Wednesday, March 19, 2014

__ චන්ද පිරිත __

“නමෝ තේ බුද්ධ වීරත්ථු
විප්ප මුත්තෝසි සබ්බධී
සම්බාධපටිපනෝන්ස්මි
තස්ස මේ සරණං භවාති

තථාගතං අරහන්තං
චන්දිමා සරණං ගතෝ
රාහු චන්දනං පමුච්චස්සු
බුද්ධා ලෝකානුකම්පකි

කින්නු සන්තරමානෝව
රාහු චන්දං පමුච්චසී
සවිග්ගරූපො ආගම්ම
කින්නු භීතො තිට්ටසීති

සත්තධා මේ ඵලේ බුද්ධා
ජීවන්තොන සුඛං ලභෙ
බුද්ධා ගාථාභිගී තොමහි
නොචෙ මුඤෙචය්‍ය චන්දිමයන්ති “

අදහස ඇතුලත් සිද්ධිය...

චන්ද්‍ර දිව්‍ය පුත්‍රයව රාහු අසුරයා ගිලගත්ත වෙලාවෙ, සඳ දිව්‍ය පුත්‍රයා බුදුන්වහන්සේ ගෙන් උදව් ඉල්ලනවා. සම්බුදු වීරයාණෙනි මම කරදරේ වැටිලා මාව මුදවා ගන්න කියල....
එතකොට බුදුන් වහන්සේ රාහු අසුරයට කියනවා, රාහු අසුරින්දය සඳ දෙව්පුතු සරණ ගිහිල්ලා තියෙන්නෙ තථාගතයන්වහන්සේය, බුදුවරු ලොවට අනුකම්පා කරනව කියල.
බුදුන්වහන්සේගේ වචනයකට පිටුපාන්න බැරි නිසා රාහු සඳ දෙව්පුතුව අතෑරලා, යනවා.
ඊට පස්සෙ අසුරයන්ගෙ නායක වේපචිත්තිට රාහුව මුණ ගැහෙනවා. වේපචිත්ති අහනවා ඇයි සඳ දෙව්පුතාව අතෑරියේ, ඇයි මේ භයෙන් වගෙ ඉන්නෙ කියල.
එතකොට රාහු අසුරයා කියනවා, බුදුන්වහන්සේ කිව්වා සඳ දෙව් පුතුව අතාරින්න කියල, මම නොකල නම් මගේ හිස සත් කඩකට පැලිලා මැරෙන්න තිබුනා, නොමැරුනත් මට සැනසීමක් නොලැබේවි බුදුන්වහන්සේගෙ වචනෙට පිටුපෑව නම් කියල, එනිසා මම සඳ දෙව් පුතුව නිදහස් කලා කියල.

තෙරුවන් සරණයි !

No comments:

Post a Comment