Wednesday, October 21, 2015

" සඳු සමග සංයෝග "



සඳු/චන්ද්‍රයාය. පෘථිවියට ආසන්නම ග්‍රහයා වන චන්ද්‍රයා නක්ෂත්‍රයෙදි ප්‍රමුඛස්ථානයක් හිමිකර ගන්නා ග්‍රහයෙකි. මන්ද පුද්ගලයෙක්ගේ සිතට අධිපති සඳු, ජලයටද මහා සමුද්‍රයටද අධිපතිකම් කරයි.
එසේම සඳුගේ කලාවක් පිහිටයි. මෙම කලාව පුද්ගලයෙකුගේ ශරිරයේ නිල වලටද බලපෑම් කරයි.
වෛද්‍ය විද්‍යාවෙදිද පෙරදිග මෙන්ම බටහිර රටවල් වලද සදුගේ ගමන සහ තිථිය, කලාව ගැන අවධානයක් යොමු කරයි.
එසේ නම් අද අපි ඉදිරිපත් කරන්නෙ චන්ද්‍රයා සමග ග්‍රහයින් යෙදුනොත් කෙසේ වෙයිදැයි කියාය.

● සඳු - කුජ

මෙම යෝගය චන්ද්‍ර/මංගල යෝගය ලෙසද හදුන්වයි.
මෙම යෝගය ඇති තැනැත්තන් අධික කාමාශාවක් ඇති අය වෙති. මොවුන්ගේ උත්පාදන ශක්තිය වැඩිය. එසේ නම් ශුක්‍ර නිෂ්පාදනය සහ කාන්තාවන්ගේ ප්‍රජනන ශක්තිය ඉතාම ශක්තිමත්ය. ලිංගික ශක්තිය ඉතාම ඉහල තත්වයක පවති.
මෙම යෝගයෙන් උපන් පුරුෂයන්, එක් කාන්තාවකගෙන් සතුටට පත්වන්නේ නැත. බොහෝවිට ඔවුන් ලිංගික ජිවිතයෙදි විවිධත්වය කල්පනා කරයි.
- විශේෂ -
මෙම යෝගය ඇති අයට, විවිධත්වය කල්පනා කරන ලිංගිකව බොහෝ විෂමතා ඇති එසේම කේන්ති යන ඉවසීම අඩු පුද්ගලයන් නිසා විවාහ ජිවිතයෙදි විවාහය දෙදරා යාමේ අවදානම වැඩිය. එනිසා මෙවන් අය කල්පනා කල යුත්තේ, මේ නිසා තමා විවාහය දෙදරා යන්නේ, ඒ ගැන ස්වයං පුහුණුවක් ඇති කරගෙනවිවාහ ජිවිතය සහ තමාගේ අනාගතය ආරක්ෂා කරගැනිම ගැනයි.

● සඳු - රාහු

මෙම යෝගය පිහිටන පුද්ගලයාගේ මව, විශේෂයෙන්ම පීඩාකාරි ජිවන තත්වයක් තුල ජීවත් වේ.
බොහෝවිට මෙවැනි අය බිහිවන්නේ මග යන එන අතරතුරය. එනම් රෝහල් වල කෙසේ වෙතත් මහ මඟය. අප පර්යේෂණාත්මක අත්දැකීමෙන් එය දැක ඇත්තෙමු. මෙවන් අයට පුද්ගලයන්ට, ලග්නාධිපති සහ 9 වැන්නාධිපති දුර්වල නම් මානසික රෝග වැළදීමේ ප්‍රවණතාවයක් ඇත. අධිකව සුරාවට, සූදුවට යොමුවිමට හේතු ඇත.
මෙවන් යෝග ඇති දරුවන් කුඩා කල සිටම නිසි මාර්ගයේ යොමු කල යුතුය. එසේ නොවි මේ අය යම්කිසි දුෂ්චරිතයකට යොමු වුවොත් එයින් මුදා ගැනීම ඉතාම අපහසුය.
මේ යෝගය තිබියදි ලග්නාධිපති, 3වැන්නාධිපති හා 9 වැන්නාධිපති බලවත් නම් විදේශිය රටවල ඉහලම රැකියා කිරිමේ වාසනාව පවති.


● සඳු - ගුරු

මෙම යෝගය ඉතාම බලගතුම යෝගයකි.
යම්කිසි කෙනෙකුගේ කේන්දරයක කේන්දරස්ථාන වල එනම් 1, 4, 7, 10 හෝ 1න් 7 සප්තමව හෝ 1ට ඇත්නම් එම යෝගයට ගජකේශරී යෝගය යයි හඳුන්වනු ලැබේ. මෙම යෝගය පුද්ගලයෙකුට යෙදෙන වාසනාවන්තම යෝගයකි.
පෙර ආත්ම භව වල පොදු ජනතාවට උදව් කර ඔවුන්ගේ ජිවිත සුඛිත මුදිත කල අයට මෙම යෝගය යෙදෙන බව ඍෂි මතයයි.
මෙම යෝගය යෙදුන තැනැත්තා පරිවාර සම්පත්තියෙන් අනූන වූවෙකි. ඔහු නිතරම ප්‍රඥාවන්තව කල්පනා කරයි. හොඳ අධ්‍යාපනයක් ලබයි. සමාජයට නිතරම වැඩදායි දෙයක් කරයි. එසේම ජිවිතයේ ජයග්‍රහණය මධ්‍යම වයසින් පසු හිමි කරගනි. එනම් වයස අවු 35න් පසුවය.


● සඳු - ශනි

මෙම යෝගය යෙදෙන්නේ, හොඳට නරකට 2ටමය.
එනම් මේ යෝගය ඇති තැනැත්තා ජන්ම ඒරාෂ්ටක අපලයකින් උපන් කෙනෙක් ලෙස හැඳින්විය හැක.
 කුඩා කලදී, විපතට පත් නොවුවහොත් වැඩි වයසට පත්වී රජවන බව ඇතැම් ජ්‍යොතිෂ්‍ය ග්‍රන්ථ වල සඳහන්ය.
මේ යෝගය ඇති අයට උත්සාහවන්තකම, උට්ඨාන වීර්යය එසේම ඉවසිලිමත්බව ඇත.
මේ යෝගය පවතින විට ලග්නාධිපති සහ 9 වැන්නාධිපති දුර්වල නම් එම අයගේ ජිවිත ඉතා අවාසනාවන්ත විය හැක, දෙමාපියන් කිසිවෙකු නැතිව මහමඟ වැටෙන්නට තරම් අසරණභාවයකට පත්විය හැක.
පොදුවේ ගත්කල කෙනෙක් තිගැස්සෙන ග්‍රහ සංයෝගයක් ලෙස හැඳින්විය හැක.

● සඳු - බුධ

මෙය ඉතාම වටිනා යෝගයකි. උපන් තැනැත්තේ බොහෝ මුදු මොලොක් සෞම්‍ය ගතිගුණ ඇති තැනැත්තෙකි. හුරුබුහුටි පෙනුමෙන්ද මනා බඳිනා රූ සපුවකින්, කවට කොමල කතාවෙන්ද අලංකෘත පුද්ගලයෙකි.
මේ යෝගය වටින්නෙ විශේෂයෙන්ම කාන්තාවන්ටය. එසේ නම් ඔවුන් ඉතාම ශෝභමාන රූප සොබාවයක් ඇති අය වෙති.
පුරුෂයෙකුට මේ යෝගය යෙදුනොත් ව්‍යක්ත, මුඛරි වචන ඇති, තර්කානුකූල සිහි බුද්ධියෙන් කතා කරන, කුඩා දරුවන්ට ආදරය කරන චරිත සොබාවයක් මොවුන්ගෙන් ගම්‍ය වේ.
කෙසේ වෙතත් වටිනා ග්‍රහ සංයෝගයක් ලෙස හැඳින්වේ.


● සඳු - කේතු

මේ යෝගය යෙදුන තැනැත්තාට, බුද්ධිය සහ සහජ දක්ෂතා ඇත. එසෙම අධ්‍යාපනික කටයුතු වලට සහ මතක තබාගැනීමේ තත්වය ඉතාම ඉහල තත්වයක පවති. බොහෝ කල්පනාකාරි අය වෙති.
ලග්නයේ යෙදුනොත් එය එසේම වේ. 3 වැන්නේ සහ 11 වැන්නේ යෙදුනොත් මහත් ධනයකට හිමිකම් කියන අතර, විදේශ ගතවිමටද මෙය රුකුලකි. තීක්ෂණ බුද්ධියක් ඇතිවිමට හේතුවකි.
අසුභ තැනක යෙදුනොත් රෝග ඇතිවන පිහිටිමකි, සෙම් රෝග හෝ තුන්දොස් කිපීමේන ඇතිවන විවිධාකාර සංකූලතා, ඇස් රෝග ඇතිවිමේ අවදානමක් පවතින පිහිටිමකි.


● සඳු - සිකුරු

යෙදුන තැනැත්තා ඉතාම ශෝභමාන දේහ විලාශයක් ඇතිව උපදි.
විශේෂයෙන්ම කලා ක්ෂෙත්‍ර වල සිටින ගායක ගායිකාවන්, නළු නිලියන්ට මේ යෝගය යෙදේ. ඉතාම ප්‍රියමනාපව කතා කරයි, අනුකම්පා සහගත අය වෙති.
ඉන්ද්‍රිය පිනවීම සම්බන්ධව විශේෂ උනන්දුවක් පවති, එනම් කම් සැපතට ලොල් වේ. ලිංගික ආශාව කුඩා කල සිටම තිබේ.
ඉතාම පිරිසිදුව සිටීමට කැමතිය. බබලන ඇස් සහ අන්‍යන් ආකර්ෂණය කරගන්නා රූපය විශේෂ ලක්ෂණ වශයෙන් කිව හැක. පොදුවේ ගත්කල මෙම යෝගය හො ද යෝගයක් ලෙස හැින්විය හැක.

● සදු - රවි

මේ යෝගය මධ්‍යස්ථ යෝගයකි. විශේෂ හොදක් හෝ නරකක් නොමැත.
රජ බිසව හා රජු එකතු විම වශයෙන් හැදින්විය හැක. මේ යෝගය ජ්‍යෝතිෂ්‍යයේ හැටියට සුභ වන්නේ වෘශ්චික ලග්න කරුට පමණි. එයින් ධර්ම කර්මාධිපති රාජ යෝගය යෙදේ.
මේ යෝගය යෙදුන තැනැත්තන්ට බොහෝ වෙලාවට ඇදුම සහ සෙම, හතිය ආදි රෝග වැළදීමේ යම් ප්‍රවණතාවයක් පවති. විශේෂ සුභ තත්වයක් නොමැත.


+Iru Astrology

* කේන්දරයේ සම්පූර්ණ පලාපල විස්තරය ලබාදෙන, Word Doc. සේවාව හෝ Skype/දුරකථන මාර්ග සේවාව
* නාමකරණය (නම් තැබීම).
* නිවසට පැමිණ වාස්තු විද්‍යා උපදේශනය,
* කාර්යාලයට පැමිණ සේවා ලබාගැනීම ඇතුළු
 සියලූම ජෞතිෂ්‍ය කටයුතු සඳහා inbox කරන්න.
irusewaya@gmail.com.
0711 345 364

No comments:

Post a Comment