Saturday, January 31, 2015

පෙබරවාරි මාසය ලග්නෙට කොහොමද


●  මේෂ
සිතේ සැනසීම ඇතිවන කාලයකි. ආර්ථිකය දියුණු වේ. රැකියාවට සුබයි. හදිසි ධනලාභ ලැබීමට හැකියි.
මිතුරන්ගෙන් උදව් ලැබේ.
ගෘහ ජිවිතය පොදුවේ ප්‍රීතිමත්ව ගතවේ. පොඩි කණගාටුදායක සිදුවීම්ද සිදුවිය හැක. කෙසේ වුවද පවුලේ සමගිය සාමය රැක ගැනීමට කටයුතු කරන්න. අධ්‍යාපන කටයුතු වලට යම් බාධා පෙන්වන බැවින් උනන්දුවෙන් කටයුතු කරන්න.
සෞඛ්‍ය තත්වය යහපත්ව පවති. ඌෂ්ණාධික රෝගාබාධ සහ උදරාබාධ වලින් ප්‍රවේසම් වන්න.

●  වෘෂභ
පොදුවේ සුබ සතියක් වන අතර, කලබකාරිත්වයෙන් මිදෙන්නට කටයුතු කිරීමෙන් කටයුතු අවුල් නෙවානු ඇත.
රැකියාවේ දියුණුව අපේක්ෂිතය. තමාට වඩා ඉහල අයගේ පැසසුමට ලක්වීමට හැක. ආර්ථිකය යහපත් වේ.
ගෘහ ජිවිතය සාමාන්‍ය පරිදි ගතවේ. හිත මිතුරන්ගෙන් උදව් ලැබේ. අධ්‍යාපනයට සුබයි. කැපවිමෙන් කටයුතු කරන්න.
සෞඛ්‍ය තත්වයේ, සෙම් අමාරු, උදරාබාධ සහ ලේ කෝපවීම් ආදි තත්වයන් ගැන අවදානමත් වන්න.

● මිථුන
සෑම කටයුත්තකදීම කලබලයෙන් තොරව කටයුතු කරන්නට සිතට ගන්න. රැකියාවට යම් බාධක පෙනුනත් ඒවා බුද්ධියෙන් මගහරවා ගත හැක. රැකියාවේද දියුණුව, වැටුප් වැඩිවිම් පවා අපේක්ෂිතය. අන් අයගේ උදව් ලැබේ. හදිසි ධනලාභද ලැබීමට හැකියාව ඇත.
ගෘහ ජිවිතය ඉතා ප්‍රීතියෙන් ගතවේ. අඹු සැමියන් අතර සතුට සමාදානය රජයයි. සුබයි.
අධ්‍යාපන කටයුතු වලට බාධා වන්නේ ඔබ නොසැලකිලිමත් වුවහොත් පමණි. වැඩිහිටියන්ගේ උදව් ලැබේ.
සෞඛ්‍ය තත්වයේ, සෙම් රෝග, උදරාබාධ ඇති අය පරිස්සම් වන්න.
විශේෂයෙන් කරන කටයුතු වලදි ඉවසීමෙන් කටයුතු කරන්න.

●  කටක
තම කටයුතු කරගෙන යාමේදි සැමවිටම කල්පනා කර බලා කරන්න.
රැකියාවේ දියුණුව ඇතිවිය හැක. ආදායම් තත්වය දියුණු වුවද වියදම්ද ඒ හා සමානව යෙදෙන බවක් පෙන්වන නිසා අරපිරිමැස්මෙන් වැඩ කරන්න.
ගෘහ ජිවිතයේදි ඉවසිමෙන් කටයුතු කරන්න. අධ්‍යාපන කටයුතු වලට සුබයි. මිතුරන්ගේ ප්‍රිය සම්භාෂණ ආදියට යෑමට හැක.
සෞඛ්‍ය තත්වය ගැටළුවක් නැත. සෙම සහ හිස ආශ්‍රිත ඇතිවිය හැකි රෝග තත්වයන් ගැන සැලකිලිමත් වන්න.

●  සිංහ
කම්මැලි ගති ආදියෙන් මිදී තම අරමුණු වෙනුවෙන් කැපවී වැඩ කරන්න, ඒ තුලින්ම සාර්ථක ප්‍රතිඵල ලැබීමට හැකියාව ඇත.
රැකියාවේ කටයුතු වල දියුණුව සහ යහපත් තත්වයන් ඇතිවේ. තමාගේ ප්‍රධානින්ගෙන් පැසසුම් ලැබිය හැක. ආර්ථිකය යහපත් වන අතර වියදම් අධික වීමේ අවදානමක්ද පවති.
අධ්‍යාපනයට සුබයි. එසේ වුවද මතක ශක්තිය අඩුවිමට ඉඩ ඇත.
ගෘහ ජිවිතයේදි බුද්ධියට මුල් තැනදී කටයුතු කරන්න.
සෞඛ්‍ය තත්වයේ, සෙම සහ රුධිරය ආශ්‍රිත රෝග ගැන අවදානමත් වන්න.

●  කන්‍යා
කරන කටයුතු වල යම් අවුල් කරගැනීමේ ස්වභාවයක් තවමත් තිබේ. ඒ සදහා බුද්ධියෙන් කටයුතු කිරීම වටී.
රැකියාවේද යම් බාධා පෙන්වන නිසා ඉවසීමෙන් හා බුද්ධියෙන් කටයුතු කරන්න. විශේෂයෙන් රැකියා ස්ථානයේ ප්‍රධානීන් සමග ඉවසීමෙන් කටයුතු කරන්න. ආර්ථිකය යහපත් වුවද වියදමද ඉහල අගයක් වීමට ඉඩ ඇත.
ගෘහ ජිවිතය සාමාන්‍ය පරිදි ගත කිරිමට ඔබගේ දායකත්වය මූලිකව අවශ්‍ය වේ. අධ්‍යාපනයටද යම් බාධා ඇත.
සෞඛ්‍ය තත්වය උදරාබාධ සහ රුධිරගත රෝග ගැන අවදානමත් වන්න. මානසික බිඳ වැටීම් ආදියෙන් පරිස්සම් වන්න.

●  තුලා
කටයුතු සාර්ථක කරගැනිමට හැකි වුවද අනවශ්‍ය කලබලයෙන් මිදෙන්න.
රැකියාව සාර්ථක වන්නේ ඔබ නිසිලෙස කටයුතු කරන බැවිනි. ඒනිසාම අන් අයගේ ප්‍රශංසාවට ලක්වේ. උදව් ලැබේ. නව ආදායම් මාර්ග ඇතිවන අතර, ආර්ථිකය දියුණු වේ.
ගෘහ ජිවිතය සාමකාමි සහ ප්‍රීතිමත් බවකින් පිරේ. සිතට සතුට ලැබේ.
අධ්‍යාපනයට සුළු බාධා පෙන්වයි.
සෞඛ්‍ය තත්වය පොදුවේ යහපත් වන අතර, නිදන්ගත රෝග ඇති අය පාලනයට යොමු වන්න.

●  වෘශ්චික
විවිධ බාධා පැමිණියද ඔබ දිගටම ජිවිතය යහපත් කරගැනීමේ කටයුතු වල නිතර වන නිසා සාර්ථකත්වයත් අත්කරගත හැක.
රැකියාවේ දියුණුව ඇතිවේ. අන් අයගේ උදව් උපකාර ලැබේ. ආදායම් මාර්ග සරුවේ. නව ආදායම් මාර්ග ලැබීමේ වාසනාවද පවතී.
ගෘහ ජිවිතය ප්‍රීතියෙන් ගතවේ. අඹුසැමි ප්‍රේමය වර්දනය වේ. දෙදෙනා අතර මනා සංයමයක් ගොඩ නැගේ.
අධ්‍යාපන කටයුතු වෙනදාට වඩා උනන්දුවෙන් කැපවීමෙන් කරන අතර ඒනිසාම ජයග්‍රහණ අත්කරගත හැක.
සෞඛ්‍ය අංශයේ සෙම් ආශ්‍රිත රෝග සහ උදරාබාධ ගැන සැලකිලිමත් වන්න.

● ධනු
යම් කලබලකාරිත්වයක් සිතේ තිබුනද කටයුතු සාර්ථකව කරගන්නට වාසනාව ලැබේ. මිතුරන්ගේ උදව් ලැබේ.
ආර්ථිකය සාමාන්‍ය පරිදි තිබුනද වියදම ඉහල යා හැකි නිසා අරපරිස්සමින් කටයුතු කරන්න. රැකියාවේද බාධක මැද කරන කටයුතු නිසා දියුණුව අපේක්ෂිතය. රැකියාවේ උසස්වීම පවා කරගැනිමට වාසනාව ඇත.
ගෘහ ජිවිතය සාර්ථකව ගත කිරිමට හැකියාව ලැබේ. ආගම දහමට නැඹුරු වන කාලයකි.
වෙනදාට වඩා කම්මැලි ගති නිසා අධ්‍යාපනයට බාධා ඇතිවිය හැක. ඒ ගැන අවබෝධයෙන් කටයුතු කරන්න.
සෞඛ්‍ය තත්වයේ ප්‍රබල ගැටළු නැතිමුත් සෙම් ආශ්‍රිත රෝග සහ රුධිරය ආශ්‍රිත රෝග ගැන සැලකිලිමත් වන්න.

●  මකර
බාධා පැවතියද ඒවා මැඩගෙන ඉදිරියට යාමට හැකිවනු ඇත.
රැකියාවේ දියුණුව ඇතිවේ. අන් අයගේ උදව් ලැබේ. ආර්ථිකය දියුණු වේ. නව ආදායම් මාර්ග මෙන්ම හදිසි ධනලාභ වාසනාවද පවති.
ගෘහ ජිවිතය සාර්ථකව ගත කල හැක. පවුලේ අයගේ සහයද ලැබෙනු ඇත. දහමට අදාල කටයුතු වලට නැඹුරුවීමද යහපත්ය. කරන කටයුතු මනාව සිතා බලා කරන්න.
අධ්‍යාපනයට යම් බාධා ආවද ඒ ගැන අවබෝධයෙන් කටයුතු කිරීම තුලින් ගැටළු අවම වනු ඇත.
සෞඛ්‍ය තත්වයේ සෙම් සහ ඒ ආශ්‍රිත රෝග ගැන අවදානමත් වන්න.

●  කුම්භ
මෙතෙක් පැවති කාලයට වඩා යහපත් තත්වයක් අපේක්ෂිතය. සමාජයේ කැපී පෙනෙන චරිතයක් විය හැක. කැපවීමෙන් කරන කටයුතු වලින් ජය ලැබේ.
රැකියාවේ දියුණුව ඇතිවේ. ආර්ථිකයද දියුණු වේ. අන් අයගේ ප්‍රශංසාවට පාත්‍ර වේ. එසේම උදව් උපකාරද ලැබේ. නව ආදායම් මාර්ග වලට යහපත් කාලයක්. පොදුවේ හොදයි.
ගෘහ ජිවිතය යහපත්ව ගතවිමට ඔබගේ ඉවසීම වැදගත් වේ. බුද්ධියෙන් කටයුතු කරන්න. නැත්නම් ගැටළු ඇතිවිය හැක.
අධ්‍යාපන කටයුතු වලදීද කැපවීමෙන් කරන්නට සිතට ගන්න, එවිට ඒවාද සාර්ථක වනු ඇත.
සෞඛ්‍ය තත්වයේ සෙම් රෝග ගැන අවදානමත් වන්න.

●  මීන
සිතට යම් කලකිරිම් ආදිය ඇතිවිමට ඉඩ ඇත. කෙසේ වුවද නිසි ලෙස සිතා බලා ගන්නා තීරණ නිසා සිතට සතුට ඇතිවනු ඇත.
රැකියාව සාර්ථක වේ. ආදායම වර්ධනය වුවද වියදමද ඒ හා සමානව වැඩිවිමට ඉඩ ඇත. බුද්ධියෙන් කටයුතු කරන්න. එසේ කලොත් අන් අයගේ උදව් ලැබෙනු ඇත.
ගෘහ ජිවිතය සාර්ථකව ගත කල හැක. කෙසේ වුවද වචන භාවිතයෙදි සැලකිලිමත් වන්න.
අධ්‍යාපන කටයුතු වලට සුබයි. අන් අයගේ උදව් ලැබේ.
සෞඛ්‍ය තත්වයේ, උෂ්ණාධික රෝග වලින් පරිස්සම් වන්න.

No comments:

Post a Comment