Sunday, January 25, 2015

ඔබ මල්වර වූ දිනය මතකද ?

මල්වර වීම යනු, සියලුම ගැහැණු දරුවන් වශයෙන් උපදින අයට ජිවිතයේ ඉතාම වැදගත් සිද්ධියකි. මන්ද වයස අවුරුදු සාමාන්‍යයෙන් 12,13,14 වයස් වලදී වන මේ ශාරීරික ක්‍රියාවලිය ජිවිතයේ ප්‍රබලම අවස්ථාවකි. එසේම මෙම මල්වර වන දිනය ඉතාම තීරණාත්මක වන බව ඔබ දන්නවාද ?

එසේ නම් අප කල්පනා කර බලමු, දින 7ට අනුව මල්වර වූ විට ලැබෙන පලාපල කවරේද කියල.....

රිවි දින - ඉරිදා

මෙදින මල්වර වූ යුවතිය තරමක අහංකාර සහ ආඩම්බරකාර යුවතියක් වීමට ඉඩ තිබෙනවා. නමුත් ඇය අන් අය පාලනය කිරීමට දක්ෂ පක්ෂකම් දක්වන අතර, පියාට බොහෝම ලැදියාවක් දක්වනවා.
ඕනෑම තැනකදී නායකත්වය හිමිවන මෙවැනි යුවතියන්ට සමාජය ගරු කරනවා. ශාරීරිකව යම් උෂ්ණාධික ගතියක් දරුවාගේ ශරීරයෙන් දකින්නට පුලුවන්.

සඳුදා දින

ඉතාම අහිංසකයි මෙදින මල්වර වූ යුවතිය. එසේම වාසනාවක් හිමියි. මව්ට ඉතාම ලැදි වන අතර, මව්ටද ශුභයි. ශරීරයේ සෙම ගතිය වැඩි වීමට පුලුවන්. අලංකාර වාසස්ථාන මෙන්ම, රසවත් ආහාර පාන ලැබෙනවා. විවාහ ජිවිතය ඉතාම ප්‍රීතිමත්ව ගත වන අතර, කාරුණික ස්වාමියෙක් ලැබෙනවා.

අඟහරුවාදා දින

තරමක දැඩි මතධාරි අයෙක් වෙනවා මේ අගහරුවාදා මල්වර වූ යුවතිය. අන්‍යන් හා දබර කිරීමට පෙළඹෙනවා. එසෙම ශරීරය උෂ්ණාධිකයි. ඉක්මණ් කෝපය මෑ තුලින් දක්නට පුලුවන්. ප්‍රජනන පද්ධතියෙන් අධිකව රුධිරය පිටවන්නට පුලුවන්.

බදාදා දින

මෙදින මල්වර වූ යුවතිය වාසනාවන්තයි. කෙලි කවට සිනාවෙන් සහ උපායශීලි ශූර බුද්ධියක් හිමියි. නෑදැයන්ට සුභයි. ශරීරය ශෝභමාන වෙනවා. ඉතාම ශුභ දවසක්.

බ්‍රහස්පතින්දා දින

මෙදින මල්වර වන යුවතියද බොහෝසෙයින්ම වාසනාවන්තයි. ගරු ගාම්භීරව ජිවත් වන අතර අන් අයගේ ගෞරවයට පාත්‍ර වන්නේ නිතැතිනි. යාන වාහන, ගෙවල් දොරවල් සමග අන් අයගේ ගෞරවයටද නිතැතින්ම පාත්‍ර වේ.

සිකුරාදා දින

මෙදින මල්වර වූ යුවතිය ඉතාම ප්‍රීතිමත්ව කාලය ගත කරනවා. නැටුම්. ගැයුම්, වැයුම් වලින් ඇය දක්ෂතාවය දක්වන්නට පුලුවන්. එසේම ඇයට ඉක්මන් විවාහයක් හිමි වන අතර, කාමාශාවද බලවත් වේ.

සෙනසුරාදා දින

මෙදින මල්වර වන යුවතිය තරමක කුඩුකේඩු ඇති තැනැත්තියක වීමට ඉඩකඩ වැඩියි. එසේම තවද ආර්ථික වශයෙන් දියුණු විමට ප්‍රබල බාධා පවති.
දියුණු වීමට ඉතාම අමාරුයි. සෙනසුරාදා දින නරක වෙලාවක මල්වර වුවහොත් ඇයට යක්ෂ ප්‍රේත බිය, අමනුෂ්‍ය දෝෂ ඇතිවිමට පුලුවන.

මේ අප සදහන් කලේ “පොදුවේ“ ඉතාම ප්‍රයෝජනවත් වන වටිනා ලිපියකි. මේ අනුව ඔබ මල්වර වූ දිනයත් සමග මෙය සැසදීමේදී ඔබගේ ජිවිතය සමග යම්කිසි සංසන්දනාත්මක කිරීමක් බලාගත හැකිවනු ඇත.

No comments:

Post a Comment