Tuesday, September 29, 2015

සතියේ ලග්න පලාපලය - සැප් 29 සිට

● මේෂ
සුභ සතියකි.
චන්ද්‍රයා මේෂ රාශියේ සිටියදී ඇරඹෙන ලෙස මෙම සතිය සකසා ඇත. මෙයින් ඔබගේ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වන බව නොඅනුමානයි. විශේෂයෙන්ම කිව යුතුයි,
ආදායම් තත්ව වැඩි දියුණු වේ. කරන කියන කටයුතු වල හොඳ දියුණුවක් ඇතිවේ. ව්‍යාපාරික ක්ෂෙත්‍රයේ අයට සහ රැකියා කරන අයට සුබයි.
ගෘහ ජිවිතය ප්‍රීතිමත්ව ගත වේ. මේ සතියෙදි දුවාදරුවන් සමග දුර බැහැර ගමන් යාමට විනෝද විමට අවස්ථාව ලැබේ. නිවසට අවශ්‍ය කරන යම් යම් දෑ මිලදී ගැනීමට ඔබට හැකියාව ලැබෙනු ඇත.
සෞඛ්‍ය තත්වයේ සෙම් අමාරු, අසනීප ආදියෙන් පරිස්සම් වන්න.

● වෘෂභ
සමඵලයි.
සතියේ මුල් දවස් 2දී ඔබට ආර්ථික පාඩු, අලාභ ඇතිවිමට ඉඩ තිබේ. එසේම එම දවස් 2 ඇතුලත දුන් මුදලක් ආපසු ගැනීමට අපහසු වීම, එසේම ණය තුරුස් වලට හසුවිමට ඉඩ ඇත. බුද්ධියෙන් කටයුතු කරන්න.
ඉන්පසු සතිය ඔබට හොදයි.
ගෘහ ජිවිතය සම්බන්ධව පාඩු අලාභ, කරදර නොමැත. එසේම මේ සතියෙදි දරුවන් වෙනුවෙන් යම්කිසි දෙයක් කරගැනීමට පුලුවන්. සතිය අගදී ඥාති හිතමිතුරන් ඔබ සොයා පැමිණේ.
සෞඛ්‍ය තත්වය හිසේ අමාරු, පපුවේ සෙම ගතිය සඳහන් කල හැක.


● මිථුන
සමඵල සතියකි.
සතියේ මුල් දින කීපය ඔබට ඉතාම වාසි සහගත තත්වයක් පෙන්වයි. ආදායම් මාර්ග, එසේම හදිසි ධනලාභයකටද හේතුයි. දේපල උරුමහරුමකම් ලැබිය හැක. ඔබට ඉතාම හොදයි. සතිය අගදී පවුලේ ඥාතියෙකුගෙන්ද උදව් උපකාර ලැබීමට පුලුවන්.
ගෘහ ජිවිතය ඉතාම ප්‍රීතිමත්ව ගතවන මෙම සතියෙදි අලුත් හිතමිත්‍රකම් ගොඩනැගෙනවා මෙන්ම ප්‍රේම සබදතා වලට මුල පිරෙනවා ඇත. එසේම ඔබට මංගල යෝජනාද එයි. සිත ප්‍රීතියෙන් තිබෙන මෙම කාලයෙදි ඔබට බොහෝදේ කරගත හැක.
සෞඛ්‍ය තත්වය එතරම් අයහපත් නොවේ. ලිස්සා වැටිම්, අතපය උලුක්කු වීම් ආදියෙන් පරිස්සම් වන්න. විශේෂයෙන්ම ශල්‍යකර්ම වලට භාජනය වූ අය, වාත අමාරු ඇති අය පරිස්සම් වන්න.


● කටක
ඉතාම ශුභයි.
ලග්නාධිපති උච්ච වෙන මේ සතියෙදි ආදායම ගැන ගැටළු නැත. ධන යෝග හිමි වේ. කරන කියන කටයුතු දියුණු වේ. මුදල් ලැබේ. ව්‍යාපාරයට ඥාතින්ගෙන් හිතවතුන්ගෙන් අතහිත ලැබේ.
ගෘහ ජිවිතය ප්‍රීතිමත්ව ගත වෙයි. තමාගේ ඥාති හිතමිතුරන් නිවසට එන සතියකි. ඔබටද ප්‍රේම සබදතා සඵල වන, මංගල යෝජනා ඇතිවන මේ සතියෙදි දුරබැහැර ගමන් යාමට අවස්ථාව ලැබේ.
සෙම් රෝග ආශ්‍රිත අසනීප වලින් පරිස්සම් වන්න. කුඩා දරුවන් ජලය ආශ්‍රිත කටයුතු වලින් සහ ජලය ආශ්‍රිත රෝග වලින් රැකගන්න.


● සිංහ
ඉතාම සුභ සතියකි.
ආදායම් මාර්ග වැඩි දියුණු වෙන්නේ පෙර පිනටය. පවුලේ උසස් අයගෙන් උදව් උපකාර ලැබෙනවා මෙන්ම විදේශගත හිතවතුන්ගෙන්ද මුදල් ලැබිමට වාසනාව පවති. එසේම උරුමහරුමකම් ලැබෙන මේ සතියෙදි තමන් කලින් දුන් දෙයක් නැවත මෙම කාලයෙදි ලැබීමට ඉඩ තිබෙනවා.
ගෘහ ජිවිතය ඉතාම හොඳයි. වැඩිහිටියන් සමග වන්දනා ගමන් ආදියේ යෙදීමටද පුලුවන්. සතිය මැදදී අතමිට කාසි පනම් ලැබෙන නිසා සිත ප්‍රීතියෙන් පිරෙනවා වගේම ප්‍රිය සම්භාෂණ වලටද සහභාගි විමට ඉඩ තියෙනවා.
සෞඛ්‍ය ගැන ප්‍රබල ගැටළු නැහැ, නිදන්ගත රෝග ඇති අය ඒවායින් ආරක්ෂා වන්න.


● කන්‍යා
මේ සතිය සමඵලයි.
සතියේ මුල් දින 2-3 කාලය මානසිකව වැටිම නිසා, ආදායම් තත්ව අඩාල විය හැක. සතිය මැදදී සහ අගදි මේ තත්වයන් දුරුවේ. ව්‍යාපාරික කටයුතු වලට රැකියාවේ කටයුතු වලට සතිය මැද සහ අගදි හොදයි.
ගෘහ ජිවිතය ගැන ගැටළු නැහැ. සතියේ මුල් දින කීපයෙදි යම් ගැටළු තිබුනත් ඒවා විසදෙනු ඇත, විශේෂයෙන්ම අඹුසැමි ගැටළු. ඉදිරිය වාසනාවන්තයි.
සෞඛ්‍ය තත්වය - සෙම් රෝග, උදරාබාධ වලින් ආරක්ෂා වන්න.


● තුලා
සමඵලයි.
සතියේ මුල් දවස් 2-3දි කරන කියන කටයුතු වල දියුණුවක් තිබුනත් ඉන්පසු ප්‍රබල බාධක මතුවිමට පුලුවන්. විශේෂයෙන්ම වෘත්තිය ජිවිතයේ සතුරන්ගෙන් ප්‍රවේසම් විය යුතුයි. එසේම ඔබ ආරක්ෂා විය යුතුයි, දෙපිටකාට්ටුවන්ගෙන්. එනම් වෘත්තියට හෝ රැකියාවට සතිය මැදදි ප්‍රබල හතුරුකමක්, විරෝධයක් එල්ලවිමට පුලුවන්, ඒ ගැන අවධානයෙන් සිටින්න.
ගෘහ ජිවිතය එතරම් වරදක් නැහැ. මේ සතියෙදි මංගල යෝග උදා වෙන්නට ඉඩ තියෙනවා. සතිය මැදදී යම් යම් ගැටළු සහගත තත්වයන් මතුවිමට පුලුවන්  ඒ සම්බන්ධව මධ්‍යස්ථව සිතා බුද්ධියෙන් කටයුතු කිරිමට සිතට ගන්න.
සෞඛ්‍ය තත්වය - සෙම් අමාරු සහ නිදන්ගත රෝග ඇති අය ඒවායින් ආරක්ෂා වන්න. විශේෂයෙන්ම දරුවන් ලැබිමට සිටින මව්වරුන් ආරක්ෂා විය යුතුයි.


● වෘශ්චික
එතරම් සුභ නැහැ.
ආර්ථික තත්වයේ ප්‍රබල විචල්‍යයක් පවති. කරන කියන කටයුතු වල ප්‍රබල බාධක මතු වේ. හවුල් ගනුදෙනු කරුවන් විශේෂයෙන්ම ප්‍රවේසම් විය යුතුයි. එසේම ඔබ ණයට ගැනීම සහ ණයට දීම මේ සතියෙදි කරන්න එපා.
ගෘහ ජිවිතය ප්‍රබල බාධක මැදින් ගත වේ. අඟහිඟකම් මතුවේ. අඹුසැමියන් අතර යම් යම් ප්‍රශ්න ඇතිවිය හැක. සතියේ මුල් දවස් 2-3 කාලය ඉතාම ඉවසිමෙන් කටයුතු කල යුතුයි.
සෞඛ්‍ය තත්වයේ, නිදන් ගත රෝග ඇති අය පරිස්සම් වන්න. උදරාබාධ, අජීර්ණ රෝග ආදියද ඇතිවන්නට හේතුයි.



● ධනු
මේ සතිය සාමාන්‍ය සතියකි.
ඔබටද සතිය මැදදී ධන හානි සිදුවිය හැකියි. විශේෂයෙන්ම ණය තුරුස් ගනුදනෙු වලදි ප්‍රවේසම් වන්න. ඔබගේ ව්‍යාපාරික කටයුතු වලදි ප්‍රබල හොර මැරකම්, අක්‍රමිකතා - දූෂණ සිදුවිය හැකියි. ඒවායින් ආරක්ෂා වන්න.
ගෘහ ජිවිතය සතියේ මුල් දවස් 2-3දි ප්‍රශ්නයක් නැත. දරුවන් සම්බන්ධව යම්කිසි දෙයක් කරගැනිමට පුලුවන්. නමුත් ඉන්පසු අඟහිඟකම් මතුවිමට පුලුවන්. නමුත් ඔබගේ ඥාතින්ගෙන් උදව් උපකාර ලැබේ. සතිය අගදී මංගල යෝග උදාවේ, අවිවාහක අයට සිතේ සැනසුම ගෙන දෙයි. හොද සතියක් වේ.
සෞඛ්‍ය තත්වය විශේෂයෙන්ම උදරාබාධ සතිය අගට වන්නට සෙම් රෝග, ජලාශ්‍රිත රෝග වලි්න් ආරක්ෂා විය යුතුයි.



● මකර
ශුභ සතියකි.
ඔබට මේ සතියෙදි තමා කාලයක් බලාපොරොත්තු වූ දේවල් ලැබේ. එසේම මේ සතියෙදි උරුමහරුමකම් ලැබේ. ව්‍යාපාරික කටයුතු වල නියුතු අයට මූල්‍ය උපකාර ලබාගැනිමට පුලුවන්. එසේම තමාගේ වාසනාව පෑදෙන මේ සතියෙදි හදිසි ධනලාභද හිමි විය හැක.
ගෘහ ජිවිතය ප්‍රිතිමත්ව ගත වේ. නිවසට අලුත් බඩු බාහිරාදිය මිලදී ගැනීමට පුලුවන්. එසේම තමාගේ ඥාති මිත්‍රයන් සමග සුහද ඇසුරකට මුල පිරෙන මේ සතියෙදි අලුත් හිතවත්කම් ගොඩ නැගේ. විවාහ ස්ථානාධිපති උච්ච වන මේ සතියෙදි මංගල යෝග උදාවි විවාහක අයට යුගදිවි සැපත උදා වේ.
උදරාබාධ ගැන ප්‍රවේසම් විය යුතුයි. පපුවේ සෙම ගැනද එසේමයි.



● කුම්භ
ඉතාම සුභ සතියකි.
සතිය මුළුල්ලේම එක දිගට පෙනෙන වාසනා ගුණයක් නිසා කරන කියන ව්‍යාපාරික කටයුතු දියුණුවෙන් දියුණුවට පත්වේ. එසේම ඒවාට අතහිත ලැබේ. එසෙම මේ සතියෙදි බිස්නස් කන්සෙප්ට් මතු වේ. එසේම ව්‍යාපාර කටයුතු කරන ඔබට ඒවා පුළුල් කිරිමේ හැකියාව ලැබේ. ඔබටද උරුමහරුමකම් ලැබේ. ඉතාම හොද සතියකි.
ගෘහ ජිවිතයද ඉතාම හොදයි. නිවසට අවශ්‍ය කරන සුඛෝපභෝගි භාන්ඩ මිලදී ගැනීමට පුලුවන්. ඔබට විදේශ සංචාරද මේ සතියෙදි හිමි වේ. දුරබැහැර ගමන් වලින් සතුට මෙන්ම ආදායමද ලැබේ.
සෞඛ්‍ය තත්වයේ ප්‍රබල ගැටළු නැහැ. නිදන්ගත රෝග ඇති අය ආරක්ෂා විය යුතුයි.

● මීන
ඉතාම හොඳ සතියකි.
තමාගේ කරන කියන කටයුතු දියුණු වන මේ සතියෙදි, කාලයක් තමාගේ හිතේ තිබු බලාපොරොත්තුවක් ඉෂ්ට වේ. රැකියා කරන අයට උසස් වීම් ලැබෙන කාලයකි. ව්‍යාපාරික ක්ෂෙත්‍ර වල නියුතු අයට අලුත් අවස්ථාවන් දියුනු විමට ලැබේ. පිට පලාත් වල සංචාරයටද අවස්ථාව හිමි වේ.
මේ සතියෙදි දරු පවුල සමග ඉතාම සමීප සම්බන්ධතාවයක් පවත්වයි. ඥාති හිතවත්කම් ඉතාම ප්‍රබලව ගොඩ නැගෙන මේ සතියෙදි මංගල යෝග උදා වේ. පෙම් සබදතා වලට වැඩිහිටියන්ගේ ආශිර්වාද උදා වේ. මංගල යෝගද උදා වෙන නිසා හොද සතියකි.
සෞඛ්‍ය සම්බන්දව නම් සෙම් රෝග සහ ජලාශ්‍රිත බෝවන රෝග වලින්ද පරිස්සම් වන්න.

No comments:

Post a Comment