Wednesday, March 19, 2014

උසස් අධ්‍යාපන ක්ෂෙත්‍රයේ ඉහල තනතුරක් දරන අයෙකුගේ කේන්දර සටහන

මෙම කේන්දර සටහන හිමි කාන්තාව ලංකාවේ උසස් අධ්‍යාපන ක්ෂෙත්‍රයේ ඉහලම තනතුරක් දරන කෙනෙකි. ඇයව එම ක්ෂෙත්‍රයට ඉතා වැදගත්ය. බොහෝ දෙනෙකුගෙන් ගරු සැලකුම් ලබන වන්දනීය චරිතයකි.

සැප දුක දෙකම සමබර කරගන්නා තුලා ලග්නයෙන් ඉපිද ඇති මෙතුමිය සිත් ගන්නා සුළු රූප ස්වභාවයකින් හා ආකර්ෂණීය කටහඬකින් යුතු කෙනෙකි.

1) තුලා ලග්න කේන්දරයේ 1 වෙනි භාවයේ ශනි උච්ච බලයෙන් යුතුව සිටීමෙන් “ සස යෝගය“ නම් පංච මහා පුරුෂ යෝගය උදාවී ඇත. සස යෝගය ප්‍රධාන රාජ යෝග 5න් එකකි.

සස යෝගයට මුල් වන ශනි ග්‍රහයා හෙවත් සෙනසුරු නිසා බොහෝ දුක් කරදර කම්කටොලු මැදින් ඒවා විඳ දරාගෙන ඕනෑම කැපවීමක් කරමින් අධිෂ්ඨානශීලිව කටයුතු කරති. පීඩිත පන්තිය කෙරේ කැමැත්තක් දක්වයි. බලවත්ව යෙදී ඇත්නම් නියත වශයෙන්ම උසස් වේ.
පාලන බලය ගැනීමට හැකියාව ඇති අයෙකි. පිරිස් බලය එනම් පරිවාර සම්පත්තිය ඇතිවේ.

එසේම ශනි තුලාවේ උච්ච වීම නිසා “ සේනක යෝගය“ යෙදී ඇත.

“ ආත්ම ධෛර්යෙන් යුතු අය වෙති. බොහෝ කර්මාන්ත වල නියැලිය හැක. නායකයෙක් වන්නේය. කොපමණ දුෂ්කරතා පැමිණියද තමන්ගේ අරමුණු වෙනුවෙන් දිරිමත්ව කටයුතු කරයි“ .

2) රවි-බුධ-කුජ යෝගය

මුලු කේන්දරයටම ඉමහත් බලයක්, ඉදිරියට යෑමක් මෙම යෝගයෙන් යෙදී ඇත. මෙම පිහිටීම 11 වැන්නේ පිහිටීම ඉතා සුභ පිහිටීමකි.

එසේම රවි ග්‍රහයා 11 වැන්නේ පිහිටීම “ කෝටියක් දෝෂ භංග කරන/අරිටු දෝෂ භංග කරන“ පිහිටීමකි.
රවි ග්‍රහයා ‘ස්වක්ෂෙත්‍ර බලයෙන්‘ 11 පිහිටීමද වැදගත් වන අතර, අවස්ථාව බැලූ කල රවි සිටින්නේ ‘ප්‍රකාශ‘ අවස්ථාවේය. එයදි ඉතා වැදගත් වේ.
බුධ සිංහයට සතුරු වුවද 11 වැන්න නිසා එය එතරම් නොදැනෙන අතර,
රවි - බුධ යෝගය හෙවත් භාග්‍ය යෝගය එනම් ආදිත්‍ය යෝගය ඇත.
භාග්‍ය යෝගය යෙදෙන බොහෝ දෙනෙකු යහපත් අධ්‍යාපනයක් ලැබීම පොදු ලක්ෂණයකි. රවි බුද යෝගය ඕනෑම භාවයකට සුභ පල දෙන අතර 11 වැන්නට විශේෂ සුභ ඵල දේ.
ඉහල දියුණුවක් ලැබීමට හැකි යෝගයකි.
එසේම කුජද සංයෝගව සිටීම යෝගයේ බලය වැඩි දියුණු කරයි.

3)
10 වැන්නට සුභ සිකුරුගේ පිහිටීම මෙම කේන්දරයටද යහපත් කර ඇති බව පෙනේ. කේතු 10 වැන්නට එතරම් සුභ නැතත් කේතුගේ පිහිටීමෙන් ඥානකාරක භාවයක් ලැබී ඇත.
සිකුරු නිසා අලංකාර බව ආදි සිකුරුගෙ බලය පෙන්වන සියල්ල ලැබී ඇත.

4)
ගුරු 9 සිටීම නිසා පෙර පින් ඇති බව පෙන්වයි. ගුරු 9 සිටින අය කුමන කාලයක වුවත් අන් අයගේ ගරුත්වයට පාත්‍ර වෙති. ගුරු වෘත්තිය වැනි උපදේශන වෘත්තින් වලට සුබය.
ගුරු මිථුනයේ පිහිටීම නිසා උසස් සිතිවිලි, උසස් අය අසුරුකිරීමට ලැබීම ඇතිවේ. දුරදිග බලා කටයුතු කරයි. තම ගෞරවය රැකගනී.
මෙම කේන්දර සටහන හිමි තැනැත්තියගේ පෙනෙන ලක්ෂණයක් වන ව්‍යාපාර කිරීමට අකමැති වීම ගුරු මිථුනයේ සිටින අයට පොදු කාරණයකි.

* චන්ද්‍රයා/සඳු 12 සිටීම ස්ථාන වශයෙන් අයහපත් වුවද චන්ද්‍රයා සිටින්නෙ කන්‍යාවේ වීම වැදගත්ය.
චන්ද්‍රයා කන්‍යාවේ වීම නිසා යහපත් සිහිකල්පනාවක් ඇති කෙනෙකු වේ. ගුරු වෘත්තියටත් හොඳ යෝගයකි. අහංකාර ගති අඩුය.

No comments:

Post a Comment