Wednesday, March 26, 2014

Trust


ජීවිතයේ කරන සෑම කටයුත්තකදීම මනා අවදානයෙන් කටයුතු කරන්න. වැරදීම්, අසාර්ථක වීම් ජිවිතයේ සාමාන්‍ය දේවල් වේ. ඒවා නැති ජීවිත කිසිම තේරුමක් නැතිව ඔහේ උපන්නාට වැනෙන ජිවිත වේ.

ඒනිසා වැරදීම්, අසාර්ථකවීම් ආදර්ශයක් කරගන්න. වතාවක් වැරදුනු පසු නැවත ඒ වැරදීමම නොවීමට වග බලා ගන්න.
ඕනෑම දෙයක ඉතාම වැදගත් දෙයක් වන්නේ ‘විශ්වාසය‘යි.
ඒනිසා ඔබ, ඔබට විශ්වාසනීය පුද්ගලයෙකු වන්න. අන් අයටද විශ්වසනීය කෙනෙක් වන්න.
ජීවිතය ජය ගැනීමේදි විශ්වසනීය අය අතිශයින් වැදගත් බව සිතේ තබාගන්න...

ජය පතමු !

__ ලග්නය කුමක් වුවත් දේශපාලනයේ ඉහලටම යන ග්‍රහ යෝග __

* දේශපාලනය ගැන කතා නොකරන කෙනෙක් අද සමාජයේ නැත. සමහරුන්ට මෙම මාතෘකාව අප්පිරියා වූවාට බහුතරයට මෙය ආගමකට සමාන ලෙස සිත් සතන් වල පවතී. දේශපාලනයේ කෙතරම් නියැලුනත්, වෙහෙසවූවත් මෙම තත්වයෙන් ඉහලට ඒම පිණිස දේශපාලන ක්ෂෙත්‍රයේ බැබලිමට නම් අනිවාර්යෙන්ම මේ ආකාරයගේ ග්‍රහ යෙදුම් තිබිය යුතුය.

● දේශපාලන කටයුතු වලින් ඉහලට එන තැනැත්තාව ඒ තත්වයෙන් ඔසවා තබන්නේ පොදු මහ ජනතාවය. එසේ නම් එම තත්වයේ දේශපාලන ක්ෂෙත්‍රයේ වැජඹීමට මහා පොදු සාධකය වන්නෙ ජනතාවය.
පොදු මහජනතාව ජෞතිෂ්‍යය හැටියට නියෝජනය කරන්නේ ශනි ග්‍රහයාය. ශනි ග්‍රහයා උප්පත්තියෙදි උච්ච, ස්වකෙෂත්‍ර, මිත්‍ර රාශි ගතව බලවත්ව සිටිම දේශපාලනයේ ඉහලට යෑම නිසර්ගයෙන්ම උදා කරයි.

* ජනතාවගේ ජනාධිපති හැටියට සැලකෙන රණසිංහ ප්‍රේමදාස මහතාගේ මාධ්‍යයට නිකුත් කල කේන්දර සටහනේ ශනි බලවත් වීමෙන් “සස යෝගයක්“ උදාවි ඇත.
(https://www.facebook.com/photo.php?fbid=152665944928418&set)

● එසේම යම් කිසි කෙනෙකුගේ කේන්දරයේ අගහරු ග්‍රහයා බලවත් වීම නිසා ඔහු කුඩා කල සිටම පරිවාර සම්පත්තිය ලබන, පිරිස් පාලනය ඇති, සංවිධාන ශක්තිය ඇති කෙනෙක් බවට පත් කරයි. යම්කිසි කෙනෙකුගේ ජන්ම පත්‍රයේ කුජ ග්‍රහයා වික්‍රමස්ථානයේ හෝ 10 වැන්නේ බලවත් වීම දේශපාලනයට ඉතාම සුදුසු පිහිටීමකි.

*උදාහරණක් වශයෙන් මහ ඇමති තරඟයෙන් දේශපාලන කරළියට ආ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා මැතිණියගේ ජන්ම පත්‍රයේ අගහරු/කුජ බලවත්ව සිටි ආකාරය විමසන්න. එතුමිය කිසි දිනෙක පරාජය වී නැත. එය රුචක යෝගයයි.
එසේම අප දන්නා ආකාරයට නිර්භීත කාන්තාවක් ලෙස ප්‍රසිද්ධ එතුමිය නූතන විහාරමහා දේවිය ලෙසද සැලකුනි.

● එසේම දේශපාලනයට අවශ්‍ය වන තවත් සාධකයක් නම්, කිසියම් කෙනෙකුගේ වචනය බලවත් වන තරමටම දේශපාලන ක්ෂෙත්‍රයේ ඉදිරියට යාමට පුලුවන.
යම් කිසි කෙනෙකුගේ ජන්ම පත්‍රයේ බුධ ග්‍රහයා ස්වකෙෂත්‍ර බලයෙන් සිටිමෙන් ඔහු දක්ෂ කථිකයෙකු වේ. සාමාන්‍ය ජන විඥානයට මෙය සමීප වන්නේ මේ බුධගේ බලය නිසාය.

* අතීතයේ මෙම දේශපාලන ක්ෂෙත්‍රයේ සිටි, පීටර් කෙනමන්, ඇන්.එම් පෙරේරා, බොරලුගොඩ සිංහයා ලෙස අනවර්ථ නාමයෙන් හැඳින් වුනු පිලිප් ගුණවර්ධන යන මැතිතුමන්ලාගේ මෙම තත්වයන් ඉතාම ශුභ අයුරින් පිහිටා ඇත.

● තවද රාහු ග්‍රහයා මේ සියලු ග්‍රහයන්ගේ සියලුම බලය ප්‍රචාරණය කිරීමට මනා සහයෝගයක් ලබාදේ. කුජට අයත් නිර්භීත බව, සෙනසුරුට අයත් ජනහිතකාමි බව, ගුරුට අයත් ප්‍රඥාවන්තගතිය, ගුණයහපත් ගතිය, සිකුරුට අයත් ශෝභමාන බව, බුධට අයත් කථිකත්වය මේ සියලූම ගුණාංග මහජනයා අතරට ගෙන යන්නේ රාහු ග්‍රහයාය.
එනම් රාහු ග්‍රහයා මනුෂ්‍යා ප්‍රසිද්ධ පුද්ගලයෙකු බවට පත් කරයි. අද ජනසන්නිවේදන මාධ්‍ය වලින් නිතරම මාතෘකා වන අප රටේ සමහර දේශපාලකයන්ට මේ ග්‍රහයාගේ බලවත්කමක් ඇති බව සිතිය හැකිය. මේ අය කරන සමහර කරුණු කාරණා නිසා එක්රැයකින් ජනතාව අතර විශාල ප්‍රසිද්ධියක් ලබා ගනී.

* මහජන සම්බන්ධතා අමාත්‍ය මර්වින් සිල්වා මහතා ගැන යම් සත්‍ය හෝ අසත්‍ය හේතු මත මාධ්‍ය එතුමාට වටකර පහර දෙද්දී එතුමා එක්තරා අවස්ථාවක හලාවත මුන්නේෂ්වරම් කෝවිලට ගොස් කුකුලන්, එළුවන් සහ මරණයට බිලිදීමට සූදානම් කර තිබූ වසු පැටවුන් 1500ක් නිදහස් කොටගෙන ආ පුවතද ජනමාධ්‍ය තුල ඉතාම බලවත් ආකාරයට කතා බහට බඳුන්විය. අවිහිංසාවාදය පරම පවිත්‍රව සිතන අප ජෞතිෂ්‍යය සේවය මෙම සතුන් නිදහස් කිරීම දකින්නේ, එතුමා කරගත් උතුම් වූ පුණ්‍ය කර්මයක් ලෙසය. මර්වින් ඇමතිතුමාටද රාහුගේ සුබ අසුබ බලපෑම් ඇති බව අනුමාන කරමු. මන්ද එතුමන්ලාගෙ හඳහන් අප සතුව නැති බැවිනි.

* සමස්තයක් වශයෙන් සඳහන් කරන කල, දේශපාලන ක්ෂෙත්‍රයට මෙම ග්‍රහයන්ගේ මනා සංකලනය උවමනා බව සිහිපත් කල යුතුය. මෙම තත්වය තේරුම් නොගෙන දේශපාලන පොරපිටියට බැසීම, තම ධනය, කාලය, ශ්‍රමය අපතේ යාමක් විය හැකි බව කිව යුතුය.

ඉදිරියෙදි දේශපාලන ක්ෂෙත්‍රයට ඒමට බලාපොරොත්තු වීමෙන් සිටින අය මෙම ග්‍රහ යෝග තව ජන්ම පත්‍ර වල තිබේදැයි සැකහැර දැන ගැන පැමිණීමෙන් ඔවුන්ගේ තීරණ යහපත් ආකාරයට හසුරුවා ගත හැක. මෙම ලිපිය දේශපාලකයන්, දේශපාලකයන් ලගින් ඇසුරු කරන ඔවුන්ගේ හිතවතුන්, දුවාදරුවන් සහ අනාගතයේදි දේශපාලන ක්සෙත්‍රයට ඒමට බලාපොරොත්තු වී සිටින අයටද වැදගත් විය හැකි බව සඳහන් කරමු.

Iru Astrology

ජිනීවා... ජිනීවා..

දැනට රටතොට කතාවෙන මාතෘකාවක් තමයි මේ ජිනීවා ප්‍රශ්නය.
ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් තමයි අපිට මේ ප්‍රශ්න ඇති කරන්නෙ. අමු අමුවේ මානව හිමිකම් උල්ලංඝනය කරන මේ රටවල් තමයි අපිට මේ ප්‍රශ්නය ඇති කරන්නෙ.

* වම්පස ඉහල ඇත්තේ, කුම්භ ලග්න ලංකා කේන්දරයේ ගෝචරය මාර්තු 29 වනදාට

කාරුණිකව සඳහන් කරන්නෙ, අපි මෙතනදි දේශපාලනයක් ගාව ගන්නෙ නෑ. මොකද උදාහරණයක් විදියට අපේ රටට එක දිගටම පෑව්වොත් අපිත් ඒ අව්වට පිච්චෙනව. වැස්සොත් සියලුම දෙනා තෙමෙනව. එතනෙදි දේශපාලනයක් නෑනේ. අන්න ඒ වගේ මේ ප්‍රශ්නය ඇඳුනොත් පොදුවේ රටේ ඉන්න රට වැසියා, මේ වලින් පීඩා විඳිනවා.
එතකොට අපි බලන්න ඕන ජෝ්‍්‍යතිෂය පැත්තෙන් අපිට මේක ප්‍රශ්නයක් වේවිද කියල.

* ඒකෙදි අපි බලන්න ඕන රටේ රාජ්‍ය නායකයාගේ හඳහන අනුවත්, ලංකා කේන්දරය අනුවත් මේක ප්‍රශ්නයක් වෙයිද කියල. ඒ අනුව දෙන සටහනක් තමයි පහල අපි දෙන්නෙ.

● කන්‍යා ලග්න හිමි ජනාධිපතිතුමාගේ ජන්ම පත්‍රයට අනුව එතුමට දැන් ගුරුගෙ මහ දසාව. ලග්නයේ එතුමාගේ ඉන්න ගුරු, එතුමාව ආරක්ෂා කරනව. එතුමාව ආරක්ෂා කරනව කියන්නේ, ජනතාවත් ආරක්ෂා වෙනව(විදෙස් බලපෑම් වලින්).

● ලග්නෙට තත්කාල ග්‍රහචාරය ගොඩක් බලවත්. ඒනිසා ප්‍රශ්නයක් වෙන්නෙ නෑ.
කුම්භ ලග්න ලංකා කේන්දරය අනුවත් ලග්නාධිපති උච්ච වෙලා 9 වැන්නේ සිටින නිසා, ලංකාවට පක්ෂපාති රටවල් වලින් සහයෝගය ලැබෙනව.
* කියන්න බෑ මේ සැරේ ඉන්දියාවත් උදව් කරන්න ඉඩ තියෙනව. ඒ ලග්නයේ තියෙන ශුභ ඵල නිසා.

__ හැමෝටම පළදින්න වාසනාව නැති “නවරත්න මුදුව“ __

නිසියාකාරව නවරත්න මුද්දක් පළදින්නේ නම් එහි තමන්ට අපල දෙන ග්‍රහයන්ගේ ගල් ඔබ්බවන සුවිශේෂි ක්‍රමයක් සහ අපල සමනය වීමට හා තවත් සුවිශේෂි ක්‍රමයකට ජප කල යුතුය. අවම වශයෙන් ඉහත කියන ලද කාරණාවත් සඵල විය යුතුය.
එසේ නැතිව ජෞතිර්වේදියෙකු උපදෙස් දුන් පමණින් ස්වර්ණාභරණ ආයතනයකට ගොස් මුදු තනවා ගැනීම ඵල රහිත දෙයකි.

* එසේම වෙන අය විසින් ත්‍යාග කරන ලද හෝ වෙනත් අයට සෑදු නවරත්න පැළදීම බොහෝ නරක විපාක තත්වයන් ඇති කරන බව අත්දැකීමෙන් දනිමු.

* සුභ පල දෙන ග්‍රහයන්ට අදාල ගල්ද විශේෂිත ක්‍රමයකට මුද්දේ එබ්බ විය යුතුය. සුභ පල වැඩිදියුණු වීමටත් තවත් සුවිශේෂි ක්‍රමයකටද ජප කල යුතුය.

ලංකාවේ මෙතෙක් කිසිවෙක් නොකල අතිවිශේෂ ක්‍රමයකට “නවරත්න මුද්ද“ රනින් කරදීමට අපගේ සේවය දැන් කටයුතු කරනවා.

● මෙහිදී අදාල කේන්දර හිමියාට සුවිශේෂී වන ලෙස භාව කේන්දරය ආශ්‍රිතව පරික්ෂා කර බලා, සියලු සුබ පල ලැබෙන අයුරට සකසා විශ්මිත සුබ පල ලැබෙන ලෙස සකසනු ලැබේ.
එම පාෂාණයන් එබ්බ විය යුතු ආකාරයද එකිනෙකට වෙනස්ය.
අසුබ ග්‍රහයන්ගේ අසුබ පල දුරුව සමනය වීමට හා සුභ ග්‍රහයන්ගේ සුභ පල වැඩි දියුණු වීමටත්, සුභ ග්‍රහයන් සුභ වුවද ඒ ග්‍රහයන්ට ඇති බාධා ඉවත් වන ලෙසත් සකසන අතර අතිවිශේෂ ක්‍රමයකට පාරම්පරිකව ලද ගුරු මුෂ්ටි භාවිත කර යහපත උදාවීම පිණිස ලබාදෙනු ලැබේ.

● තවත් කාරණාවක් නම්, නවග්‍රහයන්ට අයිති නවරත්නය රවි, චන්ද්‍ර, කුජ, බුධ, ගුරු, ශුක්‍ර, ශනි, රාහු, කේතු මේ සියලුම ග්‍රහයන්ට අයත් මැණික් රාහු, කේතු හැර අනෙක් හෝරාවන් වලදී මුදුවේ ඔබ්බවනු ලැබේ. එය ඉතාම විශේෂිත කාරණාවකි. කොටින්ම කියතොත් මුදලින් තක්සේරු කල නොහැකි කාරණාවකි.

● රිදි මුදුවක පවා නවරත්න ඔබ්බවිය හැක. ඒ කෙසේ වෙතත් පාරම්පරික ගුරු මුෂ්ටිද භාවිත කර නවරත්න මුද්ද ලබාදෙන්නෙ අතිසුවිශේෂි ක්‍රමයකටය. එය අධි බලවත් ඉන්දියානු සිද්ධාන්ත සමග බලවත් දෙවි දේවතාවුන් වහන්සේලා වෙනුවෙන් කන්නලවු කර කරන්නකි.

● තව විශේෂිත සිදුවීමක් නම්, මේ අප සේවයේ එම මුදු, ආභරණ නිර්මාණය කරන ඒ ශිල්පියා මේ කාර්යය පටන් ගන්නේ, ඉතාම පේවි, පිරිසිදුව, වත්පිලිවෙත් පුරමින් සිටය. එයම සේවය ලබාගන්නාටම ආශිර්වාදයකි. මේ හේතුව නිසා විශේෂයෙන්ම,
* රවිට අයත් පද්ම රාගයෙන් ධෛර්යයද
* සඳුට අයත් මුතු කැටයෙන් සිත සන්සුන් වීමද, වාසනාවද,
* කුජට අයත් රතු කැටයෙන් වීරත්වය සහ එඩිතර බවද,
* බුධට අයත් පච්ච ගලෙන් බුද්ධිමත් බව සහ ස්ථානෝචිත ප්‍රඥාවද
* ගුරුට අයත් පුෂ්පරාග ගලෙන් ධනවත් වීම සහ ප්‍රඥාවද
* සිකුරුට අයත් සුදු නිලෙන් ශරීර ශෝභාව සහ ප්‍රීතියද
* ශනිට අයත් කාක නිලෙන් දුක දරා ගැනීමද
* රාහුට අයත් ගෝමේදයෙන් ප්‍රසිද්ධ වීමද,
* කේතුට අයත් වෛරෝඩියෙන් භූත, ප්‍රේත දෝෂ ඉවත් කිරීමද මතක ශක්තියද ලැබේ.

මෙය ඇත්ත වශයෙන්ම සඳහන් කරන කල්හි මනුෂ්‍යයාට මෙම මාණික්‍ය පාෂාණ වලින් ලැබෙන්නාවු දේ මිල මුදලින් සංසන්දනය නොහැක. ඒ තරමටම බලගතුය.

● නවරත්න මුද්දක් මේ ආකාරයට පැළදවීමට මුදලට වඩා අවශ්‍ය වන්නේ වාසනාවය. මුදල් ඇති සියලු දෙනා නවරත්න මුද්ද දාන්නෙ නැහැනෙ. එය වටිනාකම දන්නා වාසනා ගුණය හිමි අය විතරයි මේක දාන්නෙ. එසේ නොවි නම් සල්ලි තියෙන හැමෝම ගාව මේ මුද්ද තියෙන්න පුලුවනි.

Thursday, March 20, 2014

“ වන්දනීය මහ පොලව “

අප දස මාසයක් මව් කුසේ සිට බිහිවන්නේ, මහ පොලවටය.
අපගේ උතුම් වූ මව්තුමිය අපගේ බර උසුලාගෙන සිට ඉන්පසු බිහිකොට අප මේ ලොවෙන් යනතෙක්ම සහ ඉන්පසුත් අපව භාරගන්නේ මහ පොලවය.
එසේ නම් අපගේ දෙවෙනි මව යනුවෙන් මහ පොලව හැඳින්නුවාට වරදක් නැත. මේ මහ පොලවට අපගේ වන්දනාව හිමිවිය යුතුය. අපගේ ලොව්තුරා බුදුරජාණන්වහන්සේට මාර පරාජයේදී මරුවා ඇසූ ප්‍රශ්නයක් මෙසේය. 

“ ඔබ බුදු වූ බවට සාක්ෂි කෝ ? “ 

ඒ අවස්ථාවේදී අපගේ ලොව්තුරා බුදුරජාණන්වහන්සේට සාක්ෂි කීමට කිසිවෙක් ඒ ඇසතු බෝධින්වහන්සේ ලග සිටියෙ නැත. අප බුදු රජාණන්වහන්සේ මහ පොලවට ශ්‍රී හස්තය දිගුකොට මා බුදු වූ බවට මේ මහ පොලව සාක්ෂි යැයි පෙන්වීය. ඒ අවස්ථාවෙදි මහ පොලවෙන් උන්වහන්සේ උදෙසා වජ්‍රාසනයක් පැන නැගුනු බව අපගේ උතුම් වූ ධර්ම ග්‍රන්ථ වල සඳහන් වේ. 

එසේ නම් බුදු රජාණන්වහන්සේටත් සාක්ෂි දුන් මේ පොලව මහී කාන්තාව අපට කෙතරම් අගනේද... 

මුස්ලිම් ජාතිකයන් දිනකට 5 වතාවක් සිය දෙවියන්ට වන්දනාමාන කරන අතර, අපට අනුව ඔවුන් පොලව මහී කාන්තාවන්වහන්සේට වන්දනා කරයි. 
මහ පොලවේ ශක්තිය ලබාගැනීමට එය හේතුවකි.

“ මාගේ මේ භූමි වන්දනාව පොලව මහී කාන්තාවන් වහන්සේ පිලිගනිත්වා !
ජීවිතයේ හැමදාම මා ආරක්ෂා කරත්වා ! “ 

කියල පසඟ පිහිටුවලා පොලවට වන්දනා කරන්න....

Wednesday, March 19, 2014

ධනසාධනීය සර්වජන වශී කාර්ය සිද්ධි යන්ත්‍රය “

කාර්ය සිද්ධි යන්ත්‍රය යනු ඉතාම ප්‍රබල යන්තරයකි. මෙම යන්ත්‍රයෙන් තමාව ඉස්මතු කර පෙන්වයි. තමාගේ ග්‍රහ අපල සහ අදෘෂ්‍යමාන බලපෑම් සියල්ල නැති කල හැකිය.
මෙයින් තමාගේ බලාපොරොත්තු ඉෂ්ට කරගත හැක.

අධ්‍යාපනික කටයුතු, උසස් අධ්‍යාපන කටයුතු, රැකියා ලැබීමට, රැකියාවේ බාධා දුරුවීමට, නිවසේ දෝෂ ඇතිද බලාගැනීමට, දෝෂ දුරු කරගැනීමේ කටයුතු කරගැනීමට, සියලූම බලාපොරොත්තු ඉෂ්ට කරගැනීමට මෙම යන්ත්‍රයෙන් පුලුවන.

අවශ්‍ය වන්නේ යන්ත්‍රයෙන් ඉල්ලීම් කිරීම පමණකි.
මෙම යන්තරය දකුණු අතින් අල්ලා, මුහුණට සමාන්තරව ලං කර යන්තරයෙන් ඉල්ලීම් කල යුතුය.

● කිලි කුණු නැත. බෙල්ලෙ පලදින යන්ත්‍රයක් නොවේ.
උදාහරණයක් ලෙස මෙම යන්තරය රෝහලක සේවය කරන වෛද්‍යවරයාගෙ සිට මෘත ශරිරාගාරයේ සේවකයෙකුට උවත් තබාගත හැක. කිලි කුනු වදින්නෙ නැත.

● මෙම යන්ත්‍රයේ කල් ඉකුත් වීමක් නැත. මුළු ජීවිත කාලයම භාවිත කල හැක.

* මෙම යන්ත්‍රය ලබාදෙන්නේ, ඔබගේ විස්තර නිවරදිව තහවුරු කරගැනීමෙන් සහ කේන්දර සටහන බලා ඊට සුදුසු නම් පමණක් බව දන්වා සිටිමු.
* මෙම යන්තරය සම්බන්ධ අනිකුත් දෑ දැනගැනීමට අපගේ සේවා වෙත ඍජු දුරකථන ඇමතුමක් ලබාදෙන්න.
සැ.යු. - මෙම යන්තරය ලබාගැනීමේදි ඔබගේ අනන්‍යතාවය අපට අවශ්‍ය බව දන්වමු. (0711 345 364)

එනම් ඔබගේ වෘත්තිය, ඔබගේ සමාජ තත්වය, ඔබගේ සාමාන්‍ය තොරතුරු ස්වල්පයක් අපට ලබාදෙන්නේ නම් මැනවි. මෙම යන්ත්‍රය සියලුම දෙනාට ලබා නොදෙන්නෙමු.
එනම් නීතීඥ මහතුන්ට, සියලුම මස් මාංශ මාළු සහ සත්ව ගොවිපල හිමියන්ට, මත්පැන් වෙලද සල් හිමියන්ට සහ එහි සේවකයන්ට සහ අයථා මාර්ගයෙන් මුදල් හඹා යන සියලුම අයට. චරිතය අයහපත් ඇත්තන්ට. රාජ්‍ය ද්‍රෝහි ක්‍රියාවන් සහ රටට ද්‍රෝහි වන සංවිධාන හෝ ඒ හා සම්බන්ධ සියලුම අයට මෙම යන්තරය ලබාදීම නොකෙරෙනු ඇත.

කුමන ජාතියක ආගමක ඉපදුනත් යහපත්ව ජීවත් වන අයට අනුන්ට හිංසා නොකරන අයට මෙම යන්තරයෙන් මහඟු ප්‍රතිඵල ලබාගත හැක.

ඔබට යන්ත්‍රය අවශ්‍ය නම් ඒ සම්බන්ධව වාචිකව උපදේශනය අපගේ සේවය හරහා ලබාගන්න. ඒ අවස්ථාවෙදි ඉහත ඉල්ලා තිබෙන ඔබගේ අවංක තොරතුරු සහ යහපත් අවශ්‍යතා අන් අයට අයහපතක් නොවන ඔබගේ අවශ්‍යතා බලාපොරොත්තු සහ තොරතුරු අවංකවම ලබාදෙන්න.

තෙරුවන් සරණයි !

https://www.facebook.com/iruastrology/posts/197252973803048

https://www.facebook.com/photo.php?fbid=201663390028673&set

_ Shah Rukh Khanගේ ජන්ම පත්‍රය _ (1965 11 02 පාන්දර නවදිල්ලි නුවරදී සිංහ ලග්නය)

ලොවක් රංගනයෙන් වශීකල මෙම අනභිවනීය කලාකරුවා භාරතයේ තවත් එක අනන්‍යතාවයකි. 1992දී සිනමාවෙන් සම්මාන හිමිකරගත් ඔහු තවමත් බොලිවුඩයේ රජු වශයෙන් කිරුළු පැළද සිටී.
මෙලෙස ඉතාම ජනප්‍රියත්වයේ හිනි පෙත්තට පැමිණීම සහ ආර්ථික තත්වය ඉතාම ඉහලට ඒමට හේතු සාධක වූ ග්‍රහ බලය පරික්ෂා කොට බලමු.

මෙම සිංහ ලග්න ජන්ම පත්‍රය අනුව මොහු උප්පත්තිය ලබන මෙවන් ග්‍රහ බලයක් සහිතව උපත ලබා ඇත.

● උප්පත්ති කේන්දරයේ ලග්නාධිපති රවි බලවත්ව වික්‍රමස්ථානගතව ඇත. මෙහිදී රවි නීච වුවත් රාජයෝගයක් උදා කරන බවට ජෞතිෂ්‍යයෙන් දී ඇති සිද්ධාන්තයට කදිම පිලිතුරක් මොහුගේ කේන්දරයෙන් විද්‍යාමාන වේ.

● උප්පත්ති කේන්දරයේ කුජ/අඟහරු, බුධ යෝගයක් 4 වැන්නේ ඇත. මෙහිදී පංච මහා පුරුෂ යෝගයක් වන රුචක යෝග බලය උප්පත්තියෙන්ම හිමිව තිබේ. මෙම නිසා මොහු ආත්ම ශක්තිය සහ ආත්ම ශක්තිය මැනවින් ඇති පුද්ගලයෙකි.

● ශෝභමාන කඩවසම් පෙනුමක් ලබාදී ඇත්තේ 5වැන්නේ සිටින සිකුරු/ශුක්‍ර ග්‍රහයාය. පූර්ණ වශයෙන්ම සිකුරුගේ දෘෂ්ඨිය ලග්නයට වැටීම නිසා සිකුරුට අයත් නළුකම වෘත්තිය වශයෙන් තෝරාගෙන ඇත.

● එසේම අප දන්නා පරිදි ශාරුක් ඛාන් යනු බොහෝ සෙයින් හිත උණුවන දුගී දුප්පතුන්ට පවා උදව් උපකාර කරන නිරහංකාර චරිතයකි. එයට හේතුව සිකුරු ග්‍රහයා 5 වැන්නේ සිටින බැවින් සිතුම් පැතුම් හා සිතිවිලි, අනුකම්පාව හිමි දයාබර මානසික තත්වයක් මොහුට හිමිය.

● තවද ශනි බලවත් නිසා මොහු තැලෙන පෑගෙන අය වෙනුවෙන් යම් හඬක් නගයි.

● උප්පත්ති කේන්දරයට අනුව රාහු ග්‍රහයා උච්ච බලයෙන් 10 වැන්නේ සිටින නිසා උපතින්ම කවදා හෝ ලෝක ප්‍රසිඬ පුද්ගලයෙකු බව ජන්ම පත්‍රයේ සඳහන්ව ඇත. තවද ශාරුක් ඛාන් නැමති මේ නළුවා සියලුම දෙනා ජනප්‍රියම නළුවෙක් ලෙස හැඳින්වුවද මොහු “අධ්‍යාපන ක්ෂෙත්‍රයෙන්ද ඉහලටම“ පැමිණියෙකු බව දන්නෙ ස්වල්ප දෙනෙකි.

* බුද්ධිකාරක බුධ ස්වක්ෂෙත්‍ර කුජ සමග 4 වැන්නේ සිට 5 වැන්නාධිපති ගුරු 11 වැන්නේ බලවත්ව සිකුරුට හෙලන සප්තම දෘෂ්ඨිය නිසා මොහු අධ්‍යාපනයෙන්ද ඉතාම සාර්ථකත්වයක් පෙන්වා ඇත.
මෙතුමාට ආර්ථික විද්‍යාව සම්බන්ධව ශාස්ත්‍රවේදී ගෞරව උපාධියක් ඇත. එසේම ජන සන්නිවේදනයට සම්බන්ධවම එම්.ඒ උපාධියක්ද ලබා ඇත.

● ලොවින් එකෙක් එක් දෙයකට වෙයි සමත යන වදන බොරු කල කෙනෙකි. මොහු සැබෑවටම සෑම අංශයකින්ම ඉතා වටිනා පුද්ගලයෙකු බව කිව යුතුය. තවද ජෝෘතිෂ් ශාස්ත්‍රයෙන් දැකගත හැකි අපූරුම කාරණාවක් මතක් කරමි.
අස්විදේ සිට රේවතී දක්වා නැකැත් ගැන බැලීමේදී ශුභ නැකැත් කාණ්ඩයෙන් ප්‍රමුඛවම සිටින නැකති ‘සුවණ නැකත‘.
මෙම සුවණ නැකතින් උපන් පුද්ගලයා නිරායාසයෙන්ම බැබලීමට ලක්වේ. ශාරුක් ඛාන් මහතාද එසේ වූ පුද්ගලයෙකි. එසේම මෙම සුවණ නැකතින්ම උපන් තවත් පුද්ගලයෙකු ලෙස දමිල සිනමාවේ සුපිරි තරුව ලෙස කිරුළු පලන් රජනි කාන්ත්ය.

ඔබ අප සියලු දෙනා මෙන් සාමාන්‍ය ලෙස මෙලොව එලොව දුටු මේ පුද්ගලයා මෙතරම් ලෝක පූජිත විමට තරම් හේතු සාධනීය වූ අපූර්වතම ග්‍රහ රටාව ගැන පරික්ෂා කොට බලන්න. විමසන්න ග්‍රහ බලය.
( Iru පර්යේෂණ අංශයේ විග්‍රහයකි - සෑමදෙනාටම තේරුම් ගැනීමේ පහසුව තකා විග්‍රහය ඉදිරිපත් කර ඇත)

_ මේ සතිය ලග්න වලට කොහොමද__

මේෂ
ඔබගේ චන්ද්‍ර ගමන ආරම්භයෙදි 6 වැන්නේ ගෝචර වේ.
සතිය මුලදි කරන කියන කටයුතු අඩාල වේ.
සෞඛ්‍ය ගැටළු ඇතිවිය හැක. ගෙදර දොරේ දියුණුවට යම් බාධාවක් ඇතිවිය හැක. නමුත් සතිය මැද වන විට මේවා සමනය වේ. සතිය මැදදී තිබුනු බොහෝ අපල දුරුවී යනු ඇත. නව පෙම් සබදතා ඇතිවිය හැක.
විශේෂයෙන්ම අවිවාහක අයට මංගල යෝග උදාවේ.
ආර්ථිකය යහපත් වේ.
හවුල්කාර ව්‍යාපාර සහ ජලය ආශ්‍රිත ව්‍යාපාර කරන අයට මේ සතිය අගදී සුභයි.
සෙම් අමාරු සහ වාත රෝග වැලදිය හැකි බැවින් සැලකිලිමත් වන්න.

වෘෂභ
වාසනාවන්ත සතියකි. ගෙදර දොර කටයුතු සහ දුවාදරුවන්ගෙ කටයුතු සාර්ථක වනු ඇත. අධ්‍යාපනය ලබන සෑමදෙනාටම සුභ සතියකි.
ආර්ථික තත්වය මෙ සතියෙදි වැඩි දියුණු වේ. ගෙදර දොර ප්‍රීතිය ඇතිවේ. දරුවෙකුගේ ජයග්‍රහණය සම්බන්ධව ආඩම්බර වීමට කාලයයි.
ආර්ථිකයද හොඳ නිසා නිවසට අලුත් බඩුමුට්ටු ආදිය ලැබේ.
වෘෂභ ලග්නයේ ගර්භණී මාතාවන්ට පින්වත් දරු සම්පත් ලැබේ.
සෞඛ්‍ය තත්වය තරමක් අයහපත් වන්නෙ සතිය අගදීය. සෙම් රෝග සහ ආහාර අජීර්ණ රෝග මේ අතර ප්‍රධානයි. ඒ ගැන සැලකිලිමත් වන්න.

මිථුන
ඔබට සතියෙ මුල් කාලය බොහෝ වාසනාවන්තයි.
තත්කාල ග්‍රහචාරයේ ගුරු ලග්නයේ සිට සඳු/චන්ද්‍රයා 4 වැන්නේ සිටින බැවින් ගජකේශරී යෝග බලයක් සමග යෙදීම සුබයි.
නිවසට නෑදැයන් පැමිණේ, භූමි ලාභ දේපල ලාබ ලැබේ.
මිතුරු ඇසුර ලැබේ. රේස් ඔට්ටු දිනුම් ආදියෙන් මුදල් ලැබේ.
එසේම ජයග්‍රහණය බලාපොරොත්තු විය හැක. සතිය පුරාවටම ප්‍රීතියෙන් ගත කල හැක. රෝගාබාධ සම්බන්ධව විශේෂ යමක් නැතත් පපුවේ සෙමගතිය ඇති අය පරිස්සම් වන්න.

කටක
මේ සතිය සුභ සතියකි. තමන්ගේ උත්සාහය උනන්දුව හා කැපවීම අනුව ජයග්‍රහණ ලබාගත හැක. තමාගේ සහෝදර සහෝදරියන් මාර්ගයෙන් මුදල් ලැබීමට වාසනාව ඇතිවේ. එසේම මෙම සතියෙදි තමන්ට බොහෝම සිත සතුටින් පිරෙන සතියක් බව කිව යුතුය.
නව තාන්න මාන්න පදවි තානාන්තර ලැබීමට පුලුවන. සතිය අගදී රැකියා සම්බන්ධව ඉඟියක් ලැබේ. එය බොහෝවිට තමන්ගේ වාසනාවට එන එකක් විය හැක.
රෝගාබාධ සම්බන්ධව සැලකීමේදි පීනස හා හතිය ගැන පරිස්සම් වන්න. එසේම තමන්ගේ ශරිරයේ ලේකෝප වීම ඇත්නම් ඒ ගැන බලාගන්න.

සිංහ
ඔබට මේ සතිය මිශ්‍ර පල සහිත සතියකි. මිශ්‍ර පල කීවාට සුභ පල තම උත්සාහයේ උනන්දුවේ හැටියට ලබාගත හැක.
තමාගේ කටට නිදහසක් නැතිවෙන සතියක් බව කිව යුතුය. බොහෝවිට තමන්ගේ කතාව නිසා බොහෝ අය තමාට වශී වීමට ඉඩ තිබේ. එසේම කතාව නිසා මුදල් ලැබෙන සතියකි. මේ කාලය සිංහ ලග්න නීතීඥ මහතුන්ට සුබය.
ආර්ථිකය යහපත් කාලයකි.
රෝගාබාධ සෙම් අමාරු ගැන, සෙම් ගෙඩි, පීනස් අමාරු ඇති අය පරිස්සම් වන්න.

කන්‍යා
ඔබට මේ සතිය වාසනාවන්ත සතියකි. තමන්ගේ දක්ෂතා මතුවන සතියකි. අධ්‍යාපනය ලබන දරුවන්ට බොහෝ සුබයි. දේශපාලකයන්ට මේ සතිය ඉතා සුබයි.
විශේෂයෙන්ම සිතේ සතුට ප්‍රීතිය හා පරිවාර සම්පත්තිය ලැබේ.
තමන්ගේ ව්‍යාපාර වලට, තම ඇසුර නව පංගුකාරයන් හා මිතුරන් ලැබේ. සිත ප්‍රීතියෙන් ගත වන කාලයකි. තවද ඔබ ජනප්‍රිය වීමට ඉඩ තිබේ. විශේෂ රෝගාබාධ නැතත්, ඔබ ප්‍රවේසම් විය යුත්තේ රථ වාහන ගමන් බිමන් වලදීය.

තුලා
ඔබට මේ සතිය පටන් ගන්නේ ඉමහත් පාඩු සිදු කරගෙනය. තමාගේ වටිනා කියන දෙයක් සොරුන් අතට පත්වීමට ඉඩ තිබේ.
එසේම තුලා ලග්නයේ රියැදුරන් පරිස්සම් විය යුතු කාලයකි. නොකල වැරදි වලට නිකරුනේ දඩ ගෙවීමට සිදුවිය හැක.
ව්‍යාපාරික මහතුන් චෙක් හා මුදල් ගනුදෙනු වලදි පරිස්සම් වන්න.
මුදල් පාඩු ඇති බැවින් ඒ ගැන අප කිව්වා ඇති.
ගෘහ ජිවිතය ප්‍රීතිමත්ව ගත කිරීමට නම් මෙන්න මේවා නිවරදි කරගත යුතුය.
හදිසි තුවාල කරදර ඇතිවිමට හේතුයි.
ක්‍රීඩකයන් පරිස්සම් විය යුත්තේ හිසට හා පාද වලට අනතුරු වීමට ඉඩ ඇති බැවිනි.

වෘශ්චික
ඔබගේ කටයුතු වලට සුභ ආරම්භයක් සතියේදි ලැබේ. අලුත් මිතුරු සමාජයක් ආශ්‍රය කිරිමට වාසනාව සහ හැකියාව ලැබේ. එසේම තමාගේ වැඩිමල් සහෝදරයන් මාර්ගයෙන් තමාගේ දියුණුවට අතහිත ලැබේ.
විවාහ අපේක්ෂකයන්ට ඒ සම්බන්ධව යම් ඉගියක් ලැබෙනු ඇත. සතිය අගදි මේ තත්වය වෙනස් වී මුදල් පාඩු අඟහිගකම් ඇතිවිය හැකි බැවින් ඒ ගැන බලාගන්න. රෝගාබාධ ගැන පරිස්සම් විය යුත්තේ, ආහාර ජීර්ණ පද්ධතිය හා ඇලජික්(ආසාත්මිකතා) ඇති ඒවා ගැනය.

ධනු
සුබ සතියකි. රැකියා නැති අයට රැකියා ලැබේ. විශේෂයෙන්ම නාවුක හා ජලය ආශ්‍රිත රැකියා කරන අයට ඒවායේ දියුණුව හා උසස්වීම් ලැබිය හැක.
ව්‍යාපාරික ක්ෂෙත්‍රයේ සිටින ධනු ලග්න හිමියන්ට පොලු නොවැටෙන කාලයකි. දුන් මුදල් අයවේ. ඒ ගැන සතුටු දායක තත්වයක් ඇත.
විශේෂ රෝගාබාධ ගෝචරයෙන් නොපෙන්වයි.
නිදන්ගත රෝග ඇති අය ඒවා පාලනයට යොමු වන්න.

මකර
ඔබගේ මේ සතිය ඉතාම වාසනාවන්ත සතියකි.
විශේෂයෙන්ම ආර්ථිකය දියුණුව ඇතිවන කාලයකි. එසේම තමන්ගේ දියුණුව සැලසේ. උසස් අයගේ ඇසුර නිරන්තරයෙන්ම ලැබේ. එය හොඳයි.
තවද දියුණුවට අතහිත ලැබේ.
දුර ඈත වන්දනා ගමන් වලට සහභාගිවිමට පුලුවන.
එසේම තමාගේ වැඩිහිටියන්ට බොහෝම සලකන කාලයකි. ආධ්‍යාත්මය හොද නිසා එදිනෙදා කටයුතු වලට බාධාවක් ඇති නොවේ.
රෝගාබාධ විසේසයෙන් නැතත් පවතින රෝග සමනයට උනන්දු වන්න.

කුම්භ
චන්ද්‍රයා 8 වැන්නේ සිටිමින් ඇරඹෙන බැවින් ජලය සම්බන්ධ රෝග වලින් පරිස්සම් වන්න.
කුම්භ ලග්නයේ දරුවන් නොදන්නා ස්ථාන වල දිය නෑමෙන් වැලකිය යුතුය. තමාගෙ වාසනාව අවාසනාවට පෙරලීමට ඉඩ තිබේ.
තමාගේ ආර්ථිකය සම්බන්ධව සුබ පල බලාපොරොත්තු විය නොහැක.
විසේසයෙන්ම රෝගාබාධ ලෙස සෙම් අමාරු, පපුවේ මහන්සිය, හතිය ආදිය ලෙස සදහන් කල හැක.

මීන
මේ සතිය සුබ සතියකි. විසේසයෙන්ම අවිවාහක අයට මංගල යෝග උදාවේ. සිත ප්‍රීතියෙන් ගත වේ. තම දියුණුවට කරුණු කාරණා යෙදේ.
එසේම අඹුසැමි ප්‍රීතිය ඇතිවේ. සතිය අගදී තරමක් පරිස්සම් වන්න.
8 වැන්නේ පාප ග්‍රහයන් වැඩි ගණනක් සිටින නිසා නිදන්ගත රෝග ඇති අය යම්කිසි ආරක්ෂාවක් කරගැනීම හොදයි.

__ චන්ද පිරිත __

“නමෝ තේ බුද්ධ වීරත්ථු
විප්ප මුත්තෝසි සබ්බධී
සම්බාධපටිපනෝන්ස්මි
තස්ස මේ සරණං භවාති

තථාගතං අරහන්තං
චන්දිමා සරණං ගතෝ
රාහු චන්දනං පමුච්චස්සු
බුද්ධා ලෝකානුකම්පකි

කින්නු සන්තරමානෝව
රාහු චන්දං පමුච්චසී
සවිග්ගරූපො ආගම්ම
කින්නු භීතො තිට්ටසීති

සත්තධා මේ ඵලේ බුද්ධා
ජීවන්තොන සුඛං ලභෙ
බුද්ධා ගාථාභිගී තොමහි
නොචෙ මුඤෙචය්‍ය චන්දිමයන්ති “

අදහස ඇතුලත් සිද්ධිය...

චන්ද්‍ර දිව්‍ය පුත්‍රයව රාහු අසුරයා ගිලගත්ත වෙලාවෙ, සඳ දිව්‍ය පුත්‍රයා බුදුන්වහන්සේ ගෙන් උදව් ඉල්ලනවා. සම්බුදු වීරයාණෙනි මම කරදරේ වැටිලා මාව මුදවා ගන්න කියල....
එතකොට බුදුන් වහන්සේ රාහු අසුරයට කියනවා, රාහු අසුරින්දය සඳ දෙව්පුතු සරණ ගිහිල්ලා තියෙන්නෙ තථාගතයන්වහන්සේය, බුදුවරු ලොවට අනුකම්පා කරනව කියල.
බුදුන්වහන්සේගේ වචනයකට පිටුපාන්න බැරි නිසා රාහු සඳ දෙව්පුතුව අතෑරලා, යනවා.
ඊට පස්සෙ අසුරයන්ගෙ නායක වේපචිත්තිට රාහුව මුණ ගැහෙනවා. වේපචිත්ති අහනවා ඇයි සඳ දෙව්පුතාව අතෑරියේ, ඇයි මේ භයෙන් වගෙ ඉන්නෙ කියල.
එතකොට රාහු අසුරයා කියනවා, බුදුන්වහන්සේ කිව්වා සඳ දෙව් පුතුව අතාරින්න කියල, මම නොකල නම් මගේ හිස සත් කඩකට පැලිලා මැරෙන්න තිබුනා, නොමැරුනත් මට සැනසීමක් නොලැබේවි බුදුන්වහන්සේගෙ වචනෙට පිටුපෑව නම් කියල, එනිසා මම සඳ දෙව් පුතුව නිදහස් කලා කියල.

තෙරුවන් සරණයි !

උසස් අධ්‍යාපන ක්ෂෙත්‍රයේ ඉහල තනතුරක් දරන අයෙකුගේ කේන්දර සටහන

මෙම කේන්දර සටහන හිමි කාන්තාව ලංකාවේ උසස් අධ්‍යාපන ක්ෂෙත්‍රයේ ඉහලම තනතුරක් දරන කෙනෙකි. ඇයව එම ක්ෂෙත්‍රයට ඉතා වැදගත්ය. බොහෝ දෙනෙකුගෙන් ගරු සැලකුම් ලබන වන්දනීය චරිතයකි.

සැප දුක දෙකම සමබර කරගන්නා තුලා ලග්නයෙන් ඉපිද ඇති මෙතුමිය සිත් ගන්නා සුළු රූප ස්වභාවයකින් හා ආකර්ෂණීය කටහඬකින් යුතු කෙනෙකි.

1) තුලා ලග්න කේන්දරයේ 1 වෙනි භාවයේ ශනි උච්ච බලයෙන් යුතුව සිටීමෙන් “ සස යෝගය“ නම් පංච මහා පුරුෂ යෝගය උදාවී ඇත. සස යෝගය ප්‍රධාන රාජ යෝග 5න් එකකි.

සස යෝගයට මුල් වන ශනි ග්‍රහයා හෙවත් සෙනසුරු නිසා බොහෝ දුක් කරදර කම්කටොලු මැදින් ඒවා විඳ දරාගෙන ඕනෑම කැපවීමක් කරමින් අධිෂ්ඨානශීලිව කටයුතු කරති. පීඩිත පන්තිය කෙරේ කැමැත්තක් දක්වයි. බලවත්ව යෙදී ඇත්නම් නියත වශයෙන්ම උසස් වේ.
පාලන බලය ගැනීමට හැකියාව ඇති අයෙකි. පිරිස් බලය එනම් පරිවාර සම්පත්තිය ඇතිවේ.

එසේම ශනි තුලාවේ උච්ච වීම නිසා “ සේනක යෝගය“ යෙදී ඇත.

“ ආත්ම ධෛර්යෙන් යුතු අය වෙති. බොහෝ කර්මාන්ත වල නියැලිය හැක. නායකයෙක් වන්නේය. කොපමණ දුෂ්කරතා පැමිණියද තමන්ගේ අරමුණු වෙනුවෙන් දිරිමත්ව කටයුතු කරයි“ .

2) රවි-බුධ-කුජ යෝගය

මුලු කේන්දරයටම ඉමහත් බලයක්, ඉදිරියට යෑමක් මෙම යෝගයෙන් යෙදී ඇත. මෙම පිහිටීම 11 වැන්නේ පිහිටීම ඉතා සුභ පිහිටීමකි.

එසේම රවි ග්‍රහයා 11 වැන්නේ පිහිටීම “ කෝටියක් දෝෂ භංග කරන/අරිටු දෝෂ භංග කරන“ පිහිටීමකි.
රවි ග්‍රහයා ‘ස්වක්ෂෙත්‍ර බලයෙන්‘ 11 පිහිටීමද වැදගත් වන අතර, අවස්ථාව බැලූ කල රවි සිටින්නේ ‘ප්‍රකාශ‘ අවස්ථාවේය. එයදි ඉතා වැදගත් වේ.
බුධ සිංහයට සතුරු වුවද 11 වැන්න නිසා එය එතරම් නොදැනෙන අතර,
රවි - බුධ යෝගය හෙවත් භාග්‍ය යෝගය එනම් ආදිත්‍ය යෝගය ඇත.
භාග්‍ය යෝගය යෙදෙන බොහෝ දෙනෙකු යහපත් අධ්‍යාපනයක් ලැබීම පොදු ලක්ෂණයකි. රවි බුද යෝගය ඕනෑම භාවයකට සුභ පල දෙන අතර 11 වැන්නට විශේෂ සුභ ඵල දේ.
ඉහල දියුණුවක් ලැබීමට හැකි යෝගයකි.
එසේම කුජද සංයෝගව සිටීම යෝගයේ බලය වැඩි දියුණු කරයි.

3)
10 වැන්නට සුභ සිකුරුගේ පිහිටීම මෙම කේන්දරයටද යහපත් කර ඇති බව පෙනේ. කේතු 10 වැන්නට එතරම් සුභ නැතත් කේතුගේ පිහිටීමෙන් ඥානකාරක භාවයක් ලැබී ඇත.
සිකුරු නිසා අලංකාර බව ආදි සිකුරුගෙ බලය පෙන්වන සියල්ල ලැබී ඇත.

4)
ගුරු 9 සිටීම නිසා පෙර පින් ඇති බව පෙන්වයි. ගුරු 9 සිටින අය කුමන කාලයක වුවත් අන් අයගේ ගරුත්වයට පාත්‍ර වෙති. ගුරු වෘත්තිය වැනි උපදේශන වෘත්තින් වලට සුබය.
ගුරු මිථුනයේ පිහිටීම නිසා උසස් සිතිවිලි, උසස් අය අසුරුකිරීමට ලැබීම ඇතිවේ. දුරදිග බලා කටයුතු කරයි. තම ගෞරවය රැකගනී.
මෙම කේන්දර සටහන හිමි තැනැත්තියගේ පෙනෙන ලක්ෂණයක් වන ව්‍යාපාර කිරීමට අකමැති වීම ගුරු මිථුනයේ සිටින අයට පොදු කාරණයකි.

* චන්ද්‍රයා/සඳු 12 සිටීම ස්ථාන වශයෙන් අයහපත් වුවද චන්ද්‍රයා සිටින්නෙ කන්‍යාවේ වීම වැදගත්ය.
චන්ද්‍රයා කන්‍යාවේ වීම නිසා යහපත් සිහිකල්පනාවක් ඇති කෙනෙකු වේ. ගුරු වෘත්තියටත් හොඳ යෝගයකි. අහංකාර ගති අඩුය.

Saturday, March 15, 2014

“ ධුරා ධුර “ යෝගය

සඳුගෙන් හෙවත් චන්ද්‍රයාගෙන් දෙපස ග්‍රහයන් සිටීමෙන් ඇතිවේ. (සඳුගෙන් 2 වැන්නේ හා 12 වැන්නේ) - තව තැනක රවි හැර වෙන ග්‍රහයන් සඳු සිටීමෙන් මේ යෝගය ඇතිවෙන බව කියවේ.

“ බොහෝ වාසනාව ලැබෙ, ජිවිතයේ සතුට විඳින නියමාකාරව සතුටු වන කෙනෙක් විය හැක. ක්‍රමානුකූලව දියුණුව ලබයි. ධනවත් වේ. යානවාහන, ඉඩකඩම් ලාභ ලබයි. තමාට හිතවත් සේවකයන් ලැබේ “

මෙම යෝගයේදි එක්පෙසකට සිටින ග්‍රහයා ලග්නාධිපතිව ලග්නාධිපති සුභ ග්‍රහයෙක්ව නම් බොහෝ සුභ පල අපේක්ෂිතය.

එසේම දෙපස සිටින ග්‍රහයන් පාප ග්‍රහයන් නම් එතරම් සුභ පල අපේක්ෂා කල නොහැක.

* සඳු දෙපස සිටින්නෙ කුජ - බුධ නම්,
බොරු කීමට දක්ෂ අන් අයගේ දොස් සොයන කෙනෙකි, ධනයට ආශා කරයි.

* සඳු දෙපස කුජ - ගුරු නම්,
අන් අය අතර කැපී පෙනේ. එසේ වුවද බොහෝ සතුරන් ඇත.

* සඳු දෙපස කුජ - සිකුරු නම්,
රූමත් කෙනෙකි. දක්ෂය. ක්‍රීඩාවට දක්ෂය. විනෝදයට බරය. නොමග යා හැක.

* සඳු දෙපස ගුරු - බුධ නම්,
ධර්මයට ගරු කරන කෙනෙකි. සිල්වත්ය. කතාවට දක්ෂය. ලේඛණ හැකියාව ඇත.

* සඳු දෙපස බුධ - සිකුරු නම්,
කලා අංශයට දක්ෂ කෙනෙකි. බුද්ධිය ඇත. උසස් සිතිවිලි ඇත. කාව්‍යකරණයට දක්ෂ වෙයි.
( මහා කවි ෂේක්ෂ්පියර්ගේ කේන්දර සටහනේ මේ පිහිටිම ඇත).

මේ පොදු විස්තරයක් බව සලකන්න.

Iru Sewaya = Iru Astrology

_භාව කේන්දරයේ සම්පූර්ණ පලාපල විස්තරය ලබාදෙන, Word Document සේවාව හෝ Skype/දුරකථන මාර්ග සේවාව, අපල ආදියට කල යුතු ශාන්ති කර්ම, යහපත් පැවැත්ම, අපල සමනයටත්, අදාල ග්‍රහයාගේ සුභ පල ලබාදීමටත් ලබාදෙන යන්ත්‍ර, ආරක්ෂණ යන්ත්‍ර, ජීවිතයේ ජයග්‍රහණ යහපත උදාකරණ සර්වජන වශී ධන සාධන ආකර්ෂණ යන්ත්‍ර, නාමකරණය (පුද්ගල, ව්‍යාපාර) තැබීම(නම් තැබීම).
නිවසට පැමිණ වාස්තු විද්‍යා උපදේශනය ඇතුළු සියලූම ජෞතිෂ්‍ය කටයුතු සඳහා inbox කරන්න.
0711 345 364

දුගී දුප්පතා මහා ධනකුවේරයෙකු කරන විශ්මිත ග්‍රහ පිහිටීම්

* යම් ජන්මියෙකුගේ ජන්ම පත්‍රයේ 2වෙනි භාවය සහ 11 වෙනි භාවය 4 වන භාවය බලවත් නම් ධනවත් වීම නිරායාසයෙන්ම සිද්ධ වේ.

* 2 වැන්නාධිපති 11 වැන්නේ පිහිටීම, 11 වැන්නාධිපති 2 වැන්නේ පිහිටිම වැනි ග්‍රහ පරිවර්ථන නිසා එම දශාවන්ට අයත් කාලයේදි ධන ධ්‍යාන තත්වයෙන් ඉහලම තත්වයකට පත් කරයි. මහා ප්‍රකෝටිපතියන් බිහිවන්නේ මෙවන් පිහිටිම් තිබීමෙනි.

● යම් ජන්මියෙකුගේ බ්‍රහස්පති/ගුරු 2 වැන්නෙ පිහිටීම 11 වැන්නෙ සිකුරු, කුජගේ පිහිටීම මහා ධනකුවේරයෙකු වීමට පොදු සුදුසුකම්ය. බැංකු මුදල් ආශ්‍රිතව දියුණුව ඇතිවේ.

● තවද ශනි බලවත්ව පිහිටි තැනැත්තා කලක් තිස්සේ දුක් විඳ උපයා සපයාගත් ධනයෙන් පොහොසතෙකු වේ.

● බුධ බලවත් තැනැත්තා තම වචනය බුද්ධිය භාවිත කර ධනවතෙකු වේ. ක්‍රීඩා කටයුතු, බැංකු ආදිය එහි විගණන කටයුතු.

● අඟහරු/කුජ බලවත් තැනැත්තා භූමිය සම්බන්ධ කාරණා වලින්, යාන්ත්‍රික අංශයෙන් දියුණු වී ධනවතෙකු වේ.

● සඳු/චන්ද්‍රයා බලවත් තැනැත්තා දියර වර්ග ආශ්‍රිතව කර්මාන්ත කොට දියුණු වේ. ඔබලාට ඇත්තම දෙයක් පවසන්නම් මාගේ ජෞතිෂ්‍යය අත්දැකිම් අනුව , ගම්පහ පලාතේ එක්තරා ස්ථානයක මීට අවුරුදු 12කට පෙර මා එක්තරා පුද්ගලයෙකුගේ හදහන බැලිමෙදි ඔහුගේ සඳු, ගුරු 2ම ඉතාම බලවත්ව 10 වැන්නෙ පිහිටා සිටියා.
ඔහුත් එවකට මහා පරිමාණයෙන් මුදල් හම්බ කල අයෙකි. ඔහුගේ ධනකාරක වන්නේ සඳුය. සඳු ජලය මිශ්‍ර දියර ආශ්‍රිත රැකියා වලට කාරකය. ඔහු කසිප්පු ව්‍යාපාරිකයෙකි. ඔහුගේ ජන්මයෙන් ලැබී තිබූ වාසනාව වූ දියර වර්ග ආශ්‍රිතව රැකියාව අයහපත් මාර්ගයකින් භාවිත මහ ධනවතෙකු බවට පත්ව සිටියා. (මේවා අනුමත නොකරන රැකියා, ව්‍යාපාරය)

● රවි කෙනෙකුට ධනකාරක වුවොත් ඔහු කෝටිපතියෙකු වන්නේ දේශපාලනයෙනි.
අද රටතොට බලන කල්හි පාරේ යන්න වාහනයක් ඒවගේම ගෙයක් දොරක් තමන්ටම කියල නැති අය නිකමට හරි පලාත් සභාවකට, පාර්ලිමේන්තුවට තේරී පත්වී ගිය විට එයාල කොයිතරම කෝටිපතියන් වෙනවද... ඒකට හොඳම උදාහරණය ඒ අය මුලින් ගහන පෝස්ටරයෙ පෙනුම නෙමෙයි 2වන වතාවේ ගහන පෝස්ටරයෙ පෙනුම. ඒ තරමට පින් පාට වැක්කෙරෙනව.
සල්ලි කෝටි ගණන් ලැබෙනව වගේම කොමිස් කෝටි ගණන් ලැබෙනව. විදේශ සංචාර ආදිය ඇතුළුව සියලුම සැප සම්පත් ලැබෙනව. මේවත් ධනය තමයි.. මේව දෙන්නෙ රවි.

● සිකුරු නම් කලා කටයුතු නිර්මාණශීලි කටයුතු වලින් දියුණු වේ. ඇඟලුම් ක්ෂෙත්‍රයේ නියුතු අය වගේ අය.

මේ විස්තරයන් ඇතිනේද... පසුවට තව කියන්නම්...

Iru Astrology හි ජාත්‍යන්තර කටයුතු පිළිබඳ ජෞතිර්වේදී Wasantha Rajakaruna මහතාගේ විස්තරයකි.
_

වැදගත් -

රටේ රත්රන් මිල පහල ගොස් ඇති අවස්ථාවක බැංකු විසින් පාඩු මඟහරවා ගැනීමට රන් මිලටත් වඩා අඩුවෙන් ඉදිරිෙය්දි වෙන්දේසි කිරීමට ඉඩ අැත.
එවිට ඔබ ඒවා ගන්නේ නම් එහිදී අප දන්නා ශාස්ත්‍රය අනුව ගැටළු 2ක් ඇත.

1. එම රන් ආභරණ උගස් තැබූ අයගේ ඇති චිත්ත පීඩා සහ සිත නරක්වීම් තුලින් ඇතිවන සෝ සුසුම් ආදිය ඔබටද යම් තරමකින් හෝ බලපානු ඇත.

2. වෙනත් අය වෙනුවෙන් සාදා ඇති, ඔවුන්ගේ ආකර්ෂණය හුරු හෝ එවන් කටයුතු කර ඇති දෙයක් තමන් ලග තබාගැනීමට සුභ පල ලැබීම කෙසේ වෙතත් අසුභ පල ලැබීමට බොහෝ දුරට ඉඩ ඇති බව අපගේ පර්යේෂණ වලින් සොයාගෙන ඇත.

ඒනිසා එසේ කරන්නේ නම් එම ආකාරයටම භාවිත නොකර මකවා භාවිත කරන්න. එයද එතරම්ම සාර්ථක බව කිව නොහැක.

* තමන්ට හිතමිතුරන් දුන් බව කියමින්, ලාභෙට ලැබුනු බව කියමින් රන් ආභරණ මුදු වැනි දෑ භාවිත කල බොහෝ දෙනෙක් නැති කරදර අත් කරගෙන බොහෝ අයහපත් ප්‍රතිඵල අත්විඳි බව අත්දැකිමෙන් දන්නා බැවින් මෙසේ සඳහන් කරමු.

සඳු - සිකුරු යෝගය

සඳු - සිකුරු යෝගය ප්‍රබල යෝගයකි. විශේෂ රූමත්කමක්, ලෞකික දියුණුවක් ඒ පැත්තට ආශාවක් ඇති කරන්නකි.

සඳු - සිකුරු කාන්තාවන්ට ඉතා වටිනා යෝගයකි.

සිතිවිලි වලට අධිපති වන සඳු/චන්ද්‍රයාත්, ලෞකික සැපට අධිපති වන සිකුරු/ශුක්‍රත් විසේසයෙන් කාන්තාවන්ට බලපායි.
එසේම මෙම දෙදෙනා ස්ත්‍රි ග්‍රහයන්ය.
මෙම යෝගය ඇති කාන්තාවන් රූමත්ය. දඟකාරය, කෙළිලොල්ය.
කලාවට, නිර්මාණ කටයුතු වලට දක්ෂ අය බිහි කරයි.

මෙම යෝගය බලවත් නම් පමා නොවන විවාහක් හිමිය. එසේ වුවද,

6, 8, 12 යන ස්ථානයක මෙම යෝගය පිහිටා තිබීම එතරම් සුබ නැත.
6 වැන්නෙ නම් රෝගද විසේසයෙන් දියවැඩියා අවදානම ඇතිවේ. සිරුර කෙට්ටුවීමටත් මෞත්‍ර ලිංගික පද්ධතිය ආශ්‍රිත රෝග ඇතිවිමටත් හැක.
6 වැන්නෙ පාපපීඩිත නම් අනියම් සබදතා පවා ඇතිවිය හැක.
8 වැන්නේ සිටින අයට ලිංගික ශක්තිය අඩුවයිය හැක. ධනවත් වීම මෙන්ම ධනය නැතිවීමද අදාල අනිකුත් ග්‍රහ බලපෑම් අනුව සිදුවිය හැක.
12 වැන්නේ නම් ධන විනාශය විය හැක. ලෞකිකත්වයට වඩා ලෝකෝත්තර ජිවිතයට කැමති වේ. කාරුණික වේ. අයහපත්ව යෙදි ඇත්නම් බොහෝ ගැටළු ඇතිවිය හැක.

බොහෝ දෙනෙක් කතා කරන්න බය... “ 12 වැන්න “

12 වැන්න වූ කලී කේන්දරයේ දුෂ්ඨ ස්ථානයකි. එහි පාප ග්‍රහයන් පාප පීඩිතව සිටින්නෙ නම් තත්වය අයහපත් වේ.
පොදුවේ 12 වැන්නෙන් කියවෙන්නෙ වියදම් ගැනයි. දුක ගැන, වධ, කරදර, සිරගත විම්, රහස් කටයුතු, ආදිය ගැන 12 වැන්නෙන් පොදුවේ කියවෙන අතර, 12 වැන්නෙන් තිබෙන ධන යෝග කැපෙන ආකාරයද සූක්ෂම පරික්ෂාවකින් විස්තර කල හැක.

12 වැන්නෙ පාප ග්‍රහයන් සිටින අයට බොහෝ පාඩු සිදුවිය හැක. උදාහරණ ලෙස තමාට අයිති බඩු බාහිරාදිය විනාශ වීම, කරදර ඇතිවිම, පදිංචිය නිතර වෙනස් වීම ආදිය වේ.
කෙසේ වුවද මෙම අපල තත්වයන් ඇතිවිමට අදාල ලග්නයට අනුව සිටින ග්‍රහයා සහ තත්වය යනාදි බොහෝ දේ හේතු සාධක වෙයි.

_ 12 වැන්නේ සිටින ග්‍රහයන් අනුව පොදුවේ මෙසේය _

රවි 12 වැන්නේ,
වස්තු ලාභ විනාශ වන පිහිටිමකි. රවි මහ දසා අතුරු දසා වලදි කරදර ඇතිවිය හැක. වියදම් අධික වනු ඇත.
ජීවිතයේ මුල් කාලයේ කරදර ඇතිවේ. පසු කාලයේ යහපතින් ගෙවේ. දෑස් පරිස්සම් කරගත යුතුය. ඥාතින්ට හොදයි. අන් අයට අනුකම්පා කරන අන් අය වෙනුවෙන් කැපවෙන, පින් දහම් කරන චරිතයක් විය හැක. විසේසයෙන් කරදර වන අයට, රෝගාබාධ ඇති අයට උදව් කිරිමට සිතයි.
රවි 12 සිටින අයට ලැබෙන රැකියාද බන්ධනාගාර ආශ්‍රිත හෝ ආරෝග්‍ය ශාලා ආශ්‍රිත වීමට ඉඩ ඇත.
දුර්වලව සිටි නම් රවිට අදාල ශාන්ති කර්ම කිරීම, යහපත් පැවැත්මෙන් සිටිම කල යුතුය.

සඳු/චන්ද්‍රයා 12 වැන්නේ,

වියදම් අධික කෙනෙක් වේ. පහසුවෙන් රැවටීම්, වංචා වලට හසුවීමට ඉඩ ඇත. සදු දුබල නම් වෙන අය රවටන, කූට වැඩ කිරීමට දක්ෂ කෙනෙකි, අන් අයගේ මුදල් ගසා කෑමේ දක්ෂයෙකි.
චන්ද්‍රයා සුබව නම් යහපත් වුවත් අන් අයගේ දෝෂ දර්ශනයට ලක්විය හැක. අනිකුත් ග්‍රහ පිහිටිම් හා සැලකිය යුතුය.

කුජ/අඟහරු 12 වැන්නේ,

ආවේගශීලි ගති ඇත. ඉක්මණ් කෝපය තිබේ. සමාජ විරෝධී, සදාචාර විරෝධි කටයුතු වලට පෙළඹිය හැක. උෂ්ණ ශරිරයක් විය හැක. කුජ අසුබ නම් මේ ප්‍රතිඵල ලැබීමට ඉඩ ඇත. දෙපා වල ආබාධ ගැනද පරිස්සම් විය යුතුයි. අන් ග්‍රහයන් අනුව මෙම ගති නිවරදිව තීරණය වේ.

බුධ 12 වැන්නේ,

විදෙස් රටවල යෑමේ භාග්‍යය ඇත. වියදම් අධිකය. උගත් බුද්ධිමතුන් ඇසුරට ලැබේ. දේපල ලාභ ඇතිවිය හැක. භෞතික දෑ ගොඩ ගසා ගැනීමට දක්ෂය. කැපවීම ඇති කෙනෙකි. ප්‍රධානත්වය දරයි. සහජ දක්ෂතා ඇත.

ගුරු/බ්‍රහස්පති 12 වැන්නේ,

අන් අය කෙරේ අනුකම්පා කරන අය වෙති. අසරණ අයට ආධාර කරයි. තම ලාභයට වඩා අන් අය ගැන සිතන අතර මාන්නාධික ගති නැත. යහපත්ය. රූමත්ය.
කෙසේ වුවද සොර සතුරු කරදර ඇතිවිය හැක. සිතට වේදනා පීඩාද ඇතිවේ.
තම සහකරු හෝ සහකාරිය සැමදාම තමාව අවශ්‍ය කෙනෙකු සේ සිතයි.

සිකුරු/ශ්‍රක්‍ර 12 වැන්නේ,

විරුද්ධ ලිංගිකයන් හා කටයුතු කිරීම් වැඩිය. ලෞකික ජීවිතය ගැන වැඩි නැඹුරුවක් දක්වයි. යහපත් චින්තයක් ඇත. අන් අයට අනුකම්පා කරයි. වියදම් අධිකය. වැඩිය කරදර බාධක නැති යහපත් දිවියක් ගත කිරිමට සිතයි.

ශනි/සෙනසුරු 12 වැන්නේ,

සොර සතුරන්ගෙන් පීඩා ඇතිවේ. කරදර ඇතිවිය හැක. නොසිතන පරිදි අසනීප ඇතිවිය හැක. දුක අවබෝධ කරගත හැක. ලැබීම් අඩුවිය හැක. අපහාස උපහාසද ඇතිවිය හැක. එක් වැඩක් එක දිගට අවසන් කිරිමට අපහසුය. පොදුවේ මෙසේය.

රාහු 12 වැන්නේ,

නිතර තම පදිංචි ස්ථානයෙන් බැහැර විය හැක. විදෙස් සංචාර ආදිය ලැබේ. නිතරම ඇවිදීමට, ගමන් කිරීමට සිදුවේ. ස්ථිර තැනක සිටිම අපහසුය. ඉවසීම අත්‍යාවශ්‍ය කරුණකි.
අනවශ්‍ය කරදර ඇතිවිය හැකි නිසා බුද්ධියෙන් කටයුතු කරන්න.

කේතු 12 වැන්නේ,

බුද්ධිමත් වේ. ධන ලාභ, දේපල ලාභ ලැබේ. අන් අයගේ ගරුත්වයට පාත්‍ර වේ. අන් අයගේ දුක දන්නා යහපත් ගති ඇතිවේ. තමාගේ හිතවත් අය වෙනුවෙන් කැපවේ. තමාටම ආවේණික වූ රහස් ආදියද ඇත.

** මෙය පොදු පලාපලයකි.

සිකුරු, කුජ, චන්ද්‍ර සහ ගුරු

කාන්තා කේන්දර සටහනක මූලිකව වැදගත් වන ග්‍රහයන් ලෙස සිකුරු, කුජ, චන්ද්‍ර සහ ගුරු හැඳින්විය හැක.

ග්‍රහලොව සියුමැලි කුමාරිකාව වන සිකුරු/ශ්‍රක්‍ර අලංකාරවත් දෙයට අධිපති නිසා සිකුරු ස්ත්‍රි කේන්දර සටහනක මූලිකත්වය ගනී. විශේෂයෙන් ලෞකික දියුණුව ගැන කියවෙන කටයුතු වලට සිකුරු බලපායි.
මෙහිදි ස්ත්‍රි කේන්දර සටහනක සිකුරු නීච වීම පොදුවේ සුභ නැත.

එසේම සිතිවිලි වලට අධිපති වන, සෞම්‍ය සඳු/චන්ද්‍රයාද ස්ත්‍රි කේන්දරයක වැදගත් තැනක් ගනී.

ස්ත්‍රි කේන්දරයක සඳු, කුජ, ගුරු, සිකුරු යන ග්‍රහයන් බලවත්ව පිහිටයි නම් එය බොහෝ සුභ පල දෙනු ඇත. එහිදීද 2, 3, 5, 7, 9, 11 වැනි භාව වල යහපත්ව පිහිටා ඇත්නම් මැනවි.

පොදුවේ ස්ත්‍රි කේන්දරයක 1 වැන්නේ සඳු පිහිටිම වැදගත්ය. එසේ වුවද පාප දෘෂ්ඨි ලැබේ නම් හොඳ නැත. එසේම ස්ත්‍රි කේන්දරයක 2 අධිපති වන ග්‍රහයා පාප දෘෂ්ඨි ලබයි නම්, පීඩා විඳියි නම් 6, 8, 12 යන දුෂ්ඨ තැනක සිටි නම් විවාහයෙන් පසු මානසික තැවුල්, ආර්ථික අපහසුතා විය හැක.
එසේ නොවී සුබව පිහිටා ඇත්නම් යහපත් වාසනාවන්ත විවාහයක් ලැබෙනු ඇත.

කේන්දරයක 3 වැන්න වන වික්‍රමස්ථානයට ත්‍රිකෝණ වශයෙන් 7 වැන්න පෙනේ. එහි සුබයෙකු සිට 7 වැන්න දැකීම සුබයි. පාපී නම් තමාට වඩා තත්වයෙන්, කුලයෙන්, ධනයෙන්, ජාතියෙන් පහත් කෙනෙකු ස්වාමියා ලෙස ලැබීමට ඉඩ ඇත. එනිසා 7 වැන්න දුර්වල නොවිම මෙන්ම යහපත් දෘෂ්ඨි අතිශයන් වැදගත් වේ. (මෙම තත්වයන් නිවරදිව කිව හැක්කේ භාව කේන්දරමය හෝ සූක්ෂම කේන්දරමය පරික්ෂාවකිනි).

එසේම දරුවන් හා අධ්‍යාපනය ගැන කියවෙන 5 වැන්නද වැදගත්ය. 5 වැන්න අධිපතියා පාපියෙකු හා සිටීම දරුවන්ට අපල ගෙනදේ. පොදුවේ කුජ 5 සිටිම එතරම් සුභ නැත. පාප දෘෂ්ටි නැතිනම් සුබයි.
5 වැන්න අධිපතියා සුභව පිහිටයි නම් වාසනාවන්ත උසස් දරුවන් ලබයි.

7 වැන්නේ පාපියෙක් හා 7 අධිපති පාපයෙක් සමග සිටී නම් විවාහය කල් යාමට ඉඩ ඇත. දෝෂ පවති.

7 වැන්නට සුභ ග්‍රහ දෘෂ්ඨි ලැබේ නම් යහපත් විවාහයක් සිදුවිය හැක.

7 වැන්නේ කුජ බලවත්ව සිටීමද වැදගත් අතර එවන් අවස්ථාවක ගුරු, සිකුරු ගේ බැල්ම වැටේ නම් ප්‍රියමනාප කාන්තාවකි, බලවත් තේජස් සහිත කෙනෙකු හා විවාහ වේ.
කුජ නීචව හෝ සතුරුව, පාපියෙකුට පෙනෙමින් සිටියොත් ස්වාමියාට අපලය.
ශනි 7 සිටිමද විවාහ කල්යෑමට හේතු විය හැකි බව කියවුනද ශනි 7 සිටීම තුල විශ්වාසදායි භාර්යාවක් බවට පත් වේ.

* සියල්ල පොදු කරුණුය. ග්‍රහයන් සිටින තැන් වලින් පමණක් සියල්ල තීරණය නොවේ. තම සිතට අනුව තීරණද බලපායි.
නිවරදි පලාපල කීමට කොටුවක සිටින ග්‍රහයන් පමණක් නොව අදාල ග්‍රහයන් සිටින අංශකයන්, එකී නැකැත් යනාදි බොහෝ දේ බලා කිව යුතුමය.

< Iru Astrology > #Irusewaya

භාව කේන්දරයේ සම්පූර්ණ පලාපල විස්තරය ලබාදෙන, Word Document සේවාව හෝ Skype/දුරකථන මාර්ග සේවාව, අපල ආදියට කල යුතු ශාන්ති කර්ම, යහපත් පැවැත්ම, අපල සමනයටත්, අදාල ග්‍රහයාගේ සුභ පල ලබාදීමටත් ලබාදෙන යන්ත්‍ර, ආරක්ෂණ යන්ත්‍ර, ජීවිතයේ ජයග්‍රහණ යහපත උදාකරණ සර්වජන වශී ධන සාධන ආකර්ෂණ යන්ත්‍ර, නාමකරණය (පුද්ගල, ව්‍යාපාර) තැබීම(නම් තැබීම).
නිවසට පැමිණ වාස්තු විද්‍යා උපදේශනය ඇතුළු සියලූම ජෞතිෂ්‍ය කටයුතු සඳහා inbox කරන්න.
0711 345 364

Thursday, March 6, 2014

___ සුභ නිමිති සම්බන්ධව දැනුවත් කරන්නෙ මෙසේය __ (2)

* හඳුන්කූරු, කවඩි සාම්බ්‍රාණි සුවඳ ධූප වල සුවඳ.

* ප්‍රියමනාප යුවතියන්/ස්ත්‍රින් රැගෙන එන පිරුණු කල (අවාසනාවකට අද සෑම තැනකම නල ජලය නිසා මෙවන් ලඳුන් දැකීම අසීරු කාරණයකි, ඒ වෙනුවට අපට දකින්නට ලැබෙන්නේ ඇඟට හිර ඩෙනිම් අඳින යුවතියන්ය).

** කෙසේ වෙතත් ඉතාම ප්‍රියමනාප ලඳුන්, කුඩා දරුවන්, අලි ඇතුන්, ඍෂිවරුන් සමාන උතුමන්, පියාඹන කුරුල්ලන්, ගෙඩි වර්ග, ප්‍රීති උත්සව, ජය නාද, ප්‍රීති නාද. නැටුම් ගැයුම් වැයුම් ප්‍රීති උත්සව.
එක් පෙලට එන ගොනුන්, වැස්සියන්, කන්‍යාවන්, සුරතල් දරුවන් වඩාගත් කාන්තාවන්, මුගටියන් එළදෙනුන්, ගීත රචකයන්, ගත් කරුවන්, අප වැනි ජෝතිෂ්ශාස්ත්‍රඥයන්, තම ගුරුවරුන්, ගිතෙල්, මීමැස්සන්, පිරිසිදු රෙදි. ලිපි බෙදන්නන්, ඔබගේ සිත සතුටු වන ඕනෑම දසුනක් හා ලොව පැරණිම වෘත්තිය කරන වෛශ්‍යාවක් සමාන අය/ වෙසඟනන් දැකීමද ශුභ නිමිති බව කිව යුතුය.

<< අසුභ නිමිති >>

වඳ පිරිමින්, වඳ ගැහැණුන්, දුර්ජන මිනිසුන්, චණ්ඩි, මැරවරයින්, බඩගින්නෙන් පෙලෙන අය, තද කළු, තද නිල් රෙදි ඇදගත් අය, විවිධ භයානක ආයුධ ගත් අය.
කලකෝලහල කරන අය, අංගවිකල අය, දුශ්ශීල චීවරධාරින්(ශ්‍රමණ වේෂක ප්‍රතිරූපක).

සර්පයන් සහ බලු බළලුන් පාර හරහා යාමද, විලාප දෙන අය දැක යාමද,
එසේම සුනඛ මෙවුන්දම් දැක යාමද ඉතාම අශුභ බව සඳහන් කරන්නෙමු.

අප මේ සඳහන් කලේ නැකතට වඩා බලාගත යුතු කාරණාය. මේ ගැන ඉදිරියටත් දැනුවත් කිරිමට බලාපොරොත්තු වෙමු.

Wednesday, March 5, 2014

9 වැනි කොටුවෙ කවුද ඉන්නෙ ???

කේන්දර සටහනේ 9 වැන්න අදාල වන්නේ පෙර පින් සහ වාසනාවටයි.
එම කොටුවේ සිටින ග්‍රහයා අනුව ‘පොදු‘ පලාපලයක් මෙසේය.

රවි 9 සිටින විට

ග්‍රහ ලොව පියා සහ නායකයා වන රවි 9 වැන්නේ සිටින්නේ නම්, ඉහල ඉගෙනීමක් ලබයි.
උසස්‌ රැකියාවක උරුම වේ.
පියා බලවත් කෙනෙක්‌ විය යුතුය.
විදේශගත වීමට හැකියාව ඇත. විදේශීය රැකියා ලැබේ. යහපත් විවාහයක් උරුමය වේ.

සඳු/චන්ද්‍රයා 9 සිටින විට

සෞම්‍ය ග්‍රහයෙකු වන සිතිවිලි වලට අධිපති වන සඳු 9 සිටින විට, පෙර කරන ලද පින් ඇති කෙනෙකි. විදේශ ගමන් මෙන්ම විදේශීයව වාසය කිරීමටද වාසනාව ලැබේ. රූපසම්පන්න වේ. යහපත්, ගුණවත් කෙනෙකු ලෙස අන් අයගේ පිලිගැනීමට, පැසසුමට ලක්වේ.
මවට ඉතා සෙනෙහවන්ත විය හැක.

කුජ/අඟහරු 9 සිටින විට

ග්‍රහ ලොව සෙන්පති, මුරණ්ඩු ගති ඇති කුජ 9 සිටින අයට හොඳ අධ්‍යාපනයක් ලැබේ. ආරක්ෂක අංශ වල රැකියා වලට සුදුසුය. බැංකු ක්ෂෙත්‍රය ආදි මූල්‍යමය කටයුතු ආශ්‍රිත රැකියාද ලැබේ.
ඉක්මණ් කෝපයද ආවේගශීලි විමද දැකිය හැක.
විදේශ රටවල වාසය කිරීමටද හැක.

බුධ 9 සිටින විට

ග්‍රහලොව බුද්ධිමතා වන බුද 9 වැන්නේ සිටින විට බොහෝ හොඳ ඉගෙනීමක් ලබයි. උසස් අධ්‍යාපන වාසනාව ඇත. බුද්ධිමත් වේ. අන් අය අතර බුද්ධිය පෙන්වන හොඳ කතා ඇත. දහමට ගරු කරන කෙනෙකි. විදෙස් ගත විය හැක.
යහපත් විවාහයක් හිමිය.

ගුරු 9 සිටින විට

ග්‍රහ ලොව සුරගුරු හෙවත් අවවාද දෙන වැඩිහිටියා 9 වැන්නේ සිටින විට පෙර කරන ලද පින් ඇති කෙනෙකි. අධ්‍යාත්ම ශක්තිය දියුණු කරගත හැක.
විදේශගත විය හැක. විදේශගතව උසස් රැකියා කල හැක. යහපත් කලණ මිතුරන් ලැබේ. ස්වභාවික ශාන්ත මරණයක් හිමිවේ.

සිකුරු/ශුක්‍ර 9 සිටින විට

ග්‍රහ ලොව හැඩකාරිය සිකුරු 9 සිටින විට, කලා අංශයට දක්ෂ ඒ අංශ වලින් ඉදිරියට යයි. දුර ගමනට බිමනට කැමතිය. දරුවා නිසා දෙමාපියන් දියුණු වේ. විශාල අලංකාර නිවාස වල ජිවත් විය හැක. ඉතාම හොඳ විවාහයක් කරගත හැක. සියලුම ලෞකික සතුට විඳිය හැක.

ශනි/සෙනසුරු 9 සිටින විට

ග්‍රහ ලොව දුක් කරදර ගැන අවබෝධය ලබා දෙන ශනි 9 සිටින විට ආගම දහම පිළිබඳ උසස්‌ දැනුමෙන් යුක්‌තව ලෞකික ජිවිතයට වඩා ලෝකෝත්තර ජිවිතයට කැමති කෙනෙක් වේ. හුදෙකලාව ජිවත් විමට කැමතිය. යහපත් විවාහ දිවියක් උරුමය වේ. අධ්‍යාපන කටයුතු වලට බාධා ඇතිවිය හැක.

රාහු 9 සිටින විට

වේගය ලබාදෙන කටයුතු අවුල් කරන බවට ප්‍රසිද්ධ රාහු 9 සිටින අයට දේපල ලාභ බොහෝ වේ. බොහෝ දේපල ඇති කෙනෙක් විය හැක. එසේ වුවද විදෙස් ගතව හෝ තම උපන් ගෙයින් බැහැරව දිවි ගෙවන කෙනෙකි. අනිකුත් ග්‍රහයන් යහපත්ව ඇත්නම් ඇත් නම් යහපතින් දිවි ගෙවයි.

කේතු 9 සිටින විට

තම කටයුතු කරගන්නා කේතු 9 සිටින විට,
දේපල ලාභ ලබයි. එසේ වුවද අඩු වයසේ සිටම කරදර වලට මුහුණ පෑ හැක. අධ්‍යාපන කටයුතු වලටද බොහෝ බාධා ඇතිවිය හැක. කෙසේ වුවද අනිකුත් ග්‍රහ පිහිටිම් යහපත් නම් හොඳින් ජිවත් විය හැක.

_අතිශයින් පිරිමින්ට පමණයි (02)

ඔබටත් දුටු ගැමුණු රජු, ගජබා රජු වැනි ශක්තිසම්පන්න පිරිමියෙක් වන්නට උවමනාද ? "කාය බලය, මානසික බලය, ශක්තිය" වඩවා ගැනීමට මෙන්න උපදෙස්.

* සෑම උදයකම සවිද ලුණු සමග කෙසෙල් ගෙඩියක් වළදනු.
තුන්දොසින් උපදනා ව්‍යාධි නොඋපදී.

* වළඳ සහල් බදුල්ල සිද්ධි ගුරු යන මේවා සුනු කොට ගිතෙල් 2න් වළදනු.
මහල්ලන්ද යෞවන වේ, නීරෝගී වේ.

* නෙරංචි, නෙල්ලි, අරළු යන මේවාව සුනු කර ගිතෙල් සමග උදේට කලං 3ක් වළඳනු. ධාතු බලය වඩා තරවේ. නීරොගි වේ, ශක්තිය වඩයි.

පුරාණ රජවරුන් අන්තංපුර ස්ත්‍රීන් ප්‍රමෝදයට පත් කල ඔබ නොදත් දිව්‍ය වාජීකරණ ඖෂධ කීපයක් ගැන විස්තරයක් ඊලගට_

Sunday, March 2, 2014

සිරිසෙත සලසන ශ්‍රී විෂ්ණු දෙවිඳුන්ට පවත්වන පූජා - 2

විෂ්ණු දෙවියන්ට තබන පලතුරු සම්බන්ධව ඔබව දැනුවත් කිරීම මහත් සත්කාරයක් බව මතක් වේ. එම පලතුරු මෙසේය.

ඇඹුල් කෙසෙල්, අන්නාසි, දූරියන්, අඹ, වෙරළු, බෙලි, ජම්බු, පේර, ලොවි, දොඩම්, මිදි, ඇපල්, පෙයාස්, මොර, කජු, පලු, නෙල්ලි, කිරල, වීර, සැපතිල්ල, උක්, උගුරැස්ස.

කැවිලි වර්ග මෙසේය.

කැවිලි තමාගේ නිවසේදීම ඉතාම පිරිසිදුව සකසා ගත යුතුය.
තල ගුලි, හබල පෙති, මුං අතිරස, අග්ගලා, කැවුම්, වැලිතලප, ඉඟුරු දෝසි, කිරිටොපි, ආස්මි.

* ශ්‍රී විෂ්ණු දෙවිඳුන්ට පූජා කරන ආහාර මෙසේය.

කිරිබත්, ඇඹුල් බත්, මුං ඇට බත්, පැන් කිරිබත්, ගිතෙල් බත්,

* පූජා කරන පැන්

පිරිසිදු පෙරන ලද ජලය, මිදි පානය, කස පැන් පානය, පලතුරු බීම පානය, එසේම රණවරා, කොළකැඳ, හාතාවාරිය වැනි සුවඳ ඇති කරන ඖෂධීය පාන වර්ගද අවශ්‍යයි. කොත්ත මල්ලි පානයත් එසේමයි.

* ලද පස් මල් ඉස, පූජා වට්ටිය නිල් තිරයකින් වැසිය යුතුය.

සෙත් කවි කීම, සියලු ග්‍රහ අපල සදහා විෂ්ණු දෙවිදුන් හා කතරගම දෙවිදුන් උදෙසා සෙත් කවි ලියවා ගැනීම සිදුවේ. ඒවා සම්බන්ධව මතුවට ඔබට පලකිරිමට අදහස් කරමු.

* විෂ්ණු නාම ස්ත්‍රොත්‍රය සහ ඉදිරියේදි විෂ්ණු කන්නලව්වන් ගැනද විස්තර කරනු ලැබේ.

ආරක්ෂාවට තෙල් මැතිරිමට දෙහි මතුරා කැපීමට, නූල් බැඳීමට, ශ්‍රී විෂ්ණු දැහැන් 7 අප සතුව ඇත. යම්කිසි බලවේගයක් නිසා සිහිය අවුල් වූ අය සිහි ගන්වන්නට ශ්‍රී විෂ්ණු දැහැන අප සතුව ඇත.
තවද ශ්‍රී විෂ්ණු රාජ වශී දැහැනද ඇත.
අප මෙතරම් වෙලා පැවසූවේ, විෂ්ණු දෙවිදුන්ට පවත්වන පූජාවන් සහ ඊට අදාල ක්‍රම සහ විදිය. එසේම උතුම්වූ ලෝක පාලක මහා විෂ්ණු දෙවිදුන් දේවරාජයාණන් වහන්සේට, තැබූ පුද පූජා උන්වහන්සේගේ ශ්‍රී නාමයට කැප කරන ආකාරයද පසුවට සඳහන් කරමු.

___ මහානුභාවසම්පන්න "මොර පිරිත “ ___

මොර පිරිතේ අනුහසින් සියලුම ඇස්වහ කටවහ දෝෂ දුරුවී සියලු යහපත ඉෂ්ඨ සිද්ධ වෙන බව කියවේ.

* 1.2 ගාථා රත්නයන් උදේටත්, 3 ගාථාව රාත්‍රියටත් සජ්ජායනය කල යුතුය.

* සිරිසෙත සලසන ශ්‍රී විෂ්ණු දෙවිඳුන්ට කල යුතු පුද පූජා *


_චතුර්විධ පූජාවන් සූදානම් කරගන්න.
එනම්,

1. මල් පහන් සුවඳ දුම් පමණක් දෙමින් තමන් කැමති ස්ථානයක දෙමින් පවත්වන පූජාව

2. පලතුරු 7 වර්ගයක්, පොල් ගෙඩියක් සහිතව තබන පූජාව

3. කිරිබත් නිල් වර්ණයෙන් වර්ණ ගන්වා පවත්වන පූජාව.

4. මහ පූජාව හෙවත් පංචෝපහාර පූජාවක් ලෙස දැහැත්, තැඹිලි, පැන්, මල් මාලා සහිතව පලතුරු සහ ආහාර සමග පවත්වන පූජාව.

* මල් පූජාව
සුදු මල්, නිල් මල්, උපුල් මල්(නිල් මානෙල්), වෙනත් සුවඳ හමන මල් පූජා විය යුතුය.

* පොල්තෙල් වෙනුවට තැඹිලි තෙල් භාවිතා කල හැක.

* පත්‍ර පූජාව
මදුරු තලා පත්‍ර, පූජාව සඳහා විශේෂයි.

* මුරුතැන් පූජාව
සහල් කිලෝ 8, පොල් ගෙඩි 8, කිතුල් හකුරු කිලෝ 3, සීනි කිලෝ 2, මුං ඇට කිලෝ 2, කජු ග්‍රැම් 500, වියළි මිදි ග්‍රැම් 500, එනසාල් ග්‍රෑම් 100, එළගිතෙල් බෝතල් 1.

මීට අමතරව ඔබ විසින් දත යුතු තවත් කරුණු කීපයක් පමණක් අඩංගු කිරිමට කටයුතු කලේ නිවරදි දේව පූජාවකට මග පෙන්විය යුතු හෙයිනි.

ලොකු පිරිසක් වෙනුවෙන් කරනවා නම් ගැටළුවක් නැත. එක්කෙනෙකේට පමණක් මෙම පූජාව නොකර හවුලේ බොහෝ දෙනෙක්ට යහපත පිණිස කරන්නේ නම් මැනවි.
මේවා පිලියෙල කිරිමේදි, කටින් කෙළ නොඒමට පවා වග බලා ගත යුතුය.

නැකැතකටත් වඩා බලගතු වන ශුභ පෙරනිමිති කවරේද ? (1)

(මෙය අපගේම පර්යේෂණක ප්‍රතිඵලයකි)

ඉරු උදාවත් සමග රාත්‍රි නින්දට යනතුරුම අප ජීවත් වෙන්නෙ ඉතාම තරඟකාරි ලෝකයකය. අපට එක් දිනකදි අප මුහුණ දෙන ගැටළු සහ උපද්‍රව කියා නිම කල නොහැක. මා මේ කියන තත්වය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ. දුප්පත් පෝසත් වයස් භේදයකින් තොරවද බලපායි.
එසේම මෙම තත්වය කිසියම් ආකාරයකට ආර්ථික, සමාජීය, සංස්කෘතික ලෙසද බලපායි.

අප කෙතරම් නැකැත් බලා සුභ කටයුත්තකට එලියට බැස්සත්, අපට මග තොටදි මුණ ගැසෙන අය නිසා එම කටයුත්තට විශාල බාධක ඇතිවිය හැක.

උදාහරණයක් ලෙස මාගේ පියා මා කුඩා කලදි එක්තරා කාරණයක් ගැන මතක් කලා මට මතක තිබේ. මගේ පියාණන් දිනයක මව සමග මහනුවර ප්‍රදේශයට යෑමට ගෙදරින් පිටත්ව ගිය විට සිදුවූවකි මෙය.
ඔවුන් දෙදෙනා ඉදිරියට කුඩා දරුවන් දෙදෙනක් කටු සහිත කෝටු වලින් රණ්ඩු කරමින් සිට ඇත. එම දර්ශනයෙන් පියාගේ මනස තරමක් අවුල් වී ඇත. ඉන්පසු එම දර්ශනය දැක පිටත් වූ ගමනද පියාට දැඩි ලෙස පීඩා ගෙනදී ඇත. එම දර්ශනය දැකීමෙන් ඇතිවන මානසික කඩාවැටිම සහ කම්පනයද මෙහිදි මතක් කර සිටිමි.
* මා මෙහිදී සඳහන් කරන්නේ යම් වෙලාවක ගමනක් යෑමට ඇති සුභ වෙලාවට එම ගමන යාමට බැරිවිය හැක. එම වෙලාවට තමන් අදහන ආගම සිහි කොට පුද පූජා පවත්වා වැඳ නමස්කාර කර යන්න. සෙත සැලසේ.
සුභ දිශාව බලා යෑමද ඉතා වැදගත් අත්‍යාවශ්‍ය කාරණයකි. හිස් අතින් නොයා මිල මුදල් අවශ්‍ය පමණට රැගෙන යාමද වැදගත්ය.

ගමනක් යාමට අද සමාජයේ සියලුම දෙනාට මතක් කරන අති සුවිශේෂි කාරණය

කිසිම හේතුවක් නිසාවත් ගමනක් යාමට සිටින විට යම් සිත් තැවුලකින් සිටිනවා නම්, තම අඹු දරුවන් සමග ක්‍රෝධයකින්, වෛරයකින් හෝ සිත් අමනාපයකින් සිටිනවා නම්, තමාගේ යටත් වැසියන්ට හෝ සේවයකයන්ට පහරදී/බැණ වැදී සිටින අවස්ථාවක නම් එම ගමන නොයා යුතුය.
කොටින්ම කියතොත් මානසික කඩාවැටීම් තිබෙන විටකදී යන ගමනකින් එතරම් සුභ පල අත් නොවේ.

එසේම තමා යන ගමන මානසික පීඩාවකින් තොරව යෑම තමා යන ගමන සාර්ථක වීමට හේතුවේ.
එසේම තම බිරිඳ සෞඛ්‍යමය පැත්තෙන් අපිරිසිදුවී සිටින වෙලාවට, බිරිඳ සමග සංගමයේ යෙදී ගමනක් යෑම ඉතාම අශුභ ප්‍රතිඵල ඇතිවිමට කාරණාවකි. එවන් සංවාසයකින් පසු ගමන් යෑම මහ විපතකින් කෙලවර වීමට ඉඩ තිබේ.
ගමනක් යාමට පිටත් වන විට වහලෙන් හූනෙකු අඬන්නේ නම් බළල්, ගව සහ එළු යන සත්වයන් කිවිසුම් හරිනවා නම් ළදරුවා නම් මහළුවන් වැනි පීනසින් පෙලන අය හැර වෙනත් අය කිවිසුම් අරිනවා ඇසේ නම් ගමන නොයාමට තීරණය කරගත යුතුය.
එසේම නිවසින් පිට වීමට ප්‍රථම කළු බල්ලන්, කළු බළලන් දැකීම අශුභය.
සෑම දිනකම ගමනක් යාමේදි උදේ 6 - 10 ත් අතර උතුර බලාද,
10-2ත් අතර නැගෙනහිර බලා යන්න.
සවස 2-6ත් අතර දකුණ බලා යන්න.

* මේවා අදාල දිනයන්හි මරු සිටින දිශාව අනුව වෙනස් වේ.

මධ්‍යම රාත්‍රි 12න් පසු ඔබ ගමනක් යන්නේ නම්, ඔබ බස්නාහිර බලා යෑම සුභ පල අත්විමට හේතුවකි.

සත් දිනට ගමන් යෑමේදි එම කාර්ය සිද්ධිය යහපතකින් කෙලවර වීමට අනුභව කල යුතු ඉතාම රහස් ආහාර වට්ටෝරුවක් අප සතුව ඇත.
එය මේ ආකාරයට පැවසීම කිරිම අපහසුය.

දෛව අංකය අනුව පැළදිය යුතු මැණික් වර්ගය...

අංක විද්‍යාව සම්බන්ධව පූර්ණ පලාපල සහ අංක විද්‍යාවේ ඇති වැදගත්කම ගැන අපගේ සේවයේ ඔබතමුන්නාන්සේලාට විශේෂ උපදේශන අපගෙන් ලබාගත හැක. විශේෂයෙන්ම අංක 1 සිට 9 දක්වා දෛව අංක හිමි අයට පළඳවන්නා වූ අති සුවිශේෂී මැණික් ගල් ඔබ්බ වූ මුදු, සම්බන්ධ විග්‍රහයකි පහත සඳහන් වන්නේ.

පහත ඡායාරූපයෙන් දැක්වෙන්නේ කොරල් ගලක් ඇල්ලූ මුදුවකි. එම මැණික් ගල අයත් වන්නේ දෛව අංක 9 හිමි අයටය.
අපි දැන් බලමු දෛව අංකය කෙනෙකුට හිමි වන්නේ කෙසේද කියා ..

උදාහරණයක් ලෙස, 1976 පෙබරවාරි 18 හිමි අයට උපන් දිනය 18 බැවින් එහි එකතුව 9 හිමිවේ.
එමෙන්ම උපන් දිනය 9 වන දින උපන් අයටත්, 27 වන අයටත් අංක 9 හිමි වේ.
එසේම අංක 9 දක්වා ඇති දෛව අංක හිමියන්ට අයත් මැණික් ගල් පහත පරිදි වේ.

අංක 1 - රවිට අයත් පද්මරාග

අංක 2 - සඳුට අයත් මුතු

අංක 3 - ගුරුට අයත් පුෂ්පරාග

අංක 4 - රාහුට අයත් ගෝමේද

අංක 5 - බුදට අයත් මරකත පච්ච

අංක 6 - සිකුරුට අයත් සුදු නිල්

අංක 7 - කේතුට අයත් වෛරෝඩිය

අංක 8 - ශනිට අයත් කාකනිල

අංක 9 - කුජට අයත් කොරල්(රතු කැටය)

* අදාල මැණික නිසියාකාරව ජප කරන ලද මුදුවකට අතිවිශේෂ ක්‍රමයකට පළදවා ගැනීමෙන් වාසනාව උදා වේ.

Iru Astrology :> #Irusewaya

දෛව අංකය හා බැඳුනු චරිත ලක්ෂණ ගැන දැනගන්න,
(https://www.facebook.com/photo.php?fbid=215172638677748&set)

_ භාව කේන්දරයේ සම්පූර්ණ පලාපල විස්තරය ලබාදෙන, Word Document සේවාව හෝ Skype/දුරකථන මාර්ග සේවාව, අපල ආදියට කල යුතු ශාන්ති කර්ම, යහපත් පැවැත්ම, අපල සමනයටත්, අදාල ග්‍රහයාගේ සුභ පල ලබාදීමටත් ලබාදෙන යන්ත්‍ර, ආරක්ෂණ යන්ත්‍ර, ජීවිතයේ ජයග්‍රහණ යහපත උදාකරණ සර්වජන වශී ධන සාධන ආකර්ෂණ යන්ත්‍ර, නාමකරණය (පුද්ගල, ව්‍යාපාර) තැබීම(නම් තැබීම).
නිවසට පැමිණ වාස්තු විද්‍යා උපදේශනය ඇතුළු සියලූම ජෞතිෂ්‍ය කටයුතු සඳහා inbox කරන්න.
0711 345 364

මෘදුකාංගයෙන් පොරොන්දම් ගැලපීම

පොරොන්දම ගලපනු ලබන්නේ විවාහ වන දෙදෙනෙකුගේ විවාහය ගැන පූර්ව අනාවැකි, ගැලපීම් නොගැලපීම් කීම සඳහාය.

මේ ලගදි සිට බොහෝ වෙබ් අඩවි වල සහ දුරකථන මාධ්‍ය ජාලයන්හි 100%ක්ම නිවරදිව විනාඩි ගණනකින් පොරොන්දම් ගලපා දෙනු ලබන බවට කරන ප්‍රකාශ අප දුටුවෙමු.

විනාඩි ගණනක විස්තර ලබාදීමකින් පොරොන්දම් පරික්ෂා කල හැකි නම් සෑම දෙනෙක්ටම ජෞතිෂ්‍යය වෘත්තියක් ලෙස කල හැකි විය යුතුය.

මෘදුකාංග නිපදවන්නේ ගණනය කිරීමේ කටයුතු උදෙසාය.

ජෞතිෂ්‍යය යනු පුරාතන දැනුම, ගණනය කිරීම සහ අත්දැකීම මත පදනම් වූ ප්‍රායෝගිකත්වය තිබෙන ශාස්ත්‍රයකි.

අප දැන් මේ ලබාදෙන පින්තූර සටහනට යොදාගෙන තිබෙන අප භාවිත කරන එක් මෘදුකාංගයකින්ද නිවරදිවම පොරොන්දම් ගලපන බව අප වෙබ් අඩවියක දැක ඇත.
ගැටළුව නම් මෙම මෘදුකාංගයේද ප්‍රතිඵලයන් දළ ප්‍රතිපලයන් වීමයි. කිසිසේත්ම 100%ක් නිවරදි නැත.
දක්ෂ, ප්‍රවීණ ජෞතිර්වේදියෙකු උවමනා කරන්නේ එම කටයුත්ත නිසියාකාරව කරගැනීමටයි. එසේ නැතිව මෘදුකාංගයෙන් පමණක් නිවරදි කටයුත්ත කිසිසේත් කල නොහැක.

Saturday, March 1, 2014

ලෝක ජනගහණයෙන් සෑහෙන කොටසක් කෑම නැතිව අසරණව සෑමදාම සිටී...

ඒනිසා ඔබ කන එක් බත් ඇටයක් හෝ අපතේ නොයවන්න.
අසරණ අයට මුදල් දෙනවාට වඩා කෑම දීම වටින්නේය.

ආහාරයකින් අප විසින් ඕනෑම කෙනෙකුට “ආයුෂ, වර්ණ, සැපය, බලය, ප්‍රඥාව“ දෙනු ලබයි.

තිරිසන් සතෙකුට වුවත් පිරිසිදු තැනකට ආහාරයක් ලබාදීම ආත්ම සිය ගණනක් දෙව් ලෝ, මිනිස් සැප ලැබීමට හේතු ඇතිවන්නක් බව බණ පොතේ කියවේ.