Sunday, March 2, 2014

සිරිසෙත සලසන ශ්‍රී විෂ්ණු දෙවිඳුන්ට පවත්වන පූජා - 2

විෂ්ණු දෙවියන්ට තබන පලතුරු සම්බන්ධව ඔබව දැනුවත් කිරීම මහත් සත්කාරයක් බව මතක් වේ. එම පලතුරු මෙසේය.

ඇඹුල් කෙසෙල්, අන්නාසි, දූරියන්, අඹ, වෙරළු, බෙලි, ජම්බු, පේර, ලොවි, දොඩම්, මිදි, ඇපල්, පෙයාස්, මොර, කජු, පලු, නෙල්ලි, කිරල, වීර, සැපතිල්ල, උක්, උගුරැස්ස.

කැවිලි වර්ග මෙසේය.

කැවිලි තමාගේ නිවසේදීම ඉතාම පිරිසිදුව සකසා ගත යුතුය.
තල ගුලි, හබල පෙති, මුං අතිරස, අග්ගලා, කැවුම්, වැලිතලප, ඉඟුරු දෝසි, කිරිටොපි, ආස්මි.

* ශ්‍රී විෂ්ණු දෙවිඳුන්ට පූජා කරන ආහාර මෙසේය.

කිරිබත්, ඇඹුල් බත්, මුං ඇට බත්, පැන් කිරිබත්, ගිතෙල් බත්,

* පූජා කරන පැන්

පිරිසිදු පෙරන ලද ජලය, මිදි පානය, කස පැන් පානය, පලතුරු බීම පානය, එසේම රණවරා, කොළකැඳ, හාතාවාරිය වැනි සුවඳ ඇති කරන ඖෂධීය පාන වර්ගද අවශ්‍යයි. කොත්ත මල්ලි පානයත් එසේමයි.

* ලද පස් මල් ඉස, පූජා වට්ටිය නිල් තිරයකින් වැසිය යුතුය.

සෙත් කවි කීම, සියලු ග්‍රහ අපල සදහා විෂ්ණු දෙවිදුන් හා කතරගම දෙවිදුන් උදෙසා සෙත් කවි ලියවා ගැනීම සිදුවේ. ඒවා සම්බන්ධව මතුවට ඔබට පලකිරිමට අදහස් කරමු.

* විෂ්ණු නාම ස්ත්‍රොත්‍රය සහ ඉදිරියේදි විෂ්ණු කන්නලව්වන් ගැනද විස්තර කරනු ලැබේ.

ආරක්ෂාවට තෙල් මැතිරිමට දෙහි මතුරා කැපීමට, නූල් බැඳීමට, ශ්‍රී විෂ්ණු දැහැන් 7 අප සතුව ඇත. යම්කිසි බලවේගයක් නිසා සිහිය අවුල් වූ අය සිහි ගන්වන්නට ශ්‍රී විෂ්ණු දැහැන අප සතුව ඇත.
තවද ශ්‍රී විෂ්ණු රාජ වශී දැහැනද ඇත.
අප මෙතරම් වෙලා පැවසූවේ, විෂ්ණු දෙවිදුන්ට පවත්වන පූජාවන් සහ ඊට අදාල ක්‍රම සහ විදිය. එසේම උතුම්වූ ලෝක පාලක මහා විෂ්ණු දෙවිදුන් දේවරාජයාණන් වහන්සේට, තැබූ පුද පූජා උන්වහන්සේගේ ශ්‍රී නාමයට කැප කරන ආකාරයද පසුවට සඳහන් කරමු.

No comments:

Post a Comment