Sunday, October 18, 2015

සතියේ ලග්න පලාපලය - 19-26 Oct


● මේෂ
ඉතාම ශුභ සතියකි.
මේ සතිය ඇතුලත ආර්ථික වාසි ඉතාම ඉහලින් ඔබට ලැබේ. මන්ද කිවහොත්, සඳුගේ ගමන ඔබට මේ සතිය ඇතුලතදී 9 - 10 -11 වැනි ශුභ ස්ථාන වලය. දියුණුවට වැඩිහිටියන්ගේ උදව් උපකාර ලැබේ. එසේම ව්‍යාපාරික කටයුතු කරන ඔබට ඉතාම හොඳයි. එම කටයුතු සීග්‍රගාමිව දියුණු වේ.
ගෘහ ජිවිතය ඉතාම ප්‍රීතිමත්ව ගත වන අතර,
ඔබට මේ සතියෙදි පවුලේ වැඩිහිටියෙකුට සැලකීමට ඔබට අවස්ථාව ලැබේ. එසේම ඔවුන් සමග ගමන් බිමන්, වන්දනා ගමන් ආදිය යෑමට හැකියාව ලැබේ.
සෞඛ්‍ය ගැටළු විශේෂයෙන් පැන නොනගී. නමුත් සතිය අගදී සෙම් අමාරු ආදිය ඇතිවිමට පුලුවන්, සැලකිලිමත් වන්න.



● වෘෂභ
හොඳ සතියකි.
කරන කියන වෙලද ව්‍යාපාරික කටයුතු දියුණු වේ. රැකියා කරන අයටද සුබයි. සංචාරක ක්ෂෙත්‍රයට සුබයි. යම් ක්ෂෙත්‍රයක විහිදුනු රැකියා, ව්‍යාපාර කරන ඔබට මේ සතියෙදි වාසිදායක තත්වය ඇතිවෙනව. දියුණුව නිරායාසයෙන්ම ඇතිවෙන කාලයකි.
ගෘහ ජිවිතය තුල ඔබගේ සතුට සමාදානය රැඳෙන සතියක් මේ සතිය. ආදායම් මාර්ග වලින් අතමිට හිඟ නොවීම නිසා ඔබට මේ සතියෙදි දුරබැහැර ගමන් බිමන් යාමටද විනෝද වීමටද හැකියාව ලැබෙනවා.
සෞඛ්‍ය තත්වය,
යම් ගැටළු තත්වයක් සතිය මුලදි පෙනේ, එනම් සෙම් අමාරු, බඩේ අමාරු යන රෝග ඇතිවිය හැක. අවධානයෙන් කටයුතු කරන්න.


● මිථුන
සමඵලයි.
චන්ද්‍ර චාරය අනුව සතිය මුල් කොටසෙදි නම් ඔබට ආදායම් තත්ව වල අඩුවීම් දක්නට ලැබේ. ඔබව රැවටීම් සහ පාඩු ඇතිවිමට පුලුවන්. බුද්ධියෙන් කටයුතු කරන්න. මේ සතියේ ඔබ ඒ කටයුතු කල යුත්තේ ඉතාම පරිස්සමෙනි.
ගෘහ ජිවිතයේ, අඹුසැමියන් අතර ගැටුම් සහ හිත් නොහොඳකම් මතුවිමට පුලුවන්. ඉවසීමෙන් යුක්තව කටයුතු කල යුතු බව අපගේ උපදේශයයි.
සෞඛ්‍ය ගැටළු ඇතිවිමට පුලුවන්, එනම් අතපය වේදනාව, හන්දිපත් අමාරු, සන්ධිවල වේදනා යනාදි දේවල්ය.


● කටක
සමඵල සතියකි.
සතියේ මුල් දවස් 3ක් වැනි කාලයක යම් හොඳ තත්වයක් තිබුනද ඉතිරි දින කීපයෙදි ඔබ ආර්ථික වශයෙන් දැඩි ගැටළුකාරි තත්වයකට මුහුණ පෑමට ඉඩ තිබේ. එම තත්වය ඔබට උදා වන්නේ, ඔබ සමහරවිට නොසිතූ ආකාරයෙන්ය. විවිධ රැවටීම් වලටද හසුවීමට පුලුවන්. පරිස්සමට කටයුතු කරන්න.
ගෘහ ජිවිතයෙදි සංයමයෙන් කටයුතු කරන්න. නැත්නම් ගැටළු ඇතිවේවි. පවුලේ සාමාජිකයන් සමග මෙන්ම ඉන් පිට අය සමගද සුහදව සංයමයෙන් කටයුතු කරන්න.
සෞඛ්‍ය ගැටළු වශයෙන් නිදන්ගත රෝග ඇති අය ප්‍රවේසම් විය යුතුය.


● සිංහ
සමඵලයි.
සතිය පුරාම විචල්‍යවූ ආර්ථික රටාවක් පවති. එසේ නම් අක්‍රමවත්ය. ලැබෙන ආදායමට වඩා වැය පක්ෂය ඉහල යන බව පෙනීයයි. ඔබට මේ සතියේදි ණය වන්නට පවා සිදුවිය හැක. අරපිරිමැස්මෙන් වැඩකල යුතු කාලයකි.
ගෘහ ජිවිතය තුල ඔබගේ භූමිකාව සම්බන්ධව සතුටින් සිතිය නොහැක. යම් යම් කරුණු කාරණා මුල් කරගෙන පවුලේ අය සමග හෝ ඔබට මත ගැටුම් වලට යාමට සිදුවිය හැක. කෙසේ වෙතත් ඔබ සාමදානයෙන් සිටිමට වග බලාගත යුතුය.
සෞඛ්‍ය තත්වයේ, ඔබට ගැටළු සහගත වීමට බොහෝ ඉඩ ඇත. සෙම් අමාරු, ආහාර ජීර්ණ පද්ධතියේ ඇති අජීර්ණ ප්‍රශ්න, ඇඟපත අමාරු ආදිය බලපෑමට පුලුවන්.
● කන්‍යා
තරමක් අශුභයි.
ඔබට සුභ පල ලැබෙන්නේ සැබවින්ම සතියේ දවස් 2 හමාරක වැනි කාලයකටය. ඔබ මුදල් හදල් හම්බ කිරිම් වැනි භාරධූර කාර්යයන් වල නියැලෙන්නෙක් නම් සතියේ මුල් දවස් 2 තුල, අභියෝගාත්මක කටයුතු ඉටු කරගැනීම ශුභයි. විශේෂයෙන්ම සඳහන් කල යුතුයි, සතිය මධ්‍ය කොටසට වන්නට ඉතාම දැවැන්ත වූ ගැටළු ඇතිවිමට පුලුවන්.
ගෘහ ජිවිතය තුල ඔබගේ භූමිකාව මේ සතියෙදි එතරම් සුභ නොවේ. දරුවන් සම්බන්ධ කටයුතු වලට යම්, කාලයක් ගතවේ. එසේම ඔබට ඉන් අනතුරුව යම් ආකාරයකට වැඩ කටයුත්තක් නිර්මාණය කරගැනීමේ හැකියාව ඇත.
සෞඛ්‍ය තත්වය සතියේ අගට වන්ට නරක අතට හැරීමට පුලුවන්. එයින් ආරක්ෂා විය යුතුයි.
● තුලා
මේ සතිය තරමක ශුභයි.
විශේෂයෙන්ම මේ සතියෙදි ඔබ දුක් මහන්සියෙන් උපයා සපයා ගන්නා දේ රැකබලා ගැනිමේ හැකියාව පවතිනවා. ආදායම් තත්වය දියුණු වෙනවා. ව්‍යාපාරික කටයුතු කරන ඔබගේ බලාධිකාරිය වැඩි වෙනවා. අලුත් ව්‍යාපාර ආදිය ව්‍යාප්ත කිරිමේ හැකියාවද පවතිනව.
ගෘහ ජිවිතය ඉතාම ප්‍රීතිමත්ව ගත වෙනවා. මංගල යෝජනා ඇතිවෙනවා. පෙම් සබදතා ස්ථිර වෙනවා. මව් පාර්ශවයේ ඥාතින්ද, ඥාති හිතමිතුරන්ද නිවසට පැමිණෙනවා, එය අපේක්ෂිතයි.
සෞඛ්‍ය තත්වය ලොකු ගැටළුවක් නැහැ. සෙම් අමාරු ගැන විශේෂයෙන් පරිස්සම් වන්න. සීතල ආහාරපාන අනුභවයෙන් ඇතිවන රෝග ගැනද සැලකිලිමත් වන්න.
● වෘශ්චික
ඉතාම ශුභයි.
ඔබට මේ සතිය තුල විදේශ ගතවීමටද පුලුවන්. ආදායම් තත්ව, විදේශ රැකියා ඇතිවෙනවා. විදේශ රැකියා සඵල වෙනවා. විදේස රැකියා වල නියුතු අයට ඉතා හොදයි. ව්‍යාපාරික කටයුතු කරන අයට තමාගේ ආදායම් මාර්ග වැඩි කරගැනිමට අලුත් ආදායම් මාර්ග එකතු වෙනවා. රැකියා කරන අයට ශුභයි.
ගෘහ ජිවිතය ඉතාම ශුභයි. තම දරු පවුල සමග ඉතාම ප්‍රීතියෙන් සිටිමට හැකියාව ඇති කාලයක්. නිවසට අලුත් බඩු මුට්ටු ආදිය මිලදී ගැනීමට පුලුවන්. බිරිඳට - ස්වාමියාව “සප්‍රයිස්“ කරන(සතුට දනවන දේ සදහා) සතියක් වශයෙන් මේ සතිය කියන්ට පුලුවන්.
සෞඛ්‍ය තත්වයේ ගැටළු නැහැ. නමුත් හිස සම්බන්ධ රෝග ඇති අය, හිසේ කැක්කුම් ඇති අය, නිදන්ගත රෝග ඇති අය පරිස්සම් විය යුතුය.


● ධනු
ඉතාම ශුභ සතියක් !
සතිය මුලදි පවතින ජවය, සතිය මුළුල්ලේම පවතිනවා. ආර්ථික පැත්ත ඉතාම හොදයි. ඔබගේද උත්සහය උනන්දුව ඇත්නම් මේ සතියෙදි අභියෝග රාශියක් ජයගැනිමට පුලුවන්. අපට මතකයේ හැටි ධනු ලග්නයට කලකට පසුව හොදම සතියකි. නව ව්‍යාපාර ඇරඹීමට සහ නව රැකියා වලට ඉල්ලුම් කිරිමට හොද කාලයකි. නව රැකියා ලැබෙන කාලයකි.
ගෘහ ජිවිතය ඉතාම ප්‍රීතිමත්ව ගත වෙනවා. වෙනදා සිතේ ඇති නොවු සතුටකින් සිත පිරි යනවා. මංගල යෝග උදා වෙනවා. පෙම් සබදතා ස්ථිර වෙනවා. පවුලේ සාමාජිකයන්, අසල්වැසියන් සමග සතුටින් ප්‍රිතියෙන් සිටිය හැකි කාලයකි.
සෙම් අමාරු, උගුරේ සෙම සහ සමහරවිට කකුලේ අමාරුකම් අතපය වේදනා ආදිය ඇතිවන්ට පුලුවන්.


● මකර
ඉතාම හොඳ සතියකි.
මේ සතියෙදි ඔබ හොඳින් ආර්ථිකය මෙහෙයවනවා. අලුත් ආදායම් මාර්ග සෙවීමට උනන්දු වන මේ සතියෙදි ඔබ එයද ජයගන්නවා. සතිය අගදී ඔබට යම් දුරබැහැර පලාතකට යාමකට ගමන් බිමන් යෙදිමට ඉඩ තිබෙනවා. ආර්ථිකය දියුණු කරගන්නා කාලයකි.
ගෘහ ජිවිතය ඉතාම ප්‍රීතිමත්ව ගත කිරිමට පුලුවන්. වෙනදා මෙන් නොව ඔබටත් මේ සතිය තුල සතුට සමාදානය රජ කරනවා. පවුලේ අය සමග විනෝද විය හැක. දරුවන් වෙනුවෙන් සහ භාර්යාව/ස්වාමියා වෙනුවෙන් කිසියම් විශේෂ කටයුත්තක් කිරිමට ඔබට පුලුවන්.
සෞඛ්‍ය තත්වය ප්‍රබල ගැටළු නැහැ. සෙම් අමාරු සහ ජලයාශ්‍රිත බෝවන රෝග ගැන ප්‍රවේසම් වන්න.


● කුම්භ
හොඳ සතියකි.
මේ සතියෙදි සඳුගේ ගමන කෙසේ වෙතත් ලග්නයට ඇති කරන ප්‍රබල ග්‍රහචාරය අලුත් ආදායම් මාර්ග, අලුත් මිතුරන් මාර්ගයෙන් වාසි ඇතිවේ. ව්‍යාපාර කරන අයට එම ව්‍යාපාර ක්ෂෙත්‍ර වල සුභදායක ආරංචි ලැබෙනවා. ඔබට ඉතාම හොදින් ඔබගේ කාර්ය කරගන්නට පුලුවන්. නව රැකියා අපේක්ෂිත අයට නව රැකියා ලැබෙන කාලයකි.
ගෘහ ජිවිතය ඉතාම ප්‍රීතිමත්ව ගත වෙනවා. තමාගේ ආර්ථික තත්වය හොද නිසා පවුලේ සාමාජිකයන් සමග විනෝද වීමට පුලුවන්. ඔබට ඉතාම හොද සතියකි.
සෞඛ්‍ය තත්වය, තුල ඔබ හොදින් රැකෙනවා. කකුලේ අතපයේ වේදනාවද සමහරවිට සෙම් අමාරුද ඇතිවිමට ඉඩ තිබේ.


● මීන
ශුභ සතියකි.
චන්ද්‍ර චාරය අනුව ආදායම් තත්ව වලට ඉතාම හොදයි. නව ආදායම් තත්ව වැඩි දියුුනු වෙනවා. සියලුම ක්ෂෙත්‍ර වල රැකියා කරන අයට ව්‍යාපාර කරන අයට හොදයි. වෙලද ව්‍යාපාර කටයුතු කරන අයට අලුත් මානයන් ඔස්සේ එම කටයුතු දියුණු කරගැනිමට හැකියාව ලැබෙනවා. ඥාති හිතමිත්‍රාදින්ගෙන් හෝ වෙනත් ආයතන වලින් දියුණුවට අතහිත ලැබේ. අලුත් දෙයක් කරගැනිමට පුලුවන්.
ගෘහ ජිවිතය ඉතාම හොදින් ගත වෙනවා. පවුලේ අය සමග සතුටින් සිටිමට පුලුවන්. දුරබැහැර ගමන් යෙදෙනවා. බොහෝවිට මේ සතියෙදි වන්දනා ගමන් ආදියද යෙදීමට ඉඩ තිබෙනවා.
සෞඛ්‍ය තත්වය ප්‍රබල ගැටළු නැහැ. උෂ්ණ රෝග සහ සෙම් අමාරු, උගුරේ සෙම් ගෙඩි ආදිය ඇතිවන්නට පුලුවන්.



















No comments:

Post a Comment