Friday, October 2, 2015

සිකුරු මාරුව ඔබට කොහොමද ?


______ග්‍රහ ලොව මනාලිය හෙවත් ශීත බල ගුණෝපේත සිකුරු ග්‍රහතෙම බ්‍රහස්පතින්දා(ඔක් 01) සවස් භාගයේදී තම සතුරු රාශිය වූ කටක රාශියෙන් ඉවත්ව සිංහ රාශිගත වෙයි.
මනුෂ්‍යයාගේ  ප්‍රේමය, ආදරය කරුණාව යන මානුෂීය ගති ගුණ වලට මෙන්ම කාම භෝගී ජිවිතය, වස්තුව එසේම සුඛෝපභෝගි ජිවිතය, යාන-වාහන නිවේදනය කරනුයේද මේ සිකුරු ග්‍රහයාය.
ඔක්තෝබර් 1 වෙනිදා සිට මාසයකුත් දින 3ක් වැනි කාලයක් සිංහ රාශියේ සිකුරු ගත කරයි.

එසේ නම් මෙම ග්‍රහ මාරුව ඔබගේ ලග්නයට කෙසේ බලපාවිද ?



● මේෂ
ශුභයි.
5 වැන්නට සිකුරු පැමිණේ.
මංගල යෝග උදා වේ. පෙම් සබදතා ස්ථිරසාර වේ. පුත්‍රලාභ හිමි වේ.
හදිසි ධනලාභ හිමි විය හැක. දරුවන් සම්බන්ධ කටයුතු දියුණු වන කාලයකි.
කලාත්මක හැකියාව මතු වේ.


● වෘෂභ
ඉතාම ශුභ කාලයක්.
4 වැන්නට සිකුරු පැමිණේ.
දේපල හිමිකම හිමි වේ. වාසනාවන්තයි. අලුත් යාන වාහන ගැනීමට බලාපොරොත්තු වන අයට මේ කාලයෙදි එම බලාපොරොත්තු ඉෂ්ට වේ. උරුමහරුමකම් ලැබේ. තමාගේ කටයුතු දියුණු වේ.


● මිථුන
ඉතාම ශුභ කාලයකි.
3 වැන්නට සිකුරු පැමිණේ.
ශරීරය වර්ණවත් වන යෝග යෙදේ. උපතේදී 3වැන්නේ සඳු සිටී නම් විදේශ ගත වන යෝග යෙදේ. ශරීර සැපයට අවශ්‍ය කරන සියලුම පහසුකම් ලැබේ. රසවත් බොජුන් ලැබෙන කාලයකි. මෙම කාලය තුල නිතර නිතර ප්‍රීති උත්සව වලට සහභාගි වීමට ඔබට ඉඩ ප්‍රස්ථාව ලැබේ.


● කටක
ඉතාම ශුභයි.
2 වැන්නට සිකුරු පැමිණේ.
විශේෂයෙන්ම ව්‍යාපාරික කටයුතු වල නියුතු අය මෙම කාලය ඉතාම ප්‍රයෝජනවත් කාලයකි. මේ කාලයේ ඇති ශුභ පල නිසාම ඔබ සමාජයට ප්‍රිය වේ. මුහුණ ඇඟපත රූප සොබාවෙන් අනූන වේ. රසවත් ආහාර පාන, ප්‍රීති උත්සව එසේම වටිනා ඇඳුම් පැළදුම් ලැබේ.
2 වැන්නේ රාහු සිටි නම් ඔබට හදිසි ධනලාභ පවා හිමිවිමට ඉඩ ඇත. ඔබගේ වචනය අන් අයට ප්‍රියමනාප වනු ඇත. ඒ මගින් ඔබට විශාල ජනප්‍රියත්වයක් ලැබේ. නළු-නිළියන්ට ඉතාම ශුභ කාලයකි.


● සිංහ
ඉතාමත්ම හොඳ කාලයකි.
1  වැන්නට සිකුරු පැමිණේ.
ලග්නයට පැමිණෙන සිකුරා කට වචනයෙන් කියන්නේ සිකුරු නළලේ කියාය. ඔබ සමාජයට වඩාත් ප්‍රියමනාප පුද්ගලයෙක් වෙනවා සේම, විරුද්ධ ලිංගිකයන්ගේ ඇල්ම බැල්මද ඔබ කෙරෙහි නිරායාසයෙන්ම හිමි වේ. කම් සැප බෙහෙවින් අවශ්‍ය වේ.
එසේම සැපයට අවශ්‍ය කරන යාන වාහන, මුදල් හදල්, අලංකාර නිවාසද මේ කාලයේදී ලැබේ. එසේ වාහන මිලදී ගැනීමට සිතනවා නම් මේ කාලය හොඳ බව කිව හැක.
උපතේදි ගුරු ලග්නයේ සිටි නම් මේ කාලයෙදි ප්‍රබල මංගල යෝග උදා වේ.


● කන්‍යා
එතරම්ම ශුභ නැත.
12 වැන්නට සිකුරු පැමිණේ.
මන්ද ස්ත්‍රින් කරණ කොටගෙන මුදල් නාස්ති කරයි. එසේම 10දි ගැනීමට යන භාණ්ඩය කන්‍යා ලග්න ඔබ මිලදී ගන්නා විට එය 1000 දක්වා ඉහල යයි. නිස්කාරණයේ මුදල් හදල් වියදම් විමට හේතුවකි. මෙය ඔබ බරපතල ලෙස තේරුම්ගත යුතුයි. මාසයක් ඇතුලත කාලයෙදි අනිවාර්ථයේ මුදල් වියදම් විමට හේතු ඇත.
රෝග ඇති අය පරිස්සම් වන්න.
නමුත් යුගදිවි සැපත සම්බන්ධව ගැටළුවක් නොමැත, ඒ ගැන ප්‍රශ්න ඇති නොවන බව විශ්වාසයි.


● තුලා
ඉතාම ශුභයි.
11 වැන්නට සිකුරු පැමිණේ.
තමා ආශ්‍රය කරන සමාජයෙන් වටපිටාවෙන්, තමන්ට හොඳ ඵල ප්‍රයෝජන ලැබේ. එසේම තමා ජනප්‍රිය වන්නේ සමාජය තුලයි. දේශපාලකයන්ට ඉතාම හොද කාලයකි. එසෙම ව්‍යාපාරික කටයුතු වල නියැලෙන ඔබට එම කටයුතු පුළුල් කරගැනිමට අවස්ථාව ලැබේ. දේශ දේශාන්තර වල සංචාරයට වාසනාව ලැබේ. ශරිරයද වර්ණවත් වන ශුභ කාලයකි.
11 රාහු උපතෙදි සිටියේ නම් අනිවාර්යෙන්ම හදිසි ධනලාභ වාසනාව ඇත.


● වෘශ්චික
ඉතාම ශුභයි.
10 වැන්නට සිකුරු පැමිණේ.
රැකියා කරන අයට රැකියා වල දියුණුව, අභිවෘද්ධිය හිමි වේ. ප්‍රමෝෂන් සහ ඉන්ක්‍රීස්මන්ට් ලැබෙන කාලයකි. එසෙම බොස්ගෙන් හොඳ නම ඇසිමට පුලුවන්. ව්‍යාපාරික කටයුතු කරන අයට විශේසයෙන්ම ආහාර, රසකැවිලි, එසේම ඇඳුම් පැලදුම් සහ කාන්තාවන්ට අවශ්‍ය ද්‍රව්‍ය වෙලදාම් කරන මෙම කාලය ඉතාම ශුභඵලදායකයි.


● ධනු
නිසැක වශයෙන්ම ප්‍රතිඵලදායකයි.
9 වැන්නට සිකුරු පැමිණේ.
පෙර පින් මතුවෙන බව කිව යුතුයි. එසේ නම් ඔබ, ඔබගේ කේන්දරය පරික්ෂා කරවා උපතෙදි සිකුරු සිටින රාශිය අසා දැනගෙන ඒ අනුව වැඩ කටයුතු කලහොත් ඔබට නිසැක වශයෙන්ම දියුණු විය හැකිය. වැඩිහිටියන්ට ප්‍රිය වන මේ කාලයෙදි ඔවුන්ගෙන් පවා ආධාර උපකාර හිමි වෙයි.
තමා හොඳ මනුෂ්‍යයෙක් යැයි මිනිසුන් අතර ප්‍රිය වෙයි.


● මකර
සමඵලයි.
8 වැන්නට සිකුරු පැමිණේ.
විවාහ වි සිටින අයෙකු නම්, විවාහ පාර්ශවකරුවන්ගෙන් උරුමහරුමකම් ලැබේ. එනම් දෑවැදි හිමි වේ. රහසිගත සතුරන්ගෙන් ප්‍රවේසම් විය යුතුයි. ඇස්වහ-කටවහ දෝෂ වලට නිරායාසයෙන්ම ගොදුරු විය හැකියි.
ශුක්‍ර ධාතුව ඉතාම ප්‍රබලව උත්පාදනය වන මේ කාලයදෙි රහසිගත කම්සැප සොයා ඔබව වල්මත් කිරිමට ඉඩ ඇත. ප්‍රවේසම්ව කටයුතු කරන්න, හැඟිම් පාලනය කරගෙන බුද්ධිමත්ව කටයුතු කරන්න.


● කුම්භ
ඉතාම ශුභයි.
7 වැන්නට සිකුරු පැමිණේ.
මෙම ග්‍රහ මාරුව සිදුවන්නේ ඔබගේ කේන්දරයේ විවාහ ස්ථානය වූ 7 වැන්න ඇසුරු කොටගෙනය. මංගල යෝග ප්‍රබලව උදාවන මේ කාලයෙදි ප්‍රේම සම්බන්ධතා සම්බන්ධයෙන් හොඳ ප්‍රතිචාර ලැබේ. ඔබට විරුද්ධවාදිකම් කල අය ඔබට පක්ෂව කටයුතු කරනු ඇත. ඔබගේද කාම ආශාවන් ප්‍රබල වෙයි. එසේම විරුද්ධ ලිංගිකයන්ගේ ආකර්ෂණය වැඩි වැඩියෙන් හිමිවන කාලයකි. හවුල් ව්‍යාපාර කටයුතු වල දියුණුවක් හිමි වේ.
ගනුදෙනු කරුවන් අතර ජනප්‍රිය වේ. රැකියා කරන අයටද මේ කාලය හොඳයි.


● මීන
සමඵලයි.
6 වැන්නට සිකුරු පැමිණේ.
මේ කාලයේදී සතුරු කරදර ඇතිවිමට හේතුයි. මකර ලග්නයේ අයට මෙන්ම ඔබටද ඇස්වහ කටවහ දෝෂ ඇතිවිය හැක. තමන්ගේ ක්‍රියා කලාප ගැන කයිවාරු ගැසිය යුතු නැත. තමාගේ රහස් පිටට දුනහොත් ඇස්වහ කටවහ දෝෂ ඇතිවිමට හේතුයි.
අමියා අජීර්ණ රෝගද ඇතිවිමට ඉඩ ඇත. එසේම ශුක්‍ර ධාතුව විනාශ නොකරගෙන සිටිම, විවාහයට සූදානමින් සිටින ඔබට අප දෙන මාහැඟි අවවාදයකි.


සැ.යු :- පොදුවේ ගත්කල සිකුරුගේ ග්‍රහ ගමන අනුව මෙම පලාපලය සකසා ඇත.

මෙහිදිද උප්පත්තියේදි සිකුරු සිටින තැන අනුව ඔබට අඩු වැඩි වශයෙන් සුභ හෝ අශුභ පැත්තට ගමන් කල හැක.

සමස්තයක් වශයෙන් ගත්කල මෙම සිකුරු මාරුව, මේෂ, වෘෂභ, මිථුන, කටක, සිංහ, තුලා, වෘශ්චික, ධනු සහ කුම්භ ලග්නයට ඉතාම විශිෂ්ඨ ප්‍රතිඵල ඇති කරන බව පර්යේෂණාත්මක ජ්‍යෝතිෂ්‍ය මත ඉදිරිපත් කරන අපගේ අදහසයි !

තෙරුවන් සරණයි !






No comments:

Post a Comment