Wednesday, September 16, 2015

කුජ මාරුව - සැප් 15 සිට

ග්‍රහ ලොව සෙන්පති රක්ත වර්ණ කුජ ග්‍රහ දෙවිඳුන් තම නීච භවනය වූ කටක රාශිය හැරදා තමාගේ අධි මිත්‍ර රාශිය වන සිංහ රාශියට මෙම සැප්තැම්බර් මස 15 වන අඟහරුවාදා දින රාත්‍රි 9.29ට තමාගේම නැකතක් වූ සිත නැකතෙන්  ප්‍රවිෂ්ට වේ.
නොවැ. 03 වනදා දක්වා කුජ/අඟහරු සිංහ රාශියේ සිටි.

මෙම ග්‍රහ මාරුව ලග්න 12ට බලපාන්නේ කෙසේද ? - මෙන්න විවරණය

● මේෂ
ශුභයි.
මේෂ රැසේ ඔබට කුජ මාරුව නිසා ඉතාම ආත්ම විශ්වාසයෙන් පෙරට යාමේ හැකියාව ඇතිවේ. තමාගේ දේපල සම්බන්ධව තිබුනු ආරවුලක් නිරාකරණය වේ.
කාමාශාව සහ උත්පාදක ශක්තිය ප්‍රබල වේ. විශේෂයෙන්ම උප්පත්ති කේන්දරයේ සිකුරු සිංහ රාශියේ සිටි අයට මේ කාලයෙදි කම්සැප වැඩියෙන් ලැබේ.
අලුත විවාහ වූ අයට හොඳයි.


● වෘෂභ
මධ්‍යස්ථයි.
4 වැන්නට කුජ පැමිණිම එක් ආකාරයකට හොදයි. මිත්‍ර රාශි ගතව සිටින බැවින් දේපල ඉඩකඩම් භුක්තිය හිමිවේ. එසේ නොමැති නම් ඒවා මිලදී ගැනිමට හැකියාවක් පවති. තවද ඔබට භුමියෙන් ලැබෙන සියලු දේ ලැබේ. හිත තරමකට මුරණ්ඩු වේ. ඒ ගැන ප්‍රවේසම් විය යුතුයි.
අඹුසැමියන් අතර සමගිය සමාදානය එක ලෙස තබා ගැනීමට උනන්දු වන්න.


● මිථුන
මෙම ග්‍රහ මාරුව ඉතාම හොදයි.
3 වැන්නට කුජ පැමිණිමෙන් ධෛර්යය ඇතිවේ. දුරබැහැර ගමන් බිමන් යෙදිමට පුලුවන්. තමා කරන කියන කටයුතු උත්සහයෙන් උනන්දුවෙන් කරගත හැක.
උප්පත්ති කේන්දරයේ 7 වැන්නේ සිකුරු තැන්පත් අයට පොදුවේ මංගල යෝග සහ විරුද්ධ ලිංගිකයන්ගේ ආශ්‍රය වැඩිපුර ලැබේ.


● කටක
සමඵලයි.
ලග්නයේ සිට 2වැන්නට පැමිණීම තරමක හොඳ තත්වයකි.
නමුත් උනන්දුවෙන් උත්සහයෙන් වැඩ කල යුතුයි. එම හැකියාව ලැබේ. නමුත් ඔබව පාලනය කරගැනීමට කටයුතු කල යුතුය. තමාගේ වචනය නිසා බොහෝ අය තමා සමග අමනාප වීමට පුලුවන්. එයද සැලකිය යුතු කාරණාවකි. ඒ ගැන කල්පනාකාරි වන්න.
ගෘහ ජිවිතය තුල අඹුසැමි සමගිය ආරක්ෂා කරගත යුතුයි. මන්ද දෙදෙනා අතර සුළු දේකට පවා දබර ඇතිවිමට පුලුවන්.


● සිංහ
සමඵලයි.
ලග්නයට කුජගේ පැමිණීම නිසා තරමක හිතුවක්කාර තීරණ ගැනීමට පෙළඹේ. එසේ වුවද 12 වැන්නේ සිටියාට වඩා යහපත්ය.
එසේම රථවාහන ආදියේ යන අය ඒවා පදවන අය, මෝටර් සයිකල් පදවන අය මේ කාලයේ පරිස්සම් විය යුතුයි, අනතුරු ඇතිවිමට හේතුයි. එසේම පොදුවේ ගත්කල ශරිරයට තුවාල, උෂ්ණාධික රෝග, ලේ විෂවීම්, අසාත්මිකතා ඇතිවිමට ඉඩ ඇත.
යුග දිවිය කෙරෙහිද තරමක ආවේගශීලි භාවයක් පෙන්වයි. එනිසා දෙදෙනා අතර අන්නෝන්‍ය සමගියට බාධාවන් ඇතිවිමට ඉඩ ඇත. ඒ ගැන විමසීමෙන් සිටින්න.


● කන්‍යා
එතරම් ශුභ නැත.
කන්‍යා රැසේ 12 වැන්නට කුජගේ පැමිණිම නිසා තමාගේ ආදායම් තත්ව වලට දැවැන්ත වූ පහරක් එල්ල වෙයි. එනම් නිෂ්ඵල වියදම් නිෂ්කාරණයේ වියදම් ඇතිවේ. නඩුහබ වලටද පැටලීමට ඉඩ ඇත. තමාව කවුරුන් හෝ රැවටීමට භාජනය කල හැක. එමනිසා ඒ ගැන විශේෂ අවධානයකින් සිටිය යුතුයි.
ගෘහ ජිවිතය පැත්තෙන් ගත්කල අඹුසැමි සමගියට කිසියම් ආකාරයක බාධාවක් පවති. මේවා සිත්හි තබාගෙන වෙනදාට වඩා සමගියෙන් සමාදානයෙන් සිටිය යුතුය.
12 වැන්නේ සිකුරු සිටින අයට (උප්පත්තියෙදි) මේ කාලයෙදි අනියම් සබදතා වලට පැටලීමේ යම් ඉඩකඩක් පවති.


● තුලා
සමඵලයි.
මෙම රාශියට කුජගේ ප්‍රවේශය නිසා ඔබ බොහෝ කාලයක් සුහදව ඇසුරු කල කෙනෙක්, ඔබ සමග අමනාප වීමට ඉඩ ඇත. ඒ එසේ වන්නේ, ඔබගේ වැරැද්දක් හෝ අඩුපාඩුවක් නිසා නොව, 11 වැන්න තුල ගෝචරයේදි කුජ සාමාන්‍යයෙන් එසේ කරන බැවිනි.
නමුත් භුමියෙන් ලැබෙන දේවල් වලට හිමිකම තියෙනවා. වතුපිටි ඉඩකඩම් උරුමය වශයෙන් ලැබෙනවා. මිලදී ගැනීමටත් පුලුවන්. නව නිවාස මිලදී ගැනිමටත් පුලුවන්. - ශුභ කාලයකි.


● වෘශ්චික
ශුභයි.
10 වැන්නට කුජගේ පැමිණිමෙන් තමාගේ ආර්ථිකය දියුණු වේ. කටයුතු කාර්ය සාධනය ඇතිවේ. එසේම
ගෙදර දොර නිවසේ වැඩකටයුතු වලද සාර්ථකත්වය ඇතිවිමට ඇති ඉඩකඩ වැඩියි. ඔබට රාජ යෝගයක් මේ උදා වන්නේ. අලුත් නිලතල පදවි තානාන්තර ලැබිම, සමාජයේ ගරුත්වයට ලක්වීම මේ කාලයෙදි සිදු වෙනවා.
පවුලේ දියුණුව ඇතිවෙනවා. සිතට සතුට ඇතිවෙනවා. අඹුසැමියන් අතර සමගිය ඇතිවෙනවා.


● ධනු
ශුභයි.
තමාගේ අසනීප තත්ව ආදිය සමනය වේ. තරමක අනතුරුදායකම කාල සීමාවක් දුරුවී ඇත. ඉතාම හොදයි. විදේශ ගමන් අවස්ථා යෙදේ. දුර ගමන් කෙටි ගමන් ආදියෙන්ද තමන්ට වාසි සහ අවස්ථා ලැබේ. එසේම දුරබැහැර හිතවතුන්ගෙන් උදව් උපකාර ලැබේ. යම්කිසි ආකාරයකට හොද කාලයකි.


● මකර
එතරම් ශුභ නැත.
ලග්නයට පාපියෙක් වන කුජ 8 වැන්නට පැමිණිම නිසා හදිසි කරදර, අනතුරු ආදියෙන් පරිස්සම් විය යුතුයි. ඔබ වාහන වල මෝටර් සයිකල් වල ගමන් කරන්නෙක් නම් ඉතාම අවදානයෙන් සිටින්න. හදිසි කෝපය ඔබට එනවා. කෝපය පාලනය කරගැනිමට අපහසුයි. තවද ඔබ මුරණ්ඩු වී හිතුවක්කාර වීමට පුලුවන්. යුග දිවිය දෙදරායාමට තරම් පොඩි ප්‍රශ්න, ලොකු ප්‍රශ්න විය හැකියි, අවදානයෙන් සිටින්න.
සුළු තුවාල නොසලකා හරින්න එපා. අසාත්මිකතා ඇතිවිය හැකියි. කුජ කන්‍යා රාශියට යනතුරු පරිස්සම් වි සිටිම ඔබ සතුයි.


● කුම්භ
එතරම් ශුභ නැත.
7 වැන්නට පැමිණ ලග්නයට සප්තම දෘෂ්ටිය හෙලන නිසා ඔබගේ මනස ආකූල ව්‍යාකූල වෙන්නට පුලුවන්. යුග දිවියේ දෙදෙනා අතර ගැටුම් ඇතිවිමට හේතු තිබේ. පෙරකී මකර ලග්නයේ කරුණු ඔබටද වෙන්න පුලුවන්. ඉවසීමෙන්, දූරදර්ශීව සිතා බලා කටයුතු කල යුුතුයි.
උප්පත්ති කේන්දරයේ සිකුරු 7 සිටින අයට පොදුවේ කාමාශාව බලවත් වේ.
මුත්‍රා අමාරු, අසාත්මිකතා රෝග ඇතිවිමේ අවදානමක් ඇත. දරුවන් ලැබිමට සිටින මව්වරුන් ශාරිරික ව්‍යායාම මෙන්ම ලිංගික ඇසුරේ යෙදීම හොදයි, මන්ද සිසේරියන් සැත්කම් වලට යොමුවිමට නැත්නම් ඉඩ තිබෙනවා.


● මීන
හොඳයි.
6 වැන්නට කුජ පැමිණේ. සතුරන් පරාජය කරයි. තත්කාල ග්‍රහචාරයේ ගුරු සමග සිටින නිසා දේශපාලනයේ නියුතු අයට හොදයි. සතුරන් මිතුරන් වේ. නමුත් උප්පත්ති කේන්දරයේ 6 වැන්නේ කුජ සිටින අය පරිස්සම් විය යුතුයි.
ජීර්ණ පද්ධතියේ රෝග ආදිය, බඩවැල් ආශ්‍රිත රෝග ආදිය ඇතිවිමට පුලුවන්. ඒ ගැන කල්පනාවෙන් සිටිය යුතුයි.











No comments:

Post a Comment