Showing posts with label පොදු උපදෙස්. Show all posts
Showing posts with label පොදු උපදෙස්. Show all posts

Wednesday, June 10, 2026

 


කුඩා දරුවන්ගේ රතගාය යනු ළදරුවන්ට බහුලව වැළඳෙන රෝග තත්ත්වයකි.

↠ මෙහිදී දරුවාගේ අත්පය ඇඹරීම, හදිසියේ ඇඬීම, ශරීරය රතු පැහැවීම වැනි රෝග ලක්ෂණ පෙන්නුම් කරයි.
↠ මව්කිරිවල විෂ වීමක්, දරුවාගේ සිරුරේ පිත අධික වීම හෝ අපිරිසිදුකම නිසා හටගන්නා අභ්‍යන්තර රෝග තත්ත්වයකි.

▶ රතගායට බලපාන ප්‍රධාන හේතු,

1. දරුවා කුස තුල වැඩෙන විට මවගේ ලේවල ඌෂ්ණය දරුවාට බලපෑම.
2. ඉපදී පලමු සතියේදී දරුවාට ඇතිවන මල බද්ධය.
3. හරි ආකාරයට දරුවාගේ ආමාශය පිරිසිදු නොවීම.
4. මව්ගේ කිරි වල ඇති අධික උෂ්ණය
5. දරුවාගේ ඇඳුම් වල ඇති අපිරිසිදු බව.
6. මව විසින් ගන්නා අහිතකර ආහාර නිසා මව්කිරිවල ගුණාත්මකභාවය අඩුවීම.
7. දරුවාට මව්කිරි දීමෙන් පසු කිරි උගුරට ඒමෙන් අපහසුතා ඇතිවීම.
8. දරුවාට මව්කිරි දීමෙන් පසු කිරි උගුරට ඒමෙන් අපහසුතා ඇතිවීම.

- මෙහි රෝග ලක්ෂණ _
රත් පැහැති සහ කුඩා බිබිලි රැසක් හට ගැනීම. එම බිබිලි වල වේදනාව නිසා දරුවා හැඩීම. ලප බිබිලි කැසීමට ලක්වීම. දහඩිය සමග දැවිල්ලක් හට ගනී.

⇒ රතගායට ප්‍රතිකාර මේ ආකාරයෙනි.

☀ රත්මල් පොතු ලුණුවිල සමග තම්බා ග්ලුකෝස් දමා පෙවීම.
☀ රස කල්කය වරකට මදටිය ඇටය පමණ මව්කිරි සමග බීමට දීම.
☀ තවද රස කල්කය දවසට වරක් කොත්ත මල්ලි සමග පෙවීම.
☀ රස කල්කය ඇගේ ගෑම.
☀ මව අපත්‍ය ආහාර පාන සහ උෂ්ණාධික ආහාර පාන වලින් වැලකීම.

-
දරුවාට තත්ත්වය තව තිබේනම්, වහාම ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු වෙත යොමු වී දරුවා පරීක්ෂා කරවා ගැනීම ඉතා වැදගත් වේ.
-

071 383 5369
(WhatsApp)
කේන්දරයේ සම්පූර්ණ පලාපල විස්තරය ලබාදෙන,
Word Document සේවාව, කාර්යාලයට වේලාව වෙන් කිරීම,
අපල ආදියට කල යුතු ශාන්ති කර්ම, යහපත් පැවැත්ම,
ඇතුළු සියලුම සේවාවන් ..

Iru Sewaya

#srilanka #srilankanchildren #lka

Saturday, June 22, 2019

අපද සිටින ක්‍රීඩාවට සම්බන්ධ සමූහයක අදහස් දැක්කා.

ඒ තුලම අපි මුළු රටේම විශේෂයෙන් සමාජ මාධ්‍ය ජාල වල දකින දේ සහ ඒ අනුව තමන්ටත් අත් කරගන්නා ඉරණම ගැන කණගාටුවෙන් උවත් මෙසේ ලියමු.

● වෙන රටක ක්‍රිකට් දක්ෂතාවයකට අපේ අය ලේසියට හොද කියන්නේ නැත.
ඒ ආකාරයටම කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතිව මිනිසුන්ට අපහාස කරන ආකාරය අතිශයින්ම කණගාටුදායකය.

● පාර්ලිමේන්තුවේ 225 හොද නැතිව ඇත. ඉතිරි දේශපාලකයන් සියල්ලද හොද නැතිව ඇත. නමුත් තමන්ම එවන් අයව පත් කර කිසිවක් නොදන්නවා සේ එවන් අයට අපහාස කරන අය, හෙණ පමණක් නොව මැරේවා කියමින් පතන අය ගැනද ඇතිවන්නේ කලකිරීමකි.
- දේශපාලකයන් වැරදි බව ඇත්තය. නමුත් එවන් අයට වුවද ඔය විදියට අපහාස, පලි ගැසීම් වැනි දේ කිරීමෙන් සිදුවන්නේ තමන්ගේ අධ්‍යාත්මය දුර්වල වීමය. තමන් වෙනම අකුසල් සිදු කරගැනීමය.
- කෙනෙක් වරදක් කර ඇත්නම් පවතින නීතියේ හැටියට දඩුවමකට ලක්විය යුතුය. එයට නීති ප්‍රතිපාදන ඇති අතර එසේ නම් ඒවා කල යුතුය. එසේ නොකර වීර කතා මෙන් තමන් හිතන දේ කරමින් හැසිරෙන අය සැබවින්ම කරගන්නේ තමන්ටම වරදකි.

- අනුන්ගේ වැරදි දැන හෝ නොදැන අපහාස කරන්නට, සාප කරන්නට දගලන එවන් අය සැබවින්ම හොද චරිතද ?
- “පාපයෙන් දූෂිත නොවූ තැනැත්තා පලමු ගල ගසන්න“ ලෙස ජේසුතුමා කියූවා සේ, අන් අයට මෙසේ අපහාස කරන අය ඇත්තටම නිර්දෝෂි යහපත් අයද ???

#සිතන්න #ඉරුජුනි2019

Tuesday, February 5, 2019

පෙබ 05 කුජ මාරුවට ශාන්ති කර්මයක් !

2019 පෙබවාරි 05 වනදා සිදුවූ කුජ මාරුවෙන් යහපත් ප්‍රතිඵල පිණිස මෙම ශාන්ති කර්මය කිරීම මැනවි !

●  කුජ ග්‍රහයාට මූලිකව බලපාන දෙවියන් වන්නේ ස්කන්ධ කුමාර හෙවත් කතරගම දෙවියන්ය. එනිසා කතරගම දෙවියන්ට පුද පූජා නිසි වෙලාවට, නිසි ලෙස තැබීමෙන් එම අපල දෝෂ තත්වයන් අවම කරගත හැක.
( මෙම ශාන්ති කර්මය 2019 අප්‍රේල් 12 දක්වා කිරීම සුදුසුය)

●  සතියේ සෑම දිනකම කරන්න. විශේෂයෙන් අගහරුවාදා දින මේ කටයුත්ත කල යුතුය.

●  පහන් 01
●  හඳුන්කූරු 03
●  සුදු - රතු - කහ මල් වට්ටි 01
●  පැන් වීදුරු 01
●  ගිලන් පස ප්ලෙන්ටි වීදුරු 01 ( සීනි සහිතව)

- පහනේ දැල්ල දකුණු දිශාවට විය යුතුය.
- වේලාව 8 - 9 අතර වේ ( උදේ / රෑ 2ටම අදාලය)

 - මෙම පූජාව තබා, කතරගම දෙවියන්, සෙල්ලි - වල්ලි දේව මෑණිවරුන්ට පූජා වේවා ! මේ පින් කුසල් බලයෙන් කුජගේ දෝෂ ඇතුළු, සියලු අකුසල කර්ම, පාප කර්ම, ග්‍රහ දෝෂ, ග්‍රහ බලවේග දුරුවේවායි පතන්න !

- මේ පින් කුසල් සියලු දෙවියන්ට, සියලු සත්වයන්ට, සියලු ඥාතින්ට ලැබේවායි පතන්න !

( සැලකිය යුතුයි, මෙය අධ්‍යාත්මික පූජාවකි. මෙම අධිෂ්ඨානයන් සිතින් සිතීම ප්‍රමාණවත්ය. දෙවිවරුන්ට පින් දෙන ගාථා කියමින් ඒවා සොයමින් කටයුතු කිරීම අනවශ්‍යය)

#ඉරු

Tuesday, October 3, 2017

_ සෙනසුරු අපලයට කපුටු දානය දීමේ නිවැරදි ක්‍රමය _



● සෙනසුරාදා  දිනයක උදේ පාන්දර අවදි වන්න.

● පළමුව දෙය නම් තමන් කායික මෙන්ම මානසික සංවරයක් ඇති කර ගැනීමයි.  අවදිව මුහුණ කට සෝදා - නා පියා, පිරිසුදු ඇඳුමක් ඇඳ තෙල් මල් පහන්  පුදා බුදුන් වැඳ තෙරුවන් සරණ ගොස් දෙවියන්ට පින් අනුමෝදන් කරන්න.
* උදේ අවදි වූ අවස්ථාවේ සිටම ඔබ සිටිය යුත්තේ හිස් බඩ මෙන්ම කතා බහෙන් තොරවය.

● ඉන්පසු  නොඉඳුල් කැකුළු හාල් හුණ්ඩු 2ක් පමණ ගෙන සෝදා පිරිසුදු කර අලුත් නැවුම් මුට්ටියක බහා ලිප තබා තැම්බෙන්නට හරින්න.
අලුත් පොල් ගෙඩියක් ගෙන තමාම ගාගන්න.
 ගාගත් පොල් ටික මිරිකා බතට  කිරි  සහ ගිතෙල් මිශ්‍ර කර කිරි බත සාදා ගන්න.
● ඉන්පසුව කිරිබත් ගුළි 9 ක් සූදානම් කරන්න.

● තමා පදිංචි නිවසේ බස්නාහිර පැත්තට වන්නට  තරමක් උස් තැනක   සෙනසුරාදා දින 7ක් නොකඩවා උදේ 6 ට පමණ කපුටු දානය තබන්න. ඉන් පසු  කපුටන්ට අඬ ගසා දානය දී ඒ දෙස බලා සතුටු වන්න.

● සෙනසුරාදා දින සවස  තෙරුවන් උදෙසා තෙල්, මල්, හඳුන්කූරු, දැහැත්, ගිලන්පස, බෙහෙත් ආදිය පූජා කර,  තිසරණ සහිත  පංචශීලය සමාදන් වන්න.

● අට විසි පිරිත, ජය පිරිත, රතන සූත්‍රය,  සබ්බ පාපස්ස අකරණං යන ගාථාවද ඇතුළුව සෙත් පිරිත් කියා සවස මල් පූජා කර එයින් ලැබෙන  පින් විෂ්ණු දෙවියන්ට, කතරගම දෙවියන්ට, සෙනසුරු ඇතුළු ග්‍රහ මණ්ඩලයට ඉෂ්ට දේවතාවන්  ඇතුළු සියලු දේව  මණ්ඩලවලට පිං අනුමෝදන් කරන්න.

● බෝධි පූජාවට ප්‍රථමව පැන් කළයක් ගෙන සබ්බ පාපස්ස අකරණං යන ගාථාව 108 වරක් මතුරා බෝධිය නාවා මෛත්‍රී වඩන්න.
 කරණීයමෙත්ත  සූත්‍රය කියන්න.

● සෙනසුරාදා දින 7ක් වත් පිළිවෙත් කර 7 වන සෙනසුරාදා දින කපුටු දානය දී සවස  බෝධි පූජාවක් පවත්වා, විෂ්ණු දෙවියන්, කතරගම දෙවියන්ටද, නව ග්‍රහ මණ්ඩලයටද තමන්ට සිටින ඉෂ්ඨ දෙවියන්ටද පින් අනුමෝදන් කරන්න.

@Iru astrology

077 2238041
irusewaya@gmail.com

Tuesday, October 20, 2015

අප සේවා කරන ආකාරය ගැන යමක් !

අප මෙතන අප විසින් පල කර ඇති, යන්ත්‍ර හෝ මුදු යනාදිය ෂෙයා කිරිමක් කල සැණින් අපට ලැබෙන දුරකථන ඇමතුම් ප්‍රමාණය ඉහල යයි.

අදාල විස්තරය කියවූ පසු, කතා කරන අය සිතන්නේ, යන්ත්‍රය හෝ මුදුව ගත්පසු සියල්ල හරියන බවක් කියා සිතේ.
ලංකාවෙ බොරුවට කරන අය කෙතරම් හම්බ කරනවාදැයි සිතෙන්නෙ මේ ආකාරයට හිතන ජනතාවක් සිටින නිසාය.

අතිබහුතරය හැමදාම කැමති රැවටෙන්නටය, එය බුද්ධ කාලයේද තිබුනු දෙයකි. එවන් ධර්මතා කිසිවෙකුට වෙනස් කරන්නට නොහැක.

කෙසේ වුවද අප අපගේ සේවාව ලබාදෙන්නෙ නිසි ක්‍රමවේදයකට අනුවය.
අදාල කේන්දර සටහන සූක්ෂමව බලා, අවශ්‍ය දෙයක් වේ නම් ඒවා කරන ආකාරය තීරණය කර ඉන්පසු කරදෙනු ලබයි.
එයින් බැහැරව කිසිදු සේවාවක් ලබාදෙන්නෙ නැත.

පසුගිය කාලයේ පවා විවිධාකාර දේශපාලන බලවතුන්ගේ අය කියූ අය අප හරහා ඔවුන්ට උවමනා වැඩ කරගන්නට ගොස්, අවසානයේ කීපදෙනෙකුට තමන් සිටි තත්වයෙන් පහලට වැටෙන්නට පවා සිදුවිය.
එයට හේතු වූයේ ඔවුන්ට වඩා පැතිරුණු සහ බලය අතින් වැඩි සේවාව ලබාගත් අය අපට සිටි නිසාය.
එනිසා වෙනත් අය සමග කරන ආකාරයට කටයුතු අප සමග කරන්නට, බය ගන්වන්නට සූදානම් වන අය වේ නම් එම අදහස් අතැර ගන්න.

කුමන කෙනා කුමන බලයක් ලබාගෙන තිබුනද, අපි අපගේ කර්ම ශක්තිය සහ ග්‍රහචාරය ගැන හොඳින් හඳුනමු..

එනිසා අපට ගැටළුවක් ඇතිවන්නේ නැත.

බුදු සරණයි !

Monday, July 27, 2015

සිතන්න...

“ මිනිසාට ‪#‎ගවයා‬ තරම් සේවයක් කරනා සතෙකු නැත“ - බුදුරජාණන් වහන්සේ

“ ගවමස් කන්නා වසලයෙකි “ - අනගාරික ධර්මපාල තුමා...

කිරි රස දන්නෝ මව් හඳුනන්නෝ....
‪#‎බත්‬ රස දන්නෝ කෙත හඳුනන්නෝ...
කිරි සහ බත් රස දෙකම නොදන්නෝ....

‪#‎මිනිසත්‬ බව ලැබ කුමට උපන්නෝ....
එදා වැඩි වශයෙන් කෘෂිකාර්මික දිවි පෙවෙතක් හිමි සිංහල බෞද්ධයාට වටිනාම සතා වූයේ ගවයාය. ගවයාගේ සියලු දේ ගොවිතැනටත් ජීවිතයටත් ප්‍රයෝජනවත් විය. ගවයා මැරුණු පසු ‪#‎ඇටකටු‬ පවා ගොවිතැනට ‪#‎පොහොර‬ විය.

● අද වැනි ‪#‎රසායනික‬ ද්‍රව්‍ය නොව එදා භාවිත වූයේ කාබනික ක්‍රමයයි. විෂදායක නොවූ ක්‍රමයකි. පස්ගෝ රස සැදීමට ආදි සියල්ලට ගවයා මහෝපකාරි විය. අද නැවත කාබනික වගාවේ වටිනාකම් අවබෝධ වෙමින් පවතී. නැවත ඒ ක්‍රමයට ගියොත් ගවයාගේ වටිනාකම මැනවින් වැටහෙනු ඇති අතර ඒනිසාම ගව ‪#‎සම්පත‬ රැකගැනීමට හැකි වෙනු ඇත...

● “ගෙදර සිටි ගවයාට ‪#‎නිවන්‬ පැතූ ජාතියක“ උරුමකරුවන් වූ අප ගව ඝාතනය ඉවසීම පුදුමයට කරුණකි.
එයට නීති ඇතත් ක්‍රියාත්මක නොවේ. මරා දමන ගවයින්ගෙන් 70-80%කටත් වඩා නියමිත සුදුසුකම් සපුරා නැත. යම් සිංහල බෞද්ධයන් කොටසක් ගව මස් භාවිත කරන අතර ඔවුන් සිංහලකමට නිගාවකි, ගම්බද ජනතාවගේ ගවයන් පැහැර ගැනීමට උදව් දීමටද ගමේම කෙනෙක් ඉදිරිපත් වීමත් ජාතියේ අවාසනාවකි.
හරක් ලොරි අසු උනා කියා මාධ්‍ය වල දැනුම් දුන්නද එය ඉතා සුළු ප්‍රමාණයකි. අනික්වා ගතමනාව ලබාදී අවශ්‍ය දේ කරගනිති.
මෙය වත්මන් සමාජයේ ඇති වැරදි භාවිතයන්හි අතුරු ඵලයකි. පාලකයන්ද ජනතාවද රට ජාතිය ගැන නොසිතා තමන් ගැන සිතා වලපල්ලට යෑමට කරගන්නා පියවරකි. විවිධාකාර වූ සත්ව හිංසාවට විරුද්ධ සංවිධාන වලින් රටේ ඉහලම තැන් වලින්ද මේ පිළිබඳ නීති ගෙන ඒමට ඉල්ලා සිටියද සුළු ඡන්ද සංඛ්‍යාවක් වරදාන වරප්‍රසාද නැතිවේ කියා එයට අකමැති විය.
වෙනදාට වඩා ප්‍රබෝධයක් ඇතිවී තිබීම ගැන යහපත් බලාපොරොත්තු ඇත.

● මෙහිදී ගව මස් කෑමෙන් වැලකීමේ බොහෝ අනුසස් අප විසින් අත්දැකීමෙන් දනිමු. එසේ වුවද කුමන මසක් හෝ නොකා සිටින්නට යැයි බලකිරීමක් මෙහිදී සිදු නොවේ.

‪#‎බුදුන්වහන්සේ‬ වදාල පරිදි ත්‍රිකෝටික පාරිශුද්ධ සීලයෙන් යුතුව නම්(තමා නොමැරීම, තමා විසින් නොමැරවීම, තමා වෙනුවෙන් නොමැරීම), මාංශ අනුභවය ‪#‎අකුසල්‬ ලෙස නොදැක්වේ. එසේ වුවද එය ආශාවෙන්, තණ්හාවෙන් කෑමට ගැනීම අකුසලයකි.

* ‪#‎නිර්මාංශ‬ වීමේ වැදගත්කම වන්නේ, පව් වෙනවා යන්නෙන් වැලකීම නොව තවත් සතෙකුගේ ජීවිතය ආරක්ෂාවට ගන්නා ප්‍රතිපත්තිමය තීරණයක් ලෙස එසේ වීමයි.

● ගවමස් කන අයට ලෝක පාලක ‪#‎ඊශ්වර‬ හෙවත් ‪#‎ශිව‬ දෙවියන්ගේ ‪#‎ආශිර්වාදය‬ නොලැබේ.
බොහෝදෙනෙකු ‪#‎හින්දු‬ දේව කතා වල එන දෙවි කෙනෙකු ලෙස ඊශ්වර දෙවියන් වටහාගෙන තිබේ. එසේ වුවද ඊශ්වර හෙවත් මහේෂ්වරයාණන්ගේ දේව ශක්තිය අප රටටද විශේෂ දෙයකි. උන්වහන්සේගේ ආශිර්වාදය ඉතා වටිනා දෙයකි. පෙර අත්භවයක බලගතු ඍෂිවරයෙකුව සිටි ශිව දෙවියන් ‪#‎දහම‬ රකින්නට කටයුතු කරන දහම ගැන අවබෝධයක් ඇති දෙවි කෙනෙකි.
ඒනිසාම ස්වකීය පුතුන් 3 දෙනා වන ගණ දෙවියන්, අයියනායක බණ්ඩාර දෙවියන්, කතරගම දෙවියන්ට ලංකාව ප්‍රදේශ වශයෙන් බෙදා පාලනය කරන්නට සලසා දී ඇත.

** මේ සියලු කාරණා සිතා බලා තමන්ගේ ‪#‎දියුණුව‬ සහ ‪#‎යහපත‬ පිණිස සියලු කටයුතු කරන්නට අපගේ දයාබර පාඨක ඔබ සියලු දෙනාට වාසනාව ලැබේවා !

බුදු සරණයි !
‪#‎ඉරුසේවය‬
‪#‎රට‬ ‪#‎ජාතිය‬ ‪#‎සිංහල‬ ‪#‎අනගාරිකධර්මපාල‬
‪#‎මව‬

Saturday, March 1, 2014

ලෝක ජනගහණයෙන් සෑහෙන කොටසක් කෑම නැතිව අසරණව සෑමදාම සිටී...

ඒනිසා ඔබ කන එක් බත් ඇටයක් හෝ අපතේ නොයවන්න.
අසරණ අයට මුදල් දෙනවාට වඩා කෑම දීම වටින්නේය.

ආහාරයකින් අප විසින් ඕනෑම කෙනෙකුට “ආයුෂ, වර්ණ, සැපය, බලය, ප්‍රඥාව“ දෙනු ලබයි.

තිරිසන් සතෙකුට වුවත් පිරිසිදු තැනකට ආහාරයක් ලබාදීම ආත්ම සිය ගණනක් දෙව් ලෝ, මිනිස් සැප ලැබීමට හේතු ඇතිවන්නක් බව බණ පොතේ කියවේ.

Friday, February 7, 2014

පොදු වාස්තු විද්‍යා කරුණු

අද කාලයේ ආර්ථික තත්වයට සහ අප සියලු දෙනාගේම ජිවිත වල දියුණුවට හෝ පිරිහිමට බලපාන වාස්තු විද්‍යා කටයුතු ගැන පොදු විස්තරයක් මෙසේය.

● විසේසයෙන්ම ඉඩමක් තෝරා ගැනීමේදි ඉඩමේ හැඩ තල ගැන සැලකිලිමත් විය යුතුය.
මෙහිදි වෘත්තාකාර, පද්මාකාර, සිංහ මුඛ, ඡත්‍ර ආදිය උදාහරණ වේ.

● නිවස, සුසාන භූමි මැදිකර ඇත්නම්, බන්ධනාගාර, පොලිසි වැනි නීතිය ක්‍රියාත්මක කරන තැන් ඇත්නම් සහ පහත් කුල වල අය සිටී නම් එම ඉඩම එතරම් වාසනාවන්ත ඉඩමක් වන්නෙ නැත.
මෙයින් නිවැසියන්ට යම්කිසි උපද්‍රවකාරි තත්වයක් ඇතිවේ.

● තවද නිවසේ ඉඩමේ අකුණු සැර වැදුනු ගස් තිබීම අසුභ බව කියමි.
ලංකාවේද සමහර පලාත් වල යම් යම් පවුල් වල අය තමාගේ පවුලේ සාමාජිකයෙක් මිය ගිය පසු තම ඉඩමේම මිහිදන් කරති.
එම ක්‍රියාව නිසා එම පරපුරේම අය පිරිහී දුකට පත්වෙන තත්වයකි. යක්ෂ, භූත, පිසාච උපද්‍රව ඇතිවේ.

● නිවස ඉදි කිරීමටද ශුභ තිථියන් ගෙහිමියන්ට අයිති නැකැත් වල ශුභ කාලයන් තෝරා ගත යුතු අතර නිවස ඉදි කිරීමට තෝරා ගන්නා දැවද යම් ආකාරයකට තෝරා බේරාගෙන කටයුතු කල යුතු බව පවසමි.

● නිවසකට ප්‍රධාන දොර ඉතාම වැදගත්ම සාධකයකි. එම දොර තැබීම සඳහා පලපුරුදු වාස්තු ජෞතිෂ්‍යය වේදින් හා කතා කර තැබීම සුදුසු වේ.
ප්‍රධාන දොර කෙලින් අංශක 90 බිත්ති, පරාල, කණු තිබීම නිවසට අසුභ ගෙනෙන වාස්තු පිහිටිම්ය.
ප්‍රධාන දොර ඉදිරිපිට කිරි නැති හර ගස් තිබීම අශුභය.

● තවද වැසිකිලි වල සහ වැසිකිලිය ගෙදරට දෝෂ ගෙනෙන ප්‍රබලම ස්ථානයකි. එම ස්ථාන ගෙදරට අයහපත් නොවන ආකාරයට ස්ථාපනය කරගැනීම කල යුතුය.
විසේසයෙන්ම නානකාමර, වැසිකිලි කැසිකිලි මුළුතැන් ගෙයට යාබද හෝ සමාන්තරව වන්දනාමාන කටයුතු කිරීම අයහපත් බව සඳහන් කරමි.
ඒවා සුභ ස්ථාන වලට දිශානුගත කල යුතුය.

● තවද බුදු රූප, දේවරූප යනාදි තමන් අදහන ආගමට අයිති සංකේත හෝ එම ශාස්තූන්වහන්සේලාගේ රූප අශුභ දිශා බලා තැබීම අයහපත්ය.

* නිවසක් ඉදි කිරීමට කලින් භූමිය පරික්ෂා කරවා ඉන්පසු වාස්තු විද්‍යානුකූලව තමාගේ නිවසේ සැලසුම පරික්ෂා කරවා ගැනීම ඔබට මහඟු ප්‍රතිඵල අත් කරගැනීමට හේතු වන කාරණයකි.

* මන්ද අපට බොහෝවිට ලැබෙන්නෙ නිවස ඉදිකල පසු වාස්තු පරික්ෂාවන්ය.
ලක්ෂ ගණන් කෝටි ගණන් වියදම් කර ඉදි කරන එම ඉදිකිරීම් වල ශුභ අශුභ පරික්ෂා කිරීමට අපට ආරාධනය කල පසු අප එම ස්ථාන වල දෝෂ ඉදිරිපත් කිරීමට අපට සිදුවන්නේ දැඩි මානසික කඩාවැටීමකින් පසුය.
මන්ද එපමණ මුදල් වියදම් කර තනන නිවසේ යම් යම් වෙනස්කම් කිරීමට උපදෙස් දීමේදි ප්‍රායෝගිකව එම කටයුතු කරගැනීම එම නිවැසියන් තවත් අමාරුවට වැටීමට හේතුවක් වන නිසාය.
මෙහිදී නිවැසියන්සේම අපද මහත් මානසික සහ උපදේශනාත්මක වශයෙන් අපහසුතාවයකට ලක් වන්නෙමු.
එම නිසා මුලින්ම නිවස සහ භූමිය පරික්ෂා කරගැනීම ඉතාම වැදගත් බව සඳහන් කරමු !

Tuesday, January 14, 2014

සැනසීමෙන් ඉන්නට.. 1

* දිගටම මහන්සි වෙන ඔබ... හැකිනම් භාවනාවක් කරන්න...


* හවස් වරුවේ විනාඩි 30කට අඩු කෙටි නින්දක් ලබන්න..



* නිතර සිනාසෙන්න.



* අන් අයට උදව් කරන්න.



* ආගමට ගරු කරන්න, කටයුතු කරන්න...


බුදු සරණයි !