුලා
සතිය පුරාම හොද තත්වයක් පෙන්වයි.
ආර්ථික තත්වයේ නව පිබිදීමක් ඇතිවන අතර, රැකියා නැතිව තිබූ අයට නැවත රැකියා ලැබේ. එසේම තමන් ව්‍යාපාරික කටයුතු වලින්ද ඉදිරියට ඒමක් පෙන්නුම් කරයි. පොදුවේ හොදයි.
ගෘහ ජිවිතය ඉතාම ප්‍රීතියෙන් ගත වේ. නෑදෑ හිතමිතුරන්ගේ ආශ්‍රයත් සමග වැඩි කාලය ගතවේ. අලුත් නෑදෑ හිතවත්කම් ඇතිවේ.
සෞඛ්‍ය තත්වයේ ගැටළු නැත. පපුවේ සෙම් රෝග ගැන සැලකිලිමත් විය යුතුය.

● වෘශ්චික
ඉතාම ප්‍රීතිමත් සතියකි.
නැතිව තිබු රැකියාව මෙන්ම අහිමිව තිබු ආදායම් මාර්ග හිමිවෙයි. විශේෂයෙන්ම හොදයි. හවුල් ව්‍යාපාර කරන අයට සහ විදෙස් රැකියා කරන අයට ඉතාම සුභයි.
ගෘහ ජිවිතය ප්‍රීතියෙන් ගත වන අතර, නිතර දෙවේලේ ඥාතින්ගේ පැමිණීම බලාපොරොත්තු විය හැකි අතර, තමන්ටද ප්‍රීති උත්සව වලට සහභාගි විමට ඉඩ ලැබේ.
සෞඛ්‍ය තත්වයේ ගැටළු නැති වුවත් හිසේ කැක්කුම් සහ නිදන්ගත රෝග ඇති අය ඒවා මර්දනය කරගැනීමට උත්සුක වන්න.

● ධනු
ඉතාම ශුභයි.
කරන කියන දේ මෙන්ම සමාජයේ ජනප්‍රිය තත්වයට පත්වෙයි. සතිය මැදදී පිට පලාත් වල කරන ආයෝජන වලින් හෝ වෙලදාමෙන් වාසි සැලසේ.
ගෘහ ජිවිතය ඉතාම ප්‍රීතිමත්ව ගත වන අතර, තමාගෙ ඇසුර අන් අයට ප්‍රිය වෙයි. මංගල යෝග ක්‍රියාත්මක වන කාලයකි.
සෞඛ්‍ය තත්වයේ ගැටළු නැත. බෝවන ලෙඩ රෝග වලින් පරිස්සම් වන්න.

● මකර
හොද සතියකි.
අලුත් ආදායම් මාර්ග සහ තැන්පත් ධනය වර්ධනය වේ. එසේම ඥාතින් හිතවතුන්ගෙන් දියුණුවට උදව් උපකාර ලැබේ. හොද සතියකි. එය හොද කරගැනීම ඔබ අතේ බව සලකන්න.
ගෘහ ජිවිතය ඉතාම ප්‍රීතිමත්ව ගත වේ. අඹුසැමි ප්‍රේමය වර්ධනය වේ. ඉතා හොදයි. ගැටළුවක් නැහැ.
සෞඛ්‍ය තත්වයේ ගැටළු නැත. හන්දිපත් වේදනාව සහ ඇඟේ අමාරු ඇති අය ඒ ගැන බලාගන්න.

● කුම්භ
ඉතාමත් වාසනාවන්ත සතියකි.
ගැටළුවක් නොමැත. කරන කියන කටයුතු සාර්ථක වේ. අලුත් ආදායම් මාර්ග මෙන්ම ඥාතින්ගෙන් හිතවතුන්ගෙන් දියුණුවට උදව් උපකාර ලැබේ.
ගෘහ ජිවිතය ප්‍රීතිමත්ව ගත වේ. දුවාදරුවන්ගේ කටයුතු වලට වෙනදාට වඩා මැදිහත් වීමට පුලුවන්. හොද කාලයකි.
සෞඛ්‍ය තත්වයේ සෙම් රෝග සහ අසනීප ගැන අවදානමත් වන්න.

● මීන
සමඵල සතියකි.
ඔබගේ ආදායමේ හැටියට වියදම සකස් කරගත යුතුයි. සතිය මුල් කොටසෙදි ලැබීම් මෙන්ම අග කොටසෙදි යම් යම් පාඩුද ඇති කිරීමට පුලුවන්. තැන්පත් ධනය අහිමි වීමේ සැකසුමක් ඇත. පරිස්සම් වන්න.
ගෘහ ජිවිතය සාමාන්‍ය පරිදි ගත වන අතර, දරුවන් සමග විනෝද චාරිකා ආදියේ නියුතු වීමට පුලුවන්.
සෞඛ්‍ය තත්වයේ සෙම් රෝග ගැන ප්‍රවේසම් වන්න.


* භාව කේන්දරයේ සම්පූර්ණ පලාපල විස්තරය ලබාදෙන, Word Doc. සේවාව හෝ Skype/දුරකථන මාර්ග සේවාව

* අපල ආදියට කල යුතු ශාන්ති කර්ම, යහපත් පැවැත්ම, අපල සමනයටත්, අදාල ග්‍රහයාගේ සුභ පල ලබාදීමටත් ලබාදෙන යන්ත්‍ර, ආරක්ෂණ යන්ත්‍ර, ජීවිතයේ ජයග්‍රහණ යහපත උදාකරණ සර්වජන වශී ධන සාධන ආකර්ෂණ යන්ත්‍ර, 

* නාමකරණය  (පුද්ගල, ව්‍යාපාර) (නම් තැබීම).


* නිවසට පැමිණ වාස්තු විද්‍යා උපදේශනය,


* කාර්යාලයට පැමිණ සේවා ලබාගැනීම ඇතුළු


 සියලූම ජෞතිෂ්‍ය කටයුතු සඳහා inbox කරන්න. 


0711 345 364









Thursday, January 15, 2015

රට අස්ථාවර නොකරනු.... වස්


පසුගියදා අවසන් වූ ජනාධිපතිවරණය සම්බන්ධව විවිධාකාරවූ මතයන් ජ්‍යොතිෂ්‍යය සම්බන්ධව මේ දිනවල පැතිරී යයි. නම් වශයෙන් සදහන් නොකෙරුවත්, විවිධ රාජ්‍ය බැංකු වල අධ්‍යක්ෂක ධූර දැරූ ජ්‍යොතිෂ්‍යෙව්දීන් යැයි කියාගන්නා බක පණ්ඩිතයන්ද, එසේම වෙඩි තියාගන්නවා යැයි කියූ සමහර ජ්‍යොතිෂ්‍යයවේදින්ද හා අප පෙර සදහන් කල ආකාරයට වෙනත් ආකාරයකට සිතා බැලුවොත්, මලු නැතුව කඩේ ගිය ජ්‍යොතිෂ්‍යය වේදීන්ටද මෙහිදී මරු පහරක් වැදී ඇති බව පෙනෙයි.

එසේම මෙහිදී ජ්‍යොතිෂ්‍යය ශාස්ත්‍රයට කුමක්වත් සිදුවී නොමැත. පරාජය වූයේ ඔවුන්ගේ පෞද්ගලික මතවාදයයි. අප සුවහසක් පාඨකයන්ට සේවය කරන ජ්‍යොතිෂ්‍යය සේවයක් වශයෙන් අප සැමවිටම උත්සහ කරන්නේ අපක්ෂපාති වූත්, මධ්‍යස්ථ වූත් පලාපලයක් සියලුම අංශ වලට ගෙන ඒමටය.

* මෛත්‍රිපාල සිරිසේන මහතා ජය ගන්නා බව අප දැන සිටියෙමු.
එතුමා පොදු අපේක්ෂකයෙකු ලෙස නාම යෝජනා දෙන්නට බොහෝ පෙර සිටම අප විසින් එතුමාගෙ කේන්දර සටහන දැන සිටියෙමු.
* හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජන්ම පත්‍රය හා සැසදීමේදී එසේම මහින්ද සහ මෛත්‍රි උපන් දින වල චන්ද්‍ර රාශි පිරික්සීමේදී මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා මෙම මැතිවරණයෙදි පරාජය වන බව පැහැදිලි විය. එතුමන් සැබෑවටම පරාජයට පත් වූයේ නොවැ 2 දිනය.
එසේම මෙහිදී යම් මතවාදයක් ඉදිරිපත් කිරීමේදී දේශපාලනයට ප්‍රසිද්ධියේ ජ්‍යොතිෂ්‍යය ඈදාගැනීමෙන් ජ්‍යොතිෂ්‍යයට සිදුවේ.

* එයින් පුද්ගලයාට නොව ජ්‍යොතිෂ්‍යයට හානියක් වන බව අපගේ මතයයි.
එසේම අප හා බැඳි සිටින පක්ෂ විපක්ෂ සියලුම සහෘද පාඨකයන් අතර, විශේෂයෙන්ම එවකට පැවති ආණ්ඩුව සමග හිතවත් අයගේ සිත් නොරිදවනු පිණිස පල නොකිරීමට වග බලාගත්තෙමු.

● මේ මෑතකදී සුප්‍රසිද්ධ ජ්‍යොතිෂ්‍යවේදි මංජුල පීරිස් මහතා නාලිකාවකට පැමිණ, මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා අත්සන් කල වෙලාවක් ගැන ඔහුගේ මතයක් ඉදිරිපත් කර ඇත.

● නව ජනාධිපතිතුමා අත්සන් කොට ඇත්තේ ජනවාරි 9 වනදා සවස 6.17ටය.
* රවිගේ කාල හෝරාවේ, බුද පංචම කාල හෝරාවේ දිව්රුම් දී ඇත. එය වාසනාවන්ත තත්වයකි.

* එම අවස්ථාවේ පැවතියේ මුල නැකත බව මංජුල පීරිස් නම් ජ්‍යොතිෂ්‍යය දන්නා බව කියූවද, එම අවස්ථාවේ පැවත ඇත්තේ “මා නැකතය“
මුල නැකතේ නම් චන්ද්‍රයා/සඳු සිටිය යුත්තේ ධනුවේය. මා නැකතේ නිසා සිටින්නේ සිංහ රාශියේය...
(ඒ තරම් සරල දෙයක්වත් දන්නේ නැති කෙනෙක් ජ්‍යොතීර්වේදියෙකු වන්නේ කෙසේදැයි අපට සිතාගත නොහැක....)

* තවද ජනාධිපතිතුමාට දැනට ගත වන්නේ සෙනසුරු මහ දසාවේ රවි අතුරු දසාවයි. එයද ඉතාම බලවත් අවස්ථාවකි,

* එතුමන් මේ වන විට ඒරාෂ්ඨක අපලයක වසර 7 හමාරක් ගතකොට ඇත.

●පංච පක්ෂී ශාස්ත්‍රය අනුව බැලුවද ගරු මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා උත්‍රපල් නැකතේ බැවින් කාක පක්ෂියා හිමිවේ.
* එසේ නම්, ගරු මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා දිව්රුම් දුන් අවස්ථාවේදී කාක පක්ෂියා “ ගමන “  අවස්ථාවේ පැවතිය.
* පංච පක්ෂි ශාස්ත්‍රය අනුව, “ ගමන “ අවස්ථාව ඉහලින්ම හොද බව ශාස්ත්‍ර නියමයයි..

● නාම ස්වර අතින් පංච පක්ෂි ශාස්ත්‍රය බැලුවත්, මෛත්‍රිපාල යනු නාම ස්වරය “අ“ ස්වරයට අයිති වේ.

● “අ“ ස්වරය “භේරුඩ“ පක්ෂියාට හෙවත් “රාජාලියාට“ හිමිවෙයි.

● මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා 9 වෙනිදා දිවුරුම් දෙන විට, දුරුතු මස අව තියවක තිථිය අවසන් වී අව ජලවක තිථිය ලබා තිබුනි. අව ජලවක තිථිය අවසන් වීමට තිබුනේ 9වන සිකුරාදා දින සවස 6.34ටය.

● භේරුඩ පක්ෂියාට අශුභ වන්නේ. කුජ හෙවත් අගහරුවාදා දිනයයි. එසේ නම්, ජන්ම නැකතේ කාක පක්ෂියා ගමන අවස්ථාවේදී සිටියදී මෛත්‍රිපාල නමේ භේරුඩ පක්ෂියා එදින, “ රජ අවස්ථාවේ“ සිට ඇත.

එසේ නම් මංජුල පීරිස් මහතාගේ ඔලමොට්ටල කතාව කවුරුන් උදෙසාද ???

ඕනම කෙරුමෙකුට අපි අභියෝග කරනවා අපිත් සමග ජ්‍යොතිෂ්‍යයෙන් සටන් කරන්නට...
මිනිසුන්ව ජ්‍යොතිෂ්‍යය මගින් දේශපාලන ගැතිකමට පෙළඹවූ යුගය අවසන් විය...

මංජුල පීරිස් මහතා දන්නා ජ්‍යොතිෂ්‍යයක් නොමැත. ඔහු දන්නේ කර්ණමුණ්ඩයො සහ සුමන ප්‍රේතයන්ගෙන් ඔත්තු බැලීමට පමණි.

පසුගිය කාලයේදි දිගටම ආණ්ඩුවට ගැතිකරමින් අමාත්‍යංශ කීපයක උපදේශක තනතුරුද හොබවා  ඒ වරදාන වරප්‍රසාද දැන් නැති නිසා මෛත්‍රිපාල ජනාධිපතිතුමා අත්සන් කල වෙලාව වැරදී කියමින් රට අස්ථාවර කිරීමේ වෑයමක නියත වෙන බවක් පෙනී යයි.

“ දෙරණ නාලිකාවේදි පවසා ඇත්තේ, හිටපු ජනාධිපතිවරයා පරාජය වන බව තමන් ප්‍රකාශ කලා නම් එය මහින්ද රාජපක්ෂ මහතාට අවාසියක් සිදුවන බවත්, තමන්ට අල්පෙනෙති තුඩක හෝ උදව්වක් කල කෙනෙක්ට අවාසි කිරීමට අකමැති බවයි.
එසේ වුවද, දෙරණ නාලිකාවේ පසුගිය සදුදා දින පැමිණ කීවේ, මෛත්‍රිපාල මහතා අත්සන් කල වෙලාව වැරදි බවත් ඒ අනුව එය බොහෝ විපාක ගෙන දෙන වෙලාවක් බවත්ය.
එසේ නම් යම් පිරිසක් ගෙන යන රට අස්ථාවර කිරීමේ ක්‍රියාවලියකට වක්‍රාකාරව උදව් කරන බවක් අපිට දැනේ. “

භූතයන්, ප්‍රේතයන් ගෙනැවිත් මොනවා කිව්වද... ඒවා නොවි රටට යහපතක් වන බව අප අවධාරණය කරමු...

මෙතෙක් කල රැවටීම් වැනි දෑ දැන් අවසන් කල යුතු කාලය බව අප මතක් කර දෙමු.
ජනතාව මුලාවෙන් රැවටූ යුගය දැන් නිමවී ඇත.

Wednesday, January 14, 2015

වසර 18ක රාහු මහ දසාවේ, අන්තර් දශා වල ලැබෙන පලාපල කෙබදුද ....


නාග හිසකින් සහ දේහධාරි පුරුෂ ශරීරයකින් හෙබි රාහු ග්‍රහයාගේ මහ දසාව ගැන, මතක් වන විට සියලුම දෙනාට මතක් වෙන්නේ අවුල්කාරි ගැටළුකාරි සිතිවිල්ලකි. මේ තත්වය නිසාම ඉගෙන ගන්නා දරුවන්ට විශේෂයෙන්ම අපලකාරි තත්වයක් බලපායි.

මෙම මහ දසාව පොදුවේ ගත්කල අවුරුදු 40න් පසුව ලබනවා නම් පුද්ගලයන්ගේ සමාජ, ආර්ථික දියුණුව ඇතිවේ. දේශපාලන ක්සෙත්‍රයේ සිටින බොහෝ අයට, කලා ක්ෂෙත්‍රයේ අයට ප්‍රසිද්ධිය ජනප්‍රියත්වය ලබාදීමට රාහු පසුබට නොවේ.
මේ අතින් බැලුවොත්, රාහු ප්‍රබල ග්‍රහයෙක් කියල  ඔබට තේරේවි.

රාහු මහ දසාවේ රාහු අතුරු දසාව - වර්ෂ 2යි මාස 8 දින 12කි.
මෙම කාලයේදී අධ්‍යාපනය කඩාකප්පල් වීම, එසේම ව්‍යාපාර වස්තු බංකොලොත් වීම, ශරීරයේ රෝග පීඩා ඇතිවිම, උෂ්ණාධික රෝග ඇතිවිම. තේරුමක් නැති නිෂ්ඵල ගමන් බිමන් ඇතිවේ.
* උපතේදි රාහු බලවත් නම්, ආර්ථික දියුණුව, ජනප්‍රියත්වය, ලොතරැයි වාසනාව ආදිය ලැබේ.

●  රාහුගේ ගුරු අතුරු දසාව - වසර 2යි මාස 4යි දින 24කි.

මෙම කාලයේදී ආර්ථික තත්වය යහපත් වීම, නැති වූ රක්ෂාව ලැබීම එසේම උරුමහරුමකම් ලැබීම, විවාහය සිදුවීම, දරු සම්පත් ලාභ ඇතිවිමට හේතුයි.

●  රාහුගේ සෙනසුරු අතුරු දසාව - වසර 2යි මාස 10යි දින 6

මෙම කාලය ඉතා අශුභයි.
මහා මූසලකමක් ඇති කාලයකි. ව්‍යාපාර බංකොලොත් වේ. තමාගේ නම නරක් වේ. නීතිමය ගැටළු මතුවේ. එසේම තමන්ට මානසික ශාරීරික 2න්ම පීඩා කාලයකි. තමන් සතු වටිනා දේපල නැතිවිමට හේතුවේ. ඉතාම නරක කාලයකි.
කලාතුරකින් ග්‍රහඵල හොද නම් අපල අවම වි සුභ සෙත සැලසීමට ඉඩ ඇත.

●  රාහුගේ බුධ අතුරු දසාව - වසර 2යි මාස 6 දින 18

මෙම කාලය ඉතාම හොදයි. සෙනසුරු අතුරු දසාවෙදි ඇතිවූ අපල පූර්ණ වශයෙන්ම ධූරිභූත වේ. ඉගෙනීම දියුණු වේ. තමන්ගේ ආර්ථිකය යහපත් වේ. හොද කාලයකි.
තරග විභාග ආදියෙන් සමත් වේ.

●  රාහුගේ කේතු අතුරු දසාව - අවුරුදු 1යි දවස් 18යි

ඉතාම නරක කාලයකි. ලෙඩ රෝග ඇතිවේ. ආමාශගත ගෙඩි, දණිස් ආබාධ, කොන්දේ කැක්කුම් ඇතිවේ. ජීර්ණ පද්ධතියේ රෝග ඇතිවේ. ඇගපත කෙට්ටු වේ. පුරුෂ පක්ෂයේ අයට ලිංගික බෙලහීනතාවය ඇතිවන්නේ මෙම කාලයෙදිය.

●  රාහුගේ සිකුරු අතුරු දසාව - වසර 3

ඉතාම හොද කාලයකි. සිත ප්‍රීතියෙන් පිරේ. වාසනාව ලැබේ. තමන්ට දියුණු වීමට හොද කාලයකි. එසේම විවාහයට ඉතාම ශුභයි. අලුත් ගෙවල් දොරවල්, ඉඩකඩම් ලැබේ. කම්සැප ඉතාම හොදින් ලැබෙන කාලයකි.
යාන වාහන ලැබේ. තමන් කුමන තත්වයක හිටියත් ජිවිතයේ කැපී පෙනෙන වෙනසක් ඇති කරයි.

●  රාහුගේ රවි අතුරු දසාව - මාස 10 දින 24කි.

මෙම කාලය එතරම් ශුභ නැත. ඇවිදිලි අධික වේ. සමහරවිට වැඩිහිටියන් සමග විරෝධතා මතු කරයි. උෂ්ණාධික රෝග ඇතිවේ. අක්ෂි අමාරුකම් ඇතිවේ.
පොදුවේ ගත්කල වැඩි හොදකුත් නැත.

●  රාහුගේ චන්ද්‍ර අතුරු දසාව - අවුරුදු 1 මාස 6

පදිංචි ස්ථාන වෙනස් කරයි. කුඩා දරුවෙක් නම් මව්ට එතරම් හොද නැහැ. විදේශ රැකියාවන් වලට අවස්ථාව යෙදේ. විශේෂයෙන්ම රාහු සහ සදු කේන්දරයේ බලවත්ව පිහිටා ඇත්නම් මහා පරිමාණ දියුණුවක් සලසයි. තමන්ට වාසනාවන්ත කාලයක් ඒ ඒ කේන්දර අනුව යෙදිය හැක.

●  රාහුගේ කුජ අතුරු දසාව - අවුරුදු 1 දවස් 18

ඉතාම අශුභ කාලයක්. රාහු  මහ දසාවේ අවසාන අන්තරය බැවින් සමහරවිට අනතුරු කරයි. ශල්‍යකර්ම ආදියට භාජනය වේ. එසේම දියුණුව සම්බන්ධ ගැටළු ඇතිවේ. සහෝදරයන් ඥාතින් සමග ගැටළු මතුවේ. ප්‍රධාන වශයෙන්ම රණ්ඩුවට සරුවලයට සිත පෙළඹේ.

මෙම සියලුම අන්තර් දශා වල පලාපල තම තමන්ගේ උප්පත්ති ග්‍රහචාරය සමග සසදා බැලිය යුතුය. මෙය පොදු තත්වයකි.

Tuesday, January 13, 2015

ස්ත්‍රි පාර්ශවයේ ලිංගික තෘප්තිය වැඩිවිමට හේතු - ජ්‍යෝතිෂ්‍ය ඇසින්

විශේෂයෙන්ම අද මෙම ලිපිය පලකරන්නේ, එක්තරා කාන්තා පුවත්පතක තිබූ ලිපියක් මා නෙත ගැටීමෙන් අනතුරුවය. එම පුවත්පතේ එක්තරා වෛද්‍යවරියකගෙන්, පුවත්පතේ පාඨක තරුණියක් අසා තිබුනේ,
ඇය විවාහ වී සිටින අතර, සැමියා සමග බොහෝ කායික ඇසුර පැවැත්වීමට දැඩි උවමනාවක් පවතින බවයි. එසේ වුවද සැමියා රැකියාව කරන නිසා ඒ සදහා බාධා ඇතිවෙන බවත්, එය ඇයට මානසිකව විටෙක බලපාන බවත් ඇය සඳහන් කර තිබුනි.

මෙවැනි තත්වයන් ඔබද අසා දැක ඇතැයි සිතමු. සමහර අයට  මෙවැනි තත්වයන් ඇතිවන්නේ ඇයි... ?
මෙයට හේතු කවරේද ? සහ පිලියම් කවරේද ... ?

සමහර අයට ලිංගික තෘප්තිය අවශ්‍ය පරිදි ලැබේ. තව සමහර අයට ඕනෑවටත් වඩා ලැබේ. එසේ වන්නේ ඇයි. එයට හේතුවන ග්‍රහමය පදනම කුමක්ද...

ස්ත්‍රි-පුරුෂ අපි දෙකොට්ඨාශයම ලග්න 12න් 1ක උප්පත්තිය ලබන්නෙමු. මෙම ලග්න කාණ්ඩ 4කට බෙදේ.
ආපෝ, තේජෝ, වායෝ, පඨවි රාශි යනුවෙනි.

 ආපෝ ගණයට - කටක, මීන, වෘශ්චික ලග්නද

  තේජෝ ගණයට - සිංහ, ධනු, මේෂ ලග්නද

  වායෝ ගණයට - කුම්භ, මිථුන, තුලා ලග්නද

  පඨවි ගණයට - වෘෂභ, මකර, කන්‍යා ලග්නද

අයිති වේ.

* ස්ත්‍රියකට සේම පුරුෂයාට ලිංගික කාර්යයයේදී විශේෂයෙන්ම අවශ්‍ය වන්නේ, ලිංගික අවයව ලිහිසි වීමයි. එනම්, පුරුෂයාගේ පුරුෂ ලිංගයද ස්ත්‍රි යෝනි මාර්ගයද තෙත් වීම හෙවත් ලිහිසි වීම ලිංගික සංතෘප්තියට අත්‍යාවශ්‍යම සාධකයකි.
එසේම එම තෙත් වන ශ්‍රාවය ඔස්සේ පුරුෂයාගේ ශුක්‍ර තරලය පවා පිහිනා ගොස් ගර්භාෂ බිත්තියේ රැදෙන බව වෛද්‍ය විද්‍යාෙව්  උගන්වයි.

එසේ නම් ලිංගික කටයුත්ත, ලිංගික කාර්යය යම් ස්ත්‍රියකට සතුටුදායක වන විට තවත් ස්ත්‍රියකට නීරස වන්නේ ඇයි ?? වේදනාකාරි වන්නේ ඇයි ??

 කටක ලග්නය =  චන්ද්‍ර - සිකුරු 7,
  මීන ලග්නය - චන්ද්‍ර 7
  වෘශ්චික - චන්ද්‍ර 7

* ඉහත සදහන්  ආකාරයට, යම්කිසි කෙනෙකුගේ සඳු-සිකුරු යන ග්‍රහයන් 7 වැන්නේ පිහිටා තිබෙන්නේ නම්, ලිංගික කාර්යයට ලිහිසි වීම පහසුවෙන් සිදුවේ.
මන්ද 7 වැන්න පඨවි රාශියක් වී එහි ජල ග්‍රහයෙකු තැන්පත්වීම එයට හේතුවයි.

* එසේම සිකුරු ග්‍රහයාද ධාතු ශක්තියට, ඩිම්බ ශක්තියට, ස්ත්‍රි දේහයේ ඇතිවන ලිංගික ක්‍රියාකාරකම් වලට මනාව උදව් කරන ග්‍රහයෙකි.
මෙම ග්‍රහයන් 7 වැන්නේ තැන්පත් වීම සාර්ථක ලිංගික එක්වීමකට මග පාදයි.

යම් ආකාරයකට ලිංගික තෘප්තියට බාධා ඇති ස්ත්‍රීන් විශේෂයෙන්,
* උෂ්ණාධික ආහාර පාන සේවනයෙන් වැලකීම, * එසේම ප්‍රජනන පද්ධතිය ඉතාම පිරිසිදුව තබා ගැනීම, * සබන් භාවිතා නොකිරීම - පිරිසිදු කිරීම සදහා හොදයි.
* මුත්‍රා පිරිසිදු කිරීමට ඖෂධීය කැද බීම.
* කපු වලින් නිර්මිත යට ඇදුම් පැලදීම ලිංගික ගැටළු  මැඩලීමට හේතුවකි.

තෙරුවන් සරණයි !

Monday, January 12, 2015

සතියේ ලග්න පලාපලය (ජන.13 රාත්‍රි සිට)

● මේෂ
ඔබට සමඵල සතියකි.
ආර්ථික වශයෙන් ලාභ ප්‍රයෝජන ලැබෙන, සතියේ මුල් කොටසේ ඔබ, නව වෙලද ව්‍යාපාර ආයෝජන ප්‍රවර්ධන කටයුතු වල නියුතු වනු ඇත. එසේම දැනට පවතින ග්‍රහචාරයත් යහපත් බැවින් විදෙස් රැකියා වල නියුතු ඔබටද සියලුම රැකියා වල නියුතු ඔබටද ආර්ථික වාසි ලැබේ.
ගෘහ ජිවිතය ප්‍රීතියෙන් ගතවන අතර අවිවාහක අයට මංගල යෝග උදාවිම. පෙම් සබදතා වලට වැඩිහිටි අයගේ උදව් උපකාර ලැබිම සිදුවේ.
සෞඛ්‍ය තත්වය අයහපත් නැත. සතිය අගදි සෙම් රෝග සහ ජලාශ්‍රිත බෝවන රෝග වලින් ආරක්ෂා වීම හොදයි.

● වෘෂභ
සාමාන්‍ය සතියකි.
සතිය ආරම්භයෙදි එතරම් ප්‍රබෝධයක් නැහැ ආර්ථික කටයුතු වලට, නමුත් සතියේ අග කොටස වන විට, කිසියම් ආකායරක දියුණුවක් ඔබ සම්බන්ධයෙන් අසන්නට ලැබෙනවා. එමනිසා ඔබ ඒ අනුව වාසනාවන්ත තත්වයකට පත් වෙනව.
ගෘහ ජිවිතය තරමක අවිවේකී බව සහ ආකූල ව්‍යාකූල බව නිසා යම් ගැටළු තත්වයකට මුහුණ පෑවත් සතිය මධ්‍යය කොටස වන විට එය හරියනවා. ඔබ ප්‍රවේසම් විය යුත්තේ, අඹුසැමි ආරවුල් වලිනුයි. ඉවසීම හොදයි.
සෞඛ්‍ය තත්වයේ ප්‍රබල ගැටළු නෑ. නිදන් ගත රෝග ඇති අය ඒවායින් ආරක්ෂා වන්න.

● මිථුන
ඉතාම වාසනාවන්ත සතියක්.
හදිසි ධනලාභ වාසනාව මෙන්ම, ඔබට දියුණුව ලැබෙන්නේ ඔබගේ උත්සාහයත් නිසාය. එසේම කිව යුතු තවත් කාරණාවක් නම් ඔබට ධනෝපායන මාර්ග ගැන හොද කල්පනාවක්ද මෙම සතියේදී එනවා.
ගෘහ ජිවිතය ඉතාම ප්‍රීතිමත් වන අතර, ඔබ විවාහක නම් ඔබලා දෙදෙනාගේ කාලය දරුවෙක් ගැන සිතිමට පුලුවන්. අඹුසැමි ප්‍රේමය වර්ධනය වන අතර, තරමක කාමාශාවක්ද උපදිනවා. මිථුන ලග්න මව්වරුන්ට පින්වත් දරු සම්පත් හිමිවීමේ භාග්‍යයක්ද හිමිවෙනවා.
සෞඛ්‍ය ගැටළු ලෙස සතිය අගදී බෝවන රෝග වලින් ආරක්ෂා විය යුතුමයි.

● කටක
ඉතාම වාසනාවන්ත සතියකි.
ආර්ථික වාසි හිමි වෙනව. විශේෂයෙන්ම විදෙස්ගත අයටත්, වෙළදාම් වල නියුතු අයටත් සුවිශේෂි දියුණුවක් ඇතිවේ. ඔබ හොද තීරණ වලට එළඹෙනවා. එමනිසා ඒ සම්බන්ධව ගැටළු නැහැ.
ගෘහ ජිවිතය ප්‍රීතිමත්. අඹුසැමි ප්‍රේමය වර්ධනය වේ. දුවාදරුවන්ගේ ජයග්‍රහණ නිසා සිතට සතුටද ලැබේ. ඥාතින් හිතවතුන් නිවසට ඒම නිසා සතුට වැඩිවේ.
සෞඛ්‍ය තත්වයේ ගැටළු නැහැ. සෙම් රෝග වලින් ආරක්ෂා විය යුතුය.

● සිංහ
ඔබට වාසනාවන්ත සතියක් උදාවේ.
තමාගේ උත්සහය සහ උනන්දුව නිසා මෙම සතියේ දියුණුව ලැබේ. එසේම සතිය මැදදී භූමි ලාභ, සැප සම්පත් හිමි වෙනවා. ඔබට ශුභයි.
ගෘහ ජිවිතය හොදයි. සහෝදර සහෝදරියන්ගෙන් දියුණුව උදව් උපකාර ලැබෙනවා මෙන්ම ඔවුන් සමග තිබෙන බැදීම වැඩි වෙනව.
විදෙස් ගතවීමට සිතාගෙන සිටිනවා නම්, එම කටයුතු සාර්ථක වෙනවා.
සෞඛ්‍ය වශයෙන් පපුවේ සෙම් රෝග සහ ගෑස්ටික් ගැන සැලකිලිමත් වන්න. විශේෂයෙන් සෙම් රෝග ගැන.

● කන්‍යා
එතරම් යහපත් නැති සතියකි.
මීට මාස ගණනකට පෙර කියූ පරිදිම හොද නැති සතියකි. එය තාමත් පවතිනවා. විශේෂයෙන්ම රැකියා අහිමි විමේ තත්වයන්ද ඇත. එසේම හදිසි තීරණ නිසා තමාගේ වටිනා දේවල් අත්හැරිමට සිදු වෙනව. එසේම අධික කෝපය නිසා තමාට හොද නැහැ. මානසික සෞඛ්‍ය පිරිහිම නිසා ආදායම අඩුවිය හැක. තනතුරු වලින් පහත වැටිම් ආදිය මේ අතර ප්‍රධානය.
ගෘහ ජිවිතයද අයහපත් බවක් පෙන්වයි. තමාට වඩා බාල සහෝදරයන් සමග ආරවුල් වලට පැටලීම, ඔවුන්ව ඇස් දෙකට පේන්නට බැරිවීම, දරුවන් ඇස් 2ට පේන්නට බැරි වීම ඔවුන්ව එපා වීම වැනි දෑ මේ කාලයෙදි සිදුවිය හැක. ඔවුන් නිවසින් එලවා දැමිමටත් සිත් පහල විය හැක.
සෞඛ්‍ය - රාහු ලග්නයේ බැවින්, මානසික ආතතිය සහ කල්පනාව මදකම, මානසික සෞඛ්‍ය දුර්වල වීම ප්‍රධානයි. උප්පත්ති කේන්දරයේ මේෂ රාශියේ සදු සිටින අය ඉතාම ප්‍රවේසම් විය යුතුය.

● තුලා
ජයෙන් ජයයි.
සතියක් තිස්සේ ජයග්‍රාහි මානසිකත්වයෙන් සිටින ඔබට, ඔබට හොද පිබිදීමක් ලැබෙනවා. හොද කල්පනාවක් සමග හොද මානසික තත්වයක් හිමි වෙනව. ආර්ථික වාසි සැලසෙන අතර ඔබට නව රැකියාවක් උසස් පදවි තානාන්තර ලැබිය හැක. ඔබට හොදයි.
ගෘහ ජිවිතය ප්‍රීතියෙන් ගත වේ. නමුත් ඔබට දැන් ලැබෙන රැකියා නිසා ඔබ කාර්යබහුල විමෙන් පවුලේ අය සමග ගත කිරීමේ පොඩි නිදහසක් තිබේ. නමුත් ඔවුන් සමග සම්බන්ධය වැඩිවේ.
සෞඛ්‍ය තත්වය යහපත්ය. පසුගිය සතියේම හොද දේවල් සිදුවුනු නිසා ඔබට හොදයි. තිබුනු ලෙඩ හොද වෙනවා.

● වෘශ්චික
මේ සතිය තරමක සමඵලයි.
සතිය මුල් කොටසෙදි වැඩිය ආදායම් මාර්ග බලාපොරොත්තු වෙන්ට එපා. තියෙන දේ රැකගන්න. එසේම ඔබට මුදල් පාඩු සිදුවෙන්ට පුලුවන්. ඒ කියල හිටන් ඔබ කම්මැලි වී සිටියොත් ඒක හොද නැහැ. සතිය මැද වනවිට ඒරාෂ්ටක අපලයක් තමයි ලබන්නේ. නමුත් ඔබ සිතා මතා බුද්ධිමත්ව වැඩ කරලා, හිටන් ඔබගේ ආර්ථික තත්වය යහපත් කරගන්ට.
ගෘහ ජිවිතය ඇතුලේ, දෙන්නා දෙමාල්ලන්ගේ ප්‍රශ්න තිබුනත් ඒවා යටපත් වෙලා ප්‍රේමය ඉස්මතු වෙන්ට පුලුවන්. ඔබ මේ සතියෙදි පින්දහම් වලට යොමුවෙන්ට අධිෂ්ඨාන කරගන්ට. වැඩිහිටියන්ට වැඩිහිටියන්ට සැලකීමට උනන්දු වන්ට. වෙනත් කිසි ගැටළුවක් නැහැ.
සෞඛ්‍ය තත්වයේ ගැටළු නැහැ.
ඔබ ප්‍රවේසම් විය යුතුයි, ණය තුරුස් වලින්. ඒක ගෘහ ජිවිතයට නරක විදියට බලපාන්ට පුලුවන්.

● ධනු
ඉතාම හොදයි.
සතියේ මුල් කොටසේදිම ආර්ථික වාසි හිමිවෙනවා. ඥාතින්, හිතවතුන්ගෙන් උදව් උපකාර ලැබෙනවා. වෙලදාම්, දේශපාලනය කරන අයට හොදයි. විවාහයේ දෑවැදි පවා ලැබෙනව. ඔබට සමාජයේ මෙතෙක් නොසිතූ නොවිරූ ජනප්‍රසාදයක් ලැබෙනවා.
ගෘහ ජිවිතය ප්‍රීතිමත්ව ගත වන්නේ ඔබගේ සිත සතුටින් තිබෙන නිසයි. මහා කන්දක් නැගලා බැස්සා වාගේ ඔබට දැනෙනවා. මේ සතියේදි නව තනතුරු ලැබෙන්න පුලුවන්. ඔබගේ කාලය හොදයි.
1ක් කියන්ට ඕන, ඔබගේ පරණ එදිරිවාදිකම් කරපු අය එන්ට පුලුවන් ඔබව මුණ ගැහෙන්න, ඒ ඇවිදිල්ලා හිටන් ඔබට හිතවත්කම ලීලේ පාන්න පුලුවන්. ඒ කපටි වැඩ වලට අහු වෙන්න එපා. උන් දෂ්ඨ කරන්න පුුලුවන්. ආපු ගමන සාර්ථකව යන්න.
සෞඛ්‍ය තත්වය අයහපත් නැහැ.  සතිය අගදී වාහන වල නගිනකොට බහිනකොට පරිස්සම් වන්න. එහෙම ආරක්ෂා උනොත් හිටන් වෙන කරදරයක් වෙන්නෙ නැහැ.

● මකර
බොහෝම හොද සතියක්.
නැතිවුනු රැකියාව ලැබෙනවා වගේම, නව රැකියා ලැබෙනවා. වෙළදාම් කරන අයට හෝටල්, බේකරි, විදෙස් රැකියා කටයුතු කරන අයට දියුණුව ලැබෙනවා. ජලාශ්‍රිත රැකියා කරන අයටත් ඉතාම හොදයි. කිසි ගැටළුවක් නැහැ.
ගෘහ ජිවිතය ප්‍රීතිමත්ව ගත වෙනවා. මේ සතියේ මංගල යෝග උදා වෙනවා වගේම. පෙම් සබදතා ස්ථිරසාර වෙනවා. නව ඥාති හිතවත්කම් උදා වෙනවා.
සෞඛ්‍ය ගැටළු නැත. නිදන් ගත රෝග ඇති අය පරිස්සම් වන්න.

● කුම්භ
ඉතාම හොද සතියකි.
පෙර පින පෑදෙන සතියකි. දෙයියෝ දුන්න වගේ ආර්ථික ලාභ, නව තනතුරු ආදිය ලැබෙන්න පුලුවන්. ලොතරැයි ලාභ ලැබෙන්න පුලුවන්. සතිය අගදී ව්‍යාපාර කටයුත්තක් වෙනුවෙන්, පිටපලාත් වල රැකියාවට යාමට සිදුවෙයි.
ගෘහ ජිවිතය හොදයි. වැඩිහිටියන් සමග ප්‍රීතියෙන් ඒ අයට සලකමින් සිටිමට ලැබෙනවා. උරුමහරුමකම් ලැබෙනවා. ගැටළුවක් නැහැ.
සෞඛ්‍ය තත්වයේ ප්‍රබල ගැටළු නැහැ. නමුත් දණිස් අමාරුව, කොන්දෙ අමාරුව මතු වෙන්න පුලුවනි.

● මීන
සමඵල සතියකි.
ආදායම කෙසේ වෙතත් වියදම නම් ඉහලයි. මේ තත්වය සතිය අගදී තරමකට පාලනය වෙනවා. මුදල් පරිස්සම් කරගත යුතුයි. ගොවිතැන්, ව්‍යාපාර ක්සෙත්‍ර වල අය පරිස්සමින් සිටින්න.
ගෘහ ජිවිතය සාමාන්‍ය පරිදි ගත වෙනවා. වෙන කිසි ගැටළුවක් නැහැ. සතිය අගදී ආගමික කටයුත්තකට පිට පලාතකට යෑමට සිදුවේවි.
සෞඛ්‍ය තත්වයේ සෙම් අමාරු, ඇගපත වේදනාව ආදිය ඇතිවෙන්නට පුලුවන්.




Sunday, January 11, 2015

වත්මන් දේශපාලන භූමිකාව සහ ඒ ආශ්‍රිත බැඳි ජ්‍යොතිෂ්‍යය

අපගේ මුහුණු පොතේ ලබැඳි අප දයාබර පාඨකයන් කොපමණ පිරිසක් සිටිනවාදැයි අපවත් නොදනිමු. මේ සියලුම අයගනේ අතිබහුතරය අපගෙන් විමසා සිටියේ මැතිවරණය සම්බන්ධයෙන් අනාවැකි පල කරන ලෙසයි.
ඉරු සේවයේ අනිකුත් ජ්‍යොතීර්වේදි මහතුන්ද, එහි ජාත්‍යන්තර ජ්‍යොතිෂ්‍යය උපදේශක වන වසන්ත රාජකරුණා මහතාත්, කරුණු දක්වමින් කියා සිටියේ, ඉරු සේවයේ එකල පැවති රජයට හිතවත් සහ විරුද්ධ දෙකොට්ඨාශයටම අපගේ සේවය සමග බද්ධ වී ලෙංගතුව සිටි නිසා මේ සම්බන්ධව අනාවැකි ඵල නොකර සිටිම කාලෝචිත බවයි.

* නමුත් අපද ඔබ සියලු දෙනා මෙන්ම, යම්කිසි ප්‍රතිපත්තියකින් හෙබි දේශපාලන මතවාදයක් සිත්හි ඇති පුද්ගලයන්ය. නමුත් අපගේ දේශපාලන වුවමනාවන්, ජ්‍යොතිෂ්‍යය හරහා පුද්ගලයන්ගේ ඔළු වලට බලහත්කාරයෙන් හෝ යාප්පුවෙන් රිංග වීමට අපි උත්සහ නොගත්තෙමු. අද මාධ්‍යය සහ ලංකාවේ ප්‍රබලම මාධ්‍යයක් වන ෆේස්බුක් හරහා දක්නට ලැබෙන්නෙ ජ්‍යොතිෂ්‍යය ඉතාම බරපතල ආකාරයට හෑල්ලු වී ඇති බවයි. එයට ප්‍රධානම හේතුව විශේෂයෙන්ම බඩගෝස්තරවාදි ජ්‍යොතිෂ්‍යය වේදින්ය. ඔවුන් කවුද ඔබ හොදටම දන්නවාය.

සමහරු ජ්‍යොතිෂ්‍යය වෘත්තිය වෙනුවට පවතින රජයට ආවඩන්නන් වී සිටි අතර, තවත් සමහරු තනතුරු තාන්න මාන්න අරන් ආණ්ඩුවට ඔල්වරසන් දෙනව.
සමහරු වෙඩි තියාගන්නවලු... මම දැක්කා ෆේස්බුක් එකෙන් තුවක්කු රාශියක් පෙන්නලා තියෙනවා කැමති එකක් අරගෙන වෙඩි තියාගන්න කියල. මොවුන් එහෙම මැරෙන්නෙ නැහැ.
නමුත් මොවුන් අතින් මැරෙන්නේ.... අවංකව ජ්‍යොතිෂ්‍යය අනාවැකි පල කරන බුද්ධිමත් ජ්‍යොතිෂ්‍යය වේදින්ය. ඔවුන් අමාරුවේ වැටෙන්නේ ජ්‍යොතිෂ්‍යය විශ්වාස කරන පොදු ජනතාවය.

නමුත් අනාදිමත් කාලයක සිට, වරාමිහිර, පරාශර, ක්‍රිෂ්ණ මූර්ති, ජයමිණි වැනි පඬිවරුන් රැකගෙන ආ මෙම උතුම් ශාස්ත්‍රය කිසිම වැඩකට නැති නිර්ලජ්ජිත වන්දි භට්ටකම් කරන නිවට නියාලු ජ්‍යොතිෂ්‍යය වේදීන් යැයි කියාගන්නා මානසික රෝගින් නිසා බරපතල විදියට හෑල්ලු වි ඇත.

●  අපත් දැනගෙන සිටියා, ජනවාරි 8න් පසු ජනාධිපතිවරණයෙන් හිටපු ජනාධිපතිතුමා පරාජය වන බව. මන්ද එතුමන්ගේ උපන් දිනය අනුව, චන්ද්‍රයා මේෂ රාශියේ සිටියදී අස්විද නැකතින් උප්පත්තිය ලැබූ අතර,
2014 නොවැ මස 2වෙනිදා වූ සෙනසුරු මාරුවෙන් එනම් සෙනසුරු වෘශ්චික රාශි ගතවීමෙන් එතුමාට බරපතල අපලයක් උදා වූවා.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පරාජයට පත්වුනේ ජනවාරි 8 නොව, නොවැ. 2වෙනිදාය.
එදා දින, එතුමාට චන්ද්‍ර - අෂ්ටම ඒරාෂ්ටක අපලය ලැබුවා.
අපල අතරින් ඉතාම ප්‍රබල අපලයක් වන මෙය ලැබුවොත් කෙනෙකුට ඉතාම දැවැන්ත ආකාරයට අපල කරනවා. තනතුරු - පදවි නැති වෙනවා.
* ඔබට මතක ඇති අප මීට සති 2-3ක සිට කන්‍යා ලග්නයට පල කරන සතියේ ලග්න පලාපලයෙදි මේ තත්වය තරමක් දුරට පලකිරිමට අප උනන්දු උනා.

●  එසේම අභිනව ජනාධිපති අතිගරු මෛත්‍රිපාල සිරිසේන මහතා තුලා ලග්නයට සම්බන්ධව උප්පත්තිය ලබා, කන්‍යා චන්ද්‍ර රාශියෙන් උත්‍රපල් නැකතින් උපත ලැබූ කෙනෙක්.
එතුමන්ගේ කේන්දරයට අනුව නොවැ 2 එතුමාගේ වසර 7 හමාරක ජන්ම ඒරාෂ්ටක අපලය අවසන් වූවා. එතුමාගේම වචනයෙන් සදහන් කරන පරිදි නොවැ 2ට කලින් වසර 2 හමාරක කාලය තුල එතුමා දැඩි පීඩාවෙන් සහ දැඩි කම්පනයකින් සිටි බව පැහැදිලි විය.
සුදුසු තැන නොලැබීම, පක්ෂයට කල සේවයට නිසි ගෞරවය නොලැබීම ආදිය ඉන් ටිකක්.

* නොවැ 2 සෙනසුරු අපලය අවසන් වීමත් සමග එතුමා මුල් පුරවැසියා වීමේ අඩිතාලම වැටුනා. ජ්‍යොතිෂ්‍යයේ ආශ්චර්යය මෙයයි.
තවද කෝටියක් දෝෂ භංග වෙන ආකාරයට සිංහයේ රවි පිහිටා තිබෙන එතුමාගේ කේන්දර සටහන බලවත් කේන්දරයක්.

නමුත් පැවති රජයට මලු නැතුව කඩේ ගිය ප්‍රවීණ ජ්‍යොතීර්වේදී යැයි කියා ගන්නා පුද්ගලයන්ට මෙම ඥානය නොපෙනුනේ ඔවුන්ගේ ආණ්ඩු ගැති භාවය නිසාය.
මොවුන්ගේ ක්‍රියාවන් ජ්‍යොතිෂ්‍යයට මරු පහරකි.
එසේ නොමැති වන්නට,

“ පරිපාලන ක්ෂෙත්‍රයේ පහල නිලයක් වන ග්‍රාමසේවක ධූරයක රැකියාව කර, පක්ෂයක නායකයෙක්ව නොසිට අගමැති ලෙස පත් නොවී, ලංකා දේශපාලන ඉතිහාසයේ විධායක ජනාධිපති පුටුවේ වාඩි වුනු ඔහුට සැබැවින්ම ග්‍රහ බලයක් පිහිටා නොතිබෙන්ට ඇද්ද.....“
ඔබම කල්පනා කර බලන්න.

අප මේවා දන්නවා. නමුත් අපටත් තිබුනා එක එක මාධ්‍යය ඉස්සරහට ගොස් මේවා කතා කරන්ට. නමුත් ජ්‍යොතිෂ්‍යය වේදියාගේ කාර්ය භාරය අදටත් හෙටටත් මෙය නොවෙයි.
තමා කර අරින පුද්ගලයන්ට හරි වැරද්ද කියා දී ඔවුන්ට කුසල් සිත් උපදවා ඔවුන් ධාර්මික කිරීමයි. බඩ වඩා ගන්නාවූ ජ්‍යොතිෂ්‍යය වේදීන් මින්පසුවවවත් මේවා තේරුම් ගැනීමට ජන විඥානය පහල වේවායි ප්‍රාර්ථනා කරන අතර ජ්‍යොතිෂ්‍යය නැමති පුරසඳ සැමදාමත් ජන හදවත් වල බැබලේවා !

තෙරුවන් සරණයි !

Tuesday, January 6, 2015

සතියේ ලග්න පලාපය (ජන 8 සිට)

● මේෂ
ඔබට ශුභ සතියකි.
පවතින ග්‍රහ චාරයත් සමග බැලූකල සතිය පුරාම ආර්ථික වාසි හිමිවෙයි. එසේම හදිසි ධනලාභ සහ හදිසියේ ලැබෙන මුදල් හදල් වලින් ඔබට යම්කිසි ආර්ථික තත්වයක් මෙම සතියේදි හිමිවේ.
ගෘහ ජිවිතය ප්‍රීතියෙන් ගතවන අතර, පවුල තුල අන්තර් පුද්ගල සමාජය සබදතා යහපත්ව පවති. ඉගෙන ගන්නා දුවාදරුවන්ට හොදයි. මේෂ ලග්නයෙ මව්වරුන්ට දරුවන් පිළිසිඳ ගන්නා සතියකි.
සෞඛ්‍ය තත්වය සාමාන්‍ය ගැටළු සතිය අගදි මතුවිය හැක. ඒ සෙම් අමාරු වැනි රෝගයි. ඊට අමතරව බලපාන කිසිම කරදරයක් නොමැත.

● වෘෂභ
ඉතාම ශුභ සතියකි.
සතිය පුරාම ස්ථාවර ආර්ථිකයක් පවතින අතර, වෙළද ව්‍යාපාර කරන අයටත්, ජලාශ්‍රිත රැකියා කරන අයටත් සතිය පුරාම ශුභයි. සතියේ අවසන් දින කීපය තුල හදිසි ධනලාභ උදාවිමට පටන් ගනී.
ගෘහ ජිවිතය ප්‍රීතිමත්ව ගත වේ. නිවසට අලුත් බඩු බාහිරාදියද, තවත් යම් යම් දේද, හිමිකර ගැනීමේ වාසනාව ලැබේ. දරුවන් සමග විනෝද සංචාර වල යෙදීමට අවස්ථාව හිමිවේ.
ජලාශ්‍රිත රෝගද, සෙම් අමාරුද ඔබට මතුවිමට පුලුවන.

● මිථුන
ඉතාම ශුභයි.
මේ සතියේ චන්ද්‍ර චාරයත්, තත්කාල ග්‍රහචාරයේ ඇති ග්‍රහ බලයත් හේතු කරගෙන, ඔබට ඉතාමත් වටිනා සතියක් මෙම සතිය තුල උදාවනු ඇත. ආර්ථික වාසි නිතැතින්ම හිමිවන අතර, තමාගේ උත්සහයේ තරමට වාසි ඇතිවනු ඇත.
ගෙදර දොරේ ජිවිතයද ඉතාම සාමකාමිව ගතවේ. හිතමිත්‍රාදීන් ගෙදරට පැමිණේ. ඔවුන් සමග ඉතාම ප්‍රීතිමත්ව කටයුතු කිරීමට ඔබට හැකියාව ලැබේ.
සෞඛ්‍ය තත්වයෙ ප්‍රබල ගැටළු නොමැත.

● කටක
හොද සතියකි.
තමන් උත්සහයෙන් කරන ව්‍යාපාරික කටයුතු දියුණු වේ. එසේම තමාගේ දියුණුවට සහයෝගය ලැබෙනවා. සතිය අගදී පිටපලාතක ගමනකට නියමයි.
ගෘහ ජිවිතය ඉතාම ප්‍රීතිමත්ව ගතවනවා. තමාගේ වැඩකටයුතු වලට ගෙදර අයගේ සහයෝගය ලැබෙනවා. අඹුසැමි ප්‍රීතිය වර්ධනය වනවා.
සෞඛ්‍ය තත්වයේ ගැටළු වශයෙන්, සෙම් ගෙඩි සහ සෙම ආශ්‍රිත රෝග ගැන සැලකිලිමත් විය යුතුය.

● සිංහ
ඉතාම ශුභ සතියකි.
කරන කියන කටයුතු සාර්ථක වීමද, නව ධනෝපායන මාර්ග එළිපෙහෙලි වීමද, තවද පිට පලාත්වල සිටින මිතුරන්ගෙන් දියුණුව උදෙසා ආධාර උපකාර ලැබීමද මේ සතිය තුලදී සිදුවේ.
ගෘහ ජිවිතය තුල ප්‍රීතිමත්ව සිටිමට අවස්ථාව ලැබේ, නමුත් ඔබට මෙම සතියෙදි චන්ද්‍ර මංගල යෝගයද යෙදෙන නිසා විවාහක අය ඉතාම ප්‍රවේසමෙන් පවුල් ජිවිතය තුල ඉවසීමෙන් කටයුතු කල යුතුයි.
වචනය ප්‍රවේසම් කරගන්න.
සෞඛ්‍ය ගැටළු නම්, හිස සම්බන්ධ රෝග, සෙම් අමාරු, සෙම ආශ්‍රිත රෝග, උෂ්ණාධික රෝග, ඇස් දැවිල්ල ආදි රෝගයි.

● කන්‍යා
එතරම් ශුභ සතියක් නොවේ.
වැයවීම ස්ථිරයි. එසේම ආර්ථික තත්වයේ කඩා වැටීම් පෙන්නුම් කරයි. විමසිලිමත් නොවුවොත් රැකියාව අහිමි වීමට පවා ඉඩ ඇත. බුද්ධිමත් වන්න.
ගෘහ ජිවිතය තුල මානසික ආතතිය ඇතිවිමට ඉඩ ඇත. එසේම තමාගේ හිතවත් අය තමාව, කොන් කරන්නට පුලුවන්.
මානසික රෝග සහ ඉක්මන් කෝපයෙන් පරිස්සම් වන්න.

● තුලා
ඉතාම සුභයි.
ඔබ කලක් තිස්සේ බලාගෙන සිටි සුපිරිම රැකියාවක් ඔබට ලැබෙනවා. ඔබ මෙම සතිය තුලදි ඉතාම ජනප්‍රිය තත්වයකට පත් වෙනවා. ආර්ථික වාසි හිමිවේ. ව්‍යාපාරික කටයුතු දියුණු වන්නේ ජන ප්‍රසාදය නිසාය.
ගෙදර දොරේ ජිවිතයද ඉතාම යහපත් වෙයි. සිත ප්‍රීතියෙන් පවතින අතර, ඔබ නිසා අන් අයටද ප්‍රීති වීමට පුලුවන් සතියක් උදාවෙනව.
සෞඛ්‍ය ගැටළු නැත. හොදින් ඉන්න වාසනාව ලැබෙන සතියකි.

● වෘශ්චික
ඉතාම සුභ සතියකි.
විදේශ රැකියා වල නියුතු ඔබට, ඉතාම හොදයි. අලුත් රැකියා අවස්ථා උදා වෙයි. ජලාශ්‍රිතව කර්මාන්ත කරන අයට, ඉතාම හොදයි. ඔබ නිතැතින්ම දියුණුවට පත්වෙනවා. එහි ගැටළුවක් නැහැ.
ගෘහ ජිවිතය ඉතාම ප්‍රීතිමත්ව ගත වෙනවා. ඔබට හොදයි. වැඩිහිටියන් සමග සංචාරයට, වන්දනා ගමන් වලටද අවස්ථාව ලැබෙනවා. ආගමික නැඹුරුතාවක් දක්නට පුලුවන්.
සෞඛ්‍ය තත්වයේ ගැටළු නොමැති වුවත්, හිසේ කැක්කුම් ආදි ගැටළු නිසා වෛද්‍ය උපදෙස් පතන්න.

● ධනු
පින්වන්ත සතියකි.
පෙර පිනට මෙන් යම් යම් දේ ලැබෙනවා. ඔබට දේවාශිර්වාදය සහ ඔබ භාරහාර වුනු යම් යම් ආගමික වතාවත් නිසා ඔබ දියුණු වෙනවා. ඔබට ආර්ථික වශයෙන් වාසි අත්වෙන, ව්‍යාපාරික කටයුතු වලට අතගැසීම මෙම සතියේදි ශුභයි.
ගෘහ ජිවිතය ප්‍රීතියෙන් ගතවන අතර, වැඩිහිටියන් සමග වන්දනා ගමන් ආදිය යෙදෙනවා. ඔබට හොදයි.
සෞඛ්‍ය තත්වයෙ ප්‍රබල ගැටළු නැත. කලවා සහ පාද ආශ්‍රිතව රෝගාබාධ වලින් වේදනා කැක්කුම් වලින් පරිස්සම් වන්න.

● මකර
සමඵල සතියකි.
සතිය මුලදී ආර්ථික වශයෙන් එතරම් යහපතක් නැහැ. ආර්ථික අවාසි ඇතිවේ. එසේම කරන කියන කටයුතු වල යම් පාඩු ඇතිවේ. ඒවගේම හවුල්කාරින් සමග කරන්නාවූ යම් යම් ගනුදෙනු වලින් පාඩු ඇතිවේ. එයද ගැටළුවකි.
ගෘහ ජිවිතය එතරම් සාර්ථක නොවේ. එය ඔබට ගැටළුවකි. එසේම අඹුසැමියන් අතර, යම් නොහොද නෝක්කඩු මතුවිය හැක. නමුත් සතිය අගදී මෙම තත්වයන් වෙනස් වෙයි.
සෞඛ්‍ය තත්වයේ ගැටළු ඇතිවන බැවින් ඔබ ප්‍රවේසම් වන්න.

● කුම්භ
ඉතාම ශුභයි.
මේ තත්වය නිසා, ඔබට මානසික නිදහස ලැබේ. එය ඉතාම ශුභයි. ආර්ථික වාසි හිමිවේ. හවුල් ව්‍යාපාර වලින් ලාභ ලැබේ. ඔබට හොදයි.
ගෘහ ජිවිතය ප්‍රීතියෙන් ගතවේ. ඔබට මංගල යෝජනා උදාවේ. ප්‍රීතියෙන් සිටිමට පුලුවන්. අලුත් මිතුරු මිතුරියන් ආශ්‍රයට ලැබේ.
සෞඛ්‍ය තත්වය සාමාන්‍ය වශයෙන් හොදයි. ප්‍රබල ගැටළුවක් නොමැත.

● මීන
ඉතාම හොදයි.
සතිය මුලදී යම් යම් බාධක තිබුනද, සතිය අග වන විට, යම්කිසි ප්‍රගතියක් ඔබගේ දක්නට ලැබෙනවා. ඔබ හොද තත්වයක ආර්ථික තත්වයක් පවත්වාගෙන යනවා. ප්‍රබල ගැටළු නොමැත.
ගෘහ ජිවිතය හොදයි. සතිය මුලදි යම් යම් බාධක කරදර උපද්‍රව තිබුනද ඒවා ක්‍රමානුකූලව යටපත් වීම වෙනවා.
සතිය අගදි අඹුසැමි ප්‍රේමය වර්ධනය වන අතර, ඔබට හොද කල දවසක් උදා වෙනවා.
සෞඛ්‍ය තත්වයේ සෙම් අමාරු සහ උදරාබාධ ගැන සැලකිලිමත් වන්න.


Saturday, January 3, 2015

බොහෝ දෙනෙක්ගේ දැඩි අවධානය දේශපාලන කටයුතු ගැන යොමුවී තිබීම නිසා අපද අපගේ කටයුතු කරමින් ඒ ගැන සංවේදීව සිටිමු.

කෙතරම් කීවද දිනන්නේ කවුද ගැන මසේජ වලින් අසන අයද බොහෝය...
දිනන්නේ කවුද යන්න කෙසේ වෙතත්, පැහැදිලි දළ කේන්දර සටහන් වලට අනුව, ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේත්, පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාගේත් කේන්දර සටහන් අනුව විග්‍රහයන් ඉදිරිපත් කිරීමට සිතමින් සිටිමු.

ඒ ගැන විග්‍රහය භාව කේන්දරය, ක්‍රිෂ්ණ මූර්ති පද්ධතිය, සූක්ෂම කේන්දර විග්‍රහයන් සහ ලෝකායතන ජ්‍යොතිෂ්‍යයටද අදාලව කල හැකි වුවද එවිට සංකීර්ණ වනු ඇත.
ඇතැම් ප්‍රසිද්ධ ජ්‍යෝතිර්වේදින් විසින් ක්‍රිෂ්ණ මූර්ති පද්ධතියත් ඇතුලත් කරගෙන දෙදෙනා ගැන කරන විග්‍රහයන්හි සදොස් තැන් බොහෝය... ඒවා පෙන්වා දෙන්නට යාමෙන් එයද කඩේ යාමකට ආසන්න විය හැකි නිසා ඒගැන කිසිවක් නොකියමු...

‪#‎ඉරුසේවය‬ ----> Iru Astrology --- Iru Sewaya

Friday, January 2, 2015

2015 වසරේ ලග්න පලාපලය

● මේෂ

ආර්ථිකය : යහපත්ව පවතී.
එසේම නව ආදායම් මාර්ග වලට ඔබට යොමුවීමට සිතෙනවා ඇත.  එසේම විදේශ ගතව රැකියා කරන අයටත් මේ කාලය හොදයි. භූමි ලාභ සැප සම්පත් ලැබෙනවා ඇත.

ගෘහ ජිවිතය : ඉතාම හොද ආකාරයෙන් ගත වේ.
ගැටළු තිබෙනවා නම් ඒවා නිරාකරණය කිරීමටද අවස්ථාව ලැබේ. මේෂ ලග්නයේ ගැබිණි මව්වරුන් සිටී නම්, ඔවුන්ට වාසනාවන්ත දරු උපත් සිදුවේ. ප්‍රේම සබදතා සඵල වන අතර, ජූනි මසින් පසුව විවාහ කටයුතු වලට බොහෝ සෙයින් හිතකරයි. අධ්‍යාපනය ලබන දරුවන්ගේ දැනුම වැඩිවන අතර තරග විභාග ආදියෙන් සමත් වේ.

සෞඛ්‍ය : වෙනදා මෙන්ම බරපතල ගැටළු නැති අතර, උදරාබාධ සහ වාත අමාරු සම්බන්ධව සැලකිලිමත් වන්න.
සුභ දින - අඟහරුවාදා, බ්‍රහස්පතින්දා
සුභ වර්ණය - කහ
සුභ දිශාව - නැගෙනහිර

● වෘෂභ

ආර්ථිකය : මේ වසරේදි ආර්ථික තත්වය ඉතාම ප්‍රවේසම් සහගතව පවතී.
ඔබට කලින් වසරේ උනු ආර්ථික අපහසුතා සිදුවන්නේ නැත. තිබෙන මුදල් ආරක්ෂා වීමද එසේම අලුත් මුදල් හම්බ කිරීමද සිදුවේ. නව රැකියා තත්ව යෑමට හොද කාලයයි. ජූලි මසින් පසු භූමි ලාභ, දේපල ලාභ එසේම උරුමහරුමකම් නිසා ඔබ දියුණුවට පත්වෙනු ඇත.

ගෘහ ජිවිතය : ඉතා වාසනාවන්තයි.
වෘෂභ ලග්න පෙම්වතුන්ට ඉතාමත් හොද කාලයකි. වැඩිහිටි කැමැත්ත, ආශිර්වාදය ඔබට ලැබෙනු ඇත. ඔබට තරග විභාග ආදිය සමත් වීමට වාසනාව ලැබේ. එසේම ජුලි මසින් පසුව සමාජයේ යම්කිසි ආකාරයකට ඔබ ජනප්‍රිය චරිතයක් වෙනු ඇත.

සෞඛ්‍ය තත්වය : තරමක දුර්වලයි.
සෙම් අමාරු, තවද විවිධාකාරයේ රෝගාබාධ ඔබට වැළදීමට පුලුවන්. නමුත් මෙම වසරේ ජුලි මසින් ඔබට එම තත්වයන් අවම වේ.
සුභ දින - බදාදා, සිකුරාදා
සුභ වර්ණය - නිල්
සුභ දිශාව - ඊසාන

●  මිථුන

ආර්ථිකය : ඉතාම ශුභදායක තත්වයක පවතී.
එසේම සියලු තත්වයන් කෙරෙහි ඔබගේ වාසනාව එල්ල වේ. නව ආදායම් මාර්ග ලැබෙන අතර, පවතින ආදායම් මාර්ග දියුණු කරගැනීමට හැකියාව ලැබෙනු ඇත. රැකියා කටයුතු ගැටළුවකින් තොරව කරගෙන යාමට හැකියාව ලැබේ. එසේම විදේශ රැකියා වල නියුතු අයටත් හොදයි. ධන ධාන්‍ය තත්වය ගැන, ජූලි මසින් පසු ප්‍රවේසම් වීම ඔබගේ වාසියට හේතු වෙනවා ඇත.

ගෘහ ජිවිතය : ඔබට සතුට සමාදානය ඇතිවේ.
ගැටළු මතුවන්නේ නැත. නමුත් ජුලි මසින් පසු, සමහර දේවල් වලට යම් යම් බාධක කරදර එල්ල වීමට පුලුවන්. ඒ ගැන සැලකිලිමත් වන්න. ප්‍රේම සබදතා වලට සහ මංගල යෝග වලට පවතින ග්‍රහචාරයේ කිසිම අසුබ බලපෑමක් නැති බව සලකන්න.
අධ්‍යාපනික කටයුතු, වෙනදා වගේම කරගෙන යාමට පුලුවන්. ප්‍රබල බාධක නොමැත.

සෞඛ්‍ය : ප්‍රබල ගැටළු නොමැත.
ජුලි මසින් පසු තමාගේ පුද්ගලික සෞඛ්‍ය මෙන්ම ලෙඩ රෝග ගැනද වැඩි අවධානයෙන් සිටිය යුතුයි. විශේෂයෙන්ම මිථුන ලග්නයේ තරබාරු අය තමාගේ ශරීර ස්වභාවය ගැන යම්කිසි අවධානයකින් සිටීම මැනවි.
සුභ දින - බදාදා, සිකුරාදා
සුභ වර්ණය - කොළ
සුභ දිශාව - උතුර

●  කටක

ආර්ථිකය : ඉතාම ශුභයි.
මෙතෙක් පොදුවේ ගත්කල පැවති ශුභමය තත්වයන්, ඉදිරියටද පවතී. නව ආදායම් මාර්ග එසේම ආර්ථික තත්වයේ ශුභමය තත්වයන් ඔබට වෙනදා මෙන්ම පවතී. ජුලි මසින් පසු ආර්ථික තත්වයේ කැපී පෙනෙන වෙනසක් මෙන්ම අලුත් ආදායම් මාර්ග හිමිවේ. ව්‍යාපාරික ක්ෂෙත්‍රයේ අයට ඉතාම ශුභයි.
රැකියා කරන අයට තත්වයෙන් උසස්වීම්, නිලතල ලැබීම්, ඊට සමාන්තරව වැටුප් වර්ධක හිමිවීම පෙන්වයි.

ගෘහ ජිවිතය : ඉතාම ප්‍රීතියෙන් ගත වේ.
ඔබගේ පවුලට අලුත් වාසස්ථාන හෝ භූමි ලාභ හිමි කරගැනීමට මෙම කාලය තුලදී හැකියාව ලැබේ. ප්‍රේම සබදතා සම්බන්ධව පැවති ගැටළු නිරාකරණය වන අතර, අවිවාහක අයට මංගල යෝග උදාවීම නියතයි. එසේම තරග විභාග වලින් සමත්වීම ඉගෙන ගන්නා දරුවන්ගේ කැපී පෙනෙන දියුණුව වසර පුරාම පවතී.

සෞඛ්‍ය : ඉතාම යහපත් වේ.
නිදන්ගත රෝග ඇති අය ඒවා පාලනයට උනන්දු වන්න. වෙනත් ගැටළුවක් නොමැත.

සුභ දින - අඟහරුවාදා, බ්‍රහස්පතින්දා
සුභ වර්ණ - කහ, රතු
සුභ දිශාව - නැගෙනහිර

●  සිංහ

ආර්ථිකය : ඉතාම ශුභ ආකාරයට පවතී.
එසේම 2015 වසරේ ජුලි මසින් පසුව කරන කියන කටයුතු පෙරට වඩා දියුණු වේ. ව්‍යාපාරිකයන්ට සුභයි. විදෙස් රැකියා කරන අයටද සුභයි. තමන්ගේ උත්සහයේ උනන්දුවේ හැටියට ප්‍රතිඵල ලැබෙනු ඇත. අප්‍රේල්, මැයි මාස තුල ධන හානි ඇතිවිමට ඉඩ ඇති බැවින් ප්‍රවේසම් වන්න. රැකියා කරන අයටද ඉතාම හොදයි.

ගෘහ ජිවිතය : පැවති බාධක ක්‍රමානුකූලව අඩුවේ.
භූමි ලාභ, එසේම දේපල සම්බන්ධව තිබුනු යම් යම් ප්‍රශ්න නිරාකරණය වෙයි. එසේම පිට පලාත් වල ඇවිදින්නට සංචාරයේ යෙදෙන්නට කාලය ලැබෙයි. අඹුසැමි ප්‍රේමය වර්ධනය වන අතර, අවිවාහක අයට මංගල යෝජනාද උදාවේ. සමහරවිට නිවසේ සිටින වැඩිමහල් කෙනෙකුට කරදර අනතුරු වීමට ඉඩ තිබේ.
අධ්‍යාපනික තත්වය වෙනසක් නොමැතිව පවතී. සෙනසුරු මහ දසාව සහ රාහු මහ දසාව ගත කරන අයගේ ඉගෙනීමෙට ප්‍රබල බාධාවක් මතුවීමට ඉඩ ඇත. ඒ ගැන විමසිල්ලෙන් සිටිය යුතුයි.

සෞඛ්‍ය : අයහපත් නැත.
උෂ්ණාධික රෝග සහ බෝවන අසනීප වැළදීමට ඉඩ ඇත. එසේම අප්‍රේල්, මැයි කාලය තුල උළුක්කුවීම් සහ අස්ථි අමාරු මතුවිමට පුලුවන්.

සුභ දිනය - අගහරුවාදා
සුභ වර්ණ - රතු
සුභ දිශාව - උතුර


●  කන්‍යා

ආර්ථිකය : යම් ගැටළු ඇතිවනු ඇත.
විශේසයෙන්ම මෙම වසරේදි මාස 6ක් ඇතුලත, දැනට තිබෙන ආර්ථිකය යහපත් වුවද ඉතිරි මාස 6දි එම ආර්ථික තත්වය පිරිහිමට පුලුවන්. ව්‍යාපාරික ඔබගේ ආර්ථිකය පිරිහිමට මෙන්ම, විශාල වශයෙන් ණය වීමට පුලුවන්. එසේම ව්‍යාපාරය කඩා වැටෙන තත්වයක් පෙන්වාවි. එම තත්වය ගැන සැලකිලිමත් වන්න. රාහු මහ දසා ගත කරන අය හිතුමතයට කටයුතු කිරීම ඉතාම අයහපත්. ජෝතිෂ්‍යය උපදෙස් පතන්න.
විදෙස් රැකියා කරන අයට ප්‍රීතීමත්ව කාලය ගත කල හැක. රැකියා කරන අයගේ දියුණුව සාමාන්‍ය පරිදි වේ. සමහරවිට ජුලි මසින් පසු එහි යම් යම් ගැටළුකාරි තත්ව මතුවිමට ඉඩ තිබේ.

ගෘහ ජිවිතය : ගැටළු තත්ව මතුවිමට ඉඩ ඇත.
ඔබගේ අධික කලබලකාරිත්වය නිසා ඔබට කිසියම් ආකාරයක ගැටළු තත්ව මතුවිමට පුලුවන්. ප්‍රේම සම්බන්ධතා බිදී යාමට ඇති ඉඩකඩ වැඩී. විවාහක ඔබ සහකරු/සහකාරිය කෙරේ පවතින විශ්වාසය ගැන සැලකිලිමත් වීම හොදයි. එසේ නොවුනොත් දෙදෙනා අතර, ආරවුල් මතුවීමට පුලුවන්.
අධ්‍යාපනික කටයුතු වලට බාධක එල්ල වන්නේ, විශේෂයෙන්ම රාහු මහ දසාව ගත කරන අයටයි.
තරග විභාග වලින් අසමත් වීමට ඉඩ ඇත, ඒ අධික කලබලය හින්දාය.

සෞඛ්‍ය : මානසික තත්වය සම්බන්ධව ගැටළු පවති.
අධික කෝපය, ඔබට අධික කෝපය නිසා යම් ගැටළු මතුවිමට පුලුවන්.

සුභ දින - බදාදා, සිකුරාදා
සුභ වර්ණ - ලා නිල් පාට, ලා කොළ පාට
සුභ දිශාව - නැගෙනහිර


● තුලා
ආර්ථිකය : ආර්ථිකය යහපත්ය.
ව්‍යාපාරික කටයුතු කරන අයට යම්කිසි එහි පිබිදීමක් පෙන්නුම් කරයි. අවහිරව තිබූ ආදායම් මාර්ග සම්බන්ධව සුභදායක තත්වයන් මතුවේ. රැකියා කරන අයට උසස්වීම් ලැබේ. එසේම වැටුප් වර්ධක හිමිවේ. එසේම තුලා ලග්නයේ ගෘහණියන්ට තමාගේ ස්වාමියාගෙන්, සහෝදරයෙන්ගෙන් යම් යම් මුදල් උපකාර හිමිවේ.

ගෘහ ජිවිතය : තමන්ගේ තිබුනු බොහෝ ගැටළු තත්වයන් නිරාකරණය වේ.
උරුමහරුමකම් සම්බන්ධව තිබුනු ගැටළු නිරාකරණය වන අතර, තමාගේ දේපල සම්බන්ධව තිබුනු යම් යම් ප්‍රශ්නද නිමාවට පත්වේ. ප්‍රේම සබදතා යහපත් ආකාරයට පවතින අතර, මේ වසරේ ජුලි මසින් පසුව ඔබට මංගල යෝග උදාවේ. බොහෝම හොදයි.
අධ්‍යාපනික තත්වයන් සම්බන්ධව ශුභදායකව කල්පනා කිරීමට පුලුවන්. තරග විභාග ආදියෙන් සමත්වීම සිදුවේ.

සෞඛ්‍ය : ඉතාම යහපත්.
තිබුනු රෝග සුව වේ. පාද වල තිබුනු වේදනා ක්‍රමානුකූලව අවසන් වී යයි. ඔබට ශුභදායක කාලයක් උදාවේ.

සුභ දින - සෙනසුරාදා, බදාදා
සුභ වර්ණ - නිල්
සුභ දිශාව - උතුර


 ● වෘශ්චික

ආර්ථිකය : ඉතාම ශුභ බව කිව යුතුයි.
පවතිනවාට වඩා හොද ආර්ථික තත්වයක් නිතැතින්ම උදාවේ. දැනටද ඔබගේ බඹරය කැරකෙන්නේ වැල්ලේය. ඊට වඩා සිය දහස් ගුණයකින් දියුණුවීම පෙන්නුම් කරයි. නව ආදායම් මාර්ග මෙන්ම දෙන දෙයියෝ ටොකු ඇණ ඇණ දෙනවා මෙන් පිට පිට වාසි සැලසේ. හදිසි ධනලාභ, භූමි ලාභ ඔබට ලගාවේ. මා සිතනා ආකාරයට 2015 ඔබට ජයෙන් ජය ලැබෙන වසරකි. ඒ මන්ද 2011, 2012 වසර වල ඔබ තරම් පීඩාවට පත්වූ තව කෙනෙක් නොමැති වූ නිසාය. රැකියා වලටත් ඉතා හොදයි. ජුලි මසින් පසු සමහර අයට විදෙස් රැකියා හිමිවීමට පුලුවන්.

ගෘහ ජිවිතය : ප්‍රීතිය වර්ධනය වේ.
එසේම අඹුසැමි සමගිය, ප්‍රීතිය දෙගුණ තෙගුණ වේ. වසර පුරාම එම බැදීම යහපත් ආකාරයට පවතී. අලුත් ඥාති මිත්‍ර සම්බන්ධකම් ගොඩ නැගේ. අවිවාහක අයට මංගල යෝග මෙන්ම සියලුම ප්‍රීතියෙන් සිටිමට අවශය කරුණු කාරණා යෙදේ. ශනි මහ දසා ගත කරන අයට පමණක් තරමක දුෂ්කරතා වලට මුහුණ පෑමට සිදුවේවි.
අධ්‍යාපනය ලබන දරුවන්ගේ දියුණුව සැලසේ. එසේම තමන්ට තරග විභාගාදියෙන් ඉහලින් සමත්වීමට වාසනාව ලැබේ.

සෞඛ්‍ය : ඉතාම යහපත්ව පවති.
ඉරුවාරදය, හිසේ කැක්කුම සම්බන්ධ ගැටළු ඇත්නම් ඒ ගැන සැලකිලිමත් වන්න. වෙන ගැටළු නැත.

සුභ දින - බ්‍රහස්පතින්දා, සදුදා
සුභ වර්ණ - කහ, ඇත් දළ පාට
සුභ දිශාව - උතුර


 ● ධනු

ආර්ථිකය : මධ්‍යස්ථ ආර්ථික තත්වයක් පවතී.
යම් යම් ගැටළුකාරි තත්ව පැවතුනද ඔබගේ දැඩි කල්පනාව සහ අවධානයෙන් බොහෝ දේවල් යටපත් කල හැක. ඔබ තුල නිවරදි කළමනාකරණයක් ඇත්නම් පවතින බොහෝ ආර්ථික ගැටළු වලට විසදුම ඔබ ලගම පවතී. මෙම වසර තුල එසේ නොමැති වුවහොත් ඔබට ධන හානි, පාඩු, අලාභ සිද්ධ වීමට ඉඩකඩ වැඩිය. ඔබගේ කේන්දරයට අනුව සෙනසුරු හෝ රාහු මහ දසා ගතවේ නම් විමසිලිමත් විය යුතුයි. රැකියා වල සුරක්ෂිත භාවය ගැන උනන්දු වන්න.

ගෘහ ජිවිතය : ඔබගේ භූමිකාව වඩා ඉවසිලිමත්ව තිබීම ශුභයැයි සිතමි.
අඹුසැමි ගැටළු, ප්‍රශ්න මතුවිය හැක. දෙදෙනා අතර ලිංගික සබදතා පවා අවම විය හැක. එසේම දුවාදරුවන්ගේ ප්‍රශ්න වලට මැදිහත්වීමට ඉඩ තිබේ. මෙම සියලුම කටයුතු සම්බන්ධව ඉතාම බුද්ධිමත්ව මනස යොමුකිරීම යහපත්ය. දුවාදරුවන්ගේ අධ්‍යාපනික කටයුතු වලට බාධක ඇත. මතක ශක්තිය හීනවීමට පුලුවන්. එසේම ගෙදර රැදීම ඉතාම අඩුවිය හැක.

සෞඛ්‍ය : ගැටළු ඇත.
රෝග පීඩා, එසේම සෙම් අමාරු, දෙපා යටිපතුල් ආශ්‍රිත රෝග ඇතිවිමට පුලුවන්. පරිස්සම් වන්න.

සුභ දිනය - බ්‍රහස්පතින්දා, බදාදා
සුභ වර්ණය - කහ , ඇත්දළ පාට
සුභ දිශාව - උතුර


 ● මකර

ආර්ථිකය : ආර්ථික තත්වය හොදයි.
හවුල් ව්‍යාපාර කරන අයට මනාව ලාබ ලැබේ. එසේම නව ව්‍යාපාරික කටයුතු ආරම්භ කිරීමට අවුරුද්දේ මුලදී ලැබේ. උත්සහයේ උනන්දුවේ හැටියට ප්‍රතිඵල ලැබේ. තවද වාසි සහගත ගිවිසුම් වලට එළඹීමට පුලුවන්. රැකියා කරන අයට හොදයි, වැටුප් වර්ධක හිමිවේ. උසස් වීම් හිමිවේ. ව්‍යාපාරික ක්ෂෙත්‍ර වල අයට විදේශ ආනයන, අපනයන තත්ව හිමිවේ.

ගෘහ ජිවිතය : ප්‍රීතිමත්ව ගත වේ.
අවිවාහක අයට මංගල යෝග උදාවේ. එසේම ප්‍රේම සබදතා සම්බන්ධයෙන් තිබුනු ගැටළු වලට වැඩිහිටියන්ගෙන් ආශිර්වාදය ලැබේ. පිට පලාත් වල සංචාරය සිදුවේ. විදෙස් ගතවීමටද පුලුවන්. සමහරවිට ජුලි මසින් පසු වැඩිහිටියන්ගේ උරුමහරුමකම් සහ මලගිය ඇත්තන්ගේ උරුමහරුමකම් තමාට ලැබේ.
අධ්‍යාපනික කටයුතු වලට ඉතාම හොදයි. තරග විභාග සමත්වීම, ධාරණ ශක්තිය වැඩිවිම ඇතිවේ. විශ්ව විද්‍යාල අධ්‍යාපනයේ නියුතු අයටත්, උසස් අධ්‍යාපනයේ නියුතු අයටත් හොදයි.

සෞඛ්‍ය : ඉතාම යහපත් වන අතර සැලකිලිමත්ව සිටින්න.
සෞඛ්‍ය තත්වය යහපත්ය. ජුලි මසින් පසුව උළුක්කු වීම්, පාද වල වේදනා අනතුරු සම්බන්ධයෙන් සැලකිලිමත් වන්න.

සුභ දින - බදාදා, සිකුරාදා
සුභ වර්ණය - කොළ පාට
සුභ දිශාව - උතුර


 ● කුම්භ

ආර්ථිකය : දැනට පවතිනවාට වඩා වසර මැදෙන් පසු ශුභ වනවා ඇත.
එසේම ඔබගේ හවුල්කාර පාර්ශව සමග ඉතාම අවබෝධයෙන් කටයුතු කිරීමට ලැබෙනවා. ආදායමට තිබුනු බාධක සම්බන්ධයෙන් ගැටළු නිරාකරණය වනු ඇත. එසේම ඔබට වසර මැදදී නව ආදායම් මාර්ග වලට අවතීරණ වෙනවා. රැකියා කරන අයටද තිබුනු බාධක දුරුවන්නේ වසර මැදින් පසුවය. එතෙක් එතරම් හොදකුත් නෑ, නරකකුත් නැහැ.

ගෘහ ජිවිතය : ඔබ සාමාන්‍ය පරිදි හැසිරෙනවා.
සමහරවිට වසරේ මධ්‍ය කාලය තෙක්ම ඔබට නිවසේ වැඩිපුර රැදී සිටීමට නොහැකියි. ඊට ප්‍රධානම හේතුව ග්‍රහයන්ගේ පවතින තත්වයන්ය. නමුත් ජුලි වලින් පසු ඔබට මංගල යෝග උදා වනව. නව ඥාති සබදකම්, එසේම නව තත්වයන් හිමි වෙනව. ඔබට හොදයි.
අධ්‍යාපනික කටයුතු වල නියුතු අයට තිබුනු බාධා ක්‍රමානුකූලව ඉවත් වෙනවා. මතක ශක්තිය වර්ධනය කරගැනීමට අවශ්‍ය කටයුතු කරගන්න. අතපසුවීම් ඇති කරගන්න එපා.

සෞඛ්‍ය : දැනට පවතින තත්වයට වඩා ජුලි වලින් පසු හොද වනු ඇත.
ආමාශගත රෝග, ආහාර ජීර්ණගත රෝග සම්බන්ධයෙන් ඔබගේ සැලකිල්ල යොමුවිය යුුතුය.

සුභ දිනය - සිකුරාදා
සුභ වර්ණය - කොළ
සුභ දිශාව - උතුර


 ● මීන

ආර්ථිකය : ඉතාම යහපත් භාවයක් පවතිනවා.
2015 වසර තුල නව ආදායම් මාර්ග හිමි වෙනවා. ව්‍යාපාරික ක්ෂෙත්‍ර වල නියුතු අයට, එසේම ජලය සම්බන්ධව ව්‍යාපාරික කටයුතු කරන අයට ඉතාම හොද තත්වයක් ඒ තුලින් උදා වෙනවා. රැකියා කරන අයට සහ විදෙස් රැකියා කරන අයට ඉතාම කලබලකාරිව ජිවිතය ගත උනත් යම්කිසි දියුණුවක් හිමි වෙනවා. ආර්ථික තත්වයට ශුභදායකයි.  ජුලි මසින් පසුව සතුරු කරදර නිසා ඔබගේ ආදායම් මාර්ග කිසියම් ආකාරයකට අවහිර වීමක් සිදුවන්නට පුලුවන්. ඒ සම්බන්ධව සැලකිලිමත් වන්න.

ගෘහ ජිවිතය : හොදයි.
වසරේ මැද කොටස වෙන තෙක්ම පවුලේ දියුණුව සහ දරුවන්ගේ දියුණුව ඇතිවෙනවා. තවද විදේශ ගත වෙලා සිටින අයට මව් රටට ඒමට පුලුවන්. දුවාදරුවන්ගේ කටයුතු සම්බන්ධව සිතට ප්‍රීතිය ඇතිවේ. තරග විභාග ආදියට ඉදිරිපත් වී සිටින දරුවන්ට යම් හොද බලාපොරොත්තු ඇති කරගන්නට පුලුවන්.
දියුණුව සම්බන්ධව පවතින තත්වයන් ඉතාම හොදයි. ප්‍රේම සබදතා යහපත් වෙනව. ඒවාට වැඩිහිටියන්ගේ ආශිර්වාදය වසර පුරාම ලැබේ. අවිවාහක අයට මංගල යෝග උදා වේ. ඉතාම ශුභ කාලයකි.

සෞඛ්‍ය : ලොකු අවදානමක් නැහැ.
හිස සම්බන්ධ රෝග එසේම, සෙම් අමාරු ඇතිවිය හැක. මීන ලග්නයේ ගැබිණි මව්වරුන් සැලකිලිමත් විය යුතුයි, උදරාබාධ සම්බන්ධව. වෙනත් ප්‍රබල ගැටළු නැහැ.

සුභ දිනය : බ්‍රහස්පතින්දා, අගහරුවාද
සුභ වර්ණය : කහ, ඇත් දළ පාට
සුභ දිශාව : නැගෙනහිර

*** මෙම ලග්න පලාපලය සැකසුවේ පවතින තත්කාල ග්‍රහචාරයත් 2015 වසරට ග්‍රහයන් හැසිරෙන ආකාරයටත් අනුව පොදු මතයක සිටය.
මෙම තත්වයන් තමාගේ උප්පත්ති ග්‍රහ බලය සමග යම්කිසි වෙනසකට භාජනය වීමට පුලුවන්.
පොදුවේ දැක්වූ පලාපලයක් නිසා තමාගේ කේන්දරයත් සමගම පලාපල බලාගැනීම ශුභ වන අතර, මෙම කාරණාව පල කලේ සමහර අය තොරතෝංචියක් නොමැතිව ඔවුන්ගේ කාලයද අපගේ කාලයද විනාශ කරමින් අපව එක එක ප්‍රශ්න අසා අපගේ කාලය නාස්ති කරන බැවිනි.
එනිසා බුද්ධිමත්ව කල්පනා කර මේ පලාපලය තම උප්පත්ති කේන්දරේ පලාපලය සමග බලා තීන්දු තීරණ ගන්න.

තෙරුවන් සරණයි !







2015 සුභ නව වසරක් වේවා !