Tuesday, September 22, 2015

සිංහ ලග්නයේ අය පොදුවේ මෙහෙමයි... !

ග්‍රහ ලොව රජු හෙවත් විශ්වයේ පියා යන විරුදාවලිය ඇති හිරුට අයත් තේජෝ බලැති මෙම රාශියෙන් උපන් අය ස්වභාවය මෙන්ම හැසිරීමද සිංහයන් මෙනි.
මධ්‍යම ප්‍රමාණයේ සිරුර, බොහෝවිට පැහැපත් සිරුරක් සහ ශක්තිමත් බාහු යුගලක් සමග මෙවන් ස්ත්‍රි පුරුෂයන් උප්පත්තිය ලබයි.
එඩිතර ගති ඇති දියුණුවීමට උවමනාව ඇති අයයි. තමා පිළිබඳ ඇති මහත් විශ්වාසය නිසා ඕනෑම කටයුත්තක් කිරීමට සූදානම්ය. නායක්තවය ගැනීමට උපන් දක්ෂතා ඇත. අදහසක් හිතට ආවොත් කිසි ලෙසකින්වත් එය වෙනස් කිරීමට සූදානම් නැති අයයි.

* සිංහ ලග්න අය අවංකයි.
ඉතා හොඳින් සිතා බලා කටයුතු කරන නිසා නිතරම ජය ලැබීමට හේතු වේ.
කෙනෙකු විසින් තමාට වරදක් කලොත් හැර කරදර කිරීමට නොයන ලක්ෂණ ඇත. ආඩම්බරයි.
ඍජු ගති නිසා බොහෝ දුරට බොහොමයක් සතුරන් ඇතිවේ (රවි, කුජ බලවත් නම් මේ තත්වය ඇති කරගනී)
එසේම ඍජු ගති නිසාම අන් අයගේ ගරුත්වයට පාත්‍ර වේ. කෙසේ වුවත් සතුරන් පරාජය කිරීමට සමත්කම ඇත.

● සිංහ ලග්නයෙන් උපන් සියලුම දෙනාට තීක්ෂණ බුද්ධිමත්, දූරදර්ශී භාවයක් සහ මනා හික්මීමක් ප්‍රගුණ කරගත් අය වෙති. ඉගෙන ගැනීමට සහජ දක්ෂතා ඇත. ලග්නයට පිහිටන ග්‍රහ බලය අනුව බොහෝවිට මෙවැනි අය පාලක ධූර, කළමනාකරණ ධූර හොබවයි. එසේම සමහර වෙලාවට දේශපාලන ක්ෂෙත්‍ර වල ඉතා ඉහල ස්ථර වල වැජඹෙන අයද මෙම ලග්නයෙන් උපදින්නෝ වෙති.

● විශේෂයෙන්ම ගත්කල බොහෝ දාර්ශනිකයෝද මෙම ලග්නයෙන් උප්පත්තිය ලැබුවෝ වෙති. මෙය මෙසේ තිබෙන කල මෙම ලග්නයෙන් උපන් අය ව්‍යාපාරික ක්ෂෙත්‍ර වලට යොමු වුවොත් අතිමහත් දියුණුවකට හිමිකම් කියයි. එයද සුවිශේෂි සිද්ධියකි.

● කෙසේ වෙතත් සාමාකාමි ජිවිත, අනුන්ට යටත් නොවි ගත කරන ජිවිත, මෙම ලග්න හිමියන්ගේ පරම ප්‍රතිපත්තියයි.
රවිට අයත් නැකැත් 3කි.
එනම් කැති, උත්‍රපල් සහ උත්‍රසල නැකැත්ය. මේ අතරින් උත්‍රපල් නැකත වූ කල රාජශිඛ නැකතකි.
උත්‍රපල් නැකතින් උපන් අය දාර්ශනිකයෝ වෙති.

● විවාහය, ප්‍රේමය වැනි කටයුතු කෙරෙහි පරම පූජනීය බැඳීමක් ඇති ඔවුන්, ස්වාමියාට හෝ බිරිඳට පණ මෙන් ආදරය කරයි. ස්ථිරසාර අදහස් වේ. ප්‍රතිපත්ති වෙනස් නොකරයි. දරුවන්ද විශාල දියුණුවකට පත් වේ. සිංහ ලග්නයෙන් උපන් කාන්තාව පති භක්තිය ඇති අය වෙති.
ලෙහෙසියෙන් වරදේ බැඳෙන්නේ නැත. ඔවුන් විශ්වාස කල හැකිය.

විවාහ වීමට ශුභ ලග්න වන්නේ, සිංහ ලග්නය, තුලා ලග්නය, වෘශ්චික ලග්නය, ධනු ලග්නය, කුම්භ ලග්නය, මේෂ ලග්නය, වෘෂභ ලග්නය, මිථුන ලග්නයයි.
ග්‍රහ බල ගැලපේ නම් කටක ලග්නයද හොඳයි.
(කේන්දර සටහන අනුව වෙනස් වෙයි)

● සිංහ ලග්නයට ලග්නාධිපති රවි, සිකුරු සමග සම්බන්ධ ව සිටියොත් රජෙක් හා සමානව ජිවත් වේ.
 විශේෂයෙන්ම කාම සම්පත් අධික වේ. ස්ත්‍රින් ඔහු කරා පැමිණේ. මෙවන් අය අසීමිතව කම්සැප විඳි.
කුජ - ශනි යෝගයක් හෝ රවි - ශනි යෝගයක් ඇතිවුවෝත් අල්පායුෂ හා විවාහ බාධා පවති.

● ඒ කෙසේ වෙතත් සිංහ ලග්න හිමියන්ට ස්වභාවයෙන්ම හික්මීමෙන් යුක්ත හොද කාම ශක්තියක් ඇත.

● සිංහ ලග්නයට හොද ග්‍රහ බල පිහිටියහොත් එවන් අය අවුරුදු 90 ආසන්නට සිටිය හැක.

_ සිංහ ලග්නයේ දුර්වලතා _

තමාගේ මතයම පිහිටා කටයුතු කරයි.
ලාභ උවත් පාඩු වුවත් තම ප්‍රතිපත්ති, තීරණ වෙනස් නොකරන ගතියක් ඇත. කලබලකාරකම නිසා තමාගෙන් දේවල් අස්ථානගතවීමට පුලුවන. අන් අයගේ උපදෙස් පිලිගැනීමට තරමක අකමැත්තක් පෙන්වයි.
බොහෝවිට ආඩම්බරකම සහ අහංකාරකම තරමක් හෝ ඇත. මේ ගතිය රවි-බුද කේන්ද්‍ර ගතව(1වැන්නේ) තිබ්බොත් විශාල වශයෙන් දැකිය හැක. සැකය හා අවිශ්වාසය පවතී.


* සිංහ ලග්නයට හිමි ශුභ අංක වන්නේ, අංක 1, 2, 3, 9 ය.
* ශුභ වර්ණ වන්නේ, තැඹිලි සහ රතු වර්ණය, කහ වර්ණය රාජකාරි අවස්ථා වලදි භාවිත කල හැක.
*ශුභ දිශාව නැගෙනහිර දිශාවයි.
* ශුභ මාණික්‍ය රත්නය පද්මරාග ගලයි.
* ශුභ දින වන්නේ ඉරු දින, අඟහරුවාදා දින, බ්‍රහස්පතින්දා දිනයි - ව්‍යාපාරික කටයුතු වලදි සිකුරාදා දිනය භාවිත කල හැක.


***** පොත් පත් වලින් අටවා දමන කරුණු නොව අපගේ පර්යේෂණ වලින් සාක්ෂාත් කරගත් කරුණුය.

___ *** මෙම සියලු කරුණු පොදු කරුණුය. කේන්දර සටහන අනුව මෙම පලාපලය වෙනස් විය හැක. ___

No comments:

Post a Comment