Friday, October 11, 2019

“ උච්ච වීම සහ සබැඳුනු කරුණු “

සරලව ඇහුවොත් මොකක්ද උච්ච වීම කියන්නෙ, ලංකාවෙ හැටියට නම් තරු 5 හෝටලයක ග්‍රහයා ඉන්නවා වගේ. තරු 5 හෝටලයක ඉන්නකොට ගොඩක් සැප පහසුකම් සහිතව ඉන්න පුලුවන්නෙ. අන්න ඒ වගෙයි.

උච්ච වීම ගැන කියද්දි මතකයට එනවා ජ්‍යොතිෂ්‍යයට අනුව ප්‍රධානම රාජ යෝග 5ක් වන, පංච මහා පුරුෂ යෝග. පංච මහා පුරුෂ යෝග යෙදෙන්නේ කුජ, සිකුරු, බුධ, ශනි සහ ගුරු කියන ග්‍රහයන් උච්ච හෝ ස්වක්ෂෙත්‍රව 1,4,7,10 තැන් වල හිටියොත් විතරයි.
පාපී ග්‍රහයන් විදියට කිව්වත්, කුජ, ශනි ග්‍රහයන් උච්ච හෝ ස්වක්ෂෙත්‍ර වීම තුල, රුචක සහ සස කියන පංච මහා පුරුෂ යෝග යෙදෙනවා.

● ඕනෑම ග්‍රහයෙකු උච්ච උනොත් ඒ කියන්නෙ දියුණුව ලැබෙන්න පුලුවන්. ඒකෙ තේරුම උච්ච නොවී තිබුනොත් හොද නෑ කියන එක නෙමෙයි. නමුත් සරලව උච්ච උනොත් හොදයි. නීච උනත් දියුණු වෙන අවස්ථා ඕනෑ තරම් තියෙනවා. ඕනම කේන්දරයක රාහු - කේතු ඇර, අනිකුත් ග්‍රහයන් 7 ගෙන් 4ක් උච්ච වෙනව නම් රජ වෙනවා හා සමාන තත්වයක් කියල ජ්‍යොතිෂ්‍යෙය් කියවෙනවා.

● රවි උච්ච උනොත්, මයුරපාල කියන යෝගය යෙදෙනවා. ඒ යෝගය තියෙන අය කිසි කෙනෙකුට ඔළුව නමන්න කැමති නෑ. ඒවගේමයි, ඒ යෝගය 10 තිබුනොත්, ඒකියන්නෙ රැකියාව ගැන කියැවෙන 10 තිබුනොත්, රැකියා ස්ථානයේ උනත් ලෙහෙසියට ඔළුව නමන්න අකමැති ගති තියෙනවා. අසාධාරණයක් නම් කොහොමත් හිස නමන්නෙ නෑ.

● චන්ද්‍ර/ සදු උච්ච වීම කාන්තා පාර්ශවයට ඉතාම හොද දෙයක්. පිරිසිදු - ප්‍රසන්න රූපයක් වගේම කාරුණික හදවතක් තියෙනව කියනවා. සදු උච්ච වෙන්නෙ වෘෂභ රාශියෙ. ඒවගේමයි කාන්තාවන්ට සදු නීච උනොත් ඒක ගැටළුසහගත බව අපි අත්දැකිමෙන් දන්නවා. එහෙම අයගේ සිතිවිලි වල ගැටළුවක් - ස්ථිර නැති ගතියක් නිතර තියෙනවා.

● කුජ වගේ ග්‍රහයෙක් උච්ච උනොත්, තමන්ගේ ආධිපත්‍ය පතුරවන්න දක්ෂයි.
සාමකාමි ගති අඩුයි. ගැටුමට බර වැඩියි. කුජ නීච උනාම ඒකත් නරක නෑ. කුජ උච්ච වෙන එක කාන්තා පාර්ශවයට එච්චර හොද නෑ. කුජ නීච වෙන එක පිරිමි පාර්ශවයට උනත් ලොකු ගැටළුවක් නෑ. වර්තමාන ජනාධිපතිවරයාගේ කුජ නීචයි. එතකෙට ඒකාධිපති වෙන්න තියෙන ඉඩ අඩුයි. හිටපු හමුදාපතිවරයෙක් වන ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාගේ තුලා ලග්නයේ 4 වැන්නේ කුජ උච්චයි.

ඔය වගේ කාරණා බොහෝමයක් තියෙනවා. අපි ඉදිරි ලිපියකින් තව කතා කරමු !

irusewaya@gmail.com

#ඉරු #ඉරුසේවය

No comments:

Post a Comment