Sunday, March 2, 2014

නැකැතකටත් වඩා බලගතු වන ශුභ පෙරනිමිති කවරේද ? (1)

(මෙය අපගේම පර්යේෂණක ප්‍රතිඵලයකි)

ඉරු උදාවත් සමග රාත්‍රි නින්දට යනතුරුම අප ජීවත් වෙන්නෙ ඉතාම තරඟකාරි ලෝකයකය. අපට එක් දිනකදි අප මුහුණ දෙන ගැටළු සහ උපද්‍රව කියා නිම කල නොහැක. මා මේ කියන තත්වය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ. දුප්පත් පෝසත් වයස් භේදයකින් තොරවද බලපායි.
එසේම මෙම තත්වය කිසියම් ආකාරයකට ආර්ථික, සමාජීය, සංස්කෘතික ලෙසද බලපායි.

අප කෙතරම් නැකැත් බලා සුභ කටයුත්තකට එලියට බැස්සත්, අපට මග තොටදි මුණ ගැසෙන අය නිසා එම කටයුත්තට විශාල බාධක ඇතිවිය හැක.

උදාහරණයක් ලෙස මාගේ පියා මා කුඩා කලදි එක්තරා කාරණයක් ගැන මතක් කලා මට මතක තිබේ. මගේ පියාණන් දිනයක මව සමග මහනුවර ප්‍රදේශයට යෑමට ගෙදරින් පිටත්ව ගිය විට සිදුවූවකි මෙය.
ඔවුන් දෙදෙනා ඉදිරියට කුඩා දරුවන් දෙදෙනක් කටු සහිත කෝටු වලින් රණ්ඩු කරමින් සිට ඇත. එම දර්ශනයෙන් පියාගේ මනස තරමක් අවුල් වී ඇත. ඉන්පසු එම දර්ශනය දැක පිටත් වූ ගමනද පියාට දැඩි ලෙස පීඩා ගෙනදී ඇත. එම දර්ශනය දැකීමෙන් ඇතිවන මානසික කඩාවැටිම සහ කම්පනයද මෙහිදි මතක් කර සිටිමි.
* මා මෙහිදී සඳහන් කරන්නේ යම් වෙලාවක ගමනක් යෑමට ඇති සුභ වෙලාවට එම ගමන යාමට බැරිවිය හැක. එම වෙලාවට තමන් අදහන ආගම සිහි කොට පුද පූජා පවත්වා වැඳ නමස්කාර කර යන්න. සෙත සැලසේ.
සුභ දිශාව බලා යෑමද ඉතා වැදගත් අත්‍යාවශ්‍ය කාරණයකි. හිස් අතින් නොයා මිල මුදල් අවශ්‍ය පමණට රැගෙන යාමද වැදගත්ය.

ගමනක් යාමට අද සමාජයේ සියලුම දෙනාට මතක් කරන අති සුවිශේෂි කාරණය

කිසිම හේතුවක් නිසාවත් ගමනක් යාමට සිටින විට යම් සිත් තැවුලකින් සිටිනවා නම්, තම අඹු දරුවන් සමග ක්‍රෝධයකින්, වෛරයකින් හෝ සිත් අමනාපයකින් සිටිනවා නම්, තමාගේ යටත් වැසියන්ට හෝ සේවයකයන්ට පහරදී/බැණ වැදී සිටින අවස්ථාවක නම් එම ගමන නොයා යුතුය.
කොටින්ම කියතොත් මානසික කඩාවැටීම් තිබෙන විටකදී යන ගමනකින් එතරම් සුභ පල අත් නොවේ.

එසේම තමා යන ගමන මානසික පීඩාවකින් තොරව යෑම තමා යන ගමන සාර්ථක වීමට හේතුවේ.
එසේම තම බිරිඳ සෞඛ්‍යමය පැත්තෙන් අපිරිසිදුවී සිටින වෙලාවට, බිරිඳ සමග සංගමයේ යෙදී ගමනක් යෑම ඉතාම අශුභ ප්‍රතිඵල ඇතිවිමට කාරණාවකි. එවන් සංවාසයකින් පසු ගමන් යෑම මහ විපතකින් කෙලවර වීමට ඉඩ තිබේ.
ගමනක් යාමට පිටත් වන විට වහලෙන් හූනෙකු අඬන්නේ නම් බළල්, ගව සහ එළු යන සත්වයන් කිවිසුම් හරිනවා නම් ළදරුවා නම් මහළුවන් වැනි පීනසින් පෙලන අය හැර වෙනත් අය කිවිසුම් අරිනවා ඇසේ නම් ගමන නොයාමට තීරණය කරගත යුතුය.
එසේම නිවසින් පිට වීමට ප්‍රථම කළු බල්ලන්, කළු බළලන් දැකීම අශුභය.
සෑම දිනකම ගමනක් යාමේදි උදේ 6 - 10 ත් අතර උතුර බලාද,
10-2ත් අතර නැගෙනහිර බලා යන්න.
සවස 2-6ත් අතර දකුණ බලා යන්න.

* මේවා අදාල දිනයන්හි මරු සිටින දිශාව අනුව වෙනස් වේ.

මධ්‍යම රාත්‍රි 12න් පසු ඔබ ගමනක් යන්නේ නම්, ඔබ බස්නාහිර බලා යෑම සුභ පල අත්විමට හේතුවකි.

සත් දිනට ගමන් යෑමේදි එම කාර්ය සිද්ධිය යහපතකින් කෙලවර වීමට අනුභව කල යුතු ඉතාම රහස් ආහාර වට්ටෝරුවක් අප සතුව ඇත.
එය මේ ආකාරයට පැවසීම කිරිම අපහසුය.

No comments:

Post a Comment