Thursday, September 3, 2015

බුධ මහ දශාවේ හැටි - 1 ලිපිය

බුධ ග්‍රහයා ඔබ අප සියලුම දෙනා දන්නා ආකාරයට ඉතාම සෞම්‍ය ගුණෝපේත ග්‍රහ ලොව සුරතලා වශයෙන් විරුදාවලිය ලැබූ ග්‍රහයාය.
නවග්‍රහයන් අතර කුඩාම ග්‍රහ තාරකාව වන මේ ග්‍රහයා සූර්යාගේ ලගම ඉන්න ග්‍රහයෙක්. නිතරම සූර්යා සමග යෝග වෙන නිසා රවි-බුධ කියන ඒ යෝගය යෙදෙනව.

* බුධ ග්‍රහයා තමයි සුරතලා. කුඩා ළමයි නියෝජනය කරනව.
ඒවගේම දැන් අපිට ඉගෙනීම සම්බන්ධව බැලීමේදී ඒ කියන්නෙ අපේ දුවා දරුවන්ගේ සහෝදර සහෝදරියන්ගේ ඒවගේම අපේ, ඉගෙනීම ඒවගේම බුද්ධිය, මතක තබා ගැනීමේ ශක්තිය මේ ආදි සියලුම කාරණා වලට ප්‍රමුඛත්වයේ ලා සලකන කාරණය තමයි බුධ කියන්නෙ.
 යම්කිසි කෙනෙකුගේ බුධ බලවත් වීම, ඉගෙන ගැනීමට අධ්‍යාපන කටයුතු සාර්ථක කරගැනීමට ප්‍රධානම
හේතුවක්.

සමහරුන්ට මේ ලෝකෙ වැඩක් බෑ. කරපු මගුලකුත් නෑ. ඒකියන්නෙ රටේ ජනතාවට කරපු දෙයක් නෑ. හැබැයි ඉතින් කතා කරනකොට නම්, තව්තිසාව අල්ලේ මවල මිනිස්සුන්ට පෙන්වන්නේ, දේශපාලඥයන්ගේ කතා අහනකොට ඒක හොදට දැනිලා ඇතිනේ...

ඒ අයට බුධ ග්‍රහයා බලවත්.
● බුධ බලවත් කෙනා අනිත් කෙනාගේ සිත ඇදෙන විදියට කතා කරනව. ඒවගේම තමයි ඕනම බුද්ධිමතෙක්ව ගොනාට ඇන්දවීමේ බලය කතාවෙන් ඒකියන්නෙ, මේ පුද්ගලයන්ට තියෙනව.

* ඒකනේ ඔය නීතිඥයන්ගෙ රවි-බුධ එහෙම 2වෙනි කොටුවෙ ඉන්නෙ - ගොරක දඩමස් කරන්නත්, දඩමස් - ගොරක කරන්නත් මේ අයට පුලුවන්.
*  නිවේදකයන්ට, ඔය ප්‍රවෘත්ති කියන අය, එක එක ප්‍රසන්ටර්ස්ලා, මාධ්‍යවේදීයෝ මේ අයටත් බුධ බලවත්වීමෙන් ප්‍රසිද්ධිය පවා ලැබිල තියෙනව.
* බුධ ග්‍රහයා යම්කිසි කෙනෙකුගේ නරක විදියට පිහිටියොත් ඒ කියන්නෙ කුජ-බුධ වගේ යෝගයක් තිබුනොත්, එහෙම නැත්නම් කුජගෙන් 4වැන්නේ බුධ සිටියොත් ඒ අය හරිම කට්ටයි.
මේ වගේ කෙනෙක් නම් දේශපාලනේට ගියොත් ආයේ ස්විස් බැංකුවේ සල්ලි පුරවාවි කොහොම හරි මාටියා ගහල..
*  බුධ - ශනි යෝගය එකට හිටියොත් ඒ අය නපුංසක අය වෙන්න ඉඩත් තියෙනව. ඒ අයට ලිංගික ශක්තිය හීනයි. ඒ අය හුඟක් වෙලාවට ගෑණු ළමයි විදියට තමයි හැසිරෙන්නෙ. එහෙම තියෙන කේන්දරයක් පහුගිය කාලේ බැලුවා මතක ඇතිනේ,
(https://www.facebook.com/photo.php?fbid=303361476525530&set)

●● බුධ ග්‍රහයා හොඳ ග්‍රහයොත් එක්ක හිටියොත් හොඳ පල දෙනව වගේම, නරක ග්‍රහයන් එක්ක හිටියොත් නරක ඵල තමයි දෙන්නෙ.
ඒක හරියට පොඩි ළමයෙක් හොද අය එක්ක හිටියොත් හොදට හැසිරෙනවා, නරක අය එක්ක හිටියොත් නරක විදියට ඉන්නවා. අන්න ඒවගේ. ඒකයි බුධට පොඩි ළමයෙක් වගේ කියන්නෙ..

බුධ මහ දශාව වසර 17ක් ඉදිරියට පවතින මහ දසාවකි. 
බුධ මහ දසාව කෙනෙකුට ලබන්නේ සෙනසුරු මහ දසාව අවසන් වීමෙන් අනතුරුවය. 
සෙනසුරු මහ දසාවේ ඇති කලාවූ මහා පීඩාකාරි තත්වයන් පරදා බුධ ග්‍රහයාගේ ශුභ සෙත සැලසෙන මෙම දසාව එම සෙනසුරු මහ දසාවෙන් පීඩාවිඳි අයෙකුට නම් ඉතාම සහනය ගෙන දෙන බව කිව යුතුය.

බුධ මහ දසාවේ අතුරු දසා විස්තරය ඇතුළු අනිකුත් විස්තර බලාපොරොත්තු වන්න.

No comments:

Post a Comment