Saturday, March 15, 2014

සිකුරු, කුජ, චන්ද්‍ර සහ ගුරු

කාන්තා කේන්දර සටහනක මූලිකව වැදගත් වන ග්‍රහයන් ලෙස සිකුරු, කුජ, චන්ද්‍ර සහ ගුරු හැඳින්විය හැක.

ග්‍රහලොව සියුමැලි කුමාරිකාව වන සිකුරු/ශ්‍රක්‍ර අලංකාරවත් දෙයට අධිපති නිසා සිකුරු ස්ත්‍රි කේන්දර සටහනක මූලිකත්වය ගනී. විශේෂයෙන් ලෞකික දියුණුව ගැන කියවෙන කටයුතු වලට සිකුරු බලපායි.
මෙහිදි ස්ත්‍රි කේන්දර සටහනක සිකුරු නීච වීම පොදුවේ සුභ නැත.

එසේම සිතිවිලි වලට අධිපති වන, සෞම්‍ය සඳු/චන්ද්‍රයාද ස්ත්‍රි කේන්දරයක වැදගත් තැනක් ගනී.

ස්ත්‍රි කේන්දරයක සඳු, කුජ, ගුරු, සිකුරු යන ග්‍රහයන් බලවත්ව පිහිටයි නම් එය බොහෝ සුභ පල දෙනු ඇත. එහිදීද 2, 3, 5, 7, 9, 11 වැනි භාව වල යහපත්ව පිහිටා ඇත්නම් මැනවි.

පොදුවේ ස්ත්‍රි කේන්දරයක 1 වැන්නේ සඳු පිහිටිම වැදගත්ය. එසේ වුවද පාප දෘෂ්ඨි ලැබේ නම් හොඳ නැත. එසේම ස්ත්‍රි කේන්දරයක 2 අධිපති වන ග්‍රහයා පාප දෘෂ්ඨි ලබයි නම්, පීඩා විඳියි නම් 6, 8, 12 යන දුෂ්ඨ තැනක සිටි නම් විවාහයෙන් පසු මානසික තැවුල්, ආර්ථික අපහසුතා විය හැක.
එසේ නොවී සුබව පිහිටා ඇත්නම් යහපත් වාසනාවන්ත විවාහයක් ලැබෙනු ඇත.

කේන්දරයක 3 වැන්න වන වික්‍රමස්ථානයට ත්‍රිකෝණ වශයෙන් 7 වැන්න පෙනේ. එහි සුබයෙකු සිට 7 වැන්න දැකීම සුබයි. පාපී නම් තමාට වඩා තත්වයෙන්, කුලයෙන්, ධනයෙන්, ජාතියෙන් පහත් කෙනෙකු ස්වාමියා ලෙස ලැබීමට ඉඩ ඇත. එනිසා 7 වැන්න දුර්වල නොවිම මෙන්ම යහපත් දෘෂ්ඨි අතිශයන් වැදගත් වේ. (මෙම තත්වයන් නිවරදිව කිව හැක්කේ භාව කේන්දරමය හෝ සූක්ෂම කේන්දරමය පරික්ෂාවකිනි).

එසේම දරුවන් හා අධ්‍යාපනය ගැන කියවෙන 5 වැන්නද වැදගත්ය. 5 වැන්න අධිපතියා පාපියෙකු හා සිටීම දරුවන්ට අපල ගෙනදේ. පොදුවේ කුජ 5 සිටිම එතරම් සුභ නැත. පාප දෘෂ්ටි නැතිනම් සුබයි.
5 වැන්න අධිපතියා සුභව පිහිටයි නම් වාසනාවන්ත උසස් දරුවන් ලබයි.

7 වැන්නේ පාපියෙක් හා 7 අධිපති පාපයෙක් සමග සිටී නම් විවාහය කල් යාමට ඉඩ ඇත. දෝෂ පවති.

7 වැන්නට සුභ ග්‍රහ දෘෂ්ඨි ලැබේ නම් යහපත් විවාහයක් සිදුවිය හැක.

7 වැන්නේ කුජ බලවත්ව සිටීමද වැදගත් අතර එවන් අවස්ථාවක ගුරු, සිකුරු ගේ බැල්ම වැටේ නම් ප්‍රියමනාප කාන්තාවකි, බලවත් තේජස් සහිත කෙනෙකු හා විවාහ වේ.
කුජ නීචව හෝ සතුරුව, පාපියෙකුට පෙනෙමින් සිටියොත් ස්වාමියාට අපලය.
ශනි 7 සිටිමද විවාහ කල්යෑමට හේතු විය හැකි බව කියවුනද ශනි 7 සිටීම තුල විශ්වාසදායි භාර්යාවක් බවට පත් වේ.

* සියල්ල පොදු කරුණුය. ග්‍රහයන් සිටින තැන් වලින් පමණක් සියල්ල තීරණය නොවේ. තම සිතට අනුව තීරණද බලපායි.
නිවරදි පලාපල කීමට කොටුවක සිටින ග්‍රහයන් පමණක් නොව අදාල ග්‍රහයන් සිටින අංශකයන්, එකී නැකැත් යනාදි බොහෝ දේ බලා කිව යුතුමය.

< Iru Astrology > #Irusewaya

භාව කේන්දරයේ සම්පූර්ණ පලාපල විස්තරය ලබාදෙන, Word Document සේවාව හෝ Skype/දුරකථන මාර්ග සේවාව, අපල ආදියට කල යුතු ශාන්ති කර්ම, යහපත් පැවැත්ම, අපල සමනයටත්, අදාල ග්‍රහයාගේ සුභ පල ලබාදීමටත් ලබාදෙන යන්ත්‍ර, ආරක්ෂණ යන්ත්‍ර, ජීවිතයේ ජයග්‍රහණ යහපත උදාකරණ සර්වජන වශී ධන සාධන ආකර්ෂණ යන්ත්‍ර, නාමකරණය (පුද්ගල, ව්‍යාපාර) තැබීම(නම් තැබීම).
නිවසට පැමිණ වාස්තු විද්‍යා උපදේශනය ඇතුළු සියලූම ජෞතිෂ්‍ය කටයුතු සඳහා inbox කරන්න.
0711 345 364

No comments:

Post a Comment