Thursday, September 10, 2015

කටක ලග්නයේද ඔබ ?

ලග්න රාශි වළල්ලේ 4 වන රාශිය කටක රාශියයි.

මෙම කටක රාශිය, ජල රාශියකි. ලග්නාධිපතියා වන්නේ අපට සමීපම සඳු ග්‍රහයාය. අප සිදුහත් මහ බෝසතාණන්ගේද උප්පත්තිය සිදුව ඇත්තේ කටක රාශියෙන් බව පුරාණ ග්‍රන්ථ වල සදහන්ය.
එනම් මෙම ලග්නයෙන් උපදින්නේ මහා දාර්ශනිකයන්, චින්තකයන් බව මෙයින් පැහැදිලිය.

● කටක ලග්නයෙන් උපන් අය දාර්ශනික දේ සෙවීමේ සමර්ථයෝය. ඔවුන් බොහෝවිට ලෞකික පැත්තට වඩා ලෝකෝත්තර පැත්තේ ගුණාංග සොයන අය වෙති.
ලග්නයට ගුරු උච්ච වී බලපෑම් ඇති කලහොත් එය එසේම වෙයි.
කෙසේ වෙතත් ගුරු ග්‍රහයා නීචව තැන්පත් නම් කටක ලග්නයට පෙරකී ගතිගුණ සෑහෙන දුරට වෙනස් වීමේ හැකියාවද පවතී.
* කටක ලග්න අයට රහස් සඟවා ගැනීමට එතරම් හැකියාවක් නැත. හිතට එන දේ නොපැකිලව විවෘතව කියන ලක්ෂණ ඇත. අන් අයට අධිකව අනුකම්පාවක් කරන අය වෙති. එසේම ඉක්මණින් කෝපයට පත්වන අතර එතරම් කාලයක් එම කෝපය සිතේ තිබෙන්නෙ නැත.


●කටක ලග්නයෙන් උපනොවුන්ට රාජ්‍ය සේවය, පාලක ධූර, එසේම උපදේශන ධූර, නාවුක හා ගගන යාත්‍රා සේවය එසේම ආහාර අලෙවිය ආදි වෘත්තින් කදිමට ගැලපේ.

● කටක ලග්නයේ අයට විවාහ ජිවිතය සාර්ථකව ගෙනයාමට උවමනා නම්, ශනි ග්‍රහයා අනිවාර්ය වශයෙන්ම බලවත් රාශියක බලවත් වී සිටිය යුතුය. එසේ නොමැති වුවොත් යම් ගැටළු ඇතිවිමට ඉඩ ඇත.
සමස්තයක් වශයෙන් ගත්කල කටක ලග්නයේ අය ජිවිතය පුළුල් විචාරයකින් බලන්නා වූ විශේෂයෙන්ම ඉතාම ප්‍රතිපත්තිගරුකව ජිවිතය ඉදිරියට ගෙනියන්නාවූත් සුභාවිත ලක්ෂණ කටක ලග්න හිමියන් කෙරෙන් විද්‍යාමාන වේ.
කටක ලග්නයෙන් උපන් අය ප්‍රේම සම්බන්ධතා සම්බන්ධව ඉතාම සංවේදී අය වෙති. ඒ වෙනුවෙන් ඕනෑම පරිත්‍යාගයක් කිරීමට මොවුන්ගේ හිත් පසුබට වන්නේ නැත. තවද පරම පූජනීය බව ප්‍රේමය තුලින් පෙන්වයි.

● ලග්නයට ගුරු ග්‍රහයා බලපෑම් කර සෙනසුරු ග්‍රහයාද සුභ රාශියක නම් මොවුන් අවුරුදු 80 ඉක්මවා ආයුෂ වළදති.

● රෝග හැටියට සෙම් අමාරු සහ හිස සම්බන්ධ රෝගත්, පෙනහළු ආශ්‍රිත සෙම රෝගත් ප්‍රධාන වේ.

__ කටක ලග්නයේ දුර්වලතා __

* බොහෝවිට තමාගේ අධික ස්නේහවන්ත ගතිය නිසා පාඩු සිදුවේ. අධික කරුණාව, අධික අනුකම්පාව අවාසියට හේතුවනු ඇත.
* රහස්‍ය භාවයක් රැකීමට ඉතාම අපහසුය. අන් අයට උපදෙස් දුන්නද තමාගේ ජිවිතයේ බොහෝ දේවල් වල වැරදි ඇත. බොහෝ වෙලාවට කුඩා ප්‍රශ්න නිසා විශාල ප්‍රශ්න ඇතිවිය හැක. ඉක්මණින් කෝපය ඇතිවී වැඩි කාලයක් නොපැවතුනද කෝපය පාලනය කරගැනීමට අපහසුය.

* කටක ලග්නයට ශුභ අංක වන්නේ 2 සහ 9
* ශුභ දින වන්නේ සඳු දින, බ්‍රහස්පතින්දා සහ ඉරිදා දිනය.
* සුභ වර්ණ ඇත් දළ පාට, එසේම කහ පාට සහ රතුපාට.

*** පොත් පත් වලින් අටවා දමන කරුණු නොව අපගේ පර්යේෂණ වලින් සාක්ෂාත් කරගත් කරුණුය.

___ ** මෙම සියලු කරුණු පොදු කරුණුය. කේන්දර සටහන අනුව මෙම පලාපලය වෙනස් විය හැක. ___

2 comments:

  1. විස්තරේ නම් හරියටම හරිය....මටත් හඳහන බලා ගන්න ඕන...

    ReplyDelete
  2. ස්තූතියි. සතුටක් !

    ReplyDelete