Tuesday, January 20, 2015

කාන්තාවන්ගේ ආකර්ෂණය ඔබට තිබේද ?

කාන්තාවන් ආකර්ෂණය වීමට නම්, විශේෂයෙන්ම යම් යම් ග්‍රහ බලපෑම් අවශ්‍ය බව අපට මේ ජෝතිෂ්‍යය ශාස්ත්‍රය පරික්ෂා කිරීමේදි මනාව හැඟීයන කාරණාවකි.

විශේෂම දේ නම්, ඔබ සමහර කඩවසම් තරුණයන්ට කාන්තාවන් ආකර්ෂණය නොවී එතරම් රූපයෙන් අඩු අය කාන්තාවන් සමග මිත්‍ර ලීලාවෙන් හෝ වෙනයම් ආකාරයක සම්බන්ධයකින් සිටී. අප ඒවා දැක ඇත.

එසේ නම් එයට හේතු සාධක වන කාරණා කවරේද ???

එයට හේතු සාධක වන කාරණාව නම්, මෙවැනි ග්‍රහ පිහිටීම්ය.

මේෂ ලග්නය (සිකුරු = ගුරු 1, රවි බුද - 3, කුජ 5, චන්ද්‍ර 7, රාහු 9, කේතු 3, ශනි 10)

මෙවැනි කේන්දරයක් ඇති අයට ඉතාම රූමත් කාන්තා පක්ෂයගේ ඇල්ම බැල්ම ඇතිවේ. එසේ නම් අපි විමසා බලමු එම ග්‍රහ බලය.

යම්කිසි කෙනෙකුගේ කේන්දරයේ සඳු - සිකුරු ග්‍රහයන් බලවත්ව සිටින කල, එම ග්‍රහයන් සමග 11 වැන්නාධිපතියා බලවත්ව සිටී නම් ඒ අයට විශාල වශයෙන් කාන්තාවන්ගේ ඇසුර ඇතිවේ.

යම්කිසි කෙනෙකුගේ කේන්දරයේ 11 වැන්නාධිපතියා 11 වැන්නේම බලවත් වන කල්හි, සිකුරු ග්‍රහයා හෝ ගුරු ග්‍රහයා 2 වැන්නේ බලවත් නම් ඒ අයගේ කතාවට කාන්තා පක්ෂය වශීකෘත වේ. - එයද පුදුමාකාර තත්වයකි.

තවද යම්කිසි කෙනෙකුගේ කේන්දරයේ 7 වැන්නාධිපතියා සඳු වී සිකුරු සමග යෝග වීමද, විවාහ වී සිටියත් කාන්තා ඇසුර දැඩි විදියට ලැබෙන කෙනෙකි.

යම්කිසි කෙනෙකුගේ කේන්දරයේ රාහු ග්‍රහයා - සිකුරු සමග යෝග වීමත් කාන්තා පාර්ශවයේ ආකර්ෂණය ඇල්ම බැල්ම වැඩිවීමට ප්‍රබලම හේතුවකි.

මේවා සියල්ලම සංසන්දනාත්මකව බැලූ කල තවත් ග්‍රහ යෝග ඇත. ඒවාද පසුවට ලබාදෙන්නම්. මේ අනුව බැලූ කල ඔබගේ හදහනේද මෙවන් යෝග ඇත්දැයි බලන්න.

_ කාන්තාවන් සමග ඇසුර හොද දෙයක් තමයි. ඒ සහෝදරියන් මිතුරියන් විදියට ආශ්‍රය කිරීම. වෙනත් අයුරින් ආශ්‍රය දැඩිව කිරීම තමන් පිරිහීමට හේතු වෙන්න පුලුවන් බවත් මතක තියාගන්න __

No comments:

Post a Comment