Wednesday, March 19, 2014

_ Shah Rukh Khanගේ ජන්ම පත්‍රය _ (1965 11 02 පාන්දර නවදිල්ලි නුවරදී සිංහ ලග්නය)

ලොවක් රංගනයෙන් වශීකල මෙම අනභිවනීය කලාකරුවා භාරතයේ තවත් එක අනන්‍යතාවයකි. 1992දී සිනමාවෙන් සම්මාන හිමිකරගත් ඔහු තවමත් බොලිවුඩයේ රජු වශයෙන් කිරුළු පැළද සිටී.
මෙලෙස ඉතාම ජනප්‍රියත්වයේ හිනි පෙත්තට පැමිණීම සහ ආර්ථික තත්වය ඉතාම ඉහලට ඒමට හේතු සාධක වූ ග්‍රහ බලය පරික්ෂා කොට බලමු.

මෙම සිංහ ලග්න ජන්ම පත්‍රය අනුව මොහු උප්පත්තිය ලබන මෙවන් ග්‍රහ බලයක් සහිතව උපත ලබා ඇත.

● උප්පත්ති කේන්දරයේ ලග්නාධිපති රවි බලවත්ව වික්‍රමස්ථානගතව ඇත. මෙහිදී රවි නීච වුවත් රාජයෝගයක් උදා කරන බවට ජෞතිෂ්‍යයෙන් දී ඇති සිද්ධාන්තයට කදිම පිලිතුරක් මොහුගේ කේන්දරයෙන් විද්‍යාමාන වේ.

● උප්පත්ති කේන්දරයේ කුජ/අඟහරු, බුධ යෝගයක් 4 වැන්නේ ඇත. මෙහිදී පංච මහා පුරුෂ යෝගයක් වන රුචක යෝග බලය උප්පත්තියෙන්ම හිමිව තිබේ. මෙම නිසා මොහු ආත්ම ශක්තිය සහ ආත්ම ශක්තිය මැනවින් ඇති පුද්ගලයෙකි.

● ශෝභමාන කඩවසම් පෙනුමක් ලබාදී ඇත්තේ 5වැන්නේ සිටින සිකුරු/ශුක්‍ර ග්‍රහයාය. පූර්ණ වශයෙන්ම සිකුරුගේ දෘෂ්ඨිය ලග්නයට වැටීම නිසා සිකුරුට අයත් නළුකම වෘත්තිය වශයෙන් තෝරාගෙන ඇත.

● එසේම අප දන්නා පරිදි ශාරුක් ඛාන් යනු බොහෝ සෙයින් හිත උණුවන දුගී දුප්පතුන්ට පවා උදව් උපකාර කරන නිරහංකාර චරිතයකි. එයට හේතුව සිකුරු ග්‍රහයා 5 වැන්නේ සිටින බැවින් සිතුම් පැතුම් හා සිතිවිලි, අනුකම්පාව හිමි දයාබර මානසික තත්වයක් මොහුට හිමිය.

● තවද ශනි බලවත් නිසා මොහු තැලෙන පෑගෙන අය වෙනුවෙන් යම් හඬක් නගයි.

● උප්පත්ති කේන්දරයට අනුව රාහු ග්‍රහයා උච්ච බලයෙන් 10 වැන්නේ සිටින නිසා උපතින්ම කවදා හෝ ලෝක ප්‍රසිඬ පුද්ගලයෙකු බව ජන්ම පත්‍රයේ සඳහන්ව ඇත. තවද ශාරුක් ඛාන් නැමති මේ නළුවා සියලුම දෙනා ජනප්‍රියම නළුවෙක් ලෙස හැඳින්වුවද මොහු “අධ්‍යාපන ක්ෂෙත්‍රයෙන්ද ඉහලටම“ පැමිණියෙකු බව දන්නෙ ස්වල්ප දෙනෙකි.

* බුද්ධිකාරක බුධ ස්වක්ෂෙත්‍ර කුජ සමග 4 වැන්නේ සිට 5 වැන්නාධිපති ගුරු 11 වැන්නේ බලවත්ව සිකුරුට හෙලන සප්තම දෘෂ්ඨිය නිසා මොහු අධ්‍යාපනයෙන්ද ඉතාම සාර්ථකත්වයක් පෙන්වා ඇත.
මෙතුමාට ආර්ථික විද්‍යාව සම්බන්ධව ශාස්ත්‍රවේදී ගෞරව උපාධියක් ඇත. එසේම ජන සන්නිවේදනයට සම්බන්ධවම එම්.ඒ උපාධියක්ද ලබා ඇත.

● ලොවින් එකෙක් එක් දෙයකට වෙයි සමත යන වදන බොරු කල කෙනෙකි. මොහු සැබෑවටම සෑම අංශයකින්ම ඉතා වටිනා පුද්ගලයෙකු බව කිව යුතුය. තවද ජෝෘතිෂ් ශාස්ත්‍රයෙන් දැකගත හැකි අපූරුම කාරණාවක් මතක් කරමි.
අස්විදේ සිට රේවතී දක්වා නැකැත් ගැන බැලීමේදී ශුභ නැකැත් කාණ්ඩයෙන් ප්‍රමුඛවම සිටින නැකති ‘සුවණ නැකත‘.
මෙම සුවණ නැකතින් උපන් පුද්ගලයා නිරායාසයෙන්ම බැබලීමට ලක්වේ. ශාරුක් ඛාන් මහතාද එසේ වූ පුද්ගලයෙකි. එසේම මෙම සුවණ නැකතින්ම උපන් තවත් පුද්ගලයෙකු ලෙස දමිල සිනමාවේ සුපිරි තරුව ලෙස කිරුළු පලන් රජනි කාන්ත්ය.

ඔබ අප සියලු දෙනා මෙන් සාමාන්‍ය ලෙස මෙලොව එලොව දුටු මේ පුද්ගලයා මෙතරම් ලෝක පූජිත විමට තරම් හේතු සාධනීය වූ අපූර්වතම ග්‍රහ රටාව ගැන පරික්ෂා කොට බලන්න. විමසන්න ග්‍රහ බලය.
( Iru පර්යේෂණ අංශයේ විග්‍රහයකි - සෑමදෙනාටම තේරුම් ගැනීමේ පහසුව තකා විග්‍රහය ඉදිරිපත් කර ඇත)

No comments:

Post a Comment