Saturday, December 28, 2019

බෞද්ධ ධජය

බුදුන්වහන්සේගේ රැස් වළල්ල වර්ණ 6කින් යුතුය.
රහතන් වහන්සේලාගේ තිබෙන්නේ කහ පැහැයකි.

වර්ණ 6ක් එකතු වූ විට ෂඩ් වර්ණ වෙයි. බෞද්ධ කොඩියේ තිබෙන්නේ වර්ණ 5කි.
වර්ණ 6ම එක් වූ විට “ ප්‍රභාෂ්වර“ වෙයි.‍්

නීල + පීත + ලෝහිත + ඕජාත + මාන්ජිස්ට = ප්‍රභාෂ්වර

ප්‍රභාෂ්වර යනු, අළු පැහැයට හුරු පැහැයකි ( එළියක් නැත. දුර්වර්ණයකි).

Friday, December 27, 2019

අධිෂ්ඨාන ශ්‍රීපාද පද්ම 4කි.


01 _ කැළණි ගඟ පතුල

02 _ නාග ලෝකයේ පිහිටා ඇත.

03 _ ශ්‍රී පාදය

04 _ මක්කම

මෙයින් මිනිසුන්ට වන්දනාමාන කල හැක්කේ රත්නපුරයේ පිහිටා ඇති ශ්‍රීපාද පද්මයට සහ මක්කම පිහිටි ශ්‍රී පාද පද්මයට පමණි.
ශ්‍රී පාද වන්දනාව තරමක් අපහසු වන්නේද එය ලෙහෙසියට නොකිරීමටය. ඉතිරිවා අයත් වන්නේ නාග සහ දිව්‍ය අයට පමණි. කෙසේ වුවද අවාරයේදී දෙවිවරු රත්නපුර ශ්‍රීපාදය වන්දනා කෙරෙත්.

Friday, December 20, 2019

ඔවුන්ට විශේෂයෙන් ඔවුන්ගේ ප්‍රධානම අයෙකුට වැඩි ආයුෂ නැත.
කර්ම ශක්තියට පිටුපාමින් ඔවුුන් කරමින් පවතින මේ කටයුතු නිසා ඔවුන් සසර පුරාවටම විපාක තව තවත් වැඩි කරගන්නා අතර, රටේ ජනතාවද එයට හවුල් කරගෙන නිසා ඔවුන්ටද දැඩි විපාක ඉදිරියෙදි ලැබෙන්නට නියමිතය.
පින වෙනුවට පව සිදු කරගත් ජාතියකට අවාසනාව උරුම වනු ඇත.

Wednesday, December 11, 2019

ජනාධිපතිවරණය සහ ඉදිරිය

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණය දිනන ලද්දේය.
අපගේ අනාවැකිය වැරදි වන ලද්දේය.
බොහෝදෙනෙකුගේ ප්‍රශ්නය අනාවැකිය වැරදුනේ ඇයිද කියලාය ?

- ඒ ගැන දෙන්නට යම් පිලිතුරු තිබේ. යම් යම් ආකාරයට කරන ලද මන්ත්‍ර ගුරුකම්, හදි හූනියම් නිසා ජ්‍යොතිෂ්‍යයේ මූලික සිද්ධාන්තයන් විරුද්ධව මෙම ප්‍රතිඵලය පැමිණ ඇති බව කිව හැක.

- කෙසේ වුවද අප විශ්වාස කලේ ග්‍රහමය පදනම මෙන්ම කුසල ශක්තියද නියමාකාරයෙන් තිබුනු සජිත් ප්‍රේමදාස මහතා ජය ගන්නා බවය. එය වෙනස් කරන්නට නොහැකි බවය. එතරම්ම ඔහුගේ පින බලවත් බවය.

- එය වැරදෙන ලදි. ඒ අනුව,
අපගේ ගිණුම වසන්නට ප්‍රකාශ කල පරිදි සිදු කල අතර, අපගේ ෆැන් පේජය, මැතිවරණයට මාස කීපයකට පෙර තවත් ඇඩ්මින් කෙනෙකු පත් කරන ලද්දේ ජනාධිපතිවරණයේ අනාවැකි අරභයාය. ඒ අනුව ජනාධිපතිවරණයේ සම්පූර්ණ ප්‍රතිඵල නිකුත් වන්නට පෙර ඔවුන් විසින් අපගේ පේජය ලබාගෙන ඇත. එහි දැනට ගැටළුවක් නැත.

- දැනට පවතින පරිදි, රටට කෙසේද ??

රටට නම් හොද කාලයක් නොවේය. විශේෂයෙන් සජිත් ප්‍රේමදාසයන් දිනුවේ නම් ලබන වසරේ මුලදී වන සෙනසුරු මාරුව යහපත් වන්නට හේතු කාරණා තිබුනද, දැන් එම තත්වය සිදු වන්නේ නැත. රටට සහ ජනතාවට ඉතා කරදරකාරි, බාධාකාරි මෙන්ම ගැටළු සහගත තත්වයන් රට තුල සහ පිටරට වලින් පවා සිදුවන්නට හේතු කාරණා බොහෝමයක් තිබේ.

* අප විසින් කර්ම ශක්තින් ගැන කියන අවස්ථා වල යම් අය ප්‍රකාශ කලේ, රටේ ජනතාවගේ බලය ඊට වඩා වැඩි නිසා රාජ යෝග අවශ්‍ය නැති බවය. එය අපට වඩා නිවරදි වූ බව පිලිගනිමු.
නමුත් රටට ඉදිරියේදි සිදුවන්නට නියමිත කරුණු අනුව සලකා බලන කල, එය රටේ ජනතාවගේ කර්ම ශක්තියටද අදාල වන ඔවුන් විසින්ම කරගත් දෙයක් වන්නටද ඉඩ තිබේ.

Wednesday, November 13, 2019

“ නාග ලෝකයෙන් ධාතු වැඩමවීම සහ බැඳුනු මුසාව “



අප දන්නා ඉතිහාසයේ ලංකාවට නාග ලෝකයෙන් සර්වඥ ධාතුන් වැඩම වූයේ රුවන්වැලි මහා සෑය නිමවීමේදීය. එයට හේතුව එහි නිමැවීම මෙන්ම ඊටත් පෙර සම්බුදු රජාණන්වහන්සේ විසින් දන්වන ලද ආකාරයට එවකට සිටි ඉංජිනේරුවරු සහ එම නිර්මාණ ශීල්පීන් කල උපදෙස් අනුවය.
- එම කටයුත්ත සිදු කලේ සෝනුත්තර නම් මහානුභාවසම්පන්න මහරහතුන්වහන්සේ විසිනි. නාග ලෝකයෙන් සර්වඥ ධාතුන් වඩම්මවාගෙන ආ කතාව රසවත් එකකි. එය සොයාගෙන කියවන්න. කෙසේ වුවද මේ ආකාරයට, ධාතුන්වහන්සේලා වඩම්මාගෙන ඒම ගැන උරණ වූ එවකට නාග ලොවේ රජතුමා, රජ දේවිය සහ බාල දියණිය ඊට පලිගැනිමක් ලෙස කල් යල් බලා දුටුගැමුණු මහ රජුට දෂ්ට කරන්නේය. එනිසාම මහා සෑය නිමවන්නටත් පෙර රෝගී වූ රජතුමාට මිය යන්නට සිදුවන්නේය. එය එම නාග රජු, දේවිය සහ දියණිය කරගත් බරපතල අකුසලයකි. එනිසාම ඔවුන්ගේ නිවන් ගමන බොහෝ ප්‍රමාද වූ අතර වසර 2000කටත් වැඩි කාලයක් එම අකුසලය විඳිමින් සිටියහ. මහ පින් කල, සැබවින්ම මගේ ව්‍යායාම බුදු සසුන රැකීම ලෙස කටයුතු කල දුටු ගැමුණු රජු මරණින් පසුව නිදා සිට පිබිදියාක් මෙන් දිව්‍ය ලෝකයේ ඉපිද මහානුභාවසම්පන්න මහේශාක්‍ය දෙව් රජෙක්ව වැඩ සිටී. උන්වහන්සේ නැවත මනුෂ්‍ය ලොව උපදින්නේ ඊලග බුදු සසුනේදී නිවන් දකින්නටය.


● මණි අක්ඛිත නාග රජ්ජුරුවන් යනු නාග ලොවේ රජතුමා නොවේය. එතුමා නාග ලෝකයේ ජිවත් වූ අතර, කැලණියට ලගින් ජීවත්ව සිටි කෙනෙකි. ( නාග ලෝකයෙන් මනුෂ්‍ය ලෝකයට එන දොරවල් 2කි. 1ක් ඇත්තේ ථූපාරාමය අසලය. අනික කැළණි ගංගා පතුලය).
මණි අක්ඛිත නාග රජතුමා කැළණි විහාරයද, කිත්සිරි මෙවන් කැළණි විහාරය ( එගොඩ කැළණියද) ඇති කලේය.
අප අත්දැකීමෙන් දන්නා පරිදි නාග ලෝකයෙන් එම විහාර 2ම වන්දනාමාන කරන්නට පැමිණෙති. කැළණි චෛත්‍ය ගර්භයේ ඇති මැණික් පුටුව බුදුන්වහන්සේට පූජා කල දෙයකි.
අප විසින් ගිය වසරේදි මණි අක්ඛිත නාග රජුගේ පින්තුරයක්ද දෙව් පින්තූර වල පලකර ඇත. එය කැළණි විහාර භූමියේ ඇති පිලිමයයි. මණි අක්ඛිත නාග රජ්ජුරුවන් ඒ දිනවලම දේවත්වයට පත් විය. පසුව නිවන් අත්දකිනා ලදි.
( නාග ලෝකය, මනුෂ්‍ය ලෝකයට වඩා ඉතා කුසලයෙන් සහ සැප සම්පතින් ආඪ්‍ය ජිවිත හිමි අයට ලැබෙන්නකි. නමුත් දිව්‍ය ලෝක තරම්ම නොවෙති. නාග ලෝකයේ බොහෝ අය පුද පූජා පිණිස අප රටට එන අතර, නිවන් සාක්ෂාත් කරගැනිමට මනුෂ්‍ය ආත්ම භව පතන අයද ඕනෑ තරම් වෙති නාග ලොවේ).

ඔබට තවත් කාරණාවක් මෙහිදි කිව යුතුය, වත්මන් ජනපති මෛත්‍රීපාල සිරිසේනද, හිටපු ජනපති මහින්ද රාජපක්ෂද යන දෙදෙනාම සෝමාවාතිය ජලයෙන් යට වීම වලකනු වස් වේල්ලවල් සාදන ලදි. එයට මහත් පරිශ්‍රමයක් දරන ලදි. නමුත් එම උත්සාහයන් රාජ්‍ය නායකයන් විසින් සිදු කලද කරගැනිමට හැකියාවක් නොවුනි. එයට හේතුව සෝමාවතිය ජලයෙන් යටවීම වසරකට වරක්වත් සිදුවන්නකි. එනම් නාග ලෝකයේ අයට සෝමාවතී දන්ත ධාතුන්වහන්සේ වැද පුදා ගැනීමටය. එය වෙනස් කරන්නට මේ කල්පයේ නොහැක.

- දැන් අපි දෙරණේ කතාවට එමු. දෙරණේ දේශපාලන භාවිතය අප දනිමු.
කැළණි විහාරාධිපති හිමියන්ගේ දේශපාලන භාවිතයද පසුගිය කාලයේ මාධ්‍ය හරහා ඉදිරියට පැමිණියේය.
ඒ අතරයි මේ කාතව එන්නෙ. රුවන්වැලි සෑයට සර්වඥ ධාතුන්වහන්සේලා ලැබුනු අයුරින් දැන්ද එසේ වෙනවා යයි සහ අලුත් නායකයෙක් ලෙස දේශපාලන කාරණාවක් පැවසීම සැබවින්ම කුමන ආකාරයේ දෙයක්ද යන්න බුද්ධිමත් ඔබ තීරණය කල යුතුය !!!

* අපගේ අත්දැකීමෙන්, ප්‍රත්‍යක්ෂයෙන් දත්තා වූ කරුණු අනුවම නිවන් ගොස් ඇති මණි අක්ඛිත නාග රජතුමා මෙසේ නොකරන බව වගකීමෙන් ප්‍රකාශ කරමු !!!

-  @Thivantha Harischandraගේ ඉල්ලීම පරිදි විස්තර සහිතව  පල කරන ලදි !

#ඉරු

irusewaya@gmail.com

Tuesday, November 12, 2019

ජනපතිවරණය 2019 - ජනපතිවරණ සටනේ ඒකාන්ත ජය සජිත්ට,


- මෙවර ප්‍රධාන අපේක්ෂකයන් 2කි.
මින් පෙරද මේ පිං බිම තුල කිරුළ දරා ඇති ඔහුගේ ජයග්‍රහණය නියතයකි.

“ ජ්‍යොතිෂ්‍යයම සිද්ධාන්තයන් අනුව “

● එයින් සජිත් ප්‍රේමදාස මහතාට රාජ යෝග තිබෙන අතර, ගෝඨාභය රාජපක්ෂ මහතාට රාජ යෝග 1ක්වත් නැත. ඒ අනුව මූලිකම සිද්ධාන්තයක් ලෙස ගෙන උවද සජිත් ප්‍රේමදාස මහතා දිනන බව පැහැදිලිව කිව හැක.
- එක තර්කයක් ලෙස මහින්ද රාජපක්ෂ මහතාට රාජ යෝගයක් තිබෙන නිසා ගෝඨාභය දිනනු ඇති බවයි. අප පවුලක යම් නැකතක් සාදන විට නම් අපල අඩුම හෝ හොදම කාලය ගත කරන කෙනාට අනුව නැකත පවුලේ දියුණුවට නැකැත් ලබා දෙයි.
නමුත් ඒ ආකාරයට රටක නායකත්වය ලැබෙන්නේ නැත. රාජ යෝගයක් නැතිව රටේ නායකයා වීම ජ්‍යොතිෂ්‍යය අනුව විය නොහැක.
- තවද බොහෝ අය කතා කල ආකාරයට ඉන්දික තොටවත්ත මහතා පවසන ආකාරයට රාජ යෝගය ඵල නොදීමේ කාලයක් නොවෙයි මේ කාලය සජිත් ප්‍රේමදාසට. ඉහලින්ම ඵල දෙන කාලයක් වෙයි !
( සජිත් ප්‍රේමදාසයන්ගේ නියම කේන්දරය උපතේ සිටම එලියට නොපැමිණි අතර, අප විශ්වාස කරන්නේද අප විසින් කේන්දරය වසර 40කට පමණ පෙර බලා ඇත්තේද මිථුන ලග්නයට අදාලවය)

● ලංකාවේ කේන්දරය අනුව ලග්නය කුම්භ වේ. කුම්භයේ ලග්නාධිපතියා සෙනසුරු හෙවත් ශනිය.
සෙනසුරු නියෝජනය කරන්නේද මහජනතාවය. එසේම ලංකාවේ රාජ්‍ය බලයට ඉතාම වැදගත් ග්‍රහයාද සෙනසුරු වෙයි.
● සජිත් ප්‍රේමදාසගේ සෙනසුරු සිටින්නේ සමවය. නමුත් ගෝඨාභය රාජපක්ෂගේ සිටින්නේ සෙනසුරු ග්‍රහයා සතුරුවය.
● තවද මහ දසා අතුරු දසා අනුව බැලුවත්, තත්කාල ගෝචරය අනුව බැලුවත් මේ කාලයේ සජිත් ප්‍රේමදාස මහතාට රාජ යෝග සපිරි වාසනාවන්ත කාලයක් වන අතර ගෝඨාභය රාජපක්ෂයන්ට ඒරාෂ්ටක අපලයක්ද ගත වන අයහපත් කාලයකි.



 “ මුල - මැද - අග යන 3 විශ්වයටම අදාලව “

⭕ දෙවියන්ගේ ඇල්ම බැල්ම ඇති, පෙර ආත්ම භව වලද ලංකාවේ රාජත්වයට පත් වී ඇති “සජිත් ප්‍රේමදාස මහතා“ මේ පොලවේ රාජ්‍ය නායකත්වයට පත්විම නියතය. දේවාශිර්වාදය ලැබෙන නිසා දිනුම අනිවාර්ය වෙයි. රණසිංහ ප්‍රේමදාසයන්ට තිබුනු ජන ආකර්ෂණය ඔහුටද තිබේ. ඒකාලේ ඇගලුම් කර්මාන්ත ඇරඹීමද, නිවාස ව්‍යාපෘතිද නිසා ජනතාවගෙන් ඔහුට කෘතගුණ සැලකීමට ඡන්දයද හිමි වෙයි.
යම් ජ්‍යොතිර්වේදියෙක්ට වරදී නම් වරදින්නේ ග්‍රහමය පදනමෙන් පමණක් විග්‍රහ කිරීමෙනි. ග්‍රහමය පදනම අනුව කියැවෙන්නේ මැද අවකාශයට අයත් කර්ම ශක්තිය පමණය. එනම් උඩ සහ යට මග හැරෙයි. තවද ජන්ම කේන්දරය කියැවෙන්නේ, උප්පත්ති කේන්දරයේ තිබෙන පෙර කර්ම ශක්තියයි.
⭕ කුමන කෙනා ඡන්දයට පැමිණියද සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වලක්වන්නට බැරි වෙයි.  කුමන හූනියම, ගුරුකම කලත් ඔහු පරාජය කිරීමට හැකියාවක් නැත. සජිත් ප්‍රේමදාසයන්, පෙර සංසාරයේ රහතුන්වහන්සේලාට පැහැදුනු සිතින් උවැටන් කර ඇති නිසාම ඒ මහා කුසලය මේ ජිවිතයේ පමණක් නොව නිවන් දක්නා ජාතිය දක්වාම ඵල දෙයි.
ඔහු ඉතා ඉහලින් ජය ලබනු ලබයි !
එය ඔහුගේ රාජ යෝගයේ බලයට වඩා සැබෑ පිනේ බලයි. පෙර කරන ලද පිනේ විපාකය එසේ වෙයි. දිගු කාලයකට රටේ නායකත්වය දැරීමට ඔහුට පින තිබේ.

⭕ ගෝඨාභය රාජපක්ෂ මහතා ගෙවන්නේ තමන්ගේ අකුසල් ඵල දෙන දැඩි දුෂ්කර කාලයකි. එනිසාම ඉතා දැඩි මානසික පීඩන වලින් යුතුව සිටින කෙනෙක් වන අතර, අකුසල් ඵල දෙන කාලයේ යහපතක් නම් වෙන්නේ නැත. කුමන ආගමික මතවාද, අන්තවාද තිබෙන අය ගෝඨාභය රාජපක්ස මහතාට උදව් කලද කිසිසේත්ම ඔහු දිනන්නේ නැති අතර, බුදු දහම කියා වෙනත් දේ කරනා යම් යම් අසපුද මේ අවස්ථාවේ තමන්ට වෙනම විශේෂයක් කරගැනිමට මාන බැලුවත්, ඔවුන්ද දහමට පිටින් වැඩ කරන අය නිසා සිදුවන්නේ අයහපත්ක පමණි !!!

-
#ඉරු

irusewaya@gmail.com

Wednesday, November 6, 2019

ගුරු මාරුව ( 2019 නොවැ)



ග්‍රහලොව සෞභාග්‍යයට අධිපති ගුරු හෙවත් බ්‍රහස්පතී එනම් සුරගුරු ග්‍රහයා, තමන්ගේ ස්වක්ෂෙත්‍ර රාශියක් වන (නිවස වැනි) ධනුවට පැමිණේ. වෘශ්චික රාශියේ සිට මෙසේ ධනුවට පැමිණීම සිදුවේ. ලංකාවේ ජනතාවටද මෙම මාරුවේ බලපෑම තිබේ. එනම් 11 වැන්නේ සහ 2 වැන්නේ අධිපතිත්වය දරණ ගුරුගේ මාරු වීම බලපෑමක් කරයි. පුරා වසරක් පුරා මෙම ග්‍රහ මාරුව පවතී. රටට වඩාත් යහපත් කාලයක් උදා වන්නට මෙම මාරු වීම සිදු වෙයි.
- ලග්න 12ට කෙසේද කියල බලමු !

( මෙය පොදු පලාපලයක් පමණක් බව සලකන්න )

-

● මේෂ
ගුරු ග්‍රහයා පැමිණෙන්නේ 9 වැන්නටය.
පින ගැන කියැවෙන 9 වැන්නට ගුරුගේ පැමිණීම සුභදායකය. විදේශ ගත වීම් වලට ඉතා හොදයි. තවද අධ්‍යාපන කටයුතු වඩාත් උසස් ආකාරයෙන් සාර්ථක කරගෙන යෑමටත් මේ කාලය හොදයි. රැකියා - ව්‍යාපාරද දියුණු වන කාලයකි. පෙර පින මතුවන කාලයක් බව කිව යුතුය. මේ කාලයේ නිසි ලෙස එම තත්වයන් කළමනාකරණය කරගත යුතුමය. එවිට වැඩි දියුණුවක් අපේක්ෂා කල හැක.
ගුරු, 22 දෙර්කාණාධිපතියා නොවේ නම් සහ පාප දෘෂ්ටි යනාදියෙන් දුර්වලව නැත්නම් මෙම සුභ ඵල තත්වයන් සැබවින්ම අත්විඳීමේ හැකියාවක් තිබේ.


-

● වෘෂභ
ගුරු ග්‍රහයා පැමිණෙන්නේ 8 වැන්නටය.
සැබවින්ම සුභ ග්‍රහයෙකු වන ගුරුගේ 8 වැන්නට පැමිණීම සාපේක්ෂ වශයෙන් යහපත්ය. 8 වැන්නේ වුවද බලවත් වීම නිසා හදිසි වාසනාව සහ දේපල ලාභ යනාදියටත් වාසනාව තිබේ. වෙනදාට වඩා සිතට සැනසීමක් ලැබෙන කාලයකි. මිතුරන් බහුල වන කාලයකි. අතමිට මුදල් සරු වෙන කාලයකි. දෙමාපියන්ගේ, ඥාතින්ගේ උරුමහරුමකම් ලැබීමටත් මේ කාලය හොදයි. ඔබගේ නිරෝගී භාවයද සුරැකෙන කාලයකි.

-

● මිථුන
ගුරු ග්‍රහයා පැමිණෙන්නේ 7 වැන්නටය.
මෙය සැබවින්ම විවාහ කාරක කාලයකි. එනම් විවාහ කටයුතු වලට වඩා හොදයි. කැපවීම තුලින් තමන්ගේ දියුණුව හොදින් කරගෙන යෑමට හැකියාව ඇත. ව්‍යාපාර යනාදියෙනුත් දියුණු විය හැක. එසේ වුවද හවුල් ව්‍යාපාර වලින් තරමක් පරිස්සම් විය යුතුය. එනම් රැවටීම් වලට ලක් වීමේ හැකියාව තිබේ. ජිවිතයේ ඉදිරි සැලසුම් කිරිමේ හැකියාව ලැබෙන කාලයකි.


-

● කටක
ගුරු ග්‍රහයා පැමිණෙන්නේ 6 වැන්නටය.
අන් අයගේ සැලකීම, අන් අයගේ කරුණාවට බඳුන් වීමේ වාසනාවක් මේ කාලයේ පවති. සතුරන්ගේ පවා හොද හිත ලැබෙන්නට හේතු පවති. තවද ඔබ මේ කාලයේ නිරෝගී වෙන්නට වාසනාව තියෙනවා. හදිසි ලාභ ලැබෙන්නටද වාසනාව තිබේ. අධ්‍යාපන කටයුතු වලටද හොදින් මහන්සි වී කටයුතු කිරිමට හැකියාව ඇති කාලයකි. තවද ආගම දහමට යම් නැඹුරුවක්ද මේ කාලයේ පවති.


-

● සිංහ
ගුරු ග්‍රහයා පැමිණෙන්නේ 5 වැන්නටය.
අධ්‍යාපනය ගැන කියැවෙන 5 වැන්නට ගුරු පැමිණීම තුල, අධ්‍යාපන කටයුතු හොදින් කරගෙන යාමේ හැකියාව ඇත. අධ්‍යාත්මික නැඹුරුවටද හොද කාලයකි. සෑමදෙනාගේම සිත දිනාගෙන කටයුතු කිරීමේත් හැකියාව සහ වාසනාව පවති. මංගල යෝගද සපිරි කාලයකි. දේපල ලාභ සහ මුදල් ලාභ යනාදියටත් වාසනාව තිබේ. හදිසි ලාභ, ලොතරැයි වාසනා යනාදියටත් වාසනාව තිබෙන කාලයකි මේ කාලය.


-

● කන්‍යා
ගුරු ග්‍රහයා පැමිණෙන්නේ 4 වැන්නටය.
පොදුවේ යහපත්ය. ගුරුගේ පැමිණීම නිසා කරන කටයුතු වලට තරමක පීඩන තත්වයන් ඇති වේ. කෙසේ වුවද අනිකුත් ගෝචරය සමග සසදා බලන කල දැඩි කැපවීම තුල එම තත්වය වඩාත් යහපත් කරගත හැකිවනු ඇති බව අපගේ විශ්වාසයයි. වාහන ලාභ තිබෙන කාලයකි. රැකියාවේ හෝ ආදායම් මාර්ගයේ දියුණුවක්ද අපේක්ෂා කල හැක.


-

● තුලා
ගුරු ග්‍රහයා පැමිණෙන්නේ 3 වැන්නටය.
කරන කටයුතු සාර්ථක වීමද අන් අයගේ ප්‍රශංසාවට බදුන් වීමටත් වාසනාව තිබෙන කාලයකි. වැඩිහිටියන්ගේ මෙන්ම තමන්ගේ ප්‍රධානියාගේ පවා ප්‍රශංසා ලැබෙන කාලයකි. මෙයද පින මතුවන කාලයක් බව කිව යුතුය. පවුලේ සමගිය වැඩි දියුණු වේ. අධ්‍යාපන කටයුතු, කලා කටයුතු වල දියුණුවක් අපේක්ෂා කල හැක. සමාජ සේවා කටයුතු වලින්ද දියුණුවක් ලැබෙන කාලයකි.


-

● වෘශ්චික
ගුරු ග්‍රහයා පැමිණෙන්නේ 2 වැන්නටය.
ධනය ලැබෙන කාලයකි. ආදායම් මාර්ග වලට හොදයි. වෙනදාට වඩා අතමිට සරු වන කාලයකි, තමන්ට හොද ඥාන ශක්තියක් මේ කාලයේ ලැබෙනවාය. තවද අධ්‍යාපන කටයුතු වලට හොද වාසනාවන්ත කාලයකි. නිසි කළමනාකරණයකින් යුතුව කිරිමෙන් වැඩි දියුණුවක් අපේක්ෂා කල හැක. උපදේශන සේවා සහ වචනය තුලින් වෘත්තින් කරන අයට වඩාත් හොද කාලයක් බව කිව හැක.


-

● ධනු
ගුරු ග්‍රහයා පැමිණෙන්නේ 1 වැන්න හෙවත් ලග්නයටය.
ලග්නාධිපතියා 1 වැන්නට පැමිණිම හොද කාලයකි. පෙරට වඩා වඩාත් හොද කාලයකි. ලග්න ඒරාෂ්ටක අපලය ගත වුවද වෙනදාට වඩා කරදර බාධක අඩුවන කාලයකි. අන් අය විශ්වාස කිරිමේදි බුද්ධිමත් වෙන්න. මෙතෙක් පැවති ආර්ථික දුර්වලතා ක්‍රමිකව සමනය වෙන යහපතක් උදා වන කාලයකි.


-

● මකර
ගුරු ග්‍රහයා පැමිණෙන්නේ 12 වැන්නටය.
මේ තුල හදිසි විදේශ ගත වීම් යනාදියට වාසනාව තිබේ. ඒරාෂ්ටක අපලය ගත වුවද ක්‍රමිකව වඩා යහපතක් අපේක්ෂා කල හැක. වියදම් කටයුතු වෙනදාට වඩා යහපත් වෙයි. නිරෝගී භාවය ඇති වෙයි. ඥානාන්විතව කටයුතු කිරිම තුලින් වඩා හොද තත්වයන් අපේක්ෂිතය.


-

● කුම්භ
ගුරු ග්‍රහයා පැමිණෙන්නේ 11 වැන්නටය.
ආදායම, රැකියාව වැඩි දියුණු වන කාලයකි. අතමිට මුදල් ගැවසෙන, පසුම්බිය සරු වන කාලයකි. ව්‍යාපාර යනාදියටත් හොද කාලයකි. යම් ධන ලාභ වලට ඉඩක් පවති. දේපල උරුමකම් වලටත් වාසනාව පවති. අධ්‍යාපන කටයුතු වලටද ඉතා හොද කාලයක් බව කිව යුතුය.


-

● මීන
ගුරු ග්‍රහයා පැමිණෙන්නේ 10 වැන්නටය.
ලග්නාධිපතියා රැකියාව - ආදායම් මාර්ගය ගැන කියැවෙන ස්ථානයට පැමිණීම ඉතා හොදයි. නව රැකියා අවස්ථා ලැබීමද, රැකියාව දියුණු වීමද අපේක්ෂිතය. තවද ව්‍යාපාර කටයුතු වලට හොදයි. දේපල ලාභ ලැබෙන්නටද වාසනාව තිබේ. බුද්ධිමත්ව සියල්ලම කළමනාකරණය කරන්නේ නම් වඩාත් හොදයි.


-

* ගුරු ග්‍රහයා අයත් වන්නේ, ලක්ෂ්මී දේව මෑණියන්, පත්තිනී මෑණියන් සහ විෂ්ණු දෙවියන්ටය. වෙනදාට වඩා අධ්‍යාත්මිකත්වය අගය කරමින් ජිවත් වන්නේ නම් ගුරුගෙන් වන අපල දෝෂ තත්වයන් අවම වන අතර, සුභ ඵල වැඩි දියුණු වෙයි !

#ඉරු

irusewaya@gmail.com

Monday, November 4, 2019

“ නිවන් පිණිස හේතුවන ධාතු කරඬු පූජාව “




අපද යම් යම් අපල දෝෂ තත්වයන් වලදී ධාතු කරඬු පූජාව කල යුතු බව නිර්දේශ කරමු ! එහි සැබෑ අරමුණ නම් සර්වඥ හෝ අරහත් ධාතුවක් දරන්නට හැකියාව ඇති දෙයක් පරිත්‍යාගයයි. මෙම පූජාවේ මූලික ආනිසංසය නම් එය “ නිවන් පිණිස“ වන කුසලයක් වීමය.

මෙම පූජාවේ අනුසස් ලෙස පතපොතේ,

● දද - කුෂ්ඨ යනාදිය සිරුරේ ඇති නොවීම.
● මනුෂ්‍ය ලොවේ ඉහලම තත්වය වන, සක්විති රජ වීමද, දිව්‍ය - බ්‍රහ්ම ආදී ලෝකයන්හි ඉහලම තත්වය වන “ සක් දෙව් රජ “ වීමටද මෙම කුසලය හේතු වාසනා ගෙන එයි.
● මනුෂ්‍ය - දිව්‍ය ලෝකයන්හි ඉපදෙන්නට වාසනාව ඇති වේ.
● නිරෝගීමත් වේ.
● කළණ මිතුරු ඇසුර ලැබීම

 යනාදිය කියැවේ.

මෙම පින්කමද, පැහැදුනු සිතින් යුතුව, මනා සිහියෙන් යුතුව නිවන්ගාමි පිනක් වනු පිණිසම විශ්වයටම පූජාවක් වේවා ! ලෙස ප්‍රාර්ථනා කර සිදු කරන්න. පින මහත්ඵල මහානිසංස වනවා නොඅනුමානය !!!

#ඉරු
irusewaya@gmail.com

Wednesday, October 23, 2019

“ මණි මේඛලා දේව මෑණියන් “

 
මුහුදු මණිමේඛලා දේවතාවිය ලෙසද හැඳින්වෙන මණි මේඛලා දේව මෑණියන් මුහුදට විශේෂයෙන් සම්බන්ධකම් ඇති දේවතාවියකි. මුහුදු යන අය එතුමියට වැඳ ආශිර්වාද ගෙන මුහුදු යන සිරිතක්ද තිබේ.
- ඉන්දියානු දේව කතා සාහිත්‍යයේ පමණක් නොවන, ග්‍රීක දේව කතා වලද මණිමේඛලාව නොහොත් හීබෘව ලෙස හැඳින්වීමක් ඇත.

- වන්දනය කිරීමේදී දේව මාතාවගේ කැමැත්ත නම් ඕනෑම වර්ගයක මල් 3ක් ගෙන එහි නටු අනිත් පැත්තට එන ලෙසද, මල් 3 ත්‍රිකෝණාකාරව එන ලෙසද තබා වන්දනය කිරිමය.

මහානුභාවසම්පන්න - මහේශාක්‍ය - සුපින්වත් දේව මාතාවකි.
පින්කමක් කර අනුමෝදන් කරන්න. ආශිර්වාද ලැබෙනවා නොඅනුමානය.

#ඉරු

irusewaya@gmail.com

Friday, October 11, 2019

“ උච්ච වීම සහ සබැඳුනු කරුණු “

සරලව ඇහුවොත් මොකක්ද උච්ච වීම කියන්නෙ, ලංකාවෙ හැටියට නම් තරු 5 හෝටලයක ග්‍රහයා ඉන්නවා වගේ. තරු 5 හෝටලයක ඉන්නකොට ගොඩක් සැප පහසුකම් සහිතව ඉන්න පුලුවන්නෙ. අන්න ඒ වගෙයි.

උච්ච වීම ගැන කියද්දි මතකයට එනවා ජ්‍යොතිෂ්‍යයට අනුව ප්‍රධානම රාජ යෝග 5ක් වන, පංච මහා පුරුෂ යෝග. පංච මහා පුරුෂ යෝග යෙදෙන්නේ කුජ, සිකුරු, බුධ, ශනි සහ ගුරු කියන ග්‍රහයන් උච්ච හෝ ස්වක්ෂෙත්‍රව 1,4,7,10 තැන් වල හිටියොත් විතරයි.
පාපී ග්‍රහයන් විදියට කිව්වත්, කුජ, ශනි ග්‍රහයන් උච්ච හෝ ස්වක්ෂෙත්‍ර වීම තුල, රුචක සහ සස කියන පංච මහා පුරුෂ යෝග යෙදෙනවා.

● ඕනෑම ග්‍රහයෙකු උච්ච උනොත් ඒ කියන්නෙ දියුණුව ලැබෙන්න පුලුවන්. ඒකෙ තේරුම උච්ච නොවී තිබුනොත් හොද නෑ කියන එක නෙමෙයි. නමුත් සරලව උච්ච උනොත් හොදයි. නීච උනත් දියුණු වෙන අවස්ථා ඕනෑ තරම් තියෙනවා. ඕනම කේන්දරයක රාහු - කේතු ඇර, අනිකුත් ග්‍රහයන් 7 ගෙන් 4ක් උච්ච වෙනව නම් රජ වෙනවා හා සමාන තත්වයක් කියල ජ්‍යොතිෂ්‍යෙය් කියවෙනවා.

● රවි උච්ච උනොත්, මයුරපාල කියන යෝගය යෙදෙනවා. ඒ යෝගය තියෙන අය කිසි කෙනෙකුට ඔළුව නමන්න කැමති නෑ. ඒවගේමයි, ඒ යෝගය 10 තිබුනොත්, ඒකියන්නෙ රැකියාව ගැන කියැවෙන 10 තිබුනොත්, රැකියා ස්ථානයේ උනත් ලෙහෙසියට ඔළුව නමන්න අකමැති ගති තියෙනවා. අසාධාරණයක් නම් කොහොමත් හිස නමන්නෙ නෑ.

● චන්ද්‍ර/ සදු උච්ච වීම කාන්තා පාර්ශවයට ඉතාම හොද දෙයක්. පිරිසිදු - ප්‍රසන්න රූපයක් වගේම කාරුණික හදවතක් තියෙනව කියනවා. සදු උච්ච වෙන්නෙ වෘෂභ රාශියෙ. ඒවගේමයි කාන්තාවන්ට සදු නීච උනොත් ඒක ගැටළුසහගත බව අපි අත්දැකිමෙන් දන්නවා. එහෙම අයගේ සිතිවිලි වල ගැටළුවක් - ස්ථිර නැති ගතියක් නිතර තියෙනවා.

● කුජ වගේ ග්‍රහයෙක් උච්ච උනොත්, තමන්ගේ ආධිපත්‍ය පතුරවන්න දක්ෂයි.
සාමකාමි ගති අඩුයි. ගැටුමට බර වැඩියි. කුජ නීච උනාම ඒකත් නරක නෑ. කුජ උච්ච වෙන එක කාන්තා පාර්ශවයට එච්චර හොද නෑ. කුජ නීච වෙන එක පිරිමි පාර්ශවයට උනත් ලොකු ගැටළුවක් නෑ. වර්තමාන ජනාධිපතිවරයාගේ කුජ නීචයි. එතකෙට ඒකාධිපති වෙන්න තියෙන ඉඩ අඩුයි. හිටපු හමුදාපතිවරයෙක් වන ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාගේ තුලා ලග්නයේ 4 වැන්නේ කුජ උච්චයි.

ඔය වගේ කාරණා බොහෝමයක් තියෙනවා. අපි ඉදිරි ලිපියකින් තව කතා කරමු !

irusewaya@gmail.com

#ඉරු #ඉරුසේවය

Saturday, October 5, 2019

“ නිදුකාණෙනි වඩිනු මැන “

දෙවියන් සහ බ්‍රහ්මයින් විසින්, අප මහා බෝසතාණන්ට බුදු වන්නට කල ආරාධනය පිළිබිඹු කෙරෙන පින්තූරයකි මෙය.

- ලෝකය මෙලෙස පවතින්නේද, පවත්වාගෙන යන්නේද දෙවිවරු විසිනි. කර්මය මූලිකව අදාලව මේ තත්වයන් අදටද සුරැකෙන්නෙ දෙවියන්ගේ ඇල්ම බැල්ම නිසාය.

- මේ ආකාරයටම තව කාලයකට පසුව, මෙත් මහ බෝසතාණන්ටද බුදු වන්නට ඇරයුම් කිරීම දෙව් බඹුන් විසින් සිදු කරනු ලබයි !

#ඉරු

Friday, October 4, 2019

“ දිව්‍ය සැප ලැබෙන මුතු කුඩ පූජාව “



මුතු කුඩයක් මිලදී ගෙන පූජා කරනවාට වඩා, තමන් විසින් සාමාන්‍ය කුඩයක් මිලදී ගෙන, හිත පහදවාගෙන, බුද්ධ - ධම්ම - සංඝ ත්‍රිවිධරත්නයට පූජා කිරීම පිණිස සහ සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය පිණිස, විශේෂයෙන් ධාතු කරඩුව වඩම්ම වීම පිණිස කැපවීමෙන් තමන් විසින්ම අලංකාරවත් කර සඟ සතුකොට පූජා කරන්නේ නම් මහත්ඵල මහානිසංස වෙයි.

- විශේෂයෙන් කිව යුත්තේ, පෙර ආත්ම භව වල කරන ලද අකුසල්, මේ ජිවිතයෙදි අපල දෝෂ ලෙස පැමිණි විට අපද යෝජනා කරන ශාන්ති කර්මයකි මුතු කුඩ පූජාව. අපට පෙර කරන ලද කර්මයන් වෙනස් කල නොහැක. කල යුතු සහ කල හැකි දෙය නම් බුද්ධිමත්ව පින් දහම් කිරීමය.

- එහිදී වඩාත් වැදගත් වන්නේ, සම්බුදු සසුන සහ බුදුන්වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය විෂයෙහිලා මෙම පූජාව සිහි කිරීමය.
තමන්ම වැඩ දමා අලංකාරවත් කර පූජා කරන්නේ නම් ඉතාම අගනේය !!!

 ⭕ මුතු කුඩ පූජාවේ මූලික ආනිසංසය නම් දිව්‍ය සැප ලැබීමය !

තවද, පොතපතේ සදහන් පරිදි, මුතු කුඩ පූජාවෙන්,

1. ශීතලෙන් පීඩා නොලැබීම.
2. තම ශරීරයෙහි කුණු නොඇලීම.
3. උපද්‍රව අඩු වීම.
4. හැම කල්හි අන්‍යයන් විසින් ගරැ බුහුමන් ලැබීම.
5. සියුම් වූ සමක් ඇතිවීම.
6. සිත පිරිසිදු වීම.
7. ඌෂ්ණයෙන් පීඩා නොලැබීම.
8. බොහෝ විචිත්‍ර කුඩ ලැබීම.

 යනාදි ආනිසංස ලැබේ.

සිත පහදවාගෙන, නුවණින් සිතා නිවන පිණිස හේතු වාසනා වන්නට අධිෂ්ඨාන කර මෙවන් පින්කම් සිදු කරන්න.
එසේ සිදු කර එම සියලු පින්, සියලු දෙවියන්ට, සියලු සත්වයන්ට, සියලු ඥාතින්ට ලැබේවායි ! අනුමෝදන් කරන්න.

සම්මා සම්බුදු සරණයි !


#ඉරුසේවය

Saturday, September 28, 2019

2020 ජනාධිපති වන්නේ සජිත්ය - ඉරු අනාවැකි

ඉදිරිය සහ දැන් පවතින තත්වයන් ගැන සියලු කරුණු කාරණා සලකා බැලීමෙන් පසුව, ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමට වැඩියම සුදුසුකම සහ ඊට අදාල පින සපුරා ඇත්තේ “ සජිත් ප්‍රේමදාස “ මහතාය.

-  24  ඉදිරියට කාලයෙදි ඔහුගේ පිනට සම්බන්ධ කාරණා 1 බැගින් සිදුවෙමින් ඔහුට රාජ්‍යත්වය ලැබෙන්නට අවශ්‍ය කටයුතු සිදුවනු ඇත.


● සජිත් ප්‍රේමදාස මහතාගේ පින බලවත් බැවින්, පක්ෂයෙන් ඉවත්ව සිටි පරණ පාක්ෂිකයන් මෙන්ම වෙනත් පක්ෂ වල අයද සපිරිවරාගෙන ඉතා ඉහල ජයක්, වාර්තාගත ජයක් ලැබීමට නියමිතය.
( මෙය කුමනාකාරයේ හදි හූනියම් - ගුරුකමකින්වත් වැලැක්විය නොහැකි බවද අවධාරණය කරමු)

පසුගිය දිනවල බොහෝදෙනා කතා කරනවා ඇසුනේ, සජිත්ට යුඑන්පියෙන් අපේක්ෂකත්වය දෙන්නෙ නෑ කියාය. දැන් එය ලැබී ඇත.
ඒ ආකාරයටම, ඉහල ප්‍රතිශතයකින් ඊලග ජනාධිපතිවරයා ලෙස සජිත් ප්‍රේමදාස පත්වීමට නියමිතය !!!

රටේ ඊලග වසර 10කට පමණ කාලයකට නායකත්වය මෙන්ම ඊට පසුව පවා දේශපාලනේ වැදගත් භූමිකාවක් කරන්නට සජිත් ප්‍රේමදාසයන්ට වාසනාව - පින පවති !


 #sajithpremadasa #spg2020

#ඉරුසේවය #ඉරුසැප්2019

Friday, September 6, 2019

බොහෝ අය අහන common ප්‍රශ්නය ??


අපගෙන් කේන්දර පරික්ෂා කරගන්නා විට සමහර අයගේ විමසන ප්‍රශ්නය නම්, “ මගේ මේ අපල කාලය කවදාද ඉවර වෙන්නෙ? “

- මෙය ගැඹුරින් සිතිය යුතු කාරණාවකි. කාලය සමග අපල දෝෂ තත්වයන් වල අඩු වීමක් සිදුවන බව ඇත්තය.

- ඔබ අසා තිබෙනවාද මෙය ?
ඉහලම සැප විඳින දිව්‍ය ලෝකයන් වල උපරිම ආයු කාලයට සමාන කාලයක් අපායක 1 දිනයකට සමාන බව ???

- එසේ නම් වයස 80ක් වැනි මනුෂ්‍ය ජිවිතයක් ගත කරන අපි - ඔබ, පෙර අකුසල කර්ම වසර ගණනාවකින් ඉබේ ගෙවේ යයි සිතනවාද තවත් ?

● එනිසා හැකි සෑමවිටම පින්කම් කරන්න. කෑම කා පිගානේ අත සෝදන විටද, මේ ඉදුල් ස්වල්පය කුසගිනි ඇති සත්වයන්ට ආහාරයක් වේවා, මේ පින් සියලු දෙවියන්ට, සියලු සත්වයන්ට, සියලු ඥාතින්ට ලැබෙවායි ප්‍රාර්ථනා කරන්න !
- එසේම අපල අකුසල තත්වයන් වලට නිසි ප්‍රතිකර්ම නිර්දේශ කලොත් ඒවා ඒ ආකාරයටම සිදු කරන්න.

බුදු සරණයි !

#ඉරු #ඉරුසැප්2019

Monday, August 26, 2019

“ පෙරහන්කඩ පූජාව “



⭕ පෙරහන්කඩ පූජාවේ මූලිකම ආනිසංසය නම් නිරෝගීභාවය ලැබීමයි !
එනම් සෑම ආකාරයටම නිරෝගී භාවයද, ආරක්ෂාවද පෙරහන්කඩ පූජාව තුලින් ලැබෙයි !

තවද, පොතපතේ සදහන් ආකාරයට,

බුදුන් වහන්සේ ප්‍රමුඛ වූ මහා සංඝයාවහන්සේට පෙරහරන්කඩ පූජා කිරීමේ අනුසසින් කර්මයට අනුරූප වූ අනුසස් 5ක් වේ.


● සෑම දෙනාම ඉක්ම වූ දිව්‍යායුෂය ලැබීම.
●සොර සතුරු බියක් ඇත්තෙක් නොවීම.
● අවි ආයුධයෙන් හිංසාවක් නොවීම.
● වස විෂ ආදියෙන් පීඩාවක් නොවීම.
● පෙරහන්කඩ පිදීමේ අනුහසින් සසර වාසය කළ සැමදා අතුරු මරණයක් නැත්තෙක් වීම.

- පෙරහන්කඩ පූජාවේදී මෙන්ම, ඕනෑම පිනකදී - කුසලයකදී සිත පහදවාගෙන, තමන්ගෙන් යම් දෙයක් වැය වෙනවා, නැති වෙනවා බව තේරුම් ගෙන, එයම මසුරු බව අඩු වීමටත්, නිවන්ගාමී වීමටත් හේතු වන බව අවබෝධයෙන් යුතුව කිරීම මැනවි !
ඒ ආකාරයට සිත පහදවාගත් විට පිනේ ප්‍රමාණයක් නැත. මහත් ඵල මහානිසංස වෙයි !

තවද අනන්ත සංසාරයේ ඕනෑතරම් ඥාතින් අපගෙන් පින් බලාපොරොත්තුවෙන් සිටින නිසා, “ මේ පින් සියලු දෙවියන්ට, සියලු ඥාතින්ට, සියලු සත්වයන්ට අනුමෝදන් වේවායි “ සිතින් ප්‍රාර්ථනා කරන්න !


#ඉරු #ඉරුඅගෝ2019 #iru #srilanka #dhamma

Friday, August 23, 2019

බැලූ බැල්මට මෙය හිනා එන කතාවකි. නමුත් මෙහි සැබෑවටම ගැඹුරු අර්ථයක් පවතී. එය ගැඹුරු බව අප දන්නේ අප ජ්‍යොතිෂ්‍යය සේවාවක් ලෙස කරන බැවිනි.

 ⭕ මුලින්ම මෙහි ඇති එක කරුණක් විසදිය යුතුය. එනම් පෘථවියේ සිට ඉතා දුර ඇති නිසා අපට ඇති බලපෑම අවම විය යුතු බවක් හැඟවීම.
● පෘථවියේ උපග්‍රහයෙකි චන්ද්‍රයා -  ප්‍රමාණය අනුව පෘථවියට වඩා ඉතා කුඩාය.
නමුත් පුර කාලයට මුළු පෘථවියම එළිය කරන්නට චන්ද්‍රයා සමත්ය.
- එසේ කරන්නේ සූර්යයාගෙන් වැටෙන ආලෝකය පරාවර්ථනය කිරීමෙනි.

● කුජ/අගහරු ඈතක සිටින පෘථවියට වඩා කුඩා  ග්‍රහයෙකි, නමුත් චන්ද්‍රයාට වඩා විශාලය.
https://www.lpi.usra.edu/publications/slidesets/redplanet2/slide_1.html

● සූර්යයාගෙන් සියලු ග්‍රහයන්ට වැටෙන ආලෝක කදම්බයෙන් කොටසක් පරාවර්ථනය වන බව අපි සියල්ලෝම දනිමු (චන්ද්‍රයා මූණට කණ්ණාඩියක් සවි කරගෙන නැත, ආලෝකය පරාවර්ථනයෙන් සඳ එළිය පෘථිවියට වැටේ).

●  සූර්යයා සහ සියලු ග්‍රහ වස්තූන් භ්‍රමණය වන්නේ ආකර්ෂණ ශක්තියකට අනුවය. එය අන්තර් සබඳතාවයකි. ග්‍රහ ලෝකයන් අතරද එකිනෙක අතරද ආකර්ෂණ සබදතාවයක් තිබේ. පෘථිවියේ සිට වෙනත් ග්‍රහලොවකට යන විට පෘථවියේ ආකර්ෂණය යම් දුරකට තිබේ. එසේ වෙනත් ග්‍රහ ලෝකයට අයත් ආකර්ෂණයක්ද පෘථවියට තිබේ..
එයින් එක ග්‍රහයෙකු හෝ ඉවත් වුවොත් සිදුවන දෙය සිතාගත හැකිද ?

- එසේ නම් කුජ සමග සබදතාවයක් පෘථවියට තිබේ... !
- එසේ නොවි නම් එකකට එකක් නොගෑවි භ්‍රමණය වන්නේ කෙසේද ?

** කුජට වැටෙන ආලෝක කදම්බයෙන් කොටසක් අනිකුත් ග්‍රහ ලෝක වලටද වැටේ. එම වැටෙන ආලෝක කදම්බය තමයි “ග්‍රහ දෘෂ්ටි“ ලෙස ජ්‍යොතිෂ්‍යයේ පෙන්නුම් කරන්නේ..
උපන් මොහොතේදි ග්‍රහයන් සිටි ආකාරය අනුව, ඒ ඒ ග්‍රහයන්ට වැටෙන ආලෝක ප්‍රමාණය තමයි පෙන්නල කතා කරන්නේ,

“ මේ ග්‍රහ දෘෂ්ටිය වැටෙනවා, මෙතන කුජ සිටින විතර මෙතරම් ප්‍රබල හෝ දුබල තත්වයක පිහිටිනවා “

- එම බලපෑම සැබෑවටම පවති - නැතිව අප කතා කරන්නෙ භූත ආත්ම හෝ නොපෙනන බලවේග ගැන නොවෙයි.
- ජ්‍යොතිෂ්‍යය පැහැදිලිවම සජීවිව පවතින විද්‍යාත්මක පදනමකට අනුව කතා කරන්නකි..

● එසේ නම් හඳේ බලපෑම අනුව, වඩදිය - බාදිය ඇති වීමත් ප්‍රතික්ෂේප කල යුතු වෙයි.. ?
සූර්යයාගේ බලපෑමද පිලිගත හැකිද ?
- අපි සියලු කටයුතු කරන්නේ රවි/සූර්යයා සහ සඳු/චන්ද්‍රයා මූලික කරගෙනයි.
චන්ද්‍රයා අනුව නැකැත් සාදන අතර, සූර්යයා අනුව ලග්න සාදයි.

 ⭕ 2 වන කාරණාව වන නොගැලපෙන විවාහ නැවැත්වීම !

පෙර කියන ලද පරිදි, සෑම ග්‍රහයෙකුගෙන්ම යම් බලපෑමක් අප සියලුදෙනාට තිබේ. එය එකිනෙකාට විවිධාකාරය. කුජ යනු මංගලකාරක ග්‍රහයාය. විවාහයෙදි කුජ එතරම් වැදගත් වන්නේ එබැවිනි. නමුත් කුජගේ ගැටළුව විසදෙන බොහෝ අවස්ථා ඇත. භෞම දෝෂය ගත් කල කොටු 12න් කොටු 6ක කුජ පිහිටි විට ඇතිවේ. එසේ නම්, උපදින අයගෙන් 50%කට කුජ දෝෂය තිබේ. අසාමාන්‍ය තත්වයක් නොව සාමාන්‍ය තත්වයකි. කුජ 7 සිටියද එයට ගැලපෙන තවත් ග්‍රහ පිහිටිම් සූක්ෂමව බැලිය යුතුය. එවන් කාරණා බොහෝය.

* අද ඇති ගැටළුව වන්නේ, නිසි ලෙස මෙම ශාස්ත්‍රය නොදත් අය විසින් ජනතාව මුලාවේ දැමීමයි.
එනිසා බොහෝ අවබෝධයෙන් තිබුනු ප්‍රේම සබදතා නැතිව ගොස් ජිවිත කාලයම තනිකඩව ගෙවූ අය අපි දනිමු. එවන් අභාග්‍යසම්පන්න තත්වයන් වලට මුහුණ පෑමට සිදුවීම සැබවින්ම අවාසනාවකි. දෝෂ - නොගැලපීම් වලට නිසි පිලියම් කරවත් විවාහය පවත්වාගෙන යන්නට උපදෙස් දුන්නේ නම් එය ඉතා වටී. සිංහල ජාතිය අඩු වන්නට එයද හේතුවක් කරගෙන ඇති බව සිතේ.

- එනිසා මෙම තත්වයන් ගැන ගැඹුරට මෙන්ම මනාව සිතා බලා කටයුතු කරන්න. මතුපිටින් පෙනෙන තත්වයන්ට නොරැවටෙන්න !


#ඉරු #ඉරුඅගෝ2019 #කුජ #අගහරු #විවාහය #ලංකාව #ජනතාව #kuja #iru #agaharu #vivahaya #marriage #lka #srilanka #slppl 

Wednesday, August 21, 2019

කළු කුමාර දෝෂයට !






කළු කුමාර දෝෂයට, මූලිකව රතන කම්බිලි, කළු කම්බිලි දෙවිවරුන්ට පින් දිය යුතුය. ඔවුන් සිටින්නෙ කතරගම දෙවියන්ගේ සේනාවේය. බෝධි පුජාවක් වැනි පිනක් සිදුකර එම දෙවිවරුන්ට එම පින් අනුමෝදන් කර දෝෂ තත්වය පහව යන්නට අධිෂ්ඨාන කරන්න.

● බොහෝ ආගමික, සාමාජීය මෙන්ම රට රටවල් අතරද වැඩිවිය පැමිණුනු පසුව ගැහැණු දරුවන්ට බැල්ම හෙලන යක්ෂයෙක් ගැන කියවෙයි. මෙම යක්ෂ කොට්ඨාශය බැල්ම හෙලන්නේ නැත්නම් ආඝ්‍රාණය කරන්නේ වැඩිවිය පැමිණුනු ගැහැණු දරුවන්ගේ සුවඳටය. කෙසේ වුවද වැඩිවිය පැමිණ කාලයකට පසුව වුවද මෙම බලපෑම ඇතිවිය හැක.
මෙහිදී සිදුවන්නේ, ගැහැණු දරුවාගේ වැඩෙන ශරීරයට එම කළු කුමාර යක්ෂයාගේ විෂම කිරණ එල්ල වීමත්, එනිසාම සිරුරේ විවිධාකාර වෙනස්කම්(සිරුර කෙට්ටු වීම යනාදි) මෙන්ම මානසිකවද ගැටළු ඇති වීමය. නිතර බිය ගැනීම, අපහසුතා දැනීම යනාදිය මින් ප්‍රධාන වෙයි.

● මෙවන් දේට මුහුණ පෑමට, පෙර අකුසල කර්ම, පාප කර්ම මෙන්ම ග්‍රහ දෝෂ, ග්‍රහ බලවේග වල අනිටු විපාක යනාදිය නිසා සිදු වෙයි. සෑමදෙනාටම එසේ නොවන්නේ එනිසාය. ඉතින් කර්ම ශක්තිය දුර්වල නම් කරදර වෙන්න පුලුවන්. කලින් සංසාරේ අපි කරගත්ත දේවල් අපි මේ ජිවිතයෙදි දන්නෙත් නැහැ නේද ?

ඉතින් මෙවන් අවස්ථාවක අප කුමක් කල යුතුද ???

- මේවාට විසදුම් බොහෝ අය ලග විවිධාකාර වශයෙන් ඇත. ඒවාට විවිධාකාරව කැපවීම ආර්ථික අතින් පවා කල යුතුය. කෙසේ වුවද ඒවායින් සියල්ලම සාර්ථක වෙන්නේද නැත. ඒවා හරි හෝ වැරදි කියා අප නොකියමු.

⭕ දෙවිවරුන් විසින් මේ ලොව පාලනය කරයි. එහිදී කර්ම ශක්තියටද ඉතා වැදගත් තැනක් හිමි වේ. මේ ලොව අදටත් පවතින්නේ දේව මණ්ඩලය නිසාමය. සක් දෙවියන් ප්‍රමුඛ, සතරවරම් දෙවිවරු රකින රට - ලෝකය මේ තත්වයෙන් හෝ තිබෙන්නෙ එනිසාය.
දේව මණ්ඩලයේ බලවත් යක්ෂයන්ගෙන් උවදුරු ඇතිවිට ඒවා සමනයට මූලිකව උදව් ගත හැකි දෙවිවරු කීපයක් වෙති. එවන් දෙවිවරුන්ට යක්ෂ සම්භවයක් මෙන්ම ඒවායේ අත්දැකීම්ද ඇත.

- කම්බිලි දෙවිවරු මෙතනදී ඉතා වැදගත් වෙයි. කම්බිලි දෙවිවරු වනාහි අපගේ අංගම්පොර ශාස්ත්‍රය රැකදෙන වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඉතා ශක්තිමත්, පාංශු දේහධාරි ( අදටද නිසි කුසලයට සහිත නම්, අධිෂ්ඨානයෙන් භාවනාවෙන් මෙය දත හැක) අය වෙති. මැරකම දන්නා අය වෙති. ඊට විරුද්ධව කටයුතු කල හැකි අය වෙති.

⭕ අප ඔබට යෝජනා කරන්නේ, යම් දරුවෙක්ට කළු කුමාර යක්ෂයාගේ බලපෑම එල්ල වී ඇත්නම්, නිසි පින්කමක් කරන ලෙසය.
එනම් බෝධි පූජා පිංකමක් වුවද යහපත්ය. අවම වශයෙන් දින 7ක්වත් කල යුතු අතර, බදාදා - සෙනසුරාදා දින අනිවාර්යෙන්ම කල යුතුය.
එසේ කර, පින් අනුමෝදන් කරන අවස්ථාවේදී,

⭕ මුලින්ම මෙම පින් කතරගම දෙවියන්ට අනුමෝදන් කල යුතුය. ඇයි ?
* රත්න කම්බිලි සහ කළු කම්බිලි දෙවිවරු සිටින්නේ කතරගම දෙවියන්ගේ සේනාවේය.

⭕ ඊටපසුව රත්න කම්බිලි, කළු කම්බිලි දෙවිවරුන්ට මේ පින් ලැබේවායි ප්‍රාර්ථනා කරන්න. එසේම සියලු දෙවිවරුන්ට, සියලු සත්වයන්ට, සියලු ඥාතින්ට මේ පින් ලැබේවායි ප්‍රාර්ථනා කරන්න !!!

⭕ මේ පින් කුසල් බෙලෙන් මගේ දරුවාට, අපට තිබෙන මෙම දෝෂය ඇතුළු සියලු දෝෂ දුරු වී යහපත උදා වේවායි ප්‍රාර්ථනා කරන්න !!!


#ඉරු #ඉරුඅගෝ2019 #කළුකුමාර #කුමාර #කලුකුමාර #kalukumara #kumara #iru #lka #evilspirits

Tuesday, August 20, 2019

ඔබ මනා විමසිලිමත්භාවයකින් සහ බුද්ධියකින් යුතුව අපගේ ජනාධිපතිවරණ අනාවැකි බැලුවේ නම්, දැනටම ඉදිරි ජනාධිපතිවරයා ගැන ඔබට නිවරදිවම සිතාගත හැකි පරිදි අප විසින් පල කිරීම් කර ඇත !!!

- 2015 ජන 6 වන දින රාත්රී පල කල සතියේ ලග්න පලාපලයේ, අප විසින්,

එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාටද - “ කන්යා ලග්නය “
එවකට පොදු අපේක්ෂක - මෛත්රීපාල සිරිසේන - “ තුලා ලග්නය “

කල පලකිරීම ගැන සිතන්න. ඒ අනුව ලබාදී ඇති ඉඟි අනුව ව්යංගයෙන් නොකියා කියූ දෙය තීරණය කිරීම බුද්ධිමත් පාඨක ඔබට භාරය !!!
( අදාල ලින්ක් එක
https://www.facebook.com/irusewaya/photos/a.1177395292277548/1046614745355604/?type=3&theater
)

#ඉරු #ඉරුඅගෝ2019 #srilanka #lka #president2020

Sunday, July 7, 2019

සුමනසමන් දෙවියන්

සකෘදාගාමිව වැඩවසන, බුදු සසුන සුරකින, රත්නපුරයට අධිගෘහිත වන, ලංකාවේ පමණක් නොව මුළු ලෝකයේම පින්වන්ත සිල්වතුන්ට උදව් කරන, මහේශාක්‍ය - මහානුභාවසම්පන්න දෙවි කෙනෙකි🙏

irusewaya@gmail.com

#sumanasaman #deviyan #srilanka #ratnapura #sripadaya

Tuesday, June 25, 2019

යම් පිරිසක් සිතන්නේ අපගේ දේශපාලන අනාවැකි එජාපයට හිතවාදී බවයි.

- අප විසින් 2015 ජනාධිපතිවරණයෙදි, ලබාදුන් සියුම් ඉගියද, 2015 මහමැතිවරණයෙදි රනිල් වික්‍රමසිංහ අගැමතිවරයාගේ සහ එජාපයේ කේන්ද්‍ර සටහන අනුව අනිවාර්ය එජාපයට වැඩි බලයක් ලැබෙන බව කීමද යනාදිය මෙහිදී ප්‍රමුඛ වන අතර, ඊයෙ සහ පෙර දින වල පල කල යම් යම් අනාවැකිද හේතු පාදක වී ඇත.

- කෙසේ වුවද, 2005 ජනාධිපතිවරණයෙදි අප මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති වන බව කියා ඇත. ඒ කාලේ අප ෆේස්බුක් නොසිටි නිසා එය ඔප්පු කිරීමට අපට හැකියාවක් නැතත්, ඒ බව කියූ පුද්ගලයින් අප ගිණුමේ සිටිති.
- අප පමණක් නොව, ජ්‍යොතිෂ්‍යය දන්නා ජ්‍යොතිර්වේදීන් 2005දි එම අනාවැකිය පල කල අතර, ගාල්ලේ සුප්‍රසිද්ධ රාජකීය දෛවඥයා වූ සුමනදාස මහතා නම් එය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කල බවක් අපට මතක නැත. ඔහු, මහින්ද රාජපක්ෂ මහතාට සහය දුන් බව ඇත්තකි. නමුත් එවිටත් යාපනයේ ඡන්ද සමග රනිල් දිනන බව අන් අයට කියා ඇත. ඒ බව මාතර සිටි ඩැනී හිත්තැටිය මහතාද ඉදිරියේ ප්‍රකාශ කලා අපට මතකය.

● එක් එක්කෙනාගේ “ලෞකික වාසනාවේ“ තරම තේරෙන්නේ මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති වීමෙන් පසුය.
සුමනදාස මහතාට ඒ සමග දිනක ජනාධිපති ආර්යාව වූ ශිරන්ති මහත්මිය මුණගැසෙන්නේය. ඔහු, ශිරන්ති මහත්මියට පවසන්නේ,
“ මහින්ද මහත්තයා ජනාධිපති වන බවට අනාවැකි කී එකම පුද්ගලයා මම “ බවය.
- ඒ සමග ලංකාවේ පුවත්පත් රැසක මේ බව පල කෙරෙන අතර, සුමනදාස මහතා රාජකීය දෛවඥ නාමයෙන් මෙන්ම, මහින්ද මහතා ජනාධිපති වන බව කියූ 1ම කෙනා බව රටම කතා කරන ලදි.

●  උපුල් ශාන්ත සන්නස්ගල මහතා සමග අයිටීඑන්හී සුප්‍රකට “සත්‍යාගාරයට“ පැමිණ ජ්‍යොතිෂ්‍යය ශාස්ත්‍රයම නිගරුවට ලක් වන ලෙස සුමනදාස මහතා පිලිතුරු දුන්නාද අපට මතකය..

#ඉරු #ඉරුජුනි2019

Sunday, June 23, 2019

“ සෙනසුරු ග්‍රහයා “


                                    
සෙනසුරු ග්‍රහයෙක් මිස දෙවියෙක්ද ?

ඇත්තටම නම් සෙනසුරු ග්‍රහ මණ්ඩලයකි. සෙනසුරුගේ බලපෑම මෙසේ කිව හැක.
(https://www.facebook.com/…/a.11773952922…/1353999854617090/…)

* සෙනසුරු ග්‍රහ මණ්ඩලයට අරක්ගත් දෙවියන්, සෙනසුරු දෙවියන් ලෙස හැඳින්වේ.
* එසේ වුවද සෙනසුරුගේ අධිපතිත්වය හිමිවන්නේ නවග්‍රහ මණ්ඩලයටම අධිපති ශ්‍රී විෂ්ණු දෙවියන්ටය..

● දෙවි කෙනෙකු නොවන ග්‍රහයෙකු වුවද, සෙනසුරුගේ බලපෑම දෙවියන්ටද පීඩා කල බව පරණ දේව කතා වල කියැවේ. සෙනසුරු පීඩා කරන්නේ පෙර ආත්ම භවයන්හි ජනතාවට වැරදි කල, අසාධාරණ කල, පීඩන කල අයටය.
( සෙනසුරු දුර්වල අයට කෙතරම් ධනය තිබුනද සැප විඳීමට අපහසුය. රස කෑමක්, රසවත්ව බුක්ති විඳීම අපහසුය)
- සෙනසුරු මාරු වීම් වලදි දේශපාලකයන් රට ටික දවසකට හෝ හැර යන්නේද, විවිධාකාර පුද පූජා සිදු කරන්නේද සෙනසුරුට එතරම්ම බය නිසාය.
● ජ්‍යොතිෂ්‍යය අනුව විග්‍රහ කරන විටදී, පෙර ජනාධිපතිවරයාට බලපෑ චන්ද්‍රඅෂ්ටම ඒරාෂ්ටකය බලයෙන් පහ වීමට හේතු විනි යැයි කිව හැක.

● කෙසේ වුවද, සෙනසුරු නරක ග්‍රහයෙකු නොවේය. සෙනසුරු අවබෝධය ලබාදෙන්නාය.
සෙනසුරු - බුද්ධිය ලබාදෙන්නාය. සෙනසුරු ඉවසිලිවන්ත, ධෛර්යය ලබාදෙන කෙනෙකි.

● සෙනසුරු අපල තිබෙන විට, මුහුණේ තැන් තැන් කළුවීම තුලින් ඒ බව දැනගත හැක. කායික විද්‍යාත්මකව මුහුණේ සෑම අංශයක්ම ශරීරයට සම්බන්ධ නිසා, කළු වෙන තැන් ගැන අවයවයට අදාලව පරික්ෂා කලොත් ලෙඩක් තිබෙන තැනද සොයා ගැනීමට හැකියාව ඇත !

● සෙනසුරුගේ අපල, අකුසල විපාක තිබේ නම් කල යුත්තේ, දහමට අනුකූලවද, සීලය රැකගෙනද ජීවත් වීමය.
තවද බෝධි පූජා සෙනසුරු අපලයට ඉතා ගුණදායක දේ වෙති. සෙනසුරු අපලයට ශ්‍රී විෂ්ණු දෙවියන්ට පින් අනුමෝදන් කර ආශිර්වාද ඉල්ලීමද හොදයි !!!

#ඉරු #ඉරුජුනි2019 #senasuru #iru #astrology #shani

සෙනසුරු යනු ග්‍රහ මණ්ඩලයේ අකීකරු පුතාය. ලෙඩාය. කම්කරු පන්තිය - මහජනතාව - පීඩිතයන් නියෝජනය කරන්නාය.

Saturday, June 22, 2019

අපද සිටින ක්‍රීඩාවට සම්බන්ධ සමූහයක අදහස් දැක්කා.

ඒ තුලම අපි මුළු රටේම විශේෂයෙන් සමාජ මාධ්‍ය ජාල වල දකින දේ සහ ඒ අනුව තමන්ටත් අත් කරගන්නා ඉරණම ගැන කණගාටුවෙන් උවත් මෙසේ ලියමු.

● වෙන රටක ක්‍රිකට් දක්ෂතාවයකට අපේ අය ලේසියට හොද කියන්නේ නැත.
ඒ ආකාරයටම කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතිව මිනිසුන්ට අපහාස කරන ආකාරය අතිශයින්ම කණගාටුදායකය.

● පාර්ලිමේන්තුවේ 225 හොද නැතිව ඇත. ඉතිරි දේශපාලකයන් සියල්ලද හොද නැතිව ඇත. නමුත් තමන්ම එවන් අයව පත් කර කිසිවක් නොදන්නවා සේ එවන් අයට අපහාස කරන අය, හෙණ පමණක් නොව මැරේවා කියමින් පතන අය ගැනද ඇතිවන්නේ කලකිරීමකි.
- දේශපාලකයන් වැරදි බව ඇත්තය. නමුත් එවන් අයට වුවද ඔය විදියට අපහාස, පලි ගැසීම් වැනි දේ කිරීමෙන් සිදුවන්නේ තමන්ගේ අධ්‍යාත්මය දුර්වල වීමය. තමන් වෙනම අකුසල් සිදු කරගැනීමය.
- කෙනෙක් වරදක් කර ඇත්නම් පවතින නීතියේ හැටියට දඩුවමකට ලක්විය යුතුය. එයට නීති ප්‍රතිපාදන ඇති අතර එසේ නම් ඒවා කල යුතුය. එසේ නොකර වීර කතා මෙන් තමන් හිතන දේ කරමින් හැසිරෙන අය සැබවින්ම කරගන්නේ තමන්ටම වරදකි.

- අනුන්ගේ වැරදි දැන හෝ නොදැන අපහාස කරන්නට, සාප කරන්නට දගලන එවන් අය සැබවින්ම හොද චරිතද ?
- “පාපයෙන් දූෂිත නොවූ තැනැත්තා පලමු ගල ගසන්න“ ලෙස ජේසුතුමා කියූවා සේ, අන් අයට මෙසේ අපහාස කරන අය ඇත්තටම නිර්දෝෂි යහපත් අයද ???

#සිතන්න #ඉරුජුනි2019

Friday, June 14, 2019

සිංහලයන් 71-72%

යම් පිරිසක් ඉතා බියවී ඇත්තේ ලංකාවේ බහුතරය මුස්ලිම් අය වනු ඇත කියාය. සමහර ස්වාමින්වහන්සේලා විසින් කරන ලද ප්‍රකාශද මේවා මෙසේ සිතන්නට තුඩු දී ඇත.

- මේ රට ඊලග කල්පාන්තය තෙක්ම සිංහල බෞද්ධයන් මූලිකව සිටින රටකි ( දැන් සිට)
- අප දන්නාදේ අනුව, භාවනානුයෝගී උතුම් අධ්‍යාත්මික ගුණ සහිත අයගේ දැනුම අනුව එය වෙනස් වන්නේ නැත. යම් පිරිසක් එසේ කරන්නට උත්සාහ කරන්නේ නම් ඔවුන්ටද විශ්වය විසින්ම දඩුවම් දෙනු නියතය.

● මේ කාරණා අපගේ අංශයෙන් හැරුණුකොට දැනගැනීමට, අප විසින් මෑතකදී ජන සංඛ්‍යාලේඛන සම්බන්ධව සොයන ලදි. ඒ අනුව, සිංහලයන් 71-72% අතර ප්‍රමාණයක් සිටිති.
* යුද්ධයෙන් පසු එනම් 2009ට පසුව සිංහල ජන ප්‍රමාණය වැඩි වීමද සිදුවී ඇත. ළමයින් 1-2 හැදුවද සිංහල ජාතිය අඩු වී නැත ( ළමයි 1-2 ප්‍රමාණවත් නැත). යම් ප්‍රමාණයක් වැඩිවී ඇත.
● 9.7-10.1% සිටින ජනවර්ගයකට ලංකාවේ ප්‍රධාන ජන කොටස වන්නට නම්, එයට ඔවුන්ගේ වර්තමාන වේගය අනුවද 2200ටත් එහා කාලයක් ගත වනු ඇත. මුස්ලිම් ජනයා වැඩිම ජන සංඛ්‍යාව බවට පත්වූ රටවල් බොහෝමයක් එසේ කර ඇත්තේ යුද්ධයන් මුල් කරගෙනය. දරු උපත් ප්‍රමාණයෙන් නොවේය.
- නැති භංග වෙමින් පවතින ISIS බෝම්බ පිපිරෙව්වේද ඔවුන්ට අවශ්‍ය පරිදි මුස්ලිම් ජනතාවට අනිකුත් ජනතාව විසින් ප්‍රහාරයන් එල්ල කර ඉන්පසුව මේ රට තුල ත්‍රස්තවාදි කටයුතු සිදු කරගෙන යෑම මුල් කරගෙන විය යුතුය.

- නමුත් 30 වසරක යුද්ධය ගැන දන්නා ලංකාවේ ජනතාව එසේ මෝඩ වූයේ නැත. දේශපාලුවන්ට වාසි ලැබෙන්නට, ජනතාවට කරදර වන්නට නැවත ජාතිවාදි ගිනි ඇවිලෙව්වේ නැත.
එනිසා දැනටද පවතින පරිදි ISIS ඉතාම පසුබෑමක සිටින අතර ඉදිරි වසර වල නැත්තටම නැතිවනු ඇත.

● මුස්ලිම් ජනතාව පසුගිය වසර 10-20 කාලයෙදි, ඇඳුමින්, ආහාර වලින්, බැංකු, විවාහ නීතියෙන් සහ තවත් යම් යම් දෑ වලින් ශ්‍රී ලාංකේය ජනතාවගෙන් ඈත් විය.
- තවමත් ඔවුන් නියම ශ්‍රී ලාංකේය මුස්ලිම් වරුන් වන්නට නිසි සූදානමක් ඇති බවක් අපට පෙනෙන්නේ නැත. එසේ වන්නේ නම් ගැටළු අවම වනු ඇත.

* වසර යම් ගණනාවකට පසුව, ලෝකයම ජනශූන්‍ය තත්වයට පත්වෙයි. එදාට වැඩිම ජන සංඛ්‍යාව සිටින්නේ කාටද යන්න කාටවත් ප්‍රශ්නයක් නොවනු ඇත බව අපගේ විශ්වාසයයි !!!

#ඉරු #ඉරුජුනි

Saturday, June 8, 2019

පසුගිය කාලයේ අධ්‍යයනය කල කේන්දර සටහන් වල බොහෝ සුබ පිහිටීම් තිබුනි.
රාජ යෝග, නීච භංග රාජයෝග පමණක් නොව පරිවර්ථන යෝග ආදියද තිබුනි.

● කේන්දර සටහනේ කුමන සුභ පිහිටීම් තිබුනද ඒවා පලදීම සිදුවන්නේ නිවරදිව ඒ ගැන දැන හදුනාගෙන කටයුතු කිරීමෙනි.
ඔබට සුප්‍රසිද්ධ කතාවක් වූ “ ඉසුරු යෝගයේ“ මුතුමිණ මහතාව මතක ඇතැයි සිතමු. ඔහු කියූ පරිදි රාජ යෝග තිබුනද ඒවා පලදුන්නේ නැත. ඒවා පලදීමද විය යුතුය නැත්නම් වැඩක් නැත.

● සමහර අයට යහපත් කේන්දරයක් තිබුනට වෙනත් බලපෑම් නිසා ඒවා අහිමි කරගෙන ඇත.
●ඒවා අතර මූලික දෙයක් වන්නේ තමාගේ කටයුතුය.
●ඊට අමතරව තමන්ට කරන හදි හූනියම් ආදියද බලපෑමට ඉඩ ඇත.
●සමාජීය වටපිටාවේ ඇසුරු කරන අය නිසා තමන්ගේ දියුණුව ඇතිනොවීමට ඉඩ ඇත.
● එසේම තව සමහරක් වාසනාවන්ත කේන්දර සටහන් ඇති අයට ජිවිතයේ වටිනාම කාල වලදි ගතවන්නේ අයහපත් දසාවන්ය. එවිටද කටයුතු වලට බාධා සිදුවිය හැක. අදාල පැවැත්මෙන් සහ ශාන්ති කර්ම කිරීමෙන් එම අපල තත්වයන් දුරුකර ගත යුත්තේ එබැවිනි.

● හෙටින් අපල කාලය ඉවර නම් අද අපලය උග්‍රව තිබීමට ඉඩ ඇති අතර අද දිනයේ හදිසි අනතුරකින් අතක් පයක් කඩාගත්තොත් එය තව මාස 3ක් එක්තැන්වී සිටීමට හේතුවනු ඇත.
ඒනිසා කේන්දරය කුමක් වුවද ජය ලැබෙන්නේ නිසි කටයුතු නිසි ලෙස කිරීමෙනි. කළමනාකරණය යන වචනයේ තේරුමද නිසි කලට නිසි දේ කිරීමයි. z

#iru

Wednesday, June 5, 2019

සැලකිය යුතු කොටසකගේ #වැරදි මත බොහෝය.

1. නිතරම එක එක දෙවිවරුන්ට, පින් දෙන්නට ගාථා ඉල්ලීම
- පින් දෙන්නට ගාථා කියා වෙනම අවශ්‍ය නැත. කුමන හෝ පිනක් කර මේ පින අදාල දෙවියන්ට අනුමෝදන් වේවා ! ආශිර්වාද ලැබේවා කියා ප්‍රාර්ථනා කිරීම හොදටම ඇතිය.
( බුදුන්වහන්සේ වැඩ සිටි සමයේ බොහෝමයක් අධිෂ්ඨානය මත සිදුවිය)

2. ලගදි කෙනෙකු විසින් ඊශ්වර,විෂ්ණු, කතරගම දෙවිවරු අසුර ලෝකයට අයත් කෙලෙස් සහිත දෙවිවරු බව කමෙන්ට් කර තිබුනි. (ඊශ්වර දෙවියන් මේ අවස්ථාවේ යාම දිව්‍ය ලෝකයේ අධිපති දෙවියන්ය)
- එය සම්පූර්ණ වැරදි මෙන්ම, මිථ්‍යාදෘෂ්ටික අදහසකි. එසේම කුසල් සහිත දෙවිවරුන්, අසුර ගණයට ලා පැහැදිලිවම අකුසල් සිදු කරගන්නා අදහස්ය.
( එවන් මුග්ධ අදහස් ඇති අයට එය පැහැදිලි කිරීමටත් කාලය ගැනීම නිෂ්ඵල කාරණයක් සේ අප දකිමු)

* අසුර ලෝකය අයත් වන්නේ, සතර අපායෙන් 1කටය. සතර අපායට දෙවිවරු අයත් නැත.
* එසේම සියලු දිව්‍ය ලෝක වලට ප්‍රධාන සක් දෙවියන්ට පවා කෙලෙස් ඇත. සියලු දෙවිවරුන්ට කෙලෙස් යම් ප්‍රමාණයක් හෝ ඇත. කෙලෙස් ප්‍රහීන වන්නට දෙවිවරු කුසල් දම් වඩති.
⭕ සියලු දෙවිවරු දහමට ගරු කරති. විෂ්ණු, ඊශ්වර, කතරගම, පත්තිනි යන දෙවිවරුන් මතු බුදු වන්නට පෙරුම් පුරන අය වෙති.

- මිනිසුන් වැරදි මතවාද වල ඇලි ගැලී සිටියාට දෙවිවරු අතිබහුතරය එසේ නැත. එයට හේතුව පරණ බුදුවරුන්ගේ කාලයේ පවා වැඩ සිටි අදටත් සිටින මාර්ගඵලලාභී දෙවිවරු පවා දෙව්ලොව සිටිමයි. මිනිසුන්ට වඩා කුසලය, අවබෝධය ඉහල දෙවිවරු, අනිත් දෙවිවරුන්ට උදව් කරති. දහම කියා දෙති. ධර්මාවබෝධයට පියවරෙන් පියවර ගෙනියති.

* භූත - ප්‍රේත - අසුර - කුම්භාණ්ඩ - පිසාච වැනි පහත් අමනුෂ්‍ය තත්වයේ ලා සිටින සම්‍යක්දෘෂ්ටික නොවන බලවේග වල සිතුම් අනුව යමින් වැරදි මත වල සිටීම, සසර දික් කරගන්නා කටයුත්තකි..

#ඉරු

Tuesday, May 28, 2019

යම් පිරිසකගේ බලවත් විශ්වාසයක් තිබෙනවා අපේ රට යම් දිනක, මුස්ලිම් අය විසින් අල්ලා ගනීවි කියල.
- ත්‍රස්තවාදි ප්‍රහාරයන් සිද්ධ වන්නට පෙර, ජනගහණය වැඩි කරගැනීමෙන් රට ඇල්ලීම ගැන සමාජයේ පවා කතාබහක් තිබුනා.
- ජනගහණය වැඩි කිරීමෙන් රට අල්ලා ගැනීම සහ ඊට අදාල දේවල් නොකර සිටියා කියා ප්‍රතික්ෂේප කිරීමක් අප කරන්නේ නැත.

* නමුත්, මෙම දිවයින අප දන්නා සූවිසි බුදුවරුන්ගේ 1 වෙනි බුදුන්වහන්සේ වැඩි ඕජ දීපයයි. මේ මහා භද්‍ර කල්පයේ අවසාන බුදුන්වහන්සේද වඩින, ලංකා ද්වීපයයි. මෙත් බෝසත් මහ දෙවියන්, තව්තිසාවේ සිට ලංකාව බලනවා සේම, මාතෘ දිව්‍ය රාජයා තම පුතාගේ බුදු සසුන සහ එය රැකෙන රට ගැන බලා සිටිනවා. දිව්‍ය - බ්‍රහ්ම 2ටම ප්‍රධාන වූ සක් දෙව් රජ, මහා බ්‍රහ්ම රාජයා මෙන්ම සතරවරම් දෙව් රජවරුද දැන් සෝවාන් තත්වය පවා ඉක්මවා සිටින අය. ඒ සියලුදෙනා මේ කුඩා දිවයින දෙස බලා සිටිනවා.
( දැන් ඔබ අහන්න පුලුවන්, බෝම්බ, වැරදි පාලකයන් ගැන. ඒව ජනතාවගේ කර්ම ශක්තියේ දේවල්. වැරදි තීරණ ගැනීම් වගේ ඒව. කර්ම ශක්තිය වෙනස් කරන්න බුදුන්වහන්සේවත් කටයුතු නොකල අවස්ථා තිබුනා)

- එනිසා කුමන දේ තිබුනද, මේ රට සිංහල - බෞද්ධයින්ට වඩා වැඩියෙන් වෙනත් වාර්ගිකයන්ගේ රටක් කිරීමට කිසිවෙකුට හැකියාවක් නැත. එයට යමෙක් උත්සාහ දරයිද, ඔවුන් විනාශ වී යනු ඇත.

එය මේ මහ පොලවේ ධර්මතාවයකි !

#ඉරු

Friday, May 24, 2019

කුවේණිය ලංකාවට සාප කල බවට මතයක් පැතිර යමින් පවති. එය පෙර සිටන් පැවත එන්නකි. එනිසාම ලංකාවට කරදර සිදුවන බවක් කියයි.
- එසේ වුවද එය වැරදිය. කුවේණිය ශාප කලේ තමන්ට අසාධාරණ කල, තමන් රැවටවූ අයටය. එනම් විජය රජතුමාටය..

- ලංකාවට වැරදීම් සිදුව ඇත්තේ, ලංකාවේම මිනිසුන්ගේ අකුසල අනුවය. පත් කරගන්නේද වැරදි අයවය. පත් කරගත්තද ඊටපසුව නරක් හෝ පෙර නොවූ විරූ නරක පෙන්වන අයද බොහෝ සේ සිටිති.



#ඉරු

Thursday, May 23, 2019

දෙබසක්,

 හිතවතා : මම එදා ඇහුවාම මෝදි දිනනවා කියල කිව්ව නේද ? ඇයි ඒක ෆේස්බුක් දැම්මෙ නැත්තෙ ?

අප : අහපු අය කීපෙකට ඒව බලල කිව්වා. ඒක ලංකාවෙ ක්‍රමයට නෙමෙයි, ඉන්දියාවේ විදියට හිතුව නම් දිනීම පැහැදිලියි. භාරතීය ජනතා පක්ෂෙට සහය දෙන ශිව සේනා ඉන්දියාවෙ හරි බලවත් ත්‍රස්තවාදි ගැටළු එක්ක.

හිතවතා : නොකිව්ව එක අපරාදෙ.

අප : එක විදියකට හිතුවාම එහෙමයි. ඒත් බෝම්බ සිද්ධිය අපි කිව්වෙ නෑනේ. ඇත්තටම ඒක අපි දන්නෙ නෑ. භාවනාවෙන් අපිට සම්බන්ධ අයගෙන් ඇහුවාම කිව්වෙ, ඒක කර්මානුරූපිව වෙච්ච දෙයක් කියලයි. සමහර ඒව කර්මය නිසා වෙනස් කරන්න බැහැ.

හිතවතා : වෙන දේවල් කිව්ව නම් නම තව ප්‍රසිද්ධ වේවි නේද ?

අප : අපිට ප්‍රසිද්ධිය කියන එක ඔය තරම උවමනා නෑ. එහෙම උනා නම් ටිවි චැනල් වලට යන්න තිබ්බ. එහෙම නොකලේ ඒක අත්‍යාවශ්‍ය නොවන නිසයි.
අනික වෙන හැමදේම අපි දන්නව නම්, ඒක ලෝක පැවැත්මට අභියෝගයක්.

හිතවතා : ඉස්සරහට මොනව වේවිද ? පහුගිය දවසක අනාවැකි කිව්ව නේද ඊලග ජනාධිපති ගැනත් ? ඒව වෙනස් වේවිද ?

අප : රටක නායකයෙක් වෙන එක විශේෂ දෙයක්. ඒකට අදාල පින තියෙන්න ඕන. ඒක නැතිව වෙන්න බැහැ. මොන විදියට සෙත් පැතුවත්, මොන තරම යන්ත්‍ර කටයුතු කලත් ඒක ගන්න බැහැ. ඒ ගැන අපි කියපු අනාවැකි වල වෙනසක් වෙන්නෙ නැහැ.
රටට හොද වේවිද කියන එක වෙනම සිතා බැලිය යුත්තක්. රට හොද තත්වයකට පැමිණීමට නොහැකි බව ඇති කරන්නෙ පාලකයොයි ජනතාවයි. පාලකයන්ට බල තණ්හාව නිසා වෙනස් වීම් වෙනව. ජනතාව රැවටෙනවා තේරුම් ගන්නෙ නෑ.
ජනතාව වරද්ද ගත්ත විදියක් කියන්නම්, අපේ දැනුමට, 2017 අපි කිව්වා නැකැත් අනුව කටයුතු කරන්න එපා ඒ වෙලාවෙ අවුරුදු නැකැත් හොද නෑ කියල. එක නැකත හැමෝටම හොද වෙන්නත් බැහැනෙ. කො‍‍හොම උනත් එක වෙලාවකට දෙයක් හැමෝම කරන එක වටිනවා. ඒක කරලා නැති කරදර ඇති උනා. ඒවගේ තියෙනව.

හිතවතා : අපි මොකක්ද කරන්න ඕන ?

අප : සීලය, ප්‍රතිපත්තිය රැකගෙන ඉන්න. හොදට හිතල බලල ඡන්දය දෙන්න !

#ඉරු

Sunday, April 21, 2019

_ ඊලග ජනාධිපතිවරණය සහ අපගේ අදහස _



ඊළඟ ජනාධිපතිවරණය 2019ට පෙර පැවැත්විය යුත්තකි. එනම් 2019 ජන. 8 වනවිට නව ජනාධිපතිවරණයෙක් සිටිය යුතුය.

●  ජනාධිපතිවරණයට අනිවාර්ය ඉදිරිපත් වන අපේක්ෂකයා වන්නේ වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාය.
●  එජාපයෙන්ද මෙවර  අපේක්ෂකයෙකු ඉදිරිපත් කරනු ඇත.
●  මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ පොහොට්ටුවෙන්ද අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීම සිදුවන අතර, ඒ ගෝඨාභය රාජපක්ෂ මහතාද යන්න නිවරදිවම කීමට තාම නොහැක්කේ, පොහොට්ටුවේ 90%ක බලයට, වාසනාවට හිමිකම් කියන චන්ද්‍රාධියෝගය නම් සුවිශේෂි රාජ යෝගය හිමි මහින්ද රාජපක්ෂ මහතා තවමත් ඒ ගැන නිශ්චිතව කියා නැති බැවිනි.

●  ජනාධිපතිවරණය බොහෝවිට තුන්කොන් සටනක් වන්නට ඉඩ ඇත.
ඡන්ද හිමි නාම ලේඛනයන් සහ රටේ ජනගහණය අනුව බැලූ කල ජයග්‍රහණය කරන අපේක්ෂකයාට මෙවර ලක්ෂ 65-70ක්වත් උවමනාය.

- එජාපයේ ජනාධිපති අපේක්ෂකයා වන්නේ වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හෝ නිවාස ඇමති සජිත් ප්‍රේමදාස මහතාය.
- පොහොට්ටුව නියෝජනය කරන අය සෑමදෙනාම ගෝඨාභය රාජපක්ෂ මහතාට කැමති නැති අතර, එනිසා සහ ඉදිරියෙදි සිදුවන තත්වයන් නිසා(පොහොට්ටුව ඒකමතිකව සිටිද නැත්නම් පාර්ශවය කීපයක් වේද යන්න) ඒ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වේද යන කාරණාවත් සැකසහිතය.

●  පොදුවේ සියලු දේශපාලකයන් ගැන අප්‍රසාදයක් ගොඩනැගී ඇති වුවද සියල්ල සලකා බලා කෙනෙක් පත් කරගැනීම ජනතාව විසින් සිදු කරනු ඇත. අනාගත ජනාධිපතිවරයා දැනටද දේශපාලනයේ නිරත කෙනෙක් වීමද අප විසින් විශ්වාස කරන දෙයකි.

#ඉරුඅනාවැකි #ඉරු

Friday, April 19, 2019

“ සුවිශේෂි ක්‍රමයකට කල යුතු නවරත්න මුදුව “

නිසියාකාරව නවරත්න මුද්දක් පළදින්නේ නම් එහි තමන්ට අපල දෙන ග්‍රහයන්ගේ ගල් ඔබ්බවන සුවිශේෂි ක්‍රමයක් සහ අපල සමනය වීමට හා තවත් සුවිශේෂි ක්‍රමයකට ජප කල යුතුය. අවම වශයෙන් ඉහත කියන ලද කාරණාවත් සඵල විය යුතුය.
එසේ නැතිව ජෞතිර්වේදියෙකු උපදෙස් දුන් පමණින් ස්වර්ණාභරණ ආයතනයකට ගොස් මුදු තනවා ගැනීම ඵල රහිත දෙයකි.

* එසේම වෙන අය විසින් ත්‍යාග කරන ලද හෝ වෙනත් අයට සෑදු නවරත්න පැළදීම බොහෝ නරක විපාක තත්වයන් ඇති කරන බව අත්දැකීමෙන් දනිමු.
* සුභ පල දෙන ග්‍රහයන්ට අදාල ගල්ද විශේෂිත ක්‍රමයකට මුද්දේ එබ්බ විය යුතුය. සුභ පල වැඩිදියුණු වීමටත් තවත් සුවිශේෂි ක්‍රමයකටද ජප කල යුතුය.
ලංකාවේ මෙතෙක් කිසිවෙක් නොකල අතිවිශේෂ ක්‍රමයකට “නවරත්න මුද්ද“ රනින් කරදීමට අපගේ සේවය දැන් කටයුතු කරනවා.

● මෙහිදී අදාල කේන්දර හිමියාට සුවිශේෂී වන ලෙස කේන්දරය සූක්ෂමව පරික්ෂා කර බලා, සියලු සුබ පල ලැබෙන අයුරට සකසා විශ්මිත සුබ පල ලැබෙන ලෙස සකසනු ලැබේ.
එම මැණික් එබ්බ විය යුතු ආකාරයද එකිනෙකට වෙනස්ය.
අසුබ ග්‍රහයන්ගේ අසුබ පල දුරුව සමනය වීමට හා සුභ ග්‍රහයන්ගේ සුභ පල වැඩි දියුණු වීමටත්, සුභ ග්‍රහයන් සුභ වුවද ඒ ග්‍රහයන්ට ඇති බාධා ඉවත් වන ලෙසත් සකසන අතර අතිවිශේෂ ක්‍රමයකට පාරම්පරිකව ලද ගුරු මුෂ්ටි භාවිත කර යහපත උදාවීම පිණිස ලබාදෙනු ලැබේ.

● තවත් කාරණාවක් නම්, නවග්‍රහයන්ට අයිති නවරත්නය රවි, චන්ද්‍ර, කුජ, බුධ, ගුරු, ශුක්‍ර, ශනි, රාහු, කේතු මේ සියලුම ග්‍රහයන්ට අයත් මැණික් රාහු, කේතු හැර අනෙක් හෝරාවන් වලදී මුදුවේ ඔබ්බවනු ලැබේ. එය ඉතාම විශේෂිත කාරණාවකි. කොටින්ම කියතොත් මුදලින් තක්සේරු කල නොහැකි කාරණාවකි.

● රිදි මුදුවක පවා නවරත්න ඔබ්බවිය හැක. ඒ කෙසේ වෙතත් පාරම්පරික ගුරු මුෂ්ටිද භාවිත කර නවරත්න මුද්ද ලබාදෙන්නෙ අතිසුවිශේෂි ක්‍රමයකටය.

● තව විශේෂිත සිදුවීමක් නම්, මේ අප සේවයේ එම මුදු, ආභරණ නිර්මාණය කරන ඒ ශිල්පියා මේ කාර්යය පටන් ගන්නේ, ඉතාම පේවි, පිරිසිදුව, වත්පිලිවෙත් පුරමින් සිටය. එයම සේවය ලබාගන්නාටම ආශිර්වාදයකි. මේ හේතුව නිසා විශේෂයෙන්ම,
* රවිට අයත් පද්ම රාගයෙන් ධෛර්යයද
* සඳුට අයත් මුතු කැටයෙන් සිත සන්සුන් වීමද, වාසනාවද,
* කුජට අයත් රතු කැටයෙන් වීරත්වය සහ එඩිතර බවද,
* බුධට අයත් පච්ච ගලෙන් බුද්ධිමත් බව සහ ස්ථානෝචිත ප්‍රඥාවද
* ගුරුට අයත් පුෂ්පරාග ගලෙන් ධනවත් වීම සහ ප්‍රඥාවද
* සිකුරුට අයත් සුදු නිලෙන් ශරීර ශෝභාව සහ ප්‍රීතියද
* ශනිට අයත් කාක නිලෙන් දුක දරා ගැනීමද
* රාහුට අයත් ගෝමේදයෙන් ප්‍රසිද්ධ වීමද,
* කේතුට අයත් වෛරෝඩියෙන් භූත, ප්‍රේත දෝෂ ඉවත් කිරීමද මතක ශක්තියද ලැබේ.

මෙය ඇත්ත වශයෙන්ම සඳහන් කරන කල්හි මනුෂ්‍යයාට මෙම මාණික්‍ය පාෂාණ වලින් ලැබෙන්නාවු දේ මිල මුදලින් සංසන්දනය නොහැක. ඒ තරමටම බලගතුය.

● නවරත්න මුද්දක් මේ ආකාරයට පැළදවීමට මුදලට වඩා අවශ්‍ය වන්නේ වාසනාවය. මුදල් ඇති සියලු දෙනා නවරත්න මුද්ද දාන්නෙ නැහැනෙ. එය වටිනාකම දන්නා වාසනා ගුණය හිමි අය විතරයි මේක දාන්නෙ. එසේ නොවි නම් සල්ලි තියෙන හැමෝම ගාව මේ මුද්ද තියෙන්න පුලුවනි.

- ඕනෑම යන්ත්‍රයක්, මුදුවක් පැලදීමට සුදුසුද යන්න අප නිර්දේශ කරන්නෙ කේන්දර පරික්ෂාවකින් පමණි.

එයට සුදුසු නම්, එය කිරිමට අවශ්‍ය බව අපට දැන්වූවොත් පමණක්, අදාල ලෙස කේන්දරය බලා සුභ නැකැත් අනුව කටයුතු ඇරඹීම, නිසි ජප සංඛ්‍යාව නිර්ණය සහ ජප පූර්ණය යනාදිය සහිතව පරිපූර්ණ ආකාරයෙන් කර දෙනු ලැබේ.

* බොහෝ තැන් වල මෙන් දවස් 1-2-3න් කටයුතු සිදු කර දෙන්නටද නොහැක.
එම සියලු කටයුතු වලට නිසි දින ගණනාවක් සති කීපයක් ගත වන අතර ඒවා කලබලයට අප කර දෙන්නේද නැත.
නිසි ලෙස නිවරදි ආකාරයට පමණක් කර දෙනු ලැබේ !

#ඉරු

Saturday, April 6, 2019

කළුපාට ඇඳුම් අඳින එක හොඳ ???

             
 සමහරු අතර මතයක් තියෙනවා කළු ඇන්දාම දෙවියන්ගේ ආකර්ෂණය - ආශිර්වාදය ලැබෙන්නෙ නැහැ කියල. ඒක නිවරදි නැහැ.

● කළු වර්ණය යම රජ්ජුරුවන්ගෙ එනම් යම ලෝකයට මෙන්ම පරනිම්මිත වසවර්තියට ප්‍රධාන දෙවියන්ගේ වර්ණයයි.

● සෙනසුරු අපල තිබෙනවා නම් කළු වර්ණය ඇඳීම හොඳයි. එසේම සෙනසුරු අපල තිබෙන අය කළු වස්ත්‍ර පූජා කිරීමද යහපත්ය. අපල මෙන්ම සෙනසුරු මහ දසාව ගත වන අයද කළු වර්ණ වස්ත්‍ර පූජාව හොදයි.

● සෙනසුරු අපල නොගෙවන අය, කළු ඇදීම එම අයට එතරම් යහපත් නැත. කළු වර්ණයෙන් මූලිකව පව් නිරූපණය වෙයි.

- හිතන්න

#ඉරුසේවය


Sunday, March 24, 2019

“ ලක්ෂ්මී දේව මෑණියන් “



● ධන ලක්ෂ්මී, මල් ලක්ෂ්මී, නාග ලක්ෂ්මී, ජල ලක්ෂ්මී ලෙස ලක්ෂ්මී දේව මණ්ඩලයද 7 දෙනෙකි.

●මෙහිදි ජනතාව අතර ප්‍රසිද්ධව ඇත්තේ මහා ලක්ෂ්මී මෑණියන් සහ ධන ලක්ෂ්මී මෑණියන් පමණි.

( සමහර අයගේ සිතේ ඇති අදහසක් නම් දෙවිවරු රට රටවලට අයත් බවය. එවැන්නක් නැත. ලෝක පාලක සමස්ත දේව මණ්ඩලයම 1කි, සියලුම දෙවිවරුන්ගේ ආශිර්වාද ශක්තිය සියලු රට වලට පවති )

● විශේෂ වශයෙන් කිව යුත්තේ යම් කෙනෙකුගේ සෞභාග්‍යයට මෙතුමියගේ ආශිර්වාදය ඉතා වැදගත් බවය.

- ලක්ෂ්මී දේව මෑණියන්ද යහපත් අයට ආශිර්වාද කරන පින්වත් දේව මාතාවකි.

ඔබද පින්කම් කර එතුමියට අනුමෝදන් කරන්න !

#ඉරු

irusewaya@gmail.com.

විශ්ව පාලක විෂ්ණු දෙවියන්ගේ දේවිය වන මෙතුමිය ධනයට, සෞභාග්‍යයට මූලිකව ආශිර්වාද කරන්නීය.

Wednesday, March 13, 2019

“ තිරුපති සහ තුලාභාර දානය “

මෑතකදී වත්මන් අගමැතිවරයා විසින් තුලාභාර දානය, තිරුපති දේවාලයේදී සිදු කර ඇති පින්තූරයක් දුටුවෙමු.
● තිරුපති දේවාලය මූලිකව විෂ්ණු දෙවියන්ට කැපවී ඇති අතර, ලොව පවතින ජනප්‍රියම විෂ්ණු දේවාලය එය වෙයි.

● ලංකාවේ මෙන්ම බොහෝ රට වල දේශපාලකයන් - ව්‍යාපාරිකයන් මෙම තිරුපති වැඳ පුදා ගන්නට පැමිණෙති.
- තමන්ගේ බරට රන් - රිදී ආදිය ලබාදීමෙන් ප්‍රාර්ථනා කරන පැතුමක් ඉටු වන බව මෙහි ඇති විශ්වාසයකි..

● 2015 ජනාධිපතිවරණයට පෙර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද මෙම පූජාව සිදු කර ඇත. බොහෝමයක් ඇති හැකි අය කරන දෙයකි.

● මෙම පූජාව අත්‍යාවශ්‍යද ? සැබවින්ම “ නැත “

- මෙම දානය හෝ දේවාලයකට යම් දෙයක් ලබාදීම දේවාලයේ පැවැත්ම මෙන්ම ඒවා පත්වාගෙන යන අයට වටිනාකම් දෙයි. ඒ හැර දෙවිවරු ඒවාට ආශාවෙන් ලෝභයෙන් සිටින්නේ නැත.
- මෙවන් දේට කැමති වන්නේ භූත - ප්‍රේත, අසුර, බහිරව, පිසාච ආදි පහත් අමනුෂ්‍ය ආත්මය. එයට හේතුව, ඔවුන්ගේ බුද්ධිය අවම මට්ටමක පැවතීමය. උසස් මනසක් ඇති දෙවිවරු එසේ නොවෙති.
( සරලව කිව්වොත්, දෙවියන්ට කියා දේවල් ගෙන පැවැත්ම තහවුරු කරගන්නා අය විසින් දෙවිවරුන් කියා මවා පා තමන්ගේ පැවැත්ම තහවුරු කරගන්නා අතර, දෙවිවරු ඒවා දෙස බලන්නේවත් නැත)

● ජනතාව ගැන නොදන්නා, නිසි ලෙස ජනතාවට සේවා කරන්නට හැකියාව තිබියදී නොකරන සහ නොකල දේශපාලකයන් විසින් තමන් ලග සිටින මුග්ධ අය විසින් එවන් වැඩ වලට යොමු කිරීම සැබවින්ම කණගාටුවට කරුණකි !

#ඉරු

Thursday, March 7, 2019

රාහු - කේතු මාරුව

වසර 1 හමාරකට පසුව සිදුවූ රාහු - කේතු මාරුව, රටට ලෝකයට යහපත් එකකි. විශේෂයෙන්ම රටට යහපත්ය.

- පොදුවේ මෙම මාරුවෙන්, මිථුන, කටක, කන්‍යා, වෘශ්චික සහ කුම්භ යන ලග්න වලට අයහපත් බව පෙනුනද, සැබැවින්ම මෙම මාරුවේ බලපෑම ඇතිවන්නේ මෙම ජිවිතයේ යහපත්ව ගත නොකල සහ පෙර අකුසල් ඇති අයටය. එනිසා ලග්න අනුව එසේම නොවෙයි.

- සීලය රැකගෙන ප්‍රතිපත්තිය රැකගෙන සිටියේ නම් ජිවිතය අද දිනයේ සිට තරමක් හෝ හොද වනු ඇත. එසේ නොවන්නේ නම් එයට විපාක ලැබෙන්නට ඉඩ බොහෝ පවතී.

#ඉරු

Monday, March 4, 2019

මහා ශිව රාත්‍රි දිනයෙදි, ඊශ්වර දෙවියන්ගෙන් ආශිර්වාද ලැබීමට,


ලෝක පාලක ‍‍දෙවියන් ලෙස හැදින්වෙන මේ කාලයේ යාම දිව්ය ලෝකයේ ප්රධාන දෙවියන් වන, මතු බුදු වන්නට පෙරුම් පුරන, ඊශ්වර හෙවත් ශිව මහ දෙවියන්ගේ තුන්වන ඇස විවෘත වීම අද දිනයේ සිදු වෙයි.
( මහා රාවණා ගැන කතා කරන බොහෝදෙනෙක්, මහා රාවණාට එම යෝගී බලයට මූලික ආශිර්වාද ලබා දුන්නේ යෝගීන් අතර මහා යෝගියා ලෙස සැලකෙන පෙර භවයේ ඍෂිවරයෙකු වූ ශිව දෙවියන් බව දන්නේ නැත)

ඒ අරභයා යහපත පිණිස මේ පූජාව තැබීම හොඳයි.

● වෙලාව රාත්රි 7න් පසුව ( රැ 7 - 9.30 අතර)
● පහන් 01 ( දැල්ල උතුරට)
● හඳුන්කූරු 07
● පැන් වීදුරු 01

- ඊශ්වර දෙවියන්ගේ නාමයෙන් රවි ග්රහ මණ්ඩලයට පූජා වේවා ! දෝෂ දුරු වේවා ! යහපත උදා වේවා !
- මේ පින් සියලු දෙවියන්ට සියලු සත්වයන්ට සියලු ඥාතින්ට ලැබේවා !

#
ඉරු


Iru Sewaya



irusewaya@gmail.com

Tuesday, February 5, 2019

පෙබ 05 කුජ මාරුවට ශාන්ති කර්මයක් !

2019 පෙබවාරි 05 වනදා සිදුවූ කුජ මාරුවෙන් යහපත් ප්‍රතිඵල පිණිස මෙම ශාන්ති කර්මය කිරීම මැනවි !

●  කුජ ග්‍රහයාට මූලිකව බලපාන දෙවියන් වන්නේ ස්කන්ධ කුමාර හෙවත් කතරගම දෙවියන්ය. එනිසා කතරගම දෙවියන්ට පුද පූජා නිසි වෙලාවට, නිසි ලෙස තැබීමෙන් එම අපල දෝෂ තත්වයන් අවම කරගත හැක.
( මෙම ශාන්ති කර්මය 2019 අප්‍රේල් 12 දක්වා කිරීම සුදුසුය)

●  සතියේ සෑම දිනකම කරන්න. විශේෂයෙන් අගහරුවාදා දින මේ කටයුත්ත කල යුතුය.

●  පහන් 01
●  හඳුන්කූරු 03
●  සුදු - රතු - කහ මල් වට්ටි 01
●  පැන් වීදුරු 01
●  ගිලන් පස ප්ලෙන්ටි වීදුරු 01 ( සීනි සහිතව)

- පහනේ දැල්ල දකුණු දිශාවට විය යුතුය.
- වේලාව 8 - 9 අතර වේ ( උදේ / රෑ 2ටම අදාලය)

 - මෙම පූජාව තබා, කතරගම දෙවියන්, සෙල්ලි - වල්ලි දේව මෑණිවරුන්ට පූජා වේවා ! මේ පින් කුසල් බලයෙන් කුජගේ දෝෂ ඇතුළු, සියලු අකුසල කර්ම, පාප කර්ම, ග්‍රහ දෝෂ, ග්‍රහ බලවේග දුරුවේවායි පතන්න !

- මේ පින් කුසල් සියලු දෙවියන්ට, සියලු සත්වයන්ට, සියලු ඥාතින්ට ලැබේවායි පතන්න !

( සැලකිය යුතුයි, මෙය අධ්‍යාත්මික පූජාවකි. මෙම අධිෂ්ඨානයන් සිතින් සිතීම ප්‍රමාණවත්ය. දෙවිවරුන්ට පින් දෙන ගාථා කියමින් ඒවා සොයමින් කටයුතු කිරීම අනවශ්‍යය)

#ඉරු

Monday, February 4, 2019

කුජ මාරුව - ( 05-02-2019)

ග්‍රහ ලොව සෙන්පතියා වන මුරණ්ඩු ගති ඇති කුජ හෙවත් අගහරු ග්‍රහයා, පෙබරවාරි 5 වනදා තම මිත්‍ර රාශියක් වූ මීනයෙන් මිදී ස්වක්ෂෙත්‍ර රාශියක් වන මේෂයට පැමිණේ. මේෂයේදී බලවත් වන කුජ, කුම්භ ලග්න ලංකා කේන්දරයේ 3 වැන්නට එනම් වික්‍රමස්ථානයට පැමිණේ. මෙහිදී කේතුට හිමි නැකතකට මේ  කුජ මාරුව සිදුවෙයි.
කුජගේ මෙම මාරුව අනුව රටට තරමක් යහපත් කාලයකි. විදේශීය රට වලින් සහයෝගය ලබාගැනීමට රජය විසින් කටයුතු කරාවි. යම් යම් දේවලට ජනතාවගේ පෙල ගැස්ම සමග ජනමතයට තරමකට හිස නමා ජනතා හිතසුව පිණිස යම් තීන්දු තීරණ ගන්නා කාලයකි. කුජ බලවත් වීම විප්ලව වලට යහපත් කාලයකි. එනිසාම මහජන මතයට යම් නැඹුරුවක් පෙන්වයි. හදිසි අනතුරු ගැනද අවදානමත් විය යුතුය.
කුජට සම්බන්ධ දේ වන යකඩ ආශ්‍රිත ව්‍යාපාර කර්මාන්ත දියුණු වන කාලයකි.
-

ලග්න 12ට පොදුවේ මෙහෙමයි !

( පොදු පලාපලයක් පමණි - කේන්දරය අනුව වෙනස් විය හැක)

-

● මේෂ
කුජ 12 වැන්නේ සිට 1 වැන්නට පැමිණේ.
කුජ ලග්නයේ බලවත් වීම හොද වුවද තරමක මුරණ්ඩු ගති ඇතිවන කාලයකි. මුහුණ සම්බන්ධව රෝගාබාධ සහ හදිසි අනතුරු යනාදිය, කැළැල් වැනි දෑ ගැනද අවදානමත් විය යුතුය.
රැකියාවේ කටයුතු දියුණු කරගැනීමට හැකියාව ඇති කාලයකි. ඉවසීම ප්‍රගුණ කල යුතුමය.
පවුලේ සමගිය උදෙසාද ඔබගේ කැපවීම අනිවාර්ය වෙයි.
-

● වෘෂභ
කුජ 11 වැන්නේ සිට 12 වැන්නට පැමිණේ.
අයස්ථානයේ සිට වැයස්ථානයට කුජ පැමිණීම පොදුවේ යහපත් නැත. ලේ සම්බන්ධ රෝග, හදිසි රෝග හදිසි අනතුරු ගැන අවදානමත් විය යුතුය. විදේශ ගත වීමට හොදයි.
ව්‍යාපාර වලින් පාඩු ලැබීමට හෝ බාධා කරදර ඇති වීමට යම් ඉඩක් තිබෙන නිසා, ව්‍යාපාර සහ රැකියා කටයුතු වලදී ගන්නා තීරණ ඉතාම බුද්ධිමත්ව සහ ඉවසීමෙන් යුතුව ගත යුතුය.
පවුල් ජිවිතයේ යම් අඩදබර ඇතිවීමට හේතු පවති. ඒ ගැන සැලකිලිමත් වන්න.
-

● මිථුන
කුජ 10 වැන්නේ සිට 11 වැන්නට පැමිණේ
පොදුවේ යහපත් කාලයකි. තම තනි මතයටම අනුව කටයුතු කරන්නට ගියොත් අනවශ්‍ය ගැටළු ඇතිවීමට ඉඩක් ඇති නිසා ඒ ගැන සැලකිලිමත් වන්න. හදිසි ධනලාභ මෙන්ම තරග විභාග ආදියෙන්ද ජය ගන්නට වාසනාව ලැබෙන කාලයකි. කෙසේ වුවද මේවා ගැන තේරුම් ඇතිව කටයුතු කරන්න. රැකියාවේ දියුණුව, උසස් වීම් මෙන්ම නව රැකියා අවස්ථාද ලැබෙන්නට වාසනාව තිබේ.
පෙම් සබදතා සහ පවුල් ජිවිතයෙදි කාමාශාව බලවත් වන්නට ඉඩ ඇති කාලයකි. ඒ ඒ කටයුතු වලදි මනා බුද්ධිමත් සහ සංයමයකින් යුතුව කටයුතු කරන්න.


-

● කටක
කුජ 09 වැන්නේ සිට 10 වැන්නට පැමිණේ
දැඩි කඩිසර - ක්‍රියාශීලි බවක් ලැබෙන කාලයකි. වෙනදාට වඩා ආඩම්බරයක්ද සිතට දැනෙන්නට ඉඩ ඇති අතර එහි තරම නියම ආකාරයෙන්ම තේරුම් නොගතහොත් ගැටළු ඇතිවීමට ඉඩ ඇත. නම කුමන ආකාරයකින් හෝ ප්‍රසිද්ධ වීමට ඉඩ ඇති නිසා කුමන ආකාරයටද යන්න සැලකිලිමත් වන්න. කැපවීමෙන් රැකියාවේ - ව්‍යාපාරයේ කටයුතු කරන්න. රැකියාවේ දියුණුව අපේක්ෂිතය. කෘෂිකාර්මික අංශ වල දියුණුවද අපේක්ෂා කල හැක.
පවුලේ කටයුතු සහ ප්‍රේම සබදතා වලදි තරමක දුරස් බවක් දැනෙන්නට ඉඩක් තිබෙන නිසා ඒවා ගැනද අවදානමත් වන්න.


-

● සිංහ
කුජ 08 වැන්නේ සිට 09  වැන්නට පැමිණේ
අධික වියදම් යෙදීමට ඉඩ තිබේ. ඒනිසා අරපරිස්සමට කටයුතු කරන්න. තරග විභාග ආදියෙන් ජය ලැබීමට හැකියාව තිබේ. කුමන ආකාරයෙන් හෝ තම කටයුතු කරගෙන යාමට හැකියාව ලැබෙන කාලයකි. කෙසේ වුවද බුද්ධිමත්ව කටයුතු කිරීම මැනවි.
වෙනදාට වඩා දහමට නැඹුරුව කටයුතු කරන කාලයකි. තරමක කලබලයක්ද, කටයුතු පරක්කු කිරීම්ද සිදුවිය හැක. වාහන ව්‍යාපාර සහ මහ පොලව සහ යකඩ සම්බන්ධ කටයුතු වලට යහපත්ය. හදිසි අනතුරු යනාදිය ගැනද අවදානමත් වන්න.



-

● කන්‍යා
කුජ 07 වැන්නේ සිට 08 වැන්නට පැමිණේ
ආයුෂය ගැන කියවෙන 8ට පැමිණීම තරමක් අයහපත්ය. කෙසේ වුවද හදිසි ලාභ ලැබෙන්නට වාසනාව පවතින කාලයකි. අතමිට මුදල් ගැවසුනද වියදමද අධික වන්නට ඉඩ ඇත.
ව්‍යාපාර කටයුතු වලදී විශේෂයෙන් උපක්‍රමශීලිව කටයුතු කල යුතුය. හවුල් ව්‍යාපාර වලට තරමක බාධා, පාඩු විය හැකි නිසා ඒ ගැනද සැලකිලිමත් වන්න.
පවුලේ කටයුතු වලට බාධා, සමගියට බාධා ඇතිවීමටද ඉඩ ඇති නිසා ඒවා ගැනද සැලකිලිමත් වන්න.

-

● තුලා
කුජ 06 වැන්නේ සිට 07 වැන්නට පැමිණේ
විවාහය ගැන කියවෙන 7 වැන්නට පැමිණීම පොදුවේ හොදයි. කෙසේ වුවද වෙනදාට වඩා කලබලයකින් කටයුතු කිරීම තරමක් අවාසිදායක විය හැක.
රැකියා - ව්‍යාපාර යනාදියට යහපත්ය. කෙසේ වුවද වැඩිදුර නොසිතා කරන කටයුතු වලින් පාඩු වීමට යම් ඉඩක් ඇත. වියදමද වැඩි වීමට ඉඩ ඇති නිසා සකසුරුවමෙන් යුතුව කටයුතු කරන්න.
පවුල් ජිවිතයේ කාමාශාවන් වැඩි වීමට ඉඩ ඇත. එසේම දෙදෙනාගේම සතුට ගැන සිතා බලා කටයුතු කරන්නේ නම් යහපත්ය. හොද විවාහ යෝජනා ලැබෙන්නට ඉඩ පවති.
හදිසි රෝග විශේෂයෙන් ස්නායු සහ පෙනහල්ල - සෙම් රෝග ගැනද අවදානමත් වන්න.

-

● වෘශ්චික
කුජ 05 වැන්නේ සිට 06  වැන්නට පැමිණේ
ලග්නාධිපතියා රෝග සහ සතුරු ගැන කියවෙන 6 වැන්නට පැමිණීම තරමක් අයහපත්ය. බාධා තිබුනද ඒවා මැඩගෙන ඉදිරියට යාමට හැකියාව ඇත. අන් අයගේ මතයන් නොඉවසා කටයුතු කරන කාලයකි. කෙසේ වුවද සතුරු බාධක මැඩගෙන ඉදිරියට යාමට හැකියාව ලැබෙයි. විනෝදයෙන් සිටින්නට හැකියාවද ලැබෙන කාලයකි. කෙසේ වුවද සිහියෙන් යුතුව කරන කටයුතු ගැන අවදානමත් වන්න.
අන් අයගේ සහයෝගයද ලැබෙන කාලයකි. රැකියා වලට සුභ කාලයකි. නව රැකියා වලටද වාසනාව තිබේ. ආමාශගත රෝගාබාධ යනාදිය ගැනද අවදානමත් වන්න. හදිසි කරදර වලදී බුද්ධිමත් වන්න.


-

● ධනු
කුජ 04 වැන්නේ සිට 05 වැන්නට පැමිණේ
තරමක සතුරු කරදර ඇතිවිය හැකි කාලයකි. ඒනිසා බුද්ධිය සහ උපක්‍රමය වැදගත් වෙයි. රැකියාව සහ ව්‍යාපාර කටයුතු වලදීද ඉවසිලිවන්තව බුද්ධිමත්ව කටයුතු කල යුතුමය. නීතිමය ගැටළු වලටද යම් ඉඩක් ඇති නිසා ඒ ගැන දැඩි ලෙස අවදානමත් වන්න. හදිසි රෝග, හදිසි ලෙඩ, ආසාදන යනාදිය ගැනද අවදානයෙන් සිටින්න.
දන්නා කෙනෙකු සමග හෝ පෙර සිට අදුනන කෙනෙක් සමග පෙම් සබදතා ඇතිවීමට ඉඩ ඇත. කාමාශාව වැඩි වන කාලයක් නිසා මේවා ගැන සැලකිලිමත් වන්න. ගැබිණි මව්වරුන් තමන්ගේ තත්වය ගැන සැලකිලිමත්ව සිටිම වැදගත්ය.


-

● මකර
කුජ 03 වැන්නේ සිට 04 වැන්නට පැමිණේ
වියදම් වැඩි වීමට හැකියි. කෙසේ වුවද අතමිට මුදල් ගැවසේ. කළමනාකරණය කරගත යුතුමය.
මනාව සිතා බලා කටයුතු වලදී තීරණ ගන්න. රැකියා - ව්‍යාපාර ආදියට යහපත් කාලයකි. උසස් වීම්, වැඩි වැටුප් ආදියට යහපත්ය.
මෙතෙක් සිතේ පැවති කටයුතු කරන්නට උත්සහ කරන කාලයකි. කැපවීමෙන් කරන කටයුතු වලින් ජය ලැබෙන්නට හැකියාව තිබේ. මේ සියල්ල අතර බුද්ධියෙන් කටයුතු කල යුතුමය.
හදිසි වාසනාව ලැබෙන්නට හැකියාව තිබෙන කාලයකි.


-

● කුම්භ
කුජ 02 වැන්නේ සිට 03 වැන්නට පැමිණේ
වික්‍රමස්ථානයට කුජ පැමිණීම අනුව වෙනදාට වඩා ආවේගශීලි ගති ඇති වීමට ඉඩ ඇත. තම දියුණුව වෙනුවෙන් දැඩි කැපවීමකින් යුතුව කටයුතු කරන කාලයකි. අලංකාරයට, ලස්සනට සිටින්නට කටයුතු කරන කාලයකි. ආදායම තිබුනද, වියදමද අධික වීමට ඉඩ ඇත. තම සහෝදරකාරකාදීන්ට හදිසි අනතුරු ඇතිවීමට යම් හේතු තිබිය හැකි බැවින් ඒ ගැන සැලකිලිමත් වන්න.
වෙනදාට වඩා පවුලේ සමගිය ගැන සිතා බලා කටයුතු කරන කාලයකි. ඒවාටද බාධා ඇතිවීමට ඉඩ ඇත. ඒ ගැන සැලකිලිමත් වන්න.


-

● මීන
කුජ 01 වැන්නේ සිට 02 වැන්නට පැමිණේ
අන් අය සමග කරන කටයුතු වලදී ඉවසීම මෙන්ම බුද්ධියද සහිතව කටයුතු කල යුතුය. අනවශ්‍ය අය සමග විවිධාකාර කටයුතු වල යෙදීමෙන් ඉවත් විය යුතුය. සතුරු බාධක යනාදියද ඇතිවීමට යම් ඉඩක් ඇත. වියදම ගැන සැලකිලිමත් වන්න. තම දේ රැක ගැනීමට කටයුතු කරන්න.
ආදායම් තිබේ. කෙසේ වුවද බුද්ධිමත්ව කටයුතු කල යුතුය.
පවුලේ අයට යම් රෝග විශේෂයෙන් විවාහකාරකයාට යම් බාධා ඇතිවීමට ඉඩ ඇති නිසා ඒවා ගැන සැලකිලිමත් වන්න.

-

* කුජගේ අයහපත් බලපෑමට කල යුතු කටයුතු ඊලග ලිපියෙන් දැනුවත් කරමු !


#ඉරුසේවය
irusewaya@gmail.com

Wednesday, January 30, 2019

“ දෑස නොපෙනුනාට හොද අනාගතයක් හිමි බව“ - වසර 5කට පෙර අප ඉන්දික තොටවත්ත ගැන කියූ දේ !

අද ලංකාවේ ප්‍රසිද්ධම ජ්‍යොතිර්වේදියෙකු වන, ඉන්දික තොටවත්ත මහතා ගැන, වසර 5කට පෙර ස්වර්ණවාහිනිය ප්‍රවෘත්ති අනුව බලා අප පල කල අනාවැකිය,
“ දෑස නොපෙනුනාට හොද අනාගතයක් හිමි බවයි“ ..

-අම්බලන්ගොඩ වතුපිටිවල සිට කේන්දර පරික්ෂා කල ඉන්දික තොටවත්ත මහතා දැන් කොළඹ ප්‍රදේශයේ බොහෝ දෙනෙක්ට සේවය ලබාදෙනවා.
- ඔහුට ජ්‍යොතිෂ්‍යයට අමතරව, පෙර ආත්මගත සම්බන්ධ විඥානයකද සහය තිබෙන බව අපට කිව හැකිය.


* අප කියා ඇත්තේ, ඉන්දික තොටවත්ත මහතාගෙ අනාවැකි හරියනවාද වරදිනවාද ගැන නොව, ඔහුගේ අනාගතය හොද බැවින් ඔහු ප්‍රසිද්ධ වන බවයි. එය දැන් සිදුවී ඇත.

Monday, January 28, 2019

කතා මැද කතා.

අප දන්නා,  නෝනා කෙනෙක් සිටිනවා මාලදිවයිනෙ. ඇය එහි තම සැමියා සමග දූපතක පවත්වාගෙන යනවා ඉහල ගණයේ අවන්හලක්. එය එහි ප්‍රසිද්ධ ස්ථානයක්. ඇය එම අවන්හල අරඹන සියලු කටයුතු පාහේ කලේ අපගේ උපදෙස් මතයි. සියලු ජ්‍යොතිෂ්‍යය සහ වාස්තු උපදේශ අප විසින් ලබාදුන්නා එය අරඹන අවස්ථාවේ.
පසුකාලීනව ව්‍යාපාරය බොහෝ දියුණු උනා. ඇය වතාවන් කීපයක් ලංකාවට ආවත්, අපට කතා කලේවත් නැහැ.
●  ටිකෙන් ටික ඇය ජ්‍යොතිෂ්‍ය යනාදි සේවාවන් දුරකථනයෙන් පමණක් කරගන්නට කටයුතු කලා. පෙර පැවති සබැදියාව දුරස්ව ඇය වෙනම ආගන්තුක කෙනෙක් පමණක් උනා. අප කරන්නේ සේවයන් ලබාදිම නිසා ගැටළුවක් උනේ නැහැ. පසුව ඇය ලංකාවට පැමිණ කල යුතු එක්තරා ශාන්ති කර්මයක් මාලදිවයිනේ සිට කල යුතු බව අපට දැන්වූවා. අප විසින් දන්වා සිටියේ ඇය උපන් භූමියේ එය කල යුතු බවයි. එසේ නොකර එහි ඵල නැති බවද අප පැවසුවා. ඇය පැවසුවේ ඇයට ඕන පරිදි කල යුතු බවයි. අප කිසිවෙකුට උවමනා පරිදි ශාන්ති කර්ම යෝජනා කරන්නේ නැහැ, අප කරන්නේ කල යුතු පරිදි බව අප ප්‍රකාශ කලා.

● ඇය එයින් අප හා අමනාප වූවා. ඉන්පසුව අප සේවය ගත්තේ නැහැ. මාස 8කට පමණ පෙර ලංකාවෙ එකතරා ප්‍රසිද්ධ වෙමින් පවතින ජ්‍යොතිර්වේදියෙකුව ඇය විසින් සියලු පිරිවැය දරා ඇයගෙ මාලදිවයිනේ අවන්හලට ගෙන්වාගෙන තිබුනා. අපට ආරංචි පරිදි එම තැනැත්තාට මිලියන කීපයක් එම කටයුතු වෙනුවෙන් ලබාදි තිබෙනවා. මාස 2-3ක් යනවිට ඇයගේ ව්‍යාපාර බොහොම පාඩු ලබන තත්වයට පැමිණ ඇත. අර තරම මුදලක් ගෙවලත් එම කටයුතු නිසියාකාරව කරගෙන නැහැ. ඇයගෙ සහෝදරයා මේ ලගදි කතා කර එම විස්තරය සහ නැවත අයට අපගේ සේවය අවශ්‍ය බව කියූවත්, අප කිසිවක් කීවේ නැහැ. පෙර කී ජ්‍යොතිර්වේදියාගේ ඇඩ් එකක් ෆේස්බුක් හරහා දර්ශනය වූ නිසාද අපට මේවා මතක් උනා. ඔහු පින්තුර පවා ගෙන ඇත්තේ තමන්ගේ මහානීය තත්වයන් පෙන්වන්නටයි. නමුත් කරන්නේ වෙන දෙයකි.

●  ලංකාවෙ බහුතර මිනිසුන් කැමති, වැඩියෙන් ප්‍රදර්ශනය කරන Show එකට කරන වැඩටය. යම් දේශපාලකයෙක්, පෝසතෙක් පන්සල්, දේවාල, පල්ලි යනාදියට යනවා නම් ඔහු හොද කෙනෙක් කියා හිතනවා. ඒ විතරක් නෙමෙයි දෙවිවරු, ධර්මය පවා එහෙම අයට ආශිර්වාද කරන බව හිතනවා. ඒත් ඇත්තම කතාව එවන් චරිත වැජඹෙන්නේ තමන්ගේ පින සහ කැපවීම ( උපක්‍රමශීලිව) මතයි. බොහෝවිට කිසිදු දෙවි කෙනෙකු එවන් චරිත වලට ආශිර්වාද කරන්නේ නැහැ. නමුත් යම් යම් දේවල් දීලා භූත, ප්‍රේත, අසුර/යක්ෂ වගේ අයගේ සහය ගන්න පුලුවන්. පහත් අමනුෂ්‍ය ආත්ම රැවටෙනවා වගේම, ඒවා ස්ථිර නැහැ. දෝෂ බොහෝමයි.

- ලංකාවෙ බහුතරය කැමති ආකාරය කෙසේ වුවද, ඉදිරියේදි බොහෝමයක් දේවාල වලට සෙනග යෑම අඩු වෙන තත්වයක් ඇති වෙනවා. එය එසේ වන්නේ සැබෑ තත්වයන් ජනතාවට අවබෝධ වීමෙන්. නැතිව දෙවියන්ට අඩුවක් වීමෙන් නෙමෙයි. දෙවිවරු දේවාල වල නැහැ. එන්නෙත් කලාතුරකින්. දේවාල වලට අරක්ගෙන ඉන්නේ, විවිධාකාර භූත - ප්‍රේත - අසුර/ යක්ෂ සහ දේවාල වල කපු මහතුන්. බොහෝමයක් කපු මහතුන්ද දැන් සීලයක් රකින්නේ නැහැ. එයම ඔවුන්ගේ විනාශයට හේතු වෙනවා.

Saturday, January 26, 2019

“ කුජ බලවත් වීම දේශපාලනයට “

 යම්කිසි කෙනෙකුගේ කේන්දරයේ #අගහරු හෙවත් කුජ ග්‍රහයා බලවත් වීම නිසා ඔහු කුඩා කල සිටම පරිවාර සම්පත්තිය ලබන, #පිරිස් පාලනය ඇති, සංවිධාන ශක්තිය ඇති කෙනෙක් බවට පත් කරයි. යම්කිසි කෙනෙකුගේ ජන්ම පත්‍රයේ කුජ ග්‍රහයා වික්‍රමස්ථානයේ හෝ 10 වැන්නේ #බලවත් වීම දේශපාලනයට ඉතාම සුදුසු පිහිටීමකි.

*උදාහරණක් වශයෙන් මහ ඇමති තරඟයෙන් දේශපාලන කරළියට ආ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා මැතිණියගේ #ජන්ම පත්‍රයේ අගහරු/කුජ බලවත්ව සිටි ආකාරය විමසන්න. #එතුමිය කිසි දිනෙක පරාජය වී නැත. එය #රුචක යෝගයයි.

* මීට අමතරව හිටපු #හමුදාපති ජෙනරල් #සරත් #ෆොන්සේකා මහතාගේද, ජර්මනියේ අඥාදායක හිට්ලර්ගෙ කේන්දර සටහනේද, #දිඹුලාගල නාහිමියන්ගේ කේන්දර සටහනේද, සුපිරි ක්‍රීඩක #සනත් ජයසුරියගේ කේන්දර සටහනේද බලවත් වූ කුජ ඇති කරන රුචක යෝගය දක්නට ලැබේ.

පොදු කරුණු පමණි !

කේන්දරයේ බැලූ බැල්මට කුජ බලවත්වීම ප්‍රමාණවත් නැත. සූක්ෂමව බලද්දීද නියමාකාරයෙන් බලවත් විය යුතුමය.

irusewaya@gmail.com   
                                                   https://goo.gl/GwM2g9



Friday, January 25, 2019

නවරත්න මුදුව



නවරත්න මුදු අද යම් පිරිසක් පලදිනු දැකිය හැක. එසේ වුවද එම මුද්ද පැළදීමට විශේෂිත ක්‍රමවේදයක් ඇත.
දකින බොහෝ නවරත්න මුදුවල සියලුම ගල් එකම ආකාරයකට ඔබ්බවා ඇත. එසේම අදාල ගලට අනුව ජපකිරීමද කර නැත. එවන් මුද්දකින් ඇතිවන්නේ සුබ ඵල ඇතිවේද සැක සහිතය.

නිසියාකාරව නවරත්න මුද්දක් පළදින්නේ නම් එහි තමන්ට අපල දෙන ග්‍රහයන්ගේ ගල් ඔබ්බවන සුවිශේෂි ක්‍රමයක් සහ අපල සමනය වීමට හා තවත් සුවිශේෂි ක්‍රමයකට ජප කල යුතුය.

සුභ පල දෙන ග්‍රහයන්ට අදාල ගල්ද විශේෂිත ක්‍රමයකට මුද්දේ එබ්බ විය යුතුය. සුභ පල වැඩිදියුණු වීමටත් තවත් සුවිශේෂි ක්‍රමයකටද ජප කල යුතුය.

irusewaya@gmail.com
https://goo.gl/36bYsq

Wednesday, January 23, 2019

“ මතු බුදු වන නාථ දෙවියන් “

නාථ දෙවියන් මේ අවස්ථාවේ දළදා මාලිගාවේ වැඩ වසන ශ්‍රී දන්ත ධාතුන්වහන්සේ ආරක්ෂා කරලීමේ කටයුත්තේ මූලිකවද, නිවන් පිණිස මනස දියුණු කරගැනීමේ කටයුතු වලද නියැලී සිටියි.

* සමහර තැනෙක මෛත්‍රී බෝධිසත්වයන් නමින් නාථ දෙවියන් හැඳින්වෙයි. එය වැරදිය. මෛත්‍රී බෝධිසත්වයන් ඊලගට බුදු වන්නට සිටින උත්තමයාණන්වහන්සේය. තව්තිසා දෙව්ලොවේ ප්‍රධානත්වය දරයි. මෛත්‍රී බෝධිසත්වයන් සහ නාථ දෙවියන් යන දෙදෙනාම බැලූ බැල්මට එක සමාන රූපකායකින් යුක්ත වෙති. භාවනා කරන සමහර අයද දැක ඇත්තේ සහ ජනතාව අතරට දෙදෙනාම එක් අයෙක් යන මතය පැමිණ ඇත්තේ එබැවින් විය යුතුය. කෙසේ වුවද නිසි කුසල ශක්තියකින් සහ සීලයකින් යුතුව, අධිෂ්ඨානයෙන් භාවනා කර දෙවිවරුන්ගේ සැබෑ විස්තර දැන ගැනීමට හැකියාව ඇත.

● මෛත්‍රී බෝධිසත්වයන්ගේ දෙව් ලොව නම “අජිත දෙවියන්ය“.
නාථ දෙවියන් සහ මෛත්‍රී බෝධිසත්වයන් වෙන්කර හඳුනාගත හැක්කේ, මෛත්‍රී බෝධිසත්වයන් අත තිබෙන නෙළුම රතු නෙළුමක් වන නිසාත්, නාථ දෙවියන් අත තිබෙන්නේ සුදු නෙළුමක් වන නිසාත්ය. ඒ හැර ඇඳුම, රූපකාය බොහෝදුරට එක සමානය. මෛත්‍රී බෝධිසත්වයන්ගේ සිරුර හරහා වැටී ඇති නූල මහතින් වැඩි අතර, නාථ දෙවියන්ගේ එය තරමක් සිහින්ය.
‘මෛත්‍රී බෝධිසත්වයන් බුදු වූ පසු, ඊලගට බුද්ධත්වයට පත් වීමට අධිෂ්ඨාන බල සපුරා ඇත්තේ නාථ දෙවියන්ය.
* නාථ දෙවියන්ට වන්දනය පිණිස විශේෂයෙන් “ වරා මල“ භාවිත වෙයි. නියමිත දිශාවක් නැතත් බොහෝවිට දෙවිවරුන්ට පොදු දිශාව වන ඊසාන දිශාව යොදා ගැනේ.

- සමහර තැනෙක, දේශපාලකයන්ට උදව් කරන බවක්ද නාථ දෙවියන්ගේ නාමය සදහන් කර කියවෙනු දකින්නට ඇත. නාථ දෙවියන් පමණක් නොව කිසිදු දෙවි කෙනෙක් එවන් කටයුතු සිදු කරන්නේ නැත. පූජා වට්ටියට, මුදලට රැවටෙන්නේද, කැමැත්ත ඇත්තේද බුද්ධිය මිනිසුන්ටද වඩා අඩු පහත් අසුර, ප්‍රේත, භූත වැනි ආත්ම භාවයන්ය. දෙවිවරු වැනි උසස් කුසල ශක්තියක් ඇති, උසස් මනසක් ඇති අය එවන් දේට යොමුවන්නේ නැත. දෙවිවරු ආශිර්වාද කරන්නේද පින් ඇති - සීලවන්තටය. එයද අදාල කෙනාගේ කර්ම ශක්තිය මත වෙනස් වෙයි. අදාල අවස්ථාවේ කර්ම ශක්තිය යහපත් නම් පමණක් ආශිර්වාදය ලැබේ. නැත්නම් ඉෂ්ට දෙවි කෙනෙකුගේ වුවද ආශිර්වාදය නොලැබෙයි.

නාථ දෙවියන් මහායානයේ එන අවලෝකිතේශ්වර බෝධිසත්වයන් බවටද මතයක් පවති. කෝට්ටේ යුගය - මහනුවර යුගය යන කාලයන්හිදී නාථ දෙවියන් ගැන විශේෂයෙන් කියවෙන කරුණු තිබේ. සෙංකඩගල ලෙස මහනුවර රාජධානිය ඇතිවීමටද එහි පිහිටි ශ්‍රී නාථ දේවාලය හේතු වන බව කියැවේ.

නාථ දෙවියන් විශේෂයෙන් ජනතාවගේ කරදර දුරු කරන්නට උදව් කරන බව කියැවේ. එසේ කීවිට ධනය දෙන බව නොසිතන්න. බුදු බව පතන උතුමෙකු නිසා කුසලයෙන් ඉහලය. එනිසාම ආශිර්වාදය බොහෝ වටින දෙයකි. නිසි පින්කම් කර නාථ දෙවියන්ටද අනුමෝදන් කරන්න. වෙනම ගාථා සජ්ජායනය හෝ යාඥා කරමින් උදව් ඉල්ලීම අවශ්‍ය නැත. ඔබ සිල්වන්ත - කුසලවන්තයෙක් නම්, කර්ම ශක්තිය නිසි නම් ආශිර්වාද ලැබෙනවා නොඅනුමානය.

-

#ඉරු
irusewaya@gmail.com