Wednesday, March 19, 2014

_ මේ සතිය ලග්න වලට කොහොමද__

මේෂ
ඔබගේ චන්ද්‍ර ගමන ආරම්භයෙදි 6 වැන්නේ ගෝචර වේ.
සතිය මුලදි කරන කියන කටයුතු අඩාල වේ.
සෞඛ්‍ය ගැටළු ඇතිවිය හැක. ගෙදර දොරේ දියුණුවට යම් බාධාවක් ඇතිවිය හැක. නමුත් සතිය මැද වන විට මේවා සමනය වේ. සතිය මැදදී තිබුනු බොහෝ අපල දුරුවී යනු ඇත. නව පෙම් සබදතා ඇතිවිය හැක.
විශේෂයෙන්ම අවිවාහක අයට මංගල යෝග උදාවේ.
ආර්ථිකය යහපත් වේ.
හවුල්කාර ව්‍යාපාර සහ ජලය ආශ්‍රිත ව්‍යාපාර කරන අයට මේ සතිය අගදී සුභයි.
සෙම් අමාරු සහ වාත රෝග වැලදිය හැකි බැවින් සැලකිලිමත් වන්න.

වෘෂභ
වාසනාවන්ත සතියකි. ගෙදර දොර කටයුතු සහ දුවාදරුවන්ගෙ කටයුතු සාර්ථක වනු ඇත. අධ්‍යාපනය ලබන සෑමදෙනාටම සුභ සතියකි.
ආර්ථික තත්වය මෙ සතියෙදි වැඩි දියුණු වේ. ගෙදර දොර ප්‍රීතිය ඇතිවේ. දරුවෙකුගේ ජයග්‍රහණය සම්බන්ධව ආඩම්බර වීමට කාලයයි.
ආර්ථිකයද හොඳ නිසා නිවසට අලුත් බඩුමුට්ටු ආදිය ලැබේ.
වෘෂභ ලග්නයේ ගර්භණී මාතාවන්ට පින්වත් දරු සම්පත් ලැබේ.
සෞඛ්‍ය තත්වය තරමක් අයහපත් වන්නෙ සතිය අගදීය. සෙම් රෝග සහ ආහාර අජීර්ණ රෝග මේ අතර ප්‍රධානයි. ඒ ගැන සැලකිලිමත් වන්න.

මිථුන
ඔබට සතියෙ මුල් කාලය බොහෝ වාසනාවන්තයි.
තත්කාල ග්‍රහචාරයේ ගුරු ලග්නයේ සිට සඳු/චන්ද්‍රයා 4 වැන්නේ සිටින බැවින් ගජකේශරී යෝග බලයක් සමග යෙදීම සුබයි.
නිවසට නෑදැයන් පැමිණේ, භූමි ලාභ දේපල ලාබ ලැබේ.
මිතුරු ඇසුර ලැබේ. රේස් ඔට්ටු දිනුම් ආදියෙන් මුදල් ලැබේ.
එසේම ජයග්‍රහණය බලාපොරොත්තු විය හැක. සතිය පුරාවටම ප්‍රීතියෙන් ගත කල හැක. රෝගාබාධ සම්බන්ධව විශේෂ යමක් නැතත් පපුවේ සෙමගතිය ඇති අය පරිස්සම් වන්න.

කටක
මේ සතිය සුභ සතියකි. තමන්ගේ උත්සාහය උනන්දුව හා කැපවීම අනුව ජයග්‍රහණ ලබාගත හැක. තමාගේ සහෝදර සහෝදරියන් මාර්ගයෙන් මුදල් ලැබීමට වාසනාව ඇතිවේ. එසේම මෙම සතියෙදි තමන්ට බොහෝම සිත සතුටින් පිරෙන සතියක් බව කිව යුතුය.
නව තාන්න මාන්න පදවි තානාන්තර ලැබීමට පුලුවන. සතිය අගදී රැකියා සම්බන්ධව ඉඟියක් ලැබේ. එය බොහෝවිට තමන්ගේ වාසනාවට එන එකක් විය හැක.
රෝගාබාධ සම්බන්ධව සැලකීමේදි පීනස හා හතිය ගැන පරිස්සම් වන්න. එසේම තමන්ගේ ශරිරයේ ලේකෝප වීම ඇත්නම් ඒ ගැන බලාගන්න.

සිංහ
ඔබට මේ සතිය මිශ්‍ර පල සහිත සතියකි. මිශ්‍ර පල කීවාට සුභ පල තම උත්සාහයේ උනන්දුවේ හැටියට ලබාගත හැක.
තමාගේ කටට නිදහසක් නැතිවෙන සතියක් බව කිව යුතුය. බොහෝවිට තමන්ගේ කතාව නිසා බොහෝ අය තමාට වශී වීමට ඉඩ තිබේ. එසේම කතාව නිසා මුදල් ලැබෙන සතියකි. මේ කාලය සිංහ ලග්න නීතීඥ මහතුන්ට සුබය.
ආර්ථිකය යහපත් කාලයකි.
රෝගාබාධ සෙම් අමාරු ගැන, සෙම් ගෙඩි, පීනස් අමාරු ඇති අය පරිස්සම් වන්න.

කන්‍යා
ඔබට මේ සතිය වාසනාවන්ත සතියකි. තමන්ගේ දක්ෂතා මතුවන සතියකි. අධ්‍යාපනය ලබන දරුවන්ට බොහෝ සුබයි. දේශපාලකයන්ට මේ සතිය ඉතා සුබයි.
විශේෂයෙන්ම සිතේ සතුට ප්‍රීතිය හා පරිවාර සම්පත්තිය ලැබේ.
තමන්ගේ ව්‍යාපාර වලට, තම ඇසුර නව පංගුකාරයන් හා මිතුරන් ලැබේ. සිත ප්‍රීතියෙන් ගත වන කාලයකි. තවද ඔබ ජනප්‍රිය වීමට ඉඩ තිබේ. විශේෂ රෝගාබාධ නැතත්, ඔබ ප්‍රවේසම් විය යුත්තේ රථ වාහන ගමන් බිමන් වලදීය.

තුලා
ඔබට මේ සතිය පටන් ගන්නේ ඉමහත් පාඩු සිදු කරගෙනය. තමාගේ වටිනා කියන දෙයක් සොරුන් අතට පත්වීමට ඉඩ තිබේ.
එසේම තුලා ලග්නයේ රියැදුරන් පරිස්සම් විය යුතු කාලයකි. නොකල වැරදි වලට නිකරුනේ දඩ ගෙවීමට සිදුවිය හැක.
ව්‍යාපාරික මහතුන් චෙක් හා මුදල් ගනුදෙනු වලදි පරිස්සම් වන්න.
මුදල් පාඩු ඇති බැවින් ඒ ගැන අප කිව්වා ඇති.
ගෘහ ජිවිතය ප්‍රීතිමත්ව ගත කිරීමට නම් මෙන්න මේවා නිවරදි කරගත යුතුය.
හදිසි තුවාල කරදර ඇතිවිමට හේතුයි.
ක්‍රීඩකයන් පරිස්සම් විය යුත්තේ හිසට හා පාද වලට අනතුරු වීමට ඉඩ ඇති බැවිනි.

වෘශ්චික
ඔබගේ කටයුතු වලට සුභ ආරම්භයක් සතියේදි ලැබේ. අලුත් මිතුරු සමාජයක් ආශ්‍රය කිරිමට වාසනාව සහ හැකියාව ලැබේ. එසේම තමාගේ වැඩිමල් සහෝදරයන් මාර්ගයෙන් තමාගේ දියුණුවට අතහිත ලැබේ.
විවාහ අපේක්ෂකයන්ට ඒ සම්බන්ධව යම් ඉගියක් ලැබෙනු ඇත. සතිය අගදි මේ තත්වය වෙනස් වී මුදල් පාඩු අඟහිගකම් ඇතිවිය හැකි බැවින් ඒ ගැන බලාගන්න. රෝගාබාධ ගැන පරිස්සම් විය යුත්තේ, ආහාර ජීර්ණ පද්ධතිය හා ඇලජික්(ආසාත්මිකතා) ඇති ඒවා ගැනය.

ධනු
සුබ සතියකි. රැකියා නැති අයට රැකියා ලැබේ. විශේෂයෙන්ම නාවුක හා ජලය ආශ්‍රිත රැකියා කරන අයට ඒවායේ දියුණුව හා උසස්වීම් ලැබිය හැක.
ව්‍යාපාරික ක්ෂෙත්‍රයේ සිටින ධනු ලග්න හිමියන්ට පොලු නොවැටෙන කාලයකි. දුන් මුදල් අයවේ. ඒ ගැන සතුටු දායක තත්වයක් ඇත.
විශේෂ රෝගාබාධ ගෝචරයෙන් නොපෙන්වයි.
නිදන්ගත රෝග ඇති අය ඒවා පාලනයට යොමු වන්න.

මකර
ඔබගේ මේ සතිය ඉතාම වාසනාවන්ත සතියකි.
විශේෂයෙන්ම ආර්ථිකය දියුණුව ඇතිවන කාලයකි. එසේම තමන්ගේ දියුණුව සැලසේ. උසස් අයගේ ඇසුර නිරන්තරයෙන්ම ලැබේ. එය හොඳයි.
තවද දියුණුවට අතහිත ලැබේ.
දුර ඈත වන්දනා ගමන් වලට සහභාගිවිමට පුලුවන.
එසේම තමාගේ වැඩිහිටියන්ට බොහෝම සලකන කාලයකි. ආධ්‍යාත්මය හොද නිසා එදිනෙදා කටයුතු වලට බාධාවක් ඇති නොවේ.
රෝගාබාධ විසේසයෙන් නැතත් පවතින රෝග සමනයට උනන්දු වන්න.

කුම්භ
චන්ද්‍රයා 8 වැන්නේ සිටිමින් ඇරඹෙන බැවින් ජලය සම්බන්ධ රෝග වලින් පරිස්සම් වන්න.
කුම්භ ලග්නයේ දරුවන් නොදන්නා ස්ථාන වල දිය නෑමෙන් වැලකිය යුතුය. තමාගෙ වාසනාව අවාසනාවට පෙරලීමට ඉඩ තිබේ.
තමාගේ ආර්ථිකය සම්බන්ධව සුබ පල බලාපොරොත්තු විය නොහැක.
විසේසයෙන්ම රෝගාබාධ ලෙස සෙම් අමාරු, පපුවේ මහන්සිය, හතිය ආදිය ලෙස සදහන් කල හැක.

මීන
මේ සතිය සුබ සතියකි. විසේසයෙන්ම අවිවාහක අයට මංගල යෝග උදාවේ. සිත ප්‍රීතියෙන් ගත වේ. තම දියුණුවට කරුණු කාරණා යෙදේ.
එසේම අඹුසැමි ප්‍රීතිය ඇතිවේ. සතිය අගදී තරමක් පරිස්සම් වන්න.
8 වැන්නේ පාප ග්‍රහයන් වැඩි ගණනක් සිටින නිසා නිදන්ගත රෝග ඇති අය යම්කිසි ආරක්ෂාවක් කරගැනීම හොදයි.

No comments:

Post a Comment