Friday, September 4, 2015

#හිතන්න - #සිතන්න



සමහර අය කියනවා, මේ සතියෙ ලග්නෙට හොඳයි කියල තිබුනම මට හරි සතුටුයි. ඒනිසා හැමදේම හොඳින් කරගන්න පුලුවන් කියල හිතට ශක්තියක් එනව කියල.
ඒක හොඳ දෙයක්. නමුත් ගැටළුව වෙන්නේ හැමදාම ලග්නයටවත්, තමන්ටවත් හොඳ වෙලා තියෙන්නෙ නැති එක..

● අපේ අත්දැකීමත්, අපේ විශ්වාසයත් අනුව නම් හොඳයි කියනවට වඩා ඒ තරම හොඳ නැහැ, පරිස්සම් වෙන්න කියල කියන ලග්න පලාපලයන් #බුද්ධිය දියුණු කරනවා.

සමහර අයට සමහර වෙලාවට කරදර කාල එනවා. ඒක කලින් දැනගතෑකි කේන්දර පරික්ෂාවකින්.
එතකොට ඒක දැනගෙන අපි කරන්නෙ අපි කරන වැඩ නවත්තලා හොඳ කාලයක් එන එකද...
අපි කරන්න ඕන ඒකද ?

● මේ මනුස්ස ජිවිතය ගොඩක් කල් තියෙන එකක් නෙමෙයිනේ....
ඒක අපි හැමෝම දන්න දෙයක්.. ලංකාවෙ ආයු අපේක්ෂාව අවුරුදු 75-76ක් විතර.
දවස් වලින් ගත්තොත් 28,000ක්. ඉතින් ඒ දවස් ගාන මුදල් වලින් හිතුවොත් බොහෝම පොඩි ගණනක්නෙ.
පොදුවේ අපි ගොඩක් අය දවසට පැය 6ක්වත් නිදාගන්නවා. ඒකියන්නෙ පැය 24න් 4න් 1ක්. ඒකියන්නෙ 28 000න් 7000ක් විතර අපි නිදි නේද ?
ඒකියන්නෙ අපිට තියෙන කාලය සීමිතයි. ඔය ගණන් හදල තියෙන්නෙ තියෙන අවම ඒවයින්..

දැන් අපි අපේ මාතෘකාවට එමු...
ගොඩක් අය නිතර කියන දෙයක්නේ බුදු හාමුදුරුවෝ කියල තියෙනවා නැකැත් තාරකා වලට කුමක්ද කරන්න පුලුවන් කියල...(කිං කරිස්සති තාරකා ?)

● ඇයි බුදු හාමුදුරුවො එහෙම දෙයක් දේශනා කලේ... ?

● බුදු දහමේ මූලික දෙයක් තමයි “අප්‍රමාද වීම“ .. ඒකියන්නෙ නිවන් යන කටයුත්ත පරක්කු කරන්න එපා කියලනේ..
ඉතින් කාටහරි ජ්‍යොතිෂ්‍යය දන්න කෙනෙක් කියල හිතන කෙනෙක් කේන්දරේ බලල කියනවා, ඔයාට මේ කාලේ ඒ තරම හොඳ නෑ මේ වැඩේ කරන්න එපා කියල..
එතකොට ඒක අහන කෙනා තමන්ගෙ වැඩ නවත්තලා හිටියොත් එයාට ඇත්තටම හොඳක් වෙනවද... ?

ජ්‍යොතිෂ්‍යයේ තියෙනවා ශාන්ති කර්ම කියල කොටසක්.
● බුදු හාමුදුරුවෝ “කර්මය උත්සහයෙන් ජයගන්න පුලුවන්“ කියල කිව්ව වගේ කර්ම ශක්තියට බලපෑම් කරන්න ශාන්ති කර්ම වලට පුලුවනි.

● ශාන්ති කර්ම කියන්නෙ අමුතු දේවල් නෙමෙයි. සරලව කිව්වොත් පින් කරන එකත් ශාන්ති කර්ම තමයි. රාහු අපලය සැරට තියෙන කෙනෙක් මානසික රෝහලකට දානයක් දෙනව. ඒක හරි පින් ඇති දෙයක්.
ශනි අපලය සැරට තියෙන කෙනෙක්, කපුටන්ට ගිතෙල් තෙල් දාලා කිරිබත් කන්න දෙනව...

● ඉතින් ඔන්න ඒකයි කතාව... ලෝකෙ ඉහලටම ගියපු ගොඩක් අය ජිවිතයේ මුල් කාලයේ ගොඩක්ම දුක් වින්ඳ, කැපවීම් කරගෙන දුෂ්කරව ගමන ආපු අය.
ඒ අයගෙ කේන්දර සටහන් බැලුවත් ඒක පැහැදිලි වෙනව. උදාහරණයකට ලෝකෙ ලොකුම පෝසතා කියන “බිල් ගේට්ස්“ගෙ කේන්දරයෙත් මුල් කාලයේ තිබුනු අපල නිසා වසර කීපයක් බොහොම කට්ට කාලා තත්වයකට එන බව පැහැදිලිව තියෙනව..

ඉතින් කවුරුහරි මුල් කාලේ අපල නිසා මේව කරන්න එපා කිව්ව නම් බිල් ගේට්ස් නොකර ඉදීවිද..

● තේරුම් ගන්න ඕන මේකයි... පහුගිය කාලෙ ප්‍රේතයන්ගෙන් සාස්තර කියන අය, පොත් 2-3ක් කියවලා ජ්‍යොතිෂ්‍යය දන්නව කියන අයත් ජ්‍යොතිෂ්‍යවේදීන් කියාගෙන වැඩ කරනවා.
ඇත්තට වඩා මිනිස්සු කැමති මුලාවට නිසා වැඩියෙන් යන්නෙ ඔය වගේ බොරුකාරයන් ගාවට.. ඒනිසා ජ්‍යොතිෂ්‍යය ගැන තියෙන විශ්වාසය බොඳ වෙලා පොදුවේ..

● ඔයාලට කේන්දරේ බලවන්න ගියාම ජ්‍යොතිෂ්‍යවේදියෙක් කියන කෙනෙක් කිව්වොත් මේ කාලේ අපලයි ඕක කරන්න එපා කියල, තේරුම් ගන්න එක්කො එයා කියන්නෙ දැනුවත්ව සමහරවිට නොදන්නකමට..
කොහොම කිව්වත් ඔයාල කරගන්න ඕන තමන්ගෙ ජිවිතේ දියුණු කරගන්න එකනේ.. එතකොට අපල නම් ඒකට කරන්න ඕන දේවල් අහගන්න. ඒව පුලුවන් විදියට කරන්න.

● අපල කාලෙ ඔයාලට හොඳට කට්ට කන්න, මහන්සි වෙන්න සිද්ධ වේවි. හැබැයි අපල ගෙවිලා හොඳ කාලෙ එද්දි අරවට බෝනස් එක්ක ලැබේවි..

ඒක තමයි ලෝක ධර්මතාවය...

තෙරුවන් සරණයි !

#ඉරුසේවය

No comments:

Post a Comment