Monday, January 26, 2015

සතියේ ලග්න පලාපලය - ජන.27 සිට

●  මේෂ
ඉතාම ශුභ සතියකි.
ඔබගේ වැඩ කටයුතු සාර්ථක වේ. එසේම ඔබ ආර්ථික වශයෙන් දියුණු වෙන්නේ ඉතාම සීග්‍රගාමීවය. හදිසි ධනලාභ මෙන්ම, ඥාතින්ගෙන් උදව් උපකාරද හිමිවේ. සතිය මැදදී විදේශ ගමන් බලාපොරොත්තු වන අයට එම කටයුතු ඉෂ්ට වේ. ආර්ථික වාසි එම ගමන් වලින්ද හිමිවේ.
ගෘහ ජිවිතය ඉතාම ප්‍රිතීමත්ව ගත කිරීමට පුලුවන්. අඹුසැමියන් අතර ප්‍රේමය වර්ධනය වේ. එසේම ඥාතින් සහෝදර සහෝදරියන් සමග සතුටින් සිටිමට පුලුවන්.
සෙම් අමාරු, සෙම් ගෙඩි, හිසරදය වැනි රෝග වැලදීමට පුුලුවන් ඒවායින් ආරක්ෂා වන්න.

● වෘෂභ
චන්ද්‍ර චාරය අනුව ශුභ සතියකි.
සතියේ මුල් දවස් 2 තුල කිසියම් ගැටළු තත්වයක් තිබුනද ආර්ථික වශයෙන්, ඒවා කල්යත්ම හොඳ තත්වයකට හැරේ. තමාගේ ප්‍රියමනාප කතා විලාශයෙනුත් සමාජය සමග පවත්වන්නාවූ යහපත් සම්බන්ධතා හේතුවෙනුත් ඔවුන් සමාජයෙන් උදව් උපකාර ලබා, හිතවතුන්ගෙන් උදව් ලබා ආර්ථික තත්වය ඉහලට ගන්නට පුලුවන්. ව්‍යාපාරිකයන්ටද මෙය එසේම වෙනවා.
ගෘහ ජිවිතය ඉතාම ප්‍රීතියෙන් ගත වන අතර, මේ සතියේ විනෝද උත්සව කීපයකට සහභාගි වීමට ඉඩ ලැබෙයි. අතමිට මුදල් ගැවසීම නිසා, ඔබට හිතේ සතුටක් තියෙනවා.
 ඔබටත් සදුගේ චාරය අනුව සෙම් රෝග සහ ජලයෙන් ඇතිවන රෝග ගැන ගැටළුවක් ඇත. පරිස්සම් වන්න.

● මිථුන
මේ සතිය මධ්‍යස්ථපලයි.
සතිය ආරම්භ වී දවස් 2කින් පසු, ආර්ථික පාඩුවක් සිදුවිමට පුලුවන්. ණය ගනුදෙනු වලට අසු නොවිය යුතු බවට අවධාරණය කරනවා. එසේම ණය ගැනීමත් හොද නෑ කියා කියන්නේ වගකීමෙන්.
ගෘහ ජිවිතය සාමාන්‍යයෙන් හොදයි. සතිය අගදී ඉතාම ප්‍රීති උත්සව පැවැත්විමට සහ ඒවාට සහභාගී වීමට අවස්ථාව ලැබේවි. මංගල යෝජනාද සතිය අගදී සඵල වේවි.
සදුගේ ගමන අනුව යටි පතුල් වල දැවිල්ල සහ ලිස්සා වැටීම්, අතපය උලුක්කු වීම් ආදිය බලාපොරොත්තු විය හැකි නිසා ප්‍රවේසම් වන්න.

● කටක
ශුභයි.
ව්‍යාපාරික කටයුතු කරන කටක ලග්න අයට හොද වන අතර, නව වෙළද ගිවිසුම් සහ හවුලේ කරන වැඩ කටයුතු නිසා ආර්ථික වාසි හිමි වෙන්නට පුලුවන්. ඒ ගිවිසුම් වලට ප්‍රවේශ වීමේදී තමන්ට ඉදිරිය සංවිධානය කරගන්නත්, දියුණුව සංවිධානය කරගන්නත් පුලුවන්.
ගෘහ ජිවිතය ප්‍රීතිමත්ව ගත වනවා. රැකියාවේ කාර්යබහුලකම තිබුනත්, සතිය මැදදී දුවාදරුවන් සහ පවුලේ අය සමග විනෝද වීමට ඉඩ ලැබෙනවා.
සෞඛ්‍ය තත්වයේ ප්‍රබල ගැටළු නැති අතර, නිදන්ගත රෝග ඇති අය ඒවා පාලනයට උනන්දු වීම හොදයි.

● සිංහ
ඉතාම ශුභ සතියකි.
9 වැන්නේ සදු සිට ආරම්භ වන මෙම සතිය ඔබගේ පෙර පිනට මෙන් මුදල් ලැබෙයි. එසේම විශේෂ අයගෙන් උදව් උපකාර ලැබීමට පුලුවන්. ආර්ථිකයද හොද තත්වයක පවතිනවා.
ගෘහ ජිවිතය ප්‍රීතිවත්ව ගත  වෙනවා. එසේම තමාගේ ගෙදර දොරට අවශ්‍ය කරන සියලුම දේ ලබාගැනීමට අවස්ථාව ලැබෙනවා. එසේම ගෙදර සිටින සියලුම අය සමග ඉතාම සතුටින් සිටීමට පුලුවන්.
සෞඛ්‍ය තත්වය, ඒ තරම් අයහපතක් නැහැ.

● කන්‍යා
මෙම සතිය ශුභයි.
එතරම් අයහපතක් නැත. මෙම සතිය තුල ආර්ථික වාසි, අනිවාර්යෙන්ම සැලසේ. එසේම කරන කියන කටයුතු වලට අනිවාර්යෙන්ම සියලුම දෙනාගෙන් උදව් උපකාර ලැබේ. පිටපලාත් වල සංචාරයෙන් මුදල් හදල් ලැබේ.
ගෘහ ජිවිතය ප්‍රීතිමත්ව ගත වේ. එසේම ඔබගේ සැප පහසුවට අවශ්‍ය වන සියලුම දේ ඔබට හිමිවෙයි. විනෝද ගමන් බිමන් යෙදේ. ඒ අංශයෙන් කිසිම ගැටළුවක් නොමැත.
සෞඛ්‍ය තත්වයේ ප්‍රබල ගැටළු උපද්‍රව නැත. සතිය මුලදි යම් ගැටළු තත්ව ආවත්, ඒවා ඒ තරම්ම ප්‍රබල නොවේ.

● තුලා
ශුභයි.
හවුල් ව්‍යාපාර සහ වෙලදාම් නිසා ආර්ථික වාසි, දියුණුව ඇතිවේ. එසේම තමන්ගේ තත්ව දියුණු වේ. ආර්ථිකය දියුණු වේ. උදව් උපකාර ලැබේ.
ගෘහ ජිවිතයද ඉතාම ප්‍රීතිමත්ව ගත වේ. අවිවාහක අයට මංගල යෝග උදාවේ. එසේම පෙම් සබදතා ස්ථිර වෙයි.
සෞඛ්‍ය තත්වයේ කිසිදු ගැටළුවක් නොමැත. සතිය මුලදී සෙම් අමාරු සහ නිදන්ගත රෝග ඇති අයට ගැටළු ඇතිවිය හැක. ඒ හැර ගැටළුවක් නැත.

● වෘශ්චික
ඔබට ඉතාම හොදයි.
එසේම මෙම සතියේ ඔබගේ සියලු බලාපරෛාත්තු ඉෂ්ට සිද්ධ වෙයි. සතිය අගදී වැඩිහිටියෙක්ගෙන් උදව් උපකාරද හිමිවෙයි. උරුම හරුමකම් ලැබේ.
ගෘහ ජිවිතයේ මුල් දවස් 2-3 දී ආර්ථික අපහසුතා නිසා ගැටළු ආවත් ඒවා සමනය වෙයි. තමාගේ සහකරුවා-සහකාරිය සමග සමීපව කටයුතු කිරීමට අවස්ථාව ලැබේ.
සෞඛ්‍ය තත්වයේ ගැටළු නැති වුවත්, උදරාබාධ සහ බෝවන රෝග ගැන සැලකිලිමත් වන්න.

● ධනු
ඉතාම හොදයි.
සතියේ මුල් දින කීපය තුල, හදිසි ධනලාභ සහ අයවිය යුතු ණය මුදල් හිමිවේ, මෙය ව්‍යාපාරිකයන්ට හොදයි. එසේම ගෘහ ජිවිතය තුලදී අඹුසැමියන් අතර, තරමක් විරසක වීමක් වීමට ඉඩ තිබේ. එසේම ඔබ සිහිබුද්ධියෙන් කටයුතු කල යුතුයි. එය වැදගත් වනු ඇත. එසේම ඔබට දෙදෙනා අතර සමගිය පවත්වා ගැනීම අත්‍යාවශ්‍ය වනු ඇත.
සෞඛ්‍ය තත්වයේ කිසි ගැටළුවක් නැත. නිදන්ගත රෝග ඇති අය ඒවා පාලනයට උනන්දු වන්න.

● මකර
මෙම සතිය හොදයි.
තමා ඉන්න තැනම තමාට දියුණු විමේ අවස්ථාව ලැබෙයි. එසේම ඔබට ආර්ථික වාසි ගොඩාක් හිමිවනු ඇත. ඒ අතර දේපලද හිමිවීමේ භාග්‍යය පවති.
ගෘහ ජිවිතය ඉතාම හොදයි. තමාගේ කටයුතු කරගැනීමට ගෙදර අයගෙන් උදව් උපකාර ලැබෙයි. එසේම තමාට උපකාරයක් හිමිවෙයි.
සෞඛ්‍ය තත්වය යහපත් අතර, පපුවේ සෙම් රෝග ඇතිවිමට ඉඩ තිබේ.

● කුම්භ
ඉතාම හොදයි.
ඔබගේ හැකියාවේ, උත්සහයේ හැටියට ඔබට ආදායම ලබාගත හැක. එසේම පිටපලාත් වල කරන වෙළහෙලදාම් නිසා ඔබගේ ජිවිතය දියුණු වීමට අවස්තාව ලැබෙනවා.
ගෘහ ජිවිතය ප්‍රීතිමත්ව ගත වෙන අතර, තමාට අවශ්‍ය කරන දියුණුවට වාසනාව ලැබෙනවා.
ගැටළු නැති වුවත් සතිය අගදී උදරාබාධ වැනි රෝග වලින් ඔබ ආරක්ෂා විය යුතුමයි.

● මීන
මේ සතිය හොදයි.
උත්සහයේ තරමට දියුණුවක් ලැබෙනවා. තමාගේ කටයුතු වලට ඥාතින්ගෙන් හිතවතුන්ගෙන් උදව් උපකාර හිමි වෙනවා.
ඉතාම ප්‍රීතියෙන් ගෘහ ජිවිතය ගත වෙනවා. කාර්ය බහුල තත්වයන් තිබුනද, ඔබට ගෙදර දොරේ සාමාජිකයන් සමග සතුටින් සිටිමට අවස්ථාව හිමි වෙනවා. මේ සතිය ඔබගේ ශුභ සතියකි.
සතිය මැදදී සෙම් රෝග වැනි කරදර ඇති වුවොත් පරිස්සම් වන්න.












No comments:

Post a Comment