Monday, September 7, 2015

සතියේ ලග්න පලාපලය - සැප්. 7 සිට

● මේෂ
ඉතාම ශුභ සතියකි.
චන්ද්‍රයා 3 සහ 6 වැන්න තුල ගෝචරය වෙන මෙම සතියෙදි ඔබගේ ආර්ථිකය දියුණු වේ. පිට පලාත් වල කරන රැකියා සාර්ථකයි. විදේශ රැකියා සඵල වේ. ඔබගේ උත්සාහයේ උනන්දුවේ හැටියට ප්‍රතිඵල ලැබෙන අතර, සහෝදරයන්ගෙන් මව්පිය පාර්ශවයෙන් දියුනුවට අතහිත ලැබේ.
ගෘහ ජිවිතය ඉතාම සාර්ථකයි. පිට පලාත් වල සංචාරය කරන ඔබ මෙම සතියේදී තම නිවසට අවශ්‍ය බඩු මුට්ටු ආදිය මිලට ගනී. අඹුසැමි ප්‍රේමය, දරුවන් සමග ඇති ආදරය වැඩි වේ.
සෞඛ්‍ය තත්වයේ සෙම් රෝග අසනීප මෙන්ම පපුවේ මහන්සිය ඇති අය ප්‍රවේසම් වන්න.


● වෘෂභ
ඉතාම සුභ සතියකි.
මෙම සතියෙදී ඔබටද උනන්දුවේ උත්සහයේ හැටියට ආර්ථික තත්වය දියුණු කරගැනීමට පුලුවන. හෝටල් ආපන ශාලා, රසකැවිල් සහ සියලුම වෙළද කටයුතු කරන ඔබට මෙම සතියෙදි කාර්යබහුල වේ. ආදායම් වැඩිවනවා ඇත.
ගෘහ ජිවිතය අඹුසැමි ප්‍රේමය දළුලයි. අවිවාහක අයට මංගල යෝග උදාවෙන මෙම සතියෙදි ප්‍රේම සබදතාද සඵල වේ. මංගල යෝජනා ස්ථිරසාර වේ. වෘෂභ ලග්නයේ ඔබට නිවස අලංකරණය කිරිමට අවශ්‍ය දෑ ලැබේ.
සෞඛ්‍ය තත්වයද මේෂ ලග්නය හා සමානයි, සෙම් රෝග සහ පපුවේ මහන්සිය සම්බන්ධව අවධානමත් වන්නට කිව යුතුය.


● මිථුන
ප්‍රීතිමත් සතියකි.
ලග්නයේ සඳු සිටියදී ආරම්භ වන මෙම සතිය ඔබගේ ප්‍රිය මනාප භාවයම සහ කතා විලාශය නිසා ඔබට බොහෝ අය එකතු වේ. එසේම මෙම තත්වයත් සමග ඔබගේ ආර්ථික පදනමද දියුණු වේ. එයද ඉතාම හොද තත්වයකි.
ගෘහ ජිවිතය ඉතාම සතුටින් ගත කරගැනීමට පුලුවන්. දරු පවුල සමග ඉතාම සමීප සම්බන්ධයක් මෙම සතියෙදි ගොඩනැගේ. නිවාස භූමි ඉඩකඩම් ලාභ ලැබේ. එසේම තිබෙන නිවස අලංකරණය කිරිමටද පුලුවන.
සෞඛ්‍ය තත්වය උදරාබාධ, ජලය මගින් බෝවන රෝග සෙම් රෝග ආදිය ඇතිවිය හැක.


● කටක
සමඵල සතියකි.
සතියේ මුල් දවස් 2-3 කාලය ඔබට එතරම් ශුභදායක නොවේ. එම දවස් 2-3දී ඔබ ණයතුරුස් වලට හිරවිය හැක. එසේ නොමැති නම් යම් යම් බැඳුම්කර වලට හසුවිය හැක. ඔබ ඒවායින් නිසැක වශයෙන්ම ප්‍රවේසම්ව සිටිය යුතුය. නැතහොත් මහ විනාශයක් වීම වැලැක්විය නොහැක.
ගෘහ ජිවිතය හොද බව කිව යුතුය. ආර්ථික තත්වය නිසා යම් යම් ගැටළු මතු වුවද පොදුවේ ගත්කල මෙම සතියේදී දුවාදරුවන් සමග ප්‍රීතියෙන් සිටිමට පුලුවන් වන අතර සතිය අගදී දුරබැහැර ගමනක් යෙදේ.
සෞඛ්‍ය තත්වය, දණිස් අතපය වල වේදනාව, එසේම මානසික ආතතිය ආදිය ඇතිවිය හැක. බුද්ධියෙන් කටයුතු කරන්න.


● සිංහ
සමඵල සතියකි.
සතියේ මුල් දවස් 2ට පසු උදාවන දින 2 හමාරක කාලය ඔබ බොහෝ බුද්ධිමත්ව කලමනාකරණය කල යුතුය. ඔබද යම් යම් රැවටිලිකාරකම් වලට හසුවිය හැක. ඒවායින් ආරක්ෂා වී සිටිම ඉතාම අවශ්‍යම කාරණාවකි.  බුද්ධිමත්ව කටයුතු කරන්න.
ගෘහ ජිවිතය සාමාන්‍ය පරිදි ගත වුවත්, ඔබගේ පවුලේ සාමාජිකයන් අතර යම් මතභේද වලට තුඩුදෙන යම් කාරණා සිදුවිය හැක. ඉවසීමෙන් කටයුතු කල යුතුය. එසේම ඔබට අයිති දෙයක් නැතිවිමට පුලුවන. ප්‍රවේසම් වන්න.
සෞඛ්‍ය තත්වය අතපය වේදනාව, කොන්දේ අමාරුව, මුත්‍රා අසනීප ආදියද, තුන්දොස් කිපීමෙන් ඇතිවිය හැකි අසනීප වලින්ද පරිස්සම් වන්න.


● කන්‍යා
සුභ සතියකි.
ආර්ථික තත්වය පැහැදිලි ලෙසම දියුණු වේ. ඔබ කරන ව්‍යාපාරික කටයුතු සාර්ථක වේ. ඔබ ඔබගේ ව්‍යාපාරයේ නම සම්බන්ධව කීර්තිමත්ව ජනයා අතර ප්‍රචලිත වන මේ සතියේදී පිටපලාත් වල හෝ පිට පුද්ගලයන් සමග කරන හවුල් කටයුතු වලදී සාර්ථක ප්‍රතිඵල ලැබේ. සතිය අවසන් වන්නට දින 4කට ප්‍රථමයෙන් රැවටිලිකාරයන්ගෙන් පරිස්සම් වන්න.
ගෘහ ජිවිතය සතුටින් ගත වේ. ඔබට ව්‍යාපාරයේ හෝ රැකියාවේ කටයුතු වල ඇති අවිවේකි තත්වයන් තිබුනද ලැබෙන කෙටි නිවාඩුවෙදි ඔබ දරුවන් සමග ප්‍රීතියෙන් සිටිනවා නොඅනුමානය.
සෞඛ්‍ය තත්වය වනදා මෙන් නොවේ හොදයි. නිදන්ගත රෝග ඇති අය පරිස්සම් වන්න.


● තුලා
ඉතාම ශුභ සතියක්.
ඔබට වැඩිහිටියන්ගේ ආශිර්වාදය මේ සතියෙදි දියුණුවට ලැබේ. ඔවුන්ගේ උදව් උපකාර හිමිවන අතර තරගකාරි වෙළදාමේ නියුතු ඔබට දියුුණුව සැලසේ. එසේම රැකියාවල නියුතු අයට වැටුප් වර්ධක, උසස් වීම් ලැබිය හැක. ඔබට මේ සතියෙදි අලුත් නිලතල තාන්න මාන්න ලැබේ.
ගෘහ ජිවිතය ප්‍රීතිමත්ව ගත වන අතර දෙමාපියන්ට, වැඩිහිටියන්ට සැලකීමට ඔබට මෙම සතියේදි පුලුවන්කම ලැබෙනු ඇත. එසේම ඔවුන්ගේ ආශිර්වාදය නිසා ආර්ථිකයට යම් හයියකුත් ඇතිවේ.
සෞඛ්‍ය තත්වයේ ගැටළු නැත. නිදන්ගත රෝග ඇති අය ඒවා පාලනයට යොමුවන්න.


● වෘශ්චික
සමඵලයි.
සතියේ මුල් දවස් 2දී බලාපොරොත්තු වන යම් යම් දෑ කරගැනීමට අවස්ථාවක් නොලැබෙන අතර ඒ උදෙසා ඔබ දැඩිව මහන්සි විය යුතුය. දියුණුව සතියේ මුල් දවස් 2-3 පසුවු පසු ලැබේ. විමසිල්ලෙන් කටයුතු කරන්න. ණය දීම සහ ණය ගැනීම සම්බන්ධව.
ගෘහ ජිවිතය සාමාන්‍ය  පරිදි ගතවන අතර, අඹුසැමි මතභේද සතියේ මුල් දවස් 2දි අසන්නට ලැබේ. එසේම ඔබගේ පවුලේ තත්වය සාමාන්‍ය පරිදි වේ. ඉවසීමෙන් කටයුතු කල යුතුයි. සතිය අග වන විට සියලු දෝෂ අන්ධකාරයන් පහවී සෙත් ශාන්තිය ලගා වේ.
සෞඛ්‍ය තත්වයේ බෝවන අසනීප ආදියෙන් පරිස්සම් වන්න.


● ධනු
සමඵලයි.
හවුල් ව්‍යාපාර සාර්ථක වේ. ගොවිතැන් කටයුතු ආදිය සාර්ථක වේ. ආර්ථිකය හොඳයි. සතිය මැදදී තරමක විමසිල්ලෙන් සිටින්න. ඥාතියෙකු මිතුරු වෙසින්  පැමිණ ඔබගේ මුදල් ලබාගැනීමට හැකියාව ඇත.
ගෘහ ජිවිතය හොදයි. අවිවාහක අයට මෙම සතියෙදි ස්ථිර වශයෙන්ම මංගල යෝග උදා වේ. එය එසේම වේ. දුවාදරුවන් සමග ප්‍රීතියෙන් සිටිය හැක.
සතිය මැදදි පවුලේ අය සමග යම් විනෝද ගමන් ආදිය යෑමට පුලුවන.
සෞඛ්‍ය තත්වය, සතිය මැදදී සෙම් රෝග ආදියෙන් පරිස්සම් විය යුතුය.

● මකර
මේ සතිය යම් යම් හැලහැප්පීම් ඇතිවන සතියකි.
මේ සතියේ නම් ආර්ථිකය එතරම් යහපත් වේයැයි තීරණය කල නොහැක. එසේ නමුත් ඔබ ගොඩනගා ගත් ස්ථාවරය මේ සතියෙදි අවුල්කාරි වේ. ඔබ බොරුකාරයෙක් වීමට පුලුවන. ණය තුරුස් අධික වීමට ඉඩ ඇත. ඔබගෙ යාන වාහන ඇත්නම් ඒවා වල ණය වාරික අතපසු වීමේ අවදානමක් පවති. ලැබෙන මුදල් පරිස්සමින් භාවිතා කරන්න.
ගෘහ ජිවිතය එතරම් ප්‍රීතිමත් නොවේ. වැඩිහිටියන්ගේ දෝෂාරෝපණ අහන්ට, විඳින්ට සිදුවේ. දෙමව්පියන් සමග පවුලේ අය සමග මත ගැටුම් ඇතිවිමට ඉඩ ඇත. එසේම ඔබට ලැබෙන්ට තියෙන දෙයක් නොලැබී යාමටත් පුලුවන.
සෞඛ්‍ය තත්වයේ ගැටළු බොහෝ ඇත. තුන්දොස් කිපීම් ආදිය ගැන අවදානමත් වන්න.


● කුම්භ
මේ සතිය සමඵලයි.
මේ සතියෙදි ඔබගේ රැකියාවේ යම් අවධානමක් පවති. ණය - තුරුස් සහ පොරොන්දු පත්‍ර ආකාරව වැඩ නොකිරිම නිසා ඔබට අනවශ්‍ය මුදල් නාස්තියක් සිදුවිමට ඉඩ ඇත.
ගෘහ ජිවිතයේ තරමක අපහසුතාවයන් ඇතිවේ. දුවාදරුවන්ගේ අසනීප නිසා සිත් තැවුල් ඇතිවිය හැක. අඹුසැමි ප්‍රේමයට යම් කෙටවීම් ඇතිවිය හැක. ඔබ සතුරු කරදර වලින් ආරක්ෂා විය යුතුයි.
බඩේ අජීර්ණ, ලිංගික රෝග, පණු රෝග, මුත්‍රා අමාරු ආදි අසනීප තත්වයන්ගෙන් ආරක්ෂා විය යුතුය.


● මීන
හොඳ සතියකි.
භූමි ලාභ, එසේම වෙළද ව්‍යාපාර ආදියෙන් ලාභ ඉපයිය හැක. මේ කාලය ඉතාම යහපත් වන්නේ ජලය ආශ්‍රිත කර්මාන්ත කරන මීන ලග්න හිමියන්ටය. උරුමහරුමකම් ලැබෙන සුභ සතියකි.
ගෘහ ජිවිතය ඉතාම ප්‍රීතියෙන් ගත වෙයි. ඔබගේ දියුණුව සැලසෙයි. එය ඉතාම හොදයි. වෙන ගැටළුවක් නැහැ. අවිවාහක අයට සතිය අගදී මංගල යෝග උදා වේ.
පපුවේ මහන්සිය, සෙම් රෝග ආදිය ගැන අවදානමත් වන්න. සුළු හෝ අසනීපයක් දුර දිග යවන්න එපා. මනා කල්පනාවෙන් වැඩ කරන්න.

No comments:

Post a Comment