Showing posts with label ග්‍රහ සංයෝග වලින් ඔබට ලැබෙන දේ. Show all posts
Showing posts with label ග්‍රහ සංයෝග වලින් ඔබට ලැබෙන දේ. Show all posts

Sunday, June 7, 2026

අපි කවුරුත් කැමති සැප විඳින්නයි. කවුරුවත් කැමති නෑ දුක් විඳින්න.
ජෝතිෂ්‍යය කියන්නේ ලෞකික ජිවිතය සැපවත් කරන්න තියෙන විද්‍යාවක්.
ඉතින් ජෝතිෂ්‍යය තුලින් කරන්නේ ජිවිතය දුකට පත් කරවන දෙයක් තියෙනව නම්, වරදින්න දෙයක් වෙන්න ඉඩ තියෙනව නම් ඒවා නොවෙන්න අවශ්‍ය දේ සහ දැනුවත් කිරීම කරන එකයි.

✻ බුදු දහම ගැන කිව්වොත් මෝඩ මතයක් තියෙනවා, දුක විතරක් කියන දහමක් කියල.
✻ බුදු දහම කියල දෙන්නෙ දුක ගැන තේරුම් කරලා, සැපෙන් ඉන්න ඕන විදිය ගැනයි. මේ ජිවිතයේ විතරක් නෙමෙයි ඊලග ජිවිත වලත්.

✺ ​ජෝතිෂ්‍යය ගැන තියෙන මෝඩ මතය තමයි, “ කේන්දරය බලන තාක් ඔබට අපල නැත “
✺ ඔබ කේන්දරය බැලෙව්වත් නැතත්, අපල, දෝෂ, පෙර පාප කර්ම අකුසල කර්ම තියෙනවා. කේන්දරය බලලා හරියට වත්පිලිවෙත් පින්කම් කලොත් ඒ අපල තත්වයන් සමනය කරගෙන ජිවිතය යහපත්ව ගත කරන්න පුලුවන්.
( අපල - දෝෂ - අකුසල් - පාප කර්ම කියන්නෙ පෙර ජිවිත වල සහ මේ ජිවිත වල තමන් විසින්ම කරපු, කරවපු වැරදි ක්‍රියාවන්. ඉතින් ඒව වෙන කෙනෙක් භාරගන්නේ නෑ. දෙවියෙක් - බ්‍රහ්මයෙක් තියා භූතයෙක් - යකෙක් - ප්‍රේතයෙක්වත් අනුන්ගේ පව් භාරගන්නෙ නෑ)

↝ ජිවිතේ කොච්චර මහන්සි උනත් එලියක් නැති වෙන තත්වයන් තියෙනවා. ඒවගේ යෝග තත්වයක් තමයි මේ කියන්න යන්නෙ. 
“ දෛන්‍ය යෝගය “ / දුප්පත් වීමේ යෝගය

✫ මෙම යෝගය ඇතිවන්නේ, 11 වැන්නාධිපතියා 12 වැන්නේ සිටිමෙන්,
✫ 12 වැන්නාධිපතියා සහ 11 වැන්නාධිපතියා අතර පරිවර්ථනය,
✫ 08 වැන්නාධිපති සහ 04 වැන්නාධිපති අතර පරිවර්ථනය


මෙම යෝග තත්වයන් ඇතිවන්නේ නම් බොහෝවිට දිලිදු තත්වයට පත්වීමට ඉඩ ඇත.
▶ මහ ධනයක් සහිතව, දේපල, යාන වාහන සහිතව ඉපදුනද ඒ සියල්ල පරිහානියට පත්වීමට ඉ​ඩ ඇත.
පෙර සසරේ කල කර්ම විපාකයක ස්වරුපයක් මෙම යෝගය තුලින් පෙන්වයි.

➭ මෙම අයහපත් විනාශකාරි යෝග තත්වය පූර්ණ ගුරු දෘෂ්ටි වීමෙන් , පුර චන්ද්‍රයා දෘෂ්ටි වීමෙන් යනාදියෙනි.
( හැබැයි ඒක ගැඹුරින් ඉතාම සූක්ෂමව බලන්න ඕන. කේන්දරයේ අර ග්‍රහයා මෙතන, මේ ග්‍රහයා අතන වගේ හිතලා කේන්දරය ගැන හිතලා ඕක තීරණ කරන්න බෑ)
➭ එහෙම හිතෙනව නම් කේන්දර කොටුවක ඉන්න ග්‍රහයන්ගෙන් විතරක්, මහ දසා අතුරු දසා, ග්‍රහයන්ගෙන් තත්වයෙන් විතරක්, එහෙම නම් වඩා හොදයි කේන්දර නොබලා හිටිය නම්. මොකද බැලුවා කියලත් වැඩක් නෑනේ.

➽ දොස්තරට දොස්තරගේ වැඩේ කරන්න දෙන්න ඕන වගේම, ජෝතිර්වේදියාට ඔහුගේ කටයුත්ත කරන්න දෙන්න ඕන. නිසි විදියට.. ඒ උපදෙස් පිලිපදින්නත් ඕන.


-
071 383 5369

(WhatsApp)

කේන්දරයේ සම්පූර්ණ පලාපල විස්තරය ලබාදෙන,

Word Document සේවාව, කාර්යාලයට වේලාව වෙන් කිරීම,

අපල ආදියට කල යුතු ශාන්ති කර්ම, යහපත් පැවැත්ම,

ඇතුළු සියලුම සේවාවන් ..



 

Tuesday, February 25, 2025

“ බන්ධන යෝගය “

 




ඉතා දුර්ලභ යෝගයකි.
මෙම යෝගය ඇතිවන්නේ ලග්නාධිපතියා/ 1 වැන්න අධිපතියා සහ 12 වැන්නාධිපතියා සංයෝග වීමෙනි.
කේන්දරයේ කුමන රාශියක එනම් කුමන කේන්දර කොටුවක හෝ සංයෝග වී තිබුනත් මෙම යෝගය ඇති වේ.
‣ මෙම යෝගය 12 වැන්න සහ 1 වැන්නේ තැන්පත් වීමෙන් තරමක් අයහපත් ප්රතිඵල අත්කරයි.
‣ මෙම යෝගය පවතින කේන්දර සටහනක,
12 වැන්නාධිපතියාගේ අතුරු දසාවක් හෝ මහ දසාවකදී කේන්දර හිමියාට රෝහල් ගතවීමකට හෝ සිරගත වීම් වලට ලක්විමට වැඩි ඉඩක් ඇත.
* කෙටිකාලීනව හෝ මෙම තත්වය අත්විදීමට සිදුවනු ඇත. මේවා අප පර්යේෂණාත්මකව අත්විඳි දේවල්ය.
උදාහරණයක් ලෙස මේෂ ලග්න කේන්දරයක ලග්නාධිපතියා කුජ වේ.
එසේම 12 වැන්නාධිපතියා ගුරු ග්රහයා වේ.
කුජ - ගුරු සංයෝගය වී එම කේන්දරයේ කුමන කොටුවක තැන්පත් වී තිබුනද මෙම යෝගය යෙදේ.
විශේෂත්වය නම්, 12 වැන්නේ තැන්පත් වුවහොත් මෙම යෝගයේ පීඩාකාරි බව අධික වීමයි. තවද, මෙම තත්වය ඉතා වැඩි ඉඩක් රෝහල් ගත වන්නට හෝ සිරගත වන්නට හේතු ගෙන දේ
( නිසි කේන්දර පරික්ෂාවෙන් නිසි ලෙස එම තත්වය සමනය කරගෙන නැත්නම්).
‣ සාමාන්ය ලෙස ගුරු මහ දසාව මේෂ ලග්නයට යහපත් වුවද, ගුරු 12 වැන්නේ කුජ සමග තැන්පත් වීමෙන් එහි සුභ ඵල අඩුවී කේන්දර හිමියාට අයහපත් ඵල දිය හැක. සරලවම තනි වන්නට හේතු යෙදේ.
‣ පොදුවේ අප සිතන්නේ ගුරු ග්රහයා සුබ ග්රහයෙකු නිසා ගුරු මහ දසාවෙදි යහපත් කාලයක් වනු ඇති බවයි. නමුත් ගුරුගෙන් සුභ ඵල ​නොලැබී යාමට වැඩි ඉඩක් ඇත.
☘️ පොදු විග්රහයක් පමණි. කේන්දර සටහන අනුව වෙනස් විය හැක.
- ජ්යෙතිෂ්යය ශාස්ත්රය ඇත්තේ පෙර අකුසල - කර්ම දෝෂ - අපල යනාදිය මගහරවාගෙන ජිවිතය සැපවත් කරගැනීමටය. නිවරදිව ජ්යොතිෂ්යය භාවිත විය යුත්තේ ඒ ආකාරයටය.
-
කේන්දරයේ සම්පූර්ණ පලාපල විස්තරය,
අපල - දෝෂ ආදියට කල යුතු ශාන්ති කර්ම - පින්කම්, යහපත් පැවැත්ම,
සුභ ඵල ලබාදීමට දෙන යන්ත්ර, පැලදිය යුතු ස්වර්ණාභරණ,
නිවසට පැමිණ සිදු කරන වාස්තු පරික්ෂාව
ඇතුළු සියලුම සේවාවන් සදහා, inbox කරන්න.
- irusewaya@gmail.com
071 383 5369
(WhatsApp)

Tuesday, May 2, 2017

කේතු සමග සංයෝග

ඡායා ග්‍රහයෙක් වුවද රාහු - කේතුගේ බලපෑම ජ්‍යොතිෂ්‍යයට අනුව වැදගත් වෙයි.

කේතු පොදුවේ කෙට්ටු සිරුරක් හිමි කෙනෙකි. ඉනෙන් ඉහල මිනිස් සිරුරකුත්, පහල නාග කොටසකුත් සහිත බව කියවේ.
රහස් ගති ඇති, හකුළුවන කෙනෙකි. ඉගෙනීමට යහපත්ය.

පොදුවේ 5, 9 ස්ථාන වලට සුභයි. වෙන ග්‍රහයන්ට සුබ නැති 12 වැන්න කේතුට සුබයි.
12 කේතු සිටීමෙන් මේරුනු පෙනුමක් ඇතිවිය හැකි වුවද ධනය ලැබිමට හේතුවේ.

රාහු ප්‍රසිද්ධිය මෙන්ම කේතු අප්‍රසිද්ධ කරයි.
කේතු සමග අනිකුත් ග්‍රහයන් සිටීමෙදි තත්වයන් පොදුවේ මෙසේය.
( මේ සියල්ල පොදු කරුණු වන අතර, කේන්දරය අනුව වෙනස් විය හැක)

-

* කේතු - රවි

ඉ‍ගෙනීමට සුභයි. ආදායම් ලැබුවද වියදම් අධික වේ. ධනවත් වීම ගැන අදහස් අඩුය. හකුළුවන ගති නිසා අන් අය අතර කැපී නොපෙනිය හැක.
සෙම ආශ්‍රිත රෝග ගැන සැලකිලිමත් වන්න.

* කේතු - සඳු/චන්ද්‍රයා

බොහෝ සිතන යෝගයකි. සිත චංචල විය හැක. මෙය හොඳ ඥාන යෝගයකි. මෙය ඉගෙනීමට යහපත් පිහිටීමකි. බොහෝ දැනුම ගන්නා පිහිටීමකි. විරුද්ධ ලිංගික අයට ලැදිය. රැවටීම් වලට අසුවීමටද ඉඩ ඇත. එසේ වුවද උපායශීලිය.

* කේතු - කුජ/අගහරු

දුර්වල ශරීරයක් හිමිවිමට ඉඩ ඇත. විවාහයට බාධා වන තත්වයක් කේතු නිසා ඇතිවෙයි. විවාහයෙදි පරිස්සම් වීම වැදගත්ය.
රුධිරය සම්බන්ධ රෝග හා ශක්තිය අඩුවිමේ රෝග ගැන සැලකිලිමත් වන්න.

* කේතු - බුධ

මෙයද ඥාන යෝගයකි. මෙම යෝගය ඇති අය ඉගෙනීමට දක්ෂය. විසේසයෙන් ගණිත මිණිත කටයුතු, කලාවට බර අය වෙති. බුධගේ ලක්ෂණ යෙදීම නිසා මෙසේ වෙයි.
සමහරවිටක සම ආශ්‍රිත රෝගි තත්වයන් ඇතිවිමට ඉඩ ඇත.

* කේතු - ගුරු/බ්‍රහස්පති

ධනය ලැබෙන පිහිටීමකි. අධ්‍යාපනයට යහපත්ය. එක තැනක හිදිමින් කටයුතු කරයි. කාර්යශූර වේ. දේපල ආදිය ලැබේ. විසේසයෙන් ගුරුගේ මහ දසා, අතුරු දසා මෙන්ම, කේතුගේ මහ දසා අතුරු දසා වලදී සුබයි.
පිත ආශ්‍රිත රෝග ගැන සැලකිලිමත් වන්න.

කේතු - සිකුරු/ශුක්‍ර

ධනවත් විය හැක. ධන ලාභ තිබේ. එසේ වුවද දරුවන් අඩුවීමට හෝ නැතිවිමට ඉඩ තිබේ. විටෙක තමාට නුසුදුසු අය හා සම්බන්ධ වී කරදර පවා ඇති කරගනී.
සෙම් රෝග, ශුක්‍ර ධාතුව සහ ස්ත්‍රීන්ගේ ප්‍රජනන පද්ධතිය සම්බන්ධ රෝග ගැන සැලකිලිමත් වන්න.

කේතු - ශනි/සෙනසුරු

මෙය නිසා රෝගි තත්ව විශේෂයෙන් කඩිසර සහ ධෛර්යවන්ත නොවිමට ඉඩ ඇත. මතකය අඩුවිමට ඉඩ ඇත. සෙම් ආබාධ, ස්නායු රෝග වලට ඉඩ ඇත. කල්පවතින රෝග පවා ඇතිවිය හැක.

-

Iru sewaya

 කේන්දරයේ සම්පූර්ණ පලාපල විස්තරය ලබාදෙන, Word Document සේවාව හෝ Skype/දුරකථන මාර්ග සේවාව, අපල ආදියට කල යුතු ශාන්ති කර්ම, යහපත් පැවැත්ම, අපල සමනයටත්, අදාල ග්‍රහයාගේ සුභ පල ලබාදීමටත් ලබාදෙන යන්ත්‍ර, ආරක්ෂණ යන්ත්‍ර,
නාමකරණය (පුද්ගල, ව්‍යාපාර) තැබීම(නම් තැබීම).
නිවසට පැමිණ වාස්තු විද්‍යා උපදේශනය ඇතුළු සියලූම ජෞතිෂ්‍ය කටයුතු සඳහා inbox කරන්න.

077 2238041
irusewaya@gmail.com

Wednesday, October 21, 2015

" සඳු සමග සංයෝග "



සඳු/චන්ද්‍රයාය. පෘථිවියට ආසන්නම ග්‍රහයා වන චන්ද්‍රයා නක්ෂත්‍රයෙදි ප්‍රමුඛස්ථානයක් හිමිකර ගන්නා ග්‍රහයෙකි. මන්ද පුද්ගලයෙක්ගේ සිතට අධිපති සඳු, ජලයටද මහා සමුද්‍රයටද අධිපතිකම් කරයි.
එසේම සඳුගේ කලාවක් පිහිටයි. මෙම කලාව පුද්ගලයෙකුගේ ශරිරයේ නිල වලටද බලපෑම් කරයි.
වෛද්‍ය විද්‍යාවෙදිද පෙරදිග මෙන්ම බටහිර රටවල් වලද සදුගේ ගමන සහ තිථිය, කලාව ගැන අවධානයක් යොමු කරයි.
එසේ නම් අද අපි ඉදිරිපත් කරන්නෙ චන්ද්‍රයා සමග ග්‍රහයින් යෙදුනොත් කෙසේ වෙයිදැයි කියාය.

● සඳු - කුජ

මෙම යෝගය චන්ද්‍ර/මංගල යෝගය ලෙසද හදුන්වයි.
මෙම යෝගය ඇති තැනැත්තන් අධික කාමාශාවක් ඇති අය වෙති. මොවුන්ගේ උත්පාදන ශක්තිය වැඩිය. එසේ නම් ශුක්‍ර නිෂ්පාදනය සහ කාන්තාවන්ගේ ප්‍රජනන ශක්තිය ඉතාම ශක්තිමත්ය. ලිංගික ශක්තිය ඉතාම ඉහල තත්වයක පවති.
මෙම යෝගයෙන් උපන් පුරුෂයන්, එක් කාන්තාවකගෙන් සතුටට පත්වන්නේ නැත. බොහෝවිට ඔවුන් ලිංගික ජිවිතයෙදි විවිධත්වය කල්පනා කරයි.
- විශේෂ -
මෙම යෝගය ඇති අයට, විවිධත්වය කල්පනා කරන ලිංගිකව බොහෝ විෂමතා ඇති එසේම කේන්ති යන ඉවසීම අඩු පුද්ගලයන් නිසා විවාහ ජිවිතයෙදි විවාහය දෙදරා යාමේ අවදානම වැඩිය. එනිසා මෙවන් අය කල්පනා කල යුත්තේ, මේ නිසා තමා විවාහය දෙදරා යන්නේ, ඒ ගැන ස්වයං පුහුණුවක් ඇති කරගෙනවිවාහ ජිවිතය සහ තමාගේ අනාගතය ආරක්ෂා කරගැනිම ගැනයි.

● සඳු - රාහු

මෙම යෝගය පිහිටන පුද්ගලයාගේ මව, විශේෂයෙන්ම පීඩාකාරි ජිවන තත්වයක් තුල ජීවත් වේ.
බොහෝවිට මෙවැනි අය බිහිවන්නේ මග යන එන අතරතුරය. එනම් රෝහල් වල කෙසේ වෙතත් මහ මඟය. අප පර්යේෂණාත්මක අත්දැකීමෙන් එය දැක ඇත්තෙමු. මෙවන් අයට පුද්ගලයන්ට, ලග්නාධිපති සහ 9 වැන්නාධිපති දුර්වල නම් මානසික රෝග වැළදීමේ ප්‍රවණතාවයක් ඇත. අධිකව සුරාවට, සූදුවට යොමුවිමට හේතු ඇත.
මෙවන් යෝග ඇති දරුවන් කුඩා කල සිටම නිසි මාර්ගයේ යොමු කල යුතුය. එසේ නොවි මේ අය යම්කිසි දුෂ්චරිතයකට යොමු වුවොත් එයින් මුදා ගැනීම ඉතාම අපහසුය.
මේ යෝගය තිබියදි ලග්නාධිපති, 3වැන්නාධිපති හා 9 වැන්නාධිපති බලවත් නම් විදේශිය රටවල ඉහලම රැකියා කිරිමේ වාසනාව පවති.


● සඳු - ගුරු

මෙම යෝගය ඉතාම බලගතුම යෝගයකි.
යම්කිසි කෙනෙකුගේ කේන්දරයක කේන්දරස්ථාන වල එනම් 1, 4, 7, 10 හෝ 1න් 7 සප්තමව හෝ 1ට ඇත්නම් එම යෝගයට ගජකේශරී යෝගය යයි හඳුන්වනු ලැබේ. මෙම යෝගය පුද්ගලයෙකුට යෙදෙන වාසනාවන්තම යෝගයකි.
පෙර ආත්ම භව වල පොදු ජනතාවට උදව් කර ඔවුන්ගේ ජිවිත සුඛිත මුදිත කල අයට මෙම යෝගය යෙදෙන බව ඍෂි මතයයි.
මෙම යෝගය යෙදුන තැනැත්තා පරිවාර සම්පත්තියෙන් අනූන වූවෙකි. ඔහු නිතරම ප්‍රඥාවන්තව කල්පනා කරයි. හොඳ අධ්‍යාපනයක් ලබයි. සමාජයට නිතරම වැඩදායි දෙයක් කරයි. එසේම ජිවිතයේ ජයග්‍රහණය මධ්‍යම වයසින් පසු හිමි කරගනි. එනම් වයස අවු 35න් පසුවය.


● සඳු - ශනි

මෙම යෝගය යෙදෙන්නේ, හොඳට නරකට 2ටමය.
එනම් මේ යෝගය ඇති තැනැත්තා ජන්ම ඒරාෂ්ටක අපලයකින් උපන් කෙනෙක් ලෙස හැඳින්විය හැක.
 කුඩා කලදී, විපතට පත් නොවුවහොත් වැඩි වයසට පත්වී රජවන බව ඇතැම් ජ්‍යොතිෂ්‍ය ග්‍රන්ථ වල සඳහන්ය.
මේ යෝගය ඇති අයට උත්සාහවන්තකම, උට්ඨාන වීර්යය එසේම ඉවසිලිමත්බව ඇත.
මේ යෝගය පවතින විට ලග්නාධිපති සහ 9 වැන්නාධිපති දුර්වල නම් එම අයගේ ජිවිත ඉතා අවාසනාවන්ත විය හැක, දෙමාපියන් කිසිවෙකු නැතිව මහමඟ වැටෙන්නට තරම් අසරණභාවයකට පත්විය හැක.
පොදුවේ ගත්කල කෙනෙක් තිගැස්සෙන ග්‍රහ සංයෝගයක් ලෙස හැඳින්විය හැක.

● සඳු - බුධ

මෙය ඉතාම වටිනා යෝගයකි. උපන් තැනැත්තේ බොහෝ මුදු මොලොක් සෞම්‍ය ගතිගුණ ඇති තැනැත්තෙකි. හුරුබුහුටි පෙනුමෙන්ද මනා බඳිනා රූ සපුවකින්, කවට කොමල කතාවෙන්ද අලංකෘත පුද්ගලයෙකි.
මේ යෝගය වටින්නෙ විශේෂයෙන්ම කාන්තාවන්ටය. එසේ නම් ඔවුන් ඉතාම ශෝභමාන රූප සොබාවයක් ඇති අය වෙති.
පුරුෂයෙකුට මේ යෝගය යෙදුනොත් ව්‍යක්ත, මුඛරි වචන ඇති, තර්කානුකූල සිහි බුද්ධියෙන් කතා කරන, කුඩා දරුවන්ට ආදරය කරන චරිත සොබාවයක් මොවුන්ගෙන් ගම්‍ය වේ.
කෙසේ වෙතත් වටිනා ග්‍රහ සංයෝගයක් ලෙස හැඳින්වේ.


● සඳු - කේතු

මේ යෝගය යෙදුන තැනැත්තාට, බුද්ධිය සහ සහජ දක්ෂතා ඇත. එසෙම අධ්‍යාපනික කටයුතු වලට සහ මතක තබාගැනීමේ තත්වය ඉතාම ඉහල තත්වයක පවති. බොහෝ කල්පනාකාරි අය වෙති.
ලග්නයේ යෙදුනොත් එය එසේම වේ. 3 වැන්නේ සහ 11 වැන්නේ යෙදුනොත් මහත් ධනයකට හිමිකම් කියන අතර, විදේශ ගතවිමටද මෙය රුකුලකි. තීක්ෂණ බුද්ධියක් ඇතිවිමට හේතුවකි.
අසුභ තැනක යෙදුනොත් රෝග ඇතිවන පිහිටිමකි, සෙම් රෝග හෝ තුන්දොස් කිපීමේන ඇතිවන විවිධාකාර සංකූලතා, ඇස් රෝග ඇතිවිමේ අවදානමක් පවතින පිහිටිමකි.


● සඳු - සිකුරු

යෙදුන තැනැත්තා ඉතාම ශෝභමාන දේහ විලාශයක් ඇතිව උපදි.
විශේෂයෙන්ම කලා ක්ෂෙත්‍ර වල සිටින ගායක ගායිකාවන්, නළු නිලියන්ට මේ යෝගය යෙදේ. ඉතාම ප්‍රියමනාපව කතා කරයි, අනුකම්පා සහගත අය වෙති.
ඉන්ද්‍රිය පිනවීම සම්බන්ධව විශේෂ උනන්දුවක් පවති, එනම් කම් සැපතට ලොල් වේ. ලිංගික ආශාව කුඩා කල සිටම තිබේ.
ඉතාම පිරිසිදුව සිටීමට කැමතිය. බබලන ඇස් සහ අන්‍යන් ආකර්ෂණය කරගන්නා රූපය විශේෂ ලක්ෂණ වශයෙන් කිව හැක. පොදුවේ ගත්කල මෙම යෝගය හො ද යෝගයක් ලෙස හැින්විය හැක.

● සදු - රවි

මේ යෝගය මධ්‍යස්ථ යෝගයකි. විශේෂ හොදක් හෝ නරකක් නොමැත.
රජ බිසව හා රජු එකතු විම වශයෙන් හැදින්විය හැක. මේ යෝගය ජ්‍යෝතිෂ්‍යයේ හැටියට සුභ වන්නේ වෘශ්චික ලග්න කරුට පමණි. එයින් ධර්ම කර්මාධිපති රාජ යෝගය යෙදේ.
මේ යෝගය යෙදුන තැනැත්තන්ට බොහෝ වෙලාවට ඇදුම සහ සෙම, හතිය ආදි රෝග වැළදීමේ යම් ප්‍රවණතාවයක් පවති. විශේෂ සුභ තත්වයක් නොමැත.


+Iru Astrology

* කේන්දරයේ සම්පූර්ණ පලාපල විස්තරය ලබාදෙන, Word Doc. සේවාව හෝ Skype/දුරකථන මාර්ග සේවාව
* නාමකරණය (නම් තැබීම).
* නිවසට පැමිණ වාස්තු විද්‍යා උපදේශනය,
* කාර්යාලයට පැමිණ සේවා ලබාගැනීම ඇතුළු
 සියලූම ජෞතිෂ්‍ය කටයුතු සඳහා inbox කරන්න.
irusewaya@gmail.com.
0711 345 364

Wednesday, July 22, 2015

ග්‍රහ සංයෝග වලින් ඔබට ලැබෙන දේ - 1


“ ග්‍රහ සංයෝග “ - #රවි ග්‍රහයා සමග ග්‍රහ සංයෝග

අප නවග්‍රහයන් සම්බන්ධව ඔබට ග්‍රහ සංයෝග ඉදිරිපත් කිරිමට බලාපොරොත්තු වන අතර, මුලින් බලමු රවි ග්‍රහයා සමග සංයෝගයෙන් වන ප්‍රතිඵල කවරේද කියල.

● රවි - චන්ද්‍ර

මෙම යෝගය යෙදුනු කල පුද්ගලයා තරමක කාරුණික අයෙකු බවට පත් කරයි. ඉතාමත් ධාර්මික ගතිගුණ ඇති කෙනෙක් වේ. බොහෝවිට මෙම ග්‍රහ යෝගය යෙදෙන්නේ, අමාවක තිථිය ඇති දිනවලටයි.
එවිට විශේෂයෙන්ම සමහරවිට නපුරු අදහස් ඇති කෙනෙක් බවට පත්විමට ඉඩ ඇත. මාසේ පෝය දිනක 7 වැන්නේ (වෘශ්චික රාශියේ තැන්පත් වුවොත් තමයි) (ප්‍රභාකරන්ට තිබි ඇත)
විශේෂයෙන්ම මේ යෝගය 2, 3, 11 වැන්නේ තිබේ නම් පොහොසත් වන යෝගයකි. ඔහුට කාන්තා පාර්ශවයේ ආකර්ෂණය ඉතාම හොදින් ලැබේ.

● රවි - කුජ යෝගය

මෙම ග්‍රහ තාරකාවන් 2 එකතු වීමෙන්, පුද්ගලයා වේගවත් කෙනෙක් බවට පත් කරයි. ඕනම දෙයක් කැපී පෙනෙන කරන කෙනෙක් වෙයි. මේ අයගේ ලේ ධාතුව උෂ්ණය. දේශපාලන ක්සෙත්‍රයේ ඉහලට යෑමටත්, ජනතා බලය ලබාගැනීමටත්, භූමිය සම්බන්ධ කටයුතු වල ආදායම ලබාගැනිමටත් මේ යෝගය ඉතාම වැදගත්ය.
විශේෂයෙන්ම මේ යෝගය 10 වැන්නේ ඇති අය නියත වශයෙන්ම රාජ්‍ය බලයට පත් වීමේ වැඩි ඉඩක් පවති. ඉතාම හොද පිහිටිමක් වන මෙම තත්වය දුෂ්ට ස්ථාන වල ඇත්නම්, හදිසි අනතුරු කරදර වලට භාජනය කරයි.
අධිකව කෝපාවිෂ්ඨ වන පිහිටිමකි.

● රවි - බුධ යෝගය

මෙම යෝගයෙන් ඔබ අප කවුරුත් දන්නා ඥාන යෝගයක් යෙදේ. සරස්වතී ඥාන යෝගයද මේ යෝගයෙන් යෙදේ. කීමෙහි බිණීමෙහි දක්ෂ, පොත පතට දක්ෂ, දාර්ශනිකයන් මේ යෝගයෙන් බිහිවෙයි.
ගුරුවරුන් නිවේදකයන්, දේශකයන්, විටෙක දේශපාලකයන් මේ යෝගයෙන් උපදී. ඉතාම වාසනාවන්ත ග්‍රහ යෝගයක් වන මෙය කේන්දරයේ "කොතන තිබුනත් ඵල දෙන" එකම යෝගයයි.

● රවි - ගුරු යෝගය

මෙම යෝගයද ඉතාම හොදයි. හරියට රජතුමාට පුරෝහිතයා එකතු උනා හා සමානයි. මෙම යෝගයෙන් උපන් අය අර්ථයෙන් ධර්මයෙන් අනිත් අයට අනුශාසනා කරයි. ඉතාම ප්‍රඥාවන්ත වූත් සමාජයෙන් බුහුමන් ලබන පුද්ගලයන් මෙම යෝගයෙන් උපදි. ධනවත් වේ. ජිවිතයේ කිසිම දිනක අඩුපාඩු ඇති නොවන්නට ඉඩ වැඩිය.

● රවි - ශුක්‍ර යෝගය

මෙම යෝගයෙන් උපන් අය බොහෝවිට සෙල්ලක්කාර, විනෝදයට කැමති අය වෙති. මාගේ දැනුමේ හැටියට මෙම යෝගයෙන් උපන් බොහෝ පිරිමින් කාම සේවනයට කුඩා අවදියේ සිට නැඹුරු වේ.
විනෝද වීමට සහ විනෝද අවස්ථා නිරායාසයෙන්ම අවස්ථාව ලැබේ. කෙසේ වුවද සැප විඳින පිහිටිමකි. රජෙක් හා සමානව සිටිමට ලැබේ.

● රවි - ශනි යෝගය

මේ යෝගය එතරම්ම ශුභ වශයෙන් මා දැක්කේ නැත. මේ යෝගයෙන් උපන් අය බොහෝවිට දුක්ඛිත ජිවිත ගත කරන අතර අල්පායුෂ තත්වයෙන්ද යුක්තයි. සමහරවිට 11 වැන්නේ යෙදුනු කල භූමි ලාභ, සැප සම්පත් ලැබේ.

● රවි - රාහු යෝගය

රවිගේ බලය රාහුගෙන් වැඩි කරයි. රටතොට ප්‍රසිද්ධ කරයි. කීර්තිමත් පුද්ගලයෙක් නම් එම කීර්තිය වැඩි දියුණු කරන අතර, විදේශ ගමන් තීව්ර කරයි. මධ්‍යම වයසෙන් පසු ප්‍රකටව ජිවත්වන කෙනෙකි. දේශපාලකයන්ට මෙය ඉතා වටිනා තත්වයකි.

● රවි - කේතු යෝගය

එතරම් හොද නැත. මන්ද කේතු සියලුම දේවල් සඟවා සිටින, අකුලා තබන ග්‍රහයෙක් බැවිනි. කේතු ග්‍රහයා මනුෂ්‍යයාට සලකන්නේ බුද්ධිය පමණයි. වෙනත් ග්‍රහයොත් සමග සම්බන්ධ වුවොත් මිසක ශනි සහ කේතු ග්‍රහයන් රවිට බලයක් දෙන්නේ නැත.
මෙය 7 වැන්නේ යමෙකුගේ කේන්දරයේ පිහිටියොත් ඔහුට ලිංගික ශක්තිය පවා අල්ප විය හැක.

** මෙම සියලු ග්‍රහ යෝගවල පලාපලයන් කේන්දරයේ පිහිටන තැන සහ සූක්ෂම කේන්දර සටහන් අනුව වෙනස්වීමට හැක. මෙය පොදු පලාපලයක් පමණි.

#ඉරුසේවය Iru Astrology

* භාව කේන්දරයේ සම්පූර්ණ පලාපල විස්තරය ලබාදෙන, Word Doc. සේවාව හෝ Skype/දුරකථන මාර්ග සේවාව 
* නාමකරණය (පුද්ගල, ව්‍යාපාර) (නම් තැබීම).
* නිවසට පැමිණ වාස්තු විද්‍යා උපදේශනය,
* කාර්යාලයට පැමිණ සේවා ලබාගැනීම ඇතුළු
සියලූම ජෞතිෂ්‍ය කටයුතු සඳහා inbox කරන්න. 
irusewaya@gmail.com.
0711 345 364